රාජ්‍ය සේවයේ, සේවයක් කරන්න/ලබාගන්න යද්දි මුනගැහෙන දෙයක් තමයි ලිඛිතව පැවතිය යුතුයි කියන නීතිය. හෑම දෙයක්ම ලියුමකින් දෙන්න ඕන. ඔය තොරතුරු තාක්ෂණය පැමිණීමත් එක්ක පොඩි පොඩි වෙනස්කම් සිදුවුනත් මේ නීතිය තවමත් එසේම තියන බව කියන්න ඕන. ඉලෙක්ට්‍රොනික් ගනුදෙණු පනත අනුව යම් වෙබ් අඩවියක් ඊමේල් එකක් වගේ ලියවිල්ලක් 'නැවත නැවත පිවිසිලා බලන්න පුළුවන් නම් ලිඛිතව පැවතීමේ අවශ්‍යතාවය සම්පූර්ණ කරල' කියල තියනව.
මේ නීතිය නිසා මතුවෙන මූලික අවුල තමයි මොකක් හරි වැඩක් කරගන්න ඕනවුන ගමන් 'කඩදාසි' මහගොඩක් ඉදිරිපත් කරන්න සිදුවීම. සාමාන්‍ය මිනිස්සු රාජ්‍ය සේවය ගැන අප්‍රසාදය පලකරන්න එක හේතුවක් තමයි මේක. මොකක් හරි වැඩක් කරගන්න මනුස්සයෙක් ආවම කාර්යාල වල වැඩකරන නෝනාවරු සහ මහත්වරු කියනව අහවල් ලියවිල්ල ගේන්න කියල. ඒක අරගෙන තව දවසක ආවම තවත් එකක් මදි කියල කියනව. ඉතිං මිනිස්සුන්ගෙ මල පනිනව. කට්ටියගෙ අම්මල තාත්තල මතක් කරල තමයි යන්නෙ.
අපි දවසක් මේ ගැන ෆේස්බුකියෙ කතා කලා. මාතෘකාව උනේ වාහනයක් පැවරීම. මේ වැඩේට ඕනකරන ලියකියවිලි සෑහෙන්න තියනව.
1.වාහනයේ දැනට තියන ලියාපදිංචි සහතිකය හෙවත් පොත සහ වාහන හැඳුනුම්පත හෙවත් වීඅයිසී එක (මේක දැන් නං අත්‍යාවශ්‍ය නෑ වගේම දැන් වාහන වලට දෙන්නෙත් නැද්ද කොහේද)
2.වලංගු ආදායම් සහතිකය.
3.සම්පූර්ණ කල MTA 6-8 ආකෘති.
4.ග්‍රාම නිලධාරී සහතික කල ඡායාරූප දෙකක්
5.වාහනයේ පරම අයිතියක් තියනව නං ඒක අවලංගු කල ලිපිය.
6.ග්‍රානි-ප්‍රාලේ සහතික කල හැඳුනුම්පත් පිටපත්.
මීට අමතරව ඔය කියපු ලියකියවිලි වල ෆොටෝ කොපි වගේ දේවලුත් ඕන වෙනව.
මේවා නිසා සිදුවන කරදරය ගැන තමයි අපි කතාවුනේ. මගේ අදහස අනුව මේ ලියකියවිලි ගන්න හේතුවක් තියනව. මූලික කාරණාව තමයි පසුකාලයක මතුවිය හැකි අවුල් වලින් ගැලවීම. හැබැයි ඉතිං ප්‍රමාණයෙන් සුළු, ඇතිවිය හැකි ප්‍රශ්න වෙනුවෙන් විශාල ප්‍රමාණයකට වන්දි ගෙවන්න වෙනව. මම එතනදි කිව්වෙ මේ වගේ අදහසක්.
