Saturday, September 8, 2012

කපිලවස්තු සර්වඥ ධාතු සහ හයිකු

අනුරාධපුර සර්වඥ ධාතු ප්‍රදර්ශන පෝලිමේ සැදැහැවතුන්ට බර්ටි ප්‍රේමලාල්ගේ රුව රැගත් ධාතු කරඬුවේ පිංතූරයක් නොමිලේ!

එක
පැත්තක
ධාතු
අනිත්
පැත්තෙ
බර්ටි.


ඒක ආරංචි වෙච්ච මයිත් රී පාල,

තරාතිරම
නොබලා
දඬුවම්
කරනව.
($@ තමයි!)


මානෙල්වත්ත විහාරයේ ධාතු ප්‍රදර්ශනය පිළිබඳ ගලබොඩ පොඩි හාමුදුරුවෝ නොසතුටින්,

ඇයි
අපි
කළුද?


මුන්නේශ්වරම් පූජක,

ගිය
හැටියෙම
කපනව
බෙලි


මාතර පෝලිමේ සැදැහැවතෙක්,

කවුද
#$%*
පෝලිම
පනින්නෙ?


තිස්ස ප්‍රදර්ශන භූමියේ පොලිස් මහත්තයෙක්,

ඕයි
ඉක්මනට
යනව.


පෝලිමේ වේගය නිසා බලාපොරොත්තු කඩවූ අපේ අසල් වැසියා,

අපරාදෙ
හරියට
බලන්න
බැරිවුනා.



***********************************


අනේ
මේගොල්ල
පුරවගන්න‍
පව්!







තව දන්න කියන හයිකු තියනව නං ලියලම යන්න.







57 comments:

  1. අදුනන එකෙක් දා
    බුදුනගේ නෑයන්ගේ පෝලිමට
    රිංගවා පවුලෙ උන්
    මමත් කරගත්තාය
    ලොකු පිනක් ලොකු පිනක්

    ගෙදරින් ෆුල් භක්තිය..

    ReplyDelete
    Replies
    1. අහා....... එහෙමද! ඕවයෙ ආනිශංස ලැබේවි නෝනගෙන්. :)

      Delete
  2. නවදිල්ලි කෞතුකාගාරයෙදි
    වැඳ ගත්තා මම නම් ගිය අවුරුද්දෙ
    බල්ලෙක්වත් හිටියෙ නෑ එතැන!

    ReplyDelete
    Replies
    1. හ්ම්. මාත් ඇහුව. එහේ පෝලිං නෑනේ.

      Delete
  3. හහ් හා අන්තිම හයිකු දෙක නම් කාගේද කියලා දන්නවා. මෙන්න මගෙන්

    //අනුරාධපුර සර්වඥ ධාතු ප්‍රදර්ශන පෝලිමේ සැදැහැවතුන්ට බර්ටි ප්‍රේමලාල්ගේ රුව රැගත් ධාතු කරඬුවේ පිංතූරයක් නොමිලේ!//

    දෙපසේම ධාතු
    සර්වඥ
    හා
    ශුක්‍ර

    මැරවින්

    සතා
    පව්
    කුඩු
    පින්

    ෆීලික්ස්

    කොවිලේ
    200යි
    එතකොට
    මගෙ කඩේ??

    නැමෝල්

    ධාතු වරමින්
    තවත් නිධන්

    හිරුනිකර්

    ජනපති අතට
    මගෙන් පත්තු

    ReplyDelete
  4. වැදපියවු ධාතු...
    නැත්නම් ,
    මට මොනවත් මතක නෑ ...
    කියපියවු.
    සාදු සාදු ....(අපි කරගත්තු දේට )

    ReplyDelete
  5. දන්ත ධාතූන් වහන්සේ සර්වඥ ධාතූන් වහන්සේලාට කී හයිකුව:

    හලෝ මචං
    උඹලව
    දැකපු කල්!

    ReplyDelete
  6. සිකුරාදා වැඩ ඇරිලා රාත්තිරී 1ට එනකොට දැකගත්තා සුදු ඇදුමෙන් සැරසුනු සැදැහැතියෝ සියගාණක් කුණු කෙළ පෙරමින් පසුදින ධාතු වදින අධිටනින් පැදුරු එලා සැතපී සුව සිහින දුටු දසුන... ගංගංරාමය අද්දර...

    ReplyDelete
  7. බලන තෙක් ධාතු
    පෙනෙයි වලි
    ඇසෙයි මිහිරි වදන්
    තව එකෙක් පාගා
    පින ලබන අයුරු

    ReplyDelete
  8. ඡන්දයක් කිට්ටුව
    මනාප වැඩි කළ
    සර්වඥ ධාතු

    ඔන්න මාත් බැරි බැරි ගාතේ හයිකුවක් ලීවා.


    ReplyDelete
  9. ධාතු පෝළිමේ නංගී
    දැක පිටවූ ධාතු

    ReplyDelete
    Replies
    1. ඊයා.......
      චික් විතරක්
      කියන කතා
      හරි නරකයි..!

      Delete
    2. එහෙමත් සීන් තිබුනද

      Delete
  10. //කවුද
    #$%*
    පෝලිම
    පනින්නෙ? //


    මට නම් මේ විගඩම බලන් ඉඳල අන්තිමට කියන්න තියෙන්නෙ මෙච්චරයි, බෞද්ධයෝය කියාගෙන ධාතු වඳින්න ගිය හුඟක් අය ඒ උතුම් මනුෂ්‍ය පුත්‍රයගෙ ශ්‍රී නාමයටත් නින්දාවක් !

