අප විවෘත ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක වීමට පසුව ඉපදුන අයවලුන් වුවත් කුඩාකාලයේ තිබූ වෙළද ක්‍රමය මෙකල මෙන් සංකීර්ණ එකක් නොවීය. එකල අපගේ පාරිභෝගික ද්‍රව්‍ය වර්ග ප්‍රමාණාණය අඩු අගයක් විය. එකල අපේ මවුපියන් අවශ්‍ය කරන දෑ මිලදී ගැනීමට පැමිණියේ සතියකට වරක් හෝ දෙවරක් පැවැත්වුන පොළටය. එහිදීය සතියකට අවශ්‍ය ද්‍රව්‍ය මිලදීගන්නා ලද්දේ. මීට අමතරව විවිධ අවශ්‍යතා සදහා සිල්ලර වෙළදසල් තිබූනි. බොහෝවිට සෑමකෙනෙක්ම කුමන හෝ නිෂ්පාදනයක් සිදුකල අතර, එකල තිබුනේ නිෂ්පාදනයේ මූල්‍ය වටිනාකමට අනුව ඒවා එකිනෙකා අතර හුවමාරුවීමේ ක්‍රමයකි. මෙය ප්‍රාථමික යුගයේ පැවති භාණ්ඩ හුවමාරු ක්‍රමයෙන් වෙනස් වූයේ සුළු වශයෙනි. කරනු ලැබූ නිෂ්පාදන "නිමි" තත්වයේ පැවති අතර අද මෙන් ශක්තිමත් "මැද අවස්ථාවන්" එකල නොතිබුනි.
උදාහරණයක් ලෙස ගොවීන් එළවළු වගාකල අතර ඉදල්, කූඩ, වට්ටි වැනි දෑ නිපදවූ කුඩා කර්මාන්ත හිමියන් එක් තැනකදී හමුවී වටිනාකම අනුව තම නිෂ්පාදන හුවමාරු කරගැණිනි.
විවෘත ආර්ථිකයේ වර්ධනයත්(?) සමග මෙම කුඩා කර්මාන්ත බොහොමයක් වැසීගිය අතර ඒ වෙනුවෙන් තාක්ෂණය මුසුවූ මහාපරිමාණ කර්මාන්ත ඇරඹිණි. එදා නිවසේදී සාදා කඩපොලට හෝ අලවිසැල් වලට ලබාදුන් මෙම ද්‍රව්‍ය අද වනවිට ප්‍රදේශයකට සීමාවූ තරමක් විශාල එක් කර්මාන්ත ආයතනයක් සතුව පවතී.
මීට සමගාමීව වර්ධනය වන අනෙක් ක්ෂේත්‍රය විශාල පරිමාණ වෙළදසල් ක්‍රමයයි. මුල් කාලයේ ගමේ-නගරයේ තේ කඩය වෙනුවට KFC මැක්ඩොනල්ඩ්ස් වැනි ලෝක ව්‍යාප්ත සුපිරි කෑමකඩ ඇති අතර එලවළු සහ සිල්ලර බඩු විකුණනු ලැබූ වෙළදසල් ආක්‍රමණය කරමින් පෞද්ගලික අංශයේ, කාර්ගීල්ස්, කීල්ස් වැනි "ෆුඩ් සිටි" ද රාජය අංශයේ කෝප් සහ මිණි කෝප් සිට් වැනි මහ පරිමාණ වෙළදසල්ද පැමිණ ඇත. එක් අයෙකු හෝ සමාගමක් මගින් පාලනය වන මෙම ව්‍යාපාර ප්‍රධාන නගරවලින් ආරම්භවී ක්‍රමයෙන් කුඩා නගර දක්වාද ව්‍යාප්ත වී ඇත. වියහැකිව තිබෙන පරිදි මෙහි අනිවාර්ය ප්‍රථිඵලය ලෙස සුළු පරිමාණ වෙළදසල්වල අභාවය මේ වනවිට ආරම්භ වී ඇත. එය හරියටම මහාපරිමාණ කර්මාන්ත ආරම්භයත් සමග කුඩා කර්මාන්ත පරිහාණියට පත්වූවා වැනිය.
විවිධ නාම යටතේ පවතින මෙම ෆුඩ්සිටි වර්ග මෙතරම් ජනප්‍රිය වීමට හේතුව කුමක්ද? මා ඒ පිළිබදව සහ ෆුඩ්සිටි පැමිණීමත් සමග සුළු ව්‍යාපාරිකයන්ට ඉන් සිදුවන බලපෑම සොයා බැලුවෙමි. මගේ හිතවත් වෙළදුන් සහ පාරිභෝගිකයන් දැක්වූ අදහස්ය මේ,
නගරයට පැමිණි මිණි කෝප් වෙළදසැල පිළිබදව කාර්යාලයේ බොහෝ දෙනෙකු කතාවේ. ඔවුන්ට අනුව කුඩා කඩවල ආදායම සැලකියයුතු ලෙස අඩුවියයුතුය.
