Friday, July 29, 2011

බ්ලොග් ලියන්නන්ට මසුරං උපදෙස්.

අද පොස්ට් එකක් දාන්න නෙවේ හිටියේ. ඒත් සමහර බ්ලොග් කියවනකොට හිතට එන කේන්තියත් එක්ක මේ ටික නොකියාම බෑ.
මම ඇහුවොත් ඔයාලගෙන් ඇයි බ්ලොග් එකක් හදාගත්තෙ කියලා කවි ලියන්න, විහිළු කතා ලියන්න, අත්දැකීම් බෙදාහදාගන්න, සොෆ්ට්වෙයාර් ගැන කියලාදෙන්න ... ඔයවගේ කාරණා සිය ගනනක් උනත් උත්තර ලැබෙන්න ඉඩ තියනවා. ඒවගේම කාගෙන්හරි ඇහුවොත් මොන විදියේ බ්ලොග්ද බලන්න කැමති කියලා ඒත් ඔය ලිස්ට් එකම අඩුවැඩි වශයෙන් උත්තර විදියට ලැබේවි.
ඉතින් ඔය විදියට බ්ලොග් ලියන්න කියවන්න අපි එනව මිසක් කවුරුහරි අපේ බ්ලොග් එකට තොරණ බලන්න එනවද? ඒ වගේම අපේ බ්ලොග් වලින් අපි බලාපොරොත්තු වෙන්නේ කාටහරි තොරණ් පෙන්නන්නද?..:D
හරි හරි කලබල වෙන්න එපා. කාරනේ මේකයි.
සමහර බ්ලොග් ඇස්වලට හරි අමාරුයි. ඒවගේම ඒවායේ තියන ඇනිමේෂන්, ඇස් කඩාගෙන යන වර්ණ මට නං හරිම වධයක්. මම නං කොයියම්ම වෙලාවක වත් බ්ලොග් එකක අන්තර්ගතය මිසක් ඒක ලස්සනට තියනවද කියන එක ගැන හොයන්නෙ නෑ. මම හිතන හැටියට නං සයිට් එක ලස්සනට තියනවනං හොදයි තමයි, ඒත් ඒක කරදරයක් නොවෙන ගානට තියෙන්න ඕන. හරියටම දැනීමක් නැති වුනත් ඔය අපි දාගන්නා එක එක ගැජට් වලින් සයිට් එක ලෝඩ් වෙන්න ගතවෙන කාලයත් වැඩි වෙනවා මං හිතන්නෙ.
මම මට හිතෙන හැටියට කියන්නං එක එක අංග මොන විදියට සකස් වෙන්න ඕනද කියන කාරණය.(උඹ මහලොකු පන්ඩිතයෙක්ද කියලා අහන්න එපා).
පෙළගැස්ම
අපි පළමු වතාවට සයිට් එකට ඇවිල්ලා දැනට උඩින්ම තියන පෝස්ට් එක කියෙවුවට පස්සෙ ඒකෙ කලියෙන් දාපු පෝස්ට් කියවන්න හිතුනොත් කරදරයක් නැතිව ඒ වැඩේ කරගන්න පුළුවන් වෙන්න ඕන. ඒකට අදාල ලිපි කැටගරි වශයෙන් තියන එක වැදගත්. විශේෂයෙන්ම සමහර සයිටි තියනවා අද සොෆ්ට්වෙයා ගැන දාලා ඊලග දවසේ ආදරය ගැන ලියපු. එතකොට සොෆ්ට්වෙයා ඕන අයට ඒව බලන්නයි ආදරය ගැන බලන්න ඕන අයට ඒවා බලන්නයි ලේසියෙන් පුලුවන්නේ.(ඕවා කොරන හැටි එකක්වත් මගෙන් අහන්නෙපා ඕං මම අයි.ටී. මෙලෝ හසරක් දන්නැති බුවෙක්)
අනිත් කාරනේ වර්ණය
