Wednesday, February 26, 2014

වාරණය සහ තෝරාගැනීම

පසුගිය සතියේ ජනමාධ්‍ය සහ බ්ලොග් අවකාශයේ පුවත් අතුරින් මගේ අවධානයට ලක්වූ කරුණු තුනක් විය. පළමුවැන්න ෆේස්බුක් ගිණුමට බැරවූ (පළමු)තරුණියගේ දිවි නසාගැනීමත් ඒ පිළිබඳ සමාජ කතිකාවන්ය. දෙවැන්න දුම්වැටි පැකට්ටුවේ රූපමය අවවාද ඇතුලත් කලයුතු යයි පාර්ලිමේන්තුවේ සම්මත කිරීමයි. තෙවැන්න ඊනියා ගව ඝාතනයට එරෙහිව සිංහල රාවය අන්තවාදීන් සිදුකල විරෝධතාවය අතර ඇතිවූ කලහයයි. මේ සිදුවීම් සියල්ලම එකිනෙක බැඳුනු සිදුවීම් නොවුවද, සිද්ධීන් වල ඇතුලාන්තය විස්තර කිරීමට එක් පොදු විෂයක් යොදාගතහැකිය.

ලෝකයේ කුමන හෝ සමාජ කණ්ඩායමක් වේවා ආරම්භයේ සිට මේ දක්වා පැමිණ ඇත්තේ ඒ ඒ කාලයන්හි සිදුවන පරිවර්තනයන්ට යටත් වෙමිනි. පරිවර්තනයන් දරාගත නොහැකි වූවන් විනාශවීම හෝ ඔවුන්ගේ බලපෑමේ දිශාවට සමාජය අපගමනය සිදුවීම අනිවාර්ය අංගයකි. අද ඇතිවී තිබෙන තත්වයටද මේ න්‍යාය වලංගුය.

1. ෆේස්බුක් සහ දිවි නසාගැනීම්.
ෆේස්බුක් වේවා ජංගම දුරකතන වේවා පරිගණක යන්ත්‍ර වේවා මේ සියල්ලක්ම නූතනත්වයේ නිර්මාණයන්ය. මෙකී නිර්මාණයන් නිසා ලෝකය ඉතා කුඩා තැනක් බවට පත්වී ඇත. අංශක එකසීය අසූවකින් වෙනස් වන, ලෝකයේ එහා පැත්තේ සිදුවන දෙයක් වුවද මොහොතකින් දැනගැනීමට තරම් දියුණු වී ඇත. දියුණු වී ඇත්තේ තාක්ෂණය පමණක් නොවේ. භෞතික දියුණුව සමඟ අත්වැලි බැඳගත් ප්‍රතිපත්තීමය කරුණු කාරණා වලින්ද ලෝකය පොහොසත්ය. උදාහරණයක් ලෙස 88-89 කාලයේ මෙරට සිදුවූ මානව හිමිකම් කඩවීම් වලට වඩා සමහර විට ඊට වඩා ප්‍රමාණයෙන් කුඩා නමුත් දැන් සිදුවන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රතිචාර වලින් සිතාගත හැකිය.

2. දුම්වැටි සහ ගැසට් පත්‍රය.
දුම්වැටි පැකට්ටුවේ රූපමය අවවාද අසූවක් පමණ යෙදීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේ සම්මත විය. (විධායක ජනාධිපති ධූරයේ වාර දෙකේ සීමාව ඉවත් කිරීමත් ස්වාධීන කොමිෂන් සභා අහෝසි කිරීමත් යන ව්‍යවස්ථාමය කරුණු සංශෝධනය කිරීම පවා මීට වඩා පහසු වීම විශාලතම සරදමයි). මීට කලින් සම්මත කරගත් චිත්‍රපට ටෙලිනාට්‍ය ආදී නිර්මාණයන්හි විකාශන අවස්ථාවේ මෙවන් අවවාද තිරයට දැමීම හෝ එවන් දර්ශන ඉවත් කිරීමද මීට සමානය.

3. සිංහල රාවය විසින් සිදුකල උද්ඝෝෂණයේ අරමුණ (ඔවුන් කියන ආකාරයට) රට තුල ගව ඝාතනය වැලැක්වීමයි. තහනමටයි. ඊට හේතු ලෙස යම් යම් මතවාද ඉදිරිපත් කරයි. විරෝධීන්ට පහර දෙයි... එ් පිළිබඳ අමුතුවෙන් කතා කිරීම අනවශ්‍යය.

මූලික ප්‍රශ්නය
ඉහත විස්තර කල ගැටළු තුන මෙන්ම සමාජීය ගැටළු බොහොමයකට ඇත්තේ එක් මූලික සාධකයකි-ගැටළුවකි. එනම් කාලානුරූපව සිදුවන වෙනස්කම් වලට මුහුණදීමේදී සමාජයක් ලෙස අප දක්වන දුර්වලතාවයයි. යාවත්කාලින නොවිමයි. තාක්ෂණයේ දියුණුව හිණිපෙත්තට නඟිමින් සිටියදීත් මානසික වශයෙන් අප උත්සාහ කරන්නේ ගල් යුගයේ භාවිතා කල ශිල්පක්‍රම තවමත් පවත්වා ගැනීමටය.

මා සිතන ආකාරයට පාසල් ළමයින් සම්බන්ධයෙන් අප කටයුතු කරන ආකාරය සම්පූර්ණයෙන්ම කණපිට පෙරලිය යුතුය. උදාහරණයක් ලෙස පාසල් ළමයෙකු ජංගම දුරකතනයක් පාවිච්චි කිරීමේ වැරැද්ද කුමක්ද? සංකීර්ණ දින කාලසටහනක් අනුව හැසිරීම සිදුකලයුතු දරුවෙකුහට ජංගම දුරකතන භාවිතය තහනම් කිරීම තරම් විහිළුවක් තවත් නැත. පාසල් ළමුන් සම්බන්ධයෙන් දැනට අනුගමනය කරන දඬුවම් කිරෟමේ ක්‍රමවේදයද එසේමය. බොහෝ රටවල ශාරීරික දඬුවම් දීම ඉවත් කර ඇති කලෙක ලංකාවේ තව දුරටත් එය පවත්වාගැනීමට උත්සාහ කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක යෙදෙන විදුහල්පතිවරුන් පිරිසක් ඊයේ දුටුවෙමි.

දුම්වැටි හෝ ශරීරයට හානිදායක දෑ සම්බන්ධයෙන්ද අනුගමනය කලයුත්ත එයයි. දුම්වැටි සහ අනෙකුත් මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේන් සිදුවන හානිය සම්බන්ධව නොදන්නා පිරිසක් අතීතයේ සිටින්නට ඇත. නමුත් මේ වනවිට අතේ ඇති දුම්වැටියේ-මත්පැන් වීදුරුවේ ඇති හානිදායක බව නොදන්නා කෙනෙකු ඇතැයි සිතිය නොහැක. ඔවුන් සඳහා රූපවාහිනියේ කොටුදැමීම හෝ දුම්වැටි කවරයේ රූප දැමීම කිසිසේත්ම ඵලදායී ක්‍රියාවක් නොවේ. අනෙක් කරුණුද මේ අයුරින් විස්තර කලහැකිය.

මේ සියවස අයත් වන්නේ වාරණයට නොව විවෘතභාවයටය, තෝරා දීමට නොව තෝරා ගැනීමටය, තමාට ඇවැසිවන්නේ කුමක්දැයි තෝරා ගැනීමට තරම් බුද්ධියක් ඇත්වුන්ටය.

90 comments:

  1. සහතික ඇත්ත බං.. මාත් කාලෙක ඉදල දැඩිව විස්වාස කරනවා අපේ අත්තිවාරම තමා සව්ත්තු වෙලා තියෙන්නේ කියලා. හැබෑට ඔය මොන මගුල කරන්නත් කව්ද බං රටේ ඉන්නේ ඒ වගේ දෙයක් කරන්න හැකි විදියේ අවංක දක්ෂ කෙනෙක්. (ජනරාළ හෝ අනුර ඒ සදහා කෙසේ වත් සුදුසු නොවේ)

    ReplyDelete
    Replies
    1. මේක තනිකර‍ම දේශපාලනයට ලඝු කරන්නත් බෑ මචං. තම තමන්ට කරන්න පුළුවන් දේවලුත් තියනව.

      නලලට ගැහිල්ල නැවතුනේ අදයි ඕං..... :=)

      Delete
    2. මට ගිය සතියෙම නලලට ගැනිල්ල නැවතුනා.. වැඩේ කියන්නේ ඔමාගෙත් එදාම නේ නැවතිල තිබුනේ. හැක්..

      Delete
  2. මම නම් හිතන්නෙ මේ දෙවල් මෙච්චරම උඩූ දුවන්නෙ මේ තියෙන දේශපාලන වටපිටාවත් එක්ක ...
    රටේ නිතිය එන්න එන්නම නැති වෙනවා එ තත්වයක් තුල මෙවා ගැන පුදුම වෙන්න දෙයකුත් නෑ වෙලාවකට ..

    ReplyDelete
    Replies
    1. දේශපාලනය වගේම සමාජ වෙනසක් අවශ්‍යයි. මම දැක්ක පහුගිය දවසක වොයිස් කට් දෙන "සාමාන්‍ය ජනතාව" කියනව දඬුවම් නොදී ළමයි හදන්න බෑ කියල.

