කාකාස හෙවත් කාර්යාල කාර්ය සහායක හෙවත් පියන් යනු ඕනෑම රජයේ කාර්යාලයක සිටින සේවක කොට්ඨාසයකි. පොදුවේ ඔවුන්ට අදාලව සිදුකල හැකි යම් යම් නිරීක්ෂණ අපූරුය. මේ ඔවුන් ගැන සටහනකි.
"කාර්යාල සේවක සේවය" නමැති "සේවා" ගොන්නට වැටෙන මොවුන්[මුරකරු වැනි වෘත්තීන්ද අයත් වන්නේ කාර්යාල සේවක සේවය යටතටය] "තනතුරු" වලින් කාර්යාල කාර්ය සහයක I,II,III වැනි ශ්‍රේණි වලට වැටේ. සමහර කාර්යාලවලදී කා.කා.ස. පළමු පන්තියේ (මේ වනවිට අධි පන්තියක්ද ඇත) නිලධාරීන්ට "ආරච්චි" නම් තනතුර හිමිවේ. තම ශ්‍රේණිය අනුව මොවුන්ට ඇති කාර්යන් විවිධ වේ. උදාහරණ ලෙස පළමු ශ්‍රේණියේ නිලධාරීන් පවිත්‍රතා කටයුතු වලින් ඉවත්කර ඇත.
රාජ්‍ය සේවයට බඳවාගැනීමේදී කාර්යාල සේවක සේවය, රියදුරු වැනි සේවාවන් සඳහා තරග විභාග නොපැවැත්වෙන අතර හිතවත්කම මුල්කරගෙන අනියම් සේවකයෙකු ලෙස (එනම් දෛනික වැටුප් ලබන්නෙකු ලෙස) පැමිණෙන මොවුන් දින 180ක සේවා කාලයක් සම්පූර්ණ කලපසු අනෙකුත් සුදුසුකම් ඇත්කම් ස්ථිර සේවයට බඳවාගැනේ.(මෙහිදී පුරප්පාඩු ප්‍රමාණය ආදිය සලකා බැලෙන අතර ඒ පිලිබඳ විස්තර නොකරමි). ඉන්පසු රාජ්‍ය සේවයේ අවම වැටුප වන 11730.00ක මුදල ආරම්භක වැටුප ලෙස හිමිවේ. යම් සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කල පසු ලිපිකරු වැනි වෘත්තීන් සඳහා බඳවාගැනීමේ විභාගයට පෙනීසිටීමටද මොවුන්ට හැකිය.
නිල තත්වය එසේ වනවිට සාමාන්‍ය තත්වය සලකා බලමු.
හඳුනාගතහැකි විශේෂතා අතර පළමුවැන්න නම් මොවුන් බොහොමයක් සුරා පානයට රුචියන්ය. දත් ගලවන්නන් සහ දත් ගැලවීමේ විශේශඥයන්ද මේ අතර වෙති. ඊට අමතරව සුළු සුළු (සෑමවිටම සුළු නොවේ) අල්ලස් වැනි දෑ වැඩිවශයෙන් ලබාගන්නේද මොවුන්ය.
මා දන්නා එක් කාකාස නිලධාරියෙකු කාර්යාලය තුලින් සේවාදායකයාට නිකුත් කරන ආකෘතිපත්‍ර වර්ගයක් පිරවීමෙහි යෙදී සිටියේය. ඒ සඳහා සංතෝසම් වශයෙන් රුපියල් විස්සක් පනහක් හෝ ආපනශාලාවෙන් දඩයක් ගැසීමට ඔහු පුරුදුවී සිටියේය. මුදලක්ම අවශ්‍ය වේලාවක සේවා දායකයා විසින් ආපනශාලාවට කැඳවාගෙන ගියහොත් කියන්නේ
"මහත්තය මං තව චුට්ටකින් තේඑකක් බොන්නං. රෝල්ස් එකකටයි ප්ලේන්ටියකටයි අක්කට සල්ලි දෙන්න" ලෙසටය.
කාර්යාලයක සිටින කාකාස නිලධාරීන් අතර වඩාත් බලවත් තැනැත්තා වන්නේ ප්‍රධානියාටම සේවය කිරීමට බැඳී සිටින්නාටය. සමහර විටෙක "බොසාට කල නොහැකි වැඩද" ඔහුට කලහැකිය. මා කොළඹ සේවය කල සමයේ සිටි එක් කාකාස මහතෙකුට පොලිස් නිලධාරීන් සමඟ හොඳ සම්බන්ධතාවයක් තිබුනි. එය ගොඩනඟාලෙන තිබුනේ කුමන හෝ කාර්යක් වෙනුවෙන් පැමිණෙන පොලිස් නිලධාරීන්ට උදව් කිරීමෙන්ය.
"මහත්තය පොලිස් කේස් නං කියන්න, අවුලක් නෑ ෂේප් කරල දෙන්නං" ඔහු කියන්නේ එසේය. සන්ධ්‍යා කාලයේ [කාර්යාල වේලාවෙන් පසු(පුහ්:)] මධුවිතක් තොලගා එකිනෙකා සමුගත් පසු සියල්ලන්ටම දුරකථන ඇමතුම් ලබාදීමට තරම් ඔහු පරීක්ෂාකාරී අයෙකු විය.
ඔවුන් ලවා යම් යම් කටයුතු ඉටු කරවාගැනීමද එතරම් පහසු නොවේ. එහෙත් "ක්‍රමය" දන්නේ නම් අපහසුද නොවේ. උදාහරණයක් ලෙස ප්‍රධානියා තවත් අයෙකු සමඟ සාකච්ඡාවක සිටින විට ඔහු ලඟට යාම සුදුසු නොවේ. එවන් අවස්ථාවක හදිසි අවශ්‍යතාවයක් ඇතැයි සිතමු. මා කරන්නේ එවිට,
".....යා මේක හදිසි වැඩක්. උඹට විතරයි මේක කරන්න පුළුවන්.... මෙන්න මෙතන බොසාට කියල සයින්එක ගස්සගෙන වරෙං"
අනිවාර්යෙන්ම ප්‍රථිපලය සතුටුදායකය.
