ආණ්ඩුව මෙවර උසස්පෙළ විභාගයේ ප්‍රථිපල නිකුත් කිරීම අනාගැනීමත් සමග එකිනෙකා විවිධ දිශාවන්ට ඇගිලි දිගුකිරීමට පටන්ගති. මේ අතර කියැවුනු කතාවක් වූයේ එය "කොම්පියුටර් අවුලක්" බවය. එහි සත්‍යතාවයක් තිබියහැකි වුවත් අවුල ඇත්තේ කොම්පියුටරයේ නොව ඒ ඉදිරියේ හිද සිටින්නන්ගේ බවට සැක නැත.
මීට වසර දහයකට පමණ ඉහතදී රජයේ සේවයට එක්කරන ලද පෙන්ටියම් I හා II වර්ගයේ පරිගණක යන්ත්‍ර, අද වනවිට යම් දියුණුවක් ලබාඇති (රාජ්‍ය අංශයේ) තොරතුරු තාක්ෂණය පිළිබද කියවීමේ ආරම්භකයාය. එකල මෙම පරිගණක යන්ත්‍ර "දේවත්වයෙන්" පුදලැබූ හැටි මගේ සේවා මිත්‍රයෝ යුතුව දැනුදු සිහිපත් කරන්නේ හාස්‍යයෙනි. මුල් කාලයේ මේවාට අධි ආරක්ෂාවක් යොදාතිබූ අතර ඒවා බොහෝවිට කාර්යාලයක මාණ්ඩලික නිලධාරියෙකු යටතේ පැවතින. පරිගණකය තැබීම සදහා අනිවාර්යෙන් වායු සමීකරණය කරන ලද කාමරයක් යොදාගතයුතු යයිද, නිසි පුහුණුව නොලැබූවකු පරිගණක යන්ත්‍ර පාවිච්චි කිරීම ඒවා "කැඩීමට" හේතුවේ යයිද විශ්වාසයන් විය. තාක්ෂණයේ දියුණුවත් සමග කාර්යාල වෙත ලැබුන පරිගණක සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩිවූ අතර අද වනවිට නැතිවම බැරි උපාංගයක් බවටද පත්වී හමාරය.
පරිගණක තාක්ෂණයේ භාවිතය මූලික අදියර තුනකින් පමණ සිදුවේ.මින් පළමුවැන්න එක් එක් සේවාව සදහා වෙන් වෙන් වශයෙන් මෘදුකාංග භාවිතා කරමින් අදාළ සේවාවන් කාර්යක්ෂම කිරීමයි.
යම් යම් විශේෂ වූ රාජ්‍ය ආයතන හැරුණුවිට මෙලෙස මුලින්ම පැමිණි පරිගණක වැඩසටහන් වූයේ මාසික වැටුප් ගෙවීම සදහා සකස්කල Dos පාදක කරගත් GPS (Government Payroll System) සහ මුදල්පොත වෙනුවෙන් සකස්කල Cigas නම් වැඩසටහන්ය.(දැනටත් මෙම වැඩසටහන් Dos පාදක කරගෙන පවතී).
Government Payroll System මෘදුකාංගය.රාජ්‍ය අංශයේ වැටුප් සැකසීම සදහා දැනටත් භාවිතා කරන මෙම මෘදුකාංගය එහි විශාල සංස්කරණ ගණනක් පසුකර සිටී. සංකීර්ණ ස්වරූපයක් ගන්නා රාජ්‍ය අංශයේ වැටුප් සකස් කිරීම මෙමගින් ඉතා පහසුවෙන් කලහැකි අතර Cigas වැඩසටහන සමග එක් කිරීමෙන් ලබාගන්නා ගොණුවක් මගින්, චෙක්පත් ලිවීමකින් පවා තොරව විවිධ බැංකුවල ඇති රාජ්‍ය සේවකයන්ගේ ගිණුම් වලට මුදල් බැරකිරීම කල හැකිය. මෙම වැඩසටහන පැමිණීමට පෙර යම් කාර්යාලයක වැටුප් සකස් කිරීමට සිටින නිලධාරියෙකුහට ඒ සදහා මාසයක කාලයක් වැයකලයුතු වූ අතර දැන් නිලධාරීන් 100 පමණ වැටුප් සකස් කිරීම එක් දිනකින් කලහැකිය.
