කතරගම දෙයියෝ
ටික කලකට ඉස්සර නෝනලගෙ ගෙදර පහන් පැල් හදනව. මම නෝන එක්ක කතාව,
මම : ඇයි පහන්පැල් හදන්නෙ?
නෝන : ඔයා දන්නෙ නැද්ද, මේ කාලෙට තමයි කතරගම දෙයියො දෙව්න්දරට යන්නෙ.
මම : ඉතිං?
නෝන : දෙවියන්ට පාර බලාගන්න තමයි හැමෝම කතරගම ඉඳල දෙව්න්දරට යනකල් පහන් පැල් බඳින්නෙ.
මම : දැන් මහවෙල පාරෙ ගෙවල් වලත් මේ විදියට පහන් පත්තු කරනව නේද? (නෝනගෙ ගෙවල් තියෙන්නෙ බෙලිඅත්ත පාරෙ)
නෝන : ඔව්!
මම : එතකොට දෙයියො දෙව්න්දර යන්නෙ මහවෙල පාරෙන්ද බෙලිඅත්ත පාරෙන්ද?
නෝන : $@$&%*&%@(^+
☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻
ආයෙත් බඳින්න ආවොත්........
ඔපීසියෙ උදවියට ට්‍රේනින් එකක්. මමයි තව මිස් කෙනෙකුයි විතරයි බ්‍රාන්ච් එකේ. එහාපැත්තෙ කාමරේ ඉන්න රෙජිස්ට්‍රාර් නෝනත් ට්‍රේනින් එකේ. උප්පැන්න-විවාහ-මරණ සහතික ගන්න එන උදවියගෙ ඇප්ලිකේෂන් අපි බාරගන්නව. රෙජිස්ට්‍රාර් නෝන ආවම දෙන්න බලාගෙන. ඔන්න එකසැරේටම ජෝඩුවක් ආව බඳින්න. සහතිකයක් ගැනිල්ල වගේ නෙවේනෙ බැඳිල්ල. තව ටික වෙලාවකින් ජීවිත කාලෙටම හිරේ විලංගුවෙ වැටෙන්න යන අසරණය දැක්කම මට තවත් දුකයි! එහෙව් එකේ පරක්කු කරන්න හොඳ නෑනේ. මම ගත්ත රෙජිස්ට්‍රාර් නෝනට කෝල් එකක්. ම්හු! නෝ ආන්සර්. ඊට පස්සෙ රැස්වීම් ශාලාවටම ගිහිල්ල දේශනයත් මැද නෝන ඇදගෙන ආව. ඇවිල්ල වැඩේ කරවල දුන්න. යන ගමන් මනමාලය මටත් කියල ගියේ. මේ ඒ කතාබහ,
මනමාලයා : මහත්තය අපි යන්නං. බොහොම ස්තුතියි උදව්වට.
මම : ඔයාලටත් සුභ අනාගතයක්!........මේ..... නැකතක් තිබුනෙ නැද්ද?
මනමාලයා : නෑ,.... රෙජිස්ටර් කලා විතරයි.
මම : හා:...... මේවගේ දෙයක් පරක්කු වෙනඑක හොඳ නෑනේ. ඒකයි මම උදව් කලේ..... මීට පස්සෙ බඳින්න ඕනවුනොත් ඉස්සෙල්ල කෝල් එකක් දීල එන්න. කලින් දවසෙ උනත් කමක් නෑ. එතකොට පරක්කුවක් නෑනේ.oහෑ!........ මොකද්ද මම කිව්වෙ? ආයෙත් බඳින්න! ... මම කිව්වෙ දන්නකියන වෙන කව්රුහරි බඳින්න එනවනං!
මනමාලයා : හා!
යන්තං ගුටි නොකා බේරුනා!
☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻
එංගලන්තෙ නයි........
රවි අයියගෙ අයිය කෙනෙකුයි නංගි බැඳපු මස්සිනයි ඉන්නෙ එංගලන්තෙ. නංගිටත් එංගලන්තෙට යන්න වීසා ගන්න තිබුන ඉන්ටවීව් එකකින් ෆේල්වුනා. මස්සිනා එංගලන්තෙ උසාවියක කේස්එක ඇද්ද. මාස හයකින් විතර නඩුවෙන් දිනල නංගිට එංගලන්තෙට යන්න පුළුවන් උනා. රවි අයිය ඔය කතාව කිව්වට පස්සෙ අපේ කතාව මෙහෙමයි,
මම : ලංකාවෙ ඔහොම නඩුවක් දැම්මනං ඒක දිනල වීසා ලැබෙන කාලෙ වෙද්දි රට යවන්න වෙන්නෙ නංගිගෙ ළමයින්ගෙත් ළමයි නේද රවි අයියේ.