‍පාට ගැන කියනවනං වැදගත්ම කාරනේ තමයි බැක්ග්‍රවුන්ඩ් එකේ පාටයි කොටන අකුරු වල පාටයි මැච් වෙනවද කියනඑක. මම අද දැක්ක සයිට් එකක් ඒකෙ බැක්ග්‍රවුන්ඩ් එක කලු පාට. අකුරු තද නිල්පාට. පෝස්ට් එක බලන්නම ඕන හින්දා ඒක කොපි කරලා වර්ඩ් ෆයිල් එකකට අතහැරලා තමයි කියවගත්තේ..ලොල්ය.
මම දැකලා තියන ලෝකෙම ජනප්‍රිය ගොඩාක් සයිට් හදලා තියෙන්නෙ තද වර්ණ භාවිතා නොකර. ඒනිසා බැක්ග්‍රවුන්ඩ් කලර් එකට නං තද පාට දාන්නෙපා රජෝ කියවන්න බෑ. තදපාට බැක්ග්‍රවුන්ඩ් ගොඩක්ම තියෙන්නෙ වැල සයිට් වල.(යකෝ ඒ මොන සයිට්ද අහනවද!)
ගැජට් බැජට්
මේවා ගැන කියනවා නං කොච්චර දාගත්තත් කමක් නෑ කරදරයක් නැති විදියට. සයිටි එක ලෝඩ් වෙන්න ගතවෙන කාලය ගැන හිතලා බලලා දාගන්නව මිසක් කවුරුහරි දුන්නු පලියට ගන්න එපා. ජාලෙ ස්ලෝ කොම්පීතරයකින් ඔයාලගෙ සයිට් එකට ගිහිල්ලා බලන්න කොච්චර වෙලා යනවද කියලා. මොකද එක එක්කෙනාගෙ ජාල සම්බන්ධකං එක එක විදියනේ. මම අද කියපු අර සයිට් එකේ පෝස්ට් එකේ අකුරු උඩත් ඇනිමේෂන් එකක් දුවනවා.(කියවන්න ගියාම මළපනිනවා:)
අකුරු
සයිස් එක 14 වත් තියනවනං තමයි හොද. මොකද අපි වගේ වයසට ගිය අයත් මේවා බලනවානෙ. හැබැයි කොළ පාට, දම්පාට වගේ ඇස් කඩාගෙන යන පාට දාන්නෙපා.
කොමෙන්ටු පෙට්ටිය
අනේ මම කියපු අර සයිට් එකට කොමෙන්ට් එකක් දාන්න ගියා ඒකෙ තියන වැරදි ගැන කියලා. ගහෙං වැටුන මිණිහට ගොනා ඇන්නා වගේ මේං ඒකෙ සැට් කොරලා තියනවා අර වර්ඩ් වෙරිපිකේසන්ද මොකද්ද උලව්ව. අර ඊමේල් එකක් හදන්න යනකොට ටයිප් කරන්න දෙන්නෙ ආරළු බූරළු අකුරු ටිකක්. අන්න ඒක තමයි.(ඕක තියෙන්නෙ මේ කවුරුහරි ප්‍රෝගෑම් එකක් හදලා නන්ස්ටොප් කොමෙන්ටු දායි කියලානේ. එහෙම එකක් තාම සිංහල බ්ලොග් අවකාශෙ සිද්ධ වෙලා නැතුව ඇති)
මම එතනින් පස්සෙ කොමෙන්ටුව නොලියම ආවා.
අන්න ඒ වෙලාවෙ තමයි කේන්ති ගිහින් මේ පෝස්ට් එක කොටන්න පටන් ගත්තෙ. දැං කේන්තිය නිවුනත් අත රිදෙනවා හොදටෝම. එහෙනං මම ගිහිං එන්නං. ඔපීසිය වහලා නිසා මේ දවස් දෙකේ බ්ලොග් කියවන්න විදියක් නෑ. ඒත් නොවැරදීම සදුදා එනවා. ලිපිය ගැන කොමෙන්ටුවකුත් කොටලම යන්න. වර්ඩ් වෙරිපිකේසන් නෑ හොදද?..:)
ප.ලි. මේවගේ ජනප්‍රිය වෙන්න දෙන අවවාද හැමෝගෙන්ම ලැබෙන්නෙ නෑ, හරිය!