Cigas මෘදුකාංගය.GPS මෘදුකාංගය සමග පැමිණි අනෙක් මෘදුකාංගය වූ මෙයින් සිදුකරන්නේ "මුදල් පොත" සම්බන්ධ කටයුතුය. එනම් ලැබීම් ගෙවීම් සටහන් කිරීමත්(පරිගණකගත කිරීම) චෙක්පත් මුද්‍රණය කිරීමත් අවශ්‍ය අනෙකුත් සාරාංශ ආදිය සකස් කිරීමත්ය.
මීට අමතරව ඇති අනෙක් ප්‍රධාන මෘදුකාංගය නම් වාහන ආදායම් බලපත්‍ර ලාබාදීමේදී භාවිතා කරනු ලබන "Vehicle" නම් මෘදුකාංගයි. මෙය පැමිණීමත් සමග ආදායම් බලපත්‍රයක් ලබාගැනීමට, පෙර පැවති පැයක පමණ වූ ප්‍රමාදය විනාඩි දෙකක් පමණ වනතෙක් අඩුවිය.
මේ වනවිට තනි තනි වශයෙන් දියුණු වෙමින් පවතින මෘදුකාංග භාවිතයේ ඊලග පියවර (දෙවන අවධිය) ජාලගත කරන ලද දත්ත පද්ධතීන්ය. මෙම පියවර සම්පූර්ණ වූ පසු ඉතා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් බලාපොරොත්තු වියහැකිය. මේ වනවිටත් මේ යුගය ඇරඹී ඇති අතර උදාහරණයක් ලෙස, උප්පැන්න-විවාහ-මරණ සහතික ලබාගැනීම, කොළඹ දිස්ත්‍රික්කය තුල ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් කල හැකිය.
මීට අමතරව ප්‍රාදේශීය කාර්යාල වෙත මුදල් ප්‍රේෂණය කිරීමේ කටයුතු ප්‍රධාන කාර්යාලය මගින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි ඔස්සේ සිදුකිරීම මෑතකදී ආරම්භ කරන ලදී.
උදා - හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් පවත්වාගෙන යනු ලබන www.dctuhambantota.lk අඩවිය තුලින් එම දිස්ත්‍රික්කයේ ඇති සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සදහා ප්‍රතිපාදන සහ මුදල් ලබාදීම සිදුකරන අතර මේ නිසා පෙර පැවති ලිපි හුවමාරුව නවතා ඇත.
තොරතුරු තාක්ෂණයේ තෙවන අදියර වන්නේ (පෞද්ගලික අංශයද ඇතුළුව) වෙනස් කාර්යන් ඉටුකිරීමට කැපවූ එක් එක් ආයතන ඒකාබද්ධ කිරීම තුලින් ලිපි හුවමාරුව අවම කර කාර්යක්ෂමතාවයෙන් ඉහල සේවාවක් සැපයීමයි.
උදාහරණයක් ලෙස ජාතික හැදුනුම්පතක් ලබාගැනීමේදී අවශ්‍ය වන උප්පැන්න සහතිකය සේවාදායකයාගෙන් ලබාගැනීම සිදු නොකරන අතර පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් අදාල තහවුරු කිරීම ලබාගනී.
කෙසේ වුවද මෙම තෙවැනි අවස්ථාවට පිවිසීමට, දැනට රාජ්‍ය සේවය සමත් වී නොමැති අතර සංවර්ධනය වෙමින් පවතින බොහොමයක් රටවල්ද පූර්ණ වශයෙන් තෙවැනි අවධිය පසුකර නොමැත.
