පහුගිය දවසක මිත්‍රයෙකුගෙන් ලැබුන තල ඇට ටිකක්. අවුරුද්දට තල කැරලි හදන්න කියලයි දුන්නෙ. තල හැදිල්ල ලේසියෙන් කරන්න පුළුවන් කාර්යක් නොවුන නිසා තාමත් තල ටික නං කුස්සියෙ. තල හැදිල්ල සෑහෙන්න අමාරු වැඩක් අද කාලෙ. මොකද දැං ඉන්න කාන්තා පක්ෂෙ අයට කුල්ලෙන් පොලන්න එහෙම බෑ නෙව. ඒ කතන්දර කොහොම උනත් තල හැදිල්ල ගැන ලියන්න හිතුව, මේව පසු කාලෙක කවුරුහරි කියවයිනෙ.
තල කියන්නෙත් කුරහං වගේ හේන්වල වගා කරන භෝගයක්. හේන් ගොවිතැන් ගැන කලකට ඉහත ලිව්ව මේ සටහන කියෙව්වෙ නැත්තං කියවන්න. මේ සටහන යන්නෙ එතන ඉඳල. හේන හදල තල වපුරන්නෙත් කුරක්කන් විදියට තමයි. නමුත් ඊට වැඩිය බීජ ප්‍රමාණයක් යොදන්න ඕන. ඒ කිව්වෙ ඝනත්වය කුරක්කන් වලට වඩා වැඩි වෙන්න ඕන.
තල කියන්නෙ ටිකක් විතර රළු භෝගයක්. කුරක්කන් පැලවෙන කාලෙට නං ඒ අතරෙ තියන වල්පැල උදුරා දමන්න ටිකක් විතර මහන්සි වෙන්න වෙනව. නමුත් තල පැල උස් මහත් වෙද්දි ඒ අතරෙ ඉන්න සමත් වල් පැලයක් නෑ. තල ගස් අතරෙ තියන උෂ්ණාධික ගතිය නිසා මෙහෙම වෙනව කියලයි පැරැන්නො කියන්නෙ. නියමිත විදියට වර්ෂාව ලැබුනොත් සාරවත් විදියේ පලදාවක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් තල ගහක් අඩි දෙකතුනක් උසට හැදෙනව. වර්ගය අනුව, තනි ගහක් විදියටත් ගස් කිහිපයක පඳුරක් විදියටත් හැදෙනව. ඒ වගේම තල ඇට වල පාට අනුවත් වර්ග දෙකක් තියනව. සුදු තල සහ කලු තල විදියට.
ඔන්න තල පැල ලොකුවෙලා මල් පිපෙනව. සුදු පාටින් තල මල් පිපිල තියෙද්දි බලන්න ලස්සනයි. මල් වලින් පස්සෙ තල කරල එන්නෙ. තල ගහ වටේට තමයි කරල හැදෙන්නෙ. කරල් අනුවත් බෙදා වෙන් කරන්න පුළුවන්. ඒ තනි කරල් විදියට සහ කරල් පොකුරක් විදියට හටගැනීම අනුව.
ඔන්න තල අස්වැන්න කපාගන්න ඕන කාලෙට තමයි ආයෙ වැඩ වැඩි වෙන්නෙ. තල ගසේ මුල ඉඳල අඩියක් විතර උසින් තමයි කරල් තියන කොටස ආරම්භ වෙන්නෙ. ඒ නිසා අඟල් හයක් අටක් පොලවට ඉතිරි වෙද්දි තල ගහ කපාගන්නව. මේ 'ඉපනැල්ල' විදියට ක්ෂේත්‍රයේ ඉතිරිවෙන තල ගසේ මුල කොටස නිසා ඇවිදීමේදී කකුල් වලට මාර 'ආතල්' එකක් ලැබෙන බවත් නොකියාම බෑ. කැපීමට පාවිච්චි කරන්නෙ දෑකැති හෝ දෑකැත්තේ හැඩය ඇති, ඊට වැඩිය කුඩා කුරහන් කැපීමට පාවිච්චි කරන "කුරහන් කැත්ත". කපාගන්නා තල ගස් ගොයම් කොලයක් (කොලය කිව්වෙ ගොඩක්) ආකාරයට ගොඩ ගසාගන්න ඕන. දවසකට දෙකකට පස්සෙ කමතට අරගෙන වේලාගන්න ඕන.