රවි අයිය : අඩෝ මස්සිනා රට ඉන්නකොට ළමයි කොයින්ද $@%තෝ!
☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻
නංගි රට යද්දි රවි අයියගෙ අම්මත් රට ගියා. මාස 6ක් විතර හිටිය මට මතක විදියට. දවසක් අපි එංගලන්තෙ ගැන කතාව,
රවි අයිය : එංගලන්තෙ නියමයිලු මල්ලී.
මම : oහා....
රවි අයිය : ඊයෙ පෙරේද අයිය නයෙක් මැරුවලු, මෙන්න සයිස් පී අකුර.
මම : පී අකුර
රවි අයිය : එංගලන්තෙ නයිංගෙ පයන්න කොයින්ද බං. පී අකුරලු තියෙන්නෙ.
☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻
ගිය වෙසක් පෝයට ඔපීසියෙ තිබුන සීල ව්‍යාපාරෙ වෙලාවෙ මාත් සිල් ගත්ත! උදේ 8.30ට සිල් ගත්ත මම 10.30 විතර වෙනකල්ම වාඩිවෙලා හිටිය. ඊට පස්සෙ නං ඉන්න බෑ කොහොමටවත්. කොන්ද රිදෙනව, කකුල් රිදෙනව..... ඒ ගමන උතුරු සළුව ගලවල දානෙ බෙදන කස්ටියට සෙට්වුනා. ඔපීසියෙ එවුන් කිව්වෙ මම ගත්තෙ ෂෝට්ලීව් සීලයක් කියල ☺. ඒ උනත් වැඩේ ඉවරවෙලා ගෙදර ගියාම අම්ම කිව්වෙ මෙහෙමයි,
මම : අම්මේ අද මාත් සිල් ගත්ත.
අම්ම : හා.....! කොච්චර වෙලා සිල් ගත්තද?
මම : පැය දෙකක් විතර.
අම්ම : අපොයි ඒ හොඳටම ඇති!
☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻
Pages
▼
මරු කතා ටික අයියා.. එළ.. :)
ReplyDeleteප්‍රශ්නයක් : එතකොට ඉන්දියාවේ, චීනේ වගේ රටවල ඉන්න නයින්ගේ තියෙන්නේ මොන අකුරද?
දකුණු ඉන්දියාවෙ-ப
Deleteඋතුරු ඉන්දියාවෙ-पी
චීනෙ නං නයි නෑ. කාලම ඉවරවෙලා.
අඩේ මේකනං එල..
Deleteලොල්..!
කමෙන්ට් එක සිරා රාජෝ !
Deleteමරු කතා ටික... හි හි...
ReplyDeleteරාජ්ගේ ටිකිරි මොලේ හින්දා යන්තම් ගුටි නොකා බේරිලා නේද... හි හි.. ////මීට පස්සෙ බඳින්න ඕනවුනොත් ////
ෂෝට්ලිව් හරි කමක් නෑ මූ සිල් අරන්නේ කියලා අම්මා හිත හදාගන්නැති... හි හි
මමම හිංද බේරුනා.
Deleteඔව්. අම්මට ඒකත් පුදුම වෙන්න කාරණාවක්.
මරු කතා සෙට් එක !
ReplyDeleteතැංකූ.
Deleteපොඩි උනත් හෙන රසයි රාජෝ. තව ඕන වගේ දැනේනවා. බඩ පිරුනේ නෑ වගේ...
ReplyDeleteදැනට ඉවරයි බං. පස්සෙ ලියන්නං. දිරිමත් කිරීමට ස්තුතියි.
Deleteමෙන්න පී එකේ සයිස් එක! හික්ස්!
ReplyDelete☺ ☻
Deleteලස්සන කතා ටික.