"ලංකාවෙ අපරාධ නීතිය හැදිල තියෙන්නෙ අපරාධකාරයට දඬුවම් දීමට වැඩිය නිර්දෝශී මිනිහෙකුට දඬුවම් ලැබීම වැලැක්වීමට. ඒ හේතුව නිසා සමහර අවස්ථා වල අපරාධකාරයන්ටත් පුළුවන් පැනල යන්න. රාජ්‍ය සේවය සම්බන්ධ නීති හැදිල තියෙන්නෙ සිදුවිය හැකි ඕනෑම වැරැද්දක් ආවරණය වන හැටියට. ඒ නිසා හොඳ නරක හැම සේවාදායකයටම සිදුවෙනව ඒ අනුව කටයුතු කරන්න"
මේ ගැන මගේ ප්‍රශ්නයකට උත්තර දුන්න චානුක වත්තේගම, සංවර්ධිත රටවල මේ කාර්යන් සිදුවන ආකාරය ගැන කිව්වෙ මෙහෙමයි.
"ඒ රටවලදි මිනිස්සු කියන දේ රාජ්‍ය සේවකය පිලිගන්නව.... ව්‍යාජ තොරතුරු සැපයීම සිරගත වීමට හේතුවක් නිසා කවුරුත් එහෙම කරන්නෙ නෑ" (ඒ වගේ අදහසක්)
දැන් තමයි හොඳම කතාව. අපේ ඔය සංවාදෙට පස්සෙ දවසෙ කාර්යාලෙදි එක්තරා (ඉහල) නිලධාරියෙක් මට කතා කලා.
"රාජ්, මේ අහවල් රාලහාමිගෙ අත්සනද? මේ එයාගෙ අකුරුද?"
ලියුමක් පෙන්නල එයා ඇහුව. මගේ ලඟ තිබුන අදාල රාලහාමිගෙ අකුරු, අත්සන සහ මුද්‍රාව තියපු වෙනත් ලියවිල්ලක්.
අකුරු වෙනස්, අත්සන වෙනස්, සීල් එකත් වෙනස්! රාලහාමිට කෝල් එකක් දීල ඇහුව මෙහෙම ලියුමක් දුන්නද කියල. එයා දීල නෑ! බලන්න වැරදි ප්‍රමාණය.
ව්‍යාජ අත්සන්, මුද්‍රා, කූඨ ලේඛණ..... මතකයිනෙ තිස්ස අත්තනායක! සංවර්ධිත රටවල තත්වය මොකක් උනත් මෙහේ තත්වය ඕකයි. අපි වෙනස් ජාතියක් කියන්නෙ ඕකනෙ. ඒකෙ හොඳම කෑල්ල ඔය කිව්ව ටික නෙවේ. ලියුම අරගෙන ආවෙ මොකටද කියන කාරණය බැලුවම!
ලියුමෙ කියල තිබුනෙ (ඒක ග්‍රානි ලියන විදියට ලියපු එකක්) ලියුම අරගෙන ආපු සෝමාවතී කියන තැනැත්තිය එයාගෙ අම්මගෙ එකම දරුව කියලත් තවත් දරුවො නෑ කියලත් වගේ කාරණාවක්. ලියුම ඉදිරිපත් කරන්න හේතුව තමයි එයාගෙ අම්මට ලැබෙන මොකද්දෝ ආධාරයක් (සමාජසේවා එකෙන් දෙන) ලබා ගැනීම. එයාට තවත් සහෝදරයෙක් ඉන්නවලු. ඒ ගැන සඳහන් නොකර වැඩේ කරගන්නයි ඇවිත් තිබුනෙ. යකෝ මේ වගේ අහිංසක මනුස්සයෙක් කූඨ ලේඛණ ඉදිරිපක් කලා කියල හිරේ දාන්න පුළුවන්ද මං අහන්නෙ? අර පොඩි එකෙක් පොල් හොරකම් කලා කියල හිරේ දැම්ම වගේ වෙයි! නැත්තං අර සීගිරියෙ කුරුටුගාපු කෙල්ල ගැන ෆේස්බුක් එකේ කතා කරන්න ගත්ත වගේ කතා කරයි.
