අපිත් ගියා මහරජ ගැමුණු බලන්න. බැලුව! බැලුව කිව්වට........
ඔන්න නෝනගෙ යෝජනාවක් අනුව තුන් දෙනා එක්ක ගියා තංගල්ලෙ හෝල් එකට. පන්ති ගිය කාලෙ පන්ති කට් කරල කැඩිච්ච පුටු වල වාඩිවෙලා හූ කිය කිය චිත්‍රපටි බලල අවුරුදු පහලවක් විතර වුනා, ඉන් පස්සෙ හෝල් එක පැත්ත පලාතෙ ගියේ නෑ. ඔන්න බයික්කෙක එහෙම පාක් එකට දාල රුපියල් තුන්සීයක් දීල බැල්කනි ටිකට් දෙකක් අරගෙන උඩට ගියා. විනාඩි දහයකින් විතර ඔන්න චිත්‍රපටිය පටංගත්ත. හෝල් එකේ බැල්කනියට හිටියෙ අපි දෙන්නයි පොඩි එවුන් දෙතුන් දෙනෙක් එක්ක ආපු තවත් ජෝඩුවකුයි විතරයි. බැල්කනියෙ ආදායම හය හත්සීයක් ඇති. අපරාදෙ කියන්න බෑ හෝල් එක නං අලුත්වැඩියා කරල තරමක් හොඳ තත්වයෙන් තිබුන. අපි පන්ති ගිය කාලෙ වගේ නෑ. දකුණු පැත්තෙ පුටුවල අපි තුන්දෙනා, වම් පැත්තෙ අනෙක් පවුල චිත්‍රපටිය බලනව.
අපේ පොඩි මෑන් චිත්‍රපටියක් බලන පළවෙනි වතාව මේක. මිනිහගෙ ප්‍රතිචාරය ගැන සෑහෙන්න සැකයෙන් අපි දෙන්න හිටියෙ. ඒකට හේතුවක් තිබුන. අපේ ගාමිණී අයිය දවසක් කිව්ව එයා චිත්‍රපටියක් බලපු කතාවක්. ඔන්න ගාමිනී අයියයි ප්‍රනීත් අයියයි පවුල් පිටින් ඇවිල්ල මොකද්දෝ පිචර් එකක් බලන්න. ගාමිනී අයියගෙ පොඩි එකා ඒ වෙද්දි අපේ පුතාගෙ වගේ වයසෙ. ඔන්න ලයිට් නිවල ලොකු සද්දෙකුත් එක්ක වැඩේ පටන්ගත්ත විතරයි පොඩි එකා අඬන්න ගත්තලු බෑඟිරි ගහල. නලවගන්න හැදුවත් ඒකත් හරිගිහිල්ල නෑ. ඒ ගමන පොඩි එකත් අරගෙන හෝල් එකේ බාර් එකට ගිහිල්ල ප්‍රනීත් එක්ක චිත්‍රපටිය ඉවර වෙනකල් අනුමත වෙලා.
හැබැයි අපේ මෑන්ගෙන් ඒ වගේ අවුලක් මතුවුනේ නෑ. කරුවලට ඇස් හුරුවෙනකල් මගේ ලඟ වාඩිවෙලා ඉඳල ඔන්න පුටුවෙන් බැස්ස. බැහැල පුටු පේලි අතරෙ එහෙ මෙහේ දුවනව. ඒ මදිවට බැල්කනියෙ තාප්ප කෑල්ලට නගින්න හදනව ගැලරිය පැත්තට පනින්න. ඒ ගමන මම ගියා ඉස්සරහම පුටු පේලියට. මේ හාදය බැරි වෙලාවත් තාප්පෙට නැග්ගොත්, ගැලරිය තියෙන්නෙ අඩි දහ පහලවක් පහල නෙව. ඒ ගමන පහලට එබිල බැලුව, මැස්සෙක් නෑ පහල. බයික් නවත්තපු තැන නං බයික් පහක් හයක් තිබුන මතකයි. ඒ කියන්නෙ බොක්ස් පහ හයක් යන්න අැති. අපිට චිත්‍රපටි පෙන්නන්න බොක්ස් එකක් ඇතුලෙ දුක් විඳින නංගිල මල්ලිලාට පින් සිදු වේවා! බොක්ස් ගැන අපූරු නිසඳැසක් ඒ කාලෙ පොඩි මෑන් ලියල තිබුන.
කට්ටි පනින
නංගිලාගෙ
පෙට්ටි කඩන
පෙට්ටි!
පොඩ්ඩගෙ බාධා කිරීම් මැද එහෙන් මෙහෙන් චිත්‍රපටිය බලන්න පටන් ගත්ත. දුටුගැමුණු කියන්නෙ අපි අහල නැති කතාවක්යැ. ඉහේ කෙස් ගානට අහල තියනව. කියවල තියනව. දුටු ගැමුණු කතාව හොඳටම කියවන්න ලැබුනෙ ථූපවංශයෙන්. පහේ පන්තියෙදි විතර සොල්දරෙන් අහුවුන දුටුගැමුණු චිත්‍ර කතාවක හිටිය කොනෑන් වගේ චරිතයක් තමයි දුටුගැමුණ කිව්ව ගමන් මට මතක් වෙන්නෙ. අපි දන්නා කතාවක් චිත්‍රපටියකට නැඟුවම තියන අවුල තමයි මේ. එලාරට ඉන්නෙ ජැකා බව දැක්ක ගමං මට පොඩි හිනාවක් ආව. කොච්චර උනත් දුෂ්ඨය, අපේ හිතේ ඉන්න අප්‍රිය එකෙකුට සෙට්වීම චිත්‍රපටියකට කැමති වෙන්න හොඳ හේතුවක්. දුටුගැමුණු නං පන මදි කියලත් හිතෙනව. මොකෝ වීරය තමයි හොඳම බුලට් එක වෙන්න ඕන. දසමහ යෝධයො සැට් එක නං හොඳයි. උන් එක්ක තිව්වම (උද්දික ප්‍රෙමරත්න) දුටුගැමුණු පාංකෙයිය වගේ. සද්ධා තිස්සට සාරංග දිසාසේකර ගත්තම ඊටත් එහා.
