ලාංකීය දේශපාලනය ගමන් කරමින් සිටින දිශාව අමුතුවෙන් විස්තර කලයුතු නොවේ. නිදහස ලැබූ දා පටන් මේ දක්වා එහි පරිවර්තනය සිදුව ඇත්තේ සිදුවිය යුතු ආකාරයට නොව සිදු නොවිය යුතු ආකාරයෙනි. කාලයත් සමඟ එතකුවූ ප්‍රවනතා කිහිපයකි මේ.
රාජ්‍ය සේවය
රාජ්‍ය සේවය එක් කලෙක යම් ස්වාධීනත්වයක් සහිතව තිබුනේ යයි කියනු අප අසා ඇත. එක්දහස් නවසිය හැත්තෑ දෙක පමණ වනවිට එහි තිබූ ස්වාධීනත්වයට යම් ආකාරයක බලපෑම් එල්ලවිය. 70-77 ආණ්ඩුව බිඳවැටීමත් සමඟ තත්වය තවත් දරුණු වූයේ යයි සඳහන් කල හැකිය. මැතිවරණ ජයග්‍රහණයෙන් පසු "පොලීසියට සතියක් නිවාඩු දෙන්නේය" වැනි ප්‍රකාශ රාජ්‍ය නායකයා විසින්ම සිදුකිරීම මීට හොඳ උදාහරණයකි. ඉන්පසු කාලයේ රාජ්‍ය අංශයේ රැකියා ලබාදීම සිදුවූයේ 'ජොබ් කාඩ්' නම් ක්‍රමයකටය. ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට යම් රැකියා ප්‍රමාණයක් හිමිවූ අතර ඔහුගේ අනුමැතිය යටතේ රැකියා ලබාදීම සිදුවිය. එජාප ආණ්ඩු කාලය අවසන් වීමත් සමඟම ජොබ් කාඩ් ක්‍රමයද අවසන් විය. ඉන්පසු පැවති චන්ද්‍රිකා මැතිණියගේ කාලයේ යම් සාධාරණ යැයි කිවහැකි ආකාරයේ බඳවා ගැනීම් ක්‍රමවේදයක් රාජ්‍ය සේවයට එකතුවිය.
චන්ද්‍රිකා මැතිණියගේ පාලන කාලය අවසන් වනවිට නැඟී ආ ප්‍රවනතාව වූයේ උපාධිධාරින්ට රැකියා ලබාදීමේ වැඩසටහනයි. එතෙක් මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක නොවූ අතර එමඟින් හතලිස් දහසකට අධික සංඛ්‍යාවකට රාජ්‍ය අංශයේ රැකියා ලබාදීම සිදුවිය. එක් ආකාරයකින් මෙය එතරම් හොඳ ප්‍රවනතාවක් යයි කිව නොහැක්කේ, යම් නිෂ්පාදන ක්‍රියාවලියක ප්‍රතිපලයකින් තොරව රැකියා ලබාදීම තුලින් සමාජයට එහි බර දැරීමට සිදුවීමයි. අනෙක් අතට රනිල් වික්‍රමසිංහ මහතාගේ දෑ අවුරුදු පාලන සමයේ රාජ්‍ය අංශයට බඳවා ගැනීම් සීමා කිරීම තුලින් මතුවූ අසහනකාරී තත්වයෙන් පාඩම් ඉගනගත් පාලකයන් මෙවැනි තීරණ ගැනීම් සඳහා පෙළඹවීය. මෑතකදී රාජ්‍ය සේවයට බඳවාගැනීම් මෙහි දිගුවකි. මෙම ක්‍රමය නුදුරේදී නම් වෙනස්වන බවක් පෙනෙන්නට නැත. රාජ්‍ය අංශයේ රැකියාවක් ලබාදීම යනු ඕනෑම රජයකට ලෙහෙසියෙන් ලබාදිය හැකි වාසිදායක අල්ලසකි.
අප කතා කලේ රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය පිළිබඳවය. එක් පැත්තකින් දේශපාලන සබඳකම් වලින් රාජ්‍ය සේවයට පැමිණියවුන්ය. අනෙක් පැත්තෙන් [18 වන සංශෝධනය හා තවත් අනපනත් මඟින්]සෘජුවම රාජ්‍ය අංශයේ බලතල දේශපාලන අධිකාරිය අතට ගැනින. මේ වනවිට පොලීසිය, අධිකරණය වැනි ආයතන පවා දේශපාලනීකරණය වීම මෑතදී ඇතිවූවකි.
