"ඔය තිස්ස පාර දිගට තියන, දැන් පර්චස් ගනනට කඩල විකුණන ඉඩම් ඒකාලෙ නිකංම අයිති කරගන්න තිබුන, ගෙයක් හදාගෙන පදිංචි වෙන්න කෙනෙක් හිටියෙ නෑ!" තාත්ත කියනව. "ඉතිං තාත්තල ඇයි ඒ ඉඩමක් දෙකක් අල්ලගත්තෙ නැත්තෙ? අපරාදෙනෙ දැං තිබුනනං කීයක් වටිනවද" මම අහනව. "ඒ කාලෙ අපි බැලුවෙ හොඳට හේන් කරන්න පුළුවන්, සරුසාර පස් තියන පොලවක්. ඉතිං අපි පාරෙන් ඇතුලට ආව". "අපරාදෙ තාත්තේ,.... හේන් කෙටුව කියල මොනවද ලැබුනෙ?"තාත්ත නිස්සද්දයි. මම ගෙදරින් එලියට බැහැල වෙල්යාය ලඟට ආව. හේන් කෙටුවෙ අපරාදෙ කියල තාත්තට කිව්වෙ අපරාදෙ!
මගේ හිත අවුරුදු ගනනාවක් ඈතට දුවනව. ඒකාලෙ තාත්ත හේන් කරනව කියන්නෙ මගෙත් හොඳම කාලෙ. ඔන්න ජූලි මාසෙ විතර කැති පොරව ආදිය කම්මලට ගෙනියල මුවහත් කරගෙන එනව. සමහර වෙලාවට මේ වැඩේ කරගන්න තාත්තටත් පුළුවන්. ඒක කරන්නෙ පොල්කටු අඟුරු වල ආයුධ දාල රත්කරල හෙමින් නිවෙන්න හැරල පීරෙන් මුවහත් තියනව. නැත්තං තලල කියල ඇද ඇරලත් ගන්නව. එහෙම හදාගත්ත ආයුදේ ආයෙත් සැරයක් රත් කරල එකසැරේටම වතුර එකක ඔබනව. ඒකට කියන්නෙ "පන තියනව" කියල. මම මේ කාර්යටත් දායක වෙන්නෙ බොහෝම සතුටින්. මෙතනදි මටත් පැවරුන කාර්යක් තියනව. මයිනහමක් නැති තාත්තගෙ කම්මලේ මයිනහම වෙන්නෙ සිමෙන්ති බෑග් එකක කට දෙපැත්තට ලී පටි දෙකක් සවිකරල, විරුද්ධ පැත්තෙ මුල්ලකින් සිදුරක් හදල ඒකට යකඩ බටයක් බැඳල හදාගත්ත උපකරණයක්. බෑග් එක ඇතුලට වාතය එන විදියට ඒක දිගහරිනව. ඊට පස්සෙ ලී පටි දෙක එකට තද කරල හොඳින් කට වහල බෑග් එක පහලට තද කරනව. එතකොට ඇතුලෙ හිරවෙච්ච වායුව බටය දිගේ අඟුරු වලට ගිහිල්ල ඒක රත් වෙනව. මේ වැඩේ සෑම වෙලාවකම හරියන්නෙ නෑ. වෘත්තීය කම්මල්කාරයෙක් නොවුන තාත්තගෙ වැඩ අවසානයේ නවතින්නෙ ගමේ කම්මලට වැඩ වැඩිකිරීමෙන්.
කොහොම කොහොම හරි හදාගත්ත ආයුධ අරගෙන ඊලඟට කරන්නෙ හේන කැපීම. මේකට තාත්තල කිව්වෙ "වල් කෙටීම", නැත්තං "වල් කැපීම" කියල. ඒ කියන්නෙ මනුස්සයෙක් වගේ දෙගුණයක් විතර උසට වැවී තියන විවිධාකාර ගස් වර්ගත් ඒවායේ එතී තියන වැල් ජාතිත් එක්ක ඔට්ටු වෙනව කියන්නෙ ලේසි පාසු කටයුත්තක් නෙවේ. හෑම ගහකම වැලකම මුල හොයාගෙන මුලින්ම කපල දාල ඒ කපපු ගහ නැත්තං වැල පොලවට තද වෙන්න පාගන්න ඕන. නැත්නම් ගිනි තියන්න අමාරුයි. වැවිල තියන ගස් වැල් බහුතරයක් කටු සහිත ගස්වැල්. ඒ නිසා වැඩේ තවත් අමාරුයි. කොහොම උනත් මේ වැඩේට ඕනකරන පාවහන් දෙකක් නං තාත්ත හදාගන්නව. ඒකට කියන්නෙ "වානහං" කියල. හොඳට වියලුනු හරක් හමකින් කපාගත්ත කොටසක් දෙකට නවාගෙන රබර් සෙරෙප්පු දෙකක පටි තියන ආකාරයට රෙදි නූලක් දාගන්නව. වල් කපන්න යන්නෙ මේව දාගෙන තමයි. ඕන කටු ජාතියකට ඔරොත්තු දෙනව වගේම කැපීගිය ගස්වල ඉතිරි වුන තියුණු මුල් වලිනුත් දෙපා ආරක්ෂා වෙන්නෙ මේ වානහං දෙකෙන් තමයි.
