එක එක්කෙනාගෙ කතා ලියන මම, මගේ කතාවක් කවුරුහරි ලිව්වොත් දිවි නසාගන්නවද කියල අහල තිබුනෙ බ්ලොග් කියවපු දේශ්. ඊට සතියකට පස්සෙ ඉඳහිට බ්ලොග් කියවන, මගේ කාමර සගයෙක් වෙච්ච ලකී, අපේ ගෙදර ආපු වෙලාවක ඌ ලියපු කවියක් ගැන මට කිව්ව. කවියෙ කතානායකය මංතුමා තමයි. හැබැයි ඒක වීර කාව්‍යක් නෙවේ චාටර් කාව්‍යක්. ඒ කයියයි මංතුමාටම සිද්ධවෙච්ච චාටර් සීන් දෙකතුනකුයි තමයි 'කයි සහ කතන්දර' විදියට අද පලවෙන්නෙ.
කොළඹ වැඩකරන කාලෙ කාර්යාල වෙලාවෙන් පස්සෙ ඔන්න අපි සෙට්වුනා. ඔපීසියට එහාපැත්තෙ තිබුන ක්වාටස් එකේ තමයි වැඩේ සිද්ධවුනේ. රෑ 9 (ද ඊටත් වැඩිද කියල මතකයක් නෑ) විතර වෙනකොට මම කට්වෙලා. දැං ඕන පොඩ්ඩක් ඔලුව බිමින් තියාගන්න. ඒත් පුටු ටිකක් විතරක් තිබුන ක්වාටස් එක මේ වැඩේට හරිගියේ නෑ. ඒ ගමන මම ගියා ඔපීසියෙ ගේට්ටුව ලඟට. එතන ඉන්නව අපේ හිත හොඳ මුරකරුව. ඔපීසියෙ මුර කුටිය ඉතාම කුඩා නිසා මුරකාරය නිදාගන්නෙ(!) බුදුමැදුරෙ! මුරකාරයට හොඳනං මට මොකද කියල මාත් ගියා බුදු මැදුරට. ඊට පස්සෙ ඒකෙ නිදාගන්න සූදානං වෙනකොට මුරකාරය ඇවිල්ල එයාගෙ කාඩ්බෝඩ් එකයි පැදුරයි කොට්ටයි ඔක්කොම දාල මට පුල් සප්එකක් දුන්න. මම පොඩ්ඩක් නිදාගන්න හදනකොටම මුර උන්නැහේ ආව. කතාබහ මෙහෙමයි,
මුරකරුව : රාජ් මහත්තය පොඩ්ඩක් ඔලුව උස්සන්න.
මම : ඇයි?
මුරකරුව : මහත්තයෝ ඔය කොට්ටෙ දාන්න පැදුරට යටින්,...... ඔහොම ඉන්න මං හදන්න......
මම : ඒ මොකටද?
මුරකරුව : තව පොඩ්ඩකින් සර් එනව. රාජ් මහත්තය මෙතන කියල දැනගත්තම සර් එනව මෙතෙන්ට. ඊට පස්සෙ බලනව මෙතෙන්ට කොට්ටයක් කොයිංද කියල. කොට්ට පාවිච්චි කරනව කියන්නෙ මම නිදාගන්නව කියල අහුවෙනවනේ.
.....................................................................................
දෙවනි කතාව ඊටත් චාටර්.
රවි අයියගෙ උසස්වීම නිමිති කරගෙන අපි එයාට පාටියක් දුන්න. හොටෙල්වලට යන වියදම දරන්න දුප්පත් රාජ්‍ය සේවකයන් වන අපිට අමාරු නිසා එක්කෙනෙක් දන්න කියන කුඹුරක් අයිනෙ තියන ගෙදරක තමයි සෙට්වුනේ. බීම ගෙනල්ල බයිට් හදල ඔක්කොම කස්ටිය සප්පායං වුනා. අන්තිම හරියෙදි ගෙදර අයිතිකාරයත් අපි එක්ක මිත්‍රවුනා (ඔහු අදුණන්නෙ අපේ එක්කෙනෙක් විතරයි). රෑ 7 වෙනකොට ඔක්කොම ඉවරකරල ගෙවල්වල ගියා. ඊට සතියකට විතර පස්සෙ ඔපීසියෙදි පාටියට ගෙදර සෙට්කල අපේ කාකාස මහත්තයයි, තවත් කෙනෙකුයි කතාකරකර ඉන්නව. මම ලඟට ආවත් හරි "තවත් කෙනා" අහනව "මහත්තය කොහොමද?" කියල. මාත් "හොඳයි" කියල උත්තර දීල තවත් වචනයක් දෙකක් කතාකරල ඉවරවෙනකොට අර මනුස්සය ගියා. ඊට පස්සෙ මමයි කාකාස මහත්තයගෙයි කතාව මෙහෙමයි.
