අසූව දශකයේ අග භාගයයි. එවකට අවුරුදු අටක දහයක කොල්ලෙකු වූ මා, පියා සහ තවත් කිහිප දෙනෙකු සමඟ නිරතවී සිටියේ අප දැන් පදිංචිව සිටින නිවස ඉදිකිරීම සඳහා භූමිය ශුද්ධ පවිත්‍ර කරමින්ය. පියාගේ මුල් නිවසට මීටර තුන්සීයක් පමණ දුරකින් පිහිටි මේ ඉඩම විශාලත්වයෙන් අක්කර තුන් කාලක් පමණ විය. ඔහු එය මිලදීගෙන තිබුනේ ඥාතියෙකුගෙනි.
එහි සිටියවුන් නිවසේ අත්තිවාරම් කැපීමට අදාල සීමාවන් එලිපෙහෙලි කරද්දී මා නිරතවූයේ වෙනත් කාර්යකය. ඒ අසල පිහිටි මඳක් උස් තැනිතලා ස්ථානයක් අලවංගුවෙන් හාරමින් සිටියේ කුඩා මඩුවක් සෑදීම සඳහා කනු සිටුවීමටය. අලවංගු පහර කිහිපයක් ඇන පස් ඉවත් කරමින් සිටියදී සුදු පැහැති තද යම් යම් කැබලි කිහිපයක් මතුවිය. එ්වා අස්ථි කැබලි බැව් හඳුනාගැනීම අපොහොසත් නොවීය. පොලව මතුපිටම වාගේ තිබූ මෙම අස්ථි කැබලි වල රහස සොයාගැනීමේ කුහුලි්න් යුතු මා උදැල්ල ගෙන පස් තට්ටුව ඉවත් කිරීමට පටන් ගතිමි. මඳ වේලාවක ඇවෑමෙන් වලදමා තිබූ සිරුරෙහි හිස් කබල පාදාගැනීමට මට හැකිවිය.
"මෙන්න මිනී ඔලුවක්!"
මගේ හඬ වැඩකරමින් සිටි පිරිස නැවැත්වීමට ප්‍රමාණවත් විය. ඔවුන් සියළුදෙන පැමිණ තවත් නොබෝ වේලාවකින්, සිරුරෙහි වලදමා තිබූ දිශාවන් අනාවරණය කරගතහැකි වනසේ, පස් ඉවත් කලේය. මේ වනවිට නිවසට ගොස් පැමිණි පියාට ඇට සැකිල්ල පෙන්විය.
"ඔතන ඇට සැකිලි දෙකක් තියෙන්න ඕන.... කෝ බලන්න.... මෙන්න මේ හරියෙ හෑරුව නං යකඩ පෙට්ටියක දාපු රුපියල් එකයි පනහකුත් තියෙන්න ඕන...."
ඔහුගේ කතාවෙන් අප විශ්මයට පත්වීමු.
"කවුද තාත්තේ මේ?....... මොනවද ඒ සල්ලි?..... නිධානයක්වත් තියනවද මෙතන.....?"
"ඔය ඉන්නෙ අපේ බාල මුත්ත. ඒ කියන්නෙ අපේ මුත්තගෙ මස්සිනයි ඒ ආත්තයි දෙන්න.... මෙන්න මේ හරියෙ තමයි අර පෙට්ටිය තියෙන්න ඕන....."
මතුකරගත් සිරුරට අඩි දෙකක් පමණ දුර වූ, පියා පෙන්නූ ස්ථානයකට උදළු පහර කිහිපයක් එල්ල කිරීමෙන් පසු කුඩා පෙට්ටියක් මතු කරගැනීමට අපට හැකි විය. පියනක් රහිත වූ එය එක් පැත්තක් අඟල් දෙකක පමණ කුඩා හුරුබුහුටි පෙට්ටියක් විය. ඒ තුල ඝනව තිබූ පස් අතරින් කාසි කිහිපයක් සොයාගැනීමට මට හැකිවිය. විනෝදාංශයක් ලෙස කාසි එකතු කිරීමේ යෙදීසිටි මාහට අනර්ඝ වස්තූන් වූ සත භාගයේ කාසියක්ද එක්දහස් හත්සීය පනස් ගනන් වර්ෂ යොදා තිබූ වීඕසී කාසියක්ද හිමිවිය. අන්තිමේදී ඉතිරි වූයේ අභිරහස පමණි.