අපි දන්න කතාව ඒ විදියටම ගලාගෙන ගියා පැයක් විතර. ඔන්න ඊට පස්සෙ අපේ පොඩි මෑන් දුන්න පොඩි වෝනින් එකක්.
"තාත්තේ තං" ඒ කිව්වෙ අපේ බාසාවෙන් "තාත්තේ යං" කියල. හෝල් එකේ අංකල් ඇවිල්ල දොර ඇරියමයි යන්න පුළුවන් කියල තව විනාඩි දහ පහලවක් ඇද්ද. ඊට පස්සෙ ආයෙත් "තං" කියන්න ගත්ත විනාඩි පහක් හයක් ගියතැන. ආයෙත් අර උත්තරේම දීල ශේප් වුනා. අන්තිමට තං රේට් එක විනාඩියකට එක ගානෙ වගේ ඇවිල්ල එ්ක විනාඩි බාගෙ වෙලා ඊටත් පස්සෙ නොනවත්වාම ප්‍රතිවාදනය වෙන්න ගත්ත මොහොතේ චිත්‍රපටි බැලිල්ලට තිත තියන්න වුනා. ඒ වෙද්දි කාවන්තිස්ස රජ්ජුරුවො යෝධයන්ට උපදෙස් දෙමින් හිටියෙ අයිය මලෝ වලියෙදි එක්කෙනෙකුට වත් සපෝට් කරන්න එපා කියල. ඉතිරි ටික බලන්න වෙන්නෙ තවත් කාලෙකින් ටීවී එකේ මේක පෙන්නන වෙලාවක තමයි.
මට හිතෙන හැටියට ලංකාවේ සිනමාව ගොඩගන්න ලේසි නෑ. නගර වල තත්වය කොහොමද දන්නෙ නෑ, නමුත් මෙහේ නං චිත්‍රපටි බලන්න එන්නෙ ඔයවගේ පිරිසක් තමයි. තරුණ පරම්පරාවෙ හුඟ දෙනෙක් බලන්නෙ හින්දි ඉංග්‍රීසි චිත්‍රපටි/කතා සීරීස්. ඒ කොලිටිය මෙහේ ගන්නව කියන්නෙ හීනයක් විතරයි. මට පේන්නෙ මේක ලංකාවෙ රග්බි ක්‍රීඩාව වගේ. රග්බි තාක්ෂණිකව කොච්චර දියුණු කලත් යන්න පුළුවන් සීමිත දුරක් විතරයි. ශාරීරික ශක්තිය කියන තැනදි අපි අනිවාර්යෙන් පරදිනව. වානිජ සිනමාව වෙනුවට වෙන මොකක් හරි තියනව නං හොඳයි.
කොහොම උනත් ජනාධිපතිවරණයේදී සිදුවුන බල වෙනසත් එක්ක දේශප්‍රේමී හෙජමොනිය දියවෙන ගතියක් තියන නිසා ඓතිහාසික චිත්‍රපටි නවතින්න ඉඩ තියනව.
*********************************************************************
[දින දෙකකට පසු,]
"ඒයි..... මෙන්න අර චිත්‍රපටියෙ මංගල දර්ශනේ නිව්ස් වල....."
"එතකොට අපි බලල තියෙන්නෙ මංගල දර්ශනයක්? අම්මප ඔහොම එකක් බැලුවමයි"
Tuesday, January 27, 2015
අපි මහරජ ගැමුණු බැලුව හැටි
Subscribe to:
Post Comments (Atom)
/* සද්ධා තිස්සට නාරද දිසාසේකර ගත්තම ඊටත් එහා */
ReplyDeleteඅනිවාර්යෙන්ම. මොකද, කාවන්තිස්සගෙත් තාත්තට විතර රඟපෑ යුතු කෙනෙක් නේ - ජීවත්ව හිටිය අවසාන කාලේ වුණත්.
:-) හැදුව. බොහොම ස්තුතියි
Deleteනාරද දිසාසේකරට මැරෙන කොට උනත් කාවන්තිස්සගෙ තාත්තට රඟපාන්න තරම් වයසක් නෑ. ඔන්න වැඩිම උනොත් කකාට වැඩිය අවුරුදු දෙකතුනක් වයසයි. එහෙම නම් කකාත් සීයෙක්නෙ.
Deleteරාජ්ට ළමයෙකුත් ඉන්නවාද? මම ෆේස්බුක් එකේ දැක්කා රාජ්ගේ ෆොටෝ එකක්. මම හිතුවේ එකේ රාජ් එක්ක ඉන්නේ රාජ්ගේ මස්සිනා කියලා.
Deleteෆිල්ම් එකනම් මම බැලුවෙ නෑ මචං...පස්සෙ බලනවා...ඒත් 'මහරජ ගැමුණු' නවකතාව නම් 5 වතාවකට වඩා බැලුවා...පුදුම ගතියක් දැනෙනවා ඒ කතාව...ඒ තරම් වදිනවා...උඹත් කියවපං මං කියනවට...
ReplyDeleteඅසංක
ඔයාගෙ රුචිකත්වය ගැන ගොඩාක් දේවල් හිතා ගන්න පුළුවන් මේ කමෙන්ට් එක කියවලා.
Deleteයාලුවෙක් (Prince of Moonshine) සොෆ්ට් කොපි එකක් එවල තියන නිසා පිටු දෙක තුනක් එහෙන්මෙහෙන් කියෙව්ව ,
Deleteකතාව හොඳ ඇති ඒත් පාරාදීසය (= Paradise) කියන වචනය පාවිච්චි කරල තියනව දැකල එපා වුනා. anachronistic
මම දැක්ක ඕකෙ පීඩීඑෆ් එකකුත් කොහේදෝ.....