මේ තියෙන්නෙ අද වගේ දවසක ලිව්ව තවත් ලියමනක්(?)
මාත් ඔය ආර්එම්වී කතාවට සහභාගී උනා වගේ මතකයි...
ReplyDeleteබොට කියන්න මාත් කොල්ලව ඉස්කෝලේ දාන්න තනිකරම කුඨ ලේඛණම විතරයි පාවිච්චි කරේ..
හෙහ් හෙහ්.....
Deleteහි හි
Deleteඔව් ඒක ඇත්ත. හැබැයි ඔය වගේ කරදර තියෙන නිසා රජයේ සේවකයන්ට අල්ලස් වගෙ දේවල් ලබාගැනීමත් පහසුවෙලා තියෙනවා. කියක් හරි දෙනවා නං ඔය මොකවත් නැතුව වැඩේ කරගන්නත් පුළුවන් තත්වයක් තමයි උදාවෙලා තියෙන්නේ. එහෙම මුදල් දෙන්නේ නැතිනම් කිසිම වැඩක් කරගන්න බැහැ, වටේ යන්න වෙනවා.
ReplyDeleteගොඩක් වෙලාවට රජයේ කාර්යාලයකට යනවා නං මම යන්නේ පිරිමි පාර්ශ්වයේ නිලධාරියෙක් ලගටයි. පිරිමි අය වැඩිය ඔය ලියකිවිලි ගැන එහෙම එච්චර සැලකිල්ලක් නෑ, කියක් හරි දුන්නම වැඩේ කරගන්න පුළුවන්.
හැබැයි කාන්තා නිලධාරීනියන් එහෙම නෙමෙයි. ඒ අයට ගොඩක් වෙලාවට හරියටම, රෙගුලාසි වලටත් වඩා ඉහලින් අවශ්‍ය ලියකියවිලි තියෙන්න ඕනි. එහෙම තිබුනත් වැඩේ කරගන්න අමාරුයි.
උදාහරණයක් විදියට බැංකුවට ගිහින් බලන්න. බැංකුවට ගියත් සෑම විටම කාන්ත නිලධාරීනියන් ලගට යන්න එපා. පිරිමි අයෙක් ලගට යානං වැඩි කරදර නැතිව ඉක්මනට වැඩේ කරගන්න ඕනි. මේ ගැන මම හිතන්නේ කලකට කලින් කකාත් ලිපියක් ලියලා තිබුනා.
මේකට හේතුව වෙන්නේ මම හිතන්නේ කාන්තාවෝ මොන දේ ලැබුනත් සැහීමකට පත්වෙන්නේ නෑනේ. ඒක ඒ අය පරිණාමය වෙනකොටම ආපු දෙයක්. ඒ නිසා සල්ලි ටිකක් ගන්න බැංකුවට ගිහින් පාස් පොත සහ හැඳුනුම්පත එක්ක අදාල ෆෝරමය හරියට පුරවලා දුන්නත් ඒකත් අරහෙට මෙහෙට පෙරල පෙරල, හැඳුනුම්පතේ ඇති පින්තුරයි, අපේ මුණයි දිහා දහ සැරයක් විතර බලලයි සල්ලි දෙන්නේ. පිරිමි නිලධාරීන් එහෙම නෑ ගොඩක් වෙලාවට.
Deleteගුවන්තොටුපලින් රට යද්දී, එද්දි කාන්තා නිලධාරීනියන් මගහරින්න බලන්න පුළුවන් තරම්.
ඇත්ත. වැඩක් කරගන්න තියන අමාරුවට සමානුපාතිකව තමයි අල්ලස් කේ්ස් තියෙන්නෙ.
Deleteසැටිපිකෙට් ඇත්ත ඇනෝ.මේ ලඟදී අපේ පුතා සල්ලි වගයක් ගන්න ගියවෙලේ බැංකුවෙ ලොකු නෝනා කිරිපල්ල අතගාපු නැති ටික විතරලු.