ලංකා රාජ්‍ය ජාලය(LGN)රාජ්‍ය සේවය හා පරිගණක තාක්ෂණය ගැන කතාකිරීමේදී අමතක කල නොහැකි මාතෘකාවක් වන්නේ Lanka Government Nework හෙවත් ලංකා රාජ්‍ය ජාලයයි. කොරියානු රජයේ ණය ආධාර පදනමින් හදුන්වාදුන් වැඩසටහනක් වන මේ මගින් 2007 වසරේ සිට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ ඇති සියළුම කාර්යාල සදහා අන්තර්ජාල සම්බන්ධතාවය සහිත පරිගණක ලබාදීම සිදුවිය.
තෙවැනි අවධිය කරා ලංවීමේදී ඇති බාධා. මේ සදහා ඇති මූලිකම බාධා දෙකකි.ඉන් පළමුවැන්න නම් මේ සදහා දැරීමට සිදුවන මූලික පිරිවැය අධික වීමයි. දැනට ලේඛණගත තත්වයේ ඇති දත්ත කෙටි කාලයක් තුලදී පරිගණක ගත කිරීම සදහා මෙන්ම අවශ්‍ය උපාංග මිලදීගැනීම සදහා විශාල මුදලක් අවශ්‍ය වේ.
දෙවැන්න මේ කාර්ය සාර්ථක කරගැනීම සදහා අවශ්‍ය කරන දැනුමැති රාජ්‍ය සේවකයන්ගේ හිගයයි. පරිගණක යන්ත්‍ර කොතෙක් තිබුනද, පැරණි ක්‍රමයට යතුරු ලියනයෙන් ලිපි සකස්කරන නිළධාරීන් දැනුදු රාජ්‍ය සේවයේ කොතෙකුත් ඇත. ඔවුන්ට නිසි පුහුණුව ලබාදී වැඩපිළිවෙළට දායක කරගතයුතුය. එසේ නොවුනහොත් මෙම කර්තව්‍ය සාර්ථක කරගැනීමට තවත් බොහෝ කලයක් බලාසිටීමට සිදුවනු ඇත.
රාජ්‍යය සේවකයන්ගේ පරිගණක දැනුම අඩු බව සෑමාද හිතන දෙයකි..
ReplyDeleteඅද මම 1 ??
බොහෝ විට යතුරැ ලියනය, ඔෆීස් පැකේජ් එකේ වැඩ (ඒවාද හරි හැටි නොදනී) හැරෙන්නට බොහොමයක් රාජ්‍යය සේවකයෝ පරිගණක ආශ්‍රිත දැනුම අල්පය. තමා භාවිත කරන ප්‍රින්ටරය පවා සුළු දෝශයක් දුන්නොත් වැඩ මග හරින්නේ (විටෙක කම්මැලි කම) දැනුම අඩු බැවින් හා ඒවා ඉගෙනීමට උනන්දුව නැති බැවිනි...
Deleteඔය කියන ඩොස් ප්‍රෝග්‍රෑම් එක තාම තියෙනව මයෙ හිතේ...
හ්ම්. ඒකට හේතුව තරුණ අය(මංවගේ) රාජ්‍ය සේවයට එකතුවන ප්‍රමාණය අඩුවීම. අනිත්එක, රාජ්‍ය සේවයට බදවාගැනීමේ ක්‍රමවේදයන්වල තියන සමහර අඩුපාඩුකම් නිසා සහතික වලට සීමාවූ උගතුන් මිස මේවගේ වැඩකරුවන් නැතිවීම.
Deleteතාක්ෂණය ගැන නම් වැඩි යමක් නොදනී. හැබැයි අපේ විශ්වවිද්‍යාල පද්ධතියත් පාවිච්චි කරන්නේ පට්ට පරන කිසිම වැඩකට නැති මෘදුකාංග. මම හැම තැනටම මගේ ලැප උස්සන් යනවා. කිසිම වැඩකට කැම්පස් මෘදුකාන්ග යොදා ගන්න අමාරුයි. කවදා මේවා හැදෙයිද?
