පවුලක වේවා යම් කණ්ඩායමක් අතර වේවා ආයතනයක වේවා විශ්වාසය බිඳීයාම බරපතල ප්‍රතිවිපාක ඇතිකරන්නකි. ව්‍යාපාරික හෝ වෙනත් ආයතනික මට්ටමින් ගත්කල විශ්වාසය බිඳීයාම බරපතල ප්‍රතිවිපාක ඇතිකරන්නකි. ලාභ ඉපැයීම අරමුණු කරගෙන පිහිටවූ පෞද්ගලික ආයතනයක් සැලකූ විට එය එම ආයතනයේ පරමාර්ථ වලට කෙලින්ම බලපෑම් ඇති කරයි. මෙම බිඳීයාම ජනතා මුදලින් නඩත්තු වන රාජ්‍ය ආයතනයක් සම්බන්ධයෙන් ගත්කල අතිශයින්ම භයානකය. රජයේ ආයතන වූකලී විශ්වාසනීයත්වය උපරිම මට්ටමින් තිබියයුතු එමෙන්ම අනෙක් අතට සේවා දායකයන්ගෙන් එවැනිම විශ්වාසයක් බලාපොරොත්තුවන ඒකකයන්ය. උදාහරණයක් ලෙස ඔබ ඔබේ විදුලි බිල්පත හෝ ජල බිල්පත ගෙවීමට අදාල ආයතනයට ඉදිරිපත් කල චෙක්පතක් අගරුවීම සැපයුම විසන්ධිකිරීම මෙන්ම සදාකාලයටම ඔබේ චෙක්පත් භාර නොගැනීමට හේතුවක් වියහැකිය.
තත්වය මෙසේ වුවද පසුගිය කාලයේ ඇතිවූ යම් යම් සිදුවීම් දෙස බැලීමේදී රාජ්‍ය ආයතනවල මේ අංශයේ පිරිහීම හොඳින් දක්නට ලැබෙන කරුණකි. මේ සටහන ඒ පිළිබඳවය.
විභාග දෙපාර්තමේන්තුව.
මෙම ආයතනය පිලිබඳව අමුතුවෙන් විස්තර කිරීම අනවශ්‍යය. මීට වසර කිහිපයකට පෙර යම් මට්ටමක කීර්තියක් රඳවාගෙන තිබූ විභාග දෙපාර්තමේන්තුව වසර කිහිපයක් ඇතුලත දැඩි පිරිහීමකට ලක්විය. ප්‍රශ්න පත්‍රයක සෝදුපත් බැලීමෙහි සිට රහස්‍යභාවය රැකීම දක්වා වන සියළු අංශයන්ගේ විශ්වාසනීයත්වය බිඳවැටිනි. අපකීර්තිමත් කොමසාරිස්වරයා ඉවත්වී ගියද තත්වය යහපත් අතට ගමන්කිරීමක් නෙපෙනේ.
කොරියානු භාෂා විභාගය.
සෑම වසරකට වරක් බැගින් පැවැත්වුවද මහත් ආන්දෝලනයක් ඇතිකරමින් අවසන් වන කොරියනු භාෂා විභාගය, දෙපාර්තමේන්තුවේ සැබෑ ප්‍රශ්නයේ කැඩපතක් වැනිය. මෙහි මූලිකම ප්‍රශ්නය නිසි කළමනාකරණයක් ඇතිකර ගැනීමට ඇති අපොහොසත් භාවයයි. එසේ නොවූයේ නම් විභාග අවසරපත්‍රය ලබාගැනීමට එකිනෙකා මරාගන්නා පෝලිම්වල සිටීමට අවශ්‍යවන්නේ නැත. සාමාන්‍යයෙන් ඕනෑම විභාගයක අවසරපත්‍රය නිවසට හෝ පාසල වැනි අයදුම්කරුවාට පහසු ස්ථානයකට ලැබීමට සැලැස්වුවද මෙවර මෙම විභාගයේදී අනුගමනය කර ඇත්තේ අපූරු උපක්‍රමයකි. දුරකථන සිම්පතකට එවන පණිවුඩයකින් දැනුම්දීම නිවැරදිව සිදුකරන බව දෙපාර්තමේන්තුව පැවසුවත් බොහෝ පිරිසකට සාධාරණය ඉටුකිරීමට ඔවුන් සමත්වී නැත. මාධ්‍ය වලින් දැනගත් ආකාරයට විශාල පිරිසකට විභාගයට මුහුණදීමට නොහැකිවී ඇත.