කමත හදාගැනීමත් විශේෂයි. පසු කාලවල කමත වෙනුවට සීනි-පොහොර මළු භාවිතා කරල හදාගත්ත 'මාගල්' පාවිච්චි උනාට මුල් කාලයේ කමතෙ තමයි වැඩේ සිද්ධවුනේ. පස තද ගතියට අැති, තැනිතලා බිමක් තෝරාගෙන වල්පැල උදළුගාලයි කමත හදාගන්නෙ. වැලි ඉවත්වෙලා තද පස මතුවන තුරු කොස්සකින් අතුගා ගැනීමෙන් කමත හදාගන්න පුළුවන්. එහෙමත් නැත්නම් පසට වතුර යොදා මඩකරල, ගොමමැටි ගාපු ගෙබිමක් වගේ හදාගන්නත් පුළුවන්. මේකෙ තියන වාසිය තමයි ධාන්‍ය වලට මිශ්‍ර වන වැලි ප්‍රමාණය අඩුවීම.
ඔන්න කමත සකස්කරල ඉවර උනාම 'තල වැනිල්ල' කරගන්න පුළුවන්. පේලි විදියට දවසක් දෙකක් වේලුනාට පස්සෙ වැඩේ හරි. ඊට පස්සෙ කරන්න තියෙන්නෙ තල ගැසීම. ඒ කියන්නෙ වනල තියන තල අතට හසුවන තරමේ ප්‍රමාණයක් අරගෙන අතකින් දනහිසට ඉහලින් කකුලකට තද කරගෙන අනෙක් අතින් තල මිටියට ගැසීමෙන් වේලී පුපුරාගොස් අැති තල කරල් තුලින් ඇට පහලට වට්ටවා ගැනීම කරගන්න පුළුවන්. මේ විදියට වාර දෙකතුනක් වැනීමත් ගැසීමත් සිදුකලාට පස්සෙ සම්පූර්ණ අස්වැන්න ලබාගන්න පුළුවන්. ඉතිරි වන තල ගස් ටික ඉතාම හොඳ පොහොරක් බවත් කියන්න ඕන.
තල කැරලි, තලගුලි, තල දෝසි ආදී රසකැවිලි හදාගන්න එකයි ඊට පස්සෙ කරන්න තියෙන්නෙ. නමුත් ඊට කලින් කරන්න වැඩක් තියනව. ඒ තමයි තල කොටාගැනීම.
තල අස්වැන්න ලබාගත්තට පස්සෙ සෝදා වැලි ඉවත් කරගෙන වතුර පිටින්ම වංගෙඩියට දාල කොටාගැනීම සිදුකරනව. තෙත ගතිය තිබියදී කෙටීම නිසා තල ඇට පොඩිවීමකට ලක් නොවී පිටතින් ඇති සිවිය වෙන් වෙනව. ඊට පස්සෙ හාල් මෝලකින් ගත්ත 'සහල් කුරුට්ට' අඩංගු 'කුඩු' කොටාගත් තල සමඟ මිශ්‍ර කර තෙත ගතිය අඩුකරගැනීමෙන් පසුව කුල්ලේ දමා පොලා ගැනීම කරන්න පුළුවන්. පොලාගත් පිරිසිදු තල ඇට අව්වේ දමා හොඳින් වේලාගෙන යලිත් වංගෙඩියේ කොටන විට 'තැලීම' සිදුවෙනව. ඊට පස්සෙ පුළුවන් (අවශ්‍ය නම්) තෙල් ලබාගන්නත් රසකැවිලි හදන්නත්.