Deleteහරියට රීසර්ච් නොකර හදන කොට ඔහොම වෙනවා. වීර පුරන් අප්පු චිත්‍රපටයේ "ත්‍රස්තවාදියා" කියන වචනය භාවිතා වුණා. "ත්‍රස්තවාදියා" කියන වචනය හැදිලා තියෙන්නෙ 1971 දි අප්‍රේල් කැරැල්ල කාලෙ!
Deleteමම ඔය බස වෙනස ගැන ඒතරම්ම කලබල වෙන්නෙ නෙ. හේතුව ඒ කාලෙ බස අපි දන්නෙම නැති වීම සහ ඕනවට වඩා පරන වචනම දාපුවම රස නැතිවෙන නිසා. නමුත් කළා අධ්‍යක්ෂනය කියන දේ ගැන නිසි අවධානයක් යොමුකලයුතුම බව ගැන තර්කයක් නෑ.
Deleteමොකද ඉතිහාසෙ තිබ්බ සිදුවීම වෙනස් කෝනයකින් බලන්න අයිතිය නිර්මාණ කරුවට තිබ්බට, ඒ ඉතිහාසෙ මූලික අංග වෙනස් කරන්න ඔහුට අයිතියක් නැති නිසා!
ජැක්සගෙ පවුලේ දස්කොන් එක්කල නාට්ටියෙ ඇඳුම්, සමහර ගෘහ භාන්ඩ විතරක් නෙමේ රාජ සභාවත් පෙන්නන්නෙ වෙන කොහෙද් තිබ්බ රටක්!
දැන් බලන්න මේ 1787 ඇඳපු The Death of Socrates කියන චිත්‍රයෙ පෙන්නන ක්‍රි.පු 4 සියවසේ හිටපු ග්‍රීකයො ඉන්නෙ යන්තන් රෙදි පොරවගෙන වගේ දළ ඇඳුමක් ඇඳල. ඒත් සම කාලෙම ලංකවෙ හිටපු ගැමුණු කුමාරගෙ රජගේ නටන කට්ටියට ඊට වඩා සිරා ඇඳුම් තිබිල!
මම නම් කියන්නෙ අඩු ගානෙ රොබින් හුඩ් වත් බලල අවබෝධයක් අරගෙන මේ අය ඔය රජ කතා හැදුවොත් හොඳයි.
කාශ්‍යප රජ්ජුරුවෝ ගැන ලියපු නවකතාවකත් තිබ්බා... "හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා" කියලා... :)
Deleteඔය චිත්‍රපටයට පදනම් වෙච්ච ජයන්ත චන්ද්‍රසිරි මහත්තයගෙ පොත නම් විශිශ්ටයි....
ReplyDeleteපොත් විශිෂ්ඨයි තමා. පිටු ගොඩාක් තියෙනවා. කඩල ගොටු ගොඩක් හදන්න පුළුවන් කඩල කාරයෙකුට.
DeleteParadise !!!!!
Deleteබලමු හොයාගන්න පුළුවන්ද කියල.
Deleteඈ බන් නාරද දිසාසේකරද? සාරංග දිසා සේකරද?
ReplyDeleteහැදුව
Deleteතංගල්ල කියන්නේ ඉතිං දුටුගැමුණු ලා ගේ ගම්පළාත නේ. ඒකයි සෙනග ඉන්න නැත්තේ. ඔය සතියේ දවසක්ද? සති අන්තයක්ද?
ReplyDeleteඅන්න සෝමරත්න දිසානායක කියලා තිබුණා 35 සීමාව තියෙන කං චිත්‍රපටි හදන්නේ නෑ කියලා, දැක්කද?
ලොකු දෙයක් ඒක...
Deleteසතියද සති අන්තෙද කියල නෑ. සෙනඟ දැකල නෑ හෝල් එක ලඟ
Deleteමං හිතන්නෙ සිනමාව මැරෙන්න අරගෙන. සිනමා පිස්සන්ගේ විචිත‍්‍රත්වය නැතුව සිනමාවක් පවතින්න බෑ. ඒ ආදරය අහිමි සිනමාවක් කියන්නෙ මැරිච්ච පිංතූර පෝලිමක් විතරයි.
Deleteගත්තේ මෙතනින්
http://c-u-l-t.blogspot.com.au/2014/11/blog-post.html
ඉන්දරේ
මෙතැන මහත්වරුන් දෙදෙනක්ම පොත නම් විශිෂ්ඨයි කියා ඇත්තේ කවර අරුතින්ද නොවැටහේ. මට නම් එය අමු ගෝත්‍රවාදී ගූ ගොඩකි. බාගයක් විතර කියවා අතහැර දැම්මෙමි.
ReplyDeleteඑහෙනං මටත් හරියන එකක් නෑ මං හිතන්නෙ
Deleteඒ පොත මචන් බල්ලන්ට තෙරෙන්නෙත් නෑ. අවජාතකයන්ට තේරෙන්නෙත් නෑ. තෝ ඔය දෙජාතියෙන් එකෙක්. නැත්තන් තෝ රාජ් කියන නරියමද?
Deleteදැන් එතකොට උඹට ඒක තේරුණේ උඹ බල්ලෙක් නිසාද අවජාතකයෙක් නිසාද?
Deleteඒ බොක්ස් වලනම් ෆිල්ම් එක ඉවර වෙනකල් තං රේට් එක ඉහල අගයක තියෙන්න ඇති
ReplyDeleteහැබෑව
Deleteආණ්ඩු පෙරළියෙන් හරි රජ කතා ටිකක් නතර වෙනවා නම් හොඳයි.
ReplyDeleteතණ්හා,රති,රඟ නම් හොඳ චිත්‍රපටියක්. සිනමා ශාලා වල කොලිටිය ටිකක් වැඩි කරන්න පුළුවන් නම් සෙනගත් අද්දා ගන්න පුළුවන් වේවි.
කොලිටිය මොකක් උනත්,.... අනේ මංද, චිත්‍රපටි බලන්න ආසාවක් නෑ දැං හුඟ දෙනෙකුට. ඉස්සර වගේ නෙවේ දැං විනෝදාංශ වැඩියි
Deleteඔය වගේ චිත්තර පටි මම නම් බලන්නේ නෑ , මගෙ චිත්ත රූප චිත්තර පටි වලට වඩා හොදයි කියල මම හිතන්නෙ.