වල් කෙටිල්ල සම්පූර්ණයෙන් ඉවරවුනාට පස්සෙ සතියක් විතර වියලීමට ඉඩහැරල පුච්චන්න පටන් ගන්නව. කුඹුරෙන් ගේන ගෝනි පහකක හයක පිදුරු දාල, හුලඟ හමන අත බලල, ගිනි තියන්න සුදුසු තැන් කිහිපයක් හදනව. මේකට කිව්වෙ "මැල මූන" කියල. මූනට ගිනි තැබුවට පස්සෙ හුලඟ හොඳ උනොත් හොඳට පිච්චෙනව. හොඳට පිච්චීම සුභ ලකුණක් විදියට තමයි තාත්තල සැලකුවෙ. සීයට අසූවක් අනූවක් එකසැරෙන් පිච්චෙනව නං හොඳයි. නැත්තං එහෙන් මෙහෙන් පිච්චිලා ඉතිරිවුන ගස් වැල් ගොඩවල් ගහල ආයෙත් පුච්චන්න ඕන. මේක නං හරිම කරදර වැඩක්. හේන් පුච්චන්න තෝරාගන්නෙ අගෝස්තු මාසය. අගෝස්තු පෑවුම සැරයි වගේම ඉරත් සැරයි. වැඩේ ලේසියි. ඒත් සමහර කාල වලට අගෝස්තු වලත් අකල් වැහි වහිනව. එතකොට කකුලෙ තියන, හරක් හමෙන් හදපු වානහං ලිස්සන්න ගන්නව, ගඳගහනව. මේ අකල් වැස්සට කියන්නෙ "වාහහං කුණුවෙන වැස්ස" කියල.
හේන පුච්චල ඉවරවුනාම අම්මට තමයි වැඩ තියෙන්නෙ. බාගෙට පිච්චිලා කලුවෙලා ගිය දර එකතුකිරීම ගෑනුන්ගෙ වැඩක්. මේ දර තමයි අවුරුද්ද පුරාම ගෙදර ලිපේ පිච්චෙන්නෙ. සමහර වෙලාවට කැලේ හැංගිලා ඉන්න මී මින්නෙක් හාවෙක් වගේ සතුන් ගින්නට අහුවෙලා පිච්චෙනව. එයින් දඩමස් වේලකුත් ලැබෙනව.
සම්පූර්ණයෙන්ම ශුද්ධ කරගත් හේන වැපිරීම තමයි ඊලඟ කාර්ය. මේක කරන්නෙ වැස්ස පටන් ගන්න සතියකට විතර කලින්. මුට්ටියකට අරගෙන එන කුරහං, තන,... වගේ ධාන්‍ය වර්ග නිරුවත් පොලවට ඉසිනව. ඊට පස්සෙ උදැල්ලෙන් පස බුරුල් කරමින් ඉස්සරහට යනව. මේ වැඩ කෙරුනෙ කිහිපදෙනෙකුගෙ එකතුවෙන්. එක්කෙනෙකුට අඩි දහයක් විතර පළල වපසරියක් ඇතිව වේගයෙන් උදළුගාමින් ඉස්සරහට යනව බලන්න ලස්සනයි. මේ වැඩේ ඉවර වෙද්දි වර්ෂාව පටන් අරගෙන. වැස්සට පෙඟුන පොලවෙ තියන ඇට පැලවෙන්න ගන්නව. සතියක් විතර යද්දි කොල පාටින් රෙද්දක් වැනුව වගේ. මේ අතරෙ අමුත්තො පිරිසකුත් ඉන්නව. කැලේ තිබිල පිච්චෙද්දි බිමට වැටුන කරවිල ඇට තුඹ ඇට ආයෙත් පැල වෙලා.
එච්චර අවශ්‍යතාවයක් නැතත් මගේ ඉල්ලීමට තාත්ත හේනෙ පැලක් හදනව. හේනක් තියනව නං පැලක් තියෙන්නම එපැයි. මට ඒ කාලෙ හිතුනෙ එහෙමයි. පැලේ ඉඳි පීලි මැස්ස උඩ ඉන්නව තරම් සනීපයක් සුවපහසු යහනාවක වත් තියනවද කියල සැකයි. ගෙදරදි අම්ම පෙරැත්ත කරලත් කන්නෙ නැති කෑම පැලේදි නං මෙහෙ කරනකොට ඉවරයි...........
ඒ වගේ කාලයක් ආයෙ නං එන්නෙ නෑ. හේන් කරන්න සුදුසු තරමට අවුරුදු ගානක් නොඉඳුල් පොලවක් දැං මෙහේ හොයාගන්න බෑ. එහෙම තිබුනත් කුරහන් සුද්ද කරල ගන්න තරං හැකියාවක් තියන ගෑනුත් නෑ නොවැ. ඔක්කෝමත් හරි තලප ටිකක් පිට්ටු ටිකක් කන එකෙක් හොයාගන්නත් බෑ! ඔක්කෝම මතක විතරයි.
මේ මොකද බන් බ්ලොග් එකට වෙලා තියෙන්නෙ... පුළුල් තිරයට ඇවිල්ලා.....
ReplyDeleteවමටත් දැම්ම රෝලක්. ඇයි අවුල්ද? කන්ට්‍රෝල් -,+ ගෙන් ගොඩදාගන්න බැරිද?
Deleteඅවුල තමා බන්.... +/- දැම්මාම ෆොන්ට් එක පොඩි වෙනවා..... තිරේ පලල් උනාම එක ෆ්ලෝ එකකට කියවන්න අමාරුයි...... කලින් විදිහ හොදයි....
Deleteආයෙත් හදන්න වෙයි වගේ. ඔහේම හිටු!
Deleteරාජ් මටනම් ලස්සනට පේනවා 16:9 අනුපාතයේ තියන අඟල් 24 LCD මොනිටරයේ. හැබැයි බොහොම දෙනෙකුට ප්‍රශ්න ඇති.
Deleteඑහෙනං හරි ඇති විචාරක මහත්මයා. මම 14 එකකිනුත් බැලුව අවුලක් නෑ වගේ. දේශපාලන අඩවි ටිකක් වෙනම ගන්න ඕන නිසා වමටත් රෝලක් දැම්ම. ඒකයි අවුල.
Deletewidth එක තව අඩු කරල, රෝලෙ පලලත් adjust කරපං රාජ්. පොඩ්ඩක් පලල්. මැදින් තමා මාත් බැලුවෙ ;)
Deleteමගෙ ලැපටත් අවුලක් නෑ...ඇහැට දැකලා පුරුදු නිසයි පරණ එකම ඉල්ලන්නෙ....මේක විශ්වාසනීය වෙනසක්...
Deleteමෙහෙම හොදා
Deleteඕං එක එකා එක එක ඒව කියනව!