තල එළ ගැන පාඩමක්!
ReplyDeleteතල නම් මගෙත් ආසම කෑමක්,තල කැරලි වලට වඩා තල බොල තමයි හොඳ.
තල බොල ?
Deleteතල බෝල තමයි බොල!
DeleteFerdi Mokul විසින් නේපාලයේ සිදු වූ භූමිකම්පාව සම්බන්ධව එකතු කර ඇති යූ ටියුබ් වීඩියෝව බලන්න. එහි 3.28 ස්ථානයේ සිට ඉදිරියට මෝටර් සයිකලයක නැගී සිටින ගැහැනු ළමයි දෙදෙනාගේ ( වීඩියෝවේ දකුනු පස ) දෙතන සහ රහසඟ මිරිකමින් , පාරේ සිටින මිනිසුන් තුන් දෙනෙකු අතවර කරන හැටි ඔබ කිසිවෙක් දුටුවාද?
Deleteවීඩියෝ කරු එම දසුනින් කැමරාව ඉවත් කර ගත්තත්,ඉදිරියෙන් ඇති මෝටර් සයිකලය පිටත් වී ගියත් ගැහැණු ලමුන් දෙදෙනාට යාමට ඉඩ දුන් බවක් පෙනුනේද නැත.එම තිරිසන් ක්‍රියාව දිගටම සිදුවන්නට ඇත.
This comment has been removed by the author.
ReplyDeleteමෙවැනි අත්දැකීම් ඇති තව බොහෝ අය (මාද ඇතුලුව) සිටියද මෙලෙස රසබරව ලියාගන්න බෑ.
ReplyDeleteඒ නිසා මෙවැනි දෑ කියවමින් ඒ අතීතයට යන්නෙමු.
ස්තුතියි. බ්ලොග් එකක් පටන් අරගෙන දන්න දේ ලියන්න. අමුතු අකුරු හරඹ ඕන නෑ.
Deleteකැරලි හදන හැටි කියන්නැද
ReplyDeleteඅපි නං තල කැරලි හැදුවෙ තල කොටල තෙල් අයින් කරල. හැබැයි මැෂිමෙන් අැඹරුවම තරම් තෙල් ඉවත් වෙන්නෙ නෑ.
Deleteජිනදාසගේ තලගුලියට ගහන්න තල ගුලියක් නෑ..
ReplyDeleteඒ තියෙනවා නම් ඉතින් සැම්සන්ගේ තල ගුලි නොම්මර එකේ කිතුල් හකුරු දාලා හදන්නේ..
ජිනදාසට එදිරිව එයාගේ මල්ලි පියදාසත් තලගුලි හදනවා ඒත් අර කොලිටිය නෑ.. ගුණසිරිගේ බුල්ටෝ එක වගේ..
තල කියපු ගමන් සෙසමි ඉස්ට්‍රීට් එකත් මතක් වෙනවා.. දැන නම් මෙහෙත් බර්ගර් උඩට තල ඇට ටිකක් දාලා දෙනවා.. මැද පෙරදිග තල ක්‍රීම් එකට මාර ඉල්ලුමක් තියෙන්නේ.. තල ක්‍රීම් එකත් එක්ක වම්බටු (කට්සිලීම්) වගේම තල ක්‍රීම් මුහු උන කඩල ක්‍රීම් (කුමූස්) බොහොම ජනප්‍රිය කෑම.. මගෙත් ෆේෆරිට්..
හා මචං
Delete"හා මචං.." පේටන්ට් බලපත්‍රය මා සතුයි...
Delete//ජිනදාසගේ තලගුලියට ගහන්න තල ගුලියක් නෑ.//
Delete.ඒකෙ එන දුං (smoky ) රසය තමයි විශේෂත්වය. තාම දර ලිප් පාවිච්චි කරනව වගේ. පාරෙ එහා පැත්තෙ බිල්ඩින් එකේ නේද හදන්නෙ?
මාතෝ, මෙතන ඇවිත් හා හා ගගා ඉන්නෙ, අතන ගවයො ටික උපවාසෙ.
