නින්ද, ෆොන්සේකා මහතා අසලටවත් නො ආවේය. විටින් විට මතුවන කැස්සද විවිධ තැන් වලින් මතුවන ශරීරයේ වේදනාවන්ද නින්දට බාධා කරයි. ඔහු සයනයෙන් මදක් නැගිට අතේ දුරින් වූ වතුර වීදුරුව එක හුස්මට ගිලදැම්මේය. අනෝමා මහත්මියටද තම සැමියාගේ වෙනස අවබෝධවී තිබිනි. යුද්ධය අවසන් වීමට ආසන්න කාල වලදී පවා මෙවැනි හැසිරීමක් තම සැමියාගෙන් දුටුවේ නැත. ඔහු නිදාගත් කෙටි කාලය තුල සුවසේ නිදාගත්තෙකි.
"ඇයි මහත්තය නින්ද යන්නෙ නැද්ද?"
"මට භය හිතෙනව අනෝමා"
ඇයට පුදුමය. උණ්ඩවලට මෝටාර් වලට ඔහු බියවූයේ නැත. බෝම්බ වලටත් මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන්ටත් ඔහු බියවූයේ නැත. බලයේ සිටින ජනාධිපතිවරයාට විරුද්ධව තරග කිරීමටත් බිය නොවූ ඔහුට නිදහස් වූ පසු ඇති තර්ජනය කුමක්ද?
"ඇයි මහත්තය එහෙම කතියන්නෙ?, ඔය නඩුටික දැන් ප්‍රශ්නයක් වෙන එකක් නෑ."
"ඒගැන නෙවෙයි නෝන මම කල්පනා කලේ"
"එහෙනං... අවුරුදු හතක් ඡන්දෙ ඉල්ලන්න බැරි නිසාද?"
"ම්හු. ඒකනං ඉස්සරහට විසදෙයි"
"මං මේ කල්පනා කලේ හවස අපි වටකරගෙන හිටපු එවුන් ගැන. ඒවගේ කන්ඩායමක් එක්ක දේශපාලනේ කරනවට වැඩිය හොදයි ඇතුලෙම හිටියනං"
★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★
කාර්යාලය නිමවී නිවසට පැමිණි මා නගරයට පැමිණියේ විශේෂ යමක් සදහා නොවේ. මිතුරන් හමුවෙමින් කාලය ගතකරන අතර මාර්ගයේ එක් පසෙකින් විශාල ශබ්ධයක් ඇසෙන්නට විය. එන්න එන්නම ඝෝෂාව වැඩිවූ අතර බෝඩ් උස්සාගත් විශාල පිරිසක් සටන් පාඨ කියමින් ඉදිරියට එන්නට විය. පිරිස කොතෙක් විශාල වීද යත් එහි කෙලවරක් දැකිය නොහැකි විය. බෝඩ් ලෑල්ලක් අතින් ගත් අයෙකු වෙත ගිය මා ඔහුගෙන් ප්‍රශ්න කලෙමි.
"අපි යනව මහ බැංකුවට"
මා අන්දමන්ද විය. මෙතරම් විශාල සෙනගක් මහ බැංකුවට යන්නේ කුමකටද?
ඔවුන් අතැති පුවරුවල සටහන්ව තිබුනේ,
අපේ ඉතිරි සල්ලි දියවු! යනුවෙනි.
තවත් කෙනෙකු ලගට කිට්ටු කලෙමි,
"මොකටද ඔය බෝඩ් උස්සගෙන මහ බැංකුවට යන්නෙ"
"ඇයි ඔහේ යන්නෙ නැද්ද?, අපි යනව ඉතුරු සල්ලි ගන්න."
මා තවත් ව්‍යාකූල තත්වයට පත්වුනෙමි. ඉතුරු සල්ලි?
මේ අතර ඔවුන්ගේ සටන් පාඨ වලට අවධානයයොමුකර සිදුවන දේ තේරුම් ගැනීමට උත්සාහ කලෙමි,
"අපේ සල්ලි අපට දියව්"
"ඉතුරු සල්ලි අපට දියව්"
"අපේ සල්ලි කෑවෙ කවුද"
බලා සිටියාට පලක් නැත. රැස්වීමෙහි යන අයෙකුගේ අතින් අල්ලා මාවෙත ඇදගත්තෙමි.
"මට කියනවද මොකක්ද මේකෙ තේරුම? ඇයි ඔහේල ඉතුරු සල්ලි ඉල්ල ඉල්ල මහ බැංකුවට යන්නෙ? මොන සල්ලිද"
"ඉලන්දාරියා රස්සාවක් කරන්නෙ නැද්ද"
"මොකද නැත්තෙ! මම අහවල් තැන රස්සාවට යන්නෙ"
"අවුරුද්දක පඩිය කීයද?"
