ප්‍රථිකාර.
දැඩි අසාධ්‍ය තත්වයේ සිටින ලේ අතීසාර රෝගීන් දෙදෙනෙකුට කඩිනම් ප්‍රථිකාර අවශ්‍යයි. මිල ගනන්-වියදම් ප්‍රශ්නයක් නැත. ප්‍රථිකාර අවසානයේ සතියක් ඇතුලත චෙක්පත් වලින් මුදල් ගෙවනු ලැබේ.
සුදුබණ්ඩා මහතා,
උසස් අද්යා-පන අමාත්ය අංශය,
වෝඩ් පෙදෙස,
කොළඹ 07.
හෝ
බී. ගුණවර්ධන මහතා,
අද්යා-පන අමාත්ය අංශය
ඉසු-පාය,
බත් තර මුල්ල
**********************************************
ඔබත් පසුගිය උසස්පෙළ විභාග ප්‍රථිපල ප්‍රශ්නය නිසා සිත් තැවුලෙන් සිටින සිසුවෙක්ද? ඉසෙඩ් අගය වෙනස්වේ යයි බියෙන් පසුවෙනවාද? එසේනම් ගන්න අපගේ "ඉසෙඩ්කපාල යන්ත්‍ර රාජයා". පලඳින්න. නැතිනම් "ඉසෙඩ්ගාලක තෛලය" ගාන්න. තැපැල් මඟින් ගෙන්වාගත හැක. අත්දුටුවයි සත්තයි. හරිගිය පසු ගාස්තුව ගෙවන්න.
අභාග කොමසාරිස්,
අභාග දෙපාර්තමේන්තුව,
කොළඹ.
**********************************************
රැකියා අවස්තා.
ඔබ තරුණ කැමරා ශිල්පියෙක්ද? එසේනම් මෙන්න මහඟු අවස්තාවක්!
සිත් සසළ කරවන හැඬීමේ දර්ශන සහිත මළගෙවල්, දියේ ගිලී මියයාම්, මිණීමැරුම් අවස්තාවන් ආදී දර්ශන අපවෙත එවන්න. සිත්ගන්නාසුළු ගෙවීම්. සුපිරි වෙළඳසල් වලින් භාණ්ඩ සොරකම් කරන දර්ශනද භාරගනු ලැබේ.(බාගත කල යූ ටියුබ් වීඩියෝ වුවද කම්නැත).
දේශමාන්‍ය දේශ ශක්තී ආචාරිය එස්. එදිරිසිංහ මැතිනිය,
සුවර්ණවාහිණී,
අංක 67_,
ගාලුපාර
කොලඹ.
*************************************************
විපක්ෂයේ රැස්වීම් පාගමන් සාමකාමීව විසිරුවාහැරීම සඳහා ශක්තිමත් සිරුරැති තරුණයන් බඳවාගනු ලැබේ. දැළිපිහි, කඩු-කිණිසි, සහ ටී පනස්හය අවි භාවිතයේ මනා පළපුරුද්දක් ඇති අයවලුන් විය යුතුය.
ලුහුඞු දැන්වීම් පිටුව භාරයේ විමසන්න.
*************************************************
යන්ත්‍ර මන්ත්‍ර
විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශ වලට වැසි වැස්සවිය හැකි යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් මනාව දත් මන්ත්‍රාචාර්යවරුන් සඳහා ඇබෑර්තු ඇත. ගිහි පැවිදි දෙපක්ෂයෙන්ම අයදුම්පත් භාරගැනේ. (පැවිදි අයවලුන්හට සම්මුඛ පරීක්ෂණයේදී අමතර ලකුණු 20කි). කාලය සීමිත බැවින් සතියක් ඇතුලත අයදුම්පත් යොමුකරන්න. මාසයක් තුලදී බඳවාගනු ලැබේ. තනතුර ස්ථීරය. විශ්‍රාම වැටුප් සහිතය. අමතන්න,
සී. රනවක මහතා,
විදු ලිබල හා බ_ශක්ති අමාත්ය අංශය,
කොළඹ.
