අද අයවැය. ලොක්ක පාර්ලිමේන්තුවට ඇවිල්ල කියවල යයි. මේ අයවැය හැදෙන හැටි.
අයවැය කියල සාමාන්‍යයෙන් කිව්වට මේකට කියන්නෙ "විසර්ජන පනත" කියල. නොවැම්බර් මාසෙ අයවැය කියවන්න ඒක හැදෙන්න පටන් ගන්නෙ ජුනි ජූලි මාසවල ඉඳල. අයවැයක් කියල කියන්නෙ ඉදිරි මුදල් වර්ෂයේදි දරන්න සිදුවෙන ආදායම් වියදම් තීරණය කිරීමේ ක්‍රියාවලියක්. ඒක හැදෙන්නෙ කොටස් හතරකට
1. ආදායම් පිලිබඳ ඇස්තමේන්තුව- රජය අපේක්ෂිත ආදායම් මොනවද කියල බැලීමයි මේකෙන් සිදුවෙන්නෙ. වියදම් කරන්න මුදල් හොයාගන්න විදිය මෙතනින් පෙන්වනව.
2. වියදම් පිලිබඳ ඇස්තමේන්තුව- මේකෙන් කියන්නෙ වියදම් මොනවාද යන්න.
3. අත්තිකාරම් ගිණුම් ඇස්තමේන්තුව- අත්තිකාරම් කියල කියන්නෙ ණයක් වගේ දෙයක්. ඔය උකස් මධ්‍යස්ථානවලත් කියන්නෙ පවුමට මෙච්චර අත්තිකාරමක් දෙනව කියල. පසුව පියවීමේ අදහසින් දෙන මුදල් තමයි අත්තිකාරම් කියන්නෙ. මේ ගැන තමයි මේ කොටස.
4. රාජ්‍ය සේවක වැටුප් ඇතුලත් සවිස්තරාත්මක කාර්ය මණ්ඩල උපලේඛණය-රජයේ සේවකයන් වෙනුවෙන් දරන්න සිදුවෙන වියදම තමයි මේ කෙතාටසින් කියන්නෙ. මේ අවුරුද්දෙ වැටුපට වැටුප් වර්ධකය එකතු කරල එක එක්කෙනා වෙනුවෙන් ඊලඟ අවුරුද්දෙ ගෙවියයුතු වැටුප්, ඒ වගේම සියළු දීමනා ගණනය කරලයි ගන්නෙ.
සාමාන්‍යයෙන් සෑම රාජ්‍ය ආයතනයක්ම අවුරුද්ද මැද හරියෙදි, ඉදිරි අවුරුද්ද සඳහා තමුන්ට ඕනකරන වියදම් හදන්න ඕන. බොහොමයක් රාජ්‍ය ආයතන වල ආදායම් නෑ නෙව. තියෙන්නෙ වියදම් විතරයි. මේ වියදම් ඇස්තමේන්තුව හදල තමුන්ගෙ අමාත්‍යංශ ලේකම්ට යවන්න ඕන. මේ කාරණා වලදි අමාත්‍යංශ ලේකම් හඳුන්වන්නෙ "ප්‍රධාන ගනන්දීමේ නිලධාරිය" කියල. (කෙටියෙන් ප්‍රගනි).
⌖ ඊලඟ පියවර තමයි ප්‍රගනි ඒක භාණ්ඩාගාරයට යැවීම.
⌖ ඊට පස්සෙ භාණ්ඩාගාරය ප්‍රගනි ලා එක්ක කතා කරල කපල කොටල අවසාන තීරණයට එළඹෙනව.
⌖ ඊටත් පස්සෙ එක එක අමාත්‍යංශ-දෙපාර්තමේන්තු වල ආදායම් සහ වියදම් එකතු කරල එක තැනකට ගන්නව. ඒකට කියන්නෙ "විසර්ජන පණත් කෙටුම්පත" කියල
⌖ ඊලඟ පියවර වෙන්නෙ විසර්ජන පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයේ අනුමත කරගෙන මුද්‍රණය කිරීම.(ඕනම මුදල් පණතක් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිවයි පාර්ලිමේන්තුවට දාන්න ඕන)
⌖ ඊට පස්සෙ තමයි ලොක්ක (නැත්තං වෙන කවුරුහරි) ඇවිල්ල පාර්ලිමේන්තුවෙ කියවන්නෙ. ඒකට කියන්නෙ පළමුවර කියවීම කියල.