ReplyDeleteපොඩි එකා බැල්කනිය වටේ දුවද්දි උඩ තියන box වල මොනා හරි දැකල රාජ්ට සිග්නල් එක දුන්නද දන්නෙ නෑ. පොඩි උන් බැල්කනි වලට එක්කගෙන යන්න එපා, සමහර උන් සත්තු වගේ හැසිරෙනව.
//මගෙ චිත්ත රූප චිත්තර පටි වලට වඩා හොදයි කියල මම හිතන්නෙ//
Deleteඇත්ත
බොක්ස් නං පොඩි එවුන්ට පේන්නෙ නෑ. ඒ නිසා අවුලක් නැතිව බැලුව.
සිංහල ෆිල්ම් එකකට අන්තිමටම බැලුවෙ සිකුරු හතේද කොහෙද... ඊට පස්සෙ නං හෝල් වල තියා සීඩී නිකං හම්බුනත් බලන්න හිතෙන්නෙ නෑ....
ReplyDeleteඕන්න ඕකයි තත්තෙ එහෙනං
Deleteමං අන්තිමට බැලුවේ අර ජැකාගේ හරක් බලන්ඩ හොද කොල්ලා රජ වෙන පිචර් එක
Deleteඇයි බං රාජෝ අර අන්තිම හරියේ ඒකා , කඩුවක් උස්සගන දිවිදෙමි කියනව .....අප්පිරියයි බං
Deleteආ අමතක උනා සෞම්ය ලියනගේයි අර ගුම්බක බකුතයිනං හොදයි ඇ , ඒ ඇරෙන්ඩ එකේ එකෙක්වත් රගපානව දැක්කේ නැ , ඔන්න ශ්‍රීයන්තයනං ලස්සනට දුහනව අර මෙල් ගිබ්සන්ගේ ඇපකැලිප්ටෝ ෆිල්ම් එකේ වගේ , අන්න බං ෆිල්ම්
Deleteඇඳුම් කොහොමද රාජ්?
ReplyDeleteදැන් තියන අයිතිහාසික ටෙලිඩ්‍රාමාවලනම් වලව්වල වගේම ගම්ගෙදරවල, ගල් ගුහාවල, සටන් පුහුණු පිටිවල ඉන්න ඔක්කොම ඇඳගෙන ඉන්නෙ අලුත්ම රෙදි, කුණු පොඩ්ඩක්වත් ගෑවිලා නැති, හුඟ වෙලාවට හොඳට අයන් කරපු ඒවා. මොඩ්ල්ස්ල වගේ !!!!
මේ තියෙන්නෙ
Deleteමහරජ ගැමුණු ඇඳුම් නිර්මාණය වයස 25 විතර කොල්ලෙක් වෙනුක වික්‍රමාරච්චි කියලා. පොඩි ටැලෙන්ට් එකක් තියෙනවා හැබැයි එයා උඩට ගියේ නම් වෙනත් විදිහකට. ඒක පැත්තකින් තියමුකෝ.
Deleteඒ කෙසේ වෙතත් ලංකාවෙ සාම්ප්‍රදායික රජ කතා වල ඇඳුම් නිර්මාණයේ තියෙන පොදු දුර්වලකම් මේකෙත් දකින්න පුළුවන්.
1. අළුත් පිරිසිදු ඇඳුම් (රජ පවුලට විතරක් නම් කමක් නැහැ. ඒත් සාමාන්‍ය මිනිස්සු එහෙම ඇන්දේ නැහැ ඒ දවස් වල )
2. පාට පාට දේදුණු වර්ණ ඇඳුම් (ඒ කාලෙ සාමාන්‍ය මිනිස්සු අඳින්න ඇත්තේ දළ ගුරු පාර රෙදි මිස මෙහෙම සෝබන පාට ඇඳුම් නෙවෙයි.)
3. මැෂින් එකෙන් වියපු රෙදි (මේ චිත්‍රපට හදන එවුන් අමුරෙදි කියන්නෙ මොකද්ද කියලා දන්නෙ වත් නැහැ.)
4. හාමුදුරුවො අඳින පිරිසිදු අළුත් සිවුරු (ඒ කාලෙ හාමුදුරුවරු සිවුරට ගත්තෙ මළ මිණී ඔතලා විසි කරන රෙදි පඬු පැහැ කරලා)
අඩුම ගණනේ මුන් පැරැණි සිංහලයන්ගේ ඇඳුම් ගැන ලියපු එක පොතක් වත් කියවලා නැහැ. (මේ පොත් වලත් හුඟාක් විතර කරන්නේ රජ ඇඳුම්. රොබට් නොක්ස් නම් තරමක විස්තරයක් කරනවා සාමාන්‍ය ජනතාවගේ ඇඳුම් ගැන)
චිත්‍රපටි බැලිල්ල එපාවෙන්න පටන් ගත්තෙ රූප පෙට්ටිය නිසානේ. කෑම කන ගමන් බලන්න පුළුවන්කම තියෙද්දී, ආයේ මොකටද ඇඳුම් පැළඳුම් හිරකරගෙන, කාර් එලවාගෙන, පෝලිමේ ඉඳලා, බලන්නේ.
ReplyDeleteනමුත් රූප පෙට්ටියේ පින්තූර සහ හෝල් එකේ පින්තූර අහසට පොලොව වගේ ගුණාත්මක බවෙන් වෙනස් කියන එක සමහරු පිළිගන්න කැමති නැහැ.
අද ඉන්න පොඩි ළමයි චින්තනය අතින් අපි පොඩිකාලේ හිටියට වඩා දියුණුයි. විකල්ප සොයා බැලීම අතින් දියුණුයි. අම්ම තාත්තට වුනත් තමන්ගේ කැමැත්ත අකමැත්ත කෙලින්ම කියනවා. අපි පුංචි කාලේ ඔහොම හිටපන් කියලා තාත්තා කිව්වොත් අවුරුදු ගානක්වත් මීක් කියන්නේ නැතුව ඉන්නවා. අද ළමයි දන්නවා තමන්ටත් හිමිකම් අයිතිවාසිකම් තිබෙන බව. ඒක හරි දෙයක් හොඳ දෙයක් හැටියට මා දකිනවා.