ReplyDeleteමම වෙදගෙදර ගිය අතරෙ වෙදන මෙහේ ඇවිල්ල.
Deleteඔව්. ලංකාවෙ රාජ්‍ය සේවයේ මෘදුකාංග පාවිච්චිය අන්තිමයි. දැනුවත් අයත් අඩුයි. මම දවසක් ගියා ට්‍රේනින් එකකට. ඒකෙ සම්පත් දායකය ඇවිල්ල හිටියෙ පෙන්ඩ්‍රයිව් එකක පවර්පොයින්ට් ප්‍රෝගෑම් එකක් සෙට් කරගෙන. එයා ගෙනාපු ප්‍රෝග්‍රෑම් එකෙයි ඉදිරිපත් කිරීමට ගත්ත පරිගණකෙයි දෙකේ තියෙන්නෙ වර්ෂන් දෙකක ඔෆීස් පැකේජ්. අන්තිමට වැඩේ අතහැරදැම්ම. මම වැඩේ කරල දෙන්න හැදුවත් ඒකත් පිළිගත්තෙ නෑ එයා.
ඔබ සමග එකඟයි . රාජ්‍ය සේවයේ ඉන්නේ පොතට සීමාවූ දෑනුම ඇති අය . ප්‍රායෝගික දැනුම නෑ පරිගනක පිලිබඳව . හොඳ ලිපියක් .
ReplyDeleteරාජ් මම මුලින් ඔයාගේ ලිපි බලපු කෙනෙක් තමයි . පස්සෙ ටිකක් මග හැරිල නේද .
මම චෙක් කරල බැලුව . ඒත් ඔබ දැන් බොහෝ දියුනු වෙලානෙ . ගොඩාක් හොඳ ලිපි ලියනවා . අනිත් එක ප්‍රොෆයිල් පින්තූරෙත් මරු කරල ඒකයි මතක නෑත්තෙ .
කොහොම උනත් මම බලං ඉන්නෙ මේ කඩදාසි භාවිතය නැතිවෙලා මිණිස්සුන්ගෙ රස්තියාදුව නැතිවෙලා යහපත් රාජ්‍ය සේවයක් ඇතිවෙන දවස එනකන්. සුභවාදීව බලමු අපේ ජීවිත කාලෙදි එහෙම කාලයක් එයි කියල.
Deleteඅගය කිරීමට ස්තුතියි. මට මතක තියනව මේකට එන හැම කෙනෙක්ම.:D
හුඟක් වෙලාවට රජයේ ආයතනයක වැඩ ප්‍රමාද වෙන්නෙ පරගණක ක්‍රියා කරවීම පිලිබඳ හරි හැටි පුහුණුවක් නැති කම නිසා කියලා තමා මමත් හිතන්නෙ, උදාහරණයක් විදියට හුඟක් රජයේ ආයතනවල ඉන්න උදවිය ටයිප්සෙටින්ග් කරන්නෙ ටක් ටික් ටුක් ටයිපින් මිසක් හරියට ටච් ටයිපින් පුලුවන් අය කී දෙනාද ඉන්නෙ, ටයිප් සෙටින්ග්වලට ..........
ReplyDeleteහ්ම් ඇත්ත. ඇත්තම කියනවනං මටත් බෑ හරියට ඔය වැඩේ.:)
Deleteමුදල් සම්ප්‍රේෂණය වගේ වැඩ වලදි තාම වංචාව එහෙම පටං අරං නැද්ද? වැඩ කාරයො ආවම රාජ්‍ය සේවෙට ඒවත් සිද්ධ වෙයි...හෙහ්...හෙහ්...