බොහෝ කාර්යාලවල, ප්‍රධානියාට හිතවත් සහ අහිතවත් කොට්ඨාස දෙකකි. මෙවැනි එක් අහිතවත් නිලධාරියෙකු මා දැක ඇති අතර ඔහු ආපන ශාලාවේ සිට ප්‍රධානියාට තේ රැගෙන එන්නේ කෝප්පයේ ඇති තේ අඩක් පීරිසියට වැටෙන තරම් වේගයෙනි. ප්‍රධානියාගේ කාමරය ආසන්නයේදී පීරිසියේ ඇති තේ යලිත් කෝප්පයට දමා බොසාට පිලිගැන්වේ.
ස්ථාන මාරුවීම් නොලබා එකම ස්ථානයේ සේවය කරන කාකාස නිලධාරීන් නිසා රාජ්‍ය සේවයේ බොහෝ ගැටළු ඇතිවේ. අල්ලස් ගැනීම් වැනිදෑ සිදුකරන්නන් කාලයක් තිස්සේ එකම කාර්යාල තුල රැඳී සිටින්නන් වන අතර සමහර විටක ඔවුන් අනෙක් නිලධාරීන්ට වඩා බලවත්ය.
මා කොළඹ දිස්ත්‍රික්කයේ සේවය කරන සමයේ වැඩිපුර ආශ්‍රය කලේ කාකාස නිලධාරීන්ය. ඊට හේතුව රාජ්‍ය සේවයේ ඇති (පිරිමි) නිලධාරීන්ගේ හිඟයයි. ඔවුන් මා සමඟ කෙතෙක් හිතවත් වීද යත් කොලඹ සිට, මගේ බඩුබාහාරාදිය නිවසට රැගෙනදීමට තරම් කාරුණික විය. සටහන අවසාන කිරීමට මත්තෙන් මේ කාකාස නිලධාරියෙකුගේ අපූරු ක්‍රියාවකි.
ඔහු කාර්යාල වේලාවේ බීමතින් සිටින කාකාස වරයෙකි. ප්‍රධානියා මොහු අල්ලාගැනීමට උත්සාහ දැරූ අතර බීමතින් සිටි දිනෙක ඒ සඳහා අවස්ථාව උදාවිය. මෙවැනි අවස්ථා වලදී නිදහසට කරුණු ලෙස කීමට කිසිවක් නොතිබුනත් ඔහුට ගණදෙවි නුවණ පහලවිය,
"අනේ සර්, සර් දන්නවනේ,.... මම ලේ අර්ශස්කාරයනේ...., අර්ශස් වැඩිවෙච්ච වෙලාවට _කෙන් ලේ එනව සර්,..... එහෙම උනොත් මට යුනිෆෝම්එක ඇඳගෙන මෙතන වැඩකරන්න බෑනේ,.... ඒකයි සර් මම චුට්ටක් බොන්නේ.....!
ඔහුට ඇති අර්ශස් අමාරුවක් නැති වුවද මේ අවස්ථාව සාර්ථක වූයේ ලොක්කාද ඉහත ගණයේ අර්ශස්කාරයෙකු වූ නිසාය.
"ඇත්තද? මොනවද බොන්නෙ?" ලොක්කාගේද කුතුහලය ඇවිස්සිනි.
"වයිට් ලේබල් කාලක් අමුවෙන්ම බිවිවම හරි සර්"
ටික දිනක් ලොක්කාද ප්‍රථිකර්මය අනුගමනය කලබව පැවසේ.
Pages
▼
ඕක ඔය තනතුරේ සිට රටේ ඉහලම තනතුර දක්වා පැවතීම තමයි හෙනේ වෙලා තියෙන්නේ..
ReplyDeleteහ්ම්. මොනව කරන්නද!
Delete"වයිට් ලේබල් කාලක් අමුවෙන්ම බිවිවම හරි සර්" :O
ReplyDeleteඋගුර පිච්චෙනව වගේ නේද?
Deleteඒක ගැන නං කියල වැඩක් නෑ බං.. සමහර තැන් වල ලොක්කට වඩා උන් තමා බලවත්. මොනව උනත් ලොක්කන්ට වැඩිය උන්ගේ හිත හොදයි
ReplyDeleteහොඳ-නරක දෙගොල්ලම ඉන්නව. පරිස්සමින් ආශ්‍රය කරන්න ඕන.
Deleteහිකිස්........... වයිට් ලේබල් නම් මමත් බොනවා අමුවෙන් නෙවෙයි අර්ශස් වලටත් නෙවෙයි.
ReplyDeleteඋඹේ අඩවියට මම දාපු කොමෙන්ටුවට උත්තර දීපං!
Deleteකතාව ෂෝක්....
ReplyDeleteමගේ අදහස නම් කාකාසයෝ අවශ්‍ය නැහැ කියන එකයි.තමන්ගෙ වැඩ තමන්ටම කරගන්න බැරිවෙන්න හේතුවක් නෑ.
එතකොට තව එකෙක්ගේ රස්සාවකට නෙව කෙල වෙන්නේ.
Deleteඇනෝ..පියන්ලා හැමදාම පියන්ලම වෙන්නේ, කා.කා.ස. තියන නිසා, සහ ඡන්ද රැස්වීම්, කැන්වසින් ගියහම ජොබ් එක ගන්න ලේසි නිසා. එතනින් එහාට ගියොත් මේ මිනිස්සු හාමතේ මැරෙන එකක් නෑ. ඔතනින් 90% වත් ඉන්න තත්වෙට වඩා හොදය ඉදී.
Delete@ අපෝ නෑ හුඟක් පියන්ලා හැමදාම පියන්ලා විදියට ඉන්නේ නෑ. එහෙම ඉන්න වෙන්නේ හරි හැටි විභාග පාස් නොවුණු අයට විතරයි. පියන්ලා විදියට රාජ්‍ය සේවයට ආවට පස්සේ ස්ථිර වෙලා, ලිපිකරු විභාගයට ඉල්ලුම් කිරීමේ හැකියාව ලැබෙනවා අධ්‍යාපන සුදුසු කම් තියෙන අයට. අපේ කන්තෝරුවෙත් ඉන්නවා පියන් තනතුරින් රස්සාවට ඇවිත්, ලිපිකරු විභාගය පාස් වෙලා ඉහලට ගියපු මහත්වරු දෙන්නෙක්ම.