"ලක්ෂ එකයි අනූවයි"
"ම්.... එහෙනං ඔහේටත් එක්ලක්ෂ හැත්ත අටදාහක් විතර ගන්න පුළුවන්"
"මොකක්! ඒ කොහොමද?"
"ඇයි දන්නෙ නැද්ද? අපේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් දෙදාස් නවසීය තිස් හයයි කියල කබරාල් මහත්තය කිව්වෙ. ඒ කියන්නෙ රුපියල් වලින් තුන්ලක්ෂ හැට අටදාහක් විතර එක්කෙනෙකුට අයිතියි. ඔයාට ලැබෙන ගාන අඩුකලත් තව එන්න තියනවනේ එකයි හැත්ත ගානක්!"
මට කාරණාව වැටහෙන්නේ දැන්ය. දැන්ම ගියොත් මගේ බැලන්ස්එක ලබාගත හැකි වනු ඇත. මා හට පෝලිමට එකතුවී යාමට හැකිවූයේ අඩි කිහිපයක් පමණි. උල් හැඩයේ අඩිය සහිත පාවහන් යුගලයක් පැලද සිටි නෝනා කෙනෙකුගේ පයට මගේ නිරුවත් පිටි පතුල හසුවිය. එය කට තදකරගෙන වේදනාව පාලනය කලහැකි මොහොතක් නොවීය.
"උහ්.... බුදු අම්මෝ......."
"මොකද බං කෑගහන්නෙ? රෑ තිස්සෙ නිදිමරාගෙන මැච් බලනව! ඒ මදිවට හීනෙං බයවෙලා කෑ ගහනව!"
ඒ මෑනියන්ගේ හඩයි. එසේ නම් මා දැක ඇත්තේ සිහිනයක්ය. පාදයට හාණියක් නැත. තාක්ෂණික විවේකය අවසානයේ තරගයද නැවත ඇරඹී ඇත.
Pages
▼
//ඒවගේ කන්ඩායමක් එක්ක දේශපාලනේ කරනවට වැඩිය හොදයි ඇතුලෙම හිටියනං"// ෆොන්සේකා මහත්තයාටත් හීනෙන්වත් එහෙම දෙයක් තේරුනොත් නම් ලොකු දෙයක්.
ReplyDeleteෆොන්සේකා මහතාගේ නිදන කාමරයට හොරෙන් ඇතුළු වී බලා සිටීම පිළිබඳව මාගේ බලවත් විරෝධය. (ඇරත් දෙයියනේ ඒ මනුස්සය මේ අවුරුදු ගානකින් ගෙදර ගිහිපු දවසෙම රෑ ..) :D
ReplyDeleteඔය ඒක පුද්ගල ආදායම ගැන විනී හෙට්ටිගොඩ මහත්තය කාටුන් එකක් ඇඳල තිබුණ චන්ද්‍රිකා නෝනගෙ කාලෙදි. ඒකට අනුව පන්තියෙ ටීච ළඟ රුපියල් 10 ක් තියනව. පන්තියේ ළමයි 4 දෙනෙක් ඉන්නව. ඔය ඒක පුද්ගල ආදායම ගණනය කරන ක්‍රමේට අනුව දැන් ළමයි හතර දෙනාටත් රුපියල් 2 ක් ගණන් වැටෙනව. ඒ වුනාට උන්ගෙ සාක්කු හිස්. අපිට වෙලා තියෙන්නෙත් ඕකම තමා.
අර දෙවනියට කියුව කතාවෙ අන්තිම ටිකනම් මටම කියුවා වගේ
ReplyDeleteපලවෙනි එක ගැනනම් මුකුත්ම කතානොකර ඉන්නම්
අර දෙවනියට කියුව කතාවෙ අන්තිම ටිකනම් මටම කියුවා වගේ :-)
Deletemataath..........!!!!
Deleteෆොන්සේකා මහත්තයට නින්ද නොයන්නේ නෝනා ලඟ නිසා. අවුරුදු දෙක හමාරක් උන්දැ නැතුව නිදාගෙන පුරුදු වෙලා. :-)
ReplyDeleteමොනා උනත් තව ටික කාලෙකින් තේරෙයි කවුද වටේ තියාගන්න ඕන කියලා.
හෑ..... මමත් යන්ට ඕනෙ මගෙ ඉතුරු සල්ලි ටිකත් ඉල්ලා ගන්ට....
ReplyDeleteඅර කාමරේට එබුනු එකනම් කැතයි හොදේ...අනික මේ අවරුදු ගානකට පස්සේ දෙන්න එකට ඉන්නෙ...උබත් යනවනෙ ඒ වගේ දවසකටම ....