⌖ ඊට සති දෙකකට විතර පස්සෙ එක එක අමාත්‍යාංශ වල ආදායම් වියදම් ගැන වාද විවාද කරල ඒවා අනුමත කරගන්නව. මේකට කියන්නෙ "කාරක සභා අවස්ථාව" කියල. මෙතනදි ඕන නම් පණත සංශෝධනය කරන්නත් පුළුවන්.
⌖ අන්තිම අවස්ථාව වෙද්දි රජයේ මුළු ආදායමත් මුළු වියදමත් කියන්න පුළුවන්. හිඟය පියවන්න තියන සැලසුම් ඉදිරිපත් කරනව.
⌖ ඉන්පස්සෙ පාර්ලිමේන්තුවෙ සම්මත කරගන්නව. කෙටුම්පතේ මුල් පිටපත කථානායකතුමා අත්සන් කරල මුදල් ඇමතිතුමාට භාර දෙනව. (කථානායකතුමා අත්සන් කලාට පස්සෙ ඒක "විසර්ජන සම්මත නීතිය" බවට පත් වෙනව).
⌖ මුදල් ඇමතිතුමාට පුළුවන් භාණ්ඩාගාරයට දැනුම් දෙන්න ඒ ඒ කටයුතු සඳහා ඒතාබද්ධ අරමුදලෙන් මුදල් නිදහස් කරන්න කියල.
අයවැය ගැන කෙටියෙන් ඔච්චරයි!
Pages
▼
රාජ් පැහැදිළි කළ ක්‍රමේට ඕක කරන අවසාන අවස්ථාව වෙන්නත් පුළුවන් අද .. ඒ නිසා අවසාන වතාවට බලගන්නලා " අයවැය ඉදිරිපත් කරන හැටි " ...
ReplyDeleteඇයි ඒ? මේ යන විදිය නිසාවත්ද?
Delete"මේ පාර අයවැයක් ඕනේ නැහැ .." කියලා ලොකු තැන කිව්වොත් මොකද කරන්නේ ..:)
Deleteබලගන්නලා >> > >> >>> බලාගන්නලා
Delete( අකුරක් වැරදිලා උඩ කමෙන්ට් එකේ )
එහෙම කිවුවොත් අපි කියනවා......අපේ මහ රජතුමාට,ජාතියේ ගැලවුම් කාරයට, ජයවෙවා කියල කියනවා...
Deleteමට කියවනකොට හිතුන දේ සහන් කොටලනේ නමුත් මේ අයවැයත් අය වැයක් නැති තරම් අය වැයක්
Deleteරාජ් ටිකක් සැර අඩු වෙලා වගේ අද......... ඇතුල් පැත්ත කීවම හිතාගෙන ආව දේ නොවෙයිනෙ තිබුනේ
සහන් කියන දේ දැන් සිදුවෙලා ඉවරයි. මේක හදන්නෙ කාට ඕන විදියටද කියලත් මුදල් වලින් වැඩි ප්‍රමාණයක් වෙන් වෙන්නෙ කාටද කියලත් අමුතුවෙන් කියන්න ඕන නෑනේ. පාර්ලිමේන්තුවෙ අත් ඉස්සුනත් අවුරුදු ගනනක ඉඳල තත්වය ඕක තමයි.
Deleteචින්තා,
1200ක් දුන්න නිසා සැ අඩු කලා :-)
1200 මදැයි. දවට ගෙඩි රුපියල් 40ක්ම තියෙනවානේ.
Deleteසෑහෙන හොඳ පැහැදිලි කිරීමක්...
ReplyDeleteබොහොම ස්තුතියි. උඹ මේවට කැමතියි නෙව.
Deleteතැන්කුයි මචො කියල දුන්නට.
ReplyDeleteබොහොම ස්තුතියි.
Deleteඑළකිරි රාජ්. හොඳ පැහැදිලිකිරීමක්. දැන් "මහින්ද චින්තනය" තියෙන නිසා ...අයවැයේ නම වෙනස් කරොත් මොකද "මහින්දගේ වියහියදම්" කියලා
ReplyDeleteනාමල්ගේ ආදයම්....
Deleteමහින්දගේ වියදම්....
අපි දන්නෑ ඔව්ව!
Deleteමා - හින්ද - රට කීවෝත් !
Deleteඅපි අහල තියෙන විදිහට තමුන් සහභාගීවෙලා අය වැය හදපු ඇමතිවරු ඉඳලතියෙන්නෙ දෙන්නයි.. එක්කෙනෙක් එන් එම් පෙරේරා
ReplyDeleteඅනිත් කෙනා රොනී ද මැල් ද?
Delete2005 වෙනකම් අයවැය හැදුවේ ලොකු පිරිසක් එකතු වෙලා .. 2005 න් පස්සෙනේ රාජ්‍ය පරිපාලන ක්‍රමවේදය විකෘති උනේ..
Deleteඅයවැය හදන්න අදටත් ලොකු පිරිසක් සහභාගී වෙනව. හැබැයි ඒ මූලික කටයුතු වලදී. ආදායම් වියදම් තීරණ ගැනීමේ ක්‍රියාවලිය තමයි වැදගත් සහ රහස්‍ය වෙන්නෙ.
Deleteමේ ඔක්කොම කරන්නද යකෝ මුන්ට මෙච්චර කල් යන්නෙ?බලාගෙන යනකොට එක අයවැයක් ඉවර වුනදාට පහුවෙනිදා ඉදල ඊලග අයවැයට කට්ටිය සෙට් වෙනව වගේ..
ReplyDeleteනැතුව නැතුව
Deleteහොඳ පැහැදිලි කිරීමක්....
ReplyDeleteඅත්තිකාරම් කියන්නේ ගෙවිය යුතු මුදලෙන් කොටසක් කලින් ගෙවීම නෙමෙයිද?
අය වැය සම්මත වුණාට පස්සේ, ඒ වියහියදම් ගණන්හිලව් වෙනස් කරගන්න ඉදිරිපත් කරන ඒවට මොනවද කියන්නේ?
අත්තිකාරම් කියන්නේ ගෙවිය යුතු මුදලෙන් කොටසක් කලින් ගෙවීම නෙමෙයිද?
Deleteඇත්තෙන්ම නැහැ
අයවැය ලේඛණයේ අත්තිකාරම් ලෙස හැදින්වෙන කොටසට උප කොටස් රාශියක් අයත්වෙනවා.
ප්‍රධාන වශයෙන්ම ණයක් ලෙස හැදින්වීම තමා මූලිකම සහ හොදම පැහැදිලි කිරිම.
අයවැය සම්මත වු පසු අනුමත වියදම් වෙනස් කිරිමක් සිදුකළ නොහැක. අනුමත වියදම් ඉක්මවා යන්නේ නොවැලක්විය හැකි සහ ගණන් දිමේ නිලධාරියාට පාලන කළනොහැකි සාධාරන අවස්තාවකදි නමි පහත අයුරින් අමතර ප්‍රතිපාදන සපයා ගත හැකිය
Delete1. වීරමොන් ක්‍රියාපටිපාටිය
2.පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතරු යෝජනාවකින් සම්මත කරගත් පසු
3.පාර්ලිමේන්තුව විසුරවා ඇති විටක ජනාධිපතිගේ අභිමතය පරිදි.
පළමු ඇනෝ නිවැරදියි. අත්තිකාරම් කියන්නෙ සංකීර්ණ කොටසක්.
Deleteදෙවැනි ඇනෝ,
පළමුවර කියෙව්වට පස්සෙ සංශෝධනයට අවස්ථාවක් තියනව.
අනෙක් කරුණු තුන හරි
හරි දැන් ඉතින් කොරමේ දන්නවනේ.... හදන්න ඕනා මමත් එකක්
ReplyDeleteහ්ම්. හදල බලපං.
Deleteකියෙව්වා !
ReplyDeleteහොඳා
Deleteහ්ම්ම්.....සහන් මල්ලි කියල තියෙන එකත් හරි වගේ...
ReplyDeleteරට යන අත දිහා බැලුවම...
කොහොමත් නොදන්නා අයට හොද පැහැදිලි කිරීමක් රාජ්.
දැන් එතකොට ඔයා දන්න කෙනෙක්ද? නොදන්නා කෙනෙක්ද? :D
Deleteනොදන්නා කෙනෙක්..ඇයි.....අවුල්ද.....මල්ලියට...? :)
Deleteපුෂ්ප විකසිත වීමක් මෙතන නෑ නේද?