දරුවනේ!
මේ දිනවල තිරගත වන 'දරුවනේ' නම් චිත්‍රපටයේ අවුලද මෙවැනිම ප්‍රශ්නයකි. සුනිල් ටී පෙරේරා නිෂ්පාදනය කල මෙම සිනමාපටයේ වංචනික ව්‍යාජ පිටපත් නිෂ්පාදනය වී ඇති අතර සොයා බැලීමේදී අනාවරණය වූයේ එය පාසල් ළමුන්ට දර්ශනය සඳහා අවසර ගැනීමට අධ්‍යාපන අමාත්‍යංශයට ලබා දුන් පිටපත ව්‍යාජ පිටපත් මුද්‍රණය සඳහා යොදාගෙන ඇති බවයි. මෙවැනි දෑ ඇතිවීම ඉතාමත් ලජ්ජාසහගතය.
මීට ටික කලකට පෙර එක්තරා රජයේ ආයතනයක් අධිකරණය හමුවට ගියේ විගණකාධිපතිවරයා එම ආයතනයෙන් ඉල්ලා සිටි පැහැදැලි කිරීමක්-හෙළිකිරීමක් කල නොහැකි බව පවසමින්ය. එම ආයතනයේ යම් ද්‍රව්‍යක් නිෂ්පාදනය කල අතර විගණකාධිපතිවරයා ඉල්ලා සිටියේ රහසක් ලෙස පවතින එහි සංයුතිය ලබාදෙන ලෙසය. ඒ සඳහා ඔහුට බලතල ඇතත්, උක්ත ආයතන ප්‍රධානියාගේ තර්කය වූයේ අදාල සංයුතිය හෙලිවීම තුල අනුපූරක නිෂ්පාදන බිහිවියහැකි බවයි. මේ සම්බන්ධව අධිකරණය තීරණය කලේ විගණකාධිපතිවරයා වෙත අදාල හෙලිකිරීම සිදුකරන ලෙසත් එහි වගකීම විගණකාධිපතිවරයා දැරියයුතු බවත්ය.
මේ විශ්වාසය බිඳීයාම පිලිබඳ මගේ අත්දැකීමකි.
2007 වසරේදී අනතුරට ලක්වූ මගේ යතුරුපැදිය පූර්ණව රක්ෂණය කර තිබුනේ ජනශක්ති රක්ෂණ සමාගමෙන්ය. සිදුවූ හානිය රුපියල් 50000ක් පමණ වූ අතර අදාල මුදල ලබාදීම දිගින් දිගටම ප්‍රමාද කිරීම සිදුවිය. මෙවැනි දේ පිලිබඳව පැමිණිලි කිරීමට නිලධාරීන් එම ආයතනයේ සිටි අතර මා එවන් නිලධාරියෙකුටත් ඔහු පිලිබඳ තවත් ඉහල නිලධාරයෙකුටත් පැමිණිලි කලද එය හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් විය. මාස කිහිපයකට පසු නියමිත ප්‍රමාණයට අඩු මුදලක් ලැබුනු අතර එය හානිය පියවාගැනීමට තරම් නොවීය.
ඊට ටික කලකට පසු මා සේවය කල කාර්යාලයේ නිලධාරීන්ට ගෙවීමේ ක්‍රමයට යතුරුපැදි ලබාදීමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මකවූ අතර යතුරුපැදි ගෙන්වූ සමාගම සමඟ රක්ෂණය කිරීමට පැමින තිබුනේ 'මා හිතවත්' ජනශක්ති රක්ෂණ සමාගමයි. එවකට කාර්යාලයේ වැටුප් සකස්කිරීමේ යෙදී සිටි මගේ 'කෙටි දැනුවත් කිරීමකට' පසු යතුරුපැදි ලබාගත් සියලුදෙනා රක්ෂණය සඳහා වෙනත් ආයතන සොයා ගියහ.
විශ්වාසය කඩවීමේ ඵලවිපාක එසේය. අනෙක් අතට විශ්වාසය නොමැතිවූවිට ගොඩනැගෙන්නේ අරාජිකත්වයයි.
Pages
▼
අනේ අම්මප බිස්නස් කඩන විදිය. කීයක් හරි දෙන්නද? ජයශක්ති වෙතින් පණිවිඩයක්
ReplyDeleteවිශවාසය කඩවීම පිළිබඳ බරපතලම අත්දැකීම් ඇතිවන්නේ පුද්ගලයන් අතර කියලා මට හිතෙන්නේ. තමන්ගේ සහකරු/සහකාරිය, හොඳම මිතුරෙක්, විශ්වාසය කඩ කිරීම කියන්නේ ජීවිත කාලයක් විඳවන්න වෙන ජාතියේ ප්‍රශ්නයක්.