"මට නං එච්චර බලපෑමක් නෑ. මම තොග දෙන ගනනට චුට්ටක් වැඩි ගනං වලට තමයි සිල්ලරට දෙන්නෙත්. දැං බලන්න මම සන්ලයිට් කැටයක් තොග දෙන්නෙ රුපියල් දෙකකට කිට්ටු අඩු ගනනකට. එක කැටයක් ගන්න කෙනෙකුට උනත් රුපියලක් විතර අඩුවෙන් දෙන්නෙ. කොප් එක ආව කියල මට නං අමුතු පාඩුවක් නෑ"
ඒ අදහස දැක්වූයේ නගරයෙන් තරමක් ඈත පිහිටි කුඩා කඩවලට තොගබඩු විකුණන ව්‍යාපාරයක් හිමි අයෙකි. ඒ අනුව ඔහුට මෙයින් බලපෑමක් නැත."මේකයි, සතොසේ ලාබෙට ගන්න තියෙන්නෙ සීනි හාල් වගේ කීපයක් විතරයි. අපේ ඒව ටිකක් මිල වැඩිවුනාට අනිත් ඒව සතොසෙ දෙනවට වඩා අඩුයි. සතොසෙ කරන්නෙ අනිත් බඩු වලින් අල්ලනව. ඒත් මිණිස්සුන්ට ඒක තේරෙන්නෙ නෑ. එයාල ඒකට යනව. ලස්සනට තියන නිසා වෙන්නැති. අපිට ටිකක් පාඩුයි. සමහරවිට කාලයක් යද්දි හරියයි."
ඒ තවත් ව්‍යාපාරිකයෙකි.ව්‍යාපාරිකයන්ට බොහෝ දෙනෙකුට අනුව මෙයින් සාමාන්‍ය හෝ බලපෑමක් ඇත.
මේ පිළිබද කාර්යාලයේ සහ හිතවත් අයගේ අදහස් විමසීමේදී ඔවුන් ලබාදුන්නේ මෙවැනි පිළිතුරුය,
"මම නං යන්නෙ මම කලිං බඩු ගත්ත කඩවල් වලටමයි. ලොකු-ලොකු තැන් වලට සල්ලි දෙන්නෙ නෑ මමනං. කඩවල් දාගෙන ඉන්නෙත් අපිවගේ මිණිස්සු. ෆුඩ්සිටි වලට මම නං සල්ලි දෙන්නෙ නෑ"
ඔහු සිටින්නේ රැඩිකල් ස්ථාවරයකය.තවත් මගේ මිත්‍රයෙක් දක්වන්නේ ඊට ප්‍රතිවාරුද්ධ අදහසක්ය,
"මල්ලී මම නං දැං යන්නෙ අපේ ගෙදර ලග තියන ෆුඩ් සිටි එකට. එළවළු එහෙම එතන ගන්න පුළුවන් ග්‍රෑම් 50 - 100 ඉදල. ෆ්‍රෙෂ් බඩු තියෙන්නෙත්. තැලිල පොඩිවෙලා නෑ. මම නං කරන්නෙ දවසකට විතර එලවළු ගන්න එක. ගෙදර ෆ්‍රජ්එකේ එළවව ගොඩ ගහගන්න ඕනත් නෑ, හොද බඩු වලින් ගන්නත් පුළුවන් අපිට ඕන විදියට ඕනදෙයක් තෝරගන්න පුළුවන්නේ. ටිකක් රෑ වෙනකනුත් තියනව"
තවත් අයෙකු දැක්වූයේ අපූරු අදහසක්ය,"මහත්තය, මම නං ෆුඩ්සිටියට යන්නෙ මගේ ලග තියන සල්ලි වලට බඩු තෝරල ගන්න පුළුවන් තැන එතන නිසා. අපි ලිසිට් එක ලියාගෙන කඩේකට ගිහිල්ල සල්ලි මදිවුනොත් ලිස්ට් එකේ තියන බඩු ආයිත් අඩුකරන්න වෙනව. ඒකත් හරි නෑනෙ අපි සල්ලි නැති අය උනත්. එතන ඉදගෙන චාටර් වෙන්න ඔනෙත් නෑනෙ ෆුඩ්ස්ටියට ගියාම. ඕනම කරන බඩුවෙ ඉදල ගන්නව. ඒ අතරෙ හිතෙන් ගාන හදාගන්නව. මාස්පඩිකාරයන්ට හොද එතන තමයි."
කෙනෙක් වෙළදසැලකට ගොස් මිලදීගැනීමක් කරන විට පවා ආත්ම අභිමානය කෙළෙසී යන්නේ එලෙසිනි.
ආර්ථික ක්‍රමයේ විකාශනයත් සමග ඇතිවන මෙවැනි බලපෑම් වැලැක්වීම කලනොහැකිය. ෆුඩ්සිටියට හෝ ගමේ කඩයට යෑමට පෙර මේ ගැනත් සිතන්න.
පිංතූරය: http://www.phototour.minneapolis.mn.us වෙතින්.