Deleteඅපරාදේ කොල්ලට තිබ්බේ නෝනට කියලා එකත් අතගාවගන්නනේ හැලපයිය්යේ
Deleteමෙවැනි කටයුතු සඳහා වැඩිම ලියකියවිලි ප්‍රමාණයක් ඉදිරිපත් කරන්න වෙන ලෝකයේ ඇති එකම රටත් අපේ රටද මන්දා. තවමත් සමහර ආකෘති පත්‍ර තියෙන්නේ සුද්දාගේ කාලයේ හදපු විදිහට. සිංහල දෙමල ඉංග්‍රීසි භාෂා තුනෙන්ම මුද්‍රිත සමහර ආකෘති පත්‍රවල තේරුම තුන් විදිහකට තියන අවස්ථා මම අහලා තියනවා.
ReplyDeleteවැඩේ තියෙන්නෙ මේ හෑම ලියවිල්ලකටම හේතුවකුත් තියනව. නමුත් හැමෝටම කන්න වෙන පරිප්පුවක්.
Deleteමට හිතෙන්නෙ අපේ රටේ සෑම අංශයකම එහෙමයි. වැඩක් කරන්න පුළුවන් විදිහට වඩා නොකර ඉන්න හේතු හොයන්නයි සේරම සේවකයො පණකඩාගෙන වෙහෙසවෙන්නෙ. ඒකට තමයි ලංකාවෙ රාජ්‍ය සේවය කියන්නෙ
Deleteමේ විචාරකයි විචාරිනියි ජෝඩුව එකටමයි එන්නෙ.
Deleteවිචාගෙ දුවද ? (අර විප්ල්ව කාරය කෙල හලන්නෙ)
රාජ්,
ReplyDeleteකලකට පෙර ලංකාවේ මහනගර සාබා වලට කැනඩියානු රජය ආදර කළා ඔවුන්ගේ කොන්දේසියක් වුයේ ශ්‍රී ලංකාවේ මහනගර සබා කීපයක විගණන කටටුතු කිරීමයි.
මම සහබාගි වුනේ කැනේඩියානු රජයේ මෙරටට පැමිණුන විගණක වරයාගේ database system එක සැදීමට උදව්වීමට. මෙහිදී මට මෙම වැඩමුළුවකට සම්බන්ද වීමට සිදු උනා.
මෙහිදී මුලින්ම එම විගනකවරයා අපරටේ එක මුලික මහනගර සබාවක ගනකාදිකාරී වරියට පැවසුවේ ශ්‍රී ලංකාවේ ගිණුම්කරණ විදිය පැහැදිලි කරන ලෙසයි වරලත් ගනකාදිකාරී වරියක් වූ ඇය ඉතා ලන්සනට විස්තර කරා, කැනේඩියානු විගනකදිකාරී වරයා පැවසුවේ කැනඩාවේ මෙය සිදුවන්නේ මෙලෙසම බව.
ප්‍රශ්නය ඇතිවුනේ ඉටපසුවයි, ඔහු ඊට පසුව ඇයට පැවසුවේ මුදල් පොත ලබාදෙන ලෙසයි (සියල්ල තවම පොත්වල සටහන් කරන ඔවුන් පරිගණක ගතකරන්නේ වසර අව්සනයෙදියි ) ගතවුයේ මිනිත්තුවක් වැනි කාලයක් ඔහු කිසියම් ගනුදෙනුවක් පෙන්වමින් මෙයට අදාල රිසිට් පත් පෙන්වන ලෙස ඇයට පැවසුවා. එවිට ඇය ස්දහන්කලේ සමහර ගනුදෙනු පොත්වල සටහන් නොකරන බවත් එයට හේතුව නගරාධිපති ගේ නියෝග බවත්.
ඇස් උඩ ගිය කැනේඩියානුවා ඇයට පැවසුවේ නගරාධිපතිට කිසිදු බලයක් නැති බවත් තමාට ස්වාදීනව විරුද්දවිය යුතු බවයි.