DeleteThis comment has been removed by a blog administrator.
Delete@රාජ් : ඉහල කමෙන්ටුව වඩාත් සුදුසු තැනට දමන්නම්. මෙතනින් ඒක ඉවත් කරමුද ? :)
Deleteඅරුන්දතී
Deleteමම උඩ කියල තියන කෝල් දීල අපි ගැන බලන පියන් ඉන්නව නේද, එයා එච්චර අධ්‍යාපනයක් නැති කෙනෙක්. ඒ වගේම උසස්වෙන්න කැමතිත් නෑ. මම එකපාරක් කිව්ව විභාගෙ දාපං මම උදව් කරන්නං කියල. "අපිට ඕක හරියන්නෙ නෑ මහත්තය" අන්න මෑන්ගෙ උත්තරේ.
අන්තිම එකා නම් මරු කාකාසෙක්
ReplyDeleteඅපිත් ඉතින් වයිට් තමයි ...හික්, ඒත් පව් ලොක්කා
ReplyDeleteමම නං වයිට් පාවිච්චි කරන්නෙ බොහොම කලාතුරකිං.
Deleteමම වැඩ කළේ පෞද්ගලික අංශයේ නේ.. අපේ වැඩ වලට පියන්ලා හිටියේ නෑ... සමහර අංශ වලට විතරක් කෙනෙක් හිටියා... ඒත් ගොඩක් දුරට අපේ වැඩ කරගත්තේ අපිමයි... පියන්ලාට කියලා වැඩ කර ගන්න ගියාම හරි වදයක් කියලත් කතාවක් තිබ්බා.. මොකද අපිට වැඩේට තියෙන හදිස්සිය එලායට නෑ නේ.. එයාලා වැනි වැනි, තැන තැන නතර වෙවී ගිහින්, ඒ වැඩේ කරගෙන එන්න යන වෙලාවට අපිට ඒ වැඩේ දෙපාරක් කරන්න පුළුවන්...
ReplyDeleteකතාව එලය.
ReplyDeleteමම හිතාගෙන හිටියේ දැන් ආරච්චිල නැහැ කියලනේ.
කා.කා.ස. කියන්නේ සුමිත් අයියා කිව්ව වගේ සැබෑ අවශ්‍යතාවක් නොමැති සේවයක්. සැලසුම් සහගත පරිපාලනයෙන් කා.කා.ස. සේවයෙන් ඉටුවන සේවා ඊටත් වඩා හොදින් කර ගන්න පුළුවන් (ගෙදරට බඩු ගෙනල්ලා දීපු එක වගේ හිතවත්කම නිසා කරන අමතර සේවා හැර )
ReplyDeleteරජයට සම්බන්ධ තැනක වගේම බහුජාතික ආයතනයකත් වැඩ කරපු නිසා, මේ ගැන සසදලා බලන්න පුළුවන්. රජයට සම්බන්ධ තැනේ කා.කා.ස. 4ක් හිටියා. වැඩක් කරගන්න නොවදිනා වැදුම් වදින්න ඕන. අපිට කරන්න පුළුවන් වැඩත් ඒ අයට කියල කරවගන්න වෙනවා, පුරුදු ක්‍රමය නිසා.
බහු ජාතික සමාගමේදී හැම දේම දෙපාර්තමෙන්තු ප්‍රධානියා පවා තමන්ම කර ගන්න ඕන. ලිපි ලෙඛන හුවමාරු වෙන්නේ, 'ඉන්ටර්නල් මේල් බොක්ස්' හරහා. ෆොටෝ කොපි ගහන්න ගිහින් දෙන්න ඕන තමන්ම, ගහල දෙන්න වෙනම තැනක් තියනවා. පිරිසිදු කිරීම් විතරක් 'අබාන්ස්' එකෙන්. අන් සියළු වැඩ තමන්ම කරගන්න ඕන. කාර්‍යක්ෂමබව අති ඉහළයි. ආයතනයේ සේවක පිරිවැය අඩුයි. තව වෙන මොනවද.. (කා.කා.ස. මහත්තැන්ලගේ ක්‍රියා කලාපය නම් රාජ් 100% හරියටම දාල තියනවා)
බුදු එකඟයි....
Delete@The Modern Patriot - අපි කාලයක් එකට හිටපු ආයතනයේ ප්‍රාදේශීය මධ්‍යස්ථාන වල (තමුන්නැහැ නම් ප්‍රධාන කාර්යාලයේ නොවැ) කා.කා.ස ලා හිටියේ නැහැනේ. ඉඳ හිට යාබද ආයතනයේ පවිත්‍රතා සේවකයෙක් කතා කර ගත්තත් , බොහෝ දින වල හැම දේම පවිත්‍රතා කටයුතු ද ඇතුළුව, (ඔව් වැසිකිලි පිරිසුදු කිරීම පවා) කෙරුනේ අප විසින්මයි. ඒක අපට ගැටළුවක් වුනේ නැහැ ඇත්තටම. හැම කාර්යාලයකටම කා.කා.ස ලා අවශ්‍ය නැහැ, අනිකුත් සේවකයින්ට කා.කා.ස ලා සාමාන්‍යයෙන් කරන දේ කරන්න වෙලාවක් තිබේනම් හා අකමැත්තක් නැතිනම්.එහෙම නොවෙන තැන් වලට කා.කා.ස ලා නැතිව බැහැ.
Deleteතව දෙයක් තමන්ටම කර ගත හැකි තමන්ගේ වැඩ තමන් කර ගැනීම ඉහල ඉඳල වෙනවනම් පහල අයටත් එසේ නොකර ඉඳීමේ හැකියාවක් නැති වෙනවා.