පක්ෂ මාරුකිරීම
පක්ෂ මාරුකිරීම අතීතයේ සිට පැවත එන්නක් වුවද මෑත කාලීනව එය දක්නට ලැබෙන්නේ අන්ත දූෂිත ආකාරයේ හැඩයකිනි. ආණ්ඩු මාරුවක් හෝ ඊට ආසන්න පෙර-පසු කාලයේදී මහජන නියෝජිතයන් වාසි පැත්තට පනින්නේ කිසිදු පැකිලීමකින් තොරවය. නූතන, මෙම දූෂිත ක්‍රමයේ ආරම්භය ලෙස සැලකිය හැක්කේ 2001 වසරේ පොදු පෙරමුණු ආණ්ඩුවේ සිට එජාපයට පැනීමේ සිද්ධියෙනි. පෙර පැවති ක්‍රමයේදී පිල් මාරුකරන්නන්ගේ මන්ත්‍රී අසුන අහෝසි වුවද ඊට එරෙහි නීති ගෙන ආ බැවින් මේ වනවිට පිල් මාරු කිරීම අතිශය පහසු කටයුත්තකි. පිල් මාරුකරන්නන් හේතුවෙන් අසාධාරණයට ලක්වන්නේ ඡන්ද දායකයන්ය. ඉදිරියේ රජයක් වෙනස්වන අවස්ථාවකදි පවා අභියෝගය වන්නේ පක්ෂ මාරුකරන දූෂිතයන් පාලක පක්ෂයට එකතුවීම වැලැක්වීමයි.
පවුල්වාදය
පවුල්වාදය අතීතයේ සිට පැවත එන්නක් වුවද වඩාත් අශික්කිත ආකාරයෙන් පාලන තත්ත්‍රයට පිවිසියේ මෑත අතීතයේදීය. අතීතයේ මෙන් නොව මේ වනවිට පළාත් සභා සහ පළාත් පාලන ආයතන තුලට රිංගා එහි සාරය උරා බොන්නේ ජාතික දේශපාලනඥයන්ගේම ලඟ ඥාතීන් බැව් මෑත ඉතිහාසයේ මැතිවරණ සාක්ෂි දරයි.
ඡන්ද දායකයාට අල්ලස්
ඉතාම මෑත කාලයේ නැගී ආ ප්‍රවනතාවයක් වන ඡන්ද අල්ලස් ලබාදීමේ ආරම්භය ලෙස සැලකිය හැක්කේ පසුගිය පළාත් සභා කිහිපයක මැතිවරණ කාලයන් කිහිපයකි. එහි උච්ඡස්ථානය ලෙස සැලකිය හැක්කේ අවසන් වරට පැවැත්වූ ඌව මැතිවරණයයි. කෙලින්ම රාජ්‍ය අනුග්‍රහය යටතේ මහජන මුදලින් අල්ලස් ලබාදීම පාලනය කිරීමට අධිකරණයට පවා නොහැකි විය. මැතිවරණ සමයේ ඡන්ද දායකයාට අල්ලස් ලබාදීම නීති විරෝධී කටයුත්තක් වුවද මේ වනවිට මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් පාලක පක්ෂය ආරම්භ කල මෙම පාදඩ ක්‍රමය ඉදිරි කාලයේ තීරණාත්මක ලෙස බලපෑම් කල හැකිය. මේ වනවිට ජනාධිපතිවරණය ඉලක්ක කරමින් දැනටමත් අල්ලස් ලබාදීම ආරම්භ වී ඇත.
ඉහතින් සඳහන් කර ඇත්තේ මේ වනවිට දේශපාලනය තුල පැනනැඟී වර්ධනය වෙමින් පවත්නා අයහපත් ප්‍රවනතාවයන් කිහිපයක් පමණි. ක්‍රමයෙන් අඳුර දෙසට ගමන් කරන අපේ දේශපාලන ක්‍රමයේ යහපත් ප්‍රවනතා මතු නොවීම රටේ අභාග්‍යකි.
Thursday, November 20, 2014
ලාංකීය දේශපාලනයේ පාදඩ ප්‍රවනතා
Subscribe to:
Post Comments (Atom)
//දේශපාලනය තුල පැනනැඟී වර්ධනය වෙමින් පවත්නා අයහපත් ප්‍රවනතාවයන් කිහිපයක්//
ReplyDeleteචන්දදායකයින් අතර අපේක්ශකයින්ගේ quality පිලිබඳ අවශ්යතාවය ඉතා පහල මට්ටමක තිබීම.
එකෙන්ම! මට මිස් වෙච්ච එකක්. මේකත් ඉතාම අයහපත් ප්‍රවනතාවයක්. අර කියමනට කියන්නෙ 'ඉස්සර කුඩු මුදලාලිලා මන්ත්‍රීට සපෝට්. දැං කුඩු මුදලාලිල කවුන්සිලේ"
Deleteමචෝ, පවුල් වාදෙ කියන එක එදා අද කියල වෙනසක් නෑ. ඩී එස් ගෙ ආන්ඩුවෙ ස්භානායක බන්ඩයි, මුදල් ඇමති ජේ ආරුයි, ඇමතිවරු වෙච්චි ඩඩ්ලියි කොතලාවලයි වගේ එකම පවුලෙ මහ රොත්තක්.