ReplyDeleteඊට වඩා බරපතලයි ජනතා මුදලින් නඩත්තුවන ආයතන කෙරෙහි සිදුවන බිඳවැටීම. පුද්ගලයන් අතර සිදුවන දේවල් තනි සිද්ධීන්.
Deleteකොරියානූ විභාගය පිළිබඳ ඔබ සඳහන් කරන කරුණු වල ඇත්තක් තියෙනවා. නමුත් අපේ රටේ කාළකන්නි සිරිතක් තියෙනවා හැම එකටම අන්තිම මොහොතේ එන. එක පිරිසක් විභාගේ කරන්නත් නිවැරදිව අවභෝධ කරගන්නත් සමත් වෙද්දි. තව පිරිසකට එහෙම නොවෙන්න හේතුවක් තියෙන්න බෑ නේ.. තනිකර ඔවුනගේ වැරැද්ද...
ReplyDeleteමාතලං තුමනි, හැම එකාම විභාගේ පාස් වුනොත් එහෙම මක්කයි කොරන්නේ. ඒක නිසා ඔය වගේ විෂමතාවයන් සමාජයේ පැවතිය යුතුම දේවල්. ඒක හරියට ජීව චක්‍රය වගෙයි.
Deleteකොරියන් භාෂා විභාගයේ අයදුම්පත් ලබාගන්න ඇවිත් දවස පුරාම පෝලිමේ හිටපු දහස් සංඛ්‍යාව දැකලා ඇතිනේ?
Deleteඅයදුම්පත අන්තර්ජාලයෙන් බාගත කරගන්න ඉඩ දීලා තැපෑලෙන් එවන්න කියලා ඒ අනුව admission යැව්වා නම් හරිනෙ.
සම්පූර්ණ ඇත්ත. ආයතනයක් සම්බන්ධයෙන් විශ්වාසය බිඳවැටුනොත් නැවත් ලෙහෙසියෙන් ගොඩනගාගන්න බෑ. සමහරවිට කොහෙත්ම බෑ.
ReplyDeleteහ්ම්.. විශ්වසය පරම ඥාතියාය කීවේ නිකංයෑ..
ReplyDeleteසියලුම කරුණු වලට එකඟයි. මගේ මතය වන්නේ විශ්වාසය වනාහී වීදුරු බඳුනක් බවයි. ඒ අස්සෙම මතක් වෙනවා අපේ ගායකයා. පුන්සිරි සොයිසාගේ බිදෙන බඳුන් ගීය. අන්න ඒ වගේ තමයි විශ්වාසය කියන්නේ. මේක සෑම පාර්ශ්වයකටම සමානයි.
ReplyDeleteඅපේ රටේ ජනතා මුදලින් නඩත්තුවන සියලුම ආයතන කෙරෙහි ජනතාවගෙ විශ්වාසය සම්පූර්ණ්යෙන්ම බිඳවැටිල කියලයි මටනම් හිතෙන්නෙ. උදා- (දවසකට මිනිස්සු කීදාහක් ආණ්ඩුවෙ කන්තෝරු ඇතුලෙ රස්තියාදු කරනවද)
ReplyDeleteවිශ්වාසය තරම් තියුණු ආයුධයක් නැහැ. පොඩි වැරැද්දකින් භයානක ප්‍රථිපල ඇති වෙන්න පුළුවන්. ආයතන අතර, පෞද්ගලික වගේම පවුල් සම්බන්ධතා වලදීත් එහෙමයි.
ReplyDeleteජනශක්ති - මගේ බිරිදගේ ජීවිත රක්ෂණය සම්බන්ධව කටයුතු කීපයකදී ලැබුණු අකාර්‍යක්ෂම වගේම අසාධාරණ සේවය නිසා මම නතර වුනේ ජීවිත රක්ෂණය එතනින් අයින් කරගෙන වෙනත් තැනකට ගෙන යාමෙන් විතරක් නෙමේ, දන්න දන්න අයට කීමෙන්.
ජනශක්ති එකට තියන තරහකට වඩා දන්න දන්න අයට තියන හිතවත්කමට.