ReplyDeleteවැඩේ කියන්නෙ මට හිතෙන මම දාන්නෙ නැති කාරණා ඔබා කියනව. ඔය කාරණාව මතක් උනත් කොම්පීතර ජිල්මාට්ගහන හොරු ගැන ලියන්න මට හිතුනෙ නෑ. ඔබාගෙ රටේ නං ඕව ඇති නේද?
Deleteඒ වගේ ම තමයි පරිගණක සම්බන්ධ මිලදී ගැනීම්, යාවත්කාලීන කිරීම් වලදී නොදැනුවත්කම නිසා අපතේ යන මුදල් ප්‍රමාණය ඉතා ඉහළයි. මට අත්දැකීම් තියෙනවා ඒ ගැන. ඒ ගැන පෝස්ට් එකක් දාන්නත් ඕන. කොහොම උනත් ගොඩක් රාජ්‍ය සේවකයෝ ඉගෙන ගන්න ඕනකමකුත් නෑ. ලොකුම හේතුව තමයි මමත් දකින!
ReplyDeleteහරියට හරි. නොදැනුවත්කම නිසා අපතේ යන මුදල වැඩියි. උදාහරණයක් විදියට වින්ඩෝස් දාගන්න දන්න කෙනෙක් නැති කාර්යාල ඕනතරම් තියනව. ඉතිං හදිසියක් උනොත් කාටහරි කියල රුපියල් පන්සීයක් විතර දීලයි වැඩේ කරලන්න වෙන්නෙ.
Deleteඉගනගන්න අකමැති රාජ්‍ය සේවකයන් රාජ්‍ය සේවයට ලොකුම හෙණයක් තමයි.
e-srilanka.කෝ නෑනෙ එහෙම එකක්.පොලිස් වාර්තාවක් ගන්න පොලිසියට ගියාම දෙනවා පරණ යතුරු ලියනයෙන් ටයිප් කරලා.මෙලෝ රහක් නෑ.ඊට වැඩිය හොදට අතින් ලියන්න පුලුවන්.ගාල්ල දිස්ත්‍රික්කයේ හොදම (5 එස් වලින්)ප්‍රාදේශීය ලේකම් එකටගියා ව්‍යාපාර ලියාපදිංචියක් කරන්න.සහතිකේ ටයිප් කරලා දුන්නා බලන්න කැතේ බෑ.ඒක කපල කොටලා.චික් අපරාදේ.එක ගෙදර නොවත් හරි තාම බැලුවෙ නෑ එක දිහා.
ReplyDeleteඅවාසනාවකට වගේ රාජය පරිපාලන අමාත්‍යාංශයෙන් බැහැර ඇති අනෙකුත් කාර්යාල වල තත්වය ඔයා කියන විදිය තමයි. පරිගණක යන්ත්‍රයක් තිබිය යුතුම පොලිසි වලට ඒව නෑ. ව්‍යාපාර නාම දෙන්නෙ දැනට තියන ආකෘතියක ටයිප් කරල. ඒකට මෘදුකාංගයක් තාමත් හැදිල නෑ.
ReplyDeleteරාජ් කියන කතාවෙනුත් කොමෙන්ට්ස් වලිනුත් තේරෙන්නේ අවුරුදු 20 කට පස්සේත් ආණ්ඩුවේ ආයතන වල පරිඝණක පාවිච්චිය පහල මට්ටමක තියෙන්නේ කියලා. 1990 මුල මම ලංකාවේ වැඩකරපු ආයතනයෙන් ඒ පලාතට information system එකක් පටන් ගන්න වැඩකලා. අන්තිමට ඒක අතරමග නවත්තන්න උනා ඒ කාලේ ඒ පලාතේ හිටපු දේශපාලන බලවතෙක් පොල්ල දාපු නිසා... කොම්පියුටර් ගන්නයි...කාමර ඒසී කරන්නයි සල්ලි වැය වෙනවා කියලා...