Deleteවයිඩ් ස්ක්‍රීන් තියෙන අයට මේක හරියට පෙනුනට 4:3 තියෙන ඒවගෙ පේන්නෙ කෑල්ලයි. අනික් ටික බලන්න දකුණට ස්ක්‍රොල් කරන්න ඕන.
Deleteහරි!
Deleteමටත් අවුලක් නෑ හොදට පේනවෝ..
Deleteඅපූරු සටහනක්...
ReplyDeleteඇයිං බං කුරහං කන උන් හොයාගන්න නැහැ කියලා බොරු කියන්නේ..පලයංකෝ අරලිය ගහ මන්දිරේ පැත්තේ.. මහ තැන කෑවා නොකෑවා..උන්දැගෙන් ලකුණු දාගන්න අනිත් උන්දලා අමාරුවෙන් ගිලින්නේ තලප ගුලි ගුලි... :D
ඒකත් අර ජාතික ඇඳුම වගේ වෙලා. ප්‍රදර්හනේට කන්නං වාලෙ කනව.
Deleteදවසක් වන්නිල ඇත්තො ලොක්ක බලන්න කොලඹ ඇවිල්ල. යන ගමන් කියනවලු "ඔරිජිනල් මීපැනි දාපු දඩමස් ටිකක් එක්ක තලප කෑව කාලෙකිං කියල".
උඹ ඔය කියන කෑම ජාති කොළබ හයි ෆයි කෑම වෙලා තියෙන්නේ.. මාත් ගමේ යන නිසා තාමත් ඔය කෑම හම්බ වෙනවා..
Deleteඅඩේ එහෙම අත්දැකීමක් නෑනේ. ඒත් ගෙදර ගහක අට්ටාලයක් ගහලා ඒකේ උඩට වෙලානම් ඉඳලා තියනවා
ReplyDeleteඒකත් මදැයි බං.
Deleteහා හාමියෝ, කැලේ ඉන්නා මීමින්නනේ... සතා සරුපයා හැමටයි මේ කියන්නේ හෙට උදේ (අහවල් වෙලාවට )....... මේ කැලේ කපා ගොඩගසා ගත්ත පුලුස්සනවා. උඹලගේ ළමා ලපටින් අරගෙන අපිට සමාවෙලා වෙන තැණකට යනවා හොදයි. මට පව් නැහැ... ඕ...ඕ... ආයී... බෝ... කියලා මහ හඬින් මොනවදෝ මහ හෑල්ලක ගිනි තියන්න කලින් දින දෙකේ විතර කරනවා අහලා තියේද මට මතක නැහැ දැන් හරියටම ඒ සද්දෙ මහ අමුතියි. ඒ අඬහැරය නිසා බොහෝමයක් සතුන් එතනින් ඉවතට යනවා කියලා ඔවුන් විශ්වාස කළා. මතකද රාජ්ට...........??
ReplyDeleteනෑ. ඔය සිද්ධිය නං දන්නෙ නෑ. අනෙක හේන් ගිනි තියන්නෙ මොකක් නමුත් මසක බලාපොරෙත්තුව යටි හිතේ තියාගෙන. :-) නරකයි තමයි, ඒත් ඇත්ත ඒකයි.
Deleteඑක එක පැතිවල වෙනස් වෙද මහත්තයෝ,, ඔය කියන ක්‍රමේ අනිරාජපුරේ පැත්තෙ නම් මාත් දැකලා සහ අහලා තියෙනවා...
Deleteහම්..... හම් .... ( ඔව්වා කියන්ඩ ගියහම වයස අහු වෙනවා ) ඒසෙල්ලං වියලි කලාපේ
Deleteනියම මතකයක්. ඇත්තටම ඔය වගේ හේන් අත්දැකීමක් ලබන්න පුලුවං එක වාසනාවක්.
ReplyDeleteකුරහං කන කට්ටිය ගැනනං ඔය මාරය කියල තියෙන්නෙ.
ඔව් බං. මේව මතක විතරයි දැං.
Deleteමේ විස්තරයට අදාළ නියම පින්තූර අද හොයාගන්න නැහැ. පින්තූර අවශ්‍යනම් කරන්න වෙන්නේ ඒ වෙනුවෙන් රඟපාලා පින්තූර ගන්නයි. ඉස්කෝල පොත්වලවත් එවැනි පින්තූර නැහැ. ඇත්තටම රාජ් රඟපාලා හරි පින්තූර ටිකක් අරන් දැම්මනම් ඉතිහාසගතවෙන ලිපියක්. දැන් වුනත් ලොකු අඩුපාඩුවක් නැහැ. අගනා විස්තරයක් විශේෂයෙන් හේන් ගොවිතැන ගැන නොදත් අයට.
Deleteපිංතූර කිව්වම.........
Deleteතාත්ත අන්තිමට හේනක් හැදුවෙ මීට අවුරුදු තුනකට විතර කලින්. ඒ කුරහං තාම තියනව ගෙදර. මට මතකයි තාත්ත කියනව "දැං නං කුරහං හොඳට හැදිල, පුතාට පින්තූර ගන්න ඕන නං පුළුවන්" කියල. මොකද මම කිය කිය හිටියෙ පිංතූර ගන්න ඕන කියල. ඒ දවස්වල චීන ෆෝන් එකක් තිබුන මගේ ලඟ. ඒත් කවදාවත් ෆොටෝ ගන්න උනේ නේ නෑ. ඒක තමයි තාත්ත කල අන්තිම හේන. දැන් හේන් කරන්න තාත්තට බෑ. මගේ පසුතැවීම අදටත් තියනව.
චිහ්,උඹ මහ මෝඩයෙක් බං මම එහෙම නං පැනල ගිහිං පින්තූර අරං එන්නෙ බලපන් ආයෙ චාන්ස් එකක් එන්නෙ නෑනෙ උඹට ඔය කරපු මෝඩ වැඩේ ගැන පසුතැවිල්ල හැමදාටම තියේවි.
Deleteඅපට ඔය වගේ හේන් ගැන අත්දැකීම් තිබ්බේ නෑනෙ
ගන්නෝරුවේ සහ බටඅත කෘෂි තාක්ෂණික උයන්වල නම් හේන් ආදර්ශ තියෙන බව අහලා තියනවා.වෙනී අය්යා නම් වතාවක් බටඅත කරක් ගහලා තිබුනා.