ReplyDeleteඔය පවුල් වාදෙ දරුණුවටම ගෙනාවෙ සිරිමගෙ ආන්ඩුව. ඒකෙ හිටපු සෙට් එක දැන් ඉන්න එක වගේම තමයි.සීවලී, මැකී, ක්ලිෆඩ්, බාන්ස් විතරක් නෙමේ අනුර චන්ද්‍රිකාත්, ෆීල්ක්ස්ලත් තමා ඒ ආන්ඩුව කරේ.
ජේ ආර්ගෙ ආන්ඩුවෙත් පවුලෙ උන් තමා ලොක්කො. ලලිත් ගාමිණී දෙන්නත් ජේ ආර් පවුල් ගහේ අතු ඉති වෙච්චි, මහබැංකු අධිපතිත් පවුල්ගහේම වෙච්චි.
ප්‍රේමදාසට පවුලක් තිබ්බෙ නැති උනා එහෙමට දාගන්න. චන්ද්‍රිකාගෙ කාලෙ පවුල අර තරම් දරුණු නොවුනෙ එයාට පවුලෙ අය නොසලකපු නිසා උන්ගෙන් ඈත්වෙලා හිටපු එකෙන්. ඒකයි තාරල වගේ අය උඩ ආවෙ.
නමුත් මහින්දට එහෙම නෙමෙයි. මිනිහටත් සිරිමලට ඩී එස්ලට වගේ පවුලක් තියෙනව. ඉතින් එතකොට මොනවද, මිනිහ කරන්නෙත් ඒකමයි.
//එජාප ආණ්ඩු කාලය අවසන් වීමත් සමඟම ජොබ් කාඩ් ක්‍රමයද අවසන් විය. ඉන්පසු පැවති චන්ද්‍රිකා මැතිණියගේ කාලයේ යම් සාධාරණ යැයි කිවහැකි ආකාරයේ බඳවා ගැනීම් ක්‍රමවේදයක් රාජ්‍ය සේවයට එකතුවිය.//
මේක වෙනස් උනේ ප්‍රේමෙ ගෙනා තරුණ අසහන කොමිසමෙන් දීපු යෝජනාවක් අනුව. ඇත්තටම මණුස්සය තමා ලිස්ට් එක නවත්තල ඒ වෙනුවට තරඟ විභාග මත රස්සා දීම ඉස්සරහට ගෙනාවෙ.
මචෝ, අපි ඔක්කොම ඔය රටේ වෙන වැරදි ගැන අවබෝධයෙන් තමා ඉන්නෙ. ප්‍රශ්ණෙ තියෙන්නෙ මේව හඳුනගන්න එක නෙමෙයි, මේව අඩු කරන්න කල යුත්ත සහ කරන ක්‍රමය හොයා ගන්න එකයි!
නියම විග්‍රහය.. වික්ටර් අයිවන්ගේ පවුල් ගහ පොත් කියෙව්වා නම්.. මේ සියල්ල එහි තියෙනවා.. මමත් ඔය ප්‍රේමෙගේ කතාව ලියන්න ගියේ.. ඒත් උඹ ඒක ලියලා.. අනික ප්‍රේමේ තවත් හොඳ දෙයක් කලා.. උපාධිධාරීන්ට ප්‍රයිවට් කොම්පැනි වලත් ජොබ් දුන්නා.. විය යුත්තේ එයයි.. නොවන්නේද එයයි..
Deleteඩීඑස්/ඩඩ්ලි නං කොහොමත් දේශපාලනය කරපු මිනිස්සු. ඇත්තටම දේශපාලනය කරන මිනිස්සු නං ආවත් කමක් නෑ. නමුත් දැන් වෙලා තියෙන්නෙ එකෙක් ආවම උගේ පිහිටෙන් පවුලෙ හැමෝම දේශපාලනයට එනව. පළාත් සභා පළාත් පාලන ඡන්දවල වැඩිම මනාප ගත්ත බොහෝ දෙනා මහ කවුන්සිලේ අයගෙ ලඟම ඥාතීන්. ඒකයි මම කිව්වෙ.
Deleteප්‍රේමදාස ලොක්කගෙ කාලෙත් පත්වීම් සෑහෙන්න දුන්න. උදාහරණයක් විදියට 1000පත්වීම් කොච්චර දුන්නද!
මේව අඩු කරන්න දෙපැත්තක කාර්ය භාරයක් අවශ්‍යයි. පළමුවැන්න තමයි මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කිරීම. ක්‍රමයේ පවතින අවුල තේරුම්ගත්ත මිනිස්සු වැඩිවුන තරමට වැඩේ ගොඩ යනව.
අනිත් එක දේශපාලනයට වඩා අවංක මිනිසුන් පැමිණීම. දේශපාලනයට එන්නෙ සමාජයේම මිනිසුන් කොටසක් වුනාට ජනතාවට ඉදිරියෙන් ඉන්න දේශපාලනඥයන් නැතිව මේක කෙරන්නෙ නෑ. අඩුම තරමෙ ලොකු පුටුවට පත්වෙන මිනිහ සෑහෙන්න වැදගත්.
