තරුණ ගායකයා නිවසේ සාලයේ පුටුවක් මතට වී සිටී. සුවපහසු කුෂන් පුටුව මත හිද සිටින ඔහුගේ හිස ඉහලට යොමුවී ඇත. රූපවාහිණිය ක්‍රියාත්මක වෙමින් තිබුනද ඔහුගේ අවධානය ඒ තුල නොවීය. ඔහුගේ පියා පැමිණ අනෙක් පසින් හිදගත්තද ගායකයා ඒ බැව් නොදත්තේය.
"මොකද පුතා කල්පනා කරන්නෙ? මොකද්ද ප්‍රශ්නෙ?"පුතා තවමත් නිහඩය. ඉහලට හැරවී තිබූ තම හිස අංශක 90ක් පහලට කලා පමණි.
"වීඩියෝ එක කරන්න සල්ලි මදිද? මම කිව්වනේ ETF එක ලැබුන ගමන්ම කීයක් හරි දෙන්නං කියල"
එවර පුතා පියා දෙස බැලූවේය."වීඩියෝ එක කරන්න බෑ තාත්තේ" ඔහුගේ හඩෙහි කළකිරීමේ ස්වභාවයක් ඇත."ඕව ඔහොම තමයි ළමයෝ.... සීඩී එකේ සල්ලි අඩුවෙන් ලැබුනෙ ඔයා හරියට හොයන්නෙ බලන්නෙ නැතුව ඒ ගිවිසුම අස්සං කල නිසානේ...."
"ඒකනෙ මම මුලින්ම කිව්වෙ අපේ අයියට කියන්න කියල..... එයා ඕව ගැන දන්නවනෙ.... කොහේද පුතත් තාත්ත වගේමනේ..... තමංගෙ හිතුමතේටනෙ වැඩ කරන්නෙ"
"ආ.... පුතා ඔයාට ......මාස්ටර් අල්ලගන්න බැරිවුන නිසා නේද මේ නොකා නොබී ඉන්නෙ? මම කිව්වනෙ ඔය මාස්ටර් එක විදියක් කියල. එයා විතරද ඉන්නෙ අනේ මේ ලංකාවෙ මියුසික් කරන්න! අපි වෙනකෙනෙක් බලමු."
"එයාගෙ මියුසික් මට ඕන නෑ අම්මේ""එහෙනං රිගින් ටෝන් වලට සිංදුව දාගන්න බැරිවුන නිසාද?""ගෑණු ලමයගෙ ප්‍රශ්නයක්ද?" එවර ගායකයාගේ මුවේ මලානික සිහින් සිනාවක් ඇදිනි."හ්ම්" ඔහු පිලිතුරු දුන්නේය."ඇයි? මොකද ප්‍රශ්නෙ? ගෙවල්වලටත් කිව්වට පස්සෙ ඔයාල තරහ උනාද?"
"නෑ තාත්තේ,... මගේ සිංදුවක් තාම තහනං උනේ නෑනේ. එයා කියනව තරුණ ගායකයෙක් උනාම සිංදුවක් දෙකක් තහනං වෙන්න ඕනලු. එතකොටලු නමක් හදාගන්න පුළුවන් වෙන්නෙ. එහෙම නැති ගායකයෙක්ව බැදගන්න එකෙන් එයාටලු ලැජ්ජා වෙන්න වෙන්නෙ. දැං ඉතිං ඉතිපිසෝ ගාථාව රැප් එකකට දාල සිංදුවක් කරන්නයි වෙන්නෙ. ඒක විතරයි තවම කවුරුත් ගත්තෙ නැති ඒව තියෙන්නෙ"
ඔය ඉතිපිසෝ ගාථාව සෑහන කාලෙක ඉඳං රැප් වෙනව බං. යකෙක් දැක්ක හැමවෙලාවකම මහ හයියෙන් දුව දුව කියවෙනෙම ඕකෙනෙ.
ReplyDeleteඅදයි මේපැත්තෙ ආවේ....:)
ReplyDeleteහිකිස්...මාර ප්‍රහාරය...කියල වැඩක්නෑ.....
මමත් හිතනවා ඒකත් වෙයි. හැබැයි මම නම් ඕවා ගැන බලන්නේ උපේක්ෂාවෙන්. සියල්ල නැසෙන සුළුනම් බුදුදහම ස්ථිර වෙන්නෙ කොහොමද? ඒ නිසා ඒක එහෙමයි. ඔබගේ හැකියාව ඉතාම විශිෂ්ටයි.