සිටියෙන් එළවලු ගත්තත්, මස් මාළු ගන්න කොට පරිස්සම් වෙන්න. පරණ ඒවා ප්‍රතිපත්තියක් හැටියටම කොහොම හරි විකුණන එක ඔවුන් කරනවා. විශේෂයෙන් පිට පළාත් ශාඛා වල පරණ දේ වැඩියි.
ReplyDeleteඅනිත් දේ බොහොමයක්නම් සුපිරි වෙළදසැල් වලින් ගැනීම පහසුයි. බොහොමයක් භාණ්ඩ වල ගුණාත්මක තත්ත්වය හොඳයි. සමහර ඒවගේ මිල වැඩියි, අනික්වගේ වෙනසක් නැහැ.
ප.ලි. නරක් වුනු බඩු, සොරි මාළු ගැන දැන ගන්න ඕනයාගෙන් අහන්න.
ෆුඩ් සිටියෙන් සිල්ලර කඩ හිමියන්ට නියත බලපැමක් තියෙනව...ඒක නැහැ කියන්ඩ බෑ..මම දකින දෙයක් ඔය මද්‍යම ප්‍රාන්තික ජනතාව..ඒ කියන්නේ ඇත්තටම මාස් පඩිගන්න ඈයො ෆුඩ් සිටි වලට ඇදීමේ වැඩි ප්‍රවන තාවයක් තියෙනව..මොකද සුපිරි වෙළඳ සැල් එන්ඩ කලියෙන් ඒ ගොල්ලො ගියේ තොග කඩේට නැත්නම් සති පොළට..ඔය දෙකටම යන වෙලාවල් තියෙනව..
ReplyDeleteමොකද මාසේටම ඔනකරන බොහො දේ මේ කොට්ඨාශය එකවර මිලදිලා ගැනිමේ සිරිතක් තිබෙන බැවින්
හැබැයි සුපිරි වෙළඳ සැල් වලින් එලවලු..මස් මාලු..ගන්න කොට බොහොම පරිස්සම් වෙන්ඩ ඔන...මගේ අදහසනම් විශේෂයේන් මාලු සහ එළවලු සුපිරියෙන් නොගන්නා තරමට ඇඟට හොඳයි...
මමනම් අදටත් කැමති පොලේ ගිහිං එළවලු ගන්න
ReplyDeleteඒකෙ අමුතු ගතියක් තියෙනවා
ඉඳුනිල් & Raj
ReplyDeleteමස් මාළු වල සීන්එක දන්නෙ අද. මොකද මංතුමා කවදාවත් සබන් කැටයක් බ්‍රෂ්එකක් රේසර් එකකට එහා දෙයක් කඩෙන් ගන්නෙ නැති නිසා.:D
ලොකු පුතා
ReplyDeleteමම නං කාලෙකින් පොලේ ගිහිල්ල නෑ. ඉස්කෝලෙ යන කාලෙ නං(නිවාඩු කාලෙ) තාත්ත එලවළු අරගෙන පොළේ යනකොට මාත් යනව ලෑන්ඩ් මාස්ටර් එකක. මොකද මගේ වාසි දවස එදා නිසා.
මගේ මතය නම් දැන් බඩු ගන්න තැනක් හරියට නැහැ. හුදු ලාභය මතම ක්‍රියාකරන මෙම ආයතන පාලිභෝගිකයා ගැන අබමල් රේණුවක තැකීමක් නොකරයි. ඔබ දන්නවද සීනි පිටිවගේ දේ ගෙනෙන විට යම් යම් ආයථන හරහා මේ ද්‍රව්‍ය පාරිභෝගිකයා අතට පත් වීමට පෙර යා යුතුයි. උදාහරනයක් ලෙස වරාය, ගබඩා, ඇසුරුම් ආයතන, නැවත ගබඩා, වෙළද ආයථන ආදී මහ ගොඩක් තිබෙනවා. මේ සමහර ආයතනවල මගේ රෝගීන් සිටිනවා. ඔවුන් කියනවා සීනි වැනි දේ ගනිද්දී හොඳට බලන්නලු කැට වගේ ලොකු ගුලි අහුවෙනවා නම් ගන්න එපා කියලා. මොකද සමහර කම්කරුවන් බීමතින් සහ විනෝදයට කරන දේවලින් මේ ද්‍රව්‍ය වලට කැත කුණු එකතු වෙනවාලු. ඒ අතර සටොස වැනි ආයතන වල මේ තත්ත්වය අඩුලු. කොහොම වුවත් මට පේන්නේ මේ තත්ත්වය ඇති වෙන්න්නේ මිනිසුන්ගේ නොසැලකිල්ලෙන්. මිල ගත්තම වුවත් ඔය ආයතනවල මිලේ වෙනස්කම් තිබෙන්වා. ඊලඟ කාරනය මොනවා වුවත් රජයේ ආයතනවල අපිට වගකීමක් තිබෙනවා. මේ කිසිම ආයතනයක් එවැනි වගකීමක් ගන්නේ නැහැ. එහෙම අවස්තා අඩුයි. මම එක දිනක් එක්තරා ආයතනක මීයෝ ඉදලා ඒ කලමනාකරුට පැමිනිලි කරපුවහම මේ මිනිහා මා එක්ක ගහගන්න ආවා. මම පී.එහ්.අයිට කියලා පරීක්ෂා කෙරෙව්වා. පස්සේ ඒ කේස් එක කොහොම හරි යට ගැහුවා. ඔහොමයි මේ වැඩ. බලන්න තියන කිසිම දෙයක් අපිට අවශ්‍යම දේවල්ද?