Deleteඒ ගැන මක්ක හරි ලියාපියකො
ගවයෝ උපවාසෙ... දරුවෝ මළ ගෙදර නයිට ගහන්න පුරුදු වෙනවා...
Delete@ ප්‍රා ජේ
Deleteඉයෙස් ඉයෙස් එතන තමයි හදන්නේ.. ඒකේ ටී එකත් මල් හතයි... කැවිලිත් කොලිටි...
උඹලා කාලා නෑ මගේ යාළුවෙක්ගේ තල ප්‍රොඩක්ට්ස්. මම ඔය සමහර බ්ලොගර්ස්ලාට නම් කවලා තියෙනවා. ජිනදාස මොනවද අප්පා. ඒ ආන්ටි හදන්නේ අර ගමේම ඉස්සර හදපු විදියට. උඹ වැල්ලවත්ත පැත්තෙන් හොයලා බලපන්. එහේට තමයි එයාලා සප්ලයි කරන්නේ. හදන්නේ නම් ගොඩකවෙල.
Deleteතල බෝල තමයි එයාලගේ ගොඩාක් ප්‍රසිද්ධ.
මම ගෙදර යනකොටයි එනකොටයි හැමදාම මගේ යාළුවගේ ගෙදර යනවා. ඒ හැම වෙලේම තල පාර්සලයක් මට හම්බ වෙනවා. ඉසුරු වෙන්නැති නම මට හරියට මතක නෑ.
කොහෙද අපේ මස්සිනාත් මම වගේම තල කන්න ආසයි ගෙදර ගෙනිච්චම අපි දෙන්නගේ වැඩේ තේ එක්ක තල කන එක.
සමහරු කැමති තෙල් වැඩි තල වලට. තවත් අය තෙල් නැති තල වලට. උඹලගෙ කැමැත්ත කොහොමද?
Deleteතල ගැන ළමයින්ට කියවන්න දෙන්න ඕන මේක..
ReplyDeleteඈ බං තල පොල පොල ඉන්න ඕන නෑ. රුලං දෝසි ටිකක් හදල ඒකට දාහං ඔය තල ඇට. මටත් තල ඇට වගයක් ලැබිලා තිබිලා මේ අවුරුද්දේ හදපු රුලං දෝසි එකට දාන්න උපදෙස් දුන්නා.. වැඩේ හරි.. ඒක නෙමෙයි බං උඹ සෑහෙන්න වෙනස් වෙලා නේ. මොකක් හරි විජ්ජුම්බරයක් වත් උනාද (ටෙම්ප්ලේටේ එක)
සොරි සොරි... මගේ ලෝඩිං පොබ්බම් එකක් ඒක..
Deleteඕක තමයි කියන්නෙ බොල පමන දැන පාවිච්චි කරහං කියල.
Deleteරුලං වලට තල දානවද?
Deleteරුලං දෝස් වලට තල ඩිංගක් දාලා ගත්තම රහයි...
Deleteඑලස්.. තව පොටෝ කෑලි දෙකතුනක් එල්ලුවනං වැඩේ තවත් පැහැදිලියි... දැං අපි ඔය තලගුලි , තලකැරලි වල කන සුදුපාට පොඩි ඇට අර අවසාන වංගෙඩි කෙටිල්ලෙන් පස්ස්සෙද නැත්නම් ඊට එක ස්ටෙප් එකක් කලින් අර කුල්ලෙන් පොලපු තැනින් ද එන්නෙ කියන එක මට පැහැදිලි මදි..
ReplyDeleteගෙවල් වල තල හැදිල්ලයි තල කර්මාන්තයේදි සිද්ධවෙන දේයි දෙකක් මං හිතන්නෙ.
Delete1.ගෙවල් වලදි නං කුල්ලෙන් පොලල කුරුට්ට අයින් කල තල තමයි යලිත් වංගෙඩියෙන් තැලිල තල ගුලි කැරලි ආදියට යොදාගන්නෙ.