අඩේ අත් බෙහෙත් පෝස්ට් එකට දාන්න තිබ්බ කලින් දැන්ගෙන හිටියනම්.. අර්ශස් වලට වයිට් ලේබල් අමුවෙන්
ReplyDeleteඅද ඉඳලා බාර් වල වයිට් ලේබල් හිඟ වෙයිද දන්නෑ ? අපේ ඔෆිස් වලත් ඉස්සර හිටියා කා.කා.ස. බැංකුවක කා.කා.ස. කියන්නේ ස්වීප් එකක් වගේ. මොකද ලිපිකරුවන්ට වඩා වැඩි පඩි ගන්න අයත් ඉන්නවා සේවා කාලය නිසා. අලුතෙන් කා.කා.ස. ගන්නේ නෑ. දැන් කුරියර් සර්විස් වලින් ලිපි ගනුදෙනුව කර ගන්න නිසාත්, අලුතෙන් ක්ලාක් වරු වෙනුවට ස්ටාෆ් ඇසිස්ටන් කියන තනතුර හඳුන්වා දී තිබෙන නිසා වැඩ කෙරෙනේව වෙනදට වඩා හොඳට. ඉන්නකොට ඒ වැඩ දෙගොල්ලොම කරන්නේ නෑ. උන් ලොක්කගේ පර වැඩ කරන නිසා කාටවත් බයත් නෑ.
ReplyDeleteඅපේ ඔපීසියෙ ගිණුම තියන සුදීකලගෙ බැංකුවෙ ඉන්න පියන් නං අන්තිමයි. ඔයා කිව්ව විදියම තමයි.
Deleteකාකාසල හරියට නිකං.... බල්ලට ඇති වැඩකුත් නෑ හිමිං ගමනකුත් නෑ.. වගේ කස්ටියක්
ReplyDelete@සුමිත්, තිසර, The Modern Patriot, AnonymousJanuary 17, 2013 at 10:41 AM
ReplyDeleteකාර්යාල කාර්ය සහායක තනතුර අදට අවශ්‍යම තනතුරක් නෙවේ. හේතුව මේ තනතුරට කලින් තිබුන කාර්යයන් ඉටුකරගන්න දැන් තවත් සේවාවන් ගනනාවක් තියනව. උදාහරණයක් විදියට ඉස්සර කාකාසලාට තිබුන මිදුල අතුගාන්න කාර්යාලය අතුගාන්න වගේ පිරිසිදුකිරීමේ රාජකාරි. ඒත් දැන් ඒවට වේනම ක්ලීනින් සර්විස් තියනව. ඊට අමතරව ෆයිල් එහාමෙහා ගෙනයාම වගේ දේවල් ඒ ඒ නිලධාරීන් විසින්ම කරගන්නව.(බොහෝවිට).
හැබැයි රැස්වීම් වගේ අවස්ථාවන් තියනව මේයාල ඕනවෙන.
රාජ් රැස්වීම් කිව්වේ ඡන්ද රැස්වීම් නම් එකෙන්ම එකගයි. ඒත් කාර්‍යාල රැස්වීම් ගැන නම් එකග නෑ. අපෙත් හරි වෙලාවට, අඩුම වියදමින්, බොහොම සාර්ථකව කාර්‍යාල රැස්වීම් තිබ්බා. ඒකට කලේ 'ක්‍රොස් ඩිපාර්ට්මන්ටල් කමිටි' එහෙම නැත්නම් 'අන්තර් දෙපාර්තමේන්තු කමිටු' හැදුවා සෑම උත්සව අවස්ථාවක්, වැදගත් රැස්වීමක් සම්බන්ධවම. උදා. විදිහට ඔෆිස් එකේ අවුරුදු උත්සවේ සංවිධානය කරන කමිටුවේ ඉදල සේවක ඇගයීම් දක්වාම හැම දෙපාර්තමෙන්තුවක්ම නියෝජනය කරන කමිටු ඇති කලා. ඒතකොට හැමෝගෙම අදහස් අරගෙන හොද දේ ක්‍රියාත්මක් කරන්න ලේසියි. ඒ වගේම ඒ කමිටු වල සාමාජිකයන්ගේ එදිනෙදා රාජකාරිවලට අමතරව මේ රාජකාරි පැවෙරෙන නිසා, ඵලදායිතාව වැඩියි. ඊට අමතරම දෙපාර්තමේන්තු එකිනෙක අතර තියන සහයෝගීතාව වැඩි වෙනවා. වියදම් අඩුයි. වැඩේ ලස්සනයි.
Deleteසහභාගිවන අයත් හරිම කැමැත්තෙන් සහභාගි වෙන්නේ, මේ ක්‍රියාකාරකම් තමන්ගෙත් වාර්ෂික ඇගයීම් වලට බලපාන නිසාත්, තමන්ගේ රැකියාවේ ඒකාකාරී ස්වභාවය අඩු වෙන නිසාත්. මේව ඉතිං රාජ්‍යය අංශයේ කවදා දකින්න වෙයිද දන්නේ නෑ.
රැස්වීම් කිව්වෙ ඡන්ද රැස්වීම් නෙවේ. සරළව කිව්වොත් "අතේ-පයේ වැඩ" තියන වෙලාවට පියන්ලා නැතුව අමාරුයි. රාජ්‍ය සේවයේ කාන්තා පක්ෂය වැඩිනිසා මේ තත්වය තවත් බරපතළයි. මේසයක් ඇදගන්න පිරිමියෙක් නැති තැන් තියනව.
Delete"සුග-තේ" මට හමුවන්නේ වසර දහසයකට පසුය. එකට වැඩ කරන කාලයේ ඔහුට හතළිස් ගණනක් වන්නට ඇත. කොණ්ඩය තරමක් ඉදී තිබුණාට "සුග-තේ" තාම එසේමය. පළඳින්නේ ඒ වර්ගයේම බාල සපත්තු දෙකකි.
ReplyDelete"සුගත්ට මාව අඳුනන්න පුළුවන්ද...?"
"අහ්...මේ සර්නෙ...සර්ගෙ මූණ මතකයි. නම නං..."
"නම මොකක් වුනාම මොකද සුගත්...? තාම එතැනමද...? කොහොමද දැන්...?"