Deleteඔව් බට අත තියෙනවා ආදර්ශ ගොවි පොලක්..අපි යන කාලෙ අවුරුදු 2කට කලින් ඒකෙ නඩත්තුව සවුත්තු වෙලා තිබුනත්..අවධානය යොමු කලොත් හොඳට කරන්න පුළුවන් තැනක ලකුණු තියෙනවා එතන..අද තත්වය කොහොමද දන්නෙ නෑ..
Deleteහැලපෙ
Deleteමොනව කරන්නද බං. ඔයවගේ මිස්විම් තියනව ඕන තරම්
නිකං-වෙනී
ගන්නෝරුවෙ ගියා මාත්. ඒත් ඒව නියම හේන් නෙවේ. හේනක් සහ ගොවිපලක් කියන්නෙ දෙකක්.
බට අත මට අතේ දුර උනත් කාලෙකින් ගියේ නෑ.
මම ළඟදී හේනක රාත්‍රියක් ගත කරන්න යනවා. බලමු.
Deletepatta... supiri thiyenawa.:) godak rasawath..
ReplyDelete@ scl eke sita kiyewwemi (horen)
_ Ben Tennyson
wwww.sandainduwara.blogspot.com
ස්තුතියි මචෝ!
Delete//"ඔක්කෝම මතක විතරයි"// සුන්දර ගැමි ළමා කාලයක් තියෙන හැමෝටම කියන්න තියෙන්නේ ඔයටික තමයි රාජ් දැන්. ඒ අපේ පරම්පරාවට , අපෙන් පස්සේ එන පරම්පරාවට එකේ වගක් නෑ. එහෙම දේවල් සුන්දර දේවල් හැටියට හිතන්න පුළුවන් කමකුත් ඒ පරම්පරාවට නෑ .
ReplyDeleteමේක ටික ටික අඩුවෙමින් පවතින දෙයක්. තාත්තලගෙ පරම්පරාවෙ දේවල් අපිට එද්දිම ටිකක් අඩුවෙලා ආව වගේ තමයි. ඒ වෙනුවට වෙනත් දේවල් ආදේශ වෙලා. නමුත් ජීවිතය නීරස වෙලා.
Deleteශා නියම ලමා කාලයක් රාජ්ට තිබිලා තියෙන්නේ...
ReplyDeleteහරිම ආසාවෙන් කියෙව්වා.
ඔව්. ළමා කාලය ගැන ලිපි සීරීස් එකක් ලියන්න පුළුවන්.
Deleteඉතින් ලියනවකො ඕයි
Deleteහිටපියකො පොඩ්ඩක්.
Deleteහේන් ගොවිතැන නම් නියම විස්තරයක් තියෙන්නේ. . .
ReplyDelete:-) බොහොම ස්තුතියි
Deleteමේ දැන් තියන විදිය හොඳා
ReplyDeleteහරි මචෝ!
Deleteමට මතක් වුනේ "සාගර ජලය මදි හැඬුවා ඔබ හින්දා" විත්‍රපටියේ අර සුනිල් හෙට්ටිආරච්චි, ස්වර්ණා මල්ලවාරච්චිට හේන ගිහින තියන්න උදව්වෙන සීන් එක.
ReplyDeleteඒකෙන් හැකිවේවි පින්තුරවලට නිශ්චල දර්ශන ගන්න.
පිංතූර නං කමක් නෑ.
Deleteහරිම රසවත් සටහනක් රාජ්!!! තව මේ වගේ සටහන් බලන්ට ආසයි. හැම මිනිහෙක්ගෙම ඇතුලේ ගොවියෙක්/ගෙවිලියක් ඉන්නවද දන්නේ නෑ. මේ විස්තර කියවපුවාම මම හිටියේ ඒ හේනෙමයි. ගොඩක් දේවල් ඉගෙනගත්තත් එක්ක. අර සෙරෙප්පු නම් වැඩි සනීපයක් දැනුනේ නෑ. දාගෙන ඉඳලා තාම කකුල් රිදෙනවා හී හී...
ReplyDeleteබොහොම ස්තුතියි පොඩ්ඩි.
Deleteසෙරෙප්පු වල සනීපයක් නං නෑ. ඒත් කටු ඇනෙනවට වැඩිය ඒක දාගෙන ඉඳීම නං සෑහෙන්න සනිපයි. මෙන්න තවත් චුට්ටක්,
මේ හරක් සම් කැබැල්ල ගන්නෙ කකුලේ ප්‍රමාණයට වඩා දිගත් පළලත් වැඩියෙන්. කටු ගස් වැල් පාගාගෙන යද්දි වැඩිපුර තියන කොටස උඩට නැමීම නිසා ආරක්ෂාව උපරිම වෙනව. සම් කැබැල්ල පොඩ්ඩක් තෙමුනම මෙලෙක් ගතිය වැඩියි. එතකොට සුවපහසුවත් වැඩියි. මට මතකයි ඉර අවුවට කරවෙලා තියන වෙලාවට බොන්න තියන වතුර එකෙන් ටිකක් දාල මොලොක් කරල ගන්න හැටි.
අගෝස්තු වල පුච්චපු හේන වපුරන්නේ මොන කාලයේද ?
ReplyDeleteසතියකට පස්සේ වැස්ස එනවා කියල දැනගන්න පාරම්පරික ක්‍රම තියනවද ?
හොඳ දැනුවත් කිරීමක් රාජ්.ස්තුතියි.
මාසයක් විතර යනව. කාලය හරියටම මතක නෑ. නමුත් ඒ කාලෙ වැහි රටාවක් තිබිල තියනව. පරිසර විනාශයත් එක්ක දැන් ඒක නෑ. මට මතකයි අපි පොඩි කාලෙ දැනට වඩා සෑහෙන්න වහිනව. දැන් අහස් දියෙන් ගොවිතැන් කරන්න බෑ. කලට වේලාවට වැස්ස නෑ.