ඊට දින කීපයකට පසු ඔහු සමග සාකච්චා කිරීමේදී අපුරු දෙයක් ඔහු පෙන්නුවා. ඔහු තරමක පොතක් අපට පෙන්වා සදහන්කලේ මෙය ඔහු කොලබ විස්වාවිද්යාලයේ පුස්තකාලයෙන් ලබාගත් බවත් එම නිබන්දනය කර ඇත්තේ ලංකාවේ සිටි මහාචාර්ය වරයෙක්. ඔහු එය පෙන්වා අපට පැවසුවේ මෙය පළකර ඇත්තේ මිට වසර 4 පමණ පෙරබවත් තමා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන වැඩපිළිවල මෙම මහාචාර්ය වරයා දැනටමත් යෝජනාකර වසර 4 ගත්විඅති බැවින් විදේශිකයකු වූ ඔහුගේ යෝජනා කිසිලෙස සාර්ථක නොවන බව ඔහු පැවසුවා.
මෙහිදී මම දැක්කේ රාජ්‍ය සේවයේ සියල්ල පරිගණක ගත කලොත් මිට කර්යක්ෂම රජය සේවයකුත් දුෂණ අවම තැනකුත් කළහැකි බවයි
ඇත්ත.
Deleteපරිගණකගත කල තැන්වලින් දූෂණ වෙන්න තියන ඉඩකඩ ටිකක් අඩුයි. ඒ වගේම ලෙහෙසියෙන් හොයන්නත් පුළුවන්. අපේ ඔපීසි වල මුදල්පොත සටහන් කරන්න තියනව සිගාස් කියල ඩොස්වල හදපු වැඩසටහනක්. ඕකෙ නියමිත විදියට සටහන් නොකල ගෙවීම් අල්ලන්නත් වෙනම සොෆ්ට්වෙයා එකක් තිබුනලු ඉස්සර. දැං නං එහෙම එකක් නෑ දන්න තරමින්.
අපේ රටේ බොරුව,හොරකම සාමන්‍යකරණය වෙලා තියෙන්නේ.කොටින්ම හොරකම් කරන උන් කුඨ ලේඛණ හදන උන් එව්වා ගැන කතා කරන්නෙත් හරිම ආඩම්බරයෙන්.අර උඩින්ම දේශකයා පේන්නේ නැද්ද හිටං.:D
ReplyDeleteහොරකම් නවත්වන්න පුළුවන් ලෙහෙසියෙන්ම. කරන්න තියෙන්නෙ ඊට ගැලපෙන යාන්ත්‍රණයක් සැකසීම. නමුත් නොකෙරෙන්නෙත් ඒක.
Deleteගොඩක් ආයතන වල කාන්තා පාර්ශවය ඔවුන්ගේ සේවා දායකයින්ව අනවශ්‍ය අපහසුතා වලට ලක් කරන බවක් මටත් දැනිල තියෙනවා.
ReplyDeleteමේ ලඟදි පුද්ගලික ආයතනයක තිබු මගේ වාහනයේ ලීසිං එකක් එකවර ගෙවා අදාළ ලියකියවිලි රැගෙන යාමට සිටි අවස්ථාවේ ලැබුනේ ඒ වගේ සැළකිල්ලක්. මම විනාඩි 45 ක් මුදල් ගෙවා බලන් හිටියා.
අවසානයේ ඇයගේ කළමනාකාර වරයා වෙත ගොස් පැමිණිළි කිරීමෙන් පසු ඔහුගේ අණ කිරීම මත වෙනත් යුවතියක් විසින් විනාඩි 5 දී මගේ අවශ්‍යතාවය ඉටු කර දුන්නා...
රජයේ ආයතන වලදී අදාළ ලියකියවිලි සියල්ල ලබා ගැනීම සුදුසු බව මගේ අදහසයි. එයින් අනාගතයේ මතුවිය හැකි ගැටළු බහුතරයක් විසඳි යනු ඇත.