ReplyDeleteමම උසස් පෙළ ඉගෙනගන්න කාලේ හිටියා, රාජකාරියට බොහොම උනන්දු සර් කෙනෙක්. වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා තරග සඳහා, උස පැනීමේ/දුර පැනීමේ වලට දාගන්න, ලී කුඩු ටිකක් ගෙනෙන්න කියලා, එයා ට්‍රැක්ටර් රියදුරෙකුට දුරකථන ඇමතුමකින් උපදෙස් දුන්නේ මෙහෙමයි. 'හැබැයි බොහොම පරිස්සමෙන් එන්න ඕනේ ඈ. අර ලී මෝලට මෙහා වංගුවත් එක්ක කන්ද මේන්'......එහෙම කියලා, එයා දකුණු අත වැලමිටෙන් නවලා උස්සලා කන්ද පෙන්වනවා.
අසමි දකිමි සොයමි ලියන විචාරක
ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් කොල්එකක් ආවම නැඟිටල උත්තර දෙන උපාසක මහත්තයගෙ කතාව වගේ.
Deleteසිගිති කථා ☺ ☺ ☺ ☺ ☺ ☺ ☺ ☺ ☺ ☺ ☺
ReplyDeleteසිඟිති ආතල්!
Deleteහී හී...කතා ටික ඔක්කොම හරිම ලස්සනයි.
ReplyDeleteඑංගලන්තේ, නයින්ගේ පෙනේ පී අකුර තියන එකයි, රවි අය්යගේ මස්සිනාගේ එංගලන්තේ ඉන්දෙද්දි, නෝනාට මෙහේ ලමයි හම්බවෙලා ලොකු වෙන එකයි නම් නියමයි.:D
තැන්කූ. පොඩ්ඩි කතන්දර වලට කැමති නිසාමයි ලිව්වෙ ☺ ☻
Deleteඅනේ මේ වගේ පොඩ්ඩි කැමති දේවල් අර අනික් අයත් කරනවා නම්...:D:D:D
Deleteපට්ට කතා ටික...
ReplyDeleteතැන්කූ සාතන්.
Deleteනියමයි ඈ.. :D :D
ReplyDeleteතැන්කූ. :D
Deleteරවියාගේ කතා ටික තමා පස්ට
ReplyDeleteරවි අයිය කතා සාගරයක්.
Deleteපට්ට කතා සෙට් එකක්. අර නයාගේ කතාව පටේ පට්ට. ඉල ඇටයක අලයින්මන්ට් එක ගියා ගිනා වෙලාම. හෙහ් හෙහ් හෙහ්
ReplyDeleteහා හා බලාගෙන පරිස්සමින්.
Deleteඔක්කොම කතා ටික මරු..
ReplyDeleteමැ.හි.
අර ආයෙත් බඳින කතාව මරු...
හහ් හහ් හහ් තැන්කූ මාතලන්!
Deleteනියම කතා සැට් එක රාජ් මහත්තයා. ඇතිවෙන්න හිනා උනා. හැමදාම අහන කතාවල නැති ප්‍රෙස් ගතියක් තිබුනා. ජය..!!
ReplyDeleteසරත් මහත්තයටත් ජය! ස්තුතියි දිරිගැන්වීමට.
Deleteපට්ට කතා ටික
ReplyDeleteනැද්ද තවත් මේ වගේ කතා
තැන්කූ. දැනට නෑ.
Deleteමරු කතා සෙට් එක බං....
ReplyDelete:) තැන්කූ
Delete"එතකොට දෙයියො දෙව්න්දර යන්නෙ මහවෙල පාරෙන්ද බෙලිඅත්ත පාරෙන්ද?"
ReplyDeleteමේකට තමයි මම ආසම....
ඕකට නෝන නං ආසවුනේ නෑ බං.
Deleteඋඩ පිංතූරෙ පොඩිඑකාගෙ හිනා කට දිහා ටික වෙලාවක් බලා ඉන්න...මම හිතන්නෙ මට වගේම ඔනෙ කෙනෙකුට ඩිංගක් හිනායනවා...
ReplyDeleteමටත් ඕකම උනා. ඊට පස්සෙයි පිංතූරෙට ගත්තෙ.
Deleteමෙහෙම ගියොත් කතන්දර කාරය ඉවරයි.මිනිහට කඩේ වහන්න වේවිද ? හොඳ බඩු මෙහේ නේ දැන් තියෙන්නේ
ReplyDeleteහපොයි කකාගෙ ගානට එන්න කලක් යයි මට.