      Delete
    2. ශාරීරික දඬුවම් දීල ළමයි හදන්න ඕනෙ තර්ක බුද්ධිය නැති වයසකදි විතරයි... මොකද ඒ වයසෙදි මතක හිටින්නේ වේදනාව විතරක් නිසා... අවුරුදු 7-8 විතර වෙද්දි ළමයින්ට තර්ක බුද්ධිය තියෙනවා, ඒ වයස වෙද්දි ශාරීරික දඬුවම් දීම නතර වෙන්න ඕනෙ...

      Delete
  3. හැම දෙයක්ම ව්‍යකූල වෙලා......නෑ... කරල... කව්ද... අපි ... ඔව් අපි ම තමා... මේ වගේ අය උඩ තියන්නෙ අපිම නෙවේද....? කරන්න ඕනෙ මොකද්ද කියල කාටවත් නිවැරදි තීරනයක් නෑ... නෑ කියනවටත් වඩා ඇත්තෙ නෑ කියල කීවොත් හරි නේද... මේ වගේ දේවල් ඔඩු දුවන්නෙ නොදැනුවත් කමට වඩා කුහක තුප්පහි මානසිකත්වය නිසා

    ReplyDelete
    Replies
    1. හ්ම්. තුප්පහිකමත් නොදැනුවත්කමක් කියලයි මට හිතෙන්නෙ :-)

      Delete
  4. මිනිස්සු වෙනස් වෙනකල් ඔය කිසිදෙයක් වෙනස් වෙන්නේ නෑ රාජ්...

    ReplyDelete
    Replies
    1. ආං ඒකයි මාත් කියන්නෙ.

      Delete
  5. මොන දේ වුණත් අවසන ඔබ කියනා මේ දේ තමා යථාර්තය.//මේ සියවස අයත් වන්නේ වාරණයට නොව විවෘතභාවයටය, තෝරා දීමට නොව තෝරා ගැනීමටය, තමාට ඇවැසිවන්නේ කුමක්දැයි තෝරා ගැනීමට තරම් බුද්ධියක් ඇත්වුන්ටය.//
    සුදුසු නුසුදුසු කුමක් ද යන්න තෝරා බේරා ගැන්මට හැකි දැනුම් වපසරියකින් යුතු පරපුරක් බිහිකර ගැන්මයි රාජ්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නලින්!

      Delete
  6. සහතික ඇත්ත රාජ්.මාත් හිතන්නේ මේතැන තනිකර වැරැද්ද තියෙන්නේ අපේ අතේ.
    රටේ ජනතාව විදිහට අපේ ආකල්ප වෙනසක් නොවී හරි අනාගතයක් හැදෙන් නෑ.

    ReplyDelete
  7. අපි මෙහෙම හිතමු.විදුහල්පතිලා කියන විදිහට දඬුවම් දෙන්න යනවා කියලා.මොකේටද දඬුවම් දෙන්නේ?එයා වැරදි කියන දේකට.ඒත් එයා වැරදි කියන දේ මම හරි කියනවනම් එයා හරි වෙන්නත් මං වැරදි වෙන්නත් හේතුව එයා විදුහල්පති වෙච්ච එකද?එතකොට එයාට වඩා ලොක්කෙක් ගෙනල්ලා මං එයාට අනික් පැත්තට ගැහුවොත් ඒක හරි වෙන්න ඕන නේද?www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. වැරැද්ද කවුරු කොහොම අර්ථ දැක්වුවත් වැරැද්දට දඬුවම් කිරීමෙන් ඒක නිවැරදි කරන්න පුළුවන්ද?
      පහුගිය කාලෙ අහන්න ලැබුනු සිදුවීම් එක්ක දඬුවම් කිරීම (ළමයින්ට) අනුමත කරන්න බෑ.

      Delete
  8. මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරනවට වඩා ලේසි එස්කිමෝලට ෆ්‍රිජ් විකුණන එක

    ReplyDelete
  9. හැමදාම එකම රාමුවක් ඇතුලේ හිර වෙලා හිතන අපේ ජන්ම පුරුද්ද අත හැර ගන්න පුළුවන් නම් රටත් දියුණු වෙලා අපිත් ගොඩ.

    ReplyDelete
  10. රාජ් දුම්වැටි කතාවට නම් කොහෙත්තම එකඟ වෙන්න බෑ. කොටු දැමිල්ල වෙනම කතාවක් ඒකෙන් වෙන්නෙ නැති අවධානයක් එන එක. නමුත් පැකට් එකේ ප්‍රින්ට් කරන එක බොන උන්ටම ටාගට් කරපු වැඩක්.

    අනික ඒක ලංකාවෙ විතරක් කරන වැඩකුත් නෙවෙයි රටවල් 40ක විතර කරන දෙයක්. American Journal of Preventive Medicine එකේ පබ්ලිෂ් වුනු ආටිකල් එකක් තියෙනවා කියල මේ ලිපියෙ තියනව පින්තූර නිසා ඇත්තටම ඉෆෙක්ට් එකක් තියනව කියල. මෙන්න තව ලිපියක්: Wherever these images are introduced, smoking rates fall, studies show

    රාජ් ටම හිතුනෙ නැද්ද, "කොකා කෝල කියල දෙයක් තියන බව, ඒක තිබහට බොන බව මිනිස්සු ඔක්කොම කොහොමත් දන්නව නේ, අපරාදෙ නෙ මේ මිලියන් ගනන් වියදම් කරල කොකා කෝල ඇඩ්වර්ටයිස් කරන්නෙ" කියල? පින්තූර 80 ගානක් රොටේට් කරන්න කියන නිසා, කේසස් කීපයක් හරි තියේවි ඔය එක පින්තූරයක් එකෙක් ගෙ බොක්කටම වදින. තව කේසස් තියේවි 10%ක් විතර වදින. උන් බොන එක ටිකක් අඩු කරාවි.

    එකම වරද ලංකාවෙ සිගරට් ලූස් විකුනන එක. ඒකටත් ඔහොම ගිහින් ගේමක් දුන්නත් කමක් නෑ, කොම්පැනි වලින් උන්ගෙ බිස්නස් බැස්සොත් සිගරට් 5 ට හරි පෙට්ටි ගහවි. :-)


    ReplyDelete
    Replies
    1. ඔය ලිපි ගැන නං දන්නෙ නෑ.නමුත් "මම දන්න" බහුතරය ලූස් ගන්න උදවිය. ඊටත් වඩා පැකට් එකක් ගත්ත කියලත් වෙනසක් වෙයිද මංදන්නෙ නෑ.
      කොකාකෝලා ප්‍රචාරණ යාන්ත්‍රණය කියන්නෙ මේවගේ දෙයක් කියල පෙනුනත් මීට ටිකක් වෙනස් දෙයක්. අවුරුදු ගානකට කලින් වතුර බිබී කෑම කාපු උදවිය අද බීම බෝතලයක් බිබී කෑම කන තැනට ගේන්න බීම කොම්පැනි සමත් වෙලා තියනව. ඒක වෙනත් ක්‍රියාදාමයක්.

      Delete
    2. // අවුරුදු ගානකට කලින් වතුර බිබී කෑම කාපු උදවිය අද බීම බෝතලයක් බිබී කෑම කන තැනට ගේන්න බීම කොම්පැනි සමත් වෙලා තියනව///

      එහෙම වෙලා තියෙන්නෙ ඔබ අර කියපු "කොහොමත් දන්න දේ" මිනිස්සුන්ගෙ බොක්කට වදින විදියට නැවත නැවත රිපීට් කරපු නිසා. දුම් බීමේ ආදීනව දාන පින්තූර වලිනුත් වෙන්නෙත් ඊට සමාන දෙයක්. ඔබ "මීට වෙනස්", "වෙනස් ක්‍රියාදාමයක්" කියන්නෙ කොහොමද කියල specific කියනව නම් ඒක ගැන කතා කරන්න පුලුවන්. නැත්නම් ඒක ඔබේ පුද්ගලික අදහසක් විතරක් වෙනව මම දන්න තරමින් ඔබ හෝ මම විශේෂඥයෙක් නොවන ෆීල්ඩ් එකක.

      මම ලංකාවෙ දන්න සිගා බොන උන් ඔක්කොම වගෙ පැකට් ගන්න උන්. අනික ඔය කාගිල්ස් වල එහෙම ඔච්චර තියන පැකට් ලූස් විකුනන ඒව නෙවෙයි නේද? එහෙම තියෙන්නෙ ගන්න උන් ඉන්න නිසා නෙ -- උන් ටිකට හරි මේක බලපාවි. පැකට් එකක් ගත්තම වෙන වෙනස තමයි පින්තූරෙ පේන එක. එහෙම පේන පින්තූර වලින් වෙනසක් වෙන බව මීට කලින් අත්දැකීම් වලින් statistically පෙන්නල තියන දෙයක්, නැතුව මෛත්‍රීපාල ගෙ පුද්ගලික "ඔපීනියන්" එකක් නෙවෙයි.


