මං ඔහේ ලියනවා
උඹල'විත් බලනවා
උඹලාත් ලියනවා
මං ඇවිත් බලනවා.
කොමෙන්ටුත් දානවා
මිතුරු හමු තියනවා
ආතලුත් ගන්නවා
පොදු වැඩත් කරනවා.
ඇනෝලා වඩිනවා
කුණුහරුප කියනවා
"කොන්ද පන නැති ඇනෝ"
කියල අපි බනිනවා.
කල්ලි ගැන කියනවා
හොද නැහැයි කියනවා
පවුලක්ය කියනවා
ඒකටත් බනිනවා.
රජයටත් බනිනවා
ලොක්කටත් බනිනවා
ගොඩා....ක්ම බැන්නොතින්
හැක් කරල දානවා.
ආගමට බනිනවා
රැක ගන්න හදනවා
ජාතිවාදියෝ සහ
ද්‍රෝහියෝ කියනවා.
වැල කෑලි තියනවා
ජොලි කතා තියනවා
ඒව පබ්ලිෂ් කලොත්
හිට් වැඩිය ලැබෙනවා.
අහම්බෙන් එන එකා
කොමෙන්ටුත් දානවා
දවස් දෙක තුනකදී
බොල ඌත් ලියනවා!
පෙරකාලෙ යක්ෂයෙක්
අරක්ගත් විල වගේ
බ්ලොග් විලට බහිනෙකා
අයෙ නම් එන්නෙ නෑ!
හිතට ආ නිසයි මේ
කියන්නේ ඇත්තටා
මේක නං අබිං මයි!
බොරු නෙවෙයි අම්මපා.
ප.ලි: ලියල ඉවර වුනා විතරයි බොලේ අහම්බෙන් වගේ දැක්ක තව එකක්. කියපුව වෙනස්වුනත් එකම සබ්ජෙක්ට් එක.
//අහම්බෙන් එන එකා
ReplyDeleteකොමෙන්ටුත් දානවා
දවස් දෙක තුනකදී
බොල ඌත් ලියනවා!//
මමත් ඔය ජාතියෙ ඒකෙක් සදරු ගැන පත්තරෙ දැකලයි මුලින්ම අැවිත් කියෙව්වෙ...
ඒකට මක් වෙනවද.
Deleteඅයියලත් ලියනවා
ReplyDeleteමාමලත් ලියනවා
ලියනවා ලියනවා
මෙන්න බ්ලොග් ලියනවා
ජය.....!
ජයවේවා ! අද කවිමයි.
Deleteඅබින්ම තමයි! මම මුලින්ම බ්ලොග් එකකට කියෙව්වෙ W3 Lanka අඩවිය. ඒකත් mobile එකෙන්.
ReplyDeleteමුලින්ම කියෙව්වෙ මොකක්ද කියල හරියටම මතක නෑ.
Deleteමෙතනත් තියනවා
ReplyDeleteඑතනත් තියනවා
අතනත් තියනවා
අපිත් කියවනවා
සිංඩියෙන් බලනවා
Deleteරෝලෙනුත් බලනවා
බුකියෙනුත් බලනවා
හොය හොයා බලනවා.
//අහම්බෙන් එන එකා
ReplyDeleteකොමෙන්ටුත් දානවා
දවස් දෙක තුනකදී
බොල ඌත් ලියනවා!//
මේක අම්මප ඇත්ත.
අපිත් වහ කාල වගේ ලියනව බං.. වෙන වැඩක් නැහැ වගේ..
ජය !
හ්ම්. අර අටවසරෙ පොඩිඑකත් ලියනව මාර ලිවිල්ලක්.
Deletehttp://yasiruudana.wordpress.com/ මේ මල්ලි නේද? දැන් ලිපි 100කුත් ලියලා!
Deleteකොත්තු.org එකේ ඊ ගම්මාන වලින් උදව් ලබාගෙන ළමයි ලියන බ්ලොග් ලිස්ට් එකක් තියෙනවා.
අන්න හරි. එයා තමයි.
Deleteබැන බැන
ReplyDeleteබලනවා
හෙටත් ලිවොතින්
ආයෙත් බලනවා
තැන තැන
රැස් වෙනවා
ඒ ගැන කියනවා
ඉතින් අපි ගෙවනවා
දවසක මැරෙනවා
මැරෙන්න හැදුවත් එපා වෙන්නෙ නෑ.
Delete//අහම්බෙන් එන එකා
ReplyDeleteකොමෙන්ටුත් දානවා
දවස් දෙක තුනකදී
බොල ඌත් ලියනවා!//
මටනම් ඕක අදාල නෑ. මම ඇවිත් මාස 6 ක් විතර, තාම ලිව්වෙ නෑනෙ
මම මුලින්ම කියෙව්වෙ "අන්සතු දිනපොත"- දැන්නම් බරගානක් කියවනවා....
අබිං ම තමයි.
මාස ගානක් ගියත්
Deleteපටන්ගෙන වියුණූ
ප්‍රහාරය දෙන්නටා
ඇයි තවත් පරක්කූ?
පට්ටපල් ඇත්ත රාජ්.
ReplyDeleteඉටිකිරිස් කවි සෙට් එක.
ඒ වුනාට සමහරු අපිට බනින්නෙ අපි බ්ලොග් ලියලා මාර විදියට හම්බ කරනවා වගේ. මට නක් සෑහෙන ගානක් අතින් කයිට්.
මේ..... කිව්වට කමක් නැත්ද මන්දා... අර.. අර අර..පිතූරෙ තියෙනවා නේද? අන්න ඒවගෙ එකක් හදන්න මමත් සැලසුම් කරලා තියෙන්නෙ.
henryblogwalker the Dude
:D
තැන්ක්යු. ඒක හදාගත්තම පිංතූරයක් මතක ඇතුව එවන්න.
Deleteපිට කසාගන්නවා
ReplyDeleteහොටු කඳුලු පිසිනවා
ඒවාට බනිනවා
බැන බැනත් කරනවා
ඔය තියෙන්නෙ!
Deleteමමත් ලියනවා
ReplyDeleteඔබත් ලියනවා
අපිත් එක්ක එකතු වෙලා
තවත් ගොඩක් ලියනවා..
විල ගැඹුරුයි හිතෙනවා
ඒත් බැහැල බලනවා
ආපහු ඒමක් නෑ කියනවා
ඒත් මේක මාර ආතල් ගේනවා..
ඇර ඇර!
Deleteමාත් ලියනවා
ReplyDeleteනොලියාම ඉන්නවා
ලියන්නට ගත්තොතින්
නොනිදාම ලියනවා
මම අවුරුදු දෙකකට කලින් බ්ලොග් එකක් හැදුවා මේ නමින්ම අවුරුදු දෙකටම කොමෙන්ට් 2යි.ඒ කාලේ සිංඩි ගැන දන්නෙත් නෑ.අවුරුදු දෙකකට පස්සේ ගෙදට්ට වෙලා ඉද්දි සඳරු අයියගේ කතා සෙට් එකම කියෙව්වා.පටන් ගත්තේ අර ගාමණී ෆිල්ම් එක ගැන තිබ්බ එකෙන්.ඒක කියවලා ආපු කික් එකට ලියන්න ගත්තා තාම ලියනවා.මේක අබිං කෑවා වගේ තමා නොලියා ඉන්නත් අමාරුයි නොකියවා ඉන්නත් අමාරුයි....
පට්ට කවි සෙට් එක ඈ
දැං ලියනවනේ හොදට. වෙදගෙදර කතා සෙට්එක නැගලම යන්නෙ.
Deleteඇත්ත ඇත්ත :)
ReplyDelete:)
Deleteහෆොයි...බලපු මුල්ම බ්ලොග් එක මාව කෑවා....
ReplyDeleteඅරක නේ?
Deleteසම්පූර්ණ ඇත්ත. දවසක මේක අපේ ජීවිත විනාශ කරගෙන අපිව ගිලගනීද දන්නේ නෑ.
ReplyDeleteලස්සන කවි. :)
ඒක ඇත්ත.
Deleteනියමම ඇත්ත.පොකු කීවා වගේ දවසක මේක අපිව ගිලියිද මන්දා?? :D
ReplyDeleteහ්ම්.
Deleteමට නම් දැන් අබිනුත් එපා වෙලා තියෙන්නෙ... කියවන එකත් සෑහෙන අඩුවෙලා... :)
ReplyDeleteඒක තමයි උඹ දැක්කෙ නෑ මෙ ටිකේම.
Deleteප්‍රේමකීර්තිද අල්විස්
ReplyDeleteකරුණාසේන ජයලත්
බ්ලොග් ලිව්වනම මෙකල
කෙතරම් සොඳුරුයිද
සයිබරේ අවකාශේ
එහෙමනම් බලනවා
බල බලා බලනවා
කමෙන්ට් දාන්නට මෙතන
කෙනෙක් නම් නැති වෙනවා
තියෙන බ්ලොග් දැක්කම
බලනෙකාටත් මෙතන
මටත් පුලුවන්නේ බොල
හිතල ඌත් ලියනවා
මාත් විශ්වාස කරන දෙයක් තමයි සුපිරියට ලියන්න පුළුවන් එවුන් තාම මේකට සෙට්වෙලා නෑ කියනඑක.
Deleteහැමදාම ලියනවා
ReplyDeleteඉඳහිටත් ලියනවා
එක්කො මග හිටිනවා
වැඩ්ඩො වැඩ දානවා
ලියනවා ලියනවා...බලනවා බලනවා...හෑ..අම්මපා කියොනව.....ලියනවා බලනවා...හම්...මේ...දැන් ඇතිවගේ නේද....සහතික ඇත්ත මේනං අබිං
ReplyDeleteමම අබිං කන එක අඩු කරල තියෙන්නේ . ඉස්සරහට තවත් අඩු කරගන්න ඕන .
ReplyDeleteසිරා
ReplyDeleteමමත් ඉඳ හිට එනවා
ReplyDeleteලට පට සේරම කියවනවා
අම්මපා මේ ඇත්තමයි
මම කතා කාරයෙක් නෙවෙයි
උඹ අපිට නොකිය මලක් ඇද්ද නේද...
ReplyDeleteඇත්ත බං කතාව...
හැබෑම තමයි... ආයේ මොකට කියනවද ඒ වග?
ReplyDeleteඅයියෝ අපිට වෙච්ච දෙයක් නොකෑවත් එන්නේ මෙතනට.
ReplyDeleteසෙටිෆිකෙට් ට්රූ.....
ReplyDeleteසහතික ඇත්ත.. මසුරන් වටින කතාව අයියේ!!
ReplyDeleteහික්ස්...
ReplyDeleteඅබිංමයි මේකනම්
ලියනවා ලියනවා
මඟ තොටේ, බස් එකේ
ලියන දේ හිතනවා..
පාඩමක් කරනවා
ආයෙමත් ඇදෙනවා
පාඩමක් මොකට මට
මමත් බ්ලොග් ලියනවා...
පිස්සුවෙන් ලියනවා
අනිත් වුන් බලනවා
ආයෙමත් ලියනවා
ලියනවා ලියනවා..
කාටත්,
ReplyDeleteවෙනවෙනම දාන්න කම්මැලියි. තැන්කූ කියල කස්ටියටම එකසැරේ කියනවා.
සහතික ඇත්ත....
ReplyDeleteමාත් ලියන කියවන එක සෑහෙන්න අඩු වෙලා දැන්!
ReplyDelete//අහම්බෙන් එන එකා
ReplyDeleteකොමෙන්ටුත් දානවා
දවස් දෙක තුනකදී
බොල ඌත් ලියනවා!//
Same here
තාරා
Deleteස්තුතියි.
Sabith
ඒක තමයි මාත් බැලුවෙ මොකද කියල.
Observer
ඔබා නං කාලයක් හිටිය පාඨකයෙක් විදියට.
සරලයි , පහසුයි , සුකොමාලයි....
ReplyDeleteමම මේක කියවල තිබ්බෙ නෑ. අදයි අහම්බෙන් කියෙව්වේ. නියමයි කියන්නේ, කියන්න වචන නෑ බන්. එලම එල. මේකෙන් ගිලිහිච්ච එකක් වත් නැහැ කියලයි මට හිතෙන්නේ.
ReplyDeleteමමත් අහම්බෙන් ඇවිත් දවස් දෙක තුනකදි ලිව්ව එකෙක් තමා. බ්ලොග් ලියන්න ආසාව ඇති වුනේ රාජ් ගේ බ්ලොග් එක නිසා කියල මම මිට ඉස්සෙල්ලත් කිව්වා.
මම තාම කවදාවත් ඇනෝ නම් දාල නෑ. ප්‍රොෆයිල් එකක් නැති දවස් වලත් යටින් නම දැම්මා. හැබැයි මම නම් 'කොන්ද පණ නැති ඇනෝ' ලට කැමති. උන් අපේ මොරාල් එක වැඩි කරනවනේ.
කල්ලි කථාව නම් මම තේරුම් ගත්තේ මේ මෑතකදී. ඇත්ත එහෙම දෙයක් පැහැදිලිවම තියනව. හැබැයි කොහොම වුනත් උඹල වගේ 'නොබැදි ජාතීන්' ගොඩකුත් ඉන්න නිසා අපි වගේ ආධුනිකයන්ට පාළු නෑ.