Deleteපලවෙනි කතාව තමයි මරුම කතාව! :D
ReplyDeleteමරු කතා සෙට් එකක්..
ReplyDeleteකතරගම දෙයියෝ දෙවුන්දර යන සීන් එක නම් නියමයි... :D
හ්ම්. :D
Deleteඒල....
ReplyDeleteතැන්කූ.
Delete:) :) :) :)
ReplyDelete☺ ☻ ☺ ☻
Deleteපුංචි උනත් ෂෝක් කත ටික ...
ReplyDeleteකාලෙකට පස්සෙ! ☻
Deleteවෙනස් විදිහෙ කතා ටිකක් මචං- ආශාවෙන් රස වින්දා .
ReplyDeleteදෙවියන්ට පාර පෙන්වන්න අදහස නම් නියමයි.
ReplyDeleteදෙවියන්ට පාර පෙන්වීම! පාර අමතක වෙනවට. :)
Deleteපි අකුරේ කතාව නම් නියමයි
ReplyDeleteතැන්කූ.
Deleteඅනේ තව දෙන්න අය්යා...!!
ReplyDeleteපොඩ්ඩක් හිටු!
Deleteකාල වරෙන්කො ආයෙමත් බත් ඇටයක් නාහෙන් ආවා @කන ගමන්
ReplyDeleteහා හා පරෙස්සමින්! :)
Deleteරාජ්, කතා ටික නම් එකකට එකක් නොදෙවෙනියි. අනික ඔරිමජිනල් හන්දා තවත් ගති. උඹට මී ලඟ පෝස්ට් එකටත් දේශපාලන මගුලක් නොදා මේවගෙ ජොලි පෝස්ට් එකක් දාන්න හිත් පහලා වේවා.
ReplyDeleteඋඹ උඩම ඉෂාරගෙ කමෙන්ට් එකට දීල තියෙන රිප්ලයි එකත් පට්ටයි බං. :D
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
හා... තැන්කූ ඩියුඩ්. ඉඳහිට ජොලි පෝස්ට්, දේශපාලන, රාජ්‍ය සේවය ගැන ලිපි.... මේවගේ කලවමට තමයි මම කැමති.
Deleteයකඩො මේ පැත්තෙත් දෙවුන්දර කාලෙට පහන්පැලක් හදල පත්තුකරන සිරිතක් තියෙනවනේ, දෙයියො දෙවුන්දර පහුකරන් කොහෙ වඩිනවද මන්ද.
ReplyDeleteකතා ටික නම් මරු.
රාජ් කොහෙද සිල් ගන්නෙ, ඔයා ගන්නෙ සීල් නේ. :)
මටත් සිල් ගන්න වැඩේ කරන්න අමාරුයි අෆ්ෆා, ටික වෙලාවක් බිම වාඩිවෙල හිටියම හුස්ම ගන්න අමාරුයි.
මට හිතාගන්න බැරි කතරගම ඉඳල දෙව්න්දරට යනකොට මොකද උඹලගෙ පැත්තෙ පහන් පත්තු කරන්නෙ කියල.
Deleteවින්දනයක් තියෙන කතා ටික.
ReplyDeleteතැන්කූ. උඹ ලිව්වෙ නෑ නේද කාලෙකිං?
Deleteආයේ බදින්න කතාව උඹ ඒ වෙලාවේ කිව්ව නිසා බේරුණා. නැත්නම් බැදල අවුරුදු 2කින් විතර කිව්වනම් උඹටත් කතරගම දෙයියන්ගේ පිහිට තමා.
ReplyDeleteඅර නංගිගෙ ළමයි කතාව උඹට වෙන පැත්තකට හරවන්න තිබ්බා. කොහෙද උඹ රවි අයියගේ කැඩිච්ච කටට බයයිනේ. (එකත් එකට ඌ මේ බ්ලොගට දක්වපු සහයෝගෙට උඹ කරබාගෙන හිටි එකත් හොදා )
අඩේ නයත් බලං ගියහම සිංහළයට ආවේනික සතෙක් නේද? උඹේ සිල්...ඒ ගැන මොන කථාද?
බඳින සීන්එකට මටත් අප්සට්. මම කල උදව්ව නිසා එයාල මොකුත් කිව්වෙ නෑ මං හිතන්නෙ.