ඇති යන්තං ...හෙහහ් ..හෙහ් ..
Deleteබොහොම කාලෙකින් රාජ්ගේ ලිපියක් කියෙව්වේ මම. චිත්තරපටය නං මාත් තාම බැලුවේ නැ.
ReplyDeleteරාජ්නම් දිගටම වගේ ලිව්වා. ඔබතුමා පහුගිය ටිකේ ඔන් ඩියුටි පිට ඡන්ද ප්‍රචාරණයේ යෙදෙන්න ඇති. ඒකයි කියවන්න බැරි වෙන්න ඇත්තෙ.
Deleteබොහොම කාලෙකින් තමයි අපිත් ඔයාව දැක්කෙ
Deleteරාජ්ගේ විතරද පහුන් කාලේ උඹ වෙන එකක්වත් දැක්කද අයියේ , මං ඒත බැලුවා පාර වැරදිලාද කියල ,.....හේහ් ...හෙහ් ........ආ අද බුකියට කෙවෙලා තිබුනා නේද ,
Deleteනලින් දැක්කෙත් සෑහෙන්න කාලෙකින්. බුකියෙ නං ඉන්නව.
Deleteමාත් හිතන්නේ උද්දික හරි යන්නෑ කියලයි.. පිලුමි එක බලන්න ආසාවෙන් ඉන්නේ මහරජ ගැමුණු කියවපු දා ඉදලමයි.. චික් මදෑ විචාරයක් කියවන්න ආවා.. ඒකටත් තං.. අපි තං..
ReplyDeleteකමක් නෑ ඉතිං ගිහිල්ල බලපං. ඒ මිනිස්සුත් ගොඩ යන්න එපැයි
Deleteඒ ලෙවල් ක්ලාස් ගිය කාලෙන් පස්සෙ තව වෙනකල් හෝල් එකකට ගිහිල්ල නෑ. රත්නපුරේ ඒ කාලෙ හොඳටම තිබ්බ හෝල් එක දැන් වැහිල ගිහිල්ල. දෙවෙනි කොලටියෙ තිබ්බ ජෝති එක DTS කරල තියෙනව.
ReplyDeleteඔය රජ කතානං දැං කී පාරක් කියල අහල තියෙනවද. ආයෙ ඕව වියදං කරගෙන බලන්න ඕනයැ.
පනස් ගනන්වල හැට ගනංවල නං දියුණු තත්වෙක තිබුනලු නේද?
Deleteමේ පැත්තෙ තත්වෙ ඔයිටත් අන්තයි. සෙනඟ නැති නිසා ගොඩක් දර්ශන වාර පෙන්නන්නෙ නෑ. පෙන්නන ඒවගෙත් උපරිම 10යි, දොළහයි.
ReplyDeleteඒකනෙ.
Deleteමමත් පොඩ්ඩා එක්ක සිරි පැරකුම් බලන්න ගියා ඌට පෙන්නන්න එක්කන් ගියාට පොඩි මෙන්ඩියා නිදි අපි දෙන්නා පොඩි ලව් එකක් දාගෙන බැලුවා.
ReplyDeleteඅපේ එකා නිදාගන්නෙත් නෑ බං
Delete//මට හිතෙන හැටියට ලංකාවේ සිනමාව ගොඩගන්න ලේසි නෑ.//
ReplyDeleteඑහෙම “ලේසි නෑ“ කියනවට වඩා හොඳ නැද්ද රාජ් “කෙනෙක් නෑ“ කිවුවොත්.
සෙනග අඩු වෙන්න හේතු හොයනවට වඩා සෙනග වැඩි කරගන්න ක්‍රමයක් හොයන එක වැදගත් වෙයි. (මේ මට හිතෙන හැටි. එහෙම බැරිද දන්නෙ නෑ.)
කෙනෙක් නෑ කියන එක කොච්චර ඇත්තද කියල හිතාගන්න බෑ. ඔය ඉන්න එවුන් හැරුනම වෙනත් එවුන් ඉන්නවද?
Deleteමහරජ දුටුගැමුණු බලන්න එලියට බහින කොටම බලුපූට්ටුවක් දැක්කා. ෂෝ එක බලන්න ඕන නිසා අරක දිහා බලන්න අමතක උනා. අපරාදේ ෂෝ එක බැලුවේ අර බලු පූට්ටුව බැලුවා නම් ඊට වඩා ආතල් එකක් ගන්න තිබුනා.
ReplyDeleteගූ ගොඩක්.. හැබයි මම ආස එක දෙයක් තියෙනවා.. එළාරට ඉන්නේ ජැක්සන්.. අනේ මම දුටුගැමුණුට ගත්තා නම් කියලා හිතෙනවා.. දුටුගැමුණු ෂෝ එක දුටුගැමුණු හරි එයාලගෙ කවුරු හරි බැලුවා නම්.. වහ කාලා මැරෙනවා..
ඒ කිව්වේ මර්වියා ගැන වෙන්ටෑ.. හැක්
Deleteඅපරාදෙ බලුපූට්ටුව!
Deleteබලන්ට පුදුම ආසාවකින් ඉන්න ෆිල්ම් එකක්. බලලම තමා හොඳ නරක කියන්ට වෙන්නේ.
ReplyDelete'දුටුගැමුනු' කියන්නේ ඔය කියන විදියේ වීර රජ කෙනෙක් නෙමෙයි. ඒ හන්දා ඒ චරිතයට ඔය කියන නලුවා හොඳට ගැලපෙනවා. :P
වගකීමෙන්ද කියන්නේ
Deleteවෙන්නැති මං හිතන්නෙ. ආයෙ පොඩ්ඩි කිව්වොත්.....