"ඔය බාල මුත්ත කියන්නෙ අපේ මුත්තගෙ ඇවැස්ස මස්සිනා.... අපේ මුත්ත වගේම හොඳ යන්තර මන්තර ගුරුකං දන්න කෙනෙක්.... දෙන්නම මන්තර ඉගනගත්තෙ අපේ මී මුත්තගෙන්.... මී මුත්තගෙ නංගිගෙ පුතා තමයි ඔය බාල මුත්ත.... අපේ මුත්ත වගේ නෙවේ බාල මුත්ත ටිකක් නාහෙට නාහන කෙනෙක්ලු..... නිකංම තරහ යනවලු..... එයා තරුණ කාලෙ අම්මයි තාත්තයි මැරිල තියනව.... ඊට පස්සෙ තනියම තමයි අන්න අර ඉසව්වෙ තිබුන ගෙදර ඉඳල තියෙන්නෙ..... "
***********************************************************
කටු මැටි බිත්ති වලින් සාදා තිබූ නිවසක් ඉදිරිපිට මිදුලේ වාඩිවී බුලත් විටක් සපමින් සිටින මිනිසෙකි. බුලත් සැපීමෙන් රක්ත වර්ණ වූ කටද ඇඟ පුරා රෝමයෙන් පිරි සිරුරද ඔහුගේ පෙනුමට එක්කලේ මරුමුස් පෙනුමකි. උරහිසෙහි මස් ගොබයට පහලින් වූ බාහුව තදව වෙලාගත් හුයකින්අමුණා ඇති සුරයකි. ඇඳ සිටි සරමෙහි ඉන ලඟින් මතුවී පෙනෙන පිහිය පුවක් කැපීමට පමණත් නොව ඕනෑම කටයුත්තකට සූදානමිනි. සෙවිලි කල පොල් අතු දිරා යමින් ඇති වහලයද කලෙකින් ගොම මැටි නොදුටු ගෙබිමද තනිකඩ පිරිමියෙකුගේ නිවස මේ යයි කියාපායි.
එක්වරම ඔහුගේ පිටුපසින් මතුවන්නේ තරුණියකි. රෙද්ද සහ සැට්ටයෙන් සැරසී බුලත් විටක් සපමින් පැමිණි අැගේ අතේ පන් මල්ලකි.
"බාලයියේ මෙන්න එදා ගෙනිච්ච හාල් ටිකේ හිලව්ව...." පන් මල්ල ඔහු දෙසට පාමින් අැය පැවසුවාය.
"උඹමනේ ගත්තෙ.... උඹම තියපං....." තරුණිය ගනනකට නොගත් ඔහු පැවසීය.
"හා මෙන්න එහෙනං...." හාල් මල්ල පිල මත තබා ඈ යන්නට හැරුනාය.
"පිල උඩ තිබිල නෙවේනෙ උඹ ඕක ගත්තෙ....."
තම ඇවැස්ස මස්සිනාගේ කවට බස් හමුවේ බොරු නෝක්කාඩුවක් මවාගත් ඈ මල්ල රැගෙන ගෙතුලට පියමැන්නාය. එහෙත් ඇයට ඉන් පිට වීමට නොහැකි වූයේ තම මස්සිනාගේ පැමිණීම හේතුවෙනි. ඔහුගේ ආලිංගනයට අවනත විම හැර විකල්පයක් ඇයට නොවීය.
************************************************************
"බාල මුත්ත ආත්ත එක්ක වැඩිකල් පවුල් කන්න උනේ නෑ.... මිනිහ කේන්තිකාරය.... පොඩ්ඩ බැරිවෙනකොට ආත්තට ගහනව.... හේතුවක් නැතුවත් ගහනව.... ඔන්න හොද්දක් හැදුවොත් ලුනු වැඩියි කියනව.... නැත්තං මදි කියනව.... ඔන්න දවසක් ඔයවගේ සුළු දේකට බාල මුත්ත ආත්තට ගහල ආත්ත මැරුන! අපේ මුත්තට කියල තියනව එන්න කියල..... පරණ ණයක් බේරන්න..... නමුත් කවුරුවත් මුත්තට යන්න දීල නෑ..... මොකද තුවක්කුවත් කොටාගෙන තමයි බාල මුත්ත ඉඳල තියෙන්නෙ.... දෙන්නගෙ පරණ තරහකුත් තිබිල තියනව..... හවස් වෙනකල් බලං හිටපු බාල මුත්ත තුවක්කුව ඔලුවට පත්තු කරගෙන තියනව..... ඒ දෙන්න වලදාල තියෙන්නෙ මෙතන..... බාල මුත්ත වැටිල තිබුන තැන තමයි මේ පෙට්ටියෙ දාපු කාසි ටික තිබිල තියෙන්නෙ..... මිනී දෙක වල දාන්න හදන වෙලාවෙ අපේ මුත්ත අර පෙට්ටියත් වලට විසි කරල තියනව.... අපේ තාත්ත තමයි අපි පොඩිකාලෙ කිව්වෙ මෙතනටයි පෙට්ටිය දැම්මෙ කියල.... පොඩි ගානක්නෙ..... මෙතන වැස්සට හේදිලා තියනව. ඒකයි මෙච්චර උඩින් මේක අහුවෙන්න ඇත්තෙ"
පියා කතාව අවසන් කලේය. පසු දිනෙක ඇටසැකිලි දෙක කොහේදෝ තැනක වලදැමූ බවද මතකයේ ඇත. බාල මුත්තාගේත් ආත්තාගේත් ශෝකාන්තය මෙන්ම කාසි කිහිපයක්ද මා ලඟ ඉතිරිව ඇත.