      Delete
    3. හරියට හරි ඇනෝ. මෙය කොටු කොටු දැමීම සමග සසඳන්න බැහැ. ඒ වගේම මේ ඒකීය පුද්ගලයාගේ නිදහස හා මේ දේවල් පටලවල මාධ්‍ය ලියන්න වියදම් කරන්නෙත් මේ දුම්කොළ සමාගම්ම තමා. ඒ ගැනත් හෙලිවුන අවස්ථා තියනවා. පින්තුර දැමීම හා මහජනයා දැනුවත් කිරීම නිසා දුම්බීම පසුගිය දශක දෙක ඇතුලත පළමුවන ලෝකයේ සීග්‍රයෙන් පහත බැස්සා. එම වෙළඳපොළවල් ඇල්ලුවේ දියුණු වන ලෝකයෙන්. අද ඕස්ට්‍රේලියාවේ දුම්කොළ පෙට්ටි වල වෙළඳ නාම පවා ඉවත් කර තිබෙනවා. එමගිනුත් දුම්බෝන්නන්ට හා බොන්න හිතාගෙන ඉන්න අයට බලපෑමක් (නොබොන්න) වෙන බව මේ ගැන කෙරුණු අලුත්ම සමීක්ෂණය මගින් කියනවා. මෙය අද බ්‍රිතාන්‍යය, හා නසිලන්තයත් කරන්න බලාපොරොත්තු වෙන බව පසුගියදා සඳහන් වුනා. පෙට්ටි වල පින්තුර දැමීම ගැන දැනට ඕනෙවටත් වඩා පර්යේෂණ කෙරිලා තියනවා. ඒ සියල්ල මගීන් පෙන්නුම් කරන්නේ අය යහපත් බලපෑමක් කර ඇති බවයි. පොදු යහපත වෙනුවෙන් ක්‍රියා කිරීම අප පත්කර ගන්නා රජයක එක ප්‍රධාන වගකීමක්. මේ වගේ නීති එවැනි පොදු යහපත සඳහා. හෙරොයින් වගේ මත්ද්‍රව්‍ය තහනම් ඒ නිසාමයි. මිනිස් සාමාජයේ පොදු යහපත වෙනුවෙන් මෙවැනි "ඒකීය පුද්ගලයාගේ" නිදහස අහුරපු ගොඩක් දේවල් මේ ලෝකයේ තියනවා. අප සමාජයක් ලෙස අද ඉන්න තත්වයට ආවේ එවැනි මාර්ග ඔස්සේ

      Delete
    4. රයිට්! සිගරට් පැකට්ටුෙව් අවවාදෙයන් යම් පිරිසක් දුම්බීම අත්හරිනව නං අවුලක් නෑ. පිලිගන්නං :=)

      Delete
    5. මා රාජ් උදේ පාතරාසය ගන්නා ගමන් උඩ කොමෙන්ටුව දැම්මේ. ඔබගේ මේ අදහසම වෙන තැනකත් දුටුවත්, ඔය කොකු දා ගැනීම මට අවශ්‍ය නොවන නිසා මොකුත් ලියුවේ නැහැ. මෙතන තියෙන්නේ රාජ්, අප හිතන දෙයයි, ඇත්තටම වෙන දෙයයි දෙකක්ය කියන එක. ලංකාවේ පින්තුර දමන එක ලෝකයේ පළමු වරට වුනා නම්, ඔහොම උපකල්පන කරන්න පුළුවන්. නමුත් ලෝකයේ අනෙක් රටවල් වල මේ ගැන පසු-පර්යේෂණ ඕනේ තරම් කරලා තියනවා. ඒවායින් කියන්නේ මෙහි වෙනසක් කිරීමට ඇති කෙරෙන බලපෑම SIGNIFICANT කියල. එය ඔය නාථ දෙවියන්ගේ පර්යේෂණ වගේ අපට තේරුම් ගන්න එතරම් අපහසු නැහැ. මොකද ඉන්පසු දුම්බීම අඩුවුණ හැටි පෙන්වන දත්තත් තියනවා. මේවා ඔබ හා මට වඩා හොඳින් දන්නේ දුම්කොළ සමාගම්. ඔවුන්ගේ පර්යේෂණ අංශයට යොදවන මුදල මේ සේරටම වඩා වැඩියි. මේවායින් කිසිම බලපෑමක් නැත්තන්, ඩොලර් මිලියන ගණන් නඩු ගාස්තු වියදම් කරමින්, පත්තර කාරයන් කුලියට අරගනිමින් දඟලන්නේ ඇයි? ඔබ කියන වැදගත්ම කරුණ නම්, ගැහැනියක් පිරිමියෙක් කරන්න පමණක් බැරිය කියන ඒකාධිපති තත්ත්වයකත්, මේ වගේ සුළු දෙයක් ක්‍රියාත්මක කර ගන්න තියන අමාරුව! ඔන්න දැක්කද, මේ සමාගම් වල ඇත්ත බලය. අපි DCD ගැන බයිලා කියමින් ඉන්නවා. පත්තර කාරයන් එක්කෝ අරක්කු කාලට යටවෙන අය, නැත්නම් ලෝකේ වෙන දේවල් කියවගන්න දැනුමක් නැති උදවිය. (මා රාජ්, යමක් දැන් ලියන්නෙත් එවැනි දෙයක් පිළිගැනීමට හෝ නොගැනීමට (තියන කරුණු අනුව) විවුර්ත මනසක් තියනවා කියල විශ්වාස කරන තැන් වල විතරයි).

      Delete
    6. //// පත්තර කාරයන් එක්කෝ අරක්කු කාලට යටවෙන අය, නැත්නම් ලෝකේ වෙන දේවල් කියවගන්න දැනුමක් නැති උදවිය. ////

      මචෝ, පොලිටිකල් කරෙක්ට්නස් එක නම් සුන්නත්දූලි තමයි, ඒ උනාට මමත් කියන කතාවක්!!

      ඊයෙ දිවයිනේ ආටිකල් එකක තුන් හතර පලකම තිබුන හිරෙන් 3D ෆෝන් ඇල්ලුව කියලා.

      /// මා රාජ්, යමක් දැන් ලියන්නෙත් එවැනි දෙයක් පිළිගැනීමට හෝ නොගැනීමට (තියන කරුණු අනුව) විවුර්ත මනසක් තියනවා කියල විශ්වාස කරන තැන් වල විතරයි///

      මම මේක දකින්නත් කලින් රාජ් 11:40AM කියපු එක දැකල කියන්න ගියේ. මම ඇනෝ (without profile) ඇවිත් තර්ක කරපු සමහර තැන් වල මීට පස්සෙ වැඩිය කමෙන්ට් නොකරන්න තීරණේ කරා, මොකද වැරදුනු සරල දෙයක් වැරදි කියල පිලිගන්න අවංක කමක් නැති උන් එක්ක රට හදන්න කතා කරල වැඩක් නැති නිසා.

      Delete
    7. මම රයිගම් ගෙ කමෙන්ට් එකට අදාල කෑල්ලක් මෙතනත් කිව්වා:

      February 27, 2014 at 5:16 PM

      Delete
    8. //මම ඇනෝ (without profile) ඇවිත් තර්ක කරපු සමහර තැන් වල මීට පස්සෙ වැඩිය කමෙන්ට් නොකරන්න තීරණේ කරා, මොකද වැරදුනු සරල දෙයක් වැරදි කියල පිලිගන්න අවංක කමක් නැති උන් එක්ක රට හදන්න කතා කරල වැඩක් නැති නිසා//

      ‍මේක ‍තේරුම්කරන්න පුළුවන්ද? මට ‍මේ කියන්‍‍නෙ ‍මොකක්ද කියල අපැහැදිලියි.

      Delete
    9. මේ රයිගම් කියපු එකම තමා, මේක රාජ් ගැන කරපු විවේචනයක් නෙවෙයි. මම මෙතනට කමෙන්ට් කරන්න එන්නෙ, අඩු ගානෙ සාධක ඇතුව පෙන්නුවොත් මතයක පොඩි අවුලක් තියනව කියල, ඒක පිලි ගන්න රාජ් අවංක නිසා.

      කෙනෙක් "පැරැද්දුව" කියල ලාමක චූන් ගන්න නෙවෙයි - මෙන්න මේ හේතුව නිසා: (ලොකු දෙයක් නැත්නම් මම ප්‍රොෆයිල් එකට ලොග් වෙන්නෙත් නෑ ඇනෝ ම ඉඳන් කමෙන්ට් කරපු වෙලාවල් තියෙනවා. - ප්‍රොෆයිල් ගැන මට විවේචනයකුත් තියෙන නිසයි මම 'Anonymous' කියන නම ම දා ගත්තෙ). ඇනෝ වලට ඉඩ දෙන මහත්තුරුත් සමහර විට කොච්චර වැරදි කියල පෙන්නල දුන්නත් තමන්ගෙ මතේ එල්ලිලා ඉඳගෙන, අහපු පැහැදිලි ප්‍රශ්න වලට උත්තර නොදී වෙන වෙන බයිලා ගහල, එක්කො කටින් ගහල, ප්‍රොෆයිල් එකේ හයියෙන් බේරිලා යනව මම දැකල තියනව. එහෙම තක්කඩි එක්ක ඉතින් රට හදන්න කතා කරල වැඩක් නැහැ නෙ, එහෙම තැන් වල ඉතින් කමෙන්ට් කරන්න කරදර වෙන්නෙ නෑ වැඩිය.