Deleteමට එහෙමනම් මේ කාලෙ වගේ එකෙක් කිව්වනම් ආයේ බදින්න කියල අනිවා නෙලනවා. බැරි වෙලාවත් ඊළග භවේ මතක තිබ්බොත් මේ භවේ බැදල හිටිය කියල. අනිවා නොබැද ඉන්නයි හිතා ඉන්නේ. එහෙව් එකේ ආයේ බදින්න?
Deleteනයි කතාවේ, පී අකුරු සීන එක නියමයි හෙහ් හෙහ්....
ReplyDelete:)
DeleteLOL
ReplyDeleteදෙයියන්ට පාර පේන්න පහන් පත්තු කරනවට වඩා ලේසියිනෙ පොරට ටෝච් එකක් අරන්දෙන එක බැට්ටි කෑලි දෙකකුත් දාලා.
ඒකනෙ! කිව්වට අහන එකක්යැ!
Deleteආයිත් බදනවනම් කලින් කෝල් එකක් දීල එන්න... හි හි... මාර වැඩේ...
ReplyDeleteහෙහ් හෙහ්.... :)
Deleteඅනේ අනේ රාජ් මහත්තයෝ.. දෙයියෝ යන්නේ අහසෙන්.. ඒ යනකොට පාරවල් දෙකේම පහන් පත්තුකරපු එවුවා නොට් පොතක සොරි ටැබ්ලට් එහෙක ලියාගෙන යනවා.
ReplyDeleteමං හිතුවෙ කෙලින්ම චන්ද්‍රිකා ඡායාරූපයක් ගන්නව කියල.
Deleteඅපි වගේ ලොකු බඩවල් තියනකොට මාර අමාරුයි බං හිනාවෙන්න... බඩ මේසෙට තද කරගෙන තමා කියෙව්වේ... දැන් නම් බඩයි යටි බඩයි දෙකම රිදෙනවා...
ReplyDeleteකතාව ඇහුවහම මට හිතුනේ මෙහෙමයි. දැන් කතරගම දෙවියන්ට මූණු හයයි නේ... ඉතින් එක මූණක් කියනවා ඇති "බෙලි අත්ත පාරේ යං" කියලා, තව මූණක්.. "නෑ නෑ මහවෙල පාරේ ට්‍රැපික් අඩුයි එහෙන් යං" ලියලා, තව මූණක්, කියනවා ඇති... "නෑ ඕයි බෙලි අත්ත පාර ලඟයි"... ඊලඟ මූණ... "මුං හැම තැනම පහන් පත්තු කරල, ඉතිං කොහෙද අපි පාරක් හොයා ගන්නේ"... ඊලඟ මූණ... "මේ පහන් බල බල ඉන්නෙ නැතුව හයිවේ එකේ එන්න තිබ්බේ".... අන්තිම මූණ නින්දෙන් නැගිටලා... "ඒ ඇයි මේ?.. පොලිසියෙන් නැවැත්තුවද?"
මනමාලි නම් හිනාවෙලා, මීට පස්සෙ බඳිනකොට රාජ් මහත්තයට කියන්නං කියලා ෆෝන් නම්බර් එකත් ඉල්ලන් ගියාලු....
රවි අය්යගෙ නංගිගෙ සීන් එක :D .. එළ එළ.. ඔය වගේ ලොජිකල් පොයින්ට් මටත් අමතක වෙනවා... කරන්ට් නැති වෙලාවට ඉටිපන්දමක් හොයන්න ලයිට් එක දාන්න කිව්ව වගේ තමා...
ඔව් ඔව් නයි කෑවහම කෑගහන්නේ "buddha mother" කියල...
පුතාගේ සීලය ගැන හොඳටම දන්නේ අම්මනේ....
ඔය කියල තියෙන්නෙ විස්තර ඇතුවම! තැන්කූ.
Deleteආයෙ බදින්න තියා මට මේ පළමු සැරේට බැදගන්නත් එකක් නෑ බොලං..
ReplyDeleteඅම්පාරෙන් සෙට් කරගත්තෙ නැද්ද? :)
Deleteමරු. ෂෝට් ඇන්ඩ් ස්වීට්.
ReplyDeleteබොහොම ස්තුතියි නිහාල් මේපැත්තෙ ආවට.
Deleteවීසා කතාවෙන් උබ චාටර් වුනා නේද?
