වෙලාව රෑ හත නැත්තං අට විතර ඇති. කාර්යාලයේ අපි ටික දෙනෙක් හිටියෙ මළගෙදරක. මැරිල තිබුනෙ කාර්යාල සගයෙකුගෙ අවුරුදු දොලහක විතර දරුවෙක්. මරණයට හේතුව පිළිකාවක්. බොහොම කණගාටුදායක අවස්ථාවක් බව ඇත්ත, නමුත් කාලයක් තිස්සෙ තමුන්ගෙ දරුව ගැන වේදනාවෙන් හිටිය අපේ මිත්‍රයගෙ හිත වේදනාවටම පදම් වෙලා තිබුන. කාර්යාලයේ පිරිස ටික ටික වැඩිවීමත් එක්ක මළගෙදරක තිබියයුතු සාමාන්‍ය තත්වයත් ඉක්මවා ගියා. ගමේ පිරිස එහෙ මෙහෙ දුව පැන ඇවිදිමින් සංග්‍රහ කරන අතරෙ අපේ උදවිය කකුල් උඩ තියාගෙන ආගිය කතාවල. වෙලාවකට උස්ව ඇහෙන හිනා හඬ, ඒ වගේ මළ ගෙදරකට උචිතයි කියන්න කොහෙත්ම බෑ. ඒ අතරෙ තවත් සගයෙකුගෙ පැමිණීමක් බලාපොරොත්තුවෙන්,
"ඔන්න පොල් මහත්තය එනවලු!"
"ඌ නං ගහල ඇත්තෙ හොඳට"
"මොකද කියන්නෙ කියමුද බෝතලයක් අරගෙන එන්න කියල"
"කියපං....කියපං.....කියපං....කියපං....."
"සල්ලි දියල්ල එහෙනං......"
"සල්ලි.... සල්ලි..... සල්ලි.....සල්ලි...."
කවුරුත් හිටියෙ බොන පැත්තෙ මිසක් සල්ලි දෙන පැත්තෙ නොවුන නිසා ඒ වැඩේ හරිගියේ නෑ. ඔන්න මේ අතරෙ පොල් මහත්තය ආව.
පොල් මහත්තය කියන්නෙ ඇඟෙන් බොහොම පොඩි මිනිහෙක්. එයත් එක්ක ආව තවත් යෝධයෙක් වගේ කෙනෙක්. දෙන්න තරමකට අනුමත වෙලා හිටියෙ.
"මේ ඉන්නෙ අල්ලපු ප්‍රාන්ත ඔෆීස් එකේ පොල් මහත්තය....."
කවුරුත් පොඩි වෙලාවකට නිශ්ශබ්ද වුනා, අනෙක් පොල් මහත්තයගෙ ස්වරූපයට! අඩි හයකට වැඩිය උස, ඊට සරිලන මහත, මුහුණෙ තිබුන මරුමුස් පෙනුම,... මේ ඔක්කෝටමත් වැඩිය මත්පැන් නිසා ගොරක ගෙඩියක් වගේ රතුවුන තියුණු ඇස්දෙක,... ඔහුට මෘග පෙනුමක් ගෙනාවෙ.
"අපි මරණෙ බලල එන්නං...."
පොල් මහත්වරු දෙන්න ගෙදරට යනවත් එක්කම ආයෙත් කතාබහ පටන් ගත්ත. මාතෘකාව අලුත් පොල් මහත්තය.
"බලපල්ලකො හැටි! මූ බීල ගෙදර යද්දි ගෑනි වෙව්ලනව ඇති බං"
"හහ් හහ් හහ්......"
"මොනව කියනවද, මෙන්න මෙහෙම රවල බැලුව නං චූ යනව"
"හහ් හහ් හහ්......"
"මූ යද්දි ගෑනි ඇත්තෙ ඇඳ යට බං...."
"හහ් හහ් හහ්......"
හැබෑම මෘගයෙක්! අවසාන නිගමනය ඒකයි....අසංවේදී මෘගයෙක්..... ඒ එක්කම ඇතුලට ගිය සගයා ආවෙ මෘගයාත් එක්ක.
"මගේ දරුවත් මේ වගේමයි!" මෘගයා කිව්ව. නමුත් කට්ටියට සැකයි,
"මේ වගේ කිව්...වෙ.... අපේ පොල් මහත්තය වගේ කියලද?"
"හහ් හහ් හහ්....."
එතන පරිසරය හිතට ඇල්ලුවෙ නැති නිසා ඔවුන් දෙන්න ටිකක් ඈතට යන්න ලැහැස්ති වුනා.
"රාජ් මල්ලි, යමුද පාර පැත්තට...."
පාරට ගිය අය දුම් බොන්න පටන් ගත්ත..... ඒ අතරෙ මෘගයා කටහඬ අවදි කලා.....
"මොන වැරැද්දකටද මං දන්නෙ නෑ මේ වගේ ලෙඩවල් දරුවන්ට හැදෙන්නෙ" ඔහුගෙ කටහෙඬේ තිබුනෙ බිඳුන ශෝකී ස්වභාවයක්.
"මගේ පුතත් මේ වයසෙමයි.... තාමත් නිදාගන්නෙ මගේ ඇඟ උඩට කකුලක් දාගෙන....." ඔහු ඇස් පොඩි කලා.... ඒ ඇස්වලින් කඳුළු ගැලුව.... මෘග පෙනුමක් තිබුන ඒ දැවැන්ත මිනිහ ඇතුලෙ හිටිය සංවේදී තාත්ත මට පේන්න ගත්ත.... ඔහුගේ මෘදු කටහඬ පරයාගෙන ඇහුනෙ, වැටෙන් එහා පැත්තෙ හිටිය සංවේදී මහත්වරුන්ගෙ හිනාහඬ.
Pages
▼
පොදු මිනිසා තුල කුමන හෝ වෙලාවක සංවේදි විය හැකි රසායනයන් ඇත.. මෘගයාද මිනිහෙකි..
ReplyDeleteහැබෑව!
Deleteමළ ගෙදරක හැසිරෙන හැටි පාසල් විශයට ඇතුලත් කරන්න වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් පත් ලව්ස්පීකර් එකකින් පිරිත් වගේ දෙයක් හරි වෙස්සන්තර ජාතකේ හරි දාන්න ඕන කන පැලෙන්න.
ReplyDeleteවෙස්සන්තර දැම්මනං හරි වගේ.
Deleteඉස්සෙල්ලම කරන්න ඕන මිනිය ගෙදර තියාගෙන දවස් ගානක් අඬලා දොඩලා දුකත් වැඩි කරන් කාලෙයි සල්ලියි කාලා, මිනිස්සුන්ටත් කරදර කරන්නෙ නැතුව තම්බිලාගෙන් හරි සුද්දන්ගෙන් හරි ගත යුතු දේ අපේ සංස්කෘතියට අවශෝෂනය කරන්, බුද්ධාගමේ විදියට සියල්ල අනිත්‍යයි කියලා මළා නම් වලලන එක. මාතලං උඹම ඕක ගැන ලිව්වනේ.
Deleteමගුල් ගෙවල් වලත් ආතල් එකේ ගොයින් අවේ යන වෙලාවෙත් සින්දුවක් හරි දාලා අඬන්න බලන රටක මේව කතා කරලත් තේරුමක් නෑ.
එල ලිපිය රාජ් මචෝ, මෙහෙම සංවේදී මරුමූස් පෙනුම ඩයල් එකක් හිටිය අපේ ඉස්කෝලෙ ගුරුතුමෙකුත්. පොර නම් පෙනුම විතරක් නෙවෙයි ඇත්තටම පට්ට සැරයි ඒත් ඇතුලෙන් දෙය්යෙක්.
ඔව් බං. මුස්ලිම් ක්‍රමේට මාත් කැමතියි. (මුස්ලිම් ක්‍රමයකින් කැමතියි කියන්න පුළුවන් ඒක විතරමද කොහෙද!)
Delete//මගුල් ගෙවල් වලත් ආතල් එකේ ගොයින් අවේ යන වෙලාවෙත් සින්දුවක් හරි දාලා අඬන්න බලන රටක මේව කතා කරලත් තේරුමක් නෑ.//
Deleteඅනිව.
මචෝ උඹ බලහන් වෙලාවක අර සිරසෙ යන "සුභාසිරි" කියන ප්‍රෝග්‍රෑම් එක. අපේ සමහරු කළිසම නෙමෙයි මොක ඇන්දත් මාර ගල් යුගේ. ජයමංගල ගාත තායි ටියුන් එකට කියනව. ඉන් පස්සෙ නටල බෙර ගහල පොල් පලල ඔක්කොම කරල යත්දි "අද දීගෙක යන මට" ටියුන් එකට හැපි හැපි අඬල ගිහින් ලිමොසින් එකට නගිනව. මිලියන් ගනන් දීල ගන්න ෆොටෝග්‍රැපර් හොටු බේරිච්චි මනාළිව හිටු කියල ෂූට් කරනව :D
කොහොමත් අපේ සමාජේ හැටියක්නේ ඕක පිටින් බලලා ඇතුල තීරණය කරන එක කරන එක.
ReplyDeleteආං හරි!
DeleteDon't judge a book by its cover..!
ReplyDeleteසාහිත්‍ය මාසෙට ගැලපෙන කියමන
Deleteමං ලියන්න ආවෙත් ඒ කතාවමයි.
Deleteහරියට අපේ බුද්ධි කොල්ලා වගේ..
ReplyDeleteචිකේයියා .ඌ කොල්ලෙක්යැ බං අයියේ.. හැක්
Deleteහී හී...ඇත්තලු...
Deleteබුද්ධියගෙ පින්තූරයක් දැක්ක වෙලේ මට හිතුනෙම කෙහෙල් චුට්ට ඌ නෙවේමයි කියල.
Deleteමට නම් එහෙම හිතුණේ නෑ මුණ ගැසුනු වෙලේ දී වත්.
Deleteපිට කවරයෙන් පොත නරකයි කියන එක
Deleteමට අනුව නම් වැරදියි එය නැතුව සැක
මගේ ඡිවිතේ දුර්වල තැන් දෙකයි
ReplyDeleteමගේ සදු
පොඩි මෙන්ඩා
හ්ම්! ඕක බොහෝ දෙනෙකුට පොදු දෙයක් මෙන්ඩා!
Deleteඅත් දෙකම උස්සනවා මෙන්ඩා !!!!!!
Deleteපෙනුමින් මිනිස්සුන්ව මනින්න බැහැ, මම නම් ඒක අකමැතිම වැඩක්, එත් අද ගොඩක් උන් රැවටෙනවා සාන්තුවර පෙනුමට. මෘගයා වගේ හිටියට ඇතුලේ ඉන්නේ මනුස්සයෙක්, මුස්සුයෝ වගේ හිටපු ගොඩක් උන් ඇතුලේ හිටියේ මෘගයෝ, තමන්ගේ ගෑනිත් එක්ක තමන්ගේ අන්ද මතක් කරගන්නේ නැතව අනුන්ගේ ගානුයි උන් ඇන්දේ කරන එකයි මතක් කර කර ආතල් ගන්නේ ඇත්තමයි නින්දිතයි.
ReplyDeleteමොනව කරන්නද. කළු සුදු අළු මිනිස්සු.
Deleteඅද කාලේ මිනිස්සු පෙනුමෙන් මනින්ට බෑ. මෙහෙම කීවට තාමත් රැවටෙන්නේ මිනිසුන්ගේ පෙනුමට. සාන්ත අය දැක්කාම අනේ පව් හිතෙනවා...පව්ද කියලා තේරෙන්නේ ඉතින් ආශ්‍රය කරලා බලනකොට තමයි.
ReplyDeleteඅද ඉවාන්ගේ පෝස්ට් එක 'කාලකණ්ණියා' මෙයාගේ 'අසංවේදී මෘගයා' දේශකයා මොකක් දායිද දන්නේ නෑ...:D
//සාන්ත අය දැක්කාම අනේ පව් හිතෙනවා...//
Deleteඋපසාන්ත අය දැක්කම??
පොඩ්ඩි,
Deleteඌ දාවි මූසලය කියල!
දෙන්නම,
උපසාන්ත අය ගැනත් එච්චරයි. නමට විතරයි උපශාන්ත.
//උපසාන්ත අය දැක්කම??//
Deleteඋපසාන්ත අය දැක්කහම නිශ්ශ්බ්ද වෙනවා.
කෝ මේ PM?
//උපසාන්ත අය දැක්කම??// මුදල් අවශ්‍යතාවයක් වගෙ එකක් දැනෙනවා :D :D (ඇනෝ දාන්නෙ ලොග් වෙන්න කම්මැලි කම හින්දා.සමහර විට පේනවත් ඇති මං කවුද කියල. විහිළුවක් විතරයි... හරිය.)
Deleteපාදුක්ක ප්‍රාදේශීය ලේඛම් කාර්‍ය්ලයෙ දන්න කියන කෙනෙක් ඉන්න කවුරුත් නැද්ද? බොහොම පොඩි සහ නීති විරෝධී නොවන දෙයක් ඉක්මනින් කරගැනීමට උදව්වක් අවශ්‍යයි!
Delete"උපසාන්ත අය දැක්කම" - නයට ඉල්ලන්න හිතෙනවා ... :D
Deleteඑළ කිරි, ඔන්න මම උඹට සීන් එක කියල මේලක් දැම්ම. තෑන්ක් මචෝ!
Delete//උපසාන්ත අය දැක්කම" - නයට ඉල්ලන්න හිතෙනවා ... :D//
Delete+++++++++++++++++++++++++++++
ඕකට සිංදුවක් නැද්ද සිංදු ඇනෝ.......
පුංචි පුතුට පාඩමක්
Deleteපුංචි දුවට පාඩමක්
අකුරට යන්නට ඉස්සර (නයකට දෙන්නට ඉස්සර )
මෙන්න පුංචි පාඩමක් .......
ප්‍රා :D :D
Deleteසිංදු/ පත්තරේ... උඔලා සිංදුවක් ලියහන්කෝ
Deleteබ්‍රැන්ඩ් එක ගල් වගේ වචන ටිකක් එහම දාලා
හැඩි දැඩි ශරීර තුල මෘදු මොලොක් හදවත් තිබිය හැක,,,,
ReplyDeleteසුමට සිනිදු ශරීර තුල මෘග විෂ පිරුණු හදවත් තිබිය හැක.
ඒක තමයි. ඔය කියන්නෙත් හයේ හතරෙ පොරක් නෙව!
Deleteහුගක් හතර රියන්පොරවල් හෙන සංවේදි බුවාල රාජ් පොඩි උං වගේ... ඇගේ සයිස්එක හිතේ නැ...
ReplyDeleteහැබැයි මරුමුස් පොරවලුත් ඉන්නව
Deleteඒ මරුමුස් අය තුලත් සැඟවුණු සංවේදී මිනිසේක් ඉන්නවා
Deleteඔය උඩ කට්ටිය කියල තියෙන දේම තමයි මටත් කියන්න තියෙන්නෙ.
ReplyDeleteබොහොම ස්තුතියි.
Deleteසිනහාවෙන් හෝ කතාවෙන් බෑ
ReplyDeleteමනින්නට මිනිසා.......//
සිතේ ඇති දේ......
සිතේ ඇති දේ කවුද දන්නේ කියන්නට විමසා........
සිනහාවෙන් හෝ කතාවෙන් බෑ......
මනින්නට මිනිසා......
එකට එක් වී එකට කාබී......//
එකට සැතපීලා......එකට සැතපීලා......
උගුලෙ අටවයි විපතෙ පටලයි.....
මුරුග ගති පාලා මුරුග ගති පාලා.....
ලෝකයේ.....//
ලෝකයේ.....මර විසක් නැත වෙන
මිනිස් විස වාගේ......
සිනහාවෙන් හෝ....
සිනහාවෙන් හෝ කතාවෙන් බෑ.....
මනින්නට මිනිසා.....
තියෙන ඇත්තා නැති තැනැත්තා.......//
තඹයකට නොතකා..... තඹයකට නොතකා.....
ඔහුගෙ නැතිකම් දුබල බැරිකම්......
පෙනි පෙනිම මිරිකා.... පෙනි පෙනිම මිරිකා...
සැපවිදියි.... සැපවිදියි....
පණ ගියත් පෑගී ......අනිත් මිනිසාගේ........
සිනහාවෙන් හෝ....
සිනහාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා
යුක්ති ධර්මේ ජය ගනීවී......//
දිලෙන ලෙස දිනිදා...... දිලෙන ලෙස දිනිදා....
නැත්ත නැතිවේ...ඇත්ත හෙලිවේ.....
යම් දිනෙක මතුදා..... යම් දිනෙක මතුදා.....
ඔහු එදා.....ඔහු එදා.....
පිහිටවත් නොලැබෙයි.....ඔහුගෙ සෙවනැල්ලේ......
සිනහාවෙන් හෝ....
සිනහාවෙන් හෝ....කතාවෙන් බෑ ......
මනින්නට මිනිසා.....
මොහිදින් බෙග්
මටත් මතක් උනා මේ සින්දුව! නැද්ද මේ තේරුම තියන ටිකක් අප්‍රසිද්ධ එකක්?
Deleteකළගුණ නොදැනුනාට , දඬුවම් නොලැබුනාට
Deleteබෝසත් මිනිස්සුන් අතින්
දුර්ජන කමේ පවට දඬුවම් ලබුනු දාට
ඉකි බිඳ හඩාපන් ඉතින්….
.
හිත හොඳ නැති උනාම , යහගුණ මියගියාම
මිනිසෙකුගෙන් කිමද ඇති පලේ
ඒ බව වැටහුනාම සිතිවිලි තනි උනාම
තමනුත් නෑ තමන්ටම අනේ ….
මුදලට වාසි වලට සෙනෙහස දිය උනාම
ජීවිතයක සුවඳ නෑ අනේ
දෑසේ කඳුළු වලට ඉඩ ඇති පහන් පැලට
කවුරුද සුසුම් පා කලේ…..
ගායනය - ගුණදාස කපුගේ
සිනාසෙන අපිමයි හඬන්නේ
Deleteබොළඳ කිරි දරුවන් ලෙසින්
කලල් මැඬ අපිමයි පිපෙන්නේ
සුවඳ සුදු සියපත් වෙසින්
නියඟ ඇවිලෙන අහස නොදනී
දිනෙක මහ වැසි වැටෙනවා
වැටෙන මහ වරුසාව නොදනී .....
දිනෙක යළි හිරු නැගෙනවා
පිපෙන මල් පරවෙලා ගිළිහෙයි
පලබරින් අතු ඉති නවා
අමාවක ඝන අඳුර පැනයයි......
වඩින පුරපස සඳ බලා
ගී පද - කේ. එම්. අයි. ස්වර්ණසිංහ
තනුව -රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ
මචං..සිංදු (ඇනෝ කියන්නත් දුකයි බං උඔට) කපුගේ හැම සිංදුවක්ම අහලා තියනවා කියලා කයිය ගහපු මාව උඔ උස්සලා පොලෙව ගැහැව්වා..
Deleteමම මේක අහලා නෑ...
මගේ හිනයක් සදරෑ එක්ක බෝතලයක් ගහන එක ඌ මට පොරක්..අද මට උඔත් එක්කත් බොන්න ආසවක් ආවා.
උඔව මුරැංග ගස්වල නග්ගනවා නෙමෙයි මචං මට දැනුන ද් මම කිව්වා.එච්චරයි
එල ද බ්‍රා
@මෙන්ඩා ,"මගේ හිනයක් සදරෑ එක්ක බෝතලයක් ගහන එක ඌ මට පොරක්"
Delete++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
ස්තුතියි
බ්‍රෑන්ඩ් එක ගල්
"බ්‍රෑන්ඩ් එක ගල්".
Deleteමේක නැගලම යනව නේ?
සදරුවා එක්ක ගහනවං නං කසිප්පු තමා සෙට් වෙන්නේ..
Deleteදේසෝ නැ මචං උගෙත් බ්‍රෑන්ඩ් එක ගල් ...හිඟුරාන ගල් (අනේ අම්මෝ කසිප්පු හොදයි .රවුම් බෝතලේ දකින කොටත් මාව කැරකෙනවා )
Deleteමේ ලෝකෙ තනිකර සුදු මිනිස්සුවත් තනිකර කළු මිනිස්සුවත් නෑ රාජ්.පළමු දර්ශනයෙන්ම මනුස්සයෙක් මනින එක බොහොම වැරදි වැඩක්.
ReplyDelete++++++++++++++++++++++++++++
Deleteබොහොම ස්තුතියි.
Delete"කෙතරම් දැඩි හදක් වුවද
ReplyDeleteයම් මොහොතක දයා දියෙන් ආර්ද්‍ර වී
කඳුලු සලන මොහොතක් ඇත,
බලනු මැනවි ඒ මොහොතේ
ඒ හදවත දෝතට ගෙන,
මේ මිහිපිට කිසිම දෙයක්
ඒ තරමට නෑ සුන්දර"
බොහොම ලස්සනයි.
Deleteමේක ලිව්වෙ මහගම සේකරද කියල මට හරියටම මතක නෑ.
Deleteසැබෑම හැඟීමකින් මළගෙදරකට ගොඩවෙන අය දාහට එකක්වත් නෑ කියල මං බය නැතිව කියනවා.
ReplyDeleteමොනව කරන්නද! බලෙන් දුක දෙන්න බෑ නෙව
Deleteමිනිහව මෘගයා කියලා තීරණය කලේ එක බැල්මෙන්, එක වචනයෙන් සංවේදී කියලා හිතුනා , කතා කරවන්නැ පුළුවන් නම් සංවේදීව ,බොහෝ මෘගයන් ඇතුලේ මිනිස්සුත් , මිනිස්සු වගේ පෙන අය ඇතුලේ මෘගයනුත් ඉන්න වගේ පැහැදිලි වේවි
ReplyDeleteමට වැඩිය හොඳින් පැහැදිලි කරල තියෙන්නෙ.
Deleteඑපා එපා රැවෙටෙනු, රුපෙට එපා රැවෙටෙනු...
ReplyDeleteඅර සින්දු ඇනෝ ලොක්ක නම් පද ටික ඔක්කොම දන්නවා ඇති
-ප.ගෝ
එක ඉත්තක පිපිණු වෙනස් මල් දෙකක් වගේ
Deleteඑක පවුලේ එකට උපන් සහෝදරියනී
සුරූපී විරූපී නම් පට බැඳුනී
ඔවුන් නිසා බෝ දෙනෙක් අතරමං වුනී
එපා එපා රැවටෙනූ
රූපෙට එපා රැවටෙනූ
කුළුනු ගුනේ දයා සෙනේ පිරුණු සුරූපී
දුදන ගුනේ පව් සෙවනේ වැඩුනු සුරුපී
සුරූපිටයි කොයි කවුරුත් ඇලුම් කරන්නේ
ඉරිසියව විරූපිගේ හද රජ වෙන්නේ
එපා එපා රැවටෙනූ
රූපෙට එපා රැවටෙනූ
දොළට ගියා දිය නාන්න දවසක් දෙන්නා
හැඳි සළු පිළි මෙතෙර තබා ජලයට පැන්නා
සුරූපීට පෙර විරූපි මෙගොඩ පැමිණුනා
සුරූපීගේ සලු ඇඳගෙන හනික පිටවුනා
එපා එපා රැවටෙනූ
රූපෙට එපා රැවටෙනූ
අදත් ලොවේ බොහෝ දෙනෙක් සුරූපි කියලා
සැබෑවටම රැවටෙන්නේ විරූපි දැකලා
දුටු පමනින් විරූපියැයි අහක නොබලලා
ඇසුරෙන් ඈ හඳුනා ගනු කවුරුද කියලා
එපා එපා රැවටෙනූ
රූපෙට එපා රැවටෙනූ
මෙතනින් අහන්න
ඉස්සර මගෙත් කැමතිම සින්දුවක්.
Deleteහැම මිනිහෙක් ළඟම හොඳයි නරකයි දෙකම තියනව නොවැ..
ReplyDelete(කහ පාටින් ලියන ඒව පේන්නෑ බං...)
බොහොම ස්තුතියි. කහ පාටින් යෙදුවෙ බොහොම පොඩ්ඩයි.
Deleteමිනිස්සු ඉන්නෙ වෙස් මූණු දාගෙන... මිනිස්සුන්ට පේන්නෙත් වෙස් මූණු විතරයි...
ReplyDeleteඅනිත් අතට,
අමෘතය කියල ලේබල් ගහල දුන්නම වහ කන,
සල්ලි දෙනව කිව්වොත් ඕනි කුණු රේඩියෝ/ටී.වී. චැනල් එකක් අහන/බලන,
නිකං දෙනව කිව්වොත් හිසරදයක් උනත් ගන්න පොරකන මිනිස්සු ගොඩක් ඉන්න රටක මෙහෙම දේවල් නොවුනොත් තමයි පුදුමෙ...
අතුරු මිතුරු දඹදිවතුරු
Deleteමෙන්න පුතේ රාජකපුරු
උඩින් මිතුරු යටින් හතුරු
නටපල්ලා පණ යනතුරු
නටපල්ලා පණ යනතුරු...
පාට පාට මුහුණෙ උලා
සිනහ පැළෙන කිකිණි හලා
පාට පාට මුහුණෙ උලා
සිනහ පැළෙන කිකිණි හලා
වැදි ගැමි නාගරික වෙසින්
රඟ පෑවත් නොයෙක් ලෙසින්
මොකටද හිත තිගැස්සුණේ
අපි කවුරුත් මිනිස්සුනේ...
පැය විසිහතරකට ගැතී
දවසින් දවසකට නිතී
ජීවත් විය යුතු හින්දා
මුහුණට මුහුණක් බැන්ඳා
නෙතින් නෙතක් ඇත පිනවා
මනුස්සයෝ රඟ දෙනවා...
එක අහසයි එක පොළොවයි
එක හිරු සඳු දෙන එළියයි
නොයෙකුත් වෙස් මුහුණු බැඳන්
නැටුවත් හැමතැන ම ඉඳන්
ඉරණමකට පෑගිය හැකි
ජීවිතය ම ජෝගියකී...
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : වින්සන්ට් ප්‍රේමසිරි
සමූහ ගායනය : වික්ටර් රත්නායක, ෆ්‍රෙඩී සිල්වා, සී.ඩී.ෆොන්සේකා සහ වින්සන්ට් ප්‍රේමසිරි
මචං. කෙන්ඡි අයියන්ඩි අපේ ඉවානයාට කිව්වා වගේ
Deleteඋඔගේ ඇගිලි වලට බුදු සරනයි සිංදු.
පරිකල්පන,
Deleteඒකත් හරි තමයි බැලුවම! ඔයිට වැඩිය බොහොම වැරදි නිගමන වලට එන්නෙ නේද?
කවර මාරුවීමක්.
ReplyDeleteහැබෑව!
Deleteපොල් මහත්වරු සංවේදී මිනිස්සු...ඒ වගේම හොඳ බොන්නෝ.
ReplyDeleteමාත් පොල් මහත්තයෙක් වෙලා හිටියා අවුරුද්දක් විතර ඈත දුෂ්කර පලාතක.
අප්පට සිරි එහෙමද!
Deleteඅපෝ ඔව් වොව්..... සයිස් එකෙන් නම් කොහොමත් කියන්ට බෑ ( පොඩියට හිටියට කොච්චි මිරිස් අපිත් ඈ !! හි.. හි... නැද්ද බස්සි!?)
ReplyDeleteමගේ යාලුවෙක් එකදවසක් කිව්වා එයාගේ බාප්පා කෙනෙක් ගැන. හෙන මහත දෙහෙත දේහධාරී පොරක් ලු. මොකක් හරි වලියක් හරි හය්යෙන් හය්යෙන් යන කතාවක් හරි තිබ්බොත් ඔන්න මැදට පනිනවලු සිංහයා වගේ ( ඇතුන් මැදට වන් කෙසරෙක් සිංහ නාද කරන ලෙසට.. හි..හි..) , ඊට පස්සේ හය්යෙන් හය්යෙන් බනිනවලු කට්ටියම ගල් වෙලා යන්න. එක දවසක් ඔහොම පැනල වලියක් මැද්දට, එකපාරට අනිත් පැත්තේ එකෙක් , මෙයාගේ පැත්තේ එකෙක්ට හොම්බට ඇන්නම තොල පැලිලා ලේ ආවලු. ලේ දැක්ක විතරයි... දඩින් බිඩින් ඩොන් !!! පොර පොලවට සමාන්තර!! හික්.. හික්...
කියන්න ආපු සිංදුව කියලා නොවැ... කතාව ෂෝට් ඇන්ඩ් ස්වීට්. මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ කියනවනේ.... ඕක රූපෙන් හොයන්න පුළුවන් එකක්යෑ...
ReplyDeleteමට මතක් වුනෙ අර වෘකයෝ දෙන්නගෙ කතාව...
ReplyDeleteHe said, ‘My son, the battle is between two ‘wolves’ inside us all.One is Evil. It is anger, envy, jealousy, sorrow, regret, greed, arrogance, self-pity, guilt, resentment, inferiority, lies, false pride, superiority, and ego.
The other is good. It is joy, peace, love, hope, serenity, humility, kindness, benevolence, empathy, generosity, truth, compassion and faith.’
The grandson thought about it for a minute and then asked his grandfather: ‘Which wolf wins?’
The old Cherokee simply replied, ‘The one you feed.’
පෝස්ට් එකෙන් දෙන්න හදන වැදගත් පණිවුඩයට අසංවේදී කමෙන්ට් එකක් නම් සමාවෙයන්...
අර අකුරු ෆේඩ් වෙන එක මරු... පොඩිමල්ලි චූටිමල්ලි ස්ටයිල් එකක් තියෙනවා...
අපෙත් එකෙක් හිටියා ඔහොම . පොර ටෝක්ස් ලෝකයයි . වලියක් සෙට් වෙච්ච ගමන් ශේප් එකේ නිදි .
ReplyDeleteදැං මේ පෙරේදා අපේ ආච්චි නැති උනා... සති තුනක් විතර ඉස්පිරිතාලෙ ඉඳල... ආච්චිට දරුවො 6යි.. එතකොට ලේලිලා බෑනල මුණුපුරු මිණිපිරියො මී මිණිපිරියො සෙට් එකම විතරක් හිටිය 100ක් විතර...
ReplyDeleteඒ මළ ගෙදර ඇඩුම් දෙඩුම් බොහොම අඩුයි... අපෙ තාත්ත ඇවිත් සැරින් සැරේට බැනල යනව මුං විනාඩි පහක් අඬනව, පැයක් හිනාවෙනව කියල...
මං කිව්ව මට නං අඬන්න තරං දුකක් ඇත්තෙම නෑ කියල... හේතුව මේකයි... ආච්චි මැරැනෙ හාමුදුරු දෙනමකගෙන් පිරිත් අහලා අටපිරිකරක් පූජ කරලා විනාඩි 10ක් වත් යන්න කලින්... අපේ අම්මයි මායි ඒ වැඩේ සංවිධානය කළේ මහ වැඩ ගොඩක් අස්සෙ.. මට දුක් වෙන්න වෙන්නෙ අපිට ඒ වැඩේ කරගන්න බැරි උනා නං.. ඒත් අපි කරන්න ඕනෙම දේ කළා අපේ ආගමේ හැටියට... මොනාට දුක් වෙන්නද...
අනිත් හේතුව තමයි අපේ ආච්චි ගැන දන්න හැමෝම දන්නව එයා හරි කැමතියි කට්ටිය ගෙදරට සෙට් වෙලා ඉන්න වෙලාවලට... ලෙඩ අමතක වෙලා එක්ස්ප්‍රස් එකේ කුස්සියටයි සාලෙටයි දුවනව... තේ හදනව.. ලොකු නැන්දට බයිනව... නංගිටයි මටයි බයිනව... හි හි... දෙතුන් දෙනෙක් වට වෙලා කයිය ගහන්න තියෙනව නං එයාට මෙලෝ ලෙඩක් නෑ... ඉතිං මං හිතුවෙ අපි ආච්චිවත් ළඟින් තියාගෙන හිනා වෙවී ඉන්නකොට ( කාලයක් තිස්සෙ එක එකා එක්ක තිබ්බ තරහා මරහා අමතක කරල හැමෝම ඇවිත් හිටපු වෙලාවක) ආච්චි ගැන දුක් වෙන්න නෙවෙයි සතුටු වෙන්න තමයි තියෙන්නෙ කියල... මොකද ඒ ආච්චි ආසම කරපු දෙයක් නිසා...
මිනිස්සු ඉන්නෙ වෙස් මූණු දාගෙන... මිනිස්සුන්ට පේන්නෙත් වෙස් මූණු විතරයි..
ReplyDeletehttp://lakmusic.com