      Delete
  11. 'තමාට ඇවැසිවන්නේ කුමක්දැයි තෝරා ගැනීමට තරම් බුද්ධියක්' තියෙන්න නම් එහෙම අධ්‍යාපන ක්‍රමයක් තියෙන්න ඕනනේ? මුල ඉඳන්ම හැම එකක්ම වෙනස් කරන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. එහෙම නැතත් ලෝකයට විවෘත වෙද්දි ඔයදේ වෙනව බඩී. සාම්ප්‍රදායික අධ්‍යාපනය ලැබුව උනත් පෞද්ගලිකව මම අත්විඳපු දෙයක් ඒක.

      Delete
  12. මෙදාපාරවත් වෙනසක් වෙනවා නම්...

    ReplyDelete
    Replies
    1. මෙදාපාරක් නෑ. දැන් ඉඳල වෙනස පටන් ගන්න පුළුවන්. මේක දේශපාලන කාරණාවක්ම නෙවේ.

      Delete
  13. රාජ්,

    ඔබ කියන එක හරි, මිනිස්සු ආකල්පමය වශයෙන් වෙනස් නොවන තාක් මේ කිසිම ප්‍රශ්ණයක් විසඳෙන්නෙ නෑ.

    ඔබ මතුකරන /*උදාහරණයක් ලෙස පාසල් ළමයෙකු ජංගම දුරකතනයක් පාවිච්චි කිරීමේ වැරැද්ද කුමක්ද*/, කිසිම ප්‍රශ්ණ්යක් නෑ, මොකද පිහි තියනවා කියල අපි හැම එකාම අත් කපා ගන්න යන්නෙ නානෙ, නමුත් දරුවො කියන්නෙ දරුවෝ, ඔවුන් වැරදි තීරන ගන්න ඕන තරම් අවස්තා තියෙන්නෙ පුලුවන්, වැඩිහිටියන් වශ්යෙන් කරන්න තියෙන්නෙ ෆෝන් නොදී ඉන්න එක නෙවෙයි, දරුවාගෙ අවශ්‍යතාවයනට ගැලපෙන් දරාගන්න පුලුවන් එකක් හැකියාව තිබෙ නම් දෙන එක, ඊට පස්සෙ ඒක නියමා කාරයෙන් දරුවා පරිහරණය කරනවද කියල බලන එක, කල යුතු නොකල යුතු දෙවල් දරුවට නොතේරෙයි නම් කියල දෙන එක. ඒත් වැඩි පුරම වෙන්නෙ අනිත් පැත්ත, අඩු බුද්දියද එහෙම නැත්නම් ලොකු කම ද කියල තෙරෙන්නෙ නෑ, සමහර අම්මල තමයි ලොකුවට කියවන්නෙ "බලන්නකො පුතා තාම හතරෙ ඒ වුනාට දැන් ෆෝන් එකෙන් ඉන්ටනෙට් ගිහින් ගේම් හොයාගෙන දවසම සෙල්ලම. දැන් ලමයි එහෙමනේ අනේ" කියල. ඔන්න ඔතනයි ප්‍රශ්න පටන්ගන්නෙ, සොයා නොබැලීම සහ නොසැලකිල්ල, සමහර විට නොදැනුවත් කම. ඔන්න ඊට පස්සෙ මොකක් හරි උනාම කියනවා ෆෝන් තහනම් කරන්න එෆ්.බී තහනම් කරන්න කියල.

    සමස්තයක් ව්ශයෙන්ම මුලු සමාජයම කාලානූරූපීව වෙනස් නොවී යම් යම් ස්ථර පමණක් වෙනස් වෙනකොට ඇතිවන ගැටළු ඕවා.

    සිගරට් පැකට් එකෙ රූප සිද්දියනම්, ගොඩක් රටවල තියනවා, ඒක වාරණයක් නෙවේ නේද, සමහර විට තාම සෙට් වෙච්ච නැති එකෙක් බයටම සෙට් නොවී ඉන්න පුලුවන්, හැබැයි ඉති අපෙ බුවාල ගිහින් ගන්නෙ සිල්ලරටනෙ, පැකට් එක දකින්නෙ ඉතින් හාව හඳ දකිනවා වගෙ තමයි. ඇත්තටම ආණ්ඩුවට මිනිස්සු ගැන හිතනවානම් ඕක තහනම් කරන්න තිබ්බ, කොහෙ කරන්නද, එතකොට බදු සල්ලි?

    -ප.ගෝ.

    ReplyDelete
    Replies
    1. ප.ගෝ කියන ඔය යම් "පිරිසක් ...... " සීන් එක ඕනම දෙයක් සම්බන්ධව තියනව. ඒක ඔිනම රටක/*සමාජයක තියෙන්න පුළුවන් දෙයක්.

      //සමස්තයක් ව්ශයෙන්ම මුලු සමාජයම කාලානූරූපීව වෙනස් නොවී යම් යම් ස්ථර පමණක් වෙනස් වෙනකොට ඇතිවන ගැටළු ඕවා//
      ඒක තමයි මාත් කියන්‍නෙ.

      සිගරට් ප්‍රශ්නය වාරණයක් නෙවේ. එහෙම දැම්ම කියල වැරැද්දකුත් නෑ. නමුත් පලක් නෑ කියන එකයි මගේ අදහස.

      Delete
  14. සහතික ඇත්ත කතාව රාජ් අයියේ අපේ මිනිස්සු හැමදාම ජීවත් වෙන්න බලන්නේ ගල් යුගයේ විදියට එකයි ගැටලුව

    ReplyDelete
    Replies
    1. ගල් යුගේ කෙසේ වෙතත් අවුරුදු පනහක් හැටක්වත් පස්සෙන් :-)

      Delete
  15. "මේ සියවස අයත් වන්නේ වාරණයට නොව විවෘතභාවයටය, තෝරා දීමට නොව තෝරා ගැනීමටය, තමාට ඇවැසිවන්නේ කුමක්දැයි තෝරා ගැනීමට තරම් බුද්ධියක් ඇත්වුන්ටය"

    සියවස ඔයකියන ජාතියෙ කමකට නෑති දෙශද්‍රෝහී අදිරාජ්යගෑත්තන්ට අයිති වෙන්න පුලුවන්.

    ඒත් මේ පුණ්යබූමිය අයිති ජාති ආගම් දේශ ප්‍රෙමී තමන්ට වෙනස් සියලුදේ විරෝදී රාවණ මුනුබුරන්ට. අපි ඔය සියවසට තියා ලෝකයටවත් අයිති නෑති සුවාදීන සයිරී කට්ටියක්. හරිය?

    ReplyDelete
    Replies
    1. ආං ඒක තමයි වෙලා තියෙන්නෙ. ඔය ගැටුම තමයි ප්‍රශ්නෙට මුල.
      (ප්‍රා ඔය සිංහල ගහන්නෙ සට සට ගාල!)

      Delete
    2. Thanks to KK and you. ( මල කෙලියයි, පරණ නරක පුරුදු සම්පූර්ණයන්ම අත් අරින්න බෑ වගෙ. රූපමය අවවාද කලොත් හරියයි ද? )

      Delete
  16. මිනිසුන්ගේ ආකල්ප වර්ධනයට පාලකයන් හා ජනතාව දක්වන උනන්දුව කොපමණද ? ඒ සඳහා මූලිකත්වය ගන්නේ කවුරුන්ද? එය සිදුවන තාක් මෙය මෙසේම වේවි

    ReplyDelete
  17. ඕවා නෙමෙයි... පුක ඉරාගෙන චක්කර පාඩම් කරව කරව ගනං හදනවට වඩා, කැල්කියුලේටරේ භාවිතා කරන්න දුන්නා නම් අපේ ඔක්කෝම ගනං කාරයෝ වෙනවා.. දරුවෝ මීට වඩා බුද්ධිමත් වෙනවා.. මේ රටේ ඉන්නේ ගල් වැද්දෝ.. හොඳ වෙලාවට ලොක්කට මොඩිෆයි කොල්ලෝ තුන් දෙනෙක් ඉන්නවා, ප්‍රේමයට වගේ නැතුව. නැත්නම් ඉතින් ෆේස්බුක් නෙමෙයි බලන්න වෙන්නේ එක එකා පුක් තමයි බලන්න වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. මොඩිෆයි කියන්නේ මහජන මුදලින් පිස්සු කෙලීමද?.අහෝ මාතලන්ගේ ඇට නැති දිව!!!

      Delete
    2. මෝඩයෝ කියල තියන එක තේරුම් ගනින් පටු තැන්වලින් නොහිතා.

      Delete
    3. හා එහෙම කරන්නං.

      Delete
    4. මාතලන්,
      චක්කර පාඩම් කිරිල්ලත් එ් ව ෙග් තමයි. අද තියන අධ්‍යාපන ක්‍රමය ෙවනස් ෙවන්න ඔ්න.

      Delete
  18. ඔය කියන ඔක්කොම දේවල් සීමාව දැන පරිහරණය කළ යුතු දේවල් හරියට නිකන් පිහි වගේ. ඒකයි ඕවා ළමයින්ට නොදිය යුතුයි කියන්නේ. අපි පිහි දෙන්නෙත් නෑනෙ ඒකෙන් අනතුරක් කර නොගෙන පාවිච්චි කරන්න නොදන්න කෙනෙකුට. ඕවා මේ විදිහට පාවිච්චි කළ යුතුයි කියලා කොච්චර බණ කියුවත් ඒවා වැඩකරන්නේ නෑ. ඒ මගින් අයුතු ප්‍රයෝජන ගන්න ඕනා කෙනෙකුට ඊට වැඩිය ලස්සන, ආකර්ශණීය දේවල් ගොඩක් පෙන්වන්න පුළුවන් ඒවා හොඳයි කියලා. එතකොට ළමයි නිකන්ම ඒවට යොමු වෙනවා. සෙල් ෆෝන් ළමයින්ට් දීමේ වරද මොකක්ද කියලා රාජ් වගේ කෙනෙක් අහපුවම මම ඇත්තටම පුදුම වුනා.