ReplyDeleteමාත් ආසයි පොලකට ගිහින් එළවලු කොළ ජාති එහෙම ගන්න .
ReplyDeleteඒත් නිතරම ඒක කරන්න ලෑබෙන්නෙ නෑ . ෆුඩ් සිටි එකෙන්ම ගන්න
විශේශ බඩු වර්ග තියනවනෙ . ඒව ගන්නනම් ඒකටම තමයි යන්නෙ .
රාජ්ගෙ ලිපි ලඟදි ඉඳම් බලන්න ගත්තෙ . හොඳ ලිපි ලියන කෙනෙක් බව පේනවා .
වෙද ගෙදර මහ වෙදනා
ReplyDeleteඔවු ගොඩක් තැන්වල තියෙන්නෙ පිට ඔපේ විතරයි කියනඑක ඇත්ත. පහුගියකාලෙ කොළඹ නගරය තුල කරපු වැටලීම් වලින්, අපිරිසුදුවට තිබුන, මම කිව්ව සුපිරි කෑම කඩවලුත් අහුවුනා. ඔබ කිව්ව කතාව ඇහුවම පිරිසිදුයි වගේ කියල හිතෙන සීනි කන එකත් එපාවෙනව.
Gimhani
ReplyDeleteෆුඩ්සිටි වලින්ම ගන්න ඕනකරන බඩු ජාතිත් තියනව කියනඑක නං ඇත්ත.කඩෙන් ගන්න කොලජාති එහෙම නං අපි කන්නෙ නෑ. මොකද ඒව හැදෙන ස්ථාන පිළිබදව විශ්වාසයක් තියන්න බැරි නිසා. ඒත් නගරයෙ ජීවත්වෙන අයට නං වෙළදපලෙන් තමයි ගන්න වෙන්නෙ.
බොහොම ස්තුතියි. හැබැයි ගොඩක් කාලෙකට කලින් දවසක ඔයා ආව මට මතකයි.
මාත් ඔය ඉදල හිටලා ගෙදර යන ගමන් පැත්තෙ යනවා.දවසක් ගත්ත රෙදි සෝදන සබන් කැටයක්,ගෙදරදි පාවිච්චි කරන්න ගනිද්දි නිකමට වගේ බැලුවා විස්තර කියවලා මලා ඒක කල් පැනලා අවුරුද්දකට වඩා වැඩියි.පැමිනිලි කරන්න ගියේ නෑ මං ඒක මිලදී ගනිද්දි පරීක්ෂා කලේ නැති නිසා.ආපහු ගිය වෙලාවක බැලුවා ඒ ස්ටොක් එක තිබ්බෙ නෑ.
ReplyDeleteThushara
ReplyDeleteබැලුවම ෆුඩසිටි වලට වඩා හොදයි ගමේ කඩෙන් කියක්හරි වැඩියෙන් දීල උනත් බඩු ගන්නඑක.
හොඳ ලිපියක්...
ReplyDeleteමං හිතන්නේ අපේ රටේ තියෙන්නේ වැඩිහරියක් තියෙන්නේ self-service grocery stores (convenience stores). ඒවයෙන් වැඩිලාභයක් බලාපොරොත්තු වෙන්න බෑ. එක තැනකින් තමන්ට අවශ්‍ය දේවල් ලබාගැනීමේ පහසුකම විතරයි තියෙන්නේ. බොහොමයක් ඒවයේ floor space එක අඩුයි. තදබ්දය වැඩියි...එළවළු සහ පලතුරු වල තත්වය එතරම්ම හොඳ නැහැ. උදාහරණයකට..නුවර ටවුමේ තියන ෆුඩ් සිටි එක.
kandyan
ReplyDeleteඑහෙමද? හැබැයි කොහේහරි තැනක අළුතෙන් මේයින් එකක් ඕපන් කලාම කස්ටිය යනව වැලනොකැඩී.
අපේ පැත්තේ තියෙනවා ප්ලේස් එකක්..නම තමයි "පුහුල්-යාය"..සුපර් මාර්කට් කන්සෙප්ට් එකතමා තියෙන්නේ හැබැයි...ෆූඩ් සිටියට වඩා ගනන් එහෙම අඩුයි..නිකන් දෙන ඒවා එහෙමත් දෙනවා..