ප්‍රේමදාසගේ කාලේ තරුණ කොමිසමේ නිර්දේශ මත රැකියා දුන්නේ විවෘත තරග විභාගයකින් පස්සේ ජන අනුපාතයත් බලලායි, මට මතක විිදියට.
Deleteඉන්දික.....නියම විග්‍රහය......+++++++++++++++++++++++
Delete\\ ඔය පවුල් වාදෙ දරුණුවටම ගෙනාවෙ සිරිමගෙ ආන්ඩුව..\\ මං ඔය කියපු එවුන් ගැන ලොකු අධ්‍යයනයක් නම් කරල නෑ.. හැබැයි මට හිතෙනේ මේ යකා (මරා) තමයි කැතම විදියට මේ වැඩේ කරන්නේ.. පොඩි උන්ගෙ පුක හෝදපු උන්වත් සංස්ථා සභාපතිල වගේ කරල.. කිසිම විලිලැජ්ජවක් නැතුව බෙදනව.. බෙදා ගන්නවනේ.. තුක්.. ඒකනම් තිත්තයි..
Deleteප්‍රේමයා ගැන කියනවා කියලමයි මාත් සෙට් උනේ මේ ඉන්දිකයත් එක්ක කරන්න බැහැ. ඇත්තටම උනේ ප්‍රේමයා ජී ඇල් පීරිස්ගෙ උපදෙස් උඩ තරමක් හරි තැනකට ගෙනත් තිබ්බ රස්සා ක්‍රමේ චන්ද්‍රිකා ආයෙත් රිවස් කරපු එක. ප්‍රේමය අර 2000 කෑලි ගුරු පත්වීම් එහෙම දෙනකොට පක්ෂ බැලුවෙ නැහැ.
Deleteඅනික ආතල් එකම තමයි ප්‍රේමයා එලවල ප්‍රගතිශීලී සමාජයක් ගේන්න ගියපු ලලිත් ල ගෙ එක චෝදනාවක් උනේ ප්‍රේමයගෙ ක්‍රමය යටතේ පාක්ෂිකයෙක්ට රස්සාවක් දීගන්න බැරි වීම! අපේ දේශපාලනේ කිරි කොක්කු වගේ සුදෝ සුදු චරිත වලත් හැටි ඔහොමයි.
චන්ද්‍රිකා නිකන්ම ජේ ආර් ගෙ චිට් ක්‍රමේ ආයෙ ගෙනාව විතරක් නෙවෙයි දේශපාලන බොටම් ෆීඩර්ස් ලට ම කස්ටමයිස් කරලා අලුතෙනුත් ජොබ් හැදුවා සමුර්දි නියාමක වගේ. සමුර්දි නියාමක ජොබ් එකක් වත් යූ ඇන් පී කාරයෙක්ට හම්බ උනා ද?
මේ කල්‍යාන මිත්‍රය කියන එකත් ඇත්ත ඉන්දික. උඹ ෆන්ඩමෙන්ටල් ලෙවල් එකේ මොනව කිව්වත්, ඒක සක්කිලි ලෙවල් එකකට ගෙනාවෙ චන්ද්‍රිකා, තමන්ගෙ ඇම්බැට්ටයන්ව ලොකු පෝස්ට් වලට දාලා. quantity-wise ඒක අලුත්ම ලෙවල් එකකට අරන් ගියේ මහින්ද උගෙ කේන්දර බලන එකාටත් බැංකු ඩිරෙක්ටර් කම් දීලා. ඩී ඇස් ලා කරපුවා ඔයිට සාපේක්ෂව නිකන් ගෝඨාට දුන්නු සෙකට්‍රි කම වගේ. කවුරු මොනව කිව්වත් ඒවගේ පත්වීම් ගැන නම් මට ලොකු අවුලක් නෑ ගෝඨා ගන්න පඩියට වැඩ කරනවා.
ඇනෝ,
Delete//දේශපාලන බොටම් ෆීඩර්ස් ලට ම කස්ටමයිස් කරලා අලුතෙනුත් ජොබ් හැදුවා සමුර්දි නියාමක වගේ. //
ඕක තනිකරම එස්බීගෙ දේශපාලන සූත්තරයක්. නිදහස් ලංකාවෙ බිහිවෙච්චි විශාලතම දේශපාලන රාජ්‍යසේවක බලකාය හැදුනෙ සමෘදියෙන්. ඒ එක්කම රජයේ රස්සා දෙන්න බැරි ලක්ෂ ගානකට රජයේ රස්සාවක් දුන්න. අති බහුතරයක් පලාත්වල සමෘදියෙන් සෑහෙන වැඩක් උනා. මොකද ඒ කාලෙ නීතියක් තිබ්බ ගමේ ලක්ෂෙට අඩු රජයෙ කොන්ත්‍රාත් සමෘදි සමිතියට ටෙන්ඩර් වලින් තොරව ගන්න ඉඩ දිය යුතුයි කියල වගේ එකක්. අනික් එක සමෘදි බැංකු බොහොම සාර්ථක මයික්‍රො ෆයිනෑන්සින් සිස්ටම් එකක් ඇති කරා. ඇත්තටම සමෘදිය කියන්නෙ ඉතාම සාර්ථ කන්සෙප්ට් එකක්, දෙපැත්තටම සපෝට් කරන. නමුත් එස් බී එතනින් අයින් කරනවත් එක්කම ඒක වැටෙන්න ගත්ත.