ඒ මනුස්සයගෙ මානව හිමිකම් උල්ලන්ගනය වෙලා තියෙද්දී,පුද්ගලික හිමිකමුත් උල්ලංගනය කොරන්ටද හදන්නෙ...
"මං මේ කල්පනා කලේ හවස අපි වටකරගෙන හිටපු එවුන් ගැන. ඒවගේ කන්ඩායමක් එක්ක දේශපාලනේ කරනවට වැඩිය හොදයි ඇතුලෙම හිටියනං"
අනේ පව් පොන්සේකා මහත්තය .....
තෙල් ටිකක් මතුරලා නුලක්වත් බැන්දොත් හොදයි වගේ..
මේ දවස්වල අපි ඔක්කොම එක, එක විදියේ හීන දකිනවනේ...:D
ReplyDeleteමාර හීන තමා පේන්නේ..
ReplyDeleteඇත්තටම මේ කබ්රාල් කාරයා කොහෙන් නතර වෙයිද ?
ReplyDeleteෆොන්සේකා අරහෙම හිතනවානම් ලොකු දෙයක්..
මේ රස්නෙ කාලෙ පේන හීන..
ReplyDeleteඉතුරු සල්ලි ඉල්ලගන්න් තියනවනම් පංකාදු පහයි.
ReplyDeleteකීයක්වත් හම්බ කරන්නේ නැති අපි වගේ උන්ට මුලු ගානම දෙනවද දන්නේ නෑ නේද? :D
ReplyDeleteකතා දෙකම සුපිරි...
ReplyDeleteඅපොයි ඔය මනුස්සයට පොඩ්ඩක් සැණසීමෙන් ඉන්න දෙන්න මේ දවස් වල....
ReplyDeleteඈඈ...මාර වැඩේ අප්පා...මටත් මේ දවස් වල මාර හීන පේන්නෙ....ඊයෙ රෑ දැක්ක ලංකාවෙ ලේන්නු මගෙ කාමරේ....:D:D:D
මේවා හරි භයානක හීන අයියේ... :)
ReplyDeleteහීන..... හීන.... වෙන මොනවද.....
ReplyDeleteසෑහෙන්ඩ හයානකයි.....;)
ReplyDeleteදෙවෙනි හීනේ නම් මරු ඈ...
ReplyDeleteමට නම් හිතෙන්නේ මේවා සොහොන් ලකුණු.... !
ReplyDeleteනියමම හීන තමා දැන් කට්ටියට පේන්නෙ.
ReplyDeleteපට්ට හීන ටික....
ReplyDeleteහීනෙන්ම තමා ඉතින්.... :(
ReplyDeleteමරු..
ReplyDeleteඑයා යුද්දේ දිනයි කියල කවුරුත් හිතුවෙත් නැහැ නේද ? ඒ රස්සාව ගන්නකොටත් වටේ හිටියේ ඔය වගේ අය තමයි..
ReplyDeleteපට්ට කතාදෙක
ReplyDeleteපළවෙනි එකට ලකූණු 85
දෙවනි එකට ලකූණු 100
පිස්සු හැදෙයි...
ReplyDeleteවැඩේ කැතයි....
අදහස නියමයි....
හීන විතරයි බං අපිට ඉතුරු.
ReplyDeleteජය වේවා කිව්වා.. ලගදිම රාජ්ව දකින්ට ඇහැක්වෙයි කියල හිතෙනවා...
කොසොල් රජතුමාගේ හීන !!!
ReplyDelete1 කතාව/ මට හිතෙන්නෙත් එහෙමයි...
ReplyDelete2 කතාව/ කබරයා විතරක් නෙවී ඔතැනට ආව හැම එකාම ඔය වගේ මෑඩ්නස් කතා කියනවා.මට මතකයි '92 දි විතර එළවළු අම්බානක ගණන් කාලේ එවකට හිටිය මහ බැංකු අධිපති,(මතක හැටියට රාසපුත්‍රම්)
"කව්ද කියන්නෙ එළවළු ගණන් කියලා...? මම මේ ළගදි හුන්නස්ගිරි ගියා එහේ හොද අළුත් එළවළු හරිම ලාබයිනෙ....
මේ කතාව පත්තර වල හොදට හිට්වුනා. කවි හෙමත් ලියවිලා තිබුණා "එළවළු ගන්න හුන්නස්ගිරි පලයල්ලා" කියලා
යට කතාව කියව්වාම බඩ රිදෙන්න හිනා. ඔය කබිරාලය කියන විදියට බැලුවොත් අපි හෙන සල්ලි කාරයෝ නේ.
ReplyDelete