සුගත් අපට "සුග-තේ" උණේ කොච්චර කීවත් හැමදාම සීනි වැඩි තේ (sugar-tea) හදා දෙන නිසාය. අපේ ඔපීසිය පොඩිය. තේ කෝප්ප ඇත්තේ සීමිත සංඛ්‍යාවකි. උඩ තට්ටුවේ ඇත්තන් තේ බිව් පසු දෙවන වටයටය අපට ලැබෙන්නේ. සුගත් කෝප්ප නොහෝදාම තේ හදාදෙන බවට හැමදාම පැමිණිල්ලක් විය.
බැරිම තැන අපේ එකෙක් කට හඬ වෙනස් කොට උඩ තට්ටුවට කෝල් එකක් ගත්තේය.
"සුගත් කියල කෙනෙක් ඔතැන වැඩ කරනවද...?"
සුගත්ට දුරකථනයට එන්නට තරමක වෙලාවක් ගත විය.
"ඔය සුගත්ද...?"
"ඔව් සර්..."
"මේ කොල්ලුපිටිය පොලීසියෙ ඕ. අයි. සී. කතා කරන්නෙ. ...... ආයතනයෙ තේ හදන්නෙ තමාද...?"
"ඔව් සර්...ඇයි?"
"තමාට විරුද්ධව ලොකු පැමිණිල්ලක් තියෙනව. තමා කෝප්ප හෝදන්නෙ නැතුව තේ හදලා උදාර කියල මහත්තයෙක් ලෙඩ වෙලා ඉස්පිරිතාලෙ. ඇවිල්ලා මාව හම්බ වෙනවා හවස..."
(උදාර ඒ අවස්ථාවේ ඇත්තටම රෝහල් ගතව සිටියේ බඩේ අමාරුවකටය!)
විහිළුවට ඇති වන්නට සිනාසුණු අප කාටත් අමතක වූයේ ඒ බව සුගත්ට කියන්නටය. මේ මෝඩයා එදා හවසම කොල්ලුපිටිය පොලීසියට ගොස් තිබුණේය.
මම සුගත්ගේ බාල සපත්තු දෙක දෙස බලමි. ඒ කාලයේ දවසක් නොමේරූ කමට මා ඊට විහිළු කළ බව මතක් විය.
"මොනවද සුගත් ඔය බාල සපත්තු දාන්නෙ...ගන්නවකො අළුතින් දෙකක්..."
මිනිත්තු කිහිපයක් නිහඬව සිටි සුගත් මට කිට්ටු විය.
"මං මේ සර්ට හින්ද කියන්නෙ. ඊයෙ යන කොට අපේ පාර වැස්සට යටවෙලා. රෑ දහයට විතර මම වතුරෙ බැහැලා ගියේ සර් ඔය විසි කරන්නය කියපු සපත්තු දෙක, ලේස් දෙක එකට ගැට ගහලා කරේ එල්ල ගෙන, තෙමයි කියලා බයට...ඒකට විහිළු කරන්න එපා සර්..."
මා ඊළඟ පඩියෙන්ම ඔහුට සපත්තු ගන්නට කියා රුපියල් දාහක් දුනිමි. ඒත් කවදාවත් සුගත් අළුත් සපත්තු දෙකක් නොගත්තේය.
සුගත් අතේ මල්ලක් වෙයි. මම ගෙදර යන්න බස් වියදමට රුපියල් තිහක් උඩ සාක්කුවට දමා ගතිමි.
"අල්ලනවා මල්ල..."
"සර්..."
"කෝ ඕක අල්ලනවා..."
මගේ පසුම්බිය කොළ කාසි සියල්ල සමඟ සුගත්ගේ මල්ලට හිස් කළෙමි. මා එය කළේ සතුටින් නොව කෝපයෙනි. කෝපය සුගත් ගැන නොවේ.
එවක මගේද ප්‍රධානියා වූ අදද සුගත්ගේ ප්‍රධානියා වන පුද්ගලයා ලංකාවේ ලොකුම පොහොසතෙකි. එහෙත් තමන්ට වසර විස්සකට ආසන්න කාලයක් සේවය කළ මේ අහිංසකයාට සපත්තු දෙකක් අරගෙන දෙන්නට ඔහුට ඕනැ කමක් නැති සේය.
සුගත් පුදුමයෙන් මෙන් බලා සිටියදී මම 'යන්නං' වත් නොකියා හැරී ආවෙමි.
ෂහ්. කෙටිකතාවක් වගේ. මේ තනතුරේ ඉන්න බොහොමයක් උදවිය වෙනස් වෙන්නෙ වයසෙන් ඇඟපතෙන් විතරයි. වැඩ නම් වෙනසක් ඇත්තේම නෑ. මේ මිනිස්සු අහිංසකයි.
Deleteබොහොම ස්තුතියි අදහස් දැක්වීමට.
ලස්සන කතාවක් ඇනෝ. ස්තුතියි... රාජ් කිව්ව වගේ කෙටි කතාවක් හා සමයි...
Deleteඇනෝලා ගැන සෙනෙහසක් ඇති වන්නේ මෙවිටය.
Deleteකාරණය පැහදිලිය, මේ සුගත් දුප්පතෙකු විය හැකිය. එහෙත් සුගත් ගේ මාසික පඩිය 50000 වුවත් සුගත් සපත්තු වෙනස් කරයි යැයි නොසිතේ. ඒ ඔහු වටා ඔහුම ගොඩ නැගාගෙන ඇති ප්‍රතිරූපයයි. ඒ ප්‍රතිරූපය වෙනස් වනවාට සුගත් මෙන්ම ලොක්කාද කැමති වේ යැයි සිතිය නොහැක.
මම දකින් විදියට ඔය තත්වය හැම මට්ටමකම පුද්ගලයන් අතර තියනව. උදාහරණයක් විදියට මට වඩා වැටුප් ලබන සීනියර් කාකාසල ඉන්නව. හැබැයි ඇඳුම සුපුරුදු විදියට ඇනෝනිමස් මහත්තය කිව්ව වගේ ජාතියේ එකක් තමයි. මොඩර්න් කිව්ව හරි!