හෝ
හෙළ කරුමය කාර්යාලය.
**************************************************
ඔබේ දැන්වීම් නොමිලයේ "ලහිපිට" පලකරගන්න. ලියන්න පහතින්.
ලහි ලහියෙ ආවට දැන්වීමක් දාන්නට
ReplyDeleteඅනේ දෙයක් මට කොටන්නට..
මදැයි එක උනා!
Deleteසුදු පැහැ ති වෑන් රථයක් රියදුරු රහිතව කුලී පදනමට උවමනා කර තිබේ.. ( වර්ගය/ සැප පහසුව අවශ්‍ය නොවේ )
ReplyDeleteමැරවින්
කැලණිය
කට වරද්ද ගන්න එපා මී ගොඩයෝ. ඔය මැරවින් ඔයාට අනිවා සුදු වෑන් එකක් එවයි මෙව්වා දැම්මොත් ..
Delete(අපොයි දෙයියනේ මාත් කට වරද්ද ගත්තද මන්දා)
දෙන්නටම වැරදුනා. ඔක්කෝටම වැඩිය මට වැරදුනාද කොහෙද. කට වරද්දගන්න නෙවේ අත වරද්දගන්න. ටයිප් කරන්නෙ අතින්නේ.
Deleteබොරුවක් එහෙම නෙමේ ඕන්.
Deletehttp://punchicar.com/MoreDetails.aspx?id=8719
ආවා..ආවා..ලහිපිට ගන්න කියවන්න ජයගන්න...අප්පේ ඒ සතර නේද...
ReplyDelete:)
Deleteඅනිවාර්යෙන්ම හිටු කියලා ප්‍රතිඵල බලාගත්තෑකි.
ReplyDeleteලහිපිටේනේ දැම්මේ !!!
ඇත්තමයි මේකාටත් හිතෙන එවුවා. අද දැන්වීම් ටික දැකලා හිනා වෙලා හක්කත් රිදෙනවා !!!
හරි නොගියොත් ගාස්තු ආපසු දෙනවනේ.:-)
Deleteඅද නම් දැන්වීම ගොඩයි. මේ යන්ත්‍ර මන්ත්‍ර ගැන කියවනවා.:)
ReplyDeleteහ්ම්. වශියක් කරගන්න ඕනද?
Deleteලංකාවෙන්ද අප්‍රිකාවෙන් ද?
Deleteමස් ගොඩක නැතිවුණු මීයෙක් සෙවීමට තරුණ හෙදියන් අවශ්‍යයි. කෙහිවලු සටන් පළපුරුද්ද අමතර සුදුසුකමකි.
ReplyDeleteවිදුලි පන්දම් අවශ්‍යයි.
අමතන්න
N.S. ද සිල්වා
වා රී මාර්ග අමාත්‍යාංශය
කොළඹ.
බදුල්ල අවටින් නොඅමතන්න.
Deleteඅන්න නියම දැන්වීමක්! අම්මාපල්ල සල්ලි දෙන්න වටිනව.
Deleteඅනේ අම්මප මේකනම් ඇත්තටම දාන්න වටිනවා.
Delete"ලහිපිටේ" දැම්මොත් ප්‍රතිපල ශුවර්.....
ReplyDeleteඒකනේ......!
Deleteහිකිස්... තව තව? :) :)
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
තව තියනව. දාන්න කම්මැලියි.
Deleteකෙසෙල්වැවීමට සහ ගොල්ෆ්පිටියක්,සංචාරකහෝටලයක් සෑදීමසඳහා අක්කර100ට වැඩි රක්ෂිතඉඩම් අවශ්‍යකරතිබේ.
ReplyDeleteඅන්න තවත් දැන්වීමක්. බොහොම හොඳා.
Deleteඅප්පොච්චියේ ..... මේ දැන්වීම් ටික පබ්ලිෂ් කරොත් ලහිපිට තියා ඒකෙ අංශුවක්වත් ඉතුරුකරනකන් නෑ .....