Deleteමම මේ කතන්දර ටික ඔය එක එක පොත් වල කියොලා තිබ්බට ඇත්තටම මේ ජීවිතේ විඳපු කෙනෙක්ගෙ කතාව කියෙව්වෙ අද තමයි... රාජ් අපි මේ අද සුන්දරයි කියලා හිතලා විඳින විඳීම නෙවෙයි ඒ කාලේ තිබ්බෙ නේද... අද අපි මේවා නැති හින්දා මේ ජීවිත හරි සුන්දරයි කියලා හිතලා මෙහෙම කියෝලා විඳිනව.. ඒත් ඇත්තටම අපිට අඩුම ගානේ දවස් 10 -15ක් වත් ඔහොම තැනක ඔය කාලේ ජීවත් උනා වගේ ජීවත් වෙන්න පුලුවන් වෙයිද... හ්ම්ම්....
ReplyDeleteඒ ජීවිතය දුෂ්කරයි. ඇත්තටම දුෂ්කරයි. ඒත් ඒකාකාරී නෑ.
Deleteදැන් පැලක් දකින්න නම් ඉතිං ටෙලි සිනමා ගම්මානෙට යන්න වෙනවා....
ReplyDelete:-) ඒක හරි.
Deleteඅපි නොදන්න රන්මිණිතැන්න !
Deleteමේවට කැමැති මිනිස්සු, ශක්තිය තියෙන මිනිස්සු දැන් අඩුයි රාජ්. ඔක්කොම හොරු.
ReplyDeleteමේ ලගදි ඇඹිලිපිටියෙ, පනාමුරේ පැත්තෙ ගියාම එළවලු වගාවන් දැක්කම ආස හිතුන. ඒත් අපි ඕව කවද කරන වැඩද?
ජය !
දැන් තාක්ෂණය දියුණුයි ඒත් වැඩ මෙහෙමයි
Deleteඅපිත් මේ ලඟදි යාලුවෙක්ගෙ බටානා වගාවකට ගියා. පට්ටයි. ඌ නම් කිව්වෙ අපි ඉන්න එක හොඳයි සද්දෙට අලි එන්නේ නෑ කියල. එතකොට තමා කට්ටියගෙම කටවල් වැහුනේ. විනාඩි 5යි. ආයි කචපචේ.
ReplyDeleteඅපේ පැත්තෙ නං අලි නෑ.
Deleteබොලාගේ පැත්තේ අලි කොහොම ඉන්නද ඔච්චර අලි හිටපු බෝතලෙත් දැන් අලි නැතිකොට.හැමතැනම තියෙන්නෙ බුලත් පන්දලන් ,හැබෑටම අලි ටික නිකංම වඳවෙලා යන්න ඇරියනෙ මේ යකා.
Deleteඅලිටික නං ඉන්නව, හැබැයි පූස්පැටව් තරම් ඇති! උන්ට අලි කියනවට වැඩිය ෙහාඳයි.......
Deleteරජ කාලේ වී ඇරුනම අනිත් බව බෝග ඔක්කෝම වගා කලේ හේන් ක්‍රමයට. ඕකට හින්ගලෙන් කියන්නේ චේනා කලිවේසොන් කියලා.. පලාතෙන් පලාතට වගා කරන ක්‍රම වෙනස්.. අර පරාස්ස කියන අපූරූ.. නාට්ටියෙත්, මට යකෙක් කන්න බඩගිනියි කියන්නේ හෙන් කොටන්න යන ගමයා..
ReplyDeleteඉස්සර ගමක තිබුන ගම් වාසිය කියන කොටහේ තමයි හේන් වගාව කොලේ.. ඉතිරි කොටස් තමයි.. වැව, ගම් ගොඩ, (විහාරය , කඩමන්ඩිය හා නිවාස.), වෙල් යාය.. (කුඹුරු.)
මේ ගම් වාසිය කියන්නේ කැලෑව. ඒකෙන් තමයි වැවට වතුර ලැබෙන්නේ. හේන වගාව කලෙත් ඕකේ. එතකොඩ දැව අවශ්‍යතා වගේම උබ කිව්වා වගේ දර අවශ්‍යතා සපුරා ගත්තෙත් ඔතනින්. ඒ ඇරුනම ගමේ හරක් ටික උලාකන්න දක්කන්නෙත් ඔතනට, ඊට අමතරව සමහර උන් සතෙකුත් දඩයම් කොර ගත්තා.. ඒක තහනම් නිසා තමා.. අර ගින්නට අහු වෙන්න වටේටම එක පාර ගිනි තියන්නේ..
අද මේ ක්‍රමේට ගොවිතැන් කරන්න අමාරුයි.. කැලෑ මහත්තුරු නිසා.. ඒත් තවමත් කරන පැති නැත්තෙමත් නෑ.. පුත්තලම කාලයක් හේනකුත් කලා.. ඒ නිසා තමයි මේවා ගැන දන්නේ..
දැන් කැලැ හේන් බොහොම විරල උනාට . ඒ පුරුද්ද අත අරින්න බැරි වයසක ගැමියෝ තමන්ගේ ඉඩම් වල වගා කරනවා අවුරුද්දට එකවරක් ඔය සිස්ටම් එකට . කැලැව සුද්ද කිරිල්ල එහෙම්ම උනාට පාත්ති හැදිල්ල තමා වෙනස , ඕක තමා අහස් දියෙන් වගා කිරිල්ලට හොදම ක්‍රමය .
Deleteහැබැයි දැන් වතුර දාන්න වෙනවා වැස්ස නැති හන්දා
හේන් වල මූලිකම දේ තමයි අවුරුදු පහකට විතර වරක් වගා කිරීම. ඒ කියන්නෙ අවුරුදු ගනනක් ගස්වැල් වැවිල කොල වැටිල සාරවත් බිමක් එතන තියනව. මේ කන්නයේ හේන හදන තැන නෙවේ ඊලඟ කන්නයේ වගා කරන්නෙ.
Deleteඅද තියන අවුල තමයි භූමිය හිඟ කම.
අපේ තාත්තල පොඩිකාලෙ හේන්වල වගාකල වී වර්ගත් තිබිල තියනව.
අපේ පැති වල ඉතිං හේන් කෙටිල්ලක් නැති නිසා මේ කියවෙන දේවල් මම ඇත්තටම දන්නෙ නෑ...හේනක් කොටනවා දැකලා තියෙන්නෙත් ටෙලි නාටක වල විතරයි...එහෙව් අපිට මේක බොහොම රසබර පෝස්ටුවක්...
ReplyDeleteබොහොම ස්තුතියි සිරා.
Deleteඔය අත්දැකිම අපි ලැබෙන්නෙ නැ මචන්.දුකයි ද මන්දා
ReplyDeleteඅත්දැකීම් නැත්තං දුක්වෙන්න දෙයක් නෑ.
Deleteමට නම් බ්ලොග් එකේ අවුලක් පේන්නේ නෑ.
ReplyDeleteදැන් ඉතින් පටන් ගත්ත එකේ තවත් මේවගේ අත්දැකීම් ලියාපං. මේවා ආගන්තුක අය ඕනෙ තරම් ඉන්නවා. ඇත්තෙන්ම අපිත් පොත්වලින් කියවලා විතරක් දැනගත්තු අත්ඩැකී,
ඔය උඹ කියන සපත්තුම තමයි අර රවියා මාස ගානක ඉඳලා වදන්නේ වාං පතුල් සීරීස් එක කියලා, නේද?
එහෙමද? රවියගෙ කතන්දර වලින් මම කියවන්නෙ අර ගුරුවරියක් සමග උගේ........ එක විතරයි.
Deleteඅපූරු මතකයක්.. මේකත් නවකතාවක කොටසක් වගේ.
ReplyDeleteකුරහන් කන අය නෑ කියන එක නම් පිලිගන්න බෑ නේද? දැන් ඉස්සරහට වඩා කුරක්කන් වලින් කෑම මිනිස්සු භාවිතා කරනවා. මම ලංකාවට ගියාම මේ පාර කුරක්කන් කොකිස්, කුරක්කන් වන්ඩු වගේ දේවල් පවා කෑවා.
මේක ඔයාගේම අත්දැකීමක් නේද. සතුටුයි.
කුරක්කන් ආශ්‍රිත නිෂ්පාදනනම් තියනව තමයි. නමුත් ප්‍රධාන ආහාරයක් වෙච්ච පිටිටු-තලප නං අඩුයි.
Deleteඅපූරු එබී බැලීමක්.. කාලයත් එක්ක හැම දේම වෙනස් වෙලා..
ReplyDeleteකෝ අර ඊ මේල් එක රජෝ ?
ඉන්ටකෝ....
Deleteමෙච්චර විස්තර මතක නැතත්, අනුරාධපුරේ, ඊටත් එහා ගියාම මිහින්තලේ කහටගස්දිගිලිය කියන පැතිවල හේන්වලට මම ගිහින් තියනවා. අනුරාධපුරේ හේනක කලක් ඉඳලත් තියනවා.
ReplyDeleteමට තියන කණගාටුව, දැන් ඒවා මතකෙනුත් ඈත් වෙලා ගිහින් තියන එකයි. මේ වගේ එකක් දැක්කහම, ඒ අත්දැකීම් මතක වෙනවා... ඒත් ගොඩක් හිස්තැන්...
රාජ් ඒ නිසා මම නම් කියන්නෙ මේවා ලියලා තියන එක උඹටත් හොඳයි. කාලයක් යනකොට මේවා උඹේ මතකෙනුත් ඈත්වෙලා යන්න ඉඩ තියනවා.
ඔව්. අමතක වෙන්න කලින් තමයි සටහන් කලේ.
Deleteඔය වචන ටික නම් අපිට අමුතු උනත් ඔය සිද්ධියට මාත් හොඳටම මුහුන දීලා තියෙනවා රාජ්..අද නම් ඒ පැත්තට යනකොටත් දුකයි..
ReplyDeleteela
ReplyDeleteතෑන්ක්ස් !
DeleteAnonymousNovember 1, 2013 at 11:10 AM
Deleteබොහොම ස්තුතියි
මේ වගේ සුන්දර මතකයක් තිබුන එකම කොච්චර දෙයක්ද රාජ් අයියේ.. අපිට ඉතින් එහෙමවත් එකක් තිබුනා කියලයි..
ReplyDeleteඇයි උඹට පාමසියෙ අක්ක හිටිය මදිද? :-)
Deleteඅයිබන් අර කිරිකට් ගහන මහත්තුරු වගයකුත් මේ ලගදී ඔය හේනක් කොටන්න කෑලාවක් එලිකරාලු නේද
ReplyDeleteමතක නෑ..........
Deleteඅනේ අම්මේ බ්ලොග් කරන එකෙක් වත් මේක විදලා නෑ වගේ ඕක ගොඩාක් දුෂ්කරයි අපේ තාත්තාටත් හේනක් තිබුනා මම නම් පොඩි කාලේ ඉදලා ඔකේ තමයි වානාහං අපේ තාත්තා නම් හැදුවේ පරණ ටයර් වලින් අර බොකුටු වෙලා තියන කෑල්ලක් කපලා සිදුරු තුනක් විදලා තමයි
ReplyDeleteඑතකොට හේන ගිනිතියනකොට හයියෙන් හු කියනවා මොකටද කියලා දන් නෑ..thawa උදේ පාන්දර අනිවා එළකිරි බොන්න පුළුවන් එහා පැත්තේ ගාලක් තිබුනා මම බෝතලයක් අරන් ගියහම හැම දාම දෙනවා එළකිරි බෝතලයක්
එතකොට ඔය හේනේ ඉන්නකොට හේනේ තියන හැම එළවළුවක්ම දාලා හදනවා හොද්දක් ගොඩ හොද්ද කියලා එකත් එක්ක නම් බත් මරන්න පුළුවන් එකේ නැති දෙයක් නෑ කැකිරි වමබ්ටු බටු කරවිල මෑකරල් මිරිස් තක්කාලි කවුපි බණ්ඩක්කා ඔය විදිහට හේනේ තියන හැම දේම දානවා
හේනක ඉන්නවයි කියන්නේ කෑම බිම් නම් අඩුවක් නෑ තව දඩ මස් ඕනෑවටත් වැඩිය හැමදේම තියනවා
අපේ තාත්තගේ හෙන මැදින් තමයි හමබන්තොට අලුතෙන හදපු පාර ගිහින් තියෙන්නේ තාම open කරපු නැති අර කලපුව ලගින් තියන පාර
දැන් අවුරුදු 8කටත් කලින් ඉදලා අපේ තාත්තා නම් හේන් අතහැරියා දැන් නම් කුබුර කරන් ඉන්නවා එකනම් හේන තරම් fun එකක් නෑ ඒ උනාට එකේ බස්නාව අයිනේ මාර ගහ උඩ තියන මැස්ස නම් ටොප් වැඩ අල්ලන්න :3
ReplyDeleteඑල පොස්ට් එක ගොඩාක් පරණ දේවල් මතක් උනා (y)
අන්න උඹ මතක් කලා තව එකක්. මට මතකයි අපේ මාම ලඟ තිබුනෙත් ටයර් වානහං. හැබැයි ඒක ටිකක් අපහසුයි. උඹලගෙ හේන තිබුන ඉසව්වෙ "අතීතයේ හේනක් කලා කියල ආඩම්බර වෙන්න තරම්" දියුණුයි දැන්.
Deleteරාජ් මයින හම කියන්නේ ඒ නමින් එන කුරුල්ලාගේ හමටද?
ReplyDeleteමාත් හේන ට ගිහින් තියෙනවා. උඩවලවෙන් එහාට ගියාම බඩ ඉරිඟු කන්න කියාපු තැන තමයි ඒක. එක පාරක් අපි රෑක නිදාගත්තත් එක්ක. රෑට ලොකු ගස් කඳන් එකතු කරලා ගින්ඳර හදාගෙන බඩ ඉරරිඟු පුච්චලා, තම්බලා, තව අය මසුත් පුච්චලා කෑව මේ ළඟ කාලෙකත්.
කරවිල හැදෙනවද හේන් වල මම දැකලා තියෙනවා ගමේ පොලේ තියෙනවා බටු කරවිල කියලා චූටි රවුම් එකක් එකක් ඒක නම් කැලේ හැදෙන්නේ මේ වගේ. තුඹ කරවිල මේ වෙද්දි වගා කරලා නෙමෙයිද ගන්නේ? තලන බටු, වට්ටක්කා, කොමඩු, හෙම තාම මේ ක්‍රමයට වගා කරනවා නේද? රාජ් මහත්තයාලා වගේ පොශ් බුවාලා කුරක්කන් කෑවේ නැතිවට මගේ නම් ආසම කෑමක්. ඒත් තලප කන්න මොන ක්‍රමයකින් හරි මට තේරෙන්නේ නෑ. ඒක මගේ කටේ ඇලෙනවා. ඒකටත් එක්ක හැලප නම් කනවා මම. (අපේ ගෙදර අය එකතු වුනාම අනිවා කන කෑමක් තලප) මම කලින් බ්ලොග් එකකුත් ලීවා වෙන්න ඕනේ ඒ ගැන.
http://burubabe.blogspot.it/2013_02_01_archive.html මේ තියෙන්නේ මගේ තලපා කතාව.
Deleteමයිනහම කියන්නෙ ලී සහ ලොකු වාහනයක ටියුබ් එකක් උපයෝගී කරගෙන හදාගන්න "පිඹීමේ" උපකරණයක්. කම්මල් වල මේක තියෙන්නෙ පේන්න නෙවේ. මයිනහමේ බටයෙන් එන සුලඟ තමයි ලිපට සෙට් වෙන්නෙ. ලිප ලඟ තියන ලණුවක් ඇද්දමයි හුලං පාර එන්නෙ. මේකට මයිනා කොහොම සම්බන්ධවුනාද මංද!
Deleteඅන්න හරි. බටු කරවිල තමයි හැදෙන්නෙ. තුඹත් හැදෙනව. තුඹ නං මේ වෙනකොට කෘෂිකර්මෙන් ගොවීන්ට හඳුන්වාදීල තියනව වගා කරන්න. තාම සුළු වශයෙන් තියෙන්නෙ.
බටු වට්ටක්කා කොමඩු වගේ දේවල් ගොවිපලවල් වල වවන භෝග.
ගොවිපලක් සහ හේනක් කියන්නෙ දෙකක්. හේනක් කියන්නෙ අවුරුදු කිහිපයක් තිස්සේ වල්බිහිවෙලා ඒවායේ කොල වැටිල ඉතාම සරුසාර බිමක් සහිත තැනක්. මේ වාරයේ වගාකලාම ආයෙත් වගා කරන්නෙ අවුරුදු ගනනාවකින්. ඉස්සර හේනක වගා කලේ මිනිසුන්ගේ ප්‍රධාන ආහාරයක්. ඒ කියන්නෙ කුරහං, තන, මෙනේරි, අමු,..... ආදිය.
ගොවිපලක් කියන්නෙ නිරන්තරයෙන් වගා කරන තැනක්. එතන අවුරුදු ගනනාවක් පුරන් වෙන්න ඉඩක් නෑ. ඒ වාගෙම එතන වවන්නේ එලවලු පලතුරු වගේ භෝග. හැබැයි මේ වෙනස දැන් නම් නෑ.
කුරක්කන් තලප කන්න තියනව ආනම් වර්ග සහ දඩමස්.(කෑම ගැන නං වෙනම ලියන්න කරුණු තියනව). ඒකෙ ගිලීම මිසක් කෑමක් නෑ. බුරුබබා කන්න ගිය නිසයි ඇලෙන්න ඇත්තෙ.
අපේ මොන පොෂක්ද බං! :-)
ඔරිජිනල් කම්මල් මයින හම හදන්නෙත් හරක් හමෙන්ම තමා රාජ්... ඒක ටිකක් තුන් හුලස් පෙට්ටියක් වගේ... එක මුල්ලකින් බටයක් හයි කරලා තියෙනවා අනිත් පැත්තේ රැලි රැලි වගේ තියෙනවා නැවෙන දිග ඇරෙන... අර සර්පිනාවේ හුලං ගහන කෑල්ල වගේ... හිටහං මේක මෙහෙම කියන්න බැහැ..කටු සටහනක්වත් ගහන්න වෙනවා...
Deleteමම හිතාගෙන හිටියේ හේන හා ගොවිපල එකම වෙන්න ඕනෙ කියලා. ඒක හින්දද මන්දා අපේ ඉඩමට වත්ත කියනවා. ඒකේ අර වගේ වගා කරනවා ඉස්සර. මගෙ අජීවිතයේ රස කතා ගොඩාක් තියෙන්නේ ඔය වතු වල ගිහින් තමයි.
Deleteමයින හම මේ වෙද්දිත් තියෙනවද ඒ කියන්නේ? දැණ් ඔය කම්මල් මොඩිෆයි වේල නැද්ද? මම දැකලාඅම නෑ නේ. මම හිතුවේ පිහි හෙම දැන් කඩෙන් ගන්නේ කියලා මිනිස්සු. ඉස්සර කිඹුලා කියලා උදළු වගයක් තිබ්බා නම් මතකයි. ඒවා විකුන්නෙත් සමූපකාරේ වෙන්න ඕනේ. කොහෙද කොහෙදො කරුමයක් පල දීලා ලංකාවෙන් යන්න වුනේ නැත්නම් මම සුවර් එකටම ගොවියෙක් වෙනවා කියලා දැන් නම් මට විශ්වාසයි. මාරයා ලියමුකෝ ඔය කෘශිකර්ම කතා ටිකක් අපිටත් කියවන්න එක්ක.
මාරය
Deleteහැඩය නං හරි. අපේ පැත්තෙ ගන්නෙ නං ලොරි/බස් ටියුබ් එකක්.
බුරුබබා,
අපේ ගමේ කම්මලේ දැන් තියෙන්නෙ අපූරු මයිනහමක්. මෑන්ට ඒකට පේටන්ට් එකක් දෙන්න වටිනව. ෆෑන් එකක පෙති කියන පැත්තෙන් ඝන ඉටිකොලයකින් සීල් කරල ටික ටික කුඩාවෙන පුනීල හැඩයට ගෙනල්ල බටයට සම්බන්ධ කරනව. ස්විච් එක දාන පමාවෙන් හුලං!
රයිට්. ඔන්න දාගත්ත. සින්ඩියෙ බැනර් එකත් මගේ එකේ එල්ලුව. බොහොම ස්තුතියි මිත්‍රයා!
ReplyDeleteඔබේ පොස්ට් එක දැක්කම මටත් අතීතය මතක් වුනා.අපේ තාත්තත් රැකියාවක් කරන ගමන් හේනක් කෙරුවා.මම පාසැල් යෑම නිසා ඒගොල්ලො එක්ක හිටියෙ නිවාඩු කාලවල විතරයි. හරිම රසවත් අත්දැකීම්. පැලේ නිදාගත්තු හැටි තාමත් මතක් වෙනවා.
ReplyDeleteඒ ගැන පස්සෙ පොස්ට් එකක් දාන්න හිතුවා. ස්තූතියි ඒ අත්දැකීම් බෙදා ගත්තට.
හරි. දාමු බලන්න එහෙනං.
Deleteරාජ්........හේන් කෙටීම ගැන නොදන්නා කරුනු දැණගත්තා. සෙරෙප්පු දෙක වැස්සට නරක්වීම හරි අපූරු යෙදුමක් එක්ක ඔබ පැහැදිලි කරනවා. මයිනහම අපේ පරම්පරාවේ ජීවිතවලට සම්බන්ධයි. මයිනහමේ ඉතාම කුඩා වර්ශන් එකක් මම දැක්කා ස්වර්නාභරණ හදන තැනක. මයිනහමම අඟල් නවයයි දිග.
ReplyDeleteඅඟල් නවයක් විතර තමයි.
Deleteඅද තමා මේ පැත්තට ආවේ. හේනක සිරි ඒ විදිහටම දුටුවා. අගෙයි. කුරක්කන් තලප ඉස්සර අපේ ගෙදරත් හදනවා. ඇයි හැලප. ඒ විතරක්ද කුරක්කන් රොටි.
ReplyDeleteහේනක වත ගොත අගෙයි,
ReplyDeleteඔබගේ පැල උඩ කෑම ගැන කීවාම මතක් උනේ...
ඉස්සර අපෙ තාත්තා වැඩට යන කොට අම්ම කෙහෙල් කොලවල බත් මුල් දෙකක් බඳිනව, එකක් තාත්තට, අනෙක පොඩි එක මට, මං දවල්ට දිග හැරගෙන කන්නෙ ඒ බත් මුල.
කමෙන්ට් වලට උත්තර නැති උනත් කමක් නැහැ කියලා මම මේ කමෙන්ට් එක දාන්නේ මේ පෝස්ට් එක අගය කරන්න ඕනේ නිසා රාජ්..මේ වගේ ඒවා ලියන්න... ඉතාම වැදගත් මේ දේවල්..කව්රු හරි කෙනෙක් " හේන් ගොවිතැන " කියලා ගූගල් සර්ච් කලොත් අනිවාර්යයෙන්ම මෙවැනි පෝස්ට් එනවා...
ReplyDeleteමමත් කාලයක් මේ හා සමාන ජීවිතයක් ගත කරා තාත්තා එක්ක... මතකයේ ඇති විදිහට ලියන්න ඕනේ.. අන්තිමට කියන්න තියෙන්නේ අපිට ඉතුරු " මතක විතරයි "
ඔව්. මගේ අරමුණ උනේ ඒක තමයි. ස්තුතියි අගය කිරීමට.
Deleteඅමතක වෙන්න කලින් ලියල දාපං.
හේන් කෙරුවාව ගැන නං ඕන නෑ....පට්ටයි...බීඩ් කොටයක් කටේ තියාගෙන කොටාගෙන යනකොට කොහොමද ආතල් එක රාජ්
ReplyDelete