Thursday, April 24, 2014
අලවංගු පහරින් මතුවූ ශෝකාන්තය
ඒ
Subscribe to:
Post Comments (Atom)
මීනි ඇටකටු තියනවා කියල ගේ වෙන තැනක නොදපු එක මදැ . අදකාලේ උනා නං වෙන්නේ එහෙම තමා
ReplyDeleteඒ කාලෙ හිටපු හුගක් ඈයො ගුරු කං සක්විත්තකෙියල මං අහල තියෙනව..
ReplyDeleteඊටත් ඒ ඒ අය එකනෙකාට එච්චර මනාපයක් නෑ කියලත් අහල තියෙනව... මොකද හොදම කෙනා වෙන්න පොරේ එදත්ත තිබිල තියෙනව නෙව
මං හිතන්නෙ මේ දවස් වල ඔය වගේ සිද්ධියක් වුණා නං ඉඩමත් විකුණල ගමෙනුත් ගිහිං...
ඇයි අප්පේ අර පෙංසුයි වල එහෙම කියන්නෙ
අටම් & මහේෂ්
Deleteඒ කාලෙ බුවාල ගුරු සක්විත්තො කියල මාත් අහල තියනව. එයාලගෙ වික්‍රම ටිකක් දාන්නං ඉදිරි පෝස්ට් එකක.
අපේ තාත්තත් ටිකක් මම වගේ තමයි. ඔය මිත්‍යා විශ්වාස වැඩිය ගනං ගන්නෙ නෑ.
අපූරු කතාවක්. පවුලේ සුසාන භූමියක ඉතිහාසය. පේමය හා බද්ධවූ කෝපය.
ReplyDeleteහ්ම්. අපේ ගෙදර පේමන්ට් එකේ ඉඳල අඩි දෙකතුනක දුරින් මේක තිබුනෙ.
Delete//එවකට අවුරුදු අටක දහයක කොල්ලෙකු වූ මා පියා සහ තවත් කිහිප දෙනෙකු සමඟ නිරතවී සිටියේ අප දැන් පදිංචිව සිටින නිවස ඉදිකිරීම සඳහා භූමිය ශුද්ධ පවිත්‍ර කරමින්ය.//
ReplyDeleteපටන් ගන්න තැනම ලියපු මේ වාක්‍යය ටිකක් අවුල් වගේ නේද?
එවකට අවුරුදු අටක දහයක කොල්ලෙකු වූ මා පියා සහ තවත් කිහිප දෙනෙකු සමඟ නිරතවී සිටියේ අප දැන් පදිංචිව සිටින නිවස ඉදිකිරීම සඳහා භූමිය ශුද්ධ පවිත්‍ර කරමින්ය.
Deleteමේක ලියද්දිම පොඩි අවුල් ගතියක් මටත් දැනුන. දැන් ඉන්න ගෙදර ගැන කියන්නත් ඕන. අතීත කාලයෙන් කියන්නත් ඕන.
එවකට අවුරුදු අටක දහයක කොල්ලෙකු වූ මා පියා සහ තවත් කිහිප දෙනෙකු සමඟ නිරතවී සිටියේ (අප දැන් පදිංචිව සිටින) නිවස ඉදිකිරීම සඳහා භූමිය ශුද්ධ පවිත්‍ර කරමින්ය.
මෙහෙම කලොත් කොහොමද?
කොහොම උනත් බොහොම ස්තුතියි.
මා පියා කියන අතර මැද්දට කොමාවක් ආව නං තව හරි...
Deleteඑවකට අවුරුදු අටක දහයක කොල්ලෙකු වූ මා, මගේ පියා සහ තවත් කිහිප දෙනෙකු සමඟ නිරතවී සිටියේ (අප දැන් පදිංචිව සිටින) නිවස ඉදිකිරීම සඳහා භූමිය ශුද්ධ පවිත්‍ර කරමින්ය.