පෞද්ගලික අංශය ගැන කතා නොකලට ඒවායෙත් අකාර්යක්ෂමතාවය තියනව. නමුත් රාජ්‍ය අංශයේ තමයි මේ ගැන කතා වෙන්නෙ වැඩිපුර.
Deleteකාන්තාවනට තියෙන්නෙ වගකීම ගන්නට තිබෙන බයයි.නමුත් සමහර නිලධාරීනීන් එහෙම නෑ.
ReplyDeleteහැබෑව.
Deleteපෙපේර් ලෙස් කන්සෙප්ට් එක ගවර්න්මන්ට් තැන් වලත් යුස් කරනවා, උදා: පාස් පොර්ට් ඔෆිස්, අපි දෙන ඇප්ලිකෙසන් එක වැඩෙ ඉවරකරල , ආපහු අපේ අතටම දෙනව.
ReplyDeleteඉතින් එක ලොකු විප්ලවීය තිරනයක්,(සමහර ප්‍රයිවට් කම්පැනි වලත් ඒ වගෙ නෑ ගොඩක් ගවර්න්මන්ට් තැන් දැන් පරිගනකගත කරලා තියෙනවා. උදා: AG office, දැන් vehicle permit පලාත ඇතුලේ ඔනේම AG office එකකින් ගන්න පුලුවන්.
පගාව ගන්න ලොකුම හේතුව හො එකම හෙතුව නම් ඒක නෙමෙයි නේද?
private section එකේ ඉන්න සේවකයාට වඩා රජයේ සේවකයා වගකිමට බැදෙනවා නේද මහජනතාවට. ඒ පැත්ත ගැනත් කතා කරන්න (document වැඩි විමට එකත් එක හේතුවක්…)
ඔව්. පෞද්ගලික අංශයට වඩා රජයේ සේවයේ වගකීම වැඩියි. මේ ගැන අවුරුදු කිහිපයකට කලින් ලිව්ව. හොයල දාන්නං
Deleteකාන්තා පාර්ශවයෙ නිලධාරිනියො හිතන්නෙ අපි වැඩේ කරගන්න ගියාම එයාලට ටෝක් කරනවා වගේ... පස්සෙන් එන කොල්ලව වටේ යවනවා වගේ අහිංසක අපිව වටේ යවනව.. බොහොම කැතයි.. හ්ම්ම්..
ReplyDelete// කාන්තා පාර්ශවයෙ නිලධාරිනියො හිතන්නෙ අපි වැඩේ කරගන්න ගියාම එයාලට ටෝක් කරනවා වගේ... //
Deleteඅම්මප එහෙම වෙන වෙලාවලුත් තියනව.
සන්වර්දනයවු රටවල මහජනයා කියන දේ/ඉදිරිපත් කරන ලියවිලි කාර්යල වල පිලිගැනීමට ලක්වන්න ඒරටවල නීතිය සැමට සමානව ක්‍රියාත්මක වීම නිසා නීතියට ඇති ගව් රවය එක හේතුවක් වන අතරම,ඒ රටවල ජනයා ස්වාභාවයෙන්ම සත්ය ගරුක වීමත් මුලිකයි,සම්භාවිතාව ඉතා අවම වුනත්, සමහර අවස්තා වලදී මේරටවලත් කාර්යල වලත් වැරදිම් වෙනවා.වැඩේ පෙන්නා දුන්නාම එය පිලිගෙන සමාව ඉල්ලා එය නිවැරදි කිරීමත්.වැරැද්ද අපේ පිට පැටනොවීමත් විශේශයි.(රන්ජන්)
ReplyDeleteඅපේ අය ඔය ස්වභාවයෙන්ම සත්‍යගරුක නොවීමයි අවුල. කොටින්ම පෝලිමක ඉන්න බෑ නෙව පනින්නෙ නැතිව.
