ලංකාවෙ අපි අමතකවීම අතින් ඉන්නෙ අංක එකේ කියල කියන්න අටුවා ටිකා ටිප්පණි ඕන නෑනේ. අපේ අයට ඕනම දෙයක් මතක තියෙන්නෙ සතියක් විතරයි. මේකෙන් කාලයක් හොදටම ප්‍රයෝජන ගත්තෙ ප්‍රභාකරන් උන්නැහේ. දැං එයා නැතත් අපේ පුරුද්ද එහෙමමයි. මේ කියන්නෙත් ඊට සම්බන්ධ කතාවක්.
මගේ යාලුවෙක් ඉන්නව රවී කියල (මං හිතන්නෙ එයාගෙ කතාවකුත් දාල තිබුනා). එයාට එයාගෙ යාළුවෙක් වන විදුලි උපකරණ වලට ප්‍රසිද්ධ සමාගමක මැනේජර් කෙනෙක් කතා කරනවා මෙහෙම. මැනේජර්: මචං රවී මට හොද විශ්වාසවන්ත කොල්ලො දෙන්නෙක් හොයල දෙන්න බැරිද ෂොප් එකේ වැඩට? කොහොමහරි මගේ යාළුවා මැනේජර් මහත්තයගෙ අවශ්‍යතාවය ඉෂ්ට කරල දුන්නා.ඊට පස්සෙ සතියක් ඇතුලත සිද්ධ වුනේ හොයල දීපු "විශ්වාසවන්ත" කොල්ලො දෙන්නගෙන් එකෙක්, ඒකෙ වැඩකරපු වැඩට දක්ෂ හොදම කෙල්ලත් එක්ක පැනල ගිය එක. මේ සිද්ධියට අදාලව කෙල්ලගෙ පාර්ශවයේ චෝදනා වලට මුහුණදෙන්නත් මැනේජර් මහත්තයට සිද්ධ වුනා. ඊට දවස් කිහිපයකට පස්සෙ සතියෙ දවසක ෂොප්එක වහල තියන නිසා මගේ යාළුවා ඒගැන විපරම් කරපු වෙලාවෙ තමයි සිද්ධිය දැනගත්තෙ.
තවත් සතියයි ගියේ මැනේජර් මහත්තයා ආයෙත් මගේ යාළුවට කතාකරල කියනවා, "රවී මට හොද විශ්වාසවන්ත කොල්ලො දෙන්නෙක් හොයල දීපං"
ඊළඟට හොයලා දෙන් උන් දෙන්නා මොනවා කර යයිද මන්දා ?
ReplyDeleteරැ වැටුනු වලෙ දවලුත් වැටීමද
ReplyDeleteහරි හරි මෙදා පොටේ ඔය ලැස්තිවෙන්නේ...දැවැද්ද නොදීම මැනෙජර් මහත්තයා තමන්ගේ කෙලී පොඩ්ඩව..දීලාදාන්ඩ....නැත්තං ඉතින් තවත් විස්වාස වන්ත කොල්ලො හොයයියැ වැඩට....
ReplyDelete( මැනේජර් උන්නැහැට දුවල දෙන්නේක්ම ඇති මයේ හිතේ..හි..හි..)
@Weni
ReplyDeleteබලමුකෝ...
@බුවා
ඒවගේ තමයි. ඒකනෙ මං කිවුවෙ ලාංකිකයන්ගෙ හැටි ඉස්සෙල්ලම.
@Raj
එහෙමත් වෙන්න පුළුවන්.
කෙල්ලෙක් එක්ක පැනලා ගිය එක විස්වාසය කර කිරීමක් කියලා නොහිතන හොඬ්න්හ මැනේජර් කෙනෙක් . . එල
ReplyDelete@දුකා
ReplyDeleteඒ තර්කයත් හරි තමයි. ඔයවගේ තර්ක වලට මම හරිම කැමතියි. බලන්න මේවත් ඒවගේ,
01.කතරගම දේවාලය හැර අනෙකුත් දේවාල වල දියවඩන නිලමේලා සදහා.....
02.ශ්‍රී ලංකාවේ පවත්වන ක්‍රිකට් තරග විකාශය ක්‍රීඩා සදහා පමණක් වෙන්වූ පෞද්ගලික නාලිකා වලටද....
ඊට පස්සේ හොයලා දෙන දෙන්නත් තව විස්වාසවන්ත කොල්ලෙක් එක්ක පැනලා ගියොත් බොසා මොකද කරන්නේ ???
ReplyDeleteමරු සේවිකාවෝ දෙන්නා !!!!