ඉන් පස්සෙ උන් කඩේ මිසක් වැඩට ගියෙ නෑ.
පවුල් ගස කියන වචනෙ ලංකාවෙ දේශපලනේට ආවෙ යූනුස්ද කොහෙද ඇඳපු "සිරිමගෙ පවුල් ගස"කාටූන් එකෙන් පස්සෙ. ඒක මම ජාලෙ හෙව්ව ද්ක්කෙ නෑ. පුලුඅන් කෙනෙක් හොයල බලන්න, තියෙනව සිරිම පවුලෙ සේරම රටේ ලොකු තැන් වල ඉන්න විදිය. මගේ නිරීක්ෂනය මහින්ද සිරිමට දෙවනි වෙන්නෙත් නෑ, සිරිම මහින්දට දෙවනි වෙලත් නෑ කියලයි. එකෙක් වැරැද්ද කල නිසා අනෙකටත් ඒකම කරන්න පුලුවන් කියන්නෙ නෑ, නමුත් ශ්‍රීලංකා එකේ එදා ඉඳලම පදනම පවුල් ගස තමයි.
//ඒක සක්කිලි ලෙවල් එකකට ගෙනාවෙ චන්ද්‍රිකා, quantity-wise ඒක අලුත්ම ලෙවල් එකකට අරන් ගියේ මහින්ද//
මේකට එකඟයි. ඕක තමා අරාබියෙ කියන්නෙ "සzරාහ්ත් ඉල් ඉමාම්, ස්හිර් යු මුසාලීන්" කියල
කතන්දර වලින් බොහොමයකට එකඟ වෙන්න පුළුවන් අඩු වැඩි වශයෙන්. ඒ වගේම මේක වාද කරල අවසන් කරන්න පුළුවන් එකකුත් නෙවේ. ඒ උනත්,
Deleteඉතිහාසයේ වඩාත්ම ඇඟිලිගැසීම් සහිත රාජ්‍ය සේවය තියෙන්නෙ දැන් කියලයි මට හිතෙන්නෙ. විශ්ව විද්‍යාල වලට යන්න මන්ත්‍රීල ලියුම් ගහපු යුගයක් මීට කලින් තිබුනද? රාජ්‍ය සේවකයන් ප්‍රසිද්ධියෙ ගස් බැඳපු යුගයක් තිබුනද? වඩාත්ම කණගාටුදායක කාරණය තමයි ඉහල සිට පහලට තියන හෑම ක්ෂේත්‍රයකටම එකවගේ බලපෑම් ආපු යුගයක් තිබුනනං ඒ මේ යුගය
කිෙයව්වට ෙබාෙහා්.. (mala magulai.. sinhala kachal ban)
ReplyDeleteඅවුලක් නෑ.
Deleteඅපේ මාරයා අයියාට කාර්ය බහුල නිසා මෙවැනි ගොන් පෝස්ට් වලට මීට පසු කමෙන්ට් නොකරන බව කරුණාවෙන් සලකන්න.
ReplyDeleteහා මචං
Delete01) රාජ්‍ය සේවය
ReplyDeleteරාජ්‍ය සේවය පසුගිය කාලයේ ප්‍රමාණත්මකව වර්ධනය වුවත් නිසි සේවයක් මහාජනතාව වෙනුවෙන් සිදු නොවේ.විසේශයෙන්ම රාජ්‍ය ආයතන දේශපාලන පක්‍ෂ කාර්යාල වීම හේතුවෙන් ඒ බරද රටේ සමස්ත ජනතාව කර පිටට පැමිණ තිබේ.පටු දේශපාලන වාසි තකා රාජ්‍ය සේවයට බඳවා ගැනීම් නතර කොට ජාති,ආගම්,පක්‍ෂ,වර්ග භේදයකින් තොරව සුදුසුකම් ඇති ඕනම කෙනෙකුට තරඟ විභාගයකින් රාජ්‍ය සේවයට ඇතුලත් වීමේ හැකියාව ලබා දිය යුතුය.පුරප්පාඩු උදෙසා පමණක් බඳවා ගත යුතුය.
2)පක්ෂ මාරුකිරීම
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනතක් මගින් එය තහනම් කල යුතුය.යම් මන්ත්‍රීවරයකුට පක්‍ෂ මාරු කලයුතු නම් ඔහු අදාල මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීය යුතුය.(මේ ලඟදි මනුෂ කිව්වේ තමන් පක්ෂය මාරු කෙරුවේ යුද්දෙන් රට බේරා ගත්තු නායකය උදෙසා යුතු කම් ඉටු කරන්න කියලා,යුද්දේ ඉවර වුනේ 2009දී 2010 ජන්දේ තිබ්බේ ඒ වේලාවේ ඇයි එහෙනම් යුතුකම් ඉටු කරන්න සන්ධානෙන් නාවේ කියලා ඇහුවම එකට පැහැදිලි උත්තරයක් නැහැ.