2.කර්මාන්තයේදි කුරුට්ට අයින් කරන බවක් දන්නෙ නෑ. තෙල් විතරයි ඉවත් කරන්නෙ. කෙටුව(මැෂිමෙන්) මිරිකල තෙල් අයින් කලා රොඩු පිටින්ම හකුරු සීනි එක්ක කලවම් වෙලා බඩට යනව. කර්මාන්තයේදි කුළු නෑ දන්න තරමින්.
'තල වැනිල්ල' තාර පාරෙත් කරනව නේද සමහරු?
ReplyDeleteඒකට රාජ්ල ඉන්න පැත්තට "මාමා" විශේශ සැලකිල්ලක් දක්වලා කා(ර්)පට් පාරවල්ම හදලා දුන්නා....
Deleteඔව්. සමහරු එහෙමත් කරනව. වී වේලන්න එහෙමත් කාපට් පාරවල් දාල තියනව සමාර පැතිවල
Deleteඔය තල කියන දේත් අපට ඉංදියාවෙන් ලැබුන දෙයක් නේද
ReplyDeleteඑහෙමද? හරියට දන්නෑ.
Deleteවිග්‍රහය මරු...
ReplyDeleteස්තුතියි
Deleteඒත් දැන් තල වැපිරිල්ල වෙන්නෙ අඩුවෙන් මයෙ හිතේ....මිනිස්සුනිට දැන් කොටන්ඩ කැලෑ නැතිවෙලා..
ReplyDeleteඒක අැත්ත.
Deleteරාජගේ ලස්සන ලිපියක්. මා කුඩා කල මොනරාගලදී ලද තල කෙටීමේ අද්දැකීම මතක් උනා.
ReplyDeleteසමරසේකර
බොහොම ස්තුතියි.
Deleteතව ෆොටෝ ටිකක් එක්කම වැඩේ තිබ්බනම් පංකාදු පහයි...
ReplyDeleteතල වගාවට අලින්ගෙන් හානියක් නැහැ කියල මම අහල තියෙනවා, ඒ ඇත්තද...
අලි කෑම නං අඩුයි මාත් හිතන්නෙ. ෆොටෝ අල්ලන්න තල හේනකට යන්න වෙනව.
Deleteනියම විස්තරයක් තල ගැන.
ReplyDeleteඉස්සරනං තල ඇට අපේ දිහාවෙත් තිබුණ. දැන්නං දකින්න අමාරුයි.
යන්නකෝ පල්ලෙබැද්ද පොලට. ඒවා ඕනෙතරම් තියෙනවා එතන. අපේ අක්කලා නම් ගන්නේ එතනින්.
Deleteයකෝ තල නෑ? උඹද රංගිද රට ඉන්නෙ?
Deleteමෙහෙමයි වැඩේ ඔය හෙලඋඩකන්ද පැත්තෙන් එහෙම ඔය ඇට ජාති වගේ දේවල් පල්ලෙබැද්දට වගේම ගොඩකවෙලටත් එනව. ඒත් ඉස්සර ඕව අපේ කඩෙත් විකුණන්න තිබ්බ.
Deleteඉස්සර අපි පොඩි කාලේ අපේ ගෙදර තල පුරවපු පෙට්ටි තිබ්බා. මට පොඩ්ඩක් හීනෙන් වගේ මතකයි.
ReplyDeleteමම හිතන්නේ තල හදන ක්‍රමය අමාරුයි. දැන් නම් මම දැක්කා මැශින්ස් හෙම තියෙනවා. ඒත් ගොඩාක් පාරක් ඒවා හෝදන්න ඕනේ. අපිට තාම ඉඳල හිටලා හම්බ වෙනවා. සාමාන්‍යෙන් පොඩි අක්කා නම් ඕවා හදනවා එතකොට.
මම නම් ආසම කෑමක් තමයි තල දාපු බිස්කට් හා පාන්.