මම : කවුද නන්දෙ අයියේ ඒ?
නන්දෙ අයිය : ඔහේ දන්නෙ නැද්ද?
මම : ම්..... නෑනේ? කවුද?
නන්දෙ අයිය : (හිනා) එතකොට මතකම නෑනේ!
මම : නෑනෙ!
නන්දෙ අයිය : එහෙනං එදා පාටිය ඉවරවෙන වෙලාවෙ ඔහේල දෙන්න බදාගෙන හිටියෙ! ඒ ගෙදර අයිය තමයි.
මම : (අසරණව) ආ....... මේ ඒ අයියද!
.....................................................................................
තුන්වෙනි කතාව පට්ටම චාටර්!
මම දැන් ඉන්න ඔපීසිය කිට්ටුව තමයි මගේ ඉස්කෝලෙ අවසාන කාලෙ, විදුහල්පතිතුමා හිටියෙ. මම මේ කාර්යාලෙට එනකොට එතුමා පැන්සොන් ගිය අලුත. පැන්ෂන්එක හදාගන්නත් මම පොඩිපොඩි උදව් කලා. එතුමා ඔපීසියට ආවම "ආ දැන් රැවුලත් වවල නේ" කියල මගේ රැවුලෙනුත් ඇදල යන්නෙ. ඉස්සර තිබුන සැර ගති ඔක්කෝම ඉවරයි. මාත් එක්ක බුදු පිට්!
ඔන්න දවසක් මම ඔපීසියට එන්න ඇවිල්ල බස්එකෙන් බැස්ස. එදා පොද වැස්සකුත් තිබුනඑකේ දුම් වැටියක් උරන්න හිතිල ඔපීසිය අයිනෙ තිබුන පෙට්ටි කඩේට ඔළුව දැම්ම. මළ කෙලියයි! මගේ විදුහල්පතිතුමා කවුන්ටරේ ඉඳගෙන බුලත්විටක් හපනව. කඩේ මුදලාලි පැත්තක! ඊට පස්සෙ සිද්ධවුනේ මෙහෙමයි.
විදුහල්පතිතුමා : ආ මොකද පුතා?
මම : (මොන @$%^&ද? බොරුවක් මතක් වෙන්නෙත් නෑ) මේ මේ සර්.....
විදුහල්පතිතුමා : ආ ආ..... මම දන්නව, (සිගරට් ටින්එක අරිමින්......) කීයක්ද?
මම : එකයි! (පනහ කොලේ සර්ට දුන්න සර් ඉතුරු සල්ලිත් දුන්න)
....................................................................................
මෙන්න මම ඉස්සෙල්ල කිව්ව යාලුව ලිව්ව චාටර් කයිය.
හොස්ටල් එකේ දවසක්
සෙට් වුනා අපි පහක් හයක්
ටිකක් වැඩි වූ එකෙක්
ගියා නින්දට නෑ පමාවක්
හිටියේ උඩු සයනයේ ලු ඌ එදා
ටිකකින් දැනුනාලු මට නම් අද "බඩුයි" කියා
මෑත් කොට ඔලුව කොට්ටයෙන් පුතා
දැම්මා කබා පාරක් යට එකා තෙමා
(එලියකන්ද නේවාසිකාරයේ සත්‍ය සිදුවීමක් ඇසුරෙන්....)
(ලකී තිලකරත්න)
Pages
▼
හයියූ ...... සාටර්.
ReplyDeleteරාජ්ටත් මරු වැඩනේ වෙන්නෙ.