26 comments:

  1. ඔයා කියලා තියෙන්නේනම් ඇත්තම තමා. මාත් එකගයි. තද පාට
    නිසා සමහර ඒවා කියවන්න අමාරුයි. මාත් copy කරගෙන කියවන්නේ. ඒක කරදරයක්. බොහොම ස්තුතියි උපදෙස් වලට...

    ReplyDelete
  2. බොහොම ස්තුතියි.මේපැත්තෙ ආවට.

    ReplyDelete
  3. මා ආවේ සිත් ආර හරාහායි. හොද අඩවියක් බව පේනවා. . එන්නම්
    දිගටම.

    ReplyDelete
  4. ඒකනෙ තොරණ පෙන්න්නනෙ සමහරු වැඩියෙ දගලන්නෙ.... :D කියල තියෙන ටිකනම් සහතික ඇත්ත අර වර්ඩ් වෙරිෆිකේශන් තියෙන ඒවයිනම් කමෙන්ට් කරන්න ගියාම එපා වෙනවා.. හිතිච්ච කමෙන්ට් එක නොදා ආපු අවස්තාත් තියෙනවා...

    ReplyDelete
  5. @Gimhani
    සිත් ආරෙ නලිනි තමයි ඉස්සෙල්ලම මේකට ආවෙ.බොහොම ස්තුතියි ආයෙත්.
    @පොඩි මෑන්
    ඒකනෙ කියන්නෙ මේක අපරාධයක් කියලා.
    ස්තුතියි මේපැත්තෙ ආවට.

    ReplyDelete
  6. ඔයාගෙ පොස්ට් එකනම් මසුරන් වටිනව. මමත් අකමැතිම දෙයක් තමයි පාට පාට, දිලිසෙන කැටයම්. බලන්න මගෙ බ්ලොග් එක හොඳද කියල. http://todaytofuture.blogspot.com/

    ReplyDelete
  7. ඔය කියන කතා ටික සහතික ඇත්ත. ඒ නිසා තමයි මාත් ඔය ගැජට් ඔක්කොම අයින් කරලා දැම්මේ. මගේ බ්ලොග් එකේ තියෙන්නේ බ්ලොග් රෝල් එකයි ෆලෝවර් විජට්ටුවයි සින්ඩි ටිකයි විතරයි.
    පට්ට සරලයි. ඒ වගේම පට ගාලා ලෝඩ් වෙනවා. හික්ස් :)

    ReplyDelete
  8. හිකිස්‌..අනිවා අනිවා දැන් නම් තොරණ් බ්ලොග් වැහි වැහැලා..ඔව්වා මෙව්වා ගොඩක් දැම්මාම ලෝඩ් වෙන්නත් හෙන වෙලාවක් යනවා..එතකොට තමයි ඉතින් එපා වෙන්නේ

    ReplyDelete
  9. අම්මප සහතික ඇත්ත බොලන්.. මම මේ ළඟදී අලුත් ගැජට් එකක් දාලා කොමෙන්ට් වලට මළ වදයක් උනා.. මම කැමති උනාට කොමෙන්ට් දාන ඒවුන් කැමති නෑ නොවැ..

    අහම්බෙන් දැක්කෙ.. ඔහේවත් සින්ඩියට දා ගත්ත..

    ReplyDelete
  10. කියන කාරණාවන් ටික හරි තමයි.

    ReplyDelete
  11. මාත් අලුතින් නොවැ බ්ලොග් එක පටන් ගත්තේ.
    මටත් කවුරු හරි කියනවද මගෙ බ්ලොග් එකේ තියන අඩු පාඩු.

    http://rmpidiya.blogspot.com/

    ReplyDelete
  12. නියමයි කාට කාටත් කියවන්න හොද පෝස්ට් එකක්.

    ReplyDelete
  13. කේන්තියෙන් ලියල තිබුණත් ගොඩක් වැදගත් කාරණා ‍ටිකක් ගැන අපූරුවට ලියල තියෙනවා... ඇත්තටම කියවන්න වටින පෝස්ට් එකක්...

    ReplyDelete
  14. කත්නදර ටික සම්පූර්න ඇත්ත.. :D :D
    බ්ලොගර් වල මට අල්ලන්නෙම නැති එක කොමෙන්ට් බොක්ස් එක..මම ඒක වෙනුවට disqus දැම්මා ඊයෙ පෙරේදා :D :D

    ReplyDelete
  15. මෙතනදි නම් මට සයිලන්ට් වෙන්න වෙනවා.. මොක්ද මම්ත් ගොඩාක් ගැජට් කැලි දිලා තියනවා... හැබැයි ගොඩාක් ඒවා මම දාල තිබුනත් ලොඩ් වෙන එකනම් අවුලක් නැ මම හිතන්නේ (කවුරුවත් තාම එහෙම කියලා නැ) එත් ඔයා කියලා තියෙන්නේ ඇත්ත... හැමදේම හොදට තියනවා නම් එහෙම තොරන් නොවි තොරන් උනට අවුලක් නැ මම හිතන්නේ