3.)ඡන්ද දායකයාට අල්ලස්
සංවේදී නායකයාත් ලැජ්ජා නැතුව දෙන්නේ.අල්ලස් පනත මගින් අල්ලස් දෙන අයට විරුද්ධව කටයුතු කලයුතුයි.
(එකේ ඉන්නෙත් හොරෙක් කියලා කියන්නේ..:( ඉතින් කොහොමද අල්ලස් දෙන් උන්ට විරුද්ධව නිතිය ක්‍රියාත්මක කරන්නේ ?)
1.රාසේ අනවශ්‍ය විදියට ප්‍රසාරණය වෙලා. ඒකෙ දෙකක් නෑ ඉතිං. අනිවාර්ය ප්‍රතිපලය තමයි අපි අත්දකින්නෙ.
Delete2.මාතලන්ට උත්තර දෙන්නං.
3.මේ මොහොතේ අත්‍යාවශ්‍යයෙන්ම වෙනස් වියයුත්තක්. නමුත් අධිකරණයෙනුත් පිහිටක් නැති තැන වගකීම තියෙන්නෙ අපේ අතේ.
//නමුත් අධිකරණයෙනුත් පිහිටක් නැති තැන වගකීම තියෙන්නෙ අපේ අතේ.//
Deleteනිතිය අතට ගැනීමක් ගැන නෙමේයිනේ රාජ් කියන්නේ?මේක හරි නිද්‍රශීලි සමාජයක් බං තමන් ගැනම හිතන පටු මමත්වයත් එක්ක මේ දේවල් කරන්න අමරුයි.නමුත් නිහඩවීම විසඳුම නෙමේ කියන එක ඇත්ත.නිහඬව සිටීම මේ දේවල් අනුමත කිරීමක් පමණයි.
නෑ නෑ මම කියන්නෙ කතිරෙ පෙට්ටියට දැමීම ගැන.
Deleteමචෝ මේ පක්ෂ මාරු ක්‍රමයට විරුද්ධව ඇයි එකෙක්වත් කතා නොකරන්නේ. අපිට බැරිද ඡන්ද දායකයෝ හැටියට අධිකරණයට යන්න. අපේ ඡන්ද අරගෙන කොහොමද උන් උන්ට ඕන දේ කරන්නේ.
ReplyDeleteපක්ෂ මාරුකිරීම ගැන උඹ තරම් විරෝධය පෙන්නපු එකෙක් තවත් නෑ මං හිතන්නෙ.
Deleteමම ඉන්නෙ ටිකක් මැද තැනක. මට අනුව පක්ෂ මාරුකිරීම 'ඒවගේ ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක' නං අවුලක් නෑ. නමුත් දැන් මේ යන විදියට බැලුවම නං මේක තහනම් කලයුතු තත්වයක් බව පිලිගන්නව.
පක්ෂයක මන්ත්‍රී කෙනෙක් උනත් තමන්ගෙ පක්ෂයෙන් එන අයහපත් යයි හිතෙන යෝජනාවලට විරුද්ධ වීමේ වරදක් නෑ. නමුත් අවුල තියෙන්නෙ එහෙම සාම්ප්‍රදායක් අපේ රටේ නැතිවීම.
මේ තියන මනාප ක්‍රමය ඇතුලෙ පක්ෂ මාරු කරන්නන්ගේ අසුන අහිමි වියයුතුයි. එහෙම නැත්තං ඒක අනිවාර්ය විකෘතියක් වෙනව.
ඉතිං බං ඉහළම අධිකරණයට ගියාම පක්ෂ මාරුකිරීම නීත්‍යානුකුලයි කියල තීන්දුව ලැබුණා. ආයෙ කාට කියන්නද?මේ ඊයෙ පෙරේද පැනපු ගම්පොල නගරාධිපතියගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරන්න එපා කියල උසාවියෙන් යු ඇන් පියට නියෝග කලේ ඒ වගේ පූර්වාදර්ශ ගණනාවක් මීට කලින් තියෙන හින්දනෙ.
Deleteඔය අර පාර්ලිමේන්තුවෙං කරපු වැඩේ නෙව මේ දිගට යන්නෙ. සරත් එන් සිල්වත් මේකට වගකියන්න ඕන
Deleteඇවිත් ගියා..
ReplyDeleteඅපි පොඩි ළමයි
ලොකු වෙන්න කාලෙ හරි නැද්ද?
Deleteඅනේ අයියන්ඩි දේශපාලනය එපා..
Deleteමට බ්‍රා හොදයි
ස්වාධීන අයතන ලෙස පැවතිය යුතු වන අධිකරණය, ත්‍රිවිධ හමුදාව හා පොලීසිය දේශපාලනීකරණය වීමත් මහත් ඛේදවාචකයක්..