    ReplyDelete
    Replies
    1. හරියට හරි. පෝලිමේදිම සිල් බිඳිල.

      Delete
  11. ඇඬෙනවා
    මගේ තනි ඇහැට
    මේ ලියවුණු
    හයිකු දැකලා

    ReplyDelete
  12. සැදැහැ සිතින් වදින්න ගිහින් වෛර සිතින් එනවා
    ඊට හොදයි නොගොහින් හිටිය නම්

    ReplyDelete
  13. නෑ..
    පාස්...
    බලන්න....
    ධාතු.....

    (කියලා කියලා බැරිම තැන)

    ReplyDelete
  14. මොනා කියන්නද මන්දා..

    ReplyDelete
    Replies
    1. හයිකුවක් කියාගෙන ඉඳිමු.

      Delete
  15. ධාතු වල ආනිසංස ඡන්ද ප්‍රතිඵලෙන් පේනවා....

    ReplyDelete
    Replies
    1. ඒකනං ඇත්ත‍. මම දැන් දැක්කෙ.

      Delete
  16. අපොයි
    සාධු
    ධාතු

    ReplyDelete
  17. ප්‍රභා විකුණා
    අවසන
    විකුණයි
    ධාතු..!

    කලෙක
    නිරයේ
    විදවපං
    මහ රජු..!

    ReplyDelete
    Replies
    1. ප්‍රභා විකුණා
      අවසන
      විකුණයි
      ධාතු..!

      අම්මපල්ල.

      Delete
  18. සද්දාවෙන් වදින්නෙ කීයෙන් කීදෙනාද?
    කවි පොඩ් ටික පන්කාදුයි

    ReplyDelete
  19. ධාතු බලල දන්සැලකුත් වැඳල
    බඩකට පුරවාගෙන ....! එනඩ තිබ්බ නේද..?

    ReplyDelete
  20. තියන ප්‍රශ්න අමතක වෙන්න
    …අනේ ධාතු ආයෙත් වඩින්න

    ReplyDelete
  21. හයිකුවක් ලිවීමට ට්‍රයි කරමින් සිටිමි.:D:D:D

    ReplyDelete
    Replies
    1. හයිකුවක්
      ලිවීමට
      ට්‍රයි කරමින්
      සිටිමි.
      :D:D:D
      දැං හරිනේ.

      Delete
  22. මට නම් බැරිය හයිකු.

    ReplyDelete
  23. මල් බලාන
    ගල් කෑ අප
    විදවන්නේ
    හෙට උදේට

    ReplyDelete
  24. ධාතු සාධු...බලපු කෝටි...
    උදේ ගිහින්...ගෑව ලෑටි...
    නෝටි බර්ටි...දැම්මා පාටි...

    ReplyDelete
  25. ඡන්දෙ කොරා
    කප් ගැහුවද
    ගෙනා ධාතු
    හොරු ගත්තද
    පර්ටි දෙකට
    ලොක්කා දැම්මේ

    ReplyDelete
  26. මම නම් බලන්න ගියෙ නැහැ, අපි බෞද්ධයන් විදියට කරන්න ඔනේ බෞද්ධ දර්ශනය නියමාකාරයෙන් පිලිපැදිමයි, බුදුන්ම දෙශනා කරල තියෙනව එතුමා ගේ ශරීරයත් ජරාවට පත්වන පංචභූතයින්ගෙන් සැදුම් ලත් සිරුරක් බව, ඉතින් අපි එවාට වැඳ වැටේමින් සිටියාට නිවන අවබෝධ වන්නේ නැහැ, අප්‍රමාදිව මැදුම් පිලිවෙතේ ගමන් කර නිවන් අවබෝධකලයුතුයි එකයි බුද්ධ දෙශනාව , ධාතූන් වඳින අයට මම කිසි දිනෙක ගරහන්නෙද නැත.... එය ඒ එයගේ අයිතියක් සහ රුචිකත්වයයි.... මෙන්න මගෙන් හොඩුවාවක් :-ගුනසේණ පොත් හල්වල තියෙනව "බුදු හාමුදුරුවෝ"කියල පොතක් ඒ පොතට 1972 රාජ්‍ය සම්මානයත් ලැබිල තියෙනව... බුදුන් වහන්සේ යනු කවුරුද කියල ඉතා සරලව එහි විස්තර කරල තියෙනව..... පුලුවන් අය අරගෙන කියවන්න ඉතා වටිනා පොතක්..

    ReplyDelete
    Replies
    1. "බුදු හාමුදුරුවෝ" පොඩි පොතක් නේද? බුදු හාමුදුරුවන්ගෙ ලක්ෂණ උදාහරණ කතා සහිතව තියන පොත නේද? කාලෙකට ඉස්සර මම බැලුව එක හුස්මටම. අපේ තාත්ත ලග දැනුත් තියනව මං හිතන්නෙ.

      Delete
    2. කුෂි කියන්නේ හින්දියෙන් 'සතුට' නේද?

      ඇත්තටම සතුටුයි කුෂි ඔය ඇත්ත තේරුම් ගත්ත කවුරුහරි ඉන්නව කියල දැනගත්ත එක. බෞද්ධ දර්ශණය අනුව යන්නේ නැතුව ධාතු වැන්දහම ඔක්කොම හරි. දැන් ඔය වැන්ද ඔක්කොම අඩුම තරමේ 'පන්සිල්' වත් රකිනවද...

      Delete
    3. ධාතු පිළිබද දේශකයා කියපු අදහසක් මෙතැනින් බලාගන්න.

      Delete