සතියකින් කෙල්ළෙක් එක්ක යාළුවෙලා, ඒකිට ජොබ් එකත් දාලා මූ එක්ක යන තරමට පොළඹවා ගන්න පුළුවන් කමක් තියෙන, ඒ මදිවාට අතට හම්බ වෙච්ච ජොබ් එක සතියකින් දාලා යන්න පුළුවන් තරම් ගටක් තියෙන මේ කියන කොල්ලා නම් නියම පොරක් විය යුතුයි!
ReplyDelete@මධුරංග
ReplyDeleteරවී අයියා කියපු කතාව එයාගෙ අවසරයක් නැතුවයි බ්ලොග් එකේ දැම්මෙ. මීට චුට්ටකට කලිං ඒක මම රවීට කිවුවා. එයා කියපු විදියට පැනලගිය කොල්ල දැං ආයෙත් වැඩලු. කෙල්ල නං නෑ.
@කතන්දර
ReplyDeleteකතන්දර කෙල්ලගෙ පැත්ත හිතල නෑනෙ. කොල්ලෙක්ව සතියක් ආශ්‍රය කරලා, අවුරුදු ගානක් කරපු රස්සාවත් දාලා ඌත් එක්ක පැනල යන්න කෙල්ලට කොච්චර ගටක් තියෙන්න ඕනද මං අහන්නෙ.:D
අපෝ ගෝලයොද, දැන් මම හිතාන ඉන්නේ උන් ඉන්න නිසා මම ලෙඩ්ඩු බලනවා. නැත්නම් මගේ උපාධි වැඩ ඒවා කැලේ. උන් නිසා තමයි මගේ ලෙඩ්ඩු සනීප වෙන්නේ. කොටින්ම මම පාඩම් කරලා නිදි මරලා ගත්තු දේවල් කිසිම වැඩක් නැහැ. මුන් නැත්නම්. ඔන්න ඕකයි තත්ත්වේ.
ReplyDelete@වෙද ගෙදර මහ වෙදනා
ReplyDeleteඔය තියෙන්නෙ ගෝලයො ගැන හොද අත්දැකීම්.
මාර චාන්ස් පොට් එකක්නෙ ...
ReplyDeleteඊගාව වාසනාවන්තයා කවුද එහෙනම් ...
හ්ම්. කවුරු ඉස්සර වෙයිද දන්නෙ නෑ.
ReplyDeleteඕකට තමා කියන්නේ ටැලන්ට් එක කියලා..නිකන් කෙනෙක්ද ඉතින් දක්ෂම කෙනාවම තෝරාගෙන තියෙන්නේ ඒක තමා..
ReplyDeleteගෝලයෝ ඉන්න කාටත් ඔහොමයි. විශේෂයෙන් කිසිම අයිතිවාසිකමක් නැතුව. හිඟන පඩියක් දෙන තැන්වල.. ඔඩෙල් එකේ කොල්ලො කී දෙනෙක් මගෙන් රස්සාවල ඉල්ලල තියෙනවද.
ReplyDeleteඊළග වාසනාවන්තයා කවුරුන් වේවිද?? ඒ මැනේජර් රෑ වැටුන වලේ හැමදාම වැටේවි වගේ..
ReplyDeleteඅය්යේ මොකද හිතන්නේ කැමති නැද්ද ඉතින් වෙකන්සිය පුරවන්න
ReplyDelete@ රාජ්
ReplyDeleteමට හොද විශ්වාසවන්ත කොල්ලො දෙන්නෙක් හොයල දීපං,මගෙ කෙල්ලො දෙන්න නං දැන් බැඳල. ඒත් මොනා හරි කොරල දෙන්න බලන්නං.
@ මාතලන්,
"ඔඩෙල් එකේ කොල්ලො කී දෙනෙක් මගෙන් රස්සාවල ඉල්ලල තියෙනවද"
හිකිz
මමත් මේ දවස් වල ජොබක් හොයමින් ..
ReplyDelete@ChammA
ReplyDeleteඒකනෙ ඒකනෙ.දැං ආයෙත් එතන වැඩ
@මාතලන්
:D
@Dinesh
නෑ ආයෙත් එහෙම වෙන එකක් නෑ.
@දේවා ගේ අඩවිය
මම බැන්දනෙ බං
@Observer
ලාස්ට් රෝ එකේ ඇහෙන කතා අනුව ඔබාට කොල්ලන් සප්ලයි කල නොහැක.
@හිස් අහස
අන්න උඹ නං හරියටම හරි වැඩේට. වයසත් හරි මං හිතන්නෙ. මොකෝ වැඩේ කරමුද?