Deleteහෙහ්..හෙහ්...ප්‍රීති ලකුණ දාල තියෙන්නේ බං....
Deleteඒකාලේ එක මුදල් ඇමති කෙනෙක් අය වැය හැදුවේ ගී කියන කන්දේ ඉඳලා... දැන් හදන්නේ මැදමුලනේ ද...අරලිය ලන්දේද?
ReplyDeleteඔය කොහේ හරි හදනව ඇති
Deleteඇත්තටම රාජ් මේ වෙන විදිහ දැණගෙන හිටියේ නැහැ. මේ වෙනකොට නම් අයවැයට කලිනුත් නොයෙක් බදු සහ සමහරක් මූළ්‍ය තීරන ගන්නවා නේද?
ReplyDeleteචොගම් වියදම් ගැන 2013 අයවැයේ ගනන් හිලවු තිබුනාද.....නැත්නම් ඒ වියදම් මොන එකවුන්ට් එකටද වැටෙන්නේ?
කොයි වියදමත් ඒකාබද්ධ අරමුදලට බැර වේය
Deleteඔව්. මුදල් පණත් ඕන වෙලාවක ගේන්න පුළුවන්. දැන් යන සිස්ටම් එකත් ඕකනේ. අයවැය ගෙනල්ල හෙමීන් ටැක්ස් උස්සනව වෙනම.
Deleteමං හිතන්නෙ නෑ. නමුත් පාර්ලිමේනන්තුවෙ සම්මත කරගත්තම අවුලක් නෑ.
අය වැය පරතරය අඩු වෙලාලු
ReplyDeleteහැබැයි ආනයන වියදම වැඩි වෙලා අපනයන ආදායම අඩු වෙලා
අනේ මන්ද මට තේරෙන්නේ නැහැ
ගියවරට වැඩිය පරතරය අඩු ඇති සමහර විට. අපේ අයවැයේ අවුල තියෙන්නෙ අයවැය පරතරයම ලොකුයි අපනයන ආදායමට වැඩිය.
Deleteමේක දාන වෙලාවෙත් ජනාදිපතිතුමා අයවැය කියෝනවා.. ඒ උනාට දැන් තමයි මම කියෙව්වෙ.
ReplyDeleteකමක් නෑ කොහොමහරි කියෙව්ව නං
Deleteඅය වැය නේ? ඔය අංක සෙල්ලම අස්සේ මොන දේවල් නම් වෙනවද? අපිත් බලාගෙන ඉන්නවා..
ReplyDeleteබලං ඉන්න විතරයි හැබැයි
Deleteහැබයි කරුමේ කියන්නේ මේ ඔක්කෝම එහෙමම වෙනවද කියන එක..
ReplyDeleteකස්ටිය නම් කියන්නේ ඔක්කෝම කරන්නේ එකම එක්කෙනෙක් කියලයි..
ඔය කියන්නෙ අර රහස්‍ය තීරණ ගැනීම් ගැන. අනිත් දේවල් නං අපේ දෑතෙන් හැදෙන්නෙ.
Deleteඕක කොහොම කලත් හැමදාම වෙන එකම දේ තමයි ඔය ඉලක්කම් අස්සේ තියෙන්නේ.
ReplyDeleteඑහෙමයි
Deleteකවුරු ගාඩ් කම් කලත් කෝච්චිය එළවන්නෙ ඩැයිවර් නොවැ...අන්න ඒ වගේ කේස් එකක් තමයි මේකත්...
ReplyDeleteමට මතකයි මීට අවුරුදු කිහිපයකට පෙර අය-වැය ඇසීමට මිනිසුන්ගේ පුදුමාකාර උනන්දුවක් තිබුනේ. ඒත් දැන්!
ReplyDeleteහොද දැනුවත් කිරීමක්.
ReplyDeleteඅද වෙනකොට මේ අය වැය කියන එක සාම්ප්‍රදායක ලියවිල්ලක් බවට පත් වෙලා අවසන් නේද?
ඔවුන්ට අවශ්‍ය දේ කොහොම හරි කරගන්නා ක්‍රමයක් නේද අද තියෙන්නේ.
හරි සෝක්
ReplyDeleteඅයවැය කියා කියා අහ්ලති තිබුනට හදන තාලේ දැනගත්තේ අද තමයි.
ReplyDelete