Deleteෆිල්ම් එකක් හෝල් එකට ගිහින් බලපු කාලයක් මතක නැ.. . ටික දවසකින් රුප පෙට්ටියේ යනවනේ.. හොක් හොක්..
ReplyDeleteමාත් එතකොට බලනව ඉතිරි ටික......
DeleteYako api danna ithihasenam elara sadarana rajek,ekata me Mukku Anthoniya demmama,elaratath asadaranai.
ReplyDelete:-)
Deleteඇඳුම් ගැන කිව්ව හින්ද මයි මමමේක කියන්නේ. රාජ් ලගෙ ගෙදර ලඟින් යනකොට එලියෙ දාලා තියෙන ඇඳුම් පේනවා. හෙනම හෙන කුනු පාටයි.හෝදන්නෙ නැතුව කලක් ඇඳලා කුනු පාට වෙලා දැන් හේදුවටත් යන්නෙ නැතුව ඇති ඒ කුනු. එක්කො මේ වගෙ ඇඳුම් එලියෙ නොදා ඉන්න ඕන.එක්කො චිත්‍රපටි බලන් අතරෙ ඇඳුම් වත් හෝදගන්න ඕන. මම මේ කියන්නෙ බොරු නම් ඒ ගෙදර ලඟින් යන අයගෙන් අහන්න.
ReplyDeleteදැන් මට කියයි උඹ ඩෝබිද ,අනුන්ගෙ කුනු හොයන්නෙ ,හෝදපන් එහෙනම් කියලා. එහෙම මට බැනලා හරි තමන්ගෙ අඩුපාඩු වහ ගත්තට කමක් නැහැ. මම බැනලා හරි, ඇඳුම් හෝදලා අඳින්න පුරුදු වෙන්න බැරි නම්, කුනු ඇඳුම් එලියෙ නොදා ඉන්න.රට හදන්න පෙර ගෙදර පිරිසිදුව ඉන්න. අහල පහල අයගෙන් උනත් අහන්න රාජ්, මම කියන්නෙ බොරුද කියල, හොඳෙයි මෞර්ය රාජ්?
හා මචං
Deleteසෙද්ද තමයි, ලන්කාවෙ හැටියට මට නම් ෆට්ට... පී. කේ. පිලුම් හෝල් 5500 ක පෙන්නනවලු, මේක 55ක, ඉතින් කොහොමද ඔය ලොකු ටෝක් දාන මල්ලිලා කියන විදිහේ පිලුම් 1ක් හදල ලාබ ලබන්නේ... ඔහේ යන්නන් වාලේ ඉතිහාසෙ ඒ විදිහටම හදපු, ගෙදර ගිහින් හිතන්න දෙයක් නැති පිලුම් වලට වඩා දහසක් දේවල් ගෙදර ගිහින් හිතන්න පිලුම් 1ක් හදපු ජයන්ත මහත්තයට ලන්කාවම ණයයි.... දුටු ගැමුණු පට්ට ගහනකන් අහල තිබ්බ නිසා ඔහේ කතාව යන්නන් වාලෙ යනවා කියල හිතල මාත් බලන්න ගියේ, හී හී :) ඒත් හැම සිදුවීමක්ම ඇතුලෙ පුදුම කුතුහලයක් තිබ්බෙ, මන් හිතන්නෙ ඔය ජයන්ත මහත්තයත් එක්ක පුද්ගලික තරහකට කොමෙන්ට් දාපු මල්ලිලාටත් ඕකම දැනෙන්න ඇති, ඔන්න බය නැතුව කියනව, ලන්කාවෙ මම බලපු පට්ටම පිලුම් එක, ආයි බලන්න ඕනි!! :ප්
ReplyDeleteඅම්මප මාර කුතුහලයක් දැනෙනව නේද බං ජයන්ත ගොයියට මේක හදන්න මහරජා කීයක් දුන්නද කියල. නේද?
Deleteපුද්ගලික තරහක් නං නෑ. 55න් උනත් ගේම ගහන්න බැරිකමක් නෑ මං හිතන්නෙ සෙනඟ ඉන්නව නං. මේ ගානට දුවලත් ලාභ ගන්න චිත්‍රපටි තියන එකේ.
Deleteරටින් පිට ඉන්න උන්ට ලංකාවේ ෆිල්ම් එකක් මිස් වෙනවා කියන්නේ පට්ට දුකක්. ඒත් ලංකාවට ඇවිල්ලත් බලන්න වෙලාවක් නැති කම නිසා මිස් උනාම ඊටත් වඩා අවුල්.
ReplyDeleteගැමුනු ෆිල්ම් එකේ ට්‍රේලර්ස් බලපුවාම මටත් හිතුනේ නම් උද්දික පන මදි කියල. රවීන්ද්‍ර වත් ගත්තනම් පොඩ්ඩක් සැර පාටක් වත් තියෙනවනේ.
අපිට නම් ඉතින් ඕක බලන්න වෙන්නේ ඊයේ සමනල සන්ධ්වනිය බැලුවා වගේ යූ ටියුබ් එකට දැම්මා ම තමා
රවින්ද්‍රල මාලනීලා ඉස්කෝලේ යුනිෆෝම් ඇඳන් දැන් අවුරුදු තිස් ගානක් ඉතර රඟපෑවා මදිද ?දුටු ගැමුණුගෙ සීයට රඟපාන්න සුදුසු එකෙකුට දුටුගැමුණුට ඇක්ට් කරන්න දෙන්න කියලද ඔහේ කියන්නෙ.රවීන්ද්‍ර කොහොමත් දුෂ්ටගැමුණු කෙනෙකුගෙ සට්ටඹි කෙනෙක් විදිහට අවුරුදු ගණනාවක් රඟපාල මේ දවස්වල චුට්ටක් කිච වෙලා ඉන්නෙ.රාජා ලව්වා තානාපති සේවෙට පටෝපු දූ සිඟිත්තාගේ ජොබ් කට්ට බේර ගන්න දස අතේ දඟලනව.ඔහේ මේ දුටු ගැමුණක් කියෝනව.