මම නං නමත් එක්ක දැම්මෙ තරහටයි. :) දැන් ජනශක්ති කියල සර්ච් කරන කෙනෙකුට මගේ පෝස්ට් එකත් දකින්න ලැබෙයිනේ.
Deleteඅපේ රාජ්‍ය ආයතන අතුරින් විශ්වාසය කඩ නොකරන ආයතනය කවුරුන් හෝ නම් කරන්න !
ReplyDeleteමෙහෙමයි සරත් අයියේ. එහෙම බැලුවම හැම තැනකටම දෝශාරෝපනය කරන්න පුළුවන්. නමුත් විභාග දෙපාර්තමේන්තුව වැනි 'රහස් ඇති' ආයතන ගැන විශේෂ අවධානයක් යොමුකරන්න ඕන.
Deleteපොලිසීය තමයි මං හිතන්නේ අවංකවම
Deleteහරියටම හරි.. එච්චරයි එච්චරමයි තියෙන්නේ..
Deleteඅපේ රටේ රාජ්‍ය අංශය ගත්තම තව කැඩෙන්න විස්වාසයක් තියෙනවද? :)
ReplyDeleteරාජ්‍ය අංශයම මෙහෙම කරනවානම් අනෙක් අය ගැන අහන්න ඕනෙද රාජ් අයියේ. ඔක්කොම නීති පොඩි මිනිහට විතරයි.
ReplyDeleteරාජ්‍ය ආයතනවල මේ අංශයේ පිරිහීම හොඳින් දක්නට ලැබෙන කරුණකි.
ReplyDeleteකුණු දේශපාලනය හැම තැනම පිළිකාව වගේ උඩුදුවා තිබීමත්... පෝස්ටර් ඇළවීමේ සුදුසුකම මිසක වෙනත් සුදුසුකම් නැති අයවලුන් සමහර තනතුරු සදහා පත් කිරීමත් ඔය තත්වයට හේතු වෙන්න පුලුවන්...
අපේ ඉසව්වට ළගකදි ඔබතුමා අවෙ නැත්තෙ මන්ද ?
හේතුව ඒක තමයි.
Deleteඑන්න උනේ නෑ බං. ඇවිත් යන්නං. ඔපීසියෙ වැඩ වැඩියි මේ දවස්වල.
මම හිතන්නේ මහජනතාව අතර විශ්වාසයෙන් අඩුම ආයතනය තමයි පොලීසිය. නමුත් මහජනතාව වැඩිපුරම හොයන්නෙත් පොලීසියේ පිහිට. පොලීසිය ස්වාධීන කිරීමම ප්‍රමාණවත්, ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ ජීවිතය යහපත් අතට හැරවීම සඳහා.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
මහත්තයෝ ඕක නං මේ කපේදි සිද්ධවෙන දෙයක් නෙවේ.
Deleteඅධිකරණය සහ පොලිසිය මාගේ විශ්වාසය කඩ කල ආයතනයි. ඔයිට අමතරව කොම්පියුටර් බඩු විකුණන PC හව්ස් ආයතනයත් ගැන මාගේ කිසිම විශ්වාසයක් නැත.
ReplyDeleteමට මතකයි ඒකාලෙ අපේ ඔපීසියෙ වැඩකලකෙනෙක් පීසී හවුස් එකෙන් බ්ලැක් මොනිටරයක් ගත්ත. බලනකොට ඒක සුදුපාට එකක් පේන්ට් කරල හදපු එකක්.
Deleteරක්ෂණයටත් ඔම්බුඩ්ස්මන් කෙනෙක් ඉන්නවා. පැමිණිල්ලක් කරන්න තිබුනේ.
ReplyDeletehttp://www.insuranceombudsman.lk/faq.php
මගේ අයියා ගත්ත බයික් එක රක්ෂණය කළෙත් ජනශක්ති එකෙන්... පූර්ණ ආවරණයක් තිබ්බත් රක්ෂණ ආවරණය ගන්න ගියාම කීවේ මේ වෙනවිට සමාගත් සමග අපේ ගිවිසුම අවලංගු වී ඇති බවයි... දීර්ග රස්තියාදු වීම් සහ පැමිණිළි කිරීම් වලින් පසුවත් සතයක තරම්වත් දෙයක් හම්බුණේ නෑ... කෙටියෙන් කියනවනම් පූර්ණ ආවරණයත් තියාගෙන අතින් බයික් එක හදා ගන්න උණා... පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිළිකරත් ඉතා සූක්ෂම විදියට විදියට ඔවුන් ප්රස්නෙන් ගැළවුණා...