    මගේ අදහස මේකයි. අඩුම ගානේ අවුරුදු 19ක් විතර වෙනකම්වත් ඔය දේවල් ළමයින්ගෙන් ඈත් කළ යුතුයි, දෙනවනම් දෙමාපියන් ඒ ගැන බලවත් සෙවිල්ලකින් ඉන්න එක අනිවාර්යයයි. එහෙම නොවුනොත් ඔය ජාතියෙ පුවත් අහන්න ලැබෙන එක නවත්වන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ‍ෆෝන් එකකින් යම් ‍කෙ‍නෙක්, දරු‍වෙක් කියමු, ප්‍රයෝජන ගන්නව නං තවත් පිරිසක් ඒක නිසා අමාරු‍වෙ වැ‍ටෙනව නම් ඒ පිරිස ගැන හිතල අර නිවැරදිව පරිහරණය කරන දරුව‍ගෙ ෆෝන් එක උදුරාගන්න කාටවත් තියන අයිතිය ‍මොකක්ද? ම‍ගේ ප්‍රශ්නය ඒකයි‍.

      ‍දෙමාපියන්ට වගකීමක් ති‍යෙන්න ඕන කියන එක ඇත්ත. ඒ වගකීම ගන්න ‍දෙමාපියන්ට කවුරුවත් නීති දාන්න ඕන නෑ.

      Delete
    2. නිවැරදිව පාවිච්චි කරණ දරුවත් හැමදාම එහෙම කරයි කියලා තියන සහතිකය මොකක්ද රාජ්? හැමදේම වරදිනකම් නිවැරදියි තමා. හොඳම දේ ඒවයෙන් වෙන්න පුළුවන් දේවල් වටහාලා දීලා දෙමාපියන් ඒ ගැන විමසිල්ලෙන් ඉන්න එක. ඒත් මම දකින හැටියට ඔය දෙකම ප්‍රායෝගික නෑ. එතකොට ඉතුරුවෙන විකල්පය තමා නොදී ඉන්න එක. ඕක හැබැයි රජයක් හැටියට නීති දාලා කරන්න පුළුවන් දේකුත් නෙමේ. වගකීම තියෙන්නෙ දෙමාපියන්ට.

      Delete
    3. ඇයි බං තමුන්ගෙ දරුවව ‍තේරුම්ගන්න එක එච්චරට අමාරුද?

      Delete
    4. //නිවැරදිව පාවිච්චි කරණ දරුවත් හැමදාම එහෙම කරයි කියලා තියන සහතිකය මොකක්ද //

      ඇයි වදේ..
      දරුවෝ හැමදාම දරුවොම වෙලා ඉන්නවයැ.

      Delete
  19. ෆේස්බුක් තහනම් කරන එක තේරුමක් නැති දෙයක්. තව ටික කාලෙකින් ෆේස්බුක් වලට වඩා දේවල් ඒයි.. මේක එකක් විතරයි.. කොහොමත් ඔය අපි කතා කරන විදියට මේ සියල්ල එක රැයකින් විසදෙන එකක් නෑ.. එක පරම්පරාවක් බැට කයි..තාක්ෂණයට හැඩගැහෙන්න යන කාලය නිසා... හැබැයි මේ දේවල් දැන් හරි පටන් ගන්න එක හෙන වටිනවා.. අපි අවුරදු 30ක් විතර පිටිපස්සෙන් මේ හැමදේකදිම ඉන්නේ.. ඉතින් ඒ අවුරුදු 30 (අවම) අපිට මිස් වෙච්ච ආකල්ප ,තාක්ෂණික ,සංවර්ධන වෙනස දැන් හරි පටන් අරගෙන යන්න ඕනේ...

    රාජ් ඔය සිගරට් පෙට්ටි වලට දාන්න හදන පින්තුර දැකල තියෙනවද? ඇබ්බැහි වෙච්ච එකා ඒවා දැකල නවත්තයි ද කියල කියන්න බෑ.. හැබැයි ඉස්කෝලේ කාලෙදිම කොල්ලෝ ඕකට ඇබ්බැහි වෙන එක අඩුවෙයි... ඒ පින්තුර දැක්කම ඇත්තටම දරුණුකම දැනෙනවා...

    උඹ මේ පෝස්ට් එක ලියල සමාජයට පණිවිඩ දීල හරි පාරට ගන්න හදන අතරේ අද ඉඳන්ම උඹේ සහ උඹේ පවුලේ අයගේ අවශ්‍ය කරන ආකල්පමය වෙනස් කම් වලට මුල පුරපන් අන්න එතකොට ඔය කියන වෙනස අපිට දකින්න පුළුවන්..

    නැත්නම් මේ හැමදේම වැදිබණ විතරයි බන්..

    ReplyDelete
    Replies
    1. දැන් ‍මේ ‍වෙන‍කොට සිගරට් වලට ඇබ්බැහි ‍වෙන පිරිස සාමාන්‍ය‍යෙන් අඩුයි. ‍හේතුව ඔය ඊනියා විකාර වලට වැඩිය සමාජ‍යේ ආකල්පමය වෙනසක් ‍වෙලා තියනව දුම්බීම නරක ‍දෙයක් කියල. ඒ ව‍ගේම පොදු ස්ථාන වල දුම් ‍බොන්නන් සෑ‍හෙන්න අඩුයි. ‍හේතුව අනිත් මිනිස්සුන්‍ගෙ කරදරය ගැන හිතන්න පුරුදු වීම. අතීතයට සා‍පේක්ෂව ‍හොඳයි.

      ම‍ගේ පවු‍ලෙන් කියන්‍‍නෙ දැනට, ම‍ගේ පුතා සම්බන්ධ‍යෙන් මට ඕන විදි‍යේ තීරණ ගන්න පුළුවන්. ඒකයි ම‍ගේ ආරම්භය

      Delete
  20. තම තමන්ගේ රාමු ඇතුලෙ හිරවෙලා ලොරි ටෝක් දෙන නාමික ප්‍රවීණයන් බහුල කාලෙක, විවෘත මනසකින්, නිරවුල් දෙනෙතකින් ගැටලුව කොතැනදැයි පෙන්වාදෙන මේ ලිපිය බොහොම අගෙයි රාජ්!

    ReplyDelete
    Replies
    1. ‍බො‍හෝම ස්තුතියි බස්සිටත්

      Delete
  21. මම ඉන්න මැලේසියාවෙත් සිගරට් පැකට් වල ඔය රූප අපූරුවට මුද්‍රණය කරලා තියෙනවා...ඒ උනාට මෙහෙ උන් පුදුම සිගරට් බීමක් බොන්නෙ....

    ReplyDelete
    Replies
    1. මේක වැරදි සංසන්දනයක්.

      දැන් ලිංගික අද්‍යාපනය අපේ රටට වඩා ඇමරිකාවෙ ගොඩක් දියුනුයි. ඒත් ලංකාවට වඩා ඇමරිකාවෙ HIV ආසාදිතයන් ප්‍රතිශතය වැඩියි. ඒකෙන් කියවෙන්නෙ නෑනෙ ලිංගික අද්‍යාපනය දෙන එකෙන් HIV වගේ ලෙඩ බෝ වෙන එක අඩු වෙන්නෙ නෑ කියලා.

      අද්‍යාපනයක් නොතිබුනා නම් ඔයිටත් වඩා වැඩිවේවි.

      අග්නිදිග ආසියාවෙ වගෙම ලංකාවෙත් දුම්කොල සමාගම් ට්‍රයි කරා දුම් බීම පොෂ්/ස්ටයිලිෂ් වැඩක් කියල කෙල්ලන්ට ඒත්තු ගන්වන්න. මොන හේතුවක් හින්ද හරි ලංකාවෙ ඒක හරි ගියේ නෑ.සිංගප්පූරුවෙ ගත්තොත් ස්මෝකර්ස් ලා අති බහුතරය, වැඩිය උගත් නැති, පුංචි රස්සා කරන මැලේ කොල්ලො/කෙල්ලො. මැලේසියාවෙ බහුතරය උන් නෙ. එක එක රටේ සංස්කෘතිය, මිනිස්සුන්ගෙ උගත් කම වගේ දේවලුත් දුම් බීමට බලපානවා.

      Delete
    2. ලංකාවෙ දුම්බීමේ පැහැදිලි අඩුවීමක් මම දකිනවා. මේ අලුත් වැඩෙන් ඒක තවත් අඩු වෙයි කියලා හිතනවා. දුම්කොළ සමාගම් වල උත්සහ පරදවා "දුම්බොන්නේ මෝඩයෝ" කියන ආකල්පය ලංකාවෙ ජනප්‍රිය වේගන යනවා කියලා මට හිතෙනවා.

      Delete
    3. සිගරට් බීම අඩු ‍වෙනව නං මාත් කැමතියි. ඒක ‍මේ ක්‍රියාදාම‍යෙන් ‍වෙනව කියල කවුරුහරි කියනව නං පිලිගන්නත් කැමතියි.