Deleteදුකා කියුවේ රොශාන් රවින්දු ගැන කියලයි මට හිතෙන්නේ , ඌ නං ඇත්තටම දස්සය , අනික මිනිහෙක් විදිහටත් හොද එකා . මනුස්ස කං තියන මනුස්සය
Deleteයකඩෝ රවීන්ද්‍ර රන්දෙනිය ? ඌ හොඳයි යුද්දෙන් මැරිච්ච මල මිනියකට හිකිස්
Deleteමම කිව්වේ රොශාන් රවීන්ද්‍ර ගැන . . අර වස්සානේ කොල්ලට හිටපු කොලුවා. වස්සාන සිහිනය ෆිල්ම් එකේ නම් ඌ සමහර තැන් වල ගොන් විදිහට රඟපෑවේ ඒත් පස්සේ ඌ ගොඩක් ඩිවෙලොප් වෙලා තිබ්බා
ඇනෝ, රවීන්ද්‍ර රන්දෙනිය ගන්න කැලණිතිස්ස රජ්ජුරුවො මෙකෙ නෑ නෙව.
Deleteපොඩි උං එක්කනං රාජ් අයියේ ෆිල්ම් බලන්ඩ ගිහිං වැඩක් නෑ.
ReplyDeleteහැබෑව.
Delete//මොකෝ වීරය තමයි හොඳම බුලට් එක වෙන්න ඕන. දසමහ යෝධයො සැට් එක නං හොඳයි. උන් එක්ක තිව්වම (උද්දික ප්‍රෙමරත්න) දුටුගැමුණු පාංකෙයිය වගේ. සද්ධා තිස්සට සාරංග දිසාසේකර ගත්තම ඊටත් එහා. //
ReplyDeleteඉතින් බං හොදම ඉස්පිරිට් එක තෝරල ගත්තහම දසමහා යෝදයන්ට , ඉතුරු වෙනවද තව එක නලුවෙක් සිංහල සිනමාවට ,
මට නං හිතෙන්නේ අර අපේ අවුරුදු උත්සවේට දක්කාපු නගාට කියල ගැජට් එක කපාගත්තු බුවා ( ෆිල්ම් එකට ) සම්පතාව ගත්තනං හොදා කියල , මුන පෑනි පාට නැති උනාට ඒ කොල්ල දස්සය , අනික රවින්දුය වාගේම තමා බොක්ක හොදා ( බොක්ක හොද එක රගපැමට සුදුසු කමක් නෙමෙයි නැත්තං උඹල ඒක අල්ල ගන මට කෙලිනව )
සම්පතා කවුද බං?
Deleteඅප්පට සිලි... බඳින්න ඉද්දි එහෙම පිලුම් බලන්න ගියේ නැතෙයි? පෙට්ටි වලට ගොඩවුනේ නැතෙයි?
ReplyDelete(පොඩි උන්ට පෙන්නන්න තිබුණා බොහොම ඉස්සර ආව දුටුගැමුණු කාටූන් එක. මොකද උන්ට කාටූන් කිව්වොත් නිලක් වුනත් කාරි නෑ)
බඳින්න ඉස්සර නං ගියා. නමුත් තංගල්ලෙ හෝල් එකට ගියේ නෑ. දුටුගැමුණු කාටූන් එක මාත් බැලුව නියමයි.
Deleteරාජ් අර දුටුගැමුනුයි එලාරයි ලාම්පුවට හුලන් ගහන දර්ශනේ දැක්කේ නැද්ද? අර සින්දුවේ තියෙන්නේ..
ReplyDeleteරාජ් දුටුගැමූනු පරඩැලක් වගේ කිව්වම..ඇත්තටම ඒ වගේද දන්නේ නෑනේ...බලලා නැති උනාට මට නම් හිතෙන්නේ චිත්රපටියේ බරම පනිවිඩේ එතන කියලයි..
ඒකත් ඇත්ත තමයි. කවුද දන්නෙ දුටුගැමුණු මොනවගේද කියල.
Deleteඅපි දන්නා වීර චරිත ගැන ෆිල්ම් හැදුවම ඇත්තටම හොඳක් අහන්න හරි අමාරුයි. මොකද අපේ හිත්වල ඒ මිනිස්සු ගැන තියෙන ගෞරවය ප්‍රමාණය එක්ක ඒ මනුස්සයාගේ ශරීර ප්‍රමාණය සාපේක්ෂයි.
ReplyDeleteදුටුගැමුණු කිව්වම අපේ ඔළුවල ඇඳිලා තියෙන්නේ ලොකු සංකල්පයක්. එය ශරීර ප්‍රමාණයට ගලපන්න යන එක හරි මදි. නමුත් සිනමාකරුවා දක්ෂ නම් මේ අභියෝගය ජයගන්න පුළුවන්. ( අපේ රටේ එහෙම දසමහ යෝධ වගේම රංගනයට දක්ෂ නළුවන් නොමැති/අතිශය හිඟ නිසා). මගේ පුද්ගලික ආකල්පය තමයි රොෂාන් රවින්ද්‍ර මේ දුටුගැමුණු චරිතය සඳහා අතිශය ගැලපෙනවා කියල. ඔහුට ඒ ශරීර ප්‍රමාණයේ තිබෙන දැවැන්ත ප්‍රතිරූපය අබිභවා යන්න පුළුවන් කුසලතාවයක් තියෙනවා. ඒ මගේ පුද්ගලික මතය. නමුත් අපි දන්නේ නැහැ අධ්‍යක්ෂක වරයාට මොන වගේ අභිලාශයක් තිබ්බද කියල.
ඒ වගේම තමයි අශෝක රජතුමා, බුද්ධ චරිතය වගේ දේවල් නිර්මාණයේදී. දැන් නම් TV එකේ යනවා බුද්ධ චරිතය ගැන මෙගා එකක්. ඒක නම් සාදු සාදු කියා කියා බලනවා ඇත්තේ ඔක්කොම ඉන්දියන් නළු නිලියෝ හින්ද වෙන්න ඇති. හැක් ! අඩු තරමේ පොත්තවත් රතුයිනේ..