ReplyDeleteඅනිත් හොදම එකෙන් ගේම දුන්න ආයතනය තමයි ඇසට්ලයින් ලීසිං සමාගම... තාත්තගෙන් රු 10000 ක් ගැලෙවුවා... පොඩි මිස්ටේක් එකකට...
මම නං ගේමට ගේම දෙනව! අම්මාපල්ල!
Deleteරාජ්‍ය ආයතන ගැන නම් කතා කරලා වැඩක් නෑ...
ReplyDeleteවැටත් නියරත් ගොයම් කානම්........................අනේ මං දන්නේ නෑ මේවා.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමිනිසුන්ගේ කතා කිරීමේ නිදහසටත් සීමා පැන විච්ච කාලයක් නොවැ රාජ්. ඔය තහංචි මැද්දේ කතා කෙරුවත් ඒවා අහන්ට උන් නෑ. නැති ගුන වනන එවුන් උළුප්පලා පෙන්නුවට ඇත්ත කතා කරපු එකෙක්ව ලොවෙත් තියන්නේ නෑ නොවැ. ගෙහුං එඤ්ඤං..!!
ReplyDeleteවිශ්වාසය බිඳ වැටීම මහා අවාසනාවන්ත තත්වයක්. නමුත් අපිට ඒක අලුත් දෙයක් නෙවෙයිනෙ බං රාජ්. ඒක ඔහෙත් එහෙමයි, මෙහෙත් එහෙමයි. උඹට මතකනෙ ATM බහිරවයා?
ReplyDeleteවෙනදට බං රාජ්, මේ වෙනකොට අපි දන්නවා අපි කවද්ද ගෙදර එන්නෙ කියලා වර්ෂාවසාන නිවාඩුවට. ඉතින් පුතයි මායි කවුන්ට් ඩව්න් එකක් හදලා දවසෙන් දවස අඩුවෙනකල් බලා ඉඳලා පුදුම තෘප්තියක් ලබනවා. මේ පාර තවම දන්නෙ නෑ දිනයක්, වෙලාවක් මොකුත්. ඉතින් අපිට නම් ඔය පුංචි රටේ එයාපෝට් එකේ ඉඳලා පැයකට අඩු කාලයකින් ගෙදර යන්න පුලුවන්නෙ.
මේ අසරණ ඉන්දියානුවො එයාපෝට් එකේ ඉඳලා ගෙදරට යන්නෙ කෝච්චිවල, සමහර වෙලාවට දවස් ගනන් යනවා. උන්ට ඒ කෝච්චිය මාසෙකට විතර කලින් බුක් නොකරොත් අනාතයි. ඉතින් ඒක කරන්න විදියක් නෑනෙ හරියට දිනයක් දන්නෙ නැතුව.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
මිනිස්සු අතරේ බැඳීම් වැඩිවෙන්න වගේම බැඳීම් කැඩෙන්න විශ්වාසෙ තරම් හේතුවෙන දෙයක් නෑ, කොටින්ම ගත්තොත් ආදරේදී එකිනෙකා අතර විශ්වාසයක් නැත්තම් සහකරු හෝ සහකාරිය ගැන, ඒ ආදරේට හරයක් නෑ කියලයි මට හිතෙන්නේ. ඒ ආදරේට පැවැත්මක් නෑ.
ReplyDeleteටයි දාගෙන මිනිස්සු හූරාකන නිවට්යින් පිරිසක්..!
ReplyDeleteකරලා තියන වැඩේ හොඳයි. කවුරු හරිම මුල් පියවර ගන්ට ඕනි. ඔයවගේ අයට කල හැකි දඬුවම ඒකයි.
ReplyDeleteමේකත් ඔය 'ජනශක්ති' කට්ටිය කියවයි කියලා හිතනවා.:D
ජනශක්ති එක නම් චාටර් ලෝකයක්...
ReplyDeleteවිශ්වාසයය ඇති කරගන්න බොහොම අමාරුයි.. ඒත් විශ්වාසය නැති කරගන්න එක ගොඩාක් ලේසියි.. ඒක පාරක් නැති කරගත්ත විශ්වාසය ආපහු ඇති කරන්න නම් ඊටත් වඩා අමාරුයි...
ReplyDeleteජනශක්ති ගැනනම් තව කතාවක් තියනව. මෙතන ලියන්න බැරිතරම් දිගයි. බ්ලොග් පෝස්ට් එකක් විදිහට ලියන්න ඕන.
ReplyDelete