ReplyDeleteතහනම් වෙන බව දැන දැනම සිංදු ලියපු / කියපු අය 1970 ගනන් වලත් හිටියා වගේ මතකයි....ඒ අය ලිව්වේ/කිව්වේ ආණ්ඩුවට දිරවන්නේ නැති සිංදු. දැන්නම් එහෙම නෙවෙයි...
ReplyDelete'නමෝ..නමෝ..මාතා...සොරි...ශ්‍රී ලංකා මාතා' රැප් කොරොත් මොකද ?
ReplyDeleteඇත්තටම කවද හරි මෙහෙමත් කියයිද අනේ.... කවද හරි නෙවේ, දැනටමත් කියනවද දන්නෑ....
ReplyDeleteමොහොදීන් බෙග් බුද්ධං සරණං ගඡ්ඡාමී රැප් කලාට අවුලක් නෑ. කොල්ලෙක් ඕක කරාම තමයි මරන් කන්න හදන්නේ.. අර්යධම්ම "බ" කරේ කිසි අවුලක් නැතුව...
ReplyDeleteගොඩ දෙනෙක් වලිගෙ පාගාගෙන නේ කෑ ගහන්නේ.ඉස්සරහට ඔහොම කාලයක් එන්නත් බැරි නැහැ.
ReplyDeleteඕවා පිස්සු විකාර අෆ්ෆා ගෑනුන්ට කොහොමත් ඕන මොන විදිහකින් හරි ජනප්‍රිය වෙන පොරවල්නේ
ReplyDeleteනියම කතාව මචං. :-D
ReplyDeleteඔය විධියටම නොවුණත් ඔයිට ලඟින් ඕක වෙන එක වලක්වන්න බැරි වෙයි. මොකද සමාජය කියන්නෙ තහංචිය බිඳගෙන ඉදිරියට යන එකක් නිසා. හැමවෙලේම පැරණි පරමාදර්ශ බිඳෙමින් වෙන වෙන ඒව හැදෙනව.
ජයන්ත සහ ලෙලුම් රත්නායක දෙන්නගෙ V2 - ඇසල නිල්සඳ ඇල්බම් එකේ මුල්ම සින්දුව "සලපතල මළුවක". ඒකෙ සංගීතය නදීක ගුරුගේ මහත්තයගෙ නිර්මාණයක්. ඉතිපිසෝ ගාථාව සංගීත ඛණ්ඩයක් විධියට ගැඹුරු මන්දගාමී හඬකින් පසුබිමින් ගැයෙනවා...
ඒ සින්දුව යම් කාලෙක රැප් කළොත් කරන්න දෙයක් නෑ...
අද ජනප්‍රිය වෙන්න අළුත්ම ක්‍රමේ.. බලන්න ඕන ට්‍රයි එකක් දීලා..
ReplyDeleteඇයි 2035 දි නෙමෙයි ඔයකතාව වෙන්න තව අවුරුදු 3ක් හොඳටම ඇති . මට මතකයි විනී හෙට්ටිගොඩගෙ කාටුන් එකක තිබුනා තව ටිකදවසක් යනකොට නිවුස් නවත්වලා ඇඩ් එකක් දායි කියලා. ඒ කාටුන් එක ඇඳලා තිබුනෙ ප්‍රෙමදාස යුගයෙ ඒ කියන්නෙ.
ReplyDeleteඅයියෝ අපේ කට්ටිය තව අවුරුදු 23ක් බලං ඉඳීද ඕක කරන්න....?
ReplyDeleteමම නම් හිතන්නේ නැ ඕක කරන්න ඒ තරම් කාලයක් යාවි කියලා නම්..
ReplyDeleteඇත්තටම ඒ සින්දුවේ එහෙම ලොකු අවුලක් තිබුනද?
සිංදුවෙ ලොකු අවුලක් නෑ. නැත්තෙත් නෑ.
Deleteදැන්මම ඕක ක්‍රියාත්මක කරලා බැලුවා නම් අහවරයිනේ. :D
ReplyDeleteනවම්
ReplyDeleteමට නං තාම එහෙම කේස් එකක් වෙලා නෑ.