Deleteලස්සන කතාව ඇනෝ. නියමයි.
Deleteඇනොගේ කතාව මටත් හිතට වැදුනා.
DeleteTaboo??
Deleteමෙතන ඇනෝ අපි අතරම ඉන්න ප්‍රසිද්ධිය අකමැති යහපත් සහෝදරයෙක් කියලයි මම හිතන්නේ. එතුමාට මගේ ආචාරය.
Deleteඅර්ශස් කාරයො ඔක්කොම එකම ප්‍රතිකර්මය වගේ.. මට හමුවෙච්ච පොල් සෝමයත් ඔහොම කථාවක් කිව්වා...රාජ් මොකෝ දැන් අපේ ඉසව්ව අමතකම කරලා දාලා... 27 ගම්පහ වැඩේට එනවා නේද ? විස්තර කාමරෙන්...
ReplyDeleteඒ කතාව මතකයි. උඹේ ඉසව්වෙ තිබුන ලිපිය කියවමින් ඉන්න වෙලාවෙ වැඩක් සෙට්වුන නිසා බලන්න උනේ නෑ. හිටු පොඩ්ඩක්. ගෙට්ටුව........ බලමු!
Deleteරාජ් නරකද මේ කතා එකතු කරලා පොතක් ලිව්වොත්? ඔෆීසියේදී කරන්න වැඩකුත් තියෙනවානෙ එතකොට ? :D
ReplyDeleteඅපිට කොයින්ද රත්තෝ බූල් බල්ලො! :) මේ විදියත් හොඳයි.
Deleteරාජ්.. මං බැනුම් අහනවා කුම්මැහි කමට උඹව සුද්ද කරනවා කියලා බ්ලොග් එකට ගෙන්නගන්න ඕන හින්දා . ඒත් කෝ මගෙ බ්ලොග් එක පැත්තෙ තාම කාලෙකින් ආවෙ නෑනෙ මෙච්චර හැමදාම මෙකෙ ලියලත්..
Deleteසරත් ලංකාප්‍රිය
Deleteඑකක් මිස්වෙලා තියනව. :-)
ඇයි රාජ් මගේ එකත්???.. හෙක් හික්ස්..
Deleteඒ කාලෙ ඉස්කෝල හිටපු කාකාස ට තමා අපේ උන් සර්ට වඩා බය. මතකනේ මම ලියපු ඩුම්මගෙ සූදුව, අන්න ඒකෙ ඩුම්ම නොහොත් දුමින්ද තමා අපේ උන් සුදු ගහපුවා ගිහින් පිනාගෙ කනේ තිබ්බේ :ඩී
ReplyDeleteම්හු ඒක බැලුවෙ නෑ.
Deleteමූට නම් ගනදෙවි මොලේනේ තිබිල තියෙන්නේ. ඇත්තටම පගාව ගන්නේ මුන් විතරක් නෙමෙයි මුන් ගන්නේ මහත්තුරුන්ටත් දෙන්න එක්කයි. ඒකයි ඇත්ත කතාව
ReplyDeleteඇත්ත. ඒවගේ අවස්තාවලුත් තියනව. සමහර වෙලාවල ලොක්කටත් එක්ක අල්ලස් ගත්ත පියන් පාවාදීපු ලොක්කොත් ඉන්නව.
Deleteකාකාස නිලධාරියා කීම ඬැරදි යෙදුමක්. නිලධාරියා හෙවත් ඔෆිසර් යනු මාණ්ඩලික ශ්‍රේණියකි.
ReplyDeleteනිකම්ම කාකාස කියා ලියන්න නිකං මොකක්ද මොකක්ද වගේ නම්, කාකා සහායක කියා ලියන්න.
"නිලධාරියා" කියන්නෙ මාණ්ඩලිකම නෙවේ. අපිත් අයිති වෙන්නෙ නිලධාරී ගණයට. කාකාසලා නිලධාරීන්ද කියන කාරණාව නං බලන්න වෙනව.
Deleteමට නං හැකයි මේ නියම කකාද කියල. රජයේ ඕනැම කෙනෙක් ලිඛිතව නිලධාරියෙක් තමා.. ඔතන තියෙන්නේ පට්ටම ගැන මමත්වයක්.. සොරි ඩොට් කොම් තමා.. කක්කුස්සි හේදුවත් එයා රජයේ නිලධෘරියෙක්. රාජ්.. උඹලගේ ආයතන සංග්‍රහයේ එහෙම වෙන් කරල නෑ නෙව.. රාජකාරි කරන අය වෙන වෙනම...
Deleteමම සේවය කරපු කාර්යාලයකත් මරු කාකාස මහත්තුරු ටිකක් හිටියා.එක පොරක් හවස් වරුවේ මිසින්.ටිකක් හොයල බැලුවම මිනිහ හවසට ත්‍රි විල් එකක් එලවනවා.මම මිනිහට කතා කලාම කියනවා හම්බවෙන පඩිය මදිලු ජීවත්වෙන්න.මිනිහගේ වයිෆ් ක්ලීනින් සර්විස් එකක සේවය කරන්නේ.ළමයි තුන්දෙනයි .මිනිහ කියන හැටියට සතියේ ඉරිදා විතරලු ගෙදර උයන්නේ අනිත් හැම වෙලාවේම කට්ටියම කධෙන්ලු කන්නේ.මේ මිනිස්සු ගොඩක් වෙලාවට අමාරුවේ වෙටෙන්නේ අතට එන ගාන හරියට කළමනාකරණය කරගන්න බැරිකම් නිසා.කොලබ තියෙන අසීමාන්තික ආතිකාල ලබාදෙන ආයතනයක් නිසා එකේ ඔක්කොම කාකාස මහත්තුරු මට වඩා වැඩි පඩියක් ගත්තා .
ReplyDeleteතව එක්කෙනෙක් හිටිය ප්‍රධානියාට පන උනත් දෙන ජාතියේ.මිනිහගේ හොදකම කියන්නේ පරණ බොස්ලගේ හොද මිසක් නරකක් කිසිම දවසක කියන්නේ නැතිඑක.