ReplyDeleteඒකනං ඇත්ත.
Deleteලේ අතීසාරෙට බේත් කලා කියමු....එතකොට වාචාල කමටයි මොලේ කොලොප්පමටයි මොකෑ කොරන්නේ ;-)
ReplyDeleteඒක උපන්ගෙයි අවුලක්නේ. ඔහෙ තිබුනාවෙ. බේත්කලාට ගොඩදාන්න බෑ.
Deleteඅයියු...රාජ් අයියාට මරු ටොපික් එන්නේ...
ReplyDeleteපට්ටයි ඕයි . . .. වෙන මොකුත් කිව්වොත් අගේ අඩුවෙයිද මන්දා . . .
ReplyDeleteහෙහ් හෙහ්.
Deleteසුදු වෑන්!! සුදු වෑන්!!
ReplyDeleteඅන්න මීගොඩයා සුදුවෑන් දැන්වීමත් දාල!
Deleteමරු නිර්මාණයක්නෙ. නියමෙන් නියමයි!!!
ReplyDeleteමහ වෙදනට බොහොම ස්තුතියි. ඒක නෙවේ... උඩම තියන දැන්වීමට ඉල්ලුම් කරන්න වෙදනට පුළුවන්. ට්‍රයි කරල බලන්න :)
Deleteමමද ? මම ඔකුන් දෙන්නට දෙන්නේ ජාපාල. බඩ ගිහිල්ල මැරෙන්න.
Deleteඅඬෙනවා......
ReplyDeleteනාඞ ඉන්න.....
Deleteනියමයි.....:D
ReplyDeleteතැන්කූ :D
Delete//බාගත කල යූ ටියුබ් වීඩියෝ වුවද කම්නැත//
ReplyDeleteමේක ඇත්ත හැබැයි. අරුන් වැඩ කාරයෝ වගේ දාන්නේ මේවා..
මගෙ ලග තියෙනවා "කපු කටින" යන්ත්‍රයක් ඇඩ් එකක් දාමුද ?
"කපු කටින" ?
Deleteවචන උවමනා නැත. ඇඩ් ටිකනම් මරු
ReplyDeleteතැන්කූ.
Deleteකොළඹ වරායේ ගල් කපන්නත් කට්ටිය හොයනවලු! ගල විදින්නලු තියෙන්නෙ! :D
ReplyDeleteශ‍්‍රීලංකා ක‍්‍රිකට් ආයතනයෙ ඉදිරි තරග විකාශන අයිතිය සඳහා වූ ටෙන්ඩර් කැඳවීමයි... ටෙන්ඩර් කැඳවීම සඳහා නියමිත දිනට පෙර ලැබෙන අයදුම්පත් පමණක් සලකා බැලේ
ReplyDelete(මේවා දාන්නෙත් ලහිපිටේ නේද...)
අන්න! මට අමතක උනා.
Deleteපික්ෂුහැදෙන ෂඳ කිව්වලු...ෂික්...අපිට ඩාන්න එක ජොබක්වත් නෑනි..! ර්රගර් පිටිවල නටන්න කොල්ලො ගන්නෑනි..ෂික් ..ආෂම ජොබ..!
ReplyDeleteලඟදිම ගන්නව ඔහොම ඉන්න.
Deleteවිනාස වී යන නිධන් ගොඩ ගැනීම සඳහා හොඳ අලවන්ගුත් සමග ළිං වැසිකිලි වලවල් කපල පුරුදු ඔබ සියලු දෙනාම විසඳන්න. ඇමති කෙනෙකුගේ ලිපියක් ඇතොත් රස්සාව ෂුවර්.
ReplyDeleteසුදු අරලිය ගසක් ඉදිරිපිට ඇති නිවාස.
මොකුත් නොකියමි.
Deleteහෙහ් හෙහ් මං හිතුවෙ මංගල යෝජනාවක් කියල
ReplyDeleteමංගල යෝජනා නෙවේ. ලුහුඞු දැන්වීම්.