Deleteකාන්තාවන් වගකීමක් ගන්නට බයවීම කාර්යක්ෂමතාවයට ලොකු ප්‍රශ්නයක්. විවිධ ආයතන වල එයාලාගේ සංඛ්‍යාව ඉහල යාම ඊටත් ලොකු ප්‍රශ්නයක්.
ReplyDeleteවැටුප් ප්‍රශ්න නිසා රාසේ පිරිමි අඩු වෙමින් පවතිනව. ඒකත් අවුලක්
Deleteමට් දැනෙන විදිහට මෑත කාලයේ රාජ්‍ය ආයතන ඉතා කාර්‍යක්ශම සේවයක් ලබාදෙනව. මටනම් කිසිම අපහසුතාවයක් ඇතිවෙන තරම් දෙයක් වෙලා නෑ. අඩුම තරමින් පොලිසියෙන් පවා. ETF එකේ සල්ලි ගන්න පුලුවන්කම තිබ්බ හැදුනුම්පත් නැතිවෙලා තියෙද්දිත්. සමහර පුද්ගලික ආයතන විශේශයෙන් මූල්‍ය ආයතන මෙයිට වඩා ලියවිලි පාවිච්චි කරනව.
ReplyDeleteරාජ්‍ය සේවය තාක්ෂනය එක්ක යම් දියුනුවක් ලබල තියනව. නමුත් සමහර ආයතන දියුනුවක් නෑ.
Deleteයම් කාර්යක් කරගන්න මේ ලියකියවිලි අවශ්‍යයි කියල වැඩේ කරගන්න එන මනුස්සයට පැහැදිලිවම කියල දෙනවනං ඒ මනුස්සය එක සැරේකටම ඒ ලියකියවිලි ටික හදාගෙන එනව නේද. මම අත්දැකල තියෙන තරමින් බොහෝ විට අවශ්‍ය සම්පූර්ණ විස්තර අදාල නිලධාරිය කියන්නෙ නෑ.
ReplyDeleteඕකත් මූලික අවුලක් තමයි. එකසැරේක කියන්නෙ නෑ.
Deleteමේක නම් ඇත්ත අපේ රටේ තියෙන වීසා සෙන්ටර් වලට ගිය අය දන්නවා ඇති අම්මෝ ඒවල වැඩ කරන අය කිසි දෙයක් පැහැදිලිව කියන්නේ නැහැ එක වැරැද්ද ගානේ කීප සැරේකට කියන්නේ
Deleteවාහනේ ලියාපදිංචි කරන්න ඔච්චර දේවල් ඕන බව දන්නෙත් නෑ සමහරුනම්, අදාළ පුද්ගලයෙක් අල්ල ගත්තම. සර් ෆෝම් එකේ අස්ස විතරක් ගහල දෙන්න කියනවා... හවස තුන වෙද්දී පොත අතේ . ගාන 4000යි පාඩු නෑ නේ .
ReplyDeleteසල්ලි තියනව නං පුළුවන්
Deleteඅවුරුදු හතරට සුභ පැතුම්.. ගොඩක් දෙනෙකුට ඒක කිලික් වෙලා නැති උනාට අවුලක් නෑ පාටියක් දීපන් හොඳද? හැක්.
ReplyDeleteකූඨ නැතත් ඔය රාජ්ජිය අංශෙ ලේඛන නම් එපා වෙනවා. මං පොඩි රහසක් හොයා ගත්තා ඔය ලේඛන සම්භන්දයෙන්.. ඒක ඇත්තටම උනේ අහම්බෙකිං මට කාලෙකින් නොලියපු නිසා මිනිහෙකුට කියවන්න පුළුවන් විදියට සිංහල අකුරු ලියන්න අමාරුයි. ඊට ටිකක් හොඳට ඉන්ගිරිස් අකුරු ලියන්න පුළුවන් නිසා ඔය වගේ මොකක් හරි මගුලකට ගියාම කොලයක් අතට දුන්නා අවශ්‍යතාවය ලියල ලොක්කට ලියුමක් ලියල දෙන්න කියල.. අර හේතුව නිසා මං ඔය ලියුම ඉංග්‍රීසියෙන් ලියල දුන්න.. වැඩෙත් ඉක්මණට කෙරුනා.. ආයෙ වැඩිය මොකුත් ලියන්න කියුවෙත් නෑ. එදා ඉඳල ඔය මොන ලේඛනේ ඉල්ලුවත් මං බැරි බැරි ගාතේ හරි ලියන්නේ ඉංගිරීසියෙන්. අපේ රටේ සිංහලට වැඩිය තාමත් ඉංග්‍රීසියට තැනක් තියෙනවා.. හැක්.