කළමනාකරණ සහකාර නිලදාරීන් තමන්ගේ රාජකාරි බොහොමයක් කරගන්න නිසාත් පිරිසිදු කිරීම් බාහිර ආයතන වලට පවරලා තියෙන නිසාත් මේ තනතුරු අත්යාවෂම නැති උනත් රජ්‍යසේවයේ බොහාමයක් කාන්තාවන් නිසාත් බොහෝ රාජකාරි කාකාසලා ලවා කරවාගන්න නිසාත් වැඩියෙන්ම පොලිටික්කන්ට තම අතවැසියන්ට විබාගයකින් තොරව පහසුවෙන් රැකියා ලබාදිය හැකි තනතුර නිසාත් මෙම තනතුරු අඩුවෙයි කියල හිතන්න අමාරුයි.එත් කොලබින් පිට තියෙන කාර්යාල වල කාර්යාල කාර්ය සහයක මහත්තුරු නිසා ලොකු සේවයක් වෙන බවනම් කිව යුතුමයි.
අන්න හොඳ පොයින්ට් එක. ජොබ් එකක් විදියට දෙන්න පුළුවන් අවුලක් නැති තැනක් තමයි කාකාස තනතුර. මේ තනතුර නැති කරන්න බැරි හේතුවක්.
Deleteලොක්කන්ගෙන් කරගන්න බැරි දේවලුත් සමහර වෙලාවට මේ කාකාසලාගෙන් කරගන්න පුළුවනි ....
ReplyDeleteඅපොයි ඔව්!
Deleteවයිට් ලේබල් අමුවෙන්?? :O
ReplyDeleteමොකෝ අමාරුයි වගේද? :)
Deleteසමහර කාකාස ලා ලොක්කට වඩා පවර්. ඒත් සමරහර අය එක්ක ලේසියෙන් වැඩක් කර ගන්න පුළුවන්.
ReplyDeleteක්‍රමේ දැනගත්තම ලේසියෙන් වැඩ කරගන්න පුළුවන්.
Deleteනියම සයිට් එක මම සිංහ පීඩියාව ලියන යසිරු http://sinhapedia.blogspot.com/
ReplyDeleteකැළණිය වි. වි. දර්ශන අංශයේ හැමදාම වැඩට ආවේත්, ගිය ඕනෑම වේලාවක දකින්නට හිටියෙත් එකම එක්කෙනයි, එයා තමා ඔය කා.කා.ස. අවුරුදු විස්සකට පසුව යද්දීත් ඒ විදියටම ... එහෙම රස්සාවල් කරන මානසිකත්වය ගැන හිතුවොත් රටක් යන අත ගැන වැඩි දෙයක් කියන්න ඕනෑ නැහැ කියලත් හිතෙනවා.
ReplyDeleteඅර අලුතෙන් ස්ථිර පත්වීම් දීපු පනස්දාහකට වැඩි අයව මොන තනතුරු වලට ද ගත්තෙ?
ස්ථිර පත්වීම් තවමත් නෑ. ඔය නිව්ස්එකට පස්සෙ අපේ ලඟ ඉන්න ගෑල්ලමයි දෙන්නෙකුගෙන් මම ඇහුව විස්තරේ. එයාල කිව්ව විදියට ඒක නිකං මාධ්‍ය සංදර්ශනයක් විතරයි. කිහිප දෙනෙකුට ලොක්ක අතින් පත්වීම්(?) දීල. ඒ උදවිය හැරුනම අනික් අය තවමත් හිටපු තැනම තමයි.
Deleteමගේ මස්සිනා තැපැල් ස්ථානාධිපති වරයෙක්. ඒ හරහා හම්බවෙලා තියෙන කාකාසලා නම් බොහොම හිතවත් උදවිය. මස්සිනාගේ පවර් නිසාද දන්නෙ නෑ. අපිට උනත් ඔන වැඩක් කියලා කර ගන්න පුලුවන්. එයාලා කාකාස හදුන්වන්නේ KKS කියලා.
ReplyDeleteKKS කියලත් කියනව තමයි. වැඩ ගන්න පුළුවන් ඕන තරම්. :-)
Deleteකාකාස .............එය ආයතන ප්‍රධානියාට වඩා ඩිංගක් උඩින් ඇති තනතුරක් වග දනිමි
ReplyDeleteහික්... කාකාසලා මරුනේ.... රජයේ ආයතන වල තමා මං හිතන්නේ ඕක වැඩිහරියක් තියෙන්නේ.....
ReplyDeleteඔව්. ආණ්ඩුවෙන් තමයි වැඩිපුර මේගොල්ල තියාගන්නෙ. පුද්ගලික අංශයේ අඩුයි.
Deleteරාජ්‍ය සේවයේ මේ වෙනකොට විවිධ වර්ගයේ කා කා ස මහත්වරුන් 100 කට වැඩි ප්‍රමාණයක් සමග ඇසුරු කොට අත්දැකීම් ඇත්තෙමි.
ReplyDeleteඔවුන් සමග බැඳී ඇති කතාද බොහෝය. ඉදිරියේදී ලියන්නට කැමැත්තෙමි.
රාජ්ගේ කතා මමද මුළු හිතින්ම අනුමත කරමි.
හරි ලියමුකො බලන්න. තාමත් රාජ්‍යසේවයේද?
Deleteපොඩි අත්වැරදීමකුත් වුණා,මහත්වරුන් පමණක් නොව මහත්මියන් හෝ මෙනෙවියන්ද විය.
Deleteතාමත් රාජ්‍ය සේවයේ යෙදෙමි.පසුගිය ජනවාරි 16 වන දිනට රාජ්‍ය සේවයේ 35වන වසරද සැමරීමි
(සමරු තිළිණ අගැයීම් හෝ ත්‍යාග කිසිවක් නොමැතිව)
එසේ නම් තමා ගේ කඩයේ ඔතා ඇති හැලප කා ඉතිරිවා අපට දීපිය...
Deleteමේවා දැකගන්ට ඔය පැත්තේ කන්තොරුවක වැඩ කරලා බලන්ට ආසයි රාජ්.