Deleteබලහන් ලගදිම මෙහෙම දැන්වීමකුත් යයි
ReplyDelete"බ්ලොග් කරුවෙකු ඉස්සීමට සුදු වෑන් රථයක් හා පාතාල සාමාජිකයන් දෙදෙනෙකු අවශ්‍යයි"
බය කරන්න එපා බං.
Deleteබුල්ඩෝසර් බැකෝ යන්ත්‍ර හා ඒවා නැති විට උදැලු පිකැස් මගින් වලවල් හෑරීමට හා අධි තාක්ෂනික පොලොව ස්කෑන් කිරීමේ උපකරණ වල මනා නිපුණ තාවයකින් යුතු පුද්ගලයන් බදවා ගනු ලැබේ..
ReplyDeleteසිත්ගන්නාසුළු වැටුප්
රාජ්‍ය ආරක්ෂාව
නොමිලේ කෑම බීම(සැර නං සැර)
විමසන්න
මරා
මරා මන්ධිරය
කොළඹ..
කණගාටුයි! සැර වැඩියි.
Deleteඕනෑම නැවක්,බෝට්ටුවක්,පාරුවක් අඩු මිලට ගාල් කිරීමට අවශ්‍ය නම් විමසන්න
ReplyDeleteලහිපිට බාරේ
හම්බන්තොට වරාය අධිකාරිය
හක හක හක හික් හික් හිකිස්ස්ස්ස්ස්ස්...........
Deleteමංගල දැන්වීම් නැද්ද අයියේ... :)
ReplyDeleteඑකක් දාන්න හිටියෙ. ඒත් ෆේස්බුක් බැලුවම හිතුන ඕන නෑ කියල.:)
Deleteරට වටේ මෙහෙම දන්වීමක් තියෙයිද?
ReplyDeleteරජයට මඩ ගසා කීර්ති නාමයට හානි කරන රාජ් නමින් පෙනී සිටින පුද්ගලයා පිලිබදව දන්නේ නම් ලගම පොලීසියට දන්වන්න.
පොලිස්පති.
මොළයට කිඳා බැස ඇති මූනිස්සමක් සෙවීමට අංජනම්කරුවෙකු විමසන්න. වෛද්‍යවරු අනවශ්‍යයි.
ReplyDeleteඅදීක්සණ මන්ත්‍රී
ආ....රක්ෂක අමාත්‍යංශය
කොළඹ 2.5
බොහොම හොඳයි. //කොළඹ 2.5//;-)
Deleteඔබත් ඉතා ජනප්‍රිය රූපවාහිනී ආයතනයක සේවය කිරීමට කැමතිද?
ReplyDeleteපහත සුදුසුකම් සපුරා ඇත්නම්, ඔබටත් අවස්ථාවක් දීමට අප සූදානම්,
1. ඕනෑම මොහොතක රජ පවුල වෙනුවෙන් කඩේ යෑමට ඇති හැකියාව.
2. දිනය පුරා නාසය වසාගෙන සිටීමට ඇති හැකියාව.
3.යකඩ තොග අතුරුදහන් කිරීමට ඇති හැකියාව.
4. ගණිකා නිවාස සමග ඉතා කිට්ටු සම්බන්ධතාවක් පවත්වා ගැනීම. (ටෙලි නිළියන් සපයා ගැනීම වෙනුවෙන් මෙය අත්‍යවශ්‍යය වේ)
අමතර සුදුසුකම්,
1.
2.
3.
විමසීම්,
සුද ඇරි මෑන් රදල ලිය ගොඩ,
නයි ටී එන් මදන ජාලය,
වි ක්‍රම සින් හපු ර,
බත් අර මුල්ල.
(අමතර සුදුසුකම් වලට හිස්තැන් පුරවන්න උදව් වෙයල්ලකො)
හොදයිද මන්දා මේකත් දාමුද
Deleteසාකච්ඡාවන් අතර තුර නිතර කොණ්ඩය සැකසීමේ පිස්සුව ඇත්නම් වඩා හොදය...