ReplyDeleteඔය කොම්පියුටර් ගැනිම සම්බන්ධ නීතිරීති නිසිපරිදි අප්ඩේට් වෙලා නැතිවීම ලොකු ගැටළුවක්. සාමාන්‍ය ටෙන්ඩර් පටිපාටියටම තමයි මේවත් ගන්න සිද්ධවෙලා තියෙන්නෙ. අනිත් කාරණාව, අපි අපේ ගෙදරට කොම්පියුටර් එකක් ගන්නවනං ඊට වැය කරන්න ඕන මුදලයි රජයේ ආයතනයක් වැයකරන මුදලයි අහසට පොළව වගේ. ලංකාවෙ තියන නීතිය අනුව(ඒක ලංකාව එකගවෙලා තියන නීති අනුව) දාන්න පුළුවන් ඔරිජිනල් ඒව විතරයි. ඉතිං සාමාන්‍යයෙන් වින්ඩෝස් සහ ඔෆීස් පැකේජය එක්ක පරිගණකයක් ගත්තත් ඊට වැයවෙන මුදල හිතාගන්න පුළුවන්නේ. මේකට විකල්පයක් විදියට නිදහස් මෘදුකාංග පාවිච්චියක් සිද්ධවෙන්නෙත් නෑ.
DeleteOpen Source software පාවිච්චි වෙන්නේ නැත්ද??? මම පාවිච්චි කරනන්නේ Ubuntu...Libre Office ...ලංකාවේ මම වැඩකරපු ආයතනයෙත් දැන් Open Source software පාවිච්චි කරනවා කියලා ආරන්චි උනා.
Deleteහැබැයි රජයේ ආයතන වල පාවිච්චියක් නෑ. පහුගිය කාලෙ කාර්යාල සේවකයන්ට මුල ඉදලම ඔෆීස් පැකේජ්එකේ කෝස් එකක් තිබුන. ඒ වෙනුවට ඕපන් ඔෆීස් උගන්වන්නත් අවස්ථාව තිබුන ඒත් සිද්ධවුනේ නෑ.
DeleteOya CIGAS programme eka kale mage yaluwek, mata matakai edwaswala lankawe hema government office ekakkatama yanawa.
ReplyDeleteමම දන්න විදියට මේක හැදුවෙ පයස් ප්‍රනාන්දු සහ අල්විස් කියන මහත්වරු. ඔයාගෙ යාළුව එයින් කෙනෙක්ද?
Deleteලංකාවේ රාජ්‍ය අංශවල නියුතු බොහො සෙවකයන්ගේ පරිඝනක භාවිතයේ සැලකියයුතු ප්‍රෂ්ණකාරි තත්වයක් තියෙනව...කොහොමත් පැරනි සේවකයන් ඔය පරිඝනකය පිළිඹඳව හැදැරිමට එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ...අනිත් කාරනාව ඔය ගැන හසල දැනුමක් තියෙන පුද්ගලයන් රාජ්‍ය අංශයේ පරිඝනක ශේෂත්‍ර යන්හි රැකියාවන් කරා ඒමේ වැඩි නැඹුරුවක් දක්නට නොවිම මන්ද සතුටුදායක වැටුප් තලයක් දක්නට නොලැබිම...එසේම රාජ්‍ය අංශයේ පරිඝනක කටයුතුවල යෙදෙන බොහො අයට ඒ පිළිඹඳ නිසි දැනුමක් නොමැතිවිම මන්ද අඩු දුසුකම් වලට දේශපාලනය නැමති කුරුබිලෙන් රිංගා රැකියවලට පැමිනෙන හෙයින්
ReplyDeleteඒවගේ ප්‍රශ්න විසදෙන්න නං ගොඩක් කල් යයි වගේ.
Deleteරාජ්‍ය ආයතන වල තියෙන ලිපි ලේඛන ටික පරිගණක ගත කලා නම් ලිපි හොයන්න යන වෙලාව අඩු කරගන්න පුලුවන් වෙයි. ඒකෙන් කාර්යක්ෂමතාව ටිකක් වැඩි කරගන්න පුලුවන් වෙයි.