ReplyDeleteරාජ් මම දෙවනි කමෙන්ට් එක දාන්නේ මේකෙ තිබුනු තව කමෙන්ට් එකක් නිසා. ඔය සුපර් මාකට් සංකල්පයම තිබෙන සමහර ආයතන තිබෙනවා, එම ආයතන වරායෙන් ගුදම්වල ඇති කල්පැනීමට ආසන්න ද්‍රව්‍ය මිලදී ගෙන ඇසුරුම් කර විකුනන. මේවා පොඩි වැඩ නෙමෙයි. මහා පරිමාන ජාවාරම්. මේවා ගෙන්වන්නේ කන්ඩෙම් වුනු බඩු ගෙන්වන්නේ අන්ඩර් වැලිව් කරලා. මේ ගැන මහා විස්තර තිබෙනවා. මම කෙටියෙන් කියන්නම්. සීනි පිටි වැනි ද්‍රව්‍ය මිලදී ගැනීමේදී ප්‍රවේසම් වෙන්න. මතකනේ රේගු නිළධාරී ප්‍රසන්නට වුනු දෙය. වැඩි විස්තර මෙහෙම කියන්න අමාරුයි.
ReplyDeleteඅපේ ගමේ කඩ කාරයෝ ගමේ එකාව ගසාගෙන කනවා. එයිට වඩා හොදයි ඔය කියන ආයතන. ටූත් පේස්ට් නම් ගන්න එපා :)
ReplyDeleteඒත් මම කැමතිම පෝස්ට් එකට නෙවේ බොල රාජ් මහත්තයගේ කමෙන්ට් එකට...
//ඉස්කෝලෙ යන කාලෙ නං(නිවාඩු කාලෙ) තාත්ත එලවළු අරගෙන පොළේ යනකොට මාත් යනව ලෑන්ඩ් මාස්ටර් එකක. මොකද මගේ වාසි දවස එදා නිසා.//
සුන්දරයි.. !
ඊයේ වැඩට ගියේ නැතැයි. ?
පොළේ ගිහින් බඩු ගන්න එකේ වාසි ගොඩායි..ඒත් මිනිස්සු කාර්‍යබහුල උනාම වෙලාවක් කොහෙන්ද පොළේ යන්න...මමත් හුඟාක් වෙලාවට බඩු ගන්නෙ ඔය වගේ තැනකින් තමා..ඒ පහසුව නිසාම...අනික රස්තියාදුවක් නැති කම..හැබැයි ඔය තැනවලින් මස් මාළු ගද්දි නම් පරිස්සම් වෙන්න වෙනවා...
ReplyDeleteගාන නම් ටිකක් වැඩි ඇති. ඒත් පහසුව ඊට වඩා වටිනවා....අනික සිල්ලර කඩවලින් අපිට අවශ්‍යය තරමට බඩු ටික ගන්න බෑනෙ...ඒ පැත්තෙනුත් ඔය වගේ තැනවලදි වාසියක් තියෙනවා
වෙලාව, පහසුව, වගේ දේවල් නිසාත්, මිළ ගණන් සඳහන් කර ඇති නිසාත් සුපිරි වෙළඳසැල්වලින් භාණ්ඩ මිළ දී ගැනීමට වැඩියෙන් පෙළඹෙනවා කියලයි මට හිතෙන්නෙ.
ReplyDeleteකඩෙන් බඩු ගද්දි අවශ්‍යතාව අනුව කඩ දෙකතුනකට යන්න වෙනවා... හැම දෙම හැම තැනම නෑනේ... ඒ වාසිය තියෙනවා ගාන කෙසේ වෙතත් බ‍්‍රෑන්ඩ් එකේ ඉඳලාම නිදහසේ තොරන්න පුලුවන්....
ReplyDeleteහැබැයි ඉතිං අපේ නගරෙ ඔ්වා නෑ... කොළඹ එන්ඩයෑ බඩු ගන්න...
හුක් හුක් හුක්.....
This comment has been removed by the author.
ReplyDeleteෆුඩ්සිටි එකේ බැකප් ජෙනරේටර්ස් එහෙම තීන නිසා මස් කඩේකින් නොගන්නවෙලාවට සාමාන්‍ය කඩේකට වඩා මස් ගන්න එතන සාර්ථකයි. එළවලු තොරල ඕන ප්‍රාමෙන් ගන්න පුලුවන් උනත් ගාන වැඩියි සහ තත්වෙ හොඳ මදි නිසා පාඩුයි කියලයි මගේ අදහස.
ReplyDeleteමෙහේ තීන මෙගා, හය්පර් මාර්කට්වල බඩු සාමන්‍ය වෙළඳසල් වලට වඩා හරිම ලාභයි. කොටිම්ම පොතට බඩු ගන්න ලේබර්ල හැර වෙන කිසි කෙනෙක් පොඩි කඩවලින් බඩු ගන්නෙ නෑ!
ලංකාවෙත් ෆුඩ්සිටිවල අවාසිය පොතට ගන්න උන්ට චාන්ස් එක නැති කම. ඒත් ක්‍රෙඩිට් කාර්ඩ් තීන හැබැයි. කොහොම උනත් ෆුඩ් සිටි කියන්නෙ හොඳ සංකල්පයක්.
සෑහෙන්ඩ බොන්ඩ වෙන ප්‍රශ්න තමා රාජ් ඇදල ගන්නෙ. ඒ වුනාට කතා කරන්න ඕනෙ මාතෘකාවක්.
ReplyDeleteඉස්සර නං 'කාගිල්ස්' සාප්පු තිබුනෙ කොළඹ, නුවර, බණ්ඩාරවෙල, වගේ කීප තැනක විතරයි, දැන් වගේ 'සෙල්ෆ් සර්විස්' ඒව නෙමේ, 'හයි ෆයි සාප්පු'. ඒවට සාමාන්‍ය මිනිස්සු වැඩිපුර ගියෙ නෑ.
[හැබැයි ඒවයෙ විකුණන අරක්කු නං කලවන් නෑ කියල විශ්වාසයක් තිබුන නිසා, අරක්කු ගන්න නං සාමාන්‍ය මිනිස්සුත් ගියා. විස්කි වගේ ජාති සාප්පුවේ ඉස්සරහ වික්කට, ගල්-පොල් වික්කෙ පිටිපස්සෙ ගැලරි පෝලිම වගේ එකකකින් ගිහින් බඩු ගන්න තියෙන කවුන්ටරේකින්. ඕන් මං නං ඒ පෝලිමේ ඉඳල නෑ කියලත් කිව්ව]
වැසි හා අවැසි දෙකම මේ ස්ථාන දෙකේම තියෙනවා.සුපර් මකෙට් ඒකෙන බඩු ගද්දි ඇතැම් පන්තිවල මිනිසුන්ට එක ලොකු දෙයක් වගේ හිතෙන්නේ.ඒත් හොඳම ලමබම දේ තමටි සති පොලෙන් බඩු ගැනීම.
ReplyDeleteඅපි නම් ඉතින් එලවලු ගන්නවා නම් පොලෙන් තමා. අනිත් දේවල් ගමේ කඩෙන්ම ගන්නවා. පුඩ් සිටි වලට යන්නෙම නෑ. ඒ නිසා ඕවා ගැන දන්නේ නෑ බොල :)
ReplyDeleteසමහර වෙලාවට සිටි වලින් තියෙන ප්‍රයොජනේ මහ මෙරක් තරම්.මොකද පොඩි කඩවල් වල නැති හුගක් බඩු ජාති ඒවයේ තියෙන නිසා.
ReplyDeleteමන් නම් ඉතින් වැඩි හරියක් සිටි යන්නේ ඉතින් වෙන මොනවා නැතත් ඕකෙ තියෙන අරක්කු නම් ඔරිජිනල්ම ඒවා කියලා දන්න නිසා. :D
පොඩි කඩවලට ඕවා නිසා මහා පාඩුවක් වෙනවා කියලා මමනම් හිතන් නෑ.
සමහර වෙලාවට සිටි වලින් තියෙන ප්‍රයොජනේ මහ මෙරක් තරම්.මොකද පොඩි කඩවල් වල නැති හුගක් බඩු ජාති ඒවයේ තියෙන නිසා.
ReplyDeleteමන් නම් ඉතින් වැඩි හරියක් සිටි යන්නේ ඉතින් වෙන මොනවා නැතත් ඕකෙ තියෙන අරක්කු නම් ඔරිජිනල්ම ඒවා කියලා දන්න නිසා. :D
පොඩි කඩවලට ඕවා නිසා මහා පාඩුවක් වෙනවා කියලා මමනම් හිතන් නෑ.
ඇත්තටම රාජ් අයියා කියපු දේට මමත් එකයි. සුපිරි වෙළදසැල් වලින් මස් මාළු ගන්න එක අපේ රුචියට හරි නැහැ. මොකද අයිස් මාළු රස නැහැනේ :))
ReplyDeleteඅපේ පලාතට පුඩ් සිටි ආවේ මේ ඊයේ පෙරේදා නිසා අපේ අය හරිම ආසයි පුඩ් සිටියෙන් බඩු ගන්න
ReplyDeleteඑක එක දීමනා දෙන නිසා
උදා "අහවල් බීම බොටල් දෙකක් ගත්තාම එකක් ෆ්‍රී"
අපිනම් සුපිරි වෙලඳසැල් වලට බොහොම කැමතියි . අනික ඉතින් කඩේ වගේ පෝලෙමේ ඉන්න ඕනෙත් නෑ ෆෝන් එකේ බිල් එක එහෙමත් එකම වහල්ක් යටින් ගෙවන්න පුලුවන් නිසා කවුරුත් ආසයි ඕවට යන්ඩ
අපේ ගමටත් ෆිඩ් සිටියක් එනකම් තමා අපි බලාන ඉන්නේ .අල්ලපු ගමට නම් එකක් තියේ .අපිට කෝප්ප සිටියක්වත් නෑ .
පොලේ ගිහිල්ලා වයසක ආච්චිලා ගෙන් බඩු ගන්නව වගේද ෆුඩ් සිටියේ.....මමනං මාකට් එක පැත්තේ යන්නේ මාලු ගන්න විතරයි....ෆුඩ් සිටියෙත් ගොඩක් වෙලාවට මාලු මස් පොට් එකේ ඉන්නේ කොල්ලොනේ.....