හෙහ් හෙහ් ඔය තියෙන්නෙ නියම ඇඩ්. පිටුවක් පටන්ගන්නම හිතෙනව.
Deleteබුදු අයියෝ සුදු වෑන්.......:O
ReplyDelete:-(
Deleteලහිපිටේ දැම්මොත් හිටු කියලා ප්‍රතිඵල :D
ReplyDeleteඒකනේ.....
Deleteටැබුගේ ලිපි අපි දැන් එක එක්කෙනා සේව් කරලා තිබිච්චා , තැන් තැන් වලින් හොයාගන . සමහරැ කියන එව්වා අහගන , අමාරැවෙන් බලනවා වගේ
ReplyDeleteඅනාගතේ අළුත් බ්ලොග් කාරයන්ට බලන්ඩ වෙයිද දන්නැ
http://raj1st.blogspot.com/2012/06/blog-post_27.html
රාජ්ගෙ නවාතැන
හපොයි දෙයියනේ!
Deleteඅනේ ඔයාල මරු අනේ...අපිට ඉතින් මෙහෙ ඉඳන් ලංකාවෙ දේවල් බලන්න වෙන්නෙ ඔහොම තමා..හික්ස්ස්ස්ස්...
ReplyDeleteකැමති නැද්ද ඇවිල්ල පොඩ්ඩක් පහන් සංවේගය උපදවාගන්න.
Deleteරුපියලට කෙලවීමට පෙර අතීසාරෙට අමුඩ ගහන්න දන්නා වෙදමහතුන් ඕනා කර තිබේ .. සිරි ඉල්ලන්කා හම යන බැංකුව, කොළඹ එක..
ReplyDeleteඇයි අර ගොං බාන දෙපැත්තට අදිනවලු නේද? හොඳ කාලෝචිත ඇඩ්එක!
Deleteප්‍රවෘත්ති සාකච්ඡා ආවරණය කිරීම සදහා මාධ්‍යවේදීන් අවශ්‍යව ඇත. අනවශ්‍ය ප්‍රශ්න නොඅසා සිටීමේ හැකියාව, කියන දෙයක් පිළිගැනීමේ හැකියාව අත්‍යාවශ්‍ය සුදුසුකම් වේ. ඇමති කෙනෙක්ගේ ලියුමක් තිබීම අමතර සුදුසුකමකි.
ReplyDeleteඅමතන්න -
විස්ස විජ්ජාල ප්‍රති-පාදන කොමිසම
උකස් අද්යාපන මෙව්ව එක
කොළඹ
//අනවශ්‍ය ප්‍රශ්න නොඅසා සිටීමේ හැකියාව//
Deleteඊයෙ දකින්න ඇති නේද බන්දු අංකල්ගෙ චන්ඩි පාට්එක.
එලවලු ගෝනි වලින් පෙට්ටි වලටත් පෙට්ටි වලින් ගෝනි වලටත් මාරු කලහැකි කම්කරුවන් අවශ්‍යයි. ගෙවීම් එලවලු වර්ගය අනුව.
ReplyDeleteජොනී
බෝරපාගික අමා___ශය
හැක හැක හැක බලාගෙනයි ඇස් බි කාරයා එයි උස්සගෙන :D
ReplyDeleteසිරි දේසේ ලහිපිට...
ReplyDeleteවට පට ලබ ලබ ඉන්නේ නැතුව ලහි පිට බැලුවනම් වඩේ ගොඩ.....
ReplyDeleteපට්ටස්....
ලේ අතීසාරයට ගැසීමට යුරෝපා රටකින් ආනයනය කල උසස් තත්වයේ අමුඩ 2ක් (පැකිං නොකැඩූ) විකිණීමට සිරාගේ යාලුවෙකු ලග ඇත.... පළමු වැඩිම ඉල්ලුමට..... විමසිම් බ්ලොගියෙන්...
ReplyDeleteඉතිරි වී ඇති අබලි නිදන් ද්‍රව්‍ය හාරා ඉවත් කිරීමට ටෙන්ඩර්පත් කැඳවනු ලැබේ..
ReplyDelete