නීති විරෝධී මුදල් ආයෝජනක්‍රම ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. සක්විති අයියයි පියදාස(දඞුවම්) අංකොලුයි ඕක ගැන රටටම කියල දුන්නනේ. සීට්ටු කියන්නෙත් ඔයවගේම ක්‍රමයක් තමයි. විශ්වාසය උඩ ගනුදෙණුව සිදුවෙනකල් හොඳයි. නැත්තං සොරි. සීට්ටු ගැන අපේ මාරය පෝස්ටු ගනනාවක් දාල තිබුන. මේ මගේ අත්දැකීමක්.
පහුගිය දවසක උදේ 9ට විතර කාර්යාලයේ ඉන්න වෙලාවෙ මට කෝල් එකක්! වෙන කාගෙන්වත් නෙවේ, නෝනගෙන්. මුලින්ම කියන්න ඕන මේ සංවාදයේ රතුපාටින් දාල තියෙන්නෙ මම හිතන දේවල් මිසක් කියන දේවල් නෙවේ කියල. නෝනගෙ වචන නිල් පාටිනුත් මගේ වචන තදකළු පාටිනුත් තියෙන්නෙ.
කෑවද? බිව්වද? කෑම රසද? ඔක්කොම කෑවද?....... වගේ ෆුල්ටොස් පන්දු අවසානයේ නෝනගෙන් බවුන්සර් එකක එල්ලවුනා.
"මේ...... අයියේ,....(ඒකාලෙ අයිය කිව්වඑක තාමත් "අයිය" බව කියන්නත් ඕනද?) සීට්ටුවක් තියනව අපිත් දාමුද?"
"හපොයි මට නං බෑ! මොකද්ද ඇති වැඩේ?"
"ඔන්න බලන්න ගාන කීයද කියලවත් ඇහුවෙ නෑ බැ: ගානව"
"කීය උනත් මට බෑ"
"රුපියල් පන්දාහයි. ඔයා දෙදාහක් දෙන්න"
"ඒත් බෑ"
"අනේ එන්නකො. ලක්ෂයක් විතර ලැබෙනව"
"මොන මඟුලක්ද? බෑ කියල කිව්වනේ" "සල්ලි තියනවනං සීට්ටු දාන්න ඕනයැ. බැංකුවෙ දාන්න බැරිය"
"අනේ ඔයා දාන බැංකුව!"
"එහෙනං එනව නේද?"
"එනව නේද?"
"එනව නේද?"
..........
..........
මොන කරදරයක්ද!
..........
..........
..........
රුපියල් දෙදාහයිනේ. නොදුන්නොත්,
"උදේ බත්එකේ හොදි අඩුවෙන්න පුළුවන්"
"දවල් බත්එකේ තියන මාලු කෑල්ල, බිත්තරේ නැතිවෙන්නත් පුළුවන්"
"ගෙදර ආව ගමන් ලැබෙන තේ එකේ සීනි, පිටි අඩුවෙන්නත් පුළුවන්"
"රජතුමා තරහවුනාට වැඩිය හපං"
........................
........................
........................
........................
"හරි. මම දෙදාහක් දෙන්නං"
*****************************************************************
එදින සවස
"අයියේ, අපි එක"
"මොකද්ද?"
"සීට්ටුවෙ අංක එක අපි"
"හා.... දැන් සල්ලි ලැබෙනවද?"
"නෑ එක කිව්වෙ සීට්ටුව දානකෙනා අතහැරල. අපිට ලැබෙන්නෙ දෙවනි මාසෙ"
"හා"
පලමු මාසෙට 2000ක් ගෙව්ව. දෙවනි මාසෙ මගේ ගාන අතට ආව. මම ඒක නෝනගෙ අතට දුන්න.
"මෙන්න ඉස්සරහ මාස ටිකට ගෙවන්න තියන මගේ සල්ලි!"
"ඇයි"
"මගේ ලඟ තිබුනොත් ඉවර වෙනව, මේක ඔයා තියාගෙන 2000 ගානෙ ගෙවන්න. හරිනේ"
"%$^%%@@%$%$&$&^$@%@^%$&^&%**&*$"
අන්තිමේදි මම නිදහස් වුනා.
Pages
▼
හොඳම රතු පාටින් හිතපු දේවල් තමයි..
ReplyDeleteහික්.
Deleteඋඹට හරි වටින මොළයක් තියෙන්නෙ... පරිස්සම් කරගනින් ඇස්වහ කටවහ වදී... :)
ReplyDelete"මේ...... අයියේ,....(ඒකාලෙ අයිය කිව්වඑක තාමත් "අයිය" බව කියන්නත් ඕනද?)"
ReplyDeleteමේ ටික දැක්ක ගමන් මට මතක් උනේ විනෝද සමට එකේ කෑල්ලක්..අමාරිස් අයියයි හාමු මහත්තයයි අතරේ සිද්ධ වෙන...
ම්.... ඒ මොකද්ද?
Deleteජේස්ට උත්තමයෙක්ද කොහෙද
Deleteඔයින් ගියා මදෑ
ReplyDeleteඇත්තටම ඉල්ලීම් වලට එකඟ උනාම අරවගේ කප්පාදු කිරීම් වෙනවද.?
ඒ කප්පාදු කිරීම් කෑම බීම වලින් නවතිනවද?
පිස්සුද! මොන මොන දීමනා කැපෙයිද කවුද දන්නෙ.
Deleteඒ කනේ.....තව තව ඒවට බලපාන්නෙ නැත්ද..?
Deleteහෙහ් හෙහ් ... බ්ලොග් සහෘදයෝ රාජ්ගෙ පවුල් ජීවිතේ ගැනත් වද වෙනවනේ. ඔං බලන්ඩකෝ ඒ කෙත් හැටි. නේද?
Deleteඊට පස්සේ සියල්ලෝම සතුටින් හිටියා කියල නම් කියන්න එපා ..ඕක මං පිළිගන්නේ නැහැ .. අනිත් එක ඉතින් එය ඔය සල්ලි එක පාරට දෙකට වියදම් කරලා ඊට පස්සේ මාසෙන් මාසේ ඉල්ලනකොට නොදී ඉන්න බැහැනේ. අර පලවෙනි දෙදාහට වලංගු තර්ජන ගර්ජන ඔක්කොම එයි.. ඊට වඩා හපන් ස්ට්‍රයික් එක දාගත්තම..
ReplyDeleteඅත්දැකීම් තියන උදවියත් ඔහොම කියල බය කොරන්නෙ ඇයි?
Deleteඅපේ ගෙදරත් සීට්‍ටු වලින් අඩුවක් නෑ..බෙඩ් ශීට් සීට්‍ටු, ඇඳි පුටු සීට්‍ටු , ඕවා තමා...
ReplyDeleteඅර රතු පාටින් තියෙන ඒවා එකක් හරි කියවුනා නං ගෙදරින් බත් කාලා ඉවරයි...
ඒක නං හරි බං. හිතේ හැටියට ලියන්න පුළුවන් මෙහෙම තැනකනේ :)
Deleteනෝනා මේක බලන්නේ නැතෙයි?
ReplyDelete:D :D
ඉස්සර නං ඉඳහිට බැලුව. දැං මෙයත් එක්ක බෑ.
Deleteනෝන පොඩි එකාව බලන නිසා උඹ වැඩ්ඩ වගේ මෙව්ව දානවා නේද? :)
Deleteහෙහ්... මූත් ආඳා වගේ තමා... වයිපරේට හිතෙන්න ඇති "අනේ මෙහෙමත් හිත හොඳ මනුස්පයෙක්" කියලා... විහිළු නෙමේ අපිටත් ඕක වටිනවා....
ReplyDeleteඒකනේ. මෙව්ව උඹලට ඕනවෙන්නෙ ඉස්සරහට.
Deleteරාජ් අයියගේ ටිකිරි මොලේ :))
ReplyDeleteහෙහ් හෙහ්! ඒකනේ.
Deleteආං.... රාජ් රතුපාටින් දාපු ටික මාත් මතක තියාගන්ඩ ඕන.
ReplyDeleteසීට්ටුගැන මගේ අදහසත් රාජ් හිතන විදියම තමා. සල්ලි තියෙනම් බැංකුවෙ දාන්ඩ බැරිය. සීට්ටුවලදි එකෙක් හරි පොල්ල තිබ්බොත් අමාරුවෙ.
සීට්ටු කෙරුවාව අවුලක් නෑ විශ්වාසය තියන උදවිය අතර කරනව නං. මොකද බැංකුවෙ දානව කිව්වට අපි කවදාවත් ඕක ප්‍රායෝගිකව කරන්නෙ නෑනේ. කාන්තා පාර්ශවය තමයි දක්ෂ ඔය වැඩවලට.
Deleteලාබ පාඩු නෑ... "නංගි" ත් ෂේප්... හරිම සිම්පල් ප්ලෑන් එකක්...
ReplyDeleteහරී.....ම සිම්පල්. ඒත් සරත් අයිය නං ඉස්සරහට වෙන්නපුළුවන් හාණි ටිකක් පෙන්නල දුන්න.
Delete//"දවල් බත්එකේ තියන මාලු කෑල්ල, බිත්තරේ නැතිවෙන්නත් පුළුවන්"
ReplyDelete"ගෙදර ආව ගමන් ලැබෙන තේ එකේ සීනි, පිටි අඩුවෙන්නත් පුළුවන්"//
අඩෝ උඹලා "හොදට" කනවා නේද..... :D
රජයේ සේවකයො කන බොන විදිය මෙහෙම ප්‍රසිද්ධ කළාම කෙලවෙන්නෙ අහක ඉන්න අපිටයි..... :(
බිත්තරයක් 10යි. මාලුත් ගන්නෙ වැල්ලෙන්. පිරිමහගන්න පුළුවන් බං. සල්ලි ඇතුවට නෙවේ.
Deleteඒකත් නරක නෑ... :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
තැන්කූ. :)
Deleteකාට අහුවුනත් බ්ලොග් සක්විතිට අහුවෙන්න එපා.... ගැලවිල්ලක් නෑ..
ReplyDeleteතැන්කූ. අහුවෙන්නෙ නෑ. :-)
Deleteමුලින් ම ඔය ගැන මහ බැංකුවට පැමිණිලි කළා නම් ඉවරයිනේ...
ReplyDeleteඕව කියන්න ගිහිල්ල ගමෙත් ඉන්න නැතිවෙයි.
Deleteඑහෙනම් සීට්ටු දාන වැඩෙත් නරකම නෑ ... :)
ReplyDeleteහ්ම්. නාස්තිකාරයන්ට හොඳයි.
Deleteසියඹලාම නොවුනත් පොඩි ඇඹුලක් තියෙන ප්ලොට් එකක් :)
ReplyDeleteඔව්නේ. සියඹලාම තමයි බං. අන්තිමට මම දාපු සීට්ටුවක් නෑනේ. :)
Deleteහැහ්..හැහ්.. ඔහොම ගෙවන්ඩ සීට්ටු දාන්ඩ ඕනයැ..
ReplyDelete:)
Deleteඅපේ පැත්තේ උදවියත් සීට්ටු නම් දානවා ඒත් වැඩිපුර සීට්ටු දාන්නේ මුලුතැන්ගෙයි උපකරණ වලට .. ගල් වංගෙඩි . ඇලුමිනියම් මුට්ටි , පිඟන් රාක්ක , වීදුරු සැට් , සල්ලි වැඩේට වඩා ඒ වැඩේ නම් සෝක් ..
ReplyDeleteසීට්ටු නරක නෑ. සීට්ටු දැමිල්ල නිසා එකසැරේට කරන්න බැරි දේවල් කරන මිනිස්සු ඉන්නව
Deleteඔය හිස් අහස ලියලා තියෙන සීට්ටු අපේ පැත්තෙන් තියෙනවා. වෙන එකක් තියා අපේ අම්මත් සීට්ටු වලට හරිම කෑදරයි . දැන් නම් නැද්ද කොහෙද.. ඔය බඩු මූට්ටු සීට්ටු වලට උන්නා. ඇලුමීනියම් හට්ටි මුට්ටි , ප්ලාස්ටික් පුටුවලට එහෙම.
Deleteමරු වැඩේ...
ReplyDelete:)
Deleteඅන්න මොලේ ඇති වැඩේ.ඒකත් වෙලාවට මුල අංකයක් හම්බ වුනේ පහු පහු වෙනකොට සීට්ටුව දාපු කෙනා හොයා ගන්න නැති වුනොත් අපරාදෙ සල්ලි.
ReplyDeleteපිරිස ගැන නං අවිශ්වාසයක් නෑ. ඕව කම්මැලි වැඩ ඒකයි.
Deleteකොහොමද ටිකිරි මොලේ..;)
ReplyDeletetitle එක දැක්කම මන හිතුවේ සිරාවට මොකෙක්ට හරි අහුවෙලා කියලා
නූලෙන් බේරුනා කිව්වෙ ඒකයි
Deleteහොඳම ටික තියෙන්නේ රතු පාටින් සහ නිල් පාටින්.:)
ReplyDeleteපුතාට නමක් තිබ්බද?
:)
Deleteතාම නෑ.
සීට්ටු දැමිල්ලේ අවදානමක් තියෙනවා තමයි.
ReplyDeleteඒත් මටනම් හිතෙන්නේ හරි විදිහට වැඩගත්තොත් ඒකෙන් ඵල ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියලායි.
මොකද ඕනෑම වෙලාවක අපේ "අත්‍යවශ්‍ය වියදම්" ගොන්න, අපි උපයන ආදායමට සම වෙනවා.
ඉතිං සීට්ටුවකට මාසිකව මුදලක් වෙන්කලොත්, කීයක් හරි ඉතිරිකරගන්න පොටක් පෑදෙනවා.
සීට්ටු දැමිල්ලට පත්තියං වෙච්ච උදවිය ඉන්නව ගම්වල. ඇත්තටම සීට්ටුවකින් පැනගිය කෙනෙක් ගැන මම නං අහල නෑ.
Deleteඉතිරිකිරීමට හොඳ මාර්ගයක් තමයි මේක. (මම පෝස්ටුව ලිව්වෙ හාස්‍ය රසය සඳහා පමණයි)
එක හන්දා හොඳා නැත්නම් මේ පොස්ට් එක වෙන විදියකට ලියන්න තිබුනා හික් හික්
ReplyDeleteහ්ම්. ඒත් කරන්න දෙයක් නෑ. සල්ලි ගෙවන්න වෙනව.
Deleteහෙහ් හෙහ් රුපියල් දෙදාහ වගේද යටිතල පහසුකම් කපාහැරියොත්.
ReplyDeleteඅන්න ඒකනෙ බං උඹට හරියටම තේරුනා. :)
Deleteහික් යාමේ බේරාගත්තා කූට විදියට :)
ReplyDeleteනැතුව. මොන ප්‍රයෝගයක් හරි දාල බේරෙන්න එපැයි.
Deleteඅන්න ටිකිරි මොළේ.... ලස්සනට අන්දලා ඇඟ බේරාගෙන. ඔය සීට්ටු වලට මගේ නම් ඒ හැටි කැමැත්තක් නෑ. සීට්ටු වලට ඉදලත් නැද්ද කොහෙද.. අර වෙන්දේසි සීට්ටු මට නම් මොනවද කියලවත් තේරෙන්නෙ නෑ
ReplyDeleteවෙන්දේසි සීට්ටුව නං ලාභයි අන්තිමයට.
Deleteයකෝ රාජ්!
ReplyDeleteතැන්කූ මේ අයිඩියා එකට.
මම එක එකාගෙන් සල්ලි ඉල්ලන් පොලු තියල බොග අවකාශෙටම කිච වුනා!
මේ වගේ සීට්ටු දම්මල පොල්ල තිබ්බ නම් පොඩි ගාන නිසා කවුරුත් නඩු දාන්නෙත් නෑ. අදම ගෑනිට කියල සීට්ටු කීපයක් සෙට් කරගන්නම්.
එන්න-කෝලංකා සංචාරකාධිපති
බ්ලොග් සක්විති පොදිරිසිංහ
හහ් හහ් හහ් හා...........
Deleteමේක 'නංගිට' හොරෙන් ලියන බ්ලොග් එකක් බව සක් සුදක්සේ පැහැදිලියි!
ReplyDeleteරාජ් 'අයියට' තාම රතු අකුරෙන් හෝ සිතීමේ නිදහසතියෙන එක ගැන සන්තෝසෙ බෑ.
හැබැයි ඉතින් මේක 'නංගි' කියවපු දාට රාජ් 'අයියත්' රතු දත්ත පොතේ තමයි!!!:)
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)
හැබැයි ඉතින් මේක 'නංගි' කියවපු දාට රාජ් 'අයියත්' රතු දත්ත පොතේ තමයි!!!:)
Deleteකවදාවත් කියවන්නෙ නෑ. කියෙව්වත් අවුලක් නෑ. "නංගි" වලියට බර නෑ.
රාජ් අයියා රතුවෙන් හිතපුව කිව්ව නම් තමා ෂෝක්... අර හෙන්රි අයිය කිව්ව වගේ වැඩක් තමා වෙන්නේ...
ReplyDeleteහී හී..
Deleteආඳා වගේ :D
ReplyDeleteඅය්යෝ සල්ලි දෙය්යගේ මල්ලි කියුවලු,
ReplyDeleteමොලේ තමයි මොලේ :ඩ්
තැන්කූ. :)
Deleteමාළු කෑල්ල බිත්තරේ අඩු වුනා වගෙද ඔය සීට්ටුවක් දාලා අතුරුදහන් වුනොත්. මට මතකයි කලින් සීට්ටු ගැන කියපු මගේ මරණය ඕකේ සයිඩ් ඉෆෙක්ට්ස් කතා කරලා තිබ්බා.
ReplyDeleteමම නම් තවම සීට්ටු දාලා නෑ. කොහෙද ඉතින් මාසේ අන්තිමට සීට්ටු දාන්න සල්ලි ඉතුරු වෙන්න එපැයි අපිට...
(මම ඒ සල්ලි අරන් ගිහින් ශොපින් කරලා පොඩි එකා වගේ සතුටු වෙනවා.)
සීට්ටුකරුවන් අතුරුදහන් වෙච්ච සිද්ධීන් අඩුයි. හේතුව කාලයක් තිස්සේ හොඳට දන්න කියන උදවිය තමයි සෙට්වෙන්නෙ.
Deleteරතු පාට ටික උපරිමයි ඈ...
ReplyDeleteබැන්දම මාර ගේමක් දෙන්න එපැයිනේ ජීවත් වෙන්න හම්මියෝ ඔය ඉල්ලන දෙයක් දීලා දාන එක සැපයි වගේ...
නැතුව නැතුව. බැඳල බලපංකෝ....
Deleteහම්මේ මම නම් කිසිම කෙනෙක් එක්ක ඔහොම විශ්වාසය මත මුදල් ගනුදෙනු කරන්න ආස නෑ. පොඩ්ඩ පොඩ්ඩ ඉතිරි කරන්න ඉගන ගත්තනම් සීට්ටු දාන්න ඕන වෙන්නේ නෑ නේද
ReplyDeleteඔව්. කරන්න පුළුවන් නම් හොඳම දේ.
Deleteහික්ස්..
ReplyDeleteරාජ් අයියගෙ මොලේ තමා මොලේ..
හික්ස්..
Deleteඅපේ අම්මත් ඔය සීට්ටු වලට නම් බැදිලා හිටියා. ඒවගෙන් එක එක දේවල් අරගෙනත් තියෙනවා. රාජ් කියනව වගේ අපි කවදද් පොත් වල දාලා සල්ලි තැන්පත් කලේ.
ReplyDeleteඒකනේ.
Deleteරාජ් මොල කාරයා බව කියන්න තව අටුවා ටීකා මොනවටද?
ReplyDelete:)
Deleteමම සීට්ටු දැම්මේ ඉස්කෝලේ යන කාලේ එකතු කරන්නේ මම අවුරුද්ද ඉවර වෙද්දී සිට්ටුවත් නැහැ ලාබෙ මට.
ReplyDeleteමාත් පටන්ගන්න ඕන.
Deleteරාජ් අයියගේ ටිකිරි මොලේ..
ReplyDeleteඅර රතු පාටින් හිතිච්චා රාජ් අයියා අවුලක් නැතුව ලිවුවා.. මම මේ කල්පනා කලේ ඉස්සරහට මට ඔහොම පාට පාටින් වත් ලියන්න බෑ.. හිතේ තියන්ම ඉන්නවා මිස.. :)
උඹට රතුපාටින් ලියන්න වෙන්නෙ නෑ මලයෝ. දුක තමයි.
Deleteමාත් සීට්ටුවලට කැමති නැතුවයි හිටියේ ...
ReplyDeleteමේක දැක්කට පස්සෙ කැමති වෙන්න හිතුවා ...
:) හොරුන්ට අහුවෙන්න නං එපා.
Deleteහා හා මරැ වැඩක් නොවැ ඒක... සීට්ටුව මුලින්ම ගත්තට අන්තිම වෙනකන් ගෙවන්න එපෑයැ... දැන් වයිපරේ නංගි ගෙන් කරදරයක් නැතුවාද ?
ReplyDeleteඅන්තිමට ගෙවන සල්ලි මුලින් දුන්න. හරිම සිම්පල්.
Deleteඅනේ මම නම් සීට්ටු වලට කැමති නෑ කොහෙත්ම...බැංකුවක දැම්මාම පොලිය වත් එනව..ඕන වෙලාවක ගන්න පුලුවන්..
ReplyDeleteහොද උප්පරවැට්ටියක් මචං..
ReplyDelete