දාන්න හිතාගෙන හිටිය පෝස්ටුව වෙනුවට මේක ඉස්සරවුනේ හෙන්රි අයියයි,
ඇවිද්ද පයේ සුදීකයි රත්කල තැටිය නිවෙන්න කලින් රොටිය පුච්චගන්න ඕන නිසා. කොටින්ම මේක ATM කතාවක්. ඇත්තම ඇත්ත. කෙටි කතාවක් වගේ රසවත්. ඒකයි ලියන්නෙ.
මීට අවුරුද්දකට විතර කලින් අපේ ඔපීසියෙ වැඩකලා ක්ලීනින් සර්විස් එකක ගෑණු මනුස්සයො දෙන්නෙක්. ඔපීසියෙ කැන්ටින් එකට යාබදව තිබුන වැසිකිලියක ප්‍රමාණයේ කාමරයක එයාලගෙ බඩුභාණ්ඩ ටිකත් තියාගෙන දැහැමෙන් සෙමෙන් තමුංගෙ රාජකාරිය කරගෙන හිටිය. "අක්ක"යි "නංගි"යි වගේ බොහෝම ලෙංගතුව තමයි මේ දෙන්න හිටියෙ. ඔන්න එක දවසක් මේ දෙන්නගෙන් "අක්ක" මාව හොයාගෙන ආව.
අක්ක : රාජ් මහත්තයෝ මට හරි වැඩේනෙ උනේ.
මම : ඇයි?
අක්ක : මගේ බැංකු පොතේ තිබුන රුපියල් තුන්දාහක්, ඒක නෑනේ.....
මම : ඒ කිව්වෙ? කොහොමද දන්නෙ?
අක්ක : මම දැන් පෙට් මැසින් එකට ලඟට ගිහිල්ල සල්ලි ගන්න බැලුව සල්ලි නෑ.
මේ මනුස්සය ලියුමක් ලියවගන්න, හාෆ්ශීට් එකක්, පෑනක්-පැන්සලක් ඉල්ලගන්න වගේම ෆෝන් එකේ ලොක්එක ඇරගන්න වගේ බරපතල තාක්ෂණික ගැටළු ආවම එන්නෙ මගේ ලඟට. කියන්නා කෙසේ කීවත් අහන්නා සිහි බුද්ධියෙන් අහන්න ඕනනේ. මම ප්‍රශ්න වටය පටන් ගත්ත.
මම : හරියටම ෂුවර්ද ඕකෙ සල්ලි තිබුන කියල? මොකද මේ ගෑනිට හරියට මතකද දන්නෙ නෑනේ.
අක්ක : ඔව් මහත්තයෝ සල්ලි තිබුන. පඩි දැම්මෙ සඳුද. තුන්දාහක් එදාම ගත්ත, අනිත් තුන්දාහ නෑ.
මම : පෙට් කාඩ් එකක් තියනවනේ, ඒකෙ අංකෙ කොහෙද තියෙන්නෙ?
අක්ක : අංකෙ පොඩි කොලේක ලියල ඒක ඇතුලෙමයි තිබුනෙ. මෝඩකමට බේත් නෑ නෙවැ.
මම : මහත්තය ගත්ත වෙන්න බැරිද?
අක්ක : නෑ මහත්තයෝ, එයා දන්නෙත් නෑ සල්ලි ගන්න.
මේ කතාව අස්සෙ "නංගි"ත් ආව.
මම : කාඩ් එක කොහෙද තියෙන්නෙ.
අක්ක : මගේ හෑන්බෑග් එකේ.
මම : දැන් තියනවද?
අක්ක : ඔව්. තියනව. ඒක අරගෙනනෙ මම පෙට් එකට ගියේ. හරිනෙ මෝඩ ප්‍රශ්නයක්.
මම : හරි. එහෙනං වෙන්න තියෙන්නෙ මෙච්චරයි. එක්කෝ හොරෙක් කාඩ්එක අරගෙන සල්ලි අරගෙන ආයිත් දැම්ම, නැත්තං බැංකුවට වැරදිලා. ඔයා ගිහිල්ල කියන්න මැනේජර්ට විස්තරේ. බැංකුවෙ වැරැද්දක් නං එයාල සල්ලි දෙයි. හොරෙක් ගත්තනං අල්ලල දෙයි. මොකද ඔය පෙට්එක ලඟ කැමරා හයිකරල තියෙන්නෙ. ඒවයෙන් බේරෙන්න බෑ.
කතාව එදිවට ඉවරයි. "අක්ක" ගිහිල්ල බැංකුවට කියල. මැනේජර් මහත්තය ලියුමක් ඉල්ලල. තමුන්ගෙ මුදල් නැතිවුන බවත් පරීක්ෂණයක් කර හොයාදෙන්න කියල කරුණාවෙන් ඉල්ලා සිටින බවත් ලියල දුන්නෙ මමමයි. ඒ සිකුරාදා දවසක. එදා හවස, පරීක්ෂණයේ ප්‍රගතිය "අක්ක" "නංගි"ටත් කියල.
සඳුද උදේම මේ මනුස්සය ගියා බැංකුවට, මොකද වෙලා තියෙන්නෙ කියල බලන්න. මැනේජර් මහත්තයගෙන් විස්තර ඇහුවම "අක්කට" තරු පෙනුන,
අක්ක : සර් මම ආවෙ අර සල්ලි නැතිවෙච්ච........
මැනේජර් : ඇයි ඔයා ලියුමක් එවල තිබුනෙ සල්ලි ලැබුන කියල?
අක්ක :(පුදුමයෙන්) ලියුමක්? මම ලියුමක් දීල ගියේ එදා සර්ට. ඊට පස්සෙ ආවෙ නෑ.
මැනේජර් : ඔයා සෙනසුරාද අපේ සිකියුරිටිට ලියුමක් දීල ගියේ නැද්ද, සල්ලි ලැබුන කියල? (මඳක් සොයා) මේ තියෙන්නෙ ලියුම.
සඳුද හවස.
අක්ක : මහත්තයෝ මාර වැඩේ වෙලා තියෙන්නෙ?
මම : ඇයි?
අක්ක : අර.....("නංගි") තමයි සල්ලි අරගෙන තියෙන්නෙ.
මම : oඈ...?
අක්ක : ඔව්. එදා අපි දෙන්නගෙ කතාව එයා අහගෙන හිටියනේ. කැමරා හයිකරල තියනව කියල මහත්තය කිව් නිසා ගෑනි බයවෙන්න ඇති. ඒ ගමන මෙයා කරල තියෙන්නෙ සෙනසුරාද බැංකුව ලඟට ඇවිල්ල මම ලියන විදියට ලියුමක් ලියල සල්ලි ලැබුනයි, පරීක්ෂණ කරන්න ඕන නැතෙයි, කියල මගේ අස්සනත් ගහල මැනේජර්ට දීල. මම බැලුවම මෙයාගෙ අකුරු. මට හොඳටම තරහ ගියා මහත්තයෝ එකට ඉන්න ගෑනිටත් මෙහෙමනං කරන්නෙ.....මම කිව්ව ඇත්ත කිව්වෙ නැත්තං පොලිසි යනව කියල. ගෑනි බයවුනා. ඒ ගමන කිව්ව "හදිසියකට සල්ලි ඕන වෙලා අක්කගෙ කාඩ් එකෙන් ගත්තය, පස්සෙ දෙන්න බලං" කියල. ඊට පස්සෙ ගෑනි ඇඬුව හොඳටම...............
මම : හ්ම්. මදැයි ඔයිං ගියා. රහස් අංකෙ මතක ඇතුව කාඩ් එකත් එක්කම දාල තියන්න. මාත් ෂර්ලොක් හෝම්ස් වගේ පරීක්ෂණය අවසන් කලා.
අක්ක : නෑ මහත්තයෝ මම දැන් ඒක වෙන තැනක හංගල තියෙන්නෙ.
Pages
▼
නියම උදාහරණයක් මචන්....හුඟක් පාරි භොගිකයින් ඔය වරද කරනව. තවදෙයක් සමහරක් ටෙලර්යන්ත්රයෙන් සල්ලිගන්න ගිහින් සල්ලිගන්න එතෙන්ට ඇවිත් ඉන්න අයගෙන් උදව් ඉල්ලනව එකත් තමන්ගේ හොඳ වැඩක් නෙමෙයි. හැබ උඩ ෆොටො එකේ ඉන්න උන්දැ වගේ කෙනෙක් හිටියොත් උදව් කරන්ඩ බොහො අය ඉඳිවි හික්ස්
ReplyDeleteඅඩ්..ඩඩ්ඩේ... මම 1 වෙලා...
Deleteඔයවගේ කෙනෙක් හිටියොත් පින් නම්බර් එකත් එක්ක කාඩ්එක දාල එන්න හිතෙනව නේ? හෙහ් හෙහ් හෙහ්........
Deleteහි හි.... මදැයි.....
ReplyDeleteඇත්තටම ඔය කෙහෙල්මල් රහස් අංකේ මතක තියාගන්න ක්‍රමයක් නැද්ද... කාඩ් 5ක් තියෙනවනං අංක 5කුත් එපැයි....
ඉස්සර නං ඔක්කොම කට පාඩං.... දැං නම් කාඩ් එකවත් තියෙනවද දන් නෑ.... හි හි.....
මොකක් හරි ක්‍රමේකට වෙනත් ගනනක් එන්න අංකයක් කොලේක ලියල කාඩ් එකත් එක්කම දාගන්න. උදාහරණයක් විදියට අංකෙ 2153 නං මේකට 10ක් එකතු කරල 2න් වැඩි කරල තුනක් අඩුකලාම එනක ගාන. :)
Deleteමඟුලක් කතා කරනව, Algorithm එක එහෙම අමතක උනොත් කෙලා තමා. ගාණ වැරදුනොත් එහෙම කාඩ් එකත් ලොක් වෙයි. :(
DeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඔහොම සිද්දියක් වුනා අපේ ඔෆිස් එකෙත්. ඒක ATM ප්‍රශ්ණයක් නෙවෙයි විශ්වාසය පිලිබඳ ප්‍රශ්ණයක්.
ReplyDeleteහරි හරි දැං කවුද කිව්වෙ බැංකුවට වැරදිලා කියල? :D
Deleteකාඩ් එකයි රහස් අංකයයි එකලඟ තියෙන එකේ අදිනව !
ReplyDeleteහ්ම්. යාලුවො තමයි.
Deleteඑදා මෙදා තුර ATM ගැන බ්ලොග් ඉතිහාසයේ ලියවුන ජනප්‍රියම හා හොඳම ළිපිය
ReplyDeletehttp://maathalan.blogspot.com/2011/06/atm-atm-machine.html
එදා මෙදා තුර ATM ගැන බ්ලොග් ඉතිහාසයේ ලියවුන ජනප්‍රියම හා හොඳම ළිපිය
Deleteනොනිමි අහසෙ අවතාර් තමයි ඕක කියල දුන්නෙ. නැත්නම් මම දැනගෙන හිටියෙත් නෑ ඕං.
This link works:
Deletehttp://maathalan.blogspot.com/2011/06/atm-atm-machine.html
එදා මෙදා තුර ATM ගැන බ්ලොග් ඉතිහාසයේ ලියවුන ජනප්‍රියම හා හොඳම ලිපියේ සිංහල පරිවර්තනය!
DDTතුමා සහ මංතුමා එකම දේ එකම වෙලාවේ කර තිබේ!
Deleteකමක් නෑ කකා, කොහොම හරි වැඩේ කෙරෙන්නනේ ඕන. මම අවතාර්ගෙ බ්ලොගේට ලින්ක් එක දැම්මෙ එයා තව තව වැඩකෑලි ටිකක් කියල තිබුණු නිසා.
Deleteමාතලන්
Deleteමම ඔය පෝස්ටුව හෙව්වෙ කකාගෙ බ්ලොගේ නොවැ. නැත්තං ලින්ක් එක වැටෙනව.
කතන්දර & DDT
රාවනා නින්දෙන් අවදිවෙන්න කිට්ටු වෙද්දි ඔයවගේ දේවල් වෙනව.
කකාට ATM කතා නෑද මෙතෙන්ට ලින්ක් කරන්න
Deleteඔය දාලා තියෙන්නේ ලින්ක් එක අපූරුවට !!!
Delete:D
Deleteකතන්දරට ඒටීඑම් කතා මිස්වෙලා. බැංකු කතා නං තිබුන.
ඒ මනුස්සය ඉල්ලගෙන නේ කාල තියෙන්නෙ. බැරි වෙලාවත් මඟදි ඔය හෑන්ඩ්බෑග් එක නැති වුනානම් එකවුන්ට් එකෙත් සැලකිය යුතු මුදලක් තිබුණනම් ඔයිට වැඩිය අමාරුවක වැටෙන්න තිබුණ. ගත්ත කෙනෙක් හොයා ගන්ටවත් නැතුව. ලොකු ගණන් නොතිබුණත් තියෙන සුළු ගාන ඒ මනුස්සයට වටිනව ඇති, හම්බුවෙන පඩියෙ හැටියට.
ReplyDeleteඇත්ත. සල්ලි එච්චර නැති නිසා හොඳයි.
DeleteATM නම්බර් එක පරිස්සමින් පාවිච්චි කරන්න ඕනි.නැත්නම් සොරි ම තමා.
ReplyDeleteහ්ම්.
Deleteහයියෝ... පව්....
ReplyDeleteමටත් ඒටීඑම් එකක් ළඟට යනකොට, බොහෝවෙලාවට ඔය අංකය මතක නැතුව යනවා.... ඉතින් කෝල් කර කර මහත්තයගෙන් අහන්න ගිහින් බැණුමකුත් අහගෙන තමයි සල්ලි ටික ගන්නෙ...
මටත් කොච්චරවත් ඔය කෙහෙල්මල අමතකවෙනවා ඒ හන්දා Phone එකේ Save කරගෙන ඉන්නෙ (හැබැයි Encrypt කොරලා method එක තියෙන්නේ හිතේ )
Deleteමටත් ඕක පඩි දවසට මතක් වෙලා ආයෙත් අමතක වෙනව.
DeleteATM නම් මලමගුලක් තමයි...!අපොයි අපෙත් සල්ලි අඩුවෙනවද දන්නෑ...!!
ReplyDeleteකියන්න බෑ.
Deleteකොහොමද නංගිගෙ ටිකිරි මොලේ
ReplyDeleteටිකිරි තමයි. යාලුවට ඇරිය
Deleteරාජ්, ඔන්න ඉස්සෙල්ලම මායි දීපයි මේක කියවන්න පටන්ගත්තා.
ReplyDeleteදෙබස් ඕනෙ නෑ. මම කියපු ටික විතරක් දාන්නංකො.
පූහ්. මාර පින්තූරයක්නෙ මූ දාලා තියෙන්නෙ.
රාජ් මල්ලි මට ලින්ක් එකකුත් දාලා හෙහ් හෙහ්
පේලි කීපයක් කියවා නැවත උඩට ස්ක්‍රෝල් කර
මාර පස්ස නේ දීපා?
මඳ වෙලාවක් පස්ස නරඹමින් සිට නැවත ලිපිය කියවමින්
පව් නේ මේ මිනිස්සු.
හරි අහිංසක මිනිස්සු නේ.
යකෝ..!
යකෝ මේ එකටම ඉන්න එකීටනෙ වැඩේ දීලා තියෙන්නෙ!
මෙතන මිනිස් කමයි, අහිංසක කමයි, කපටි කමයි ඔක්කොම තියෙනවානේ?
මාර කතාව නේ දීපා?
නැවතත් පෑරුණු හිත හදා ගැනීමට පින්තූරය නරඹමින්
Thank you Raj for the wonderful post and the picture!! he he ☺ ☺ ☺ ☺
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
මට දුක හිතුනේ ඒ ගෑනිගේ පඩිය අහලා
Deleteදීප අක්කා:
Deleteහරි හරි පිංතූරෙ ඕන නෑ කතාව බලමු.
ඔව්මයි ඔයාගෙ නමත් තියනව
ආයෙත් පිංතූරෙ! පුදුම වැඩක්නෙ මේක වයසට ගිහිල්ලත් තියන විසේ!
හරි හරි කතාව කතාව,
හ්ම්.
කපටි ගෑනි.
☺
සොරි මචං... උඹ දාලා තියෙන පින්තූරේ නිසා කමෙන්ට් එකක් දාන්න විදියක් නෑ... ඒක දිහා බලාගෙන ඉන්නමයි හිතෙන්නේ....
ReplyDeleteහා හා ඕනවට වැඩිය බලන්නෙපා. උඹල නරක් වෙනව.