ReplyDeleteඇයි එතකොට ආගමික නායකයින් දේශපාලනය කිරීම.. හයියෝ.. සෑහෙන්න වටින පෝස්ට් එකක් රාජ්..
භික්ෂූන් කියමු, භික්ෂූන් දේශපාලනයට පැමිණීමත් එකක් තමයි.
Deleteලංකාවෙ දේශපාලනයේ දූෂිත බව ඉන්දියාවටවත් දෙවෙනි වෙනවද මංදා.
ReplyDeleteඉන්දියාව දූෂිත බව ඇත්ත. නමුත් අපිට ගන්න පුළුවන් ඕන තරම් ආදර්ශ එහේ තියනව. ඉන්දියානු අධිකරණය මෙහෙට සාපේක්ෂව ස්වාධීනයි. දැක්ක නේද මෝදිටත් සද්දෙ දාපු හැටි. ජයලලිතව ඇතුට දාපු හැටි.
Deleteඒ වගේම මැතිවරණ කොමිසම මෙහෙට වැඩිය සෑහෙන්න හොඳයි කියල මම අහල තියනව.
1970 Anduwa yatathe thamai Rajya sevaya wisala lesinma Desapalanikaranaya karalathiyenne,Poddak Danna ayagen wisthara hoyala balanna.Mama Ahala thiyena hetiyata 1956 Bandaranayaka thamai mulinma thamange hithwath civil sevant kenek policeye ihalama post ekakata dala ethana desapalanikaranaya armba karalathiyenne.
ReplyDelete70 කියන්නෙ සන්ධිස්ථානයක්. මාත් අහල තියනව ඔය කතාව අපේ ගුරුවරයෙකුගෙන්.
Deleteත්‍රිවිධ හමුදාව තුළට මේ තරම් දේශපාලනය රිංගපු කාලයක් ඉතිහාසයේ කවදාවත් තිබුණේ නැහැ. රිචඩ් උඩුගම වගේ අය හමුදාවේ නෙරපුවා. ඒක එතනින් ඉවරයි.
ReplyDeleteහමුදා නිලධාරීන් කාටවත් කවදාවත් කඩේ ගියේ නැහැ. 1985 දී මට පුළුවන් වුණා, හමුදාවට නිකුත් කරන ටී ෂර්ට් එකක් ඇඳලා, හමුදා තොප්පියක් දාගෙන, නුවර එළියේ සංචාරයකට ආව ඇමති පුතෙකුට, හොඳ පදවලින්ම කියලා, ඒ දේවල් ගලවාගෙන එතනදීම පුච්චලා දාන්න. අද කලොත් කොහොමද?
අද ඉන්න ත්‍රිවිධ හමුදාව දේශපාලනීකරණය වෙලාද නැද්ද කියලා දන්නෝ දනිති.
විචාරක දන්නව ඇති ඒ පැත්ත ගැන හොඳින්ම.
Deleteඅද ඔය කේස් එක උනානං පත්තර වල යයි විචාරක කියල හමුදා ලොක්කෙක් තමුන්ටම ගහගෙන ඉස්පිරිතාලෙ කියල
//ත්‍රිවිධ හමුදාව තුළට මේ තරම් දේශපාලනය රිංගපු කාලයක් ඉතිහාසයේ කවදාවත් තිබුණේ නැහැ.//
Deleteමම කියන්න හිටිය කතාව විචාරක කියලා. කවුරු කොහොම කිව්වත් මමනම් නියන්නෙ ලංකාවේ අන්තිම නරක විදියට දේශපාලනීකරණය වෙච්ච රාජ්‍ය ආයතනය තමයි ත්‍රිවිධ හමුදාව. මම මේක අවුරුදු කීපයක අත්දැකීමෙන් කියන්නෙ. වාසනාවකට විචාරකලාට එදා අර විදියෙ දේවල් කරන්න පුළුවන් වුනාට අද එහෙම කලානම්?
අයියන්ඩිය....කට...කට....සුදු වෑන්.....
Deleteපවුල් වාදයට ඉතිං වෙන මොන උදාහරණද...රටේ මහ පවුල රටේ ආර්ථිකයට සෘජුව සම්බන්ධ ආයතන අහුමුලු වල අරක් අරගෙන තියෙන විදිය..සා/පෙ සමත් සහෝදරයො ප්‍රධාන ආයතන මෙහෙයවන වර්තමානයක නේද අපි ඉන්නෙ...
ReplyDeleteහරියට හරි!
Deleteපක්ශ මාරුකිරීම සෙල්ලමක් වෙලා
ReplyDeleteඒ ඇත්තො කාටවත් වග කියන්න බැඳිලා නෑ
රාජ්‍යසේවය දේශපාලනයේ දිගුවක් වෙලා
දැන් හමුදා හා පොලිසිත්
ගම් මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදී සභා,
වැඩපල මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදී සභා,
සෙබල හා පොලිසි ප්‍රජාතතන්ත්‍රවාදී සභා
පිහිටුවා පරිපාලනයට පලමුව හවුල් කර ගැනීමෙන් මෙයට විසඳුමක් ලැබේ.