ReplyDeleteඔව්. ඔක්කොම නෙවේ. අඩුගානෙ කෙලින්ම මහජනතාව සමග සම්බන්ධවෙන අංශ ටිකහරි පරිගණකගත කලානම් හරි. ඒක අපි බලාපොරොත්තු වෙන වේගෙන් සිද්ධ වෙන්නෙ නැති එකයි අවුල.
Deleteඅපේ කාර්යාලයෙන් සේවකයො 2000කට වඩා පඩි හදන්නෙයි චෙක් වැඩ කරන්නෙ ඕවයින් තමයි. මම කාර්යාලෙට ගියපු අළුත payroll කරපු අයියට කිව්වා අපි දෙන්න එකතු වෙලා වින්ඩෝස් බේස් සිස්ටම් එකක් ඩිවෙලොප් කරමුද කියලා. පොර මට නක්කලේට හිනා වුණා. පස්සෙ තමයි මම දැනගත්තෙ ඒ සිස්ටම් එක මාර සංකීර්ණයි කියලා. ඒකෙ වැඩ කරන උන් ඔය ප්‍රෝග්‍රෑම් එක සංවර්ධනේ කරපු පියුස් ප්‍රනාන්දු සර්ට දෙයියන්ට වගේනෙ සලකන්නේ.
ReplyDeleteකාර්යාලෙ ඇතුලෙ තියෙන කොම්පියුටර් අල වුණාම ගොඩ වෙදකම්, අරව මේව කරන්න මමයි එයයි මහන්සි වෙනව වුණාට එතන පොඩි අවුලක් තියෙනවා. දන්නවනෙ රාජ්‍ය සේවයේ ඉන්න එක එක විධියෙ උදවිය ගැන. ඒ නිසා දැන් අපි ඒ දේවල් සීමා කරලයි තියෙන්නේ... මොනව වුණත් මධ්‍යගත දත්ත සමුදායක වැඩකරමින් දන්න දෙයින් මිනිස්සුන්ට වැඩක් කරන්න තාක්ෂණයේ උපරිම සුවය රාජ්‍ය සේවයට එනකල් මග බලාගෙන ඉන්න එකෙක් තමයි මමත්.
සේවකයන් 2000ගේ පඩි පැරණි විදියට හැදුවනං කොහොමද? හැබැයි මේ ප්‍රෝග්‍රැම් දෙකේම තියන වැරැද්ද තමයි පැරලල් ප්‍රින්ටර් පෝට් එකකින් මිස යූඑස්බී පෝට් එකකින් ප්‍රින්ට්අවුට් ගන්න බැරිවීම.
Deleteපරිඝනකයට වරදින්නේ සියට දශම ගන්නයි ඒ වැරද්දක් දනේන්නේවත් නැහැ.රාජ්‍ය සේවයේ තියෙන අකාර්යක්ෂම තාවය නිසා මේ දේ වෙන්නේ.වැඩ කරන කෙනෙක් එවැනි තැනකට රාජකාරියකට ගියත් වැඩිකාලයක් සුපුරුදු විදියට වැඩ කරන්න වෙන්නේ නැහැ.පැරණි සේවකයෝ ඔවුන්ගේ තැනට අදාල දානවා.ඉතින් හැමදාම රාජ්‍ය ආයතන එකම තැන..
ReplyDeleteස්තුතියි අදහසට.
Deleteවිශ්ව විද්‍යාල සිසුන් හැමදෙනාටම අනිවාර්ය පරිඝනික පාටමාලාවක් හදරාටන්ට දුන්නානම් මේ තත්වය ටිකක් දුරටවත් මග ඇරෙන්ට ඉඩ තියෙනවා.
ReplyDeleteඒ වගේම සේවය කරන තැන්වලම පුහුණු කිරීම. නේද?
සේවය කරන තැන්වලින් පුහුණු කිරීම් සිදු කරනව. මම දැනට දන්නකියන සියළුම පරිගණක දැනුම ලබාගගත්තෙ මේ කරන ජෝබ්එකට පිංසිද්දවෙන්න. හැබැයි එක්තාරා පිරිසක් ඉන්නව කොහොමටවත් උගන්නන්න බැරි.
Deleteවිශ්ව විද්‍යාලෙ මම හිටිය අවුරුදු 4ක්. පාඨමාලාවකුත් හැදෑරුව. ඒත් මම එලියට එනකොට දැනුම නිල්. හේතුව ඉගැන්වීමේ දෝශ.
සාමාන්‍යයෙන් තරමක් වයසින් වැඩි කෙනෙකුට පරිගණක ඉගන ගැනීම ටිකක් විතර අපහසු වැඩක් ..
ReplyDeleteමම වැඩ කරන ආයතනයටත් එක කාලයක් ඔය වාගේ රජයේ සේවකමහතුන් කන්ඩායමක් පුහුනු කරන්න බාර වුණා . අපිට දී තිබූ කාලය පැය හතලිස් අටයි ඒ කාලය තුලදී මෙහෙයුම් පද්දතියක් ගැන ඒවගේම ඔෆිස් පැකේජ් එක ගැන සම්පූරණ දැනුමක් ඔවුනට ලබාදීම අනිවාර්‍ය වුණා ..
ඉතින් ඩබල් ක්ලික් කරන හැටි කියා දෙන්නම අපිට පැය අටක් වැය වුණා ..
රාජ්‍ය සේවයේ නිරතවෙලා ඉන්න අයට පරිගණක පුහුනවක් ලබා දෙනවා නම් ඒක තදියමේ කරන්න බැහැ ඒකට වෙනම කාල වේලාව හොඳහැටි අරගෙන කරන්න ඕන දෙයක්
ඒකතාව ඇත්ත තමයි. අපිට තිබුන ඔයවගේ ට්‍රේනින් එකකදි මට මතකයි ඔයවගේ නිලධාරීන් ඇවිල්ල හිටිය. ඒත් අන්තිම වෙනකොට කාර්යාලයේ ඕනම වැඩක් කරගන්න තරම් තත්වෙක මේ කට්ටිය හිටිය. ඒත් ටිකදෙනෙක් ඉන්නව මුල ඉදලම "බෑ"කියාගත්ත. අන්න ඒ අය නං මේකට බාධාවක්.
Deleteඔය කිව්වා වගේ තරුන අය නැති එක රාජ්‍ය සේවයේ පරිඝනක අංශයේ ප්‍රධාන ගැටලුවක්...මම අන්තර්ජාල සමාගමේ වැඩකරපු කාලේ එක රජයේ කන්තෝරුවකට ගියා ලීස් ලයින් එකක් චෙක් කරන්න..ඔක්කොමල්ලා එලියේ හෙන බිසී වැඩක්..මමත් ගිහිල්ලා බැලුවා සීන් එක..කන්තෝරුව ඉස්සරහා අඹ ගහේ ලේන් කූඩුවෙන් ලේන් පැටියෙක් වැටිලා වයසක කස්ටිය ඔක්කොම එතන ඌට වතුර පොවනවා......
ReplyDelete:D. ඔයවගේ සීන් ඕනතරම් තියනව බං. අපිට කණිෂ්ටයො විදියට ඕව හදන්න බෑ.
Deleteඅනේ මන්දා රාජ්.. මේතරම් සරල දෙයක් කරන්න මේතරම් තටමන්නේ ඇයි කියලානම් මට තේරෙන්නේ නෑ..
ReplyDeleteපරිගණක අවුලක් කියලා ලේසියෙන් ගැලවෙන්න පුළුවන්නේ එයාලාට හිහි
ReplyDeleteබැංකු කටයුතු වලදී මේ පරිගණකය නොමසුලු සහයෝගයක් තමයි දක්වන්නේ.