නිසපුගේ ලෝකය
බොහොම ස්තුතියි ආවට.
වෙද ගෙදර මහ වෙදනා
මගෙත් අදහස ඒක.
kandyan
දැං ආන්ඩුවට විරුද්ධ ගීත නැත්තේ සුදුවෑන් නිසා වෙන්නැති. ආගම සම්බන්ධ කරගත්තම කොච්චර උනත් මැැරෙන්න වෙන්නෙ නෑ කියන විශ්වාසය හරි තියන එකම මදැයි.
Observer
බ්ලොග් අවකාශයේ ටිකක් විතර කතාවෙයි.
Miyuru
දැනටත් තියනවලු රැප් නැතිව.
මාතලන්
මම උඹත් එක්ක පැටලෙන්නෙ නෑ. ඒත් එකක් කියන්න ඕන. මොහිදීන් බෙග් කිව්වෙ බුදුගුණ ගීත. එතුමා ආදර ගීතවලට ගාථා යොදාගත්තෙ නෑ. දැං ඉන්න කොල්ලො බල්ලොන්ට වඩා එතුමා ශ්‍රේෂ්ට වෙන්නෙ ඒකයි.
අසරණයා
කියන්න බෑ. එන්න පුළුවන්. ලොකු ජෝන්ගෙ කොමෙන්ටුව බලන්න.
මඩිස්සලේ නිශාන්
ඕවට උත්තර දීල මට ගෙදර ඉන්න බැරි වෙයි. :)
hare :-)
හරිනේ! ඒක රැප්කලාම හරි. සියලු සංස්කාරයෝ නැසෙනසුළුය!
Dinesh
කෙල්ලෙකුත් නැතිඑකේ ට්‍රයි එකක් දීපං බලන්න.
Loku John
ඔය විදියට විහිළුවට කියන අනාවැකි ඇත්ත වෙනබව උදාහරණ ගොඩක් තියනව.
අපි නොදන්න ලයිව් එකේ මැච් එකක් බලනකොට ටීවී එක පුැා ඇඩ් ආන සීන්එක මතකද? ඇන් ඒක ඇත්ත වෙලා.
Shani
නෑ නෑ ලොකු ජෝන් කියන විදියට අවු. තුනයි.
Praveena Palipana
කොහෙද පොඩ්ඩිලා හොයන්නේ ඒවගේ අයනේ. ආ.... මේ පොඩ්ඩිද?
ඔව් අනේ පොඩ්ඩිම තමා. මගේ බ්ලොගේ අවුලක්. කෝ ඒත් හදලා දෙන්ට කෙනෙක් නෑනේ...:(
ReplyDeleteදැන් බ්ලොග් නම වෙනුවට ඇත්ත නම වැටෙන්නේ. නම ලස්සනයි නේද?...:)
ලස්සනයි නේන්නං. කුමාරිහාමි කෙනෙකුටම ගැලපෙන නම :)
Deleteදුකත් හිතෙනවා බං දැන් සමාජෙ යන හැටියට, අපේ පොඩි උන්ට මොන අනාගතයක් තියේද මන්ද ........
ReplyDeleteඉතිපිසෝ ගාථාව රැප් කරද්දී මැද්දෙන් ඇහෙන්න ජයමංගල ගාථ ටිකකුත් දාමුද.මං දන්න ලස්සනට කියන නංගිලා ටිකක් ඉන්නවා. එයාලාට කියලා වැඩේ ගොඩ දාගන්න පුළුවන්.
ReplyDeleteපන්සල් හංදිය
Deleteඋංට රැප් නරන්න දෙයක් ඉතිරි වෙන්නෙ නෑ.
බට්ටි
ඔන්න ද්‍රෝහියෙක් වෙන්න හදන්නෙ. ;-)
ආටානාටිය නං කොහොමටත් රැප් තමයි!
ReplyDeleteඅද හෙටම ඒකත් රැප් වෙයි !
ReplyDeleteඅයියෝ බං 2035 දිත් සීඩී ද... අඩුගානෙ ඒබීසීඩී වත් වෙන්න එපයි.
ReplyDeleteරැප් ද රේප් ද මන්දා....
ReplyDeleteඅහ්: පට්ට කතාව...
ReplyDeleteඑහෙනම් රාජ් අයිය කියමුද සින්දුවක්............:))))))
ReplyDelete