Deleteමගේ පියා සහ තවත් කිහිප දෙනෙකු සමඟ, එවකට අවුරුදු අටක දහයක කොල්ලෙකු වූ මා නිරතවී සිටියේ (අප දැන් පදිංචිව සිටින) නිවස ඉදිකිරීම සඳහා භූමිය ශුද්ධ පවිත්‍ර කරමින්ය.
මෙතන රාජ්, ඇනෝ කියන්නේ ඔබද අටක දහයක කොල්ලෙකු වූවේ, නැත්නම් ඔබේ පියා ද, නැත්නම් මා පියා කියන නම තියන වෙනත් කෙනෙක්ද? කියන එක (විහිළු, තරහ ගන්න එපා)!
කොමාවෙන් වැඩේ හරි මං හිතන්නෙ. :-)
Deleteඑවකට දසැවරිදි මමත්, මාගෙ පියාත් ඇතුළු අපි කිහිප දෙනෙකු,අප දැනට පදින්චිව සිටින නිවස ඉදිකිරීමට නියුතු භූමිය එලිපෙහෙලි කරමින් සිටියෙමු.
Delete//නිවස ඉදිකිරීම සඳහා භූමිය ශුද්ධ පවිත්‍ර කරමින්ය.// කියන කොටස අගට ගැනීම නිසා තමා මේ අවුල කියලා මට හිතෙන්නෙ...
This comment has been removed by the author.
Deleteමේක මරු සෙල්ලම :D මෙන්න මගේ සබ්මිශන් එක... කොමා නැතුව, වරහන් නැතුව... මුල් වචන පුළුවන් තරම් අඩුවෙන් වෙනස් කරලා...
Delete//එවකට අවුරුදු අටක දහයක කොල්ලෙකු වූ මා පියා සහ තවත් කිහිප දෙනෙකු සමඟ නිරතවී සිටියේ අප දැන් පදිංචිව සිටින නිවස ඉදිකිරීම සඳහා භූමිය ශුද්ධ පවිත්‍ර කරමින්ය.//
පියා හා තවත් කිහිප දෙනෙකු සමඟ අප දැන් පදිංචිව සිටින නිවස ඉදිකිරීම සඳහා භූමිය ශුද්ධ පවිත්‍ර කරමින් සිටි මගේ වයස එවකට අවුරුදු අටක් හෝ දහයක් වීයැයි සිතමි...
බීටල් පෙන්නාපු ඉස්ටයිල් එකට මාත් කැමතියි
Deleteබීට්ල්ගේ වර්ශන් ඒකේ රාජ් නිකන් බලන් හිටියා විතරල් වාගේ නොවැ!
Deleteනියමයි... අපි එක පාරක් සොහොනක් හෑරුවා මෙඩිකල් ෆැකල්ටි හිටි අපේ එහෙකුට ඇට සැකිල්ලක් ගන්න.. වැඩේ කියන්නේ ඒ අපේ අල්ලපු ගෙදර ආච්චි බං...
ReplyDeleteආච්චි වැහුනෙ නැද්ද උඹලට?
Deleteඉතින් ඔයාලා එතන ගේ හැදුවද? දැන් ඒ දෙන්නා රෑට, රෑට එන්නේ නැද්ද?
ReplyDeleteනැතුව. දැං ඉන්නෙ එතන තමයි. මී මුනුබුරන්ට ඉඩ දීල එයාල ගිහිල්ල. නැත්තං ඉතිං කේස් තමයි. අපි එගේ එවුන් එක්ක මළගිය පරාන වලටවත් ඉන්න බෑ නෙව!
Deleteමං හිතුවෙ මුලින් කාගේ හරි කතාවක් ලියනව කියල...
ReplyDeleteමගේම කතාවක්
Delete//අවුරුදු අටක දහයක කොල්ලෙකු වූ මා පියා සහ තවත් කිහිප දෙනෙකු සමඟ//
ReplyDeleteකියන එක
"අවුරුදු අටක දහයක කොල්ලෙකු වූ මා, පියා සහ තවත් කිහිප දෙනෙකු සමඟ" ලෙස වෙනස් විය යුතුයි නේද?
බාල මුත්තා සියදිවි නසාගන්න කලින් ණය බේරන්න ඇත්තටම හදලා තියෙන්නේ නේද? ඒ කාලේ ඕක ලොකු මුදලක වෙන්න ඇති.
ඒ කාසි තවම තියෙනවාද?
කොමාව දැම්ම
Deleteඔව්. ණය බේරන්න තමයි හදල තියෙන්නෙ. නමුත් අපේ මුත්තට යන්න දීල නෑ පරණ තරහක් තිබුන නිසාත් නංගි මරපු නිසාත්.