      ඇ‍නෝ,
      "ඒත් ලංකාවට වඩා ඇමරිකාවෙ HIV ආසාදිතයන් ප්‍රතිශතය වැඩියි"
      එච්අයිවී පටන් ගත්‍‍තෙ ඇමරිකා‍වෙන් ‍නේ. නමුත් මම අහල තියනව දැනට ‍බෝ ‍වෙන ‍රේට් එක අඩුයි කියල‍

      Delete
    4. රාජ්,

      HIV පටන් ගත්තෙ අප්‍රිකාවෙන්.

      ඇමරිකාවෙ HIV පටන් ගන්න කොටත් එහේ ලිංගික අද්‍යාපනය ලංකාවට වඩා හොඳයි නෙ. ඒක නිසා මේ තර්කෙ කොහොමත් අදාල නෑ. සුලු ප්‍රමානෙක වෙනසකුත් නෙවෙයි ආසාදන ප්රතිශත වල තියෙන්නෙ 6 ගුණයකටත් වැඩි වෙනසක්.

      අනික අර රයිගම් උඩ කිව්ව වගේ, SEA රටවල සංස්කෘති වල තියන යම් දුර්වල කමක් නිසා සහ ඒ රටවල් බාහිරයට විවෘත වෙනකන් ම අන්ත නොදියුනු තත්ත්වෙක තිබුනු නිසාද කොහෙද (සුද්දො එනකොටත් සිංගපූරුව නිකන් ෆිෂින් විලේජ් එකක්) ඒ රටවල් පිටින් එන දේවල් විචාරයක් නැතුව ගන්න ලොකු ට්‍රෙන්ඩ් එකක් තියනවා. සුද්දන්ගෙ rejects සෙල් කරන්න හොඳ මාකට් එකක් SEA. මම මේ ආගමකට පහර ගහනව නෙවෙයි, මේ දවස් වල යුරෝපයෙන් ගැලවීගෙන යන ආගමකටත් හොඳ ව්‍යාප්තියක් තියෙනවා SEA රටවල. සුද්දො "වගේ" වෙන්න ***මහන්සි නොවී*** පුලුවන් නම්, ඔය පැති වල නූගත් මිනිස්සු හරි කැමති. (මේව දළ කරුණු මිසක් 100% හරි ජෙනරලයිසේෂන් නෙවෙයි)

      Delete
  22. මේ දවස් වල බොහෝ සටහන් දිහා බැලුවම ඒවට මොනවද කියන්නේ කියලා හිතාගන්න බෑ රාජ්.

    සිගරට් ප්‍රශ්නේදි නම් මාත් ප්‍රොෆයිල් ඇනෝගේ කතාවට එකඟයි. සිවිල් සමාජයක අපි හැමෝටම මේ හැමදේම වෙනුවෙන් යම් යම් දේවල් කල හැකියි හා කලයුතුයි. අපි කාටවත් එක එක්කෙනාට වැරදි පවරමින් නිදහස් වෙන්න බෑ. ඒත් ඒකට ආකල්පමය වෙනසක් ඕනේ. ( මේ යන විදියට ආකල්පමය වෙනසක් ලංකාවේ ඇතිවෙයි කියලා කොහොමත් හිතන්න බෑ.)

    ReplyDelete
    Replies
    1. මම නං සුභවාදීව ඉන්නව. අඩුම තර‍මෙ අපි වැඩිහිටි පරම්පරාව බවට පත්වූ දවසකවත්......

      Delete
  23. මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන එක ෆේස්බුක් තහනමෙන්වත් සිකරට් පැකට් වල රූප මුද්‍රණයෙන් වත් කරන්න පුළුවන් වේවි කියලා මම නම් හිතන්නේ නෑ රාජ අයියේ..

    ReplyDelete
  24. අලුත් තාක්ෂණේ එක්ක හොඳ වගේම නරක දේවල් එනවා. ටී.වී. එකටත් මුල් කාලේ ඔය වගේම විවේචන ආවා. මෝඩයගේ පෙට්ටිය කියලනේ කිව්වේ. අර පිහිය උදාහරණෙට ගත්තා වගේ මේ දේවල් වල භාවිතය හොඳ හෝ නරක අතට කරන්න පුළුවන්. මේ ගැන තියන සංවාද වල මම දකින ලොකුම දුර්වලකම තමයි මේවා ඒකමාන සංවාද වීම. එක්කේ ෆේස්බුක් වැරදියි, එහෙම නැත්නම් ෆේස්බුක් වැරදි නැහැ ආකාරයේ ඒවා වීම.

    මාධ්‍ය වලින් අපි දැක්කේ මේවා ෆේස්බුක් නිසා සිදුවූ මරණ ලෙස හුවා දැක්වීම. ඒ මත ෆේස්බුක් තහනම් කල යුතු යැයි රාවයක් යද්දි ෆේස්බුක් සහ අන්තර්ජාල භාවිතා කරන්නන් කලේ වරද ෆේස්බුක් නෙවෙයි අර මිය ගිය ළමයින් අතේ යැ‍යි කියමින් ඔවුන් ගොන්නු එළදෙන්නු බූරුවන් කියා හැඳින්වීම. යම් කිසි සිද්ධි දාමයක සම්බන්ධය තේරුම් ගැනීමේදී අපි පුදුම විදියට අසාර්ථක සමාජයක්.

    ගුවන් විදුලියක, රූපවාහිනී නාලිකාවක විකාශය වන දෑ යම්කිසි නීති මාලාවකට යටත් වගේම, ෆේස්බුක් ආදිය සඳහාත් යම් නීති මාලාවක් සකස් කල යුතු වෙනවා. තාක්ෂණය යොදාගෙන කරන සොරකම් සඳහා මෑතක් වනතුරු නීති ප්‍රතිපාදන තිබ්බේ නෑ. නමුත් අපි යම් තාක්ෂණයක් පොදුවේ භාවිතා කරනවා නම් ඒ සඳහා වන නීති සැකසීමත් අවශ්‍යයි.

    බොහෝ වෙලාවට මීට පස්සේ අපට මූණ දෙන්න වෙන ලොකුම ෆේස්බුක් සම්බන්ධ ගැටලුව මහ හිතෙන හැටියට සයිබර් බුලීයිං වෙන්න පුළුවන්. පිරිසක් එක්ව යම් පුද්ගලයෙකුට මානසිකව බලපෑම් කිරීම, ඔහුගේ ඇයගේ කෘතිමව විකෘති කල හෝ පෞද්ගලික මට්ටමේ ඡායාරූප ශෙයාර් කිරීම.

    අපේ මූලික ප්‍රශ්නය උඹ විග්‍රහ කරලා තියන විදිහට සම්පූර්නයෙන් එකඟයි. අපි යාවත්කාලීන යැ‍යි හිතන අයගේ පවා තියන වැරැද්දක් තමයි ඉහත කිව්ව විදිහේ ඒකමාන රාමු ගත අදහස්. නව තාක්ෂණය යහපත් අයුරින් යොදා ගැනීමේදී ඊට අනුරූපව නීති සකස් කිරීම සහ දැනුවත් කිරීම අත්‍යාවශ්‍යයි.

    මත්පැන් දුම්වැටි ගැන මට තියෙන්නේ වෙනස් අදහසක්. මත්පැන් දුම්වැටි වල බලපෑම ගැන දැනුවත් කිරීමට දරන උත්සාහයන් මිසක්, නීති මගින් ඒවා භාවිතයට පනවන්න හදන තහනමක් නොවෙයිනේ මේක. ඒවගේ දේවල් ගොඩක් සිද්ධ වෙන්නේ ට්‍රයල් ඇන්ඩ් එරර් ක්‍රමයට. යම්කිසි වෙනසක් කර කාලයක් එහි බලපෑම නිරීක්ෂනය කරලා. දැන් ඕස්ට්‍රේලියාවේ අලුත්ම කතාව තමයි, කිසිම ආකාරයේ රූපයක්, වෙළඳ ලාංඡනයක් නොමැති 'ප්ලේන්' ඇසුරුම් භාවිතා කිරීම. එයින් ලොකු බලපෑමක් ඇතිවන බව නිරීක්ෂණය කරලා තියනවා.

    පරිභෝජනයේදි ගොඩක් දෙනා බ්‍රෑන්ඩ් එකට විශේෂ සැලකිල්ලක් දක්වනවා. දැන් අරක්කු ගැන කතාවක් ඇතිවුණොත් කීදෙනෙක් ඇවිත් මම නම් බොන්නේ අහවල් බ්‍රෑන්ඩ් එක කියනවද. අන්න ඒ බ්‍රෑන්ඩ් එකත් එක්ක ඇති සම්බන්ධතාවය බිඳ දැමීම තමයි අරමුණ. මතක තියාගත යුතු දෙයක් තමයි මේවායින් කල හැක්කේ අවම කිරීම මිස නැති කිරීම නොවන බව. ඒ වගේම මෙක මිනිස්සු දැනුවත් කරන්න භාවිත කරන ක්‍රමයක්. මේ දේ දැන ගත්තට පස්සෙත් පාවිච්චි කරන්න ඔවුන්ට අවශ්‍ය නම් ඒකට තහනමක් නෑ.