මම දරන මතය තමයි.. ඉතිහාසයේ ඔය හිටපු වීර චරිත ඔක්කොම වගේ ශරීර ප්‍රමාණයෙන් කුඩා මිනිසුන්. බලන්න සරදියෙල්?( ඔහු වීරයෙක් වෙන්නේ වෙනස් ආකාරයට). නමුත් අපි පිළිගන්න සුදානම් නැහැ.
ඔය අවුල එනව. කොච්චර හොඳ චරිතයක් ගත්තත් හැමෝම සතුටු කරන්න බෑ. අනිත් අතට දසමහා යෝධයො එක්ක බැලුවම ගැමුණු කුමාරය ඇෙඟෙන් කුඩාවීම තාර්තික දෙයක්. නමුත් අපි පුරුදු වෙලා ඉන්නෙ අර විදියට.
Deleteෆිල්ම් එක කොහොම ඇතිද කියල තිබුන කුතුහලය නිසා සහ මගේ මිත්‍ර රුවන් චිත්‍රපටයේ කැමරාව මෙහෙයවපු නිසා ලංකාවෙන් පිටත්වෙන්න දවසක් තියෙද්දී ගිහිං චිත්‍රපටය බැලුවා.
ReplyDeleteවැදුනේ නෑ බං මෙලෝ රහක් නෑ.වැඩියත්ම දෙමව්පියො ළමයිත් එක්ක ඇවිත් හිටියෙ දුටුගැමුණු කතාව ළමයින්ට පෙන්නන්න වෙන්න ඇති.අනේ පව් උන්ට ඔව්ව තේරෙන එකක්යැ උන් චිත්‍රපටය පැත්තක තියෙද්දී බැල්කනියෙ නට නටා හිටියා.
මට නං අවුලක් නෑ බං. කතාවක් තිබුන, අහල තිබුනත් මීට කලින්, ඔහේ බැලුව. අන්තිමේ ජැකාට කෙලිනකල් බලන්න උනේ නැති එකයි දුක!
Deleteගැමුණුගෙ චරිතෙට කැළණියෙ ගැමුණුයි තිස්සගෙ චරිතෙට ගෙම්බ පනින තිස්සයි දාන්න තිබ්බනෙ අහෝ දුකකි.. පොඩ්ඩෙක් අරං ඔයවගෙ එකක් බලන්න ගියා කියන්නෙ ඉල්ලං කෑමක්.
ReplyDeleteදුටුගැමුණු චරිතයට මුලින්ම තෝරාගෙන සිටියේ තුමිදු දොඩන්තැන්න කියන දක්ෂ නළුවා මම පත්තරවල දැකපු විදියට. මහරජ ගැමුණු පොත ලියල තියෙන්නෙත් දුටුගැමුණු විදියට තුමිදුගේ රූපය පාටකයාගේ හිතේ මැවෙන විදියට. දිවයින පත්තරේ කොටස් වශයෙන් ගිය කතාව කියවපු ඇත්තන්ට මම කියන දේ මතක ඇති.
ReplyDeleteභට්ටාරගේ චරිතයට හිටියේ කමල් අද්දර ආරච්චි. (දැන් ඉන්නේ වෙන කෙනෙක් මං හිතන්නේ.)
මුලින් තිබුණු චරිත වෙනස් වෙන්න හේතුව අහල තියෙනවා උනාට හරියටම දන්නේ නැති නිසා මෙතන සදහන් කරන්නේ නෑ. ඒත් ඒ චරිත එහෙමම තිබ්බා නම් අති විශිෂ්ඨයි කියල හිතනවා.
////අම්මප ඔහොම එකක් බැලුවමයි"/// ඒක තමා මං කියවපු හොඳම එක.
ReplyDeleteසංරංග දිසාසේකරට අපි කියන්නෙ ගුටි මූණා කියලා. මොකද හැම තිස්සෙම ඇඬිච්ච මූණක් තියෙන නිසා. සිද්ධාර්ථ ගෞතම එකේ ඡන්න ඇමතිට නම් කීප අවස්ථාවක ගැළපුනා.
ලංකාවෙ ළඟදි ආව චිත්‍රපටි කීපයක් ම, බලපු ගමන් මට මාර කේන්තියක් ආවා. අධ්‍යක්ෂ වරු අපි මොන තරම් ගොන්නු කියලද හිතාගෙන ඉන්නෙ කියලා. දැන් දැන් මොන තරම් හොඳ චිත්‍රපටියක් වුනත්, ඩීවීඩී එකක් හරි රිප් එකක් හරි ලැබෙනකම් ඉන්න පුරුදු වෙලා තියෙනවා, බලන්න. (ලංකාවෙ සිනමා කර්මාන්තය පැත්තෙන්නම් ඒක හොඳ දෙයක් නෙවෙයි තමා)
සිංහල ෆිල්ම් එකක් හෝල් එකකට ගිහින් බැළුව කාලයක් මතක නෑ..
ReplyDeleteඅපේ චිත්‍රපටි වල පොඩි පොඩි දේවල් වලට අවධානය යොමු කරනවා ගොඩක් අඩුයි. මට මතකයි කුසපබා එකෙත් ඔය වගේ අඩුපාඩු පෙන්නලා තිබ්බ (ඇඳුම්, ගෘහභාණ්ඩ, etc) විචාරයකට, සෝමරත්න දිසානායක බැනලා තිබ්බා, පොඩි පොඩි අඩුපාඩු හොයන්නේ නැතුව සමස්ත චිත්‍රපටය බලන්න කියලා. එයාලට තේරෙන්නේ නැහැ, එහෙම සුළු සුළු අඩුපාඩු ගොඩක් තිබ්බහම චිත්‍රපටියේ විශ්වාසනීයත්වය නැති වෙලා, මිනිස්සුන්ට චිත්‍රපටියේ ජීවත්වෙන්න බැරි වෙනවා කියලා. ඊට පස්සේ චිත්‍රපටියක් රස විඳින්න අමාරුයි.
ReplyDelete