මෙහේ තල පැණි එක්ක මික්ස් කරලා ස්ටීක් වගේ තියෙනවා හපන්න. දත් පරෙස්සම් කරගන්න ඕනේ උනත් දැක්කොත් එක කෑල්ලක් හරි ගෙදර ගේනවා පුරුද්දට.
මෙහේ බේකරි ප්‍රඩක්ට්ස් එක්ක ගොඩාක් අලෙවි වෙන දෙයක්.
ඊයෙත් මම තල පාන් තමයි කෑවේ. ඇට පිටින් හැපෙනකොට අමුතු ගතියක් තියෙනවා.
තල පානුත් තියනවද?
Deleteරාජ් මම හිතන්නේ තල අපිට අරාබියෙන් ආව දෙයක් වෙනන් ඕනේ.
Deleteමෙහේ පාන් වර්ග තල භාවිතා කරලා හදනවා. බන්ස් විතරක් නෙමෙයි. විශේසයෙන්ම ජර්මනියේ හෙම. සිසිලියේ හෙම.
සිසිලියේ තියෙනවා තල වලින් හදන කෑම ගොඩාක්.
ඒත් අද වෙද්දි මේව අර රස සොයා යන මිනිසුන්ගේ ඉලක්කයක් බවට පත් කරලා.
එකක් හොයාගන්න අමාරුයි. අනික ඒවා හොයාගත්තත් අත පොවන්න බැරි පොශ් කෑම වෙලා. ඔය ගොඩක් දුප්පත් මිනිස්සුන්ගේ ඒ කාලේ කෑම වලට මේක අද වෙලා.
දැන් අවුරුදු පහ හයකට කලින් මම සිසිලියෙදි ආශාවට තල වලින් හදපු කෑම කෑවා නිකම් තලබෝලයක් වගේ පොඩි එකක් කියමුකෝ. ගණන් අහද්දි මට කණෙන් තල එලියට ආවා.
අන්න ඒවගේ...
ඒ වුනාට මෙහේ තල තෙල් නම් නෑ. ඒක ගැන මිනිස්සු අහලත් නෑ. ඊයේ අපි ක්ලබ් එකේ තල ගැන ලොකු කතාවක් ගියා. එවෙලේ තමයි මාත් ඒක දන්නේ.
අපිට නම් පොඩි කාලේ තල තෙල් දාපු කෑමත් කන්න හම්බ වුනා. අර මී ඇට තෙල් වගේ. මීමල් හැලප හදන්න ගන්නේ. ඔන්න ගමක ඉපදුනාම කිරි අම්මලා හිටියාම තියෙන වාසී
ඉමේජ් සර්ච් කරන්න තල පාන් කියලා....
තල නම් ෙතලට ෙව්ෙල්...?
ReplyDeleteකමෙන්ට් කොටන්න බෑ බං. අප්පච්චි මැරිලා, ඒ මළගමට ඊයෙ රෑ පාර්ලිමේන්තුවෙ නයිට ගහලා නිදිමතේ ඉන්නෙ.
ReplyDeleteතල කියන කොට මට මුලින්ම සිහිවෙන්නේ දෙමළ අයයි. එයට හේතඔව තමයි, අපි විශ්ව විද්‍යාලයේ සිටි සහෝදර දෙමළ ශිෂ්‍යයින් පොදුවේ හැඳින්වූ අන්වර්ත නම "තලයින්" වීම/
ReplyDeleteඊලඟට මට සිහිවෙන්නේ මාතලන්. දෙමල කොපියක් වුණු ඒ චිත්‍රපටිය තමයි තල වැවීම ගැණ දර්ශනයක් සහ සින්දුවක් තියෙන සිංහල චිත්‍රපටිය.
https://youtu.be/Y1AwIBFiVYc
Deleteමාතලන් එකේ තල ගැන තියන බව දන්නෙ නෑ. පෙන්නපු වෙලාවක බලන්න ඕන
Deleteතල වැවීම යනු ධනවාදයේ නෛසර්ගික වූ ලක්ෂණයයි. තල වැවීමට කැමති වූවන්ට එහි නියැළෙන්නට ඉඩකඩ ලැබෙද්දී ඔවුන් නිසා අනෙකුත් සියල්ලන්ගේම ජීවිත සමෘද්ධිමත් වේ. තල වැවීමෙන් ජයගන්නා අවස්ථාවල දී ඒ ජයග්‍රාහකයන් විසින් ඔවුන් හා තල වැවීමේ යෙදුනු හා නොයෙදුනු අනෙකුත් සියල්ලන්ටම වැඩියෙන් අතිවිශාල සම්පත් අයිති කරගනිති.
ReplyDelete- මීට අරුණි ශ්‍යපිරෝ
Deleteහා මචං
Deleteතල ගැන අත්දැකීමක් නෑ ආසයි බලන්ටත් ඈ...
ReplyDeleteමගෙ බොක්කක් ඉන්නව හේන් කරන අක්කර ගණන් වලින් මේ පාර තල ඉහිනව කීව ගියා නං පොටෝ කෑලි දෙක්තුනක් වත් අල්ලන්න තිබ්බ
ගිහිල්ල බලල අත්දැකීම් ගන්න වටින වැඩක්.
Deleteතල ගැන අපූරු විස්තරයක්... තල වල අර කලුපාට පොත්ත ගියෙ නැතුවම තිත්ත වෙනවා නෙ?
ReplyDeleteකළු තල සහ සුදු තල කියන්නෙ දෙවර්ගයක්. මේ දෙවර්ගයේම පොත්ත අයින් කරලයි ගන්න ඕන. සුදු තල වල පොත්ත තිත්ත නෑ. කලු තල වල පොත්ත තිත්තයි. ඉස්සර අපි තල ගසන වෙලාවට පරිස්සමින් වැලි අයින් කරල කනව. කලු තල නං කන්න බෑ එහෙම.
Deleteආ මං එක දැනගෙන හිටියෙ නෑ.. තල ගුලියක් කනකොට කළු ඇට හපුනම තිත්ත රස එන නිසා මං හිතුවෙ එහෙන ජාති දෙකක් නෑ පොතු තියන නිසා විතරක් එහෙම වෙනවා කියල...
Deleteතල කියන්නෙ අපි නොකෑවට දෙමළ අයගෙ නියම කෑමක්නෙ. තල සෙමට ඉතා හොඳයිලු. තල කෙසේ වෙතත් තල තෙල් උගුරෙ සෙම් ආසදන වලට ගන්න, ඉතාම ප්‍රත්‍යක්ෂ ලෙස පුද්ගලිකවම අත්දුටු ප්‍රථිකාරයක්.
ReplyDeleteඔය සෙම් ගෙඩි හැදෙන්න වගෙ දැනෙනකොටම උගුරෙ පහල හොඳ පිරිසිදු තලතෙල් උදේ හවහ ගාන්න. කවදාවත් සෙම්ගෙඩි හැදිල අමාරු වෙන්නෙ නෑ. අත්දුටුවයි සත්තයි!
එහෙමද? මටත් සෙම් අමාරුව මේ දවස්වල. බලමු ටිකක් උගුරෙ ගාල.
Deleteමගෙ යාලුවෙක් උගෙ අනුරාධපුරේ තිබුණ ඉඩම් කෑල්ලෙ තල වැපුරුවා.ඒ කන්නෙ නියඟ ඇවිත් වේලිලා ගියා.ඊළඟ කන්නෙ උඳු වැපුරුවා.ඒ සැරේ වැහි වටලා ගංවතුර ඇවිත් උඳු ටික කුණුවෙලා ගියා.
ReplyDeleteහෙහ් හෙහ්.... සාමින්‍යයෙන් මතයක් තියනව එක වරක් අසාර්ථක වුනාම ඊලඟ වාරෙත් එහෙම වෙනව කියල.
Deleteඑතකොට අර තලමල පිපිලා කියන්නේ ඔය තල මලට නෙවෙයි නේද??
ReplyDeleteනෑ නෑ ඒ වෙන තල ජාතියක්.
Deleteඒ තල් ගස් වල..තල් ගහක අවසානය තමයි තල මල පිපීම කියන්නෙ..වසර 50 ක්වත් යනවා ගහ හැදිලා තල මලක් පිපෙන්න...තල මල පිපුනාම හරිම ලස්සනයි..කලාතුරකින් බලන්න ලැබෙන දසුනක් නිසා බලා ඉන්න ආසයි. නමුත් තල මලක් පිපුනාම ගහට විනාශය අත් කර දෙන නිසාද මන්දා ඒ ගම්මානයට නරක දසාවක් උදා වෙන බවට විශ්වාසයක් තියෙනවා. මම ජීවිතේටම දැක්කෙ එකම තල මලයි. ඒ දෙණියාය පැත්තට ගිය ගමනකදි. වාහනේට යන්තටම පෙනුන තල මල හොදට පේන තැනක නවත්තලා බලන්න ගත්තම අපිව අනුකරණය කරපු මාර්ගයේ ගිය තවත් අය තලමල බලන්න එකතු උනා. තල මල පිපිලා කියලා ලස්සන කවිපංතියක් තිබුනා ඉස්සර සිංහල පොතේ...ලිව්වෙ කවුද මතක නැත.
Deleteතල කැරලි කන්න මාත් මාරම ආසයි.. දැන් නම් කාලෙකින් කන්නත් බැරි උනා හැබැයි..
ReplyDeleteඑහෙමද
Deleteඅද කතාව හරිම ලස්සනයි. රාජ්ගේ පරන හේන් ගොවිතැන් කතාව මතක් වුනා. අද හවස තේවලට තල කැරලි තිබුණනේ. ඒවා තවත් රසට දැනුණා.:D
ReplyDeleteඅද අපි ඉතාමත් පහසුවෙන් ගන්න දේවලට ඒ කාලේ අය කොච්චර නම් මහන්සි වෙලා තියෙනවද කියලා හිතෙනකොට දුකත් හිතෙනවා.
ස්තුතියි පොඩ්ඩි. ඔය පැත්තෙත් තලකැරලි තියනව එහෙනං.
Deleteතල ගැන පල මේ ලිපිය බැලු කල , මෙකල ට මේක එල කියා සිතුනි බොල :)
ReplyDeleteතල හැපෙනකොට මිහිරි කිරි රසක් දැනෙනවා.. තල ගුලි තල කැරලි මගෙත් ප්‍රියතම කෑම අතර තියෙන්නේ.. ඉස්සර ට්‍රින්කො යනකොට ජිනදාස එක ගාව අනිවා නවත්තනවා තල කැරලි ගන්න. උඹේ පොස්ට් එක කියවනකොට කටට කෙල ඉනුවා..
ReplyDeleteමේක ඉතාම වටිනා ලිපියක්. තල ගුලි සහ කැරලි රස කර කර කෑවාට ඒවා හැදෙන විදිය දැනගෙන හිටියේ නෑ.
ReplyDeleteමේක හරි අපූරු ලිපියක් රාජ්. ලංකාවේ ඇති වූ කැරලි අතරින් රසවත්ම එක ඒවා තමයි තල කැරලි. ඒ කාලේ මම කැමතිම වුනේ ලිහිණියා තල කැරලිවලට
ReplyDeleteතල ගස අද තමයි ඉස්සෙල්ලාම මම දැක්කෙ රාජ්..මේ වගේ අපි නොදන්න කථාවක් කියනකොට හරිම ආශාවෙන් කියවන්නෙ. හැකි තරම් මේ වගේ ලිපි ලියන්න. හේන් ගොවිතැන පිළිබද ඔබට යම් අත්දැකීමක් ඇති බව මම දන්නවා. මෙවැනි ලිපි ඔබ අතීතයෙත් ලියා තිබෙන නිසා.
ReplyDelete