ReplyDeleteපවුලට කියපු කතාවත් සිරා !
මේ වගේ ආතල් දෙබස් සෙට් වෙනවා බං. පස්සෙ මතක නැති එකයි අවුල !
මතක තියාගෙන ඉඳල ලියපං.
Deleteඅනේ වාසනාවන් අද අපේ උන් ඒජීඑම් ගිහින්. නැත්තං මේක කියවල හිනා වෙච්චි තරමටම උංගෙං බයිට් වෙන්නත් වෙනවා තනියෙං හිනා වෙනව කියල..
ReplyDeleteඑල එල රාජ්..
සිරා ෆ්‍රෙස් කතා ඈ :) එල....
ReplyDeleteනයි කයිද රෝස් පාන් කිව්වලු.
ReplyDeleteහොඳට ගලපලා තියෙන්නේ
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
හහ් හහ් හා.....මරු කතා ටික.හිනා කාලා පණත් ගියා.... :)
ReplyDeleteමම අද තමා මේ පැත්තට ගොඩ වැදුනේ.......
//ඒ ගමන උතුරු සළුව ගලවල දානෙ බෙදන කස්ටියට සෙට්වුනා.//
ReplyDeleteකොහොම හරි ගියපු වැඩේ කරල තියෙන්නෙ ඔය. කෑම ටික රහට තිබ්බ ද??
අම්මප එකක් වත් අහල නෑ මීට කලියෙන්. ජය වේවා,,
ReplyDeleteකතරගම දෙයියෝ
ReplyDeleteටික කලකට ඉස්සර නෝනලගෙ ගෙදර පහන් පැල් හදනව. මම නෝන එක්ක කතාව,
මම : ඇයි පහන්පැල් හදන්නෙ?
නෝන : ඔයා දන්නෙ නැද්ද, මේ කාලෙට තමයි කතරගම දෙයියො දෙව්න්දරට යන්නෙ.
මම : ඉතිං?
නෝන : දෙවියන්ට පාර බලාගන්න තමයි හැමෝම කතරගම ඉඳල දෙව්න්දරට යනකල් පහන් පැල් බඳින්නෙ.
මම : දැන් මහවෙල පාරෙ ගෙවල් වලත් මේ විදියට පහන් පත්තු කරනව නේද? (නෝනගෙ ගෙවල් තියෙන්නෙ බෙලිඅත්ත පාරෙ)
නෝන : ඔව්!
මම : එතකොට දෙයියො දෙව්න්දර යන්නෙ මහවෙල පාරෙන්ද බෙලිඅත්ත පාරෙන්ද?
මේක මරැ.... ඇන්තෝ ස්ටඩි එකකට.... උඹට තෑන්ක්ස්....
DDT ඔයා ඉන්නෙ කොහෙද? සීරියස් අහන්නේ? පහන්පැලේ කතාව ගැන දැනගන්න.... අවු 4ක් කැම්පස් හිටියා.... ගුණසේන එකෙයි, ගොඩගේ එකෙයි තියෙන පොත් ටිකේ විස්තර ඇරෙන්න මහාචාරියො වෙන මොන මළදානයක්වත් අපිට අලුතෙන් කියලා දීලා නෑ.... හැබැයි ටෝක් දෙන්නෙ පරණවිතානටත් වැරදුනා වගේ..... අපරාදේ ඒ අවුරැදු 4 බ්ලොග් බැලුවනම් කොයිතරම් වටිනවද?
ReplyDeleteමට මේ කතාව කීවේ ඩොක්ට නිර්මාල්.... නිර්මාල් රංජිත්.... පිස්සු කරැගේ යුනි එක - ජපුර - ඉතිහාසෙ උගන්නන ලෙක්චර් කෙනෙක් ළමයෙක්ගෙන් අහනවලු කවුද ඔය කියන ජී.සී. මෙන්ඩිස්... එයා ගැන මම නම් අහල නෑ කියලා... බලනකොට අර ළමයගෙ තීසීස් සුපවයිසර් අර ලෙකා.... ළමයගෙ මාතෘකාව ජී.සී ගැන.... වැඩක් නෑ රාජ්....
දන්නවනම් DDT ඉන්න පැත්තවත් මට කියන්න.... පහන් පැලේ ගැන විස්තර හොයාගන්න...