අපේ එකෙක් ඉන්නව පොලිසියෙන් නැවැත්තුවොත් කඩ්ඩ දානව සට සට ගාල.
Deleteමෙහේ තියෙනව අමුතු ක්‍රමයක්...
ReplyDeleteඕනම ආන්ඩුවෙ කාර්යාලයකින් කරගන්න තියෙන වැඩක් කරගන්න කලින් අදාල ෆෝරම ඔක්කොම පුරෝල අවශ්‍ය ලියකියවිලි ඔක්කොම චෙක් කරල හදල දෙන සේවයක් මෙහේ තියෙනව. ඒවට කියන්නෙ ටයිපින් සෙන්ටර්ස් කියල. බොහෝවිට පුද්ගලික ආයතන රජයේ අනුමැතිය ඇතුවයි ඒව කරන්නෙ. එතැනින් ෆෝම් සෙට් එක හදාගෙන ගියහම අදාල රජයේ ආයතනෙන් වැඩේ සුටුස් ගාල කරගත්තැහැකි.. බොහෝවිට ඒ හදල දෙන ෆෝම් එක ඔන්ලියින් සම්බන්ධයි අදාල රජයේ ආයතනෙට.. ඉතින් අර හදන් ෆෝම් එකේ ප්‍රින් වෙලා එන බාර්කෝඩ් එක අදාල අයතනෙ ඉන්න නිළධාරිය ස්කෑන් කරපුවහම ටයිපින් සෙන්ටර් එකේදි එන්ටර් කරපු ඩේට මෙතෙන්ට ලෝඩ් වෙනව.. එතනදි තියෙන්නෙ ඔෆිෂියලි ඇපෲ කරන්න විතරයි..
වාසිය මේකයි.. ටයිපින් සෙන්ටර් ඕන තරම් තියෙනව ඉතින් අර අදාල ඔෆිස් එකේදි ඔක්කොම චෙක් කරන්න පෝලිමේ ඉන්න වගේ වෙන්නෙ නෑ .. වැඩේ ඉක්මන්.. (භාෂා භාවිතයෙ පහසුවකුත් තියෙනව ඒක මෙතෙන්ට අදාල නෑ)
ඇනෝ කෙනෙක් කිව්ව වගේ මෙහේ තියන සමගාමී සේවාව තමයි "කාක්කා".
Deleteඅපේ එකෙක් කඩිනමින් ලයිසන් එක ගත්ත කාක්කෙකුගෙ මාර්ගයෙන්. සාමදාන විනිශ්චයකාර සහතිකය පවා හදල දුන්න කිව්ව.
ඇයි දැනගෙන හිටියෙ නැද්ද ඔය සේවය ලංකාවෙත් තියනව.නම විතරයි වෙනස්.කාක්කා කියල කියන්නෙ.
ReplyDeleteඒකනෙ.
Deleteරාජ්‍ය සේවය පරිඝණක ගත කරානම් කොයිතරම් කාර්‍යක්ෂම වෙනවද කියන එකට නියම උදාහරණය අරාබිය.
ReplyDeleteමොකද මේ රටවල මිනිස්සු ස්වභාවයෙන්ම අලසයි. ඒත් රජයෙ වැඩ ලංකාවට වