☻ එදා ගිහිකල කල වැරදිවලින් ගැලවීමට අංගුලිමාල හාමුදුරුවන් පිරිත් කීවේය. අතීත වර්තමාන අනාගත තුන්කල් වැරදි වලින් ගැලවීමට බීප් බීප් පුත්‍රයා සර්වඥ ධාතූන් හිසමතින් වඩම්මවයි. අනේ සාදු!
☺ එදා ලෝකයේම ළමයින්ට සුරංගනා කතා කීවේ හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ය. මෙදා ලාංකීය වැඩිහිටියන්ට සුරංගනා කතා කියාදෙන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාය. වෙනසකට ඇත්තේ කුතුහලය වෙනුවට හාස්‍ය මතුවීමය.
☻ එදා කුඩුකාරයන් හොරකම් කලේ අනුන්ගේ වැල්වල තිබූ පරණ ඇඳුම්ය. අද කුඩුකාරයන් හොරකම් කරන්නේ අධි ආරක්ෂිත කලාපයේ ඇති කෞතුක වස්තූන්ය. අන්න හැදෙන මිනිස්සු!
☺ එදා ටියුෂන් ගුරුවරු විභාග ප්‍රශ්න අනුමාණ කලේය. අද ටියුෂන් ගුරුවරු විභාග ප්‍රශ්නපත්‍ර කෙලින්ම විභාග දෙපාර්තමේන්තුවෙන් ආනයනය කරයි. කෙලින් වැඩ!
☻ එදා ජනාධිපතිතුමා රැකගැනීමට මැති ඇමතිවරුන් ජනතාව සමඟ ප්‍රශ්න කතා කලේය. අද මැති ඇමතිවරුන් රැකගැනීමට ජනාධිපතිතුමා ජනතාව සමඟ කතා කරයි. අන්න ජනතාවාදී නායකයො!
☺ එදා නාවික හමුදාවේ ලොකුම හතුරා සුසෙයිගේ මුහුදුකොටි බලකාය විය. අද නාවික හමුදාවගේ ලොකුම හතුරා නුවර රග්බි කණ්ඩායමයි. අනේ අනිච්චං!
☻ එදා ජපන්/චීන ජාතිකයෝ බොන්සායි ක්‍රමයෙන් ගස් "කුරු" කලේය. අද අලින් කුරු කිරීමේ ක්‍රමය හඳුන්වා දෙන්නේ රනිල් වික්‍රමසිංහය. උත්සාහවන්තයා ජයගනී.
☺ සර්වඥ ධාතූන් වඩම්මා එයින්ද දේශපාලන වාසි ගැනීමට තරම් මහින්ද මහතා කපටිය. ධාතුවල "ජාතකය හෙවීමට ගොස්" පජාත වීමට තරම් රනිල් වික්‍රමසිංහ මහතා අඥානය.
☻ එදා ළමයින්ට ඉසඩ් අකුර මතක් උනේ ZOO ලිවීමට යද්දී පමණි. අද Z මතක් වෙද්දී ළමයින් පමණක් නොව දෙමාපියන්ද වෙව්ලයි.
☺ එදා බුදුන් වහන්සේ වැඩම කර බිලි පූජා නැවැත්වීය. මෙදා ජනපතිතුමා සර්වඥ ධාතු වැඩමකරවා බිලි පූජාව කල් දැමීය. ඒකත් මදැයි!
☻ එදා එජාප මහලේකම් වරුන්ට අවශ්‍ය වූයේ ආණ්ඩු පිහිටුවීමයි. අද තිස්ස අත්තනායක මහතාට අවශ්‍ය කෙසේ හෝ පක්ෂයේ විනය රැකගැනීමයි. ලෙඩා මළත් බඩ සුද්දය!
අනේද කියන්නෙ :)
ReplyDelete☺ එදා නාවික හමුදාවේ ලොකුම හතුරා සුසෙයිගේ මුහුදුකොටි බලකාය විය. අද නාවික හමුදාවගේ ලොකුම හතුරා නුවර රග්බි කණ්ඩායමයි. අනේ අනිච්චං! අනේද කියන්නේ.. මැච් එකක් දවසට අහල පහලින් යන්නත් බයයි..
ReplyDeleteමමත් ආස ඔය ටිකට. ඒක කොපි කරන් ආව කමෙන්ට් කරන්න. උබ ඒක දාල නේ :(
Deleteමුළු පෙස්ට් එකේම පට්ටම ටෝක මේක තමා
Deleteතැන්කූ.
Deleteඔන්න වැඳපල්ලා මෙන්න කියා තියන ධාතු ප්‍රදර්ශනය
ReplyDeleteඅනේ මෙහෙමත් වෙනවනේ
කියෙව්ව.
Deleteලෙඩා මලත් බඩ සුද්දයි ඈ...
ReplyDeleteහ්ම්.
Deleteඕව කොහොම කිව්වත් මිනිස්සුන්ට ගානක් නෑ රාජ්. මාකෝස් බලයෙන් පහ වුනාම තමයි එයාගෙ වැඩ කෑල්ල මිනිස්සු කතා කළේ, කොටින්ම ගෑනිගෙ සෙරෙප්පු කුට්ටම් කලෙක්ෂන් එකේ ඉඳල එළියට ආව. මෙහෙත් කවදකහරි ලොක්ක ගියදාක සමහරවිට එයාගෙයි, ආරියාවගෙයි, පුත්‍ර සමාගමෙයි, සහෝදර සමාගමෙයි වංහුං වලින් පත්තර පිටු පිරේවි. එදාට නම් මිනිස්සු තමන් කරපු ගොන්කම් හරියටම තේරුම් ගනීවි, ප්‍රමාද වැඩිවුණත්.
ReplyDeleteහේමා ප්‍රේමදාසටත් එමිල්ඩා මාකෝස් වගේ කලෙක්ෂන් තිබුනා.
Deleteඒත් අපේ එවුන් තේරුම්ගන්න එකක් නෑ.
Deleteකතා ටික නම් පට්ටයි :)
ReplyDelete"එදා ගිහිකල කල වැරදිවලින් ගැලවීමට අංගුලිමාල හාමුදුරුවන් පිරිත් කීවේය" හැබැයි මේ කතාව නම් මෙහෙම නෙමෙයිනේ
ගල් වදිනකොට ඒවයෙන් බේරෙන්නනේ පිරිත් කියන්න උනේ.
Deleteඅපාරාදෙ කියන්න බෑ නියම කියමන් ටික.
ReplyDeleteWELL WRITTEN ARTICLE. - UNC -
ReplyDeleteතෑන්ක්ස් අංකල්. අසනීපෙ හොඳද?
Deleteවැදගත් දෙයක් ගැන කතා කරමුද...? දෙපැත්තම එකයි වැඩක් නෑ...
ReplyDeleteමේව වැදගත් නැද්ද?
Deleteහිටහල්ලකො මම අපේ පපීට කියලා බ්ලොග්කාරයොන්ටත් වැඩේ සෙට් කරන්න
ReplyDeleteබීප් බීප් රාජපක්ෂ
බයේ බෑ.
Deleteඑදා කොළොන්නාවේ පොර තෙල් බාලා, අද බාල තෙලා
ReplyDeleteඑදා රජවරු හොඳ කඩු පයිට් කාරයෝ, මෙදා රජවරු කඩු ගිලින මැජික් කාරයෝ
එදා එකෙක් පැන්නොත් ඌ රොනී, අද මුළු විපක්සෙම පනී
පට්ට පෝස්ට් එක. පත්තරවලට යවපන්...
සිරාවටම...
Deleteඑදා රජවරු හොඳ කඩු පයිට් කාරයෝ, මෙදා රජවරු කඩු ගිලින මැජික් කාරයෝ
Delete:)
රාජ් හිතලා තියෙන විදිය නම් අපූරුයි... මෙහෙම සිතුවිලි පහල වෙන්නත් හොද කලාවක් ඇගේ දුවන්න ඕනෙ... ජය!
ReplyDeleteතැන්කූ වේවා.
Deleteආයෙ හෝදන්න දෙයක් නෑ, සහසුද්දයි.... :D
ReplyDeleteපළාතම ගඳයි ☻
Deleteරාජ්... දැන් වෙනදේ බැළුවාම ලිස්ට් එක ඔතනින් ඉවර කරන්න බැරි වෙනවා..
ReplyDeleteඅපොයි ඔව්. ඒකට වෙනම බ්ලොග් එකක් ලියන්න පුළුවන්.
Deleteලෝකෙන් උතුම් රට සිරි ලංකාවයි :)
ReplyDeleteනියම කතා සෙට් එක.. ආයේ හෝදන්න දෙයක් නෑ...
ReplyDeleteආශ්‍චර්රෙ ආශ්චර්රෙ!
ReplyDeleteniyamay
ReplyDeleteතැන්කූ.
Deleteසමා වෙන්න ඕනේ අහනවට. මම මේ දවස් කීපයක්ම මේ ධාතු කතාවක් දැක්කා. මොකක්ද මේ?
ReplyDeleteමේ දවස්වල නාමල් මන්ත්‍රීතුමා ඉන්දියාවෙ ඉඳල ලංකාවට සර්වඥ ධාතු වඩම්මල. ලංකාව පුරාම පෙන්නනව. කිලෝමීටර 10-15 පොලිමේ ඉඳල බලන්නෙ. ඒ අස්සෙ ඡන්ද අපේක්ෂකයො කැකුණ තලනව.