ඒ කාලෙ ලොකු මුදලක් වෙන්න ඇති. කාසි දෙකක් තාමත් තියනව. අනෙක් කාසි නං වැඩක් නෑ ඒ වෙනකොටත්
Raaj,
Delete//අවුරුදු අටක දහයක කොල්ලෙකු වූ මා පියදාස සහ තවත් කිහිප දෙනෙකු සමඟ//
කියල දෑම්මනම් හරි යයි නේ? :-D
බලාගෙන ඔය කාසි තියාගෙන ඉන්නෙ. මලගිය පරාණකාරයින්ගෙ බැල්ම ඕවයෙ තියෙන්න පුලුවං. :D
ReplyDeleteකාසි තියෙන්නෙ බොහොම පරෙස්සමට
Deleteඔය මුත්තගෙම ගති ගුණ තියෙන එකෙක් අළුත් පරම්පරාවෙත් ඉන්නවා කියලා පත්තරේක තිබුනා. බොරු වෙන්න ඇති මයෙ හිතේ.
ReplyDeleteඅර පොලිසියෙ අංකල්ද?
Deleteචිත්තරපටියකට කියාපු කතාව..ආච්චිගේ චිත්‍රපට මණ්ඩලේට තමයි හරියන්නෙ. :-)
ReplyDeleteඒ කතාවනං සහතික ඇත්ත
Deleteඅර කිව්වත් වගේ මේක ටිකක් දියුණු කරලා චිත්තරපටි කෑල්ලක් හැදුවා නං හරි !
ReplyDeleteපුළුවන් නං හදපං. සෝම අක්කගෙන් සල්ලි ගත්තෑකි
Deleteඅම්මප දැන් එහෙම නං අර අටම කිව්ව වාගෙ ඔය අහල පලාතකවත් ගෙයක් හදන්නෙ නං නෑ.ඒක නෙවෙයි මිනී වත්තෙම වල දැම්මෙ කනත්තකට ගෙනියන්නෙ නැතුවයි.
ReplyDeleteමාර කතාවක්නේ.........ඒ යුගවල පැවැති වාතාවරණය තේරුම් ගන්න හොද නිමිත්තක්.
ReplyDeleteමට එකපාරටම මතක් වුනේ මං පොඩි කාලේ ජුරාසික් පාක් බලලා ඩයිනෝසර් ඇටකටු හොයන්න වත්තෙ වලවල් හාරපු හැටි...
ReplyDeleteමන්තර ගුරුකම් ගැන එහෙමත් ඉස්සරහට කියවන්න හම්බුවෙයි වගේ....
බලමු
Deleteඋඹලා හොදයි,නැතිනම් දැන් කාලේ කොයි තරම් ඉඩකඩම් හිග වුනත් ඔහොම මිනි වලලපු තැන් වල ගෙවල් හදන්න යන්නේ නැහැ අර අටං කිවා වගේ.ඒ තරම් මිනිස්සු එදාට වඩා අද වෙනකොට පසුගාමී වෙලා ඉන්නේ ඒ පැත්තේන්නම්.
ReplyDeleteඇත්ත තමයි
Delete"බාල මුත්තාගේත් ආත්තාගේත් ශෝකාන්තය මෙන්ම කාසි කිහිපයක්ද මා ලඟ ඉතිරිව ඇත."
ReplyDeleteමේ කතාවක් කියෝ ලා ඉවර උනාම මට හිතුනේ මේ ටික තමයි කතාවේ හොඳම හරිය කියලා . . .
හරියටම කිව්වොත් අපි නවකතා පොතවල කියෝපු ශෝකාන්ත කතා ඕන තරම් තියෙනවනේ ඒන සමහරවිට ප්‍රබන්ද වෙන්නත් පුලුවන් ඒත් මේක හැබෑ ශෝකාන්ත කතාවක්.
ඔව්. හැබෑ කතාවක්.
Deleteඅතීතය මොනතරම් රහද, මනරම්ද, ගුප්තද, බිහිසුණුද, ප්‍රේමණීයද, ශෝකානුකූලද.
ReplyDeleteඅපි දන්න අතීතෙටත් යටින් අපි නොදන්න අතීතෙ මොනතරම් ඇටකටු වැළලිලා ඇත්ද.
බකමූණෙක්ද?
Deleteමුලදි මාත් හිතුවෙ ප්‍රබන්දයක් කියල...කතාව අවසන් කරල තියෙන විදිහ අපූරුයි.
ReplyDelete//බාල මුත්තාගේත් ආත්තාගේත් ශෝකාන්තය මෙන්ම කාසි කිහිපයක්ද මා ලඟ ඉතිරිව ඇත// ++++++++
බොහොමත් ස්තුතියි
Deleteකතාවේ ශෝකී අපුරු කම වගේම මට හිත ගිය අනිත් දේ තමයි ගේ හදන මායිමේ මිනී වැළලාපු එක ප්‍රශ්නයක් නොකර ගැනීම . මෑතකදී මගේ හිතවතෙක් ගේකට ඉඩමක් සොයද්දී ඉඩම කෙලවරේ පරණ සොහොන් කොතක් තියෙනවා දැකලා ඉඩම ගන්න එක ඇත ඇරියා. මමනම් කිව්වේ ඔහොම බැලුවොත් මේ මහා පොළොවේ ගෙයක් හදන්න තැනක් නැති වෙනවා කියලා .
ReplyDeleteඒක නං හරි තමයි. මේ හැම තැනකම යටින් කවුරුහරි වැලලිලා නැතැයි
Delete"Drag me to hell" කතාව මතක් උනා
ReplyDeleteමම නං කියවල නෑ
Deleteකරුමේ කියන්නෙ රාජ් ගෙ තාත්තගෙ බාල මුත්ත ටයිප් පොරවල් තාමත් ඕන තරම් ඉන්නවා රාජ්ගෙ තාත්තගෙ ටයිප් ඩයල් එන්න එන්න අඩු වෙනවා.
ReplyDeleteමිනිස්සු දැන් හොල්මන් වලට වැඩියෙන් බය නෙවෙයි, දැන් මිනිස්සුන්ට ඕන 100% පර්ෆෙක්ට් දේවල්, පොඩ්ඩක් වත් රිස්ක් එකක් ගන්න බයයි නෑයන්ට/යාලුවන්ට/අල්ලපු ගෙදර එකාට නැති අප්සෙට් එකක් තමන්ට උනොත් තමන් පරාදයි කියලා. මේ ගතිය අලුතෙන් දියුනු වෙන අනික් රටවලත් තියෙනවා, ඒකට නමකුත් තියෙනවා "කියාසු" කියලා.
//මිනිස්සු දැන් හොල්මන් වලට වැඩියෙන් බය නෙවෙයි, දැන් මිනිස්සුන්ට ඕන 100% පර්ෆෙක්ට් දේවල්//
Deleteඒක නං හරියට හරි. දැං ළමා පරපුරට අත්වෙච්ච අභාග්‍යටත් හේතුව ඕකයි.
කොහේද දැන් හැදෙන එවුන්ට හරියට සිංහල ලියා ගන්න පුළුවනෑ. ඔය විචාරක උන්නැහැලැ අපි වගේ සාහිත්‍යය ඉගෙන ගත්තු මිනිස්සු ඉන්න ඕනැ ඕවා කියලා දෙන්න.
ReplyDelete/පියා සහ තවත් කිහිප දෙනෙකු සමඟ, එවකට අවුරුදු අටක දහයක කොල්ලෙකු වූ මා නිරතවී සිටියේ අප දැන් පදිංචිව සිටින නිවස ඉදිකිරීම සඳහා භූමිය ශුද්ධ පවිත්‍ර කරමින්ය./
කතාවේ නෑකම් අපැහැදිළිය. මුත්තා හා බාලමුත්තා අතර නෑකම කුමක්ද? මුත්තා හා ආත්තා සහෝදර සහෝදරියන්ද? මීට වඩා සිත් ඇදගන්නා අකාරයට කතාව ගොඩනැඟිය හැකිව තිබුණේය සිතමි.
ReplyDeleteඔය විචාරකලා මාතලන්ලා වගේ දැනුමැත්තෙක් කියලා දෙවකෝ මේ ළමයට කතාවක් ලියන හැටි.
කතාව කියෙව්වෙ නෑ නේද?
Delete//"ඔය බාල මුත්ත කියන්නෙ අපේ මුත්තගෙ ඇවැස්ස මස්සිනා.///
දැං වගේ උනානම් එහෙම හොද යකදුරෙක් ගෙනල්ලා සෑහෙන වැඩක් කරලා හොද ගානක් වියදම් කරලා තමයි හෙට එන්න වෙන්නේ..
ReplyDelete*ගෙට
Deleteඒක තමයි.
Deleteකෙනෙක් වද හිංසා කරලා මැරුවම ඒ කාලේ නම් දඬුවම් තියෙන්න ඇති නේද රාජ් ඒකනේ රාජ්ගේ සීයා සියදිවි නසාගන්න ඇත්තේ. එහෙම නැත්නම් හර්ද සාක්කිය කියලා එකකුත් තියෙන්න ඇති තමන් අතින් ඒ වගේ වරදක් කලා කියලා පිළිගන්න. අද වෙනකොට නම් ඔය වගේ වදහිංසා කරන අය ජාතික වීරවරයෝ එහෙම නැත්නම් පොලීසියේ හෝ චීවරයක් පොරව ගත්ත ඈයෝනේ නේද?
ReplyDeleteඇයි මොන රටේද අවුරුදු හතේ අටේ කොල්ලෙක් මිණි ඇටකටු හාරන්නේ අපි එහෙම නම් පොලීසියටත් එන්න කියලනේ බය වෙච්ච පාරට ;)
නීතිය කියල දෙයක් එහෙමකට තිබිල නෑ ඒ කාලෙ. මම දන්න අහල තියන සෑහෙන්න සිද්ධීන් තියනව වසදීල මිනීමැරීම්, ස්ත්‍රී දූෂණ වගේ දේවල්
Deleteඒ කාලෙ කියල එහෙම බයක් තිබුනෙ නෑ. මට මතකයි අපි දවසක් යන්තමට ගරාවැටිල තිබුන අපේ සීයගෙ සොහොනටත් එබිල බැලුව සීය බලාගන්න. මමයි අපේ නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයි. කවදාවත් බයක් දැනිල නෑ. කුතුහලයක් විතරයි.
ගේ එතන හදපු එක තමයි පුදුමේ.... දැන් නං කියක් දේවල් කියයි ද :D
ReplyDeleteඕව මොනවද බං
Deleteතව පොඩ්ඩෙන් සමූහ මිනීවළක් කියලා දේශපාලුවෝ ඇවිත් හාරන්න පටන් ගනිවී :P
ReplyDeleteකාසිවල ෆොටෝ එකක් වගේ දැම්මා නම් හොඳයි නේද ලොකු මහත්තයා ? :)
ඉස්සර මිනිස්සුන්ගේ ජීවන රටාවන් ගැන පොඩි අදහසක් ගන්න පුළුවන්. මේක උඹ ඇයි නිකම් වැඩ ඇරිලා යන්න කිට්ටුවෙලා වගේ ලිව්වේ. ලස්සන කතාවක් ඇතුලේ තියෙනවා.
ReplyDeleteමට කතාව තේරුනා මදි.. මේක එකගෙයි කෑමක් ගැනද ?
ReplyDeleteමම මේක කියෙව්වත් මොකුත් නොකියා හිටියේ මම කියන්න හදපු දේ හුඟ දෙනෙක් කියා තිබ්බ නිසා. ඒ ඔතන ගේ හැදීම ගැන. උඹ නම් මිත්‍යා මත අදහන්නේ නෑ කියමු තාත්තා වගේ. ඒත් ඔතන හිටපු වෙන කිසි කෙනෙක් උඹට බලපෑම් නොකරපු එක පුදුමයෛ.
ReplyDeleteඒ කොයි හැටි වෙතත් මරු කතාව උඹ කලබලෙන් ලිව්වා වුනත්. පරණ ණයක් බේරන්න තිබ්බා කිව්වාම මම හිතුවෙම වෙන දෙයක්.
මට දවසක් ඔය වගේ අහම්බෙන් හම්බුනා මිනිහෙකුගේ යටි හනුවක්. දත් එකක් දෙකක් ඇරෙන්න අනිත් ඔක්කොම වගේ තිබ්බා. හෙමිහිට ගෙදර ගෙනත් හොඳට හෝදලා වාර්නිෂ් පාරක් ගාලා මගේ ලට්ට ලොට්ට පෙට්ටියේ නිදන් කොරලා තියෙද්දී අම්මට අහු උනා. ඊට පස්සේ ඉතින් බැනුම් සමග බඩු කනත්තේ.
ReplyDeleteමචංස්ලා.....මගේ යාළුවෙක් හිටියා මෙඩිකල් කොලෙජ් බ්ලොම් එකේ ඒ කාලේ. මමත් වල බහින්නේ ඔතැන. උගෙ කාමරේ මිනිසා හිස් කබලක උඩ කෑල්ල තිබුනෙ සිගරට් බට්,අළු කඩන්න. ඒකේ තිබුනේ විශාල කැපුම් පාරක්. ඌ මට කිව්වා ඒක කඩු පහරක් විය යුතුයි කියලා. ඌ දැන් එංගලන්තේ ඉන්න සීනියර් ඩොකෙක්.
Deleteඕකා තව මරු වැඩක් කරා. මූ උන්ගේ මිනී කපන කාමරේ අර ඇසිඩ් වල බස්සලා තියෙන මිනියක අතක් ගලවන් ගියා මම දැණුවත්ව. ඒක රස කතාවක්. මම පෝස්ට් එකක ලියන්නම්.
ලියන්ඩකො අරූ අයියෙ ඒක.
Deleteයන්තර ගුරුකම් කථා නම් දන්නෙ නෑ...ඒත් අපේ තාත්තගෙ අම්මා ජීවතුන් අතර හිටිය කාලෙ මාතරින් ගෙනා කට්ටඩියන් මගින් අපේ නිවස අයත් භූමිය ආරක්ෂා කරලා තියෙන්නෙ වසර 40 කට කිට්ටුව අතීතයකදී. වසර දෙකකට කලියෙන් තාත්තා අසනීප වෙච්ච වෙලේ මේ බවක් නොදැන අපි අලුත් කෙනෙක් ගෙනාවා භූමිය පරීක්ෂා කරන්න. ඔහු ගත් කටටම කිව්වා භූමියේ කිසිම දෝෂයක් නෑ අවුරුදු 30 කට විතර කලියෙන් බලගතු විදියට වැඩේ කරලා තියෙනවා ඒක අදටත් හොදටම හොදයි කියලා....අපිවත් නොදැන සිටි ආරක්ෂා කිරිල්ලක් ගැන ඒ මනුස්සයා කොහොමද දැනගත්තෙ....මේ ශාස්ත්‍රයන්ගේ යම් පදනමක් ඇති කියලා එදා මට හිතුනා...රාජ්ගෙ කථාව ලේසියෙන් පහසුවෙන් චිත්ත රූප මවාගත හැකි විදියට ලියවිලා තියෙනවා....ගොඩාක් රස වින්දා....
ReplyDeleteඋඹටත් මාර අත්දැකීම්නෙ තියෙන්නෙ රාජ් අයියා !! ඉතුරු සීන් ටිකත් ලියන්ඩ .
ReplyDeleteඋඹ එතකං පත්තර ටික බෙදලා වරෙන්....
Deleteතෝ හිතුවද රෑට කන වෙලාවටයි පත්තර බෙදන්නෙ කියල..
Deleteමල් පත්තර බෙදන්න වෙලාවක් අවේලාවක් තියෙන එකක්ද බොල...
Deleteමරු කතාවක් නේ
ReplyDeleteබොහෝ දෙනා කියල තියෙනවා මේ කාලේ නම් ඒ වගේ මිනී වලදාපු ඉඩමක ගෙවල් හදන්නෙ නෑහැයි කියලා.
ReplyDeleteඒක ඇත්තක් ම නෙවෙයි, මේ කාලෙත් එහෙම ගෙවල් හදනවා. මම ඇන්ද ප්ලෑන් 4ක ම ගෙවල් හැදුවෙ මිනීවලදාපු ඉඩම්වල. එක ගේක මාස්ටර් බෙඩ්රූම් එක තියෙන්නෙ මිනීවලවල් 4 කට උඩින්.
ඒ පවුල යහතින් ඉන්නවද ?
Deleteඔතැන ගේ හැදුවට පස්සෙ සිදු වුනු කරදර, අකරතැබ්බ වලදි (එහෙම දේවල් වෙනවනෙ ඕනම මනුස්සයෙකුට ) කවුරුවත් ඔය ගැන මතක් කළේ නැද්ද රාජ්... මට නම් හරිම දුකයි අත්තා ගැන... මැරෙන්න කලින් මුත්තා නිසා කොච්චර දුක් විඳින්න ඇද්ද...
ReplyDeleteඅපේ මහ ගෙවල් ළඟ හිටපු අංකල් කෙනෙක් හිටි ගමන් මැරුණම ඒ අය වැඩි ආදරේට එයාව දොරකොඩ ඉඳලා පේන දුරින් මිදුල අයිනෙම වළලලා සොහොනකුත් බැන්දුවා... පස්සෙ හරියට දුක් වුනා එහෙම කරපු එකගැන... ඇයි ගෙදරින් එළියට බහිනකොටම පේන්නෙ සොහොනනෙ... ඒ මදිවට කවද හරි විකුණන්න ගියත් ඕක ප්‍රශ්ණයක් වෙනවනෙ... දැන් ඒ ගෙදර කවුරුවත් නෑ ඇන්ටිත් මළාට පස්සෙ...
අපේ බ්ලොග් දර්ශකයට ඔබේ බ්ලොග් අඩවියත් ඉදිරිපත් කරන්න. මෙන්න ලින්ක් එක.
ReplyDeletehttp://blogdharshakaya.blogspot.com/