    ReplyDelete
  16. මමත් ඔය ගැජට් වැඩිපුර පාවිච්චි කරන කෙනෙක් ඒත් ඔය කියලා තියෙන විදියේ කරදරකාර ගැජට් නම් දාලා නෑ, අනික මමත් එකඟයි ඔය කියන දේට සමහර බ්ලොග් අඩවි වල මවුස්පොයින්ටරය පවා එක එක දේවල් දාලා වෙනස කරලා තියෙනවා සමහර වෙලාවට හරියට පොයින්ට් කරන්නත් අමාරුයි..මම දාලා තියෙන ගැජමැටික් ටිකනම් ලෝඩ් වෙන්න වෙලා යනවා කියලා මට නම් කවුරුවත් තවම කියල නෑ..

    ReplyDelete
  17. ඔබේ අදහස හරියටම හරි , සමහර බ්ලොග් වලට ලියාම ඔළුවෙ කැක්කුම හැදෙනවා ,

    ReplyDelete
  18. post එක එල. එකටත් වඩා එල මේ ටෙම්ප්ලේට් එක !! love it!!

    ReplyDelete
  19. පුලුවන් නම් උඩ තියෙන ෆ්ලෑශ් ඔරලෝසුව අයින් කරලා දාන්න. වෙලාව බලාගන්න බ්ලොග් වලට එන්නේ නෑනේ. අපරාදේ ලෝඩ් වෙන්නත් වෙලා යනවා.

    ReplyDelete
  20. @buwa
    ස්තුතියි‍‍.මේ පැත්තෙ ආවට‍.
    @Lakmal
    අන්න මම කැමති පාට, සුදු.
    @මධුරංග,ChammA
    සහතික ඇත්ත
    @මාතලන්
    මම සින්ඩියට එන්න හිටියේ.ඒත් වෙලාවක් තිබුනෙ නෑ.‍බොහොම ස්තුතියි.මාතලන් කියලා අපරාධකාරයෙක් මෙහේ හිටියා :D
    @උදාර
    ස්තුතියි‍‍.මේ පැත්තෙ ආවට‍.
    @මි හරක් පිඩියා
    ඈ මලේ මොකච ඔයවගේ නමක් දාගත්තෙ:)
    @නදී
    හ්ම්..කාලෙකට පස්සෙ
    @sansarasidu
    ඔහොම කියනකොට මේක ලිවුවෙ මමච කියලත් හිතෙනව:)
    @මදුශාන්
    ඒ මොකක්ද?
    @දේවා ගේ අඩවිය
    ඇත්තම කිවුවොත් පෝස්ට් එක දානකොට මට උඹ මතක් වුනා.ඒත් මගේ විරෝධය තියෙන්නෙ බලන්න බැරි සයිට් ගැන.උඹේ එකේ එහෙම අවුලක් නෑ.මෙන්න මේ ටික නං උඹට "අද සොෆ්ට්වෙයා ගැන දාලා ඊලග දවසේ ආදරය ගැන.."
    @චතුර
    එහෙනං අවුලක් නෑ
    @මහේෂ් නිශාන්ත
    ලේත් පිච්චෙනවා!
    @deeps
    සරලයි නේ?

    ReplyDelete
  21. @Anonymous
    අම්මාපල්ලා ඒකත් ඇත්ත.කොහොමටත් ඕක අයින් නරන්න ඕන මොකද ඔක උඩට මවුස් එක ගියාම ලින්ක් එක වැ‍ටෙනවා.ස්තුතියි‍‍.

    ReplyDelete
  22. කතාව ඇත්ත...මාත් බ්ලොග්කරණයට අලුත්...මුලදි ට්‍රයි කොල් ගැජට් කෑලි හොයන්න...දැක් තේරෙනවා ඒක බොරු වැඩක් කියල...

    ReplyDelete
  23. ගැජට් දැම්මට කමක් නැහැ, ඒ උනාට ලොඩ් වෙන එක ගැනත් පොඩ්ඩක් හිතන්න ඕන ........

    සමහර බ්ලොග් වල බැක්ග්‍රවුන්ඩ් එක තදම තද පාටයි අකුරු කියවන්න පේන්නෙත නැහැ ......

    හොඳ ලිපියක් ........

    ReplyDelete
  24. සහතික ඇත්ත....

    ReplyDelete