    ReplyDelete
  25. අපි හිතනවා ඊළඟ පරම්පරාව වෙනකොට හරියයි කියලා රාජ්, නමුත් අපි මැරෙන්නේ ඊළඟ පරම්පරාවටත් අපේ දූපත් මානසිකත්වය බෝ කරලා. මගේ යාලුවෙකුගේ පියා මියගිය තුන්මාසේ දානෙට අදාළ බණ ගෙදරට ඊයේ රෑ ගියා මගේ අසල් වාසි කීපදෙනෙකු සමග. බණ ගෙදර යනකල් එනකල් මම හය දෙනෙක් එක්ක වාද කරා අර කුරුණෑගල ගොන් පිනා පින් ගොනා අර කෙල්ලව මරාගත්තා කියලා. නමුත් මගේ අසල් වැසියන්ගේ දූපත් මානසිකත්වය 'අති විශිෂ්ටයි'

    ReplyDelete
    Replies
    1. විචාරක, ඔය ඇවිත් වරද කෙල්ලගේ නෙමෙයි නම්, ෆේස්බුක් එකෙත් නෙමෙයි නම් ප්‍රින්සිපල්ගේ වෙන්න ඕනේ කියලා හිතන එක. ප්‍රින්සිපල්ගේ ක්‍රියාව ගැන පරීක්ෂණයක් පැවැත්වෙන්න ඕනේ, ඔහුගේ හැසිරීම පිළිබඳව. නමුත් මෙම මරණයේ වගකීම ප්‍රින්සිපල්ට පටවන්න බැහැ. ප්‍රින්සිපල්ගේ ක්‍රියාව වැරදියි, නමුත් මරණය ඒකට ලඝු කිරීමෙන් වෙන්නේ සැබෑ ප්‍රශ්නය යටපත්වීම. ප්‍රශ්න වලට ළමයි මුහුණ දීමේ, දෙමාපිය සම්බන්ධතා, මානසික අඩුපාඩු ද ඇතුලත්. දැනටමත් පේන්න තියන විදිහට අනිත් මරණ දෙකට හේතුව මවගේ අවවාද, සහ තමන් කල බොරුවක් පිරිසක් ඉදිරියේ හෙළිවීම ගැන ලැජ්ජාව. ඒ නිසා අපි සැලකිලිමත් වෙන්නේ ඕනේ ගුරුවරුන්ව, ළමයින්ව, දෙමාපියන්ව නව තාක්ෂණය, මානසික ප්‍රශ්න, ප්‍රශ්න ඇතිවූ විට කලයුතු දේවල් සම්බන්ධව දැනුවත් කිරීම. ප්‍රින්සිපල්ට දඬුවම් කිරීම කියන්නේ ඒකෙ ඉතා සුළු කොටසක්...

      Delete
    2. විචාරක
      තිසර‍ගෙ මතයත් එක්කයි මම ඉන්‍නෙ. ප්‍රින්සිපල් වැරදි බව ඇත්ත. නමුත් යටින් තියන ප්‍රශ්නයයි වඩා ‍ලොකු

      Delete
    3. මම ඔබේ අදහස පිලිගන්නවා. ළමයින් පාලනය කරන්න ඕනේ ඒ සඳහාම විශේෂයෙන් සැකසුනු ක්‍රමයකට. හමුදාවේ ක්‍රමයට ඉස්කෝලයක් පාලනය කරන්න දෙනවානම් පාප පැය 72 කින් විනය හදලා දෙන්නම්. හැබැයි වගකීමක් නැත.

      රාජ්, පාසල් විනය පාලනයයි දණ්ඩ නීති සංග්‍රහයයි මේ සිද්ධිය නිසා දැනටමත් ගැටිලා ඉවරයි. මම ඉන්නෙත් කුරුණෑගල, මේ ඉස්කෝලේ තමයි මම හිතන විදිහට ලංකාවේ තියන විශාලතම මිශ්‍ර පාසල. මෙවැනි පාසලක ළමයින් අතර කොපමණ දේවල් සිදුවෙනවා ඇද්ද? එවැනි පාසලක් පාලනය කරන්න පුදුමාකාර පාලන හැකියාවක් අවශ්‍යයි. එය තනිව කළහැක්කක් නෙවේ. මේ විදුහල්පති, කොල්ලෙක් කටුසු කොණ්ඩයක් හදාහෙන ආවත් අර මොකාද අරකා මෙහෙවර කියලා අම්මා තාත්තාටන් කියන්නේ මුගේ කොණ්ඩය කපපියව් වගේ වචන. ඒ ක්‍රමයට පාසලක් පාලනය කරන්න කුරුණෑගල මාළු මාකට් එකේ මාළු පෙට්ටි කරගහන අයියලාටත් පුළුවන්.

      Delete
    4. තිසර කියන දේ එක්ක 100% එකඟයි.

      මෙතනත් තියෙන්නෙ අපේ lynching mentality එක. අපි ප්‍රශ්නයක් වුනහම අගතීන් පැත්තක දාල ඒ ප්‍රශ්නෙ ගැන හොයනව වෙනුවට කරන්නෙ අපිට ආපු අසහනේ නැති කරගන්න කාවද මරල ටවුන් එක මැද්දෙ එල්ලන්නෙ කියල හිතන එක.

      ගොඩක් වෙලාවට මම බලල තියන දෙයක්, මුලින් සද්දෙට කියවුනු මතේ තමයි ඊට පස්සෙ ඔක්කොම පස්සෙන් යන්නෙ. බස් එකක ගෑනියෙක්ට ජැකක් වැදුනත්, ගෑනිට අන්තිමට "තද වෙන්න බැරිනම් කාර් එකක යන්න" කියල බස් එකෙන්ම අහගන්න වෙනවද, එහෙම නැත්නම් ජැක් එක ගහපු එකා ලේ එනකම් කන්න වෙනවද කියන එක තීරනේ වෙන්නෙ මුලින් කතා කරපු කට සැර එකා මොන පැත්තෙද කියන එක උඩ සහ ගෑනිගෙ ලස්සන උඩ!!!!

      මේ කෙල්ලගෙ කේස් එකට මම ඔන්ලයින් දැකපු ප්‍රතිචාරත් ඔය බස් චන්ඩින්ගෙ ඒවට වැඩි වෙනසක් පෙනුනෙ නෑ. (මාරයගෙ එක නම් වෙනස්) මේ කෙල්ල ලියපු ලිපිය උනත් කියෙව්වම ප්‍රින්සිපල් ගේ බැනීම *විතරක්* නිසාම දිවි නහ ගන්න තරම් බොලඳ දරුවෙක් කියල මට පෙනුනෙ නෑ. අපිට මොකටද ඒව මේ හොඳට අතට අහුවෙන තඩි ප්‍රින්සිපල් කෙනෙක් ඉඳිද්දි!


      Delete
    5. ////බස් එකක ගෑනියෙක්ට ජැකක් වැදුනත්, ගෑනිට අන්තිමට "තද වෙන්න බැරිනම් කාර් එකක යන්න" කියල බස් එකෙන්ම අහගන්න වෙනවද, එහෙම නැත්නම් ජැක් එක ගහපු එකා ලේ එනකම් කන්න වෙනවද කියන එක තීරනේ වෙන්නෙ මුලින් කතා කරපු කට සැර එකා මොන පැත්තෙද කියන එක උඩ සහ ගෑනිගෙ ලස්සන උඩ!!!!///

      මසුරං කතාව!

      Delete
    6. ෆ්‍රොපයිල් ඇනෝ ගේ මතය තුල මමත් ඉන්නවා.

      ඔය සිද්ධීයේදී එම දැරිවියගේ ලිපිය බැලුවම විදුහල්පතිගේ ක්‍රියාව මතම පමණක් ඇය සියදිවි හානි කරගත්තය කියන මතයට එන්න බෑ. එයට බලපෑ අනෙක් හේතු යටපත් කොට සුළුතරයකගේ කෑගැහීමේ ශක්තිය ඉස්මතු කරන්න දඟලන බවක් පේනවා. විදුහල්පති ගැන පරීක්‍ෂණයක් පැවැත්විය යුතු වුවත් එය ළමයාගේත් විදුහල්පතිගේත් පැත්ත නොගෙන කරන්න හැකියාව තිබිය යුතුයි. එහෙම කරන්න පුළුවන් විය යුතුයි නීතියක් තියනවානම්. නමුත් ඔය සිද්ධියට කෑගහන තරම් පිරිසක් ඇයි අනෙක් මරණ දෙකට කෑනොගහන්නේ. හේතුව පැහැදිලියි. බොහෝ දෙනෙක් කරන්නේ රඟපෑම. මවාගත් මානව දයාව. ඔවුන් ඇත්තෙන්ම ඔවැනි සිද්ධීන් ගැන අධ්‍යයනය නොකර විචාරවත් නොවී කෑගැසීම තුල සිද්ධියෙන් අපහසුතාවයට පත්වූ අය ට කරන්නේ අසාධාරනයක්.

      කෙසේ වෙතත් අවසානයට " අපිට මොකටද ඒව මේ හොඳට අතට අහුවෙන තඩි ප්‍රින්සිපල් කෙනෙක් ඉඳිද්දි! " යන නියමය තමයි ක්‍රයාත්මක වෙන්නෙ.