ReplyDeleteකා.කා.ස මහත්තුරු, අපිටත් තේ හල, හලා ගෙනෙයිද දන්නේ නෑ. :D
අපෝයි නෑ. කාකාස මහත්වරු මිස්ලට හරී ආදරෙයි. අපිට තමයි වැඩක් කරගන්න අමාරු.
Deleteඉහලින් කිව්ව වගේ කාකාස ලා ඇත්තටම උවමනා වෙන්නේ ඔවුන්ගෙන් කෙරෙන දේ අනෙකුත් සේවකයින්ගෙන් සිදු නොවෙන හෝ සිදු කරවා ගැනීමට නොහැකි වෙලාවට. එහමත් නැතිනම් ඉතින් ඡන්ද කාල වලට සමහර අයට වෙනත් ප්‍රයෝජනත් ඇති. ප්‍රධානියාගේ හොර වැඩ වලට නොදැන සහභාගී වෙලා, ප්‍රධානියා යහතින් සිටියදී හිරේ ගිය කාකාස කෙනෙක් මම දන්නවා.
ReplyDeleteඔව්. පහත් තැනින් නේ වතුර බහින්නෙ.
Deleteරාජ්. පුදුම නිරීක්ෂන ශක්තියක්නෙ උඹට තියෙන්නෙ. රාජ්‍ය සේවය ගැන විශේෂයෙන්ම මේ පසුබිම් කතා ටික එක තැනක තිබ්බා නම් හරිම රසවත් එකතුවක් වේවි බං.
ReplyDeleteඔය කා. කා. ස. ලට තියෙන පවර්ස් ගැන නම් කියලා වැඩක් නෑ. උන්ව ඒ තත්වෙට පත් කරන්න අපි ඔක්කොම දායක වෙලා බලන් ගියාම.
තැන්කූ හෙන්රි.
Deleteමටනම් කකස ගෑන තියන අත්දෑකීම් වෙනස් ඔයිට වඩා.. මම හිතන්නෙ පෞද්ගලික ආයතනක නිසාද දන්නෙ නෑ... මම කා.කා.ස ල 3 දෙනෙක් එක්ක වෑඩ කරල තියනව ශාඛා 3ක.. එයාල හෑමෝම බොහොම හොදට වෑඩ කලා... අනික ඒ තුන්දෙනා වම ආයතනය සෑලකුවෙ එයාල එතනට වටිනකමක් තියන මිනිස්සු විදිහට ... එක කෙනෙක් බොහොම අමාරුවෙන් ජීවත් උනේ.. ඒත් කවදාවත් අපෙන් ඉල්ලල නෑ.. එත් අපි විස්තර දෑනගෙන උදව් කලාම ඒ දේවල් හෑමදාම මතක තියගත්ත... අනික අපි හෑමවෙලේම පෑන් එහෙම ඉල්ලුවට දෙන්නෙ නෑ.. ඉල්ලුවම සද්ද නෑතුව ඉදල කොහෙන් හරි අපි නෑතිකරගත්ත පෑන, පෑන්සල හොයල දෙනව... ඉතින් අපිටම ලෑජ්ජයි අන්තිමට... බ්‍රාන්ච් එකේ පත්තර එහෙම විසිකරන්න තියෙන්නෙ.. එත් අපි කිව්වම ඒව විකුනල සල්ලි ඔයා ගන්න කියල, එයා කරන්නේ විකුනල සල්ලි තියාගෙන ඉන්නව... අපි මොකක් හරි බ්‍රාන්ච් එකේ දේකට සල්ලි මදි උනොත් ඒක දෙනවා... සතේටම ගනන් බේරනව.. බ්‍රාන්ච් එකේ දේවල් නාස්ති කරේ නෑ කවදාවත්... තමන්ගෙ තත්වෙ අමතක කලෙත් නෑ..කට්ටිය එක්ක එකට බිව්වත් තමන් කවුද කියල මතක තියාගෙන හිටිය... එයාගේ නම සුජිත් කුමාර... හෑබෑයි හොදක් තියෙන්නෙ බ්‍රාන්ච් එකේ අයත් එයාට හොදට සලකුව..ඒ වගේ අය ගොඩක් අඩුයි....
ReplyDeleteඇත්තටම අහන්නත් සතුටුයි. මේ වගේ දහයක් පහලොවක් හොයල පාර්ලිමේන්තුවට යවන්න පුළුවන් වුනා නම්....
Deleteමෙතන ගොඩක් අය පියන් කියන චරිතයේ වැඩක් නැ වගේ අදහස් කරලා තිබුනට මට නම් එහෙම හිතෙන්නේ නැ.... සමහර නරක වැඩ කරන ඔහොම අල්ලස් ගන්න අයත් ඕන තරම් ඇති... එත් මට නම් තාම මුණ ගැහිලා තියන පියන්ලා අය්යලා වගේ.... කවදාවත් ආයතනයට වැරද්දක් කරලා අහුවෙලා නැ.. මොනවා හරි දෙයක අඩුපාඩුවක් නම් කියලා ඒ දේ ගන්න එක සමහර වෙලාවට වෙනවා....
ReplyDeleteමම හිතන විදිහට නම් පියන් කෙනෙක් බැංකුවකට නම් අනිවාර්නම ඕනා...
කාකාස.... විවිධයි විවිධාකාරයි.
ReplyDeleteරාජ් අයියේ ඇයි මේ බ්ලොග් එකේ අකුරු මෙච්චර ලොකු?
ReplyDeleteරාජ් මොකද මේ දවස්වල වැඩිය පේන්න නැත්තෙ.
ReplyDeleteකා කා ස ගැන අම්බානක කුකුසක් ඇති කරගත්තෙමි !
ReplyDeleteසමහර තැන් වල කා.කා.ස. නරකම නෑ. බැංකුවක නම් පරන එකෙක් 50,000 කට කිට්ටු වෙන්න ගන්නවා.
ReplyDelete-උකුස්සා-
ඒයි උඹැහෙට මොකෝ උනේ...
ReplyDeleteRespect and I have a nifty provide: What Home Renovation Expenses Are Tax Deductible house renovation companies near me
ReplyDelete