Deleteෂෝක් කතාව.....
ReplyDeleteතැන්කූ.
Deleteඑල ....
ReplyDelete☺
Deleteඑල මචන්
ReplyDeleteතැන්කූ මචෝ.
Delete@ Loku John,
ReplyDeleteඒනට නාරියන් නෑ. මට දුක සහෝ මේ යකා ඇයි ටක්කෙටම කලු කලිසමක් ඇදපු නෑම්ඹියෙක් දැම්මේ. වසයක මට නියම පරිමිතිය පේන්නේ නෑ නොවැ..
පින්තූරෙ උඩ කොටල ලොකු කරලත් පේන්නෙ නැද්ද?
Deleteඒක පෙන්නෙම නෑ නොවැ. පේන එකෙක් කියාපියකෝ මක්කැයි පේන්නේ කියලා..
Deleteකථාවත් එල. පින්තූරෙත් එල :)
ReplyDeletepin නොමබරෙත් අමතක උනා.නියම ATM එක.
ReplyDeleteවෙලාවට මට තියෙන්නෙ එක ATM කාඩ් එකයි.ඒකෙ නම්බරේ කට පාඩම්. :D
ReplyDeleteමට වගේ.
Deleteදැන් කොහිද දන්නෑ හංගලා තියෙන්නේ නේ රාජ් අයියේ..
ReplyDeleteනිශාන් කියල තියෙන්නෙ පහල. ඔළුව පහත්කරල බලපං.
Deleteදැන් හංගනවා ඇත්තේ හැට්ටේ අස්සේ :)
ReplyDeleteගැනිලි බොරු! නේද?
Deleteහපොයි...දැන් කාලෙ එකට ඉන්න එකා (එකී) වත් විශ්වාස කරන්ට බෑනෙ. මෙහෙමත් ලෝකයක්!
ReplyDeleteඅපොයි ඔව්.
Deleteමාර atm මැෂිමක් නේ ෆොටෝ එකට දාගෙන ඉන්නෙ.කාර්ඩ් හිර උනත් ඕන් සල්ලි අදින්නමයි හිත.
ReplyDeleteමේ මැෂිමෙන් සල්ලි අදින්න බෑ. මැෂිම සල්ලි අදිනව. හික්!
Deleteඅනේ ඒ ඇත්තිගෙ පඩිය 6000/- නොවැ... ඒ වගේ පඩියකින් අද කාලෙ කොහොමද ජීවත් වෙන්නෙ කියන ගැටලුව තමා මට තියෙන්නෙ...
ReplyDeleteඑහෙම තමයි. මොනව කරන්නද!
Deleteඔන්න බලමු ඉතින් සිරාගෙ දැනුමෙ තරම......!!!
Deleteපඩිය 6000 යි, 3000 ක් බැංකුවේ ඉතිරි කරලා 3000 ක් අරගෙන, වියදම 2500/= යි(බොරුනම් අහන් න රන්දුල ඇමතිතුමාගෙන්) අමතර 500/= නිකන් පෙටි කෑෂ්වලට වෙන්න ඇති. අනික මහත්තයත් මොනවහරි කරනවා ඇතිනෙ...පවුලේම වියදම ගත්තත් 7500/=යි(බොරුනම් අහන් න රන්දුල ඇමතිතුමාගෙන්)
ඒ උනාට මචෝ මෙන්න කැට ඔය 6000ක් පඩි ගන්න අක්ක ඊළඟ පාරත් ගහනවා කතිරෙ ඔය රන්දුල අමතිතුමාලටම.අනික බන් ඉතින් කොයි කවුරු ආවත් අක්කගෙ පඩිය 6000ම තමයි.ඔන්න අමතර වැඩක් මොනවා හරි කරලා කීයක් හරි හොයා ගත්තොත් මිස.
Deleteඔය කියන රන්දුල ඇමති තුමාම නේද පිටි කිලෝ එකකින් ඉදි ආප්ප 350 ක් හදන්න පුලුවන් ක්‍රමය හොයාගෙන පේටන්ට් බලපත්‍රය ගත්තෙ... ඒ ඉදි ආප්ප කන වෙලාවට විදුලි පංකා දැමීම සපුරා තහනම්ලු...
DeleteAnonymousAugust 20, 2012 7:03 PM
Deleteකතාව ඇත්ත. මොනවා උනත් කතිරෙ ගහනව.
මේ පිංතුරේ නම් අවේසම් බං :D
ReplyDeleteඅවේසම්! මුන්ට පෙනිල තියෙන්නෙ "අ" කපල! :D
Deleteවෙලාතියෙන්නේ දැන් හැම මගුලකට යන්න රහස් අංක එපාය.. මොන යකාටද ඔවුව ඔක්කොම මතක තියෙන්නේ ?
ReplyDeleteඉස්සරහට තව තව දේවල් කරන්න ගියාම රහස් අංක ඉල්ලනවලු. :)
Deleteකාඩ් එක ඒටීඑම් මැෂින් එකට දාන්නේ නැතුව, අනිත් මැෂින් එකේ ස්වයිප් කරන්න හිතෙනවා... :D
ReplyDeleteදවසේ කියමන! :)
Deleteරාජ් අයියේ අර පින්තුරේ කෙල්ල දාන්නේ කාර්ඩ් එකද මන්ද..?
ReplyDeleteසෝක් අක්කයි නංගියි.
බලන් යද්දී අපි හොඳයිනේ..
අනේ මංද බං. පිංතූරෙ සේව් කරල බ්ලොග් එකටත් දාල මම තාම දැක්කෙ නෑ ඔය කාඩ් 1.
Deleteපේන්නෙ වෙන කොහෙවත්.
Deleteරාජ් ට මං කලිනුත් කිව්වා...මේවා දැක්කහම් මුන් ඔක්කොම (මං ඇතුළු ) බලන්නේ පින්තූරෙ දිහා. බොරුද මං කියන්නේ කාටද බං ඔය කාඩ් එක පේන්නේ ඔච්චරම උනන්දුවෙන් බැලුවෙ නැත්නම්.
Deleteඅපේ ගෙවල් පැත්තේ ඉන්නවා රෝහල් උපස්ථායක කෙනෙක්. හෙට අනිද්දට විශ්‍රාම යන්න ඉන්නේ. ඇසුරු කරන්නේ පිරිමි පාර්ශ්වයේ අය විතරක් නිසා වෙන්න ඇති කවදාවත් විවාහ වුනෙත් නැහැ. ඉතින් වියදම් කරන්න දරු පවුලකුත් නැහැ. හැබැයි හරිම ලෝභයි.කාගේ හරි ගෙදරක වැටිලා ඉන්නයි කාලෙන් කාලෙට නවාතැන්පොළ මාරු කරන්නයි මිසක් ගෙයක් දොරක් හදා ගත්තෙත් නැහැ.
ReplyDeleteඅවුරුදු ගානක් මිනිහ ඔහොම සැලකිය යුතු ගානක් ඉතුරු කර ගත්තා. ඒත් අර පිරිමි අය ආශ්‍රය කරන එක නැවැත්තුවේ නැහැ. ඒ අය තමන්ගෙ කාමරයේ තබා ගැනීම පුරුද්දක් වශයෙන් කළා. ඔහොම යන කොට හදිසියේම මිනිහ දැන ගන්නවා ජීවිත කාලයම හම්බ කරගෙන බැංකුවේ දාපු සල්ලි වලින් සොච්චමයි තියෙන්නේ කියල...
බැංකුවේ මහත්තුරුන්ටත් කියල හොයාගෙන යන කොට කාඩ් එකත් එක්කම කොළ කෑල්ලක ලියල තිබුණු රහස් අංකය අර පිරිමි යාළුවෙක් දැකල, ගිණුම හින්දල මාරු වෙලා...
දැන් බුවා ආයිමත් ඉතිරි කරනවා කරනවා... කාඩ් එපා කිව්වලු.
අපරාදෙ සල්ලි!
Delete6000හේ පඩිය අරන් කොහොමද අප්පා ජීවත් වෙන්නේ... ආ... නැහැ නැහැ. රුපියල් 250න් ජීවත් වෙන්න පුළුවන් කාලේ නේ මේ වතුර විතරක් බීලා.
ReplyDeleteඑහෙම මිනිස්සුත් ඉන්නව.
DeleteDAWASAK YAKKALA, P.B. EKE ATM MACHINE CUBICLE EKE KAWDA CHOO KARALA GIHIN THIBUNA. - U N C -
ReplyDeleteඑහෙමද! හදිස්සියට ඒ වැඩේටත් හොඳයි. මාත් දන්නව ඒවගේ සිද්ධියක්. හැබැයි වීඩියෝව ඇති නේද?
Deleteඋඩ පින්තූරේ දැක පෝස්ටුව කියවගෙන යන විට අර 'ක්ලීනින් සර්විස්' අක්කා මේ වගේ වෙන්නැති කියලමයි හිතෙන්නේ.
ReplyDeleteකාලයක කාඩ් ගැන ප්‍රසිද්ධ බැංකුවක වැඩ කරපු මට මේ වගේ අත්දැකීම් කොතෙකුත් අහන්න ලැබිලා තියනවා. අමතක වී ගෙන ගිය මතකයක් රාජ් අළුත් කලා. ළගදිම පෝස්ටුවක් දාන්නම් ඒ ගැන.
ක්ලීනින් සර්විස් අක්ක ගැන ලියන්න මීට වඩා හොඳ කතා තියනව. ඒත් දන්න කියන කවුරුහරි දැක්කොත් හොඳ නෑ. හරි දිගටම ඇදගෙන යං. මේ 4වැනි 1.
Deleteඑකට කෑවත් බොක්ක වෙනස් කියන්නෙ ඕවට වෙන්නැති
ReplyDeleteහ්ම්.
Deleteහයියෝ සල්ලි. අඟේ ඉඳං කන කනවනේ.
ReplyDeleteඒකනේ.
Deleteරාජ් අයියට ශර්ලොක් හෝම්ස් වැඩත් පුළුවන්නේ...
ReplyDeleteනැතුව නැතුව. හොරකං කීයක් අල්ලල තියනවද මේ වෙනකොට.
Deleteකාන්තා පක්සෙ ඔය මෝඩ වැඩේ හරියට කරනවා මම දැකලා තියෙනවා (රහස් අංකෙ කොලේක ලියලා එතනම තියන එකා. අපේ කැම්පස් එකේ ගෑල්ලමයි වගේකත් ඔයවගේ සල්ලි හොරෙන් අරන් තිබ්බා..
ReplyDeleteහ්ම්. මෝඩකමට බේත් නෑ.
Deleteකථා රසය බිඳෙන ෆොටෝ කෑල්ලක් දමා ඇත
ReplyDeleteඅන්න බලන්න කවිකාරි අක්කටත් පෙනිල තියෙන්නෙ ඒකනේ.
Deleteඕකනේ කියන්නේ ගෑනු ගාව යාලුකම් නෑ.. හොඳම යාලුවත හරි අරින්න බලන්නේ..... ( දෙබරෙකටද මන්දා ගල් ගැහුවේ )
ReplyDeleteඇවිස්සෙන 1ක් නෑ. :)
Deleteඋඩ පින්තූරෙ ඉන්නෙ අක්කද නංගිද?
ReplyDeleteදෙන්නම නෙවේ.
Deleteගෑනු උදවිය ලෝකේ තියෙන ඔක්කොම ඕප දූප ටික මතකේ තියන් ඉන්නවා එත් ඔය ඉලක්කම් 4 හතර මතක තියා ගන්න බෑ නේ
ReplyDeleteඅයියෝ අර පොටෝ එක දැක්කාම කමෙන්ට් කරන්න අමතක වෙලා යනවා.
පොටෝව හිතට අල්ලල කස්ටියටම.
Deleteහැමෝම කතා කරන්නේ පොටෝ එක ගැනනේ බොලව් ...
ReplyDeleteමේකි සල්ලි ගන්න ආපු එකියක් නෙවේද කොහෙද ...
හැමෝම කතා කරන්නේ පොටෝ එක ගැනනේ බොලව් ...
ReplyDeleteමේකි සල්ලි ගන්න ආපු එකියක් නෙවේද කොහෙද ...
ඔය සල්ලි මැෂින් ගැන නම් මම දන් නැ..අර පොටෝ එකේ ඉන්න කෙනා මරු...
ReplyDeleteඕවට තමයි කියන්නේ එකට කෑවත් බොක්ක වෙනස් කියල
ReplyDelete