Deleteකතාවනම් ඇත්ත, මසුරන් කිලෝ එකක් කටේ ඔබන්නද නැත්තම් ගෑස් සිලින්ඩරයක් හරි පාන් ගෙඩියක් හරි කටේ ඔබන්නද?? :ප
ReplyDeleteපාන් නං කන්නෙ නෑ. ඒ නිසා ගෑස් හොඳා. :)
Delete//....☺ එදා නාවික හමුදාවේ ලොකුම හතුරා සුසෙයිගේ මුහුදුකොටි බලකාය විය. අද නාවික හමුදාවගේ ලොකුම හතුරා නුවර රග්බි කණ්ඩායමයි. අනේ අනිච්චං!...//
ReplyDeleteපස්ස පැත්තෙනුත් හිනා යනව...
මොනවා කරන්නද!
Deleteඇත්ත බන්. මේක තමයි දවසේ කියමන.
Deleteප්‍රවෘත්ති අඩවි මොකට ද තොරතුරු දැනගන්න රාජ් ඉන්නකොට :D
ReplyDelete☻
Deleteමොනා කියන්නද නොතේරේ....අපිත් බක බක ගගා හිනාවෙවී ඉන්නවා... :))))
ReplyDeleteමෙව්වට හිනාවුනාට අඬන්නයි ඕන.☻
Deleteකාලය වෙනස් වෙලා නේන්නම් සෑහෙන්න.. අපිත් බලාගෙන ඉන්නවා ඉතින්..
ReplyDeleteහ්ම්. ඔය ඉන්න රටටම වෙලා ඉඳපං මලේ. ආ.... අරයවත් ගෙන්නගනිං.
Deleteමේ ඔක්කොමද නැත්නම් තව කොටසක් තියෙනවද ?
ReplyDeleteදැනට ඔක්කොම!
Deleteමේකත් 'එදා සහ මෙදා' රාජ්ගෙන් කියලා මාතලන්ගේ පොත් ගොඩට දැම්මා නම් හරි. :)
ReplyDeleteහපොයි!
Deleteහොදයි. හොදයි. යතුරු පුවරුවේ තව තිරිංග ටිකක් ඉතුරු වෙලා කියලයි දේශකයාට හිතෙන්නේ. ඔන්න ධාතු ගැන දේශකයාගේ අදහස බලාගන්න පහත ලින්කටුවෙන්.
ReplyDeletehttp://deshakaya.blogspot.com/2012/09/blog-post.html
කියෙව්ව.
Deleteඇත්ත නේන්නම් අයිබොවන්ඩ
ReplyDelete☺
Deleteකියලා වැඩක් නෑ.... හිනා ගියා හොඳටම.... ඇත්තම තමයි....
ReplyDelete☺
Deleteරට යන අත...
ReplyDeleteමරු කතා ටික....
ReplyDeleteබ්ලොග් ලෝකෙ ගැන..
ReplyDeleteඑදා වර්තමානයක් හෝ පැහැදිලි අනාගතයක් නැති රටක රජෙක් ගැන ලියලා වර්ගපූර්ණිකාව අපිව හිනැස්සුව. අද ඒ දේම කරලා ජනසේනා අපිව හිනස්සනවා.
එදා වර්ගපූර්ණිකාව මෝඩයින්ගේ මෝඩකම් වලට 'ප්‍රහසනයෙන්' පහර ගැහුවා. අද ජන සේනා මෝඩයින්ව 'බොක්කෙ ටෝකෙන්' අන්දනවා.
එදාත් අපේ මහජනතාව ඇස කන් නාසා වසාගෙන ඉස්සරහින් යන ගොනුන් පස්සේ ගියෝය අදත් ඔවුහු එසේම යති.. නොවෙනස්ව ඇත්තේ එයම පමණකි..(They continue to follow the herd instinct)
ReplyDeleteනියමයි රාජ්... හැබැයි මේ වික්ටර් අයිවන්ගේ ක්‍රමේ පාවිච්චිකරපු එක තමයි නරක.....
ReplyDeleteරතු රජරට බ්ලොග් එක ලියන් නෑද්ද
Delete?
?
?
ලියනවා ලියනවා ,,මේ දවස්වල ටිකක් හිතමින් ඉන්නවා අලුත් ප්‍රවේශයක් ගැන. ඩිනෙ. මගේලිපියකට කොමෙන්ටුවක් වශයෙන් දාපු ඔබේ කවිය අපූරුයි .ස්තූති
Deleteඑදා වැවේ වතුර වලින් කුඹුරු පෝශනය වුනා අද කුඹුරු පුරන් වෙද්දි හෝටල් දියුනු වෙනව.
ReplyDeleteනැත්නම් නැත්නම් ඒක රාජ් ලියලා නෑනෙ.
Deletenice post thank for sharing this.
ReplyDeleteICC T20 World Cup 2020 Schedule
ICC T20 World Cup 2020 Schedule PDF