මම ඒත් බැලුව රාජ් අද දෙක දෙක දානවද කියල, බැලින්නම් කලින් එක ඉංග්‍රීසි රාජ්ගෙ.
rajගෙ පෝස්ටුව දැන් දැක්කෙ.
Deleteඒකනෙ රාජ්ල එකටම වැඩ..!
Deleteඇයි දන්නෑ නේද !!!!!!!!!!!
Deleteමෙහෙම අවංකව ලියන මිනිස්සු දැන් අඩුයි අප්පා! :D
ReplyDeleteඒකනෙ ඒකනෙ! මුහුදුට විතරයි ඒක තේරුනේ.
Deleteනැතුව, නැතුව. රජයෙ සේවකයො කොහොමත් අවංක මිනිස්සු. :D
Deleteඒගමන ඔලුව අතගානවද ටොකු අනිනවද කියල හිතාගන්න බෑ.
Deleteකුඩු සාඩින් වෙන්න ගහන්නෙ නැතුව ගහන එකක් ගහපන්කො ලිමිට් එකට. බීල කරපුව පස්සෙ දවසෙ කියවද්දි එපා වෙනවනෙ නැත්නම්..
ReplyDeleteඔව්බං ඒකාලේ ආ....... දෙවනිඑක නං ඒකාලෙ නෙවේ ලඟදි නේ.
Deleteලිමිට් නෑනේ ඉතිං... දැන් නං ඉතිං කුඹුරු ඕනේ නෑනේ... එයාර් පෝට් එක අයිනේ හරි හාබර් එක පේන මානෙක හරි සෙට් වෙන්න බැරුවැයි...
ReplyDeleteඔවයේ ගිහිල්ල ඇතුලෙ ඉන්න වෙයි. :)
Deleteඅර දෙවනි සීන් එක මටත් වෙලා තියෙනවා අනන්ත. සමහර වෙලාවට අන්දලා කීයක් හරි කඩාගන්න උන් කියලා හිතන්නේ.
ReplyDeleteහ්ම්. උඹට නං අමතක වෙනව නැතැයි.
Deleteහොඳම කතාව තමා අර පොඩ්ඩක් ඔලුව තියාගන්ට ඕනි උනු කතාව. අනෙක බුදු මැදුරේ...හපොයි...:D
ReplyDeleteමොනව කරන්ද පොඩ්ඩියේ වෙන තැනක් තිබුනෙම නෑ නොවැ!
Deleteඅවංක සත්‍යවාදී රාජ්....
ReplyDeleteබොහොම තන්තෝසයි.
Deleteඅව්‍යාජ ආත්ම කථනය කියන්නෙ මෙව්වටනේ.. පට්ට චාටර් වීමක්නේ වෙලා තියෙන්නේ...
ReplyDeleteමටත් එකම එක දවසක් කට් වෙලා පට්ට චාටර් උනා.. බොගේක දාන්න බෑ එව්ව.. එච්චරට කුජීතයි.. පාරෙ බැහැල යන්න බෑ.. සිංහල අවුරුදු දවසක් හින්දා ගමේ කොල්ලො ඔක්කොම එතන ඉඳලා... ගමටම නෝන්ඩි
අන්න ඒකනෙ!
Deleteඅවුලක් නෑ බං කියපං.
අයියෝ හිකිස්........... නියමයි නේ රාජ් අයියා.
ReplyDeleteතැන්කූ නඟා.
Deleteමාතලංගෙ අර ගුරුතුමී කිව්ව කතාව පට්ටපල් බොරුනේ... බීපු සීන් වලින් කොච්චර ආතල් ගන්න පුලුවන්ද?
ReplyDeleteඒක නෙමෙයි බං, උඹේ පින්තූරේ මාරුකරන්න කාලෙ හරි... රැවුල නෑනේ ඒකේ...
අර පහල ඇඳේ හිටපු එකා තාම කතාබහ කරල ඉන්නවද? ඔව් නං පරිස්සං වෙයං.
මොකද්ද ගුරුතුමීගෙ සීන්එක?
Deleteඇඳේ හිටිය එකා අවුලක් නෑ. අරූ අපේගෙදර ආවෙ ඌත් එක්කම තමයි.
මම : (අසරණව) ආ....... මේ ඒ අයියද!
ReplyDeleteනිකම් ආත්මානුකම්පාවක් වගේ දෙයක් ඇතිවුනේ නැද්ද ඒ වෙලාවෙ?
මැවිල පේනව සීන් එක...
ඒක තමයි මටනම් හොඳම එක පාටිය ඉවර වෙලා දෙන්න බදාගෙන හිටිය හැටිත් මැවිල පේනව.නම්පියටම වැදුනට පස්සෙ ඔය වගේ දේවල් කොච්චරවත් සිද්ධවෙනවනෙ....
'නප්පියටම'
Deleteනිකම් ආත්මානුකම්පාවක් වගේ දෙයක් ඇතිවුනේ නැද්ද ඒ වෙලාවෙ?
Deleteමොකද නැත්තෙ!
කයි-කතන්දරේත් එක්ක කතන්දර හතරයි!
ReplyDeleteහහ් හහ් කකා මතක් උනා හෙඩිම දාද්දිම.
Deleteඅඩියක් ගැහුවම ඔහොම එව්වා වෙනවා බං...දවසක් අපි ඔෆිස් ඉවරවෙලා අඩියක් ගහල රෑ පානේ පයින් එනකොට අපේ එකෙකුට මුත්‍රා බරහ් හැදිලා එකා ලයිට් කනුවක් ගාවට වැඩේ කොරන කොට එතන පේමන්ට් එකේ නිදාගන හිටපු එකා කුනුහබ්බ කියාගන නැගිටලා ආවනේව තව නූලෙන් අර නිදාන හිටපු එකා චූ නානවා
ReplyDeleteකවියෙ සීන්එක උන කාලෙ අපේ එකෙකුට වැඩිවෙලා, ඌට රෑ චූ බරවෙලා ඇඳ ලඟ තිබුන සපත්තුවකට චූකලා බං. අපි තාම කියනව ඒ සින්එක.
Deleteඅපේ එකෙක් බීලා වීල් එකක ඇවිත්, එන්ඩ කලිනුත් සල්ලි දුන්නන වගේ මතකයිලු. ආවට පස්සෙත් දුන්න වගේ මතකයිලු.. පට්ටම චාටර් වෙලානේ අප්පා රාජ් අයියේ..හෙහ් හෙහ්. අපේ බෝඩිමේ එකෙක් ඉන්නවා ඌ පෙළක් දවසට බීල බෝඩිමට එන්නේ නැතුව පාරේ මුල් කෙලවරේම තියන බුදු මැදුරේ නිදා ගන්නවා.. අපට ආදරේට නෙමෙයි. ඩෝප් වැඩිකමට මම හිතන්නේ
ReplyDeleteමාරයි. ත්‍රීවීල් අයියල නං කැමති ඇති.
Deleteබේබදු රාජ්....
ReplyDeleteපාටිවලින් නම් අඩුවක් නෑ වගේ..ඊරිසියයි බං...!
හෙහ් හෙහ් හෙහ් .... දැං එච්චරට පාටි නෑ බං.
Deleteචී චී.. බොහොම චාටර් තමයි මද පමනට අරගෙන බුදුකුටියේ නිදාගත්තම
ReplyDeleteමොන මඳ පමණක්ද කට් ම වෙලා.
Deleteකෙලින් කතා රාජෝ. තුන්වැනි කතාවේ එළියකන්ද කිව්වම මටත් නිකං හොදට හුරුයි වගේ. මොකකද්ද බං ඒ... අර දෙවැනි සීන් එක නං ඉතිං.. (ලැජ්ජාවෙන්) අපිටත් සිද්ධවෙනවා.. හහ්. හහ්..
ReplyDeleteරුහුණ විශ්ව විද්‍යාලයේ එලියකන්ද නේවාසිකාගාරය. විශ්වයේ ඇති නිදහස්ම ස්ථානය.
Deleteඒක තමා. නිදහස්ම තැන. ඇත්ත ඇත්ත කාලයක් තරුණයෝ බර ගානක් නිදහස් කළාය කියල දැං මතකයි. රාජෝ මම මේ උඹේ බ්ලෝගේ මුල ඉදල බලනවා. මාරයගේත් ටිකක් බැලුවා. (ඒකා මහ වේගෙන් ලියල නෙව) තාම මාතංගේ බැලුවේ නෑ. ඒත් බං අපි හැමෝම මොහොතක උත්තේජනයකින් බ්ලොග් පටන් ගත්ත බව පොදු සාධකයක්. ඉදිරියේදී උඹල ගැන ආයේ හීනයක් ලියවෙන්ට පුළුවනි. ඒත් දැන්නං උඹටත් මතක නැතිව ඇති. උඹ මාරයාට දාපු කමෙන්කටුවක් ඇත්තටම අපි හිතන විදිය ගැන කැඩපතක් කියල හිතුනා.
DeleteComment 1ක් දෙකක් දාලා තිබුන මම බ්ලොග් එකක් පටන් ගත්තත් පබ්ලිෂ් කරන්න මොකක්ද වගේ හිටියේ.එක්කෙනෙක් හරි Comment 1ක් දැම්මොත් දිගටම ලියනවා
මාරයාට බොහොම ස්තුතියි!
එහෙනම් මේ ඒ අයියා....!?
ReplyDeleteඒකනේ.......
Deleteරාජ් අයියත් එහෙනං තිතට මත නේ!
ReplyDeleteදැං නං එහෙමකටම නෑ බං.
Deleteඑළ කතා ටික....
ReplyDeleteතැන්කූ.
Deleteබීලා ඔය ගානින් චාටර් උනා නම් මදැයි !
ReplyDeleteහ්ම්.
Deleteචී චී.. චාටර් නේ? :)
ReplyDeleteඒකනෙ උඩින්ම දැම්මෙ :)
Deleteබීපු සීන් නම් අපිටත් ඕනෑ තරම්... හොදම වැඩේ දවසක් ට්‍රිපක් ගිහිල්ලා මොරවක හරියෙ කන සාක්කුවට වැටෙන්න ගහලා නාලා එහෙම අපි ඒ කිට්ටුව නවාතැනකට ආවා... ඇවිත් බලපුවාම ගෑණු දරුවො විතරක් ඉන්න පාසලක උසස් පෙළ ඉංග්‍රීසි උගන්වන අපේ හිතවත් කෙනෙක්ගෙ ඉස්සරහ ඇන්දෙ බොරු දත මිසිං... අයියෝ මම දැන් ඉස්කෝලෙ ගිහිල්ලත් ඉවරයි කියලා මිනිහා විලාප දීලා ටිකකින් අපි දිහා බලලා හිනා වුනා... එතකොට ඒ හිනාව දැකලා අපි විලාප තිබ්බා...
ReplyDeleteපහුවදා උදේම නාන පොට් එකට ගියා කියමුකො... පැහැදිලි ජලයෙ යට තියෙන වැලිතලාව උඩ බොරු දත අපූරුවට සැතපිලා තිබ්බා... මිනිහා සතුට වැඩි කමට ඇදුම් ගලවන්නෙත් නැතුව වතුරට පැන්නා...
ඒකත් මාර සීන්එකක් තමයි.
Deleteමාර වැඩ නේද වෙන්නේ.හිනාත් ගියා.කථා ටිකම ෆන්
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
බොහොම ස්තුතියි.
Delete..... අන්තිම කථාව නම් ලොල් ඈ .... පස්ටම චාටරේ :D :D :D .....
ReplyDeleteහ්ම්හ්.. ඔය කොරලා තියෙන්නේ....!! ඒකනේ මම බීම නතර කරලා දැම්මේ..!
ReplyDeleteදැං නවත්තලද?
Deleteහූ ඈ
ReplyDeleteඅපෝ ඔය වගේ චාටර් සීන් මටත් වෙලා තියෙනවා :)
ලියපංකො මටත් සපෝට් එකට :)
Deleteබිව්වම චාටර් වෙන එක අහන්න දෙයක් යැ... බොන එකත් චාටර් නේ... ඔයිට වැඩිය එකක් වෙන්න තිබ්බේ.. පෙරේතකමට...
ReplyDeleteහි හි ............
හපොයි මෙයා කියන කතා.
Deleteචාටර්දත් අහලා! රාජ් මල්ලියෙ, බොනකොට ටික වෙන්න බීහං බං දිගටම බොන්න ඕනෙ නම්!
ReplyDeleteඅඩේ උඹ රැවුල වවලයි කිව්වා? වහාම අප්ඩේට් කරපං ෆෝටෝ එක ගුටි නොකා.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
එහෙමකට රැවුලක් නෑ බං.
Deleteආතල් චාටර් ගොඩයි.. :):)අන්තිම සීන් එක තමයි පට්ට.. :D
ReplyDeleteඅර මුර ජොබ් එකේ නයිට් ඩියුටිය විතරක් සෙට් කර ගන්න බැරි වෙයිද..! :)
ආණ්ඩුවෙ පොඩි පොඩි ඔපීසිවල මුර කරනව කියන්නෙ නිදාගැනීම තමයි.
Delete//රවි අයියගෙ උසස්වීම නිමිති කරගෙන අපි එයාට පාටියක් දුන්න.//
ReplyDeleteඋසස්වීමත් අරගෙන උබලට පාටි නොදී උබලගෙන් පාටි ගත්ත රවියා නම් රජ බුවෙක් !
නෑ අපේ පාටි සම්ප්‍රදායක් තියනව. යනකෙනත් එයා වෙනුවෙන් අනිත් අයත් පාටි දෙනව. ඒ කියන්නෙ පාටි දෙකක්! :)
Deleteඅපෝ මේ බෙබාලනෙ , අපිනම් ඔහොම නෑ.
ReplyDeleteහොඳ ළමයි නේද?
Deleteහෆ්ෆේ.. රාජ් අයියත් එහෙනම් අමතක වෙන ගානනටම සප්පායම් වෙනවා..
ReplyDeleteජේ.වී.පී. කාලේ - හැටන් පැත්තේ මහා රෑ සීතලේ - පාර අයිනේ මුරපොලක සිට - පානය කරමින් හපන්න දෙයක් නැතුව - පාරේ ගිය එළවලු ලොරියකින් අමු ගෝවා ගෙඩියක් ඉල්ලාගෙන - එහි මැද කොටස - හොඳින් හැපුවෙමි.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
හපොයි හරිම දරුණු අවස්තාවකට මුහුණදීල තියෙන්නෙ.
Deleteසාටර්ම සාටර්නේ රාජ් !
ReplyDeleteමම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්
ඒක නේන්නං.
Deleteකවිය නම් ෆට්ටය..
ReplyDeleteචාටර් අනුපිළිවෙලට දාලා තියෙන්නෙ... හෙහෙ..... ඒකෙත් ආනන්දයක් තියෙනවා...
ReplyDeleteහපෝයි..... හෙන චාටර් නේ........... හික්... හිකිස්.....
ReplyDeleteබිව්වම කොහොමත් ඉතිං චාටර්නේ........ :පී
හපොයි මාත් කන්නාඩි දෙක දාගෙනම නාන්න ගිහින් හිරිකටු ඔයේ මාළුන්ට පත්තරේ බලන්න විදියක් නෑ කියපු නිසා දීලා ආවා. හයියෝ!!! චාටරේ!!
ReplyDeleteමටනම් ෆුල්ම ෆන් සීන් එක තමා බිව්වහම සමහර එවුන් යාළුවන්ගේ මූණුවලට උම්මා දෙන එක. රාජ් පාඩුවේ කබරයෙක් මරාගෙන තලපතා වගේ නිදාගන්නවනම් ඒක නම්බුයි. මගේ යාළුවෙක් ඉන්නව උගේ වැඩේම බිමට කෙළ ගහන එකයි (5 ස්ටාර් ගියත් එහෙමයි ) උගේම ෆෝන් එක පොලවේ ගහන එකයි තමා වැඩේ.
ReplyDeleteඔක්කොමත් හරි රාජ් අයියේ කබා තමයි කේස්. කොහොම උනත් ප්‍රින්සිපල් ළඟ චා උන එකනම් අන්දොස්.
ReplyDeleteරාජ් අයියගේ කතා මුල ඉඳල කියවන්න පටන් ගත්ත. මාරම රසවත්. ගංජා කවි ටික තමයි නියමෙටම ලියල තිබ්බේ. :D
ReplyDelete