      Delete
  26. ඔය සමහරුනම් ඉතින් සංගම් හදාගෙන තියෙන්නෙ පාලක පක්ෂය වැටෙන වෙලාවට් ගොඩ ගන්නනේ, ඇත්තටම බෞද්ධ ආගම හෝ සිංහල ජාතිය වෙනුවෙන් ඇතිවුන සංගමයක් හොයමින් ඉන්නව තවම මම

    ReplyDelete
    Replies
    1. තවත් කාලෙකට හොයාගන්න බැරිවෙයි එහෙම එකක්. අනෙක ඇත්තම බෞද්ධයට මොකටද සංගම්?

      Delete
  27. මේක සම්ප්‍රදායට මුල් තැන දෙන රටක් ... එකයි අවුල ...
    නිව්ෆොබියාව

    මෙන්න සුරංගනා කතාවක්! ආයේ පොඩි කාලෙට යන්න

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහසට. ලින්කුව බලන්නං

      Delete
    2. ලින්ක් එක දී ඇත්තේ මටය

      Delete
  28. උඹට කියන්න දවසක්දා අපි කට්ටිය දෙතුන් දෙනෙක් අපේ ගෙදරට එකතුවෙලා ක්‍රිකට් මැච් එකක් බලන ගමන් පොඩි එකක් දෙකකුත් දාගන්නවා.ඔන්න එකපාරටම ටී වී එකේ ඇඩ් එකක් ගියා SMOKING KILLS කියල,ඒක දැක්ක විතරයි එකෙක් කියනව ''ඔන්න සිගරැට් එකක් බොන්නත් අමතක උනානෙ,යං යං '' කියල දෙතුන් දෙනෙක් එලියට ගියා.
    මට ඉල නෑ හිනා.

    ReplyDelete
    Replies
    1. අන්න ප්‍රතිඵලය. ඉතිං වැඩක් වේද!

      Delete
  29. //මේ සියවස අයත් වන්නේ වාරණයට නොව විවෘතභාවයටය, තෝරා දීමට නොව තෝරා ගැනීමටය, තමාට ඇවැසිවන්නේ කුමක්දැයි තෝරා ගැනීමට තරම් බුද්ධියක් ඇත්වුන්ටය.//
    මෙතනදි තමන්ගේ හිත එක්කම තර්ක කරලා හොඳ නරක අදුරගන්න පුලුවන් මට්ටමට එනකම් ගෙදරින්,ඉස්කෝලෙන් දැනුවත් කිරීම නම් කරන්න වෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒ දැනුවත් කිරීම කරන්න වෙනව. තහනම තිබුනත් නැතත්

      Delete
  30. හැම දෙයක්ම පාලනයක් ඇතිව ළමයින්ට දුන්නොත් හරි. ස්මාර්ට් ෆෝන් එකක් දුන්නොත් පොඩි එවුන් ඉගෙන ගැනීම පැත්තක තියලා පටන් ගනියි සෙල්ලම. නමුත් දෙමව්පියන්ගේ අධීක්ෂණය මේවට තියෙන්න ඕනේ.

    ෆේස්බුක් එකට පින්තූරමය අවවාද දැම්මොත් කොහොමද ? පේජ් එක ලෝඩ් වෙන්න කලින් රජයේ අවවාදය ෆේස්බුක් මරු කැඳවයි වගේ එකක්.

    ReplyDelete
    Replies
    1. පාලනයක් ඇතුව දෙන්න ඕන කියන දේ තමයි මමත් කියන්නෙ. තහනමට වැඩිය ඒක හොඳයි. ළමයින් සම්බන්ධව හැම දෙයක්ම පාලනය කරන්න වෙනවනේ බං. ෆෝන් විතරක් නෙවේ අද කාලෙ බස් එකක ගියත් පාරට බැස්සත් හෙවිල්ලෙන් ඉන්න එක අනිවාර්ය අවශ්‍යතාවයක්

      Delete
  31. එංගලන්තයේ විශාල සුපර්මාකට් වල සිගරට් මිනිස්සුන්ට පේන්න ඩිස්ප්ලේ කිරීම තහනම් කරා. කබඩ්වල දාලා වහලා තියෙන්නේ. ඉල්ලුවාම ඇරලා දෙනවා. මේ නීතිය ළඟදීම හැම කඩේකටම ගේනවා. ලූස් විකිනීම කොහොමත් නීතියෙන් තහනම්. 18ට අඩු අයට විකිණීම බරපතල වරදක්. කැෂියර්ට එවෙලෙම පවුම් 80 ක් දඩගහනවා. සාමන්‍ය පොඩි කොල්ලන්ව දාලා මේවා චෙක් කරනවා. NO I.D NO SALE තමයි තේමා පාඨය. මේ නීති නිසා සිගරට් අලෙවිය පහත වැටී ඇතිබව කියනවා. පැකට් එකේ රූප ගහලා වැඩක් නැහැ ලූස් විකුණනවානම්.

    අළුත් පරම්පරාව සෑහෙන්න දුරට දුම්බීම අඩුයි. මම මේ ට්‍රේඩ් එකේ හිටිය නිසා ඒක දන්නවා. අනිත් එක මිළ. බෙන්සන් 20ක් පවුම් 9ක් විතර වෙනවා දැන්.

    ReplyDelete
    Replies
    1. මාත් විශ්වාස කරනව "නොපෙනීම" තුල නං සෑහෙන්න සේවයක් වෙනව කියල. ඒ කියන්නෙ හොඳ හෝ නරක දෙපැත්තම පේන්න නෑ. ඒක තමයි සාර්ථකම ක්‍රමය. අපි නිකං බ්ලොග් අවකාශය උදාහරණයකට ගනිමු! ඇනෝනිමස්ලාට බනින උදවියට/ඇනෝ ගැන දිගිනි දිගටම කතා කරන උදවියට ඇනෝ ප්‍රහාර එල්ල වෙනව. අනිත් අයට නෑ, මේකත් අන්න ඒ වගේ :-)

      Delete
  32. //දුම්වැටි හෝ ශරීරයට හානිදායක දෑ සම්බන්ධයෙන්ද අනුගමනය කලයුත්ත එයයි. දුම්වැටි සහ අනෙකුත් මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේන් සිදුවන හානිය සම්බන්ධව නොදන්නා පිරිසක් අතීතයේ සිටින්නට ඇත. නමුත් මේ වනවිට අතේ ඇති දුම්වැටියේ-මත්පැන් වීදුරුවේ ඇති හානිදායක බව නොදන්නා කෙනෙකු ඇතැයි සිතිය නොහැක. ඔවුන් සඳහා රූපවාහිනියේ කොටුදැමීම හෝ දුම්වැටි කවරයේ රූප දැමීම කිසිසේත්ම ඵලදායී ක්‍රියාවක් නොවේ. අනෙක් කරුණුද මේ අයුරින් විස්තර කලහැකිය.//
    සහෝදරය, මෙය හා කිසිසේත්ම එකඟ නැත.
    රාජ් පේන්න තියෙන එක, කරන එක තමයි ලොකුම, ඇඩ්වර්ටිස්ට්මන්ට් එක

    ReplyDelete
    Replies
    1. එතකොට හැලපෙ කියල තියන කතාව ගැන මොකද කියන්නෙ? ඒක විස්තර කරන්නෙ කොහොමද?

      Delete
  33. ඔක්කොටම කලින් මිනිස්සුන්ගෙ අදහස් වෙනස් කරන්න වෙනව රාජ්...

    ReplyDelete
  34. වැඩේ කියන්නේ අපේ උන් වෙනස් වෙන්න කැමති නෑනෙ.පරණ මත වල තදින්ම බැඳිල.

    ReplyDelete
  35. සිගරට් පැකට්වල අවවාද යොදාගන්න එකට අනුමැතිය ගන්න එච්චරටම අමාරු උනාද...? ඕස්ට්‍රේලියාවෙ සිගරට් පැකට්වල යොදාගත්තු පින්තූර අවශ්‍ය කෙනෙකුට මේකෙන් බලා ගත හැකි...
    https://www.google.com.au/search?q=australian+smoke+covers+with+warnings&espv=210&es_sm=122&tbm=isch&tbo=u&source=univ&sa=X&ei=vOUTU5CLA43KkwXQxIHwBQ&ved=0CEcQsAQ&biw=1280&bih=923
    ඒවා දැකලා සිගරට් බීම නවත්තන්න හිතපු අය ඕන තරම් ඇති... ඒකත් ලොකු දෙයක්නේ... ඒ අතරම ඔය මොන අවවාදෙ තිබ්බත් ඔය රූප දිහා බලාගෙනම සිගරට් බොන අය තවත් ඉන්නවා... ඒක තමුන්ම බරපතලකම වටහාගෙන අදාල පුදගලයා විසින්ම නවතා දැමිය යුතු දෙයක්... ඒ වටහා ගැනීමට කිසියම් උත්තේජනයක් ඇති කරනු විනා රජයකට ඊට වඩා කළ හැකි දෙයක් නෑ...
    හැබැයි මෙහේ තියෙනවා සිගරට් භාවිතය වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් චුවින්ගම් වගේ ඒවා... ඕන නම් මේ ලින්ක් එකෙන් බලා ගත්තැහැකි...
    https://www.google.com.au/search?q=beat+nicotine+cravings&espv=210&es_sm=122&source=lnms&tbm=isch&sa=X&ei=begTU-6OA8y6lQWt1oDYAg&ved=0CAkQ_AUoAQ&biw=1280&bih=923#q=nicotine+chewing+gum&tbm=isch
    තවම ලංකාවට ඇවිත් නැද්ද...?

    ReplyDelete