ReplyDeleteඔයට කමෙන්ට්ස් දාන්ට බෑ. පොඩ්ඩක් ගිහින් බලන්ට ඇයි කියලා.
Delete//හැබැයි කොහේහරි තැනක අළුතෙන් මේයින් එකක් ඕපන් කලාම කස්ටිය යනව වැලනොකැඩී.//
ReplyDeleteඇත්ත..ඒ ඉතින් පහසුවට...එක තැනකින් ඔක්කොම ගන්න පුළුවන් නිසා...හොඳට හොයලා බලන්න...bulk ගන්න අය හරිම අඩුයි...neidha???
අහලා තියනවා නුවර තියන super markets එලවළු පළතුරු ගන්නේ නුවර මාර්කට් එකෙන්...
උයන්ට දන්නේ නැති අයට ආර්ථික විද්‍යා පාඩම් කියලා දීලා හරියනවද? මම නම් ඉතින් ඔය රත් කරලා ගන්න කෑම ජාති ගොඩාක් ගෙනත් ෆ්‍රිජ් එක පුරවාගන්නවා. වැඩිපුරම බලන්නේ health එක ගැන. ඊලඟට බඩුවේ quality එක ගැන.(ඔය දෙකම ඉතින් ගොඩාක් වෙලාවට යන්නේ එකට )
ReplyDeleteහොඳ මාතෘකාවක් රාජ්. පොලවල්වල යනකොට අමුතු ගතියක් දැනෙනවා තමයි. 'ආ නංගී, නංගී දෙන්නද හොඳ (නම මතක නෑ. රතු, ලොකු, ලස්සන ගෙඩි ) අඹ තියනවා. ' මේ වගේ ලස්සන කතාත් ඇහෙනවනේ...:D:D:D
වරලත් ව්‍යාපාරයකට හිමි අනන්‍ය ලක්ෂණ තියෙනවනේ ලොකු අයියා..ඒ වගේම වර්තමානයේ නානාංශ වෙළඳ සංකල්ප බිහිවෙනකොට මේවා වර්තමානයේ පොදු ලක්ෂණ වෙලා..
ReplyDeleteChammA
ReplyDeleteනිකං දෙන්නෙ මොනවද?
sAm sRi
හ්ම්. ඒකාලෙ ගැනනං කියල වැඩක් නෑ. මගේ ජීවිතේ හොදම කාලෙ.
දිල්
ඒකතමයි මගේ යාළුවෙකුත් කිව්වෙ. පොඩි පොඩි ග්‍රෑම් ගනන් වලට ගන්න පුළුවන් තැන ෆුඩ්සිටිය.
නලිනි චන්දිමා
මිලගනන් කියනඑක මට අමතක උනා. ඒ අතිනුත් ෆුඩ්සිටි ඉස්සරහින් ඉන්නෙ. වෙනත් කඩවල්වල නඩුදාලවත් මිලගනන් සදහන් කරන්නෙ නෑනෙ.
නරකයා....!!
එකම වහලක් යටින්! ඒකත් කාරණාවක්. ඔයාලයි නගරෙටත් එයි.
ඉන්දික උපශාන්ත
අන්න අනිත් වාසිය. ක්‍රෙඩිට් කාර්ඩ් පාවිච්චිය.
Observer & නාකියා
ReplyDeleteෆුඩ්සිටිවලට යන අනිත් කොට්ටාසය තමයි හොද අරක්කු හොයාගෙන යන බෙබාල. මට මතකයි මම හෝමාගම ඉන්න කාලෙ අපි අරක්කු ගේන්නෙ එක්කෝ කොට්ටාවෙ "ලාෆ්" එකෙන් හරි අතුරුගිරියෙ ආර්පිකෝ සුපර්සෙන්ටර් එකෙන් හරි.(හෝමාගමට බාර් පර්මිට් නෑනෙ).අපි වාහනේක කොට්ටාව පැත්තට ගියොත් සමහරු කියනව ලාෆ්එකෙන් ගලක් ගේන්න කියල. සමහර දවසක කොට්ටාවෙ හංදිය පහුකරල යන්න බැරිකමට වයින් එකෙන් ගල් බෝතලයක් ගෙනල්ල දෙනව බෙබාලට. හැබැයි කියන්නෙ ලාෆ්එකේ බඩු කියල. කස්ටිය ඒක ගහන්නෙ ලාෆ් බඩුවල ගුණ වර්ණනා කර කර. අපිට දෙපැත්තෙන්ම හිනයි.
අසරණයා
ReplyDelete//ඒකෙන බඩු ගද්දි ඇතැම් පන්තිවල මිනිසුන්ට එක ලොකු දෙයක් වගේ හිතෙන්නේ.// ඔව් ඒක ඇත්ත. අනිත්එක ෆුඩ්සිටියක් අළුතෙන් ආවම මිල මොකක් උනත් මිණිස්සු ඒකට වැඩිපුර ඇදෙනව.
මධුරංග
මාත් ගිහිල්ල තියෙන්නෙ නාකිය යන කාරණාවට විතරයි. දැන්නං ඒකත් නෑ.
වර්ණා
අපි නං මාලු ගන්නෙ වැල්ලෙන්. අල්ලපු හැටියෙ බඩු:)
හිස් අහස
උඹලගෙ පැත්තට ලගදිම එකක් එනවලු. හැබැයි සැරජාති නැහැලු.:D
ඔබ නොදුටු ලොවක්
පොලේ යනඑක නරක නෑ. දන්නෙ නැද්ද බෙලිඅත්තෙ පොළේ හාල් කිරන හැටි.
kandyan
//නුවර තියන super markets එලවළු පළතුරු ගන්නේ නුවර මාර්කට් එකෙන්//
එහෙම වෙනව තමයි. එලවළු කොරටුවලටම ගිහිල්ල එලවළු ගන්න ආයතනත් තියනව. පොලෙන් ගන්න තැනුත් තියනව.
Podi Kumarihami
හපොයි! පොලවල් වල කියන කතා ලියන්න වෙනම පෝස්ට් එකක් දාන්න වෙයි. දවසක් මට ඇහුන කියනව "එන්න නෝනා... එන්න පලාගන්න පලාගන්න..." :D
Janaranga Wijaindu Dewasurendra
ඇත්ත. බලපෑම් බොහොමයි.
වෙද ගෙදර මහ වෙදනා
ReplyDeleteඔබතුමා කියන්නෙ භයානක කාරණාවක්. මම නං ඔච්චර මාෆියාවක් තියනව කියල කලින් දැනගෙන හිටියෙම නෑ. ඒත් ලංකාවෙ සිද්ධවෙන දේවල්වල හැටියට විශ්වාස කරන්න බැරි දේවල් නෙවේ. මේ ගැන දැනුවත් කරන්න පුළුවන් ක්‍රමයක් තියනවනං හොදයි.
එක පාරට බැලුවෙ ඔබ්සර්වර්ට නාකිය කිව්වද කියල. හොඳට හොඳයි මම
ReplyDelete[නරකට ඊටත් වඩා හොඳයි]
හ්ම් කතාව ඇත්ත....
ReplyDeleteObserver
ReplyDeleteමම කිව්වෙ "Observer & නාකියා" කියල & වෙනුවට "," හරි is හරි දාගත්තට මට කරන්න දෙයක් නැත :P
~~තරූගේ ලෝකය~~;
ඒකනේ....
මම නම් කියන්නේ මේ දෙතැනින්ම බඩු ගන්න එකේ ප්‍රයෝජනයක් තියෙනවා..
ReplyDeleteපොඩ්ඩක් බඩු බය නැතිව අතේ ගානට ගන්න නම් සුපර් මාර්කට් එක හොඳයි..මොකද කාගේවත් පෙළබීමක් නැති නිසා..ඒත් අලුත් එළවලු පලතුරු තියෙනවා කියන එකට මම එකඟ නෑ.ඊට වඩා අලුත් හොයාගන්න අමාරු එළවලු පලතුරු පොලේ තියෙනවා..හැබැයි ඉතින් එයාලා කියන ගානට ගන්න පුලුවන් වෙන්න ඕනේ.
පුංචි කුමාරිහාමි
ReplyDeleteඔව් දෙකේම වාසි අවාසි තියනව. තෝරාගැනීම අපේ අතේ තියෙන්නෙ.
මම නම් කරන වැඩේ තමයි හැමදේ ම ෆුඩ් සිටියෙන් ගන්නේ නැතුව ලාබෙට දෙන දේ විතරක් එතනින් අරන් අනිත් ඒවා පුරුදු තැනින් ගන්නවා...
ReplyDeleteනියම මාතෘකාව රාජ්! මස් මාළු ගන්න නම් මම ගිහින් නෑ. ඒත් හැබැයි එක පාරක් පළතුරු ගන්න නම් සිටියට ගිහින් හොඳ පාඩමක් ඉගෙන ගත්තා. උන් බඩුවල ගාන ගහන්නේ හංගලා. සම්මත මිල තියෙන චොකෝ වගේ දේවල් ගන්නනම් සිටිය හොඳයි. ඒත් එළවළු ගැනත් කියන්න තියෙන්නේ ඒවායේ තත්වය පොළෙන් ගන්න එළවළු තරම් හොඳ නෑ කියන එක තමයි. මොකද ෆ්‍රිජ් එකෙන් එළියෙ දවස් දෙකක් තියලා බලන්නකෝ.
ReplyDeleteහැබැයි ඉතින් ගන්න බඩු ජාතිය අනුව වගේම කාර්යබහුල කම ප්‍රවාහන පහසුව වගේ හුඟක් දේවල් සලකලා බලන්න වෙනවනේ.
අපිනං ඉතිං එහෙමට කියලා විශේෂ තැනකින් ගන්නෙ නැහැ, අහුවෙන ඕන තැනකින් අඩුවට තියනවා නං ගත්තා ........
ReplyDelete