වැඩපල මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදී සභා//
Deleteතේරුනේ නෑ.
පැණි වරකෙට හෙණ ගසනා ස්වරුපයක් ගොරවනා සැටියෙන් පෙනේ.එහෙත් පසුගිය දශකය තුල ගොරවනා තරමට පොදක් වත් නොවැටුණි.එහෙම වැටුනා නම් මෙහෙම බේබදු කාබාසිනි පාලනයක් අද නැත.රටක යහ පැවැත්මට බල තුලනයක් උවමනාය. එහෙත් වැ(ව)ස්සාට අවශ්‍ය යහ පාලනයක් නොව මහා බලගතු තේජාන්විත රජෙකි. ඉදිරි දින කීපය අය්යා මලෝ ගැන්සියට මෙන්ම පොදුවේ රටටද තීරණාත්මකය.අයිවන් ලොක්කා කීවාක් මෙන් රතන සාදු කැඩූ බිත්තරේ නරක් වන්ට කලියෙන් ඔම්ලට් එකක් දා ගැනීම විපස්සේ කාරියයි .එහෙත් මෙච්චර කල් නම් උනේ ඔම්ලට් කෙසේ වෙතත් කෙකර ගාමින් විපස්සේ බාන හැම බිත්තරයක්ම මහින්ද ලොක්කාගේ ආප්පයේ මැදට පාප්පයක් මෙන් වැටී පොඩි පට්ටම් වීමයි.මිනිහා එහෙවු චෙෆෙකි.එහෙත් චෙෆුන්ටත් රෙසපි වරදී! කවුරු දනීද ?
ReplyDeleteබලමු
Deleteහොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට කියනවනේ..බලමු බලමු පාට පැත්ත හැමදේම දෙපැත්තට මාරුවෙයි..
ReplyDeleteNEGOMBO SEAFOOD
Deleteමේ තියෙන්නෙ මගේ බ්ලොග් එක
http://negomboseafood.blogspot.com/2014/11/clames.html
අනිවාර්යෙන්ම මේක අවශ්‍ය වේවි.
දැං ස්වාධින ඒ වචනේ විතරයි බං..
ReplyDeleteදැං ෆොන්ට් වලට වෙරි නැද්ද?
Deleteඅදත් අවුල් ෙවලා බං.. ෙමාන ෙරද්දක්ද මන්දා..
DeleteNEGOMBO SEAFOOD
Deleteමේ තියෙන්නෙ මගේ බ්ලොග් එක
http://negomboseafood.blogspot.com/2014/11/mee-wati-large.html
අනිවාර්යෙන්ම මේක අවශ්‍ය වේවි.
NEGOMBO SEAFOOD
ReplyDeleteමේ තියෙන්නෙ මගේ බ්ලොග් එක
http://negomboseafood.blogspot.com/2014/11/clames.html
අනිවාර්යෙන්ම මේක අවශ්‍ය වේවි.
ඇඩ් එක විතරක් දැමීම ආත්මාර්ථකාමී නේද?
Deleteරාජ්...දැන් නම් වැල ඕපන් වුනා. දැන් තියෙන්නේ උඹ ඔය කියනා කාරනා ගැන කතිකාවක් දේශපාලන මට්ටමෙන් ඇතිකරවීම. ආණ්ඩුව මේ තත්වය බලාපොරොත්තු නොවෙන්න ඇති. මගේ හිතේ තිබුනු පොදු අපේක්ෂක සිතුවිලිවලට හාත්පසින්ම වෙනස් දෙයක් වුනේ,. මොනවා වුනත් යුඇන්පිය මේ කල කැපකිරීම අගය කලයුතුයි.
ReplyDeleteප්‍රකාශයට පත්කරපු ජනාධිපතිවරනයක් නැවත අවලංගු කරන්න නීතියේ ප්‍රතිපාදන තියෙනවාද..
ReplyDeleteප්‍රේමදාස යුගයේ 91/92 වගේ කාලසීමාවල අපක්ෂපාතී තරඟ විභාග ක්‍රමය ගැන කියන්න හිතුනා. කෝ, කියල ඉවරනෙ.
ReplyDeleteසභාවෙන් අවසරයි, ඒ යෝජනා සියල්ල ඉස්තීර කොරමි.
රාජ්‍යසේවය පාදඩකරනක දේශපාලනීකරණය පටන් ගත්තෙ සිරිමා රජයේ ෆීලික්ස් ඩයස් පරිපාලන සේවය ඇමති පාලනයට යටත් කිරීමෙන්.. ඉන්දියාවෙ තාමත් පරිපාලන සේවය ස්වාධීනයි.. ඒකයි ඉන්දියාවෙ මැතිවරණ වගේම රාජ්‍ය ආයතනත් ලංකාවෙ එව්ව වගේ වර්චස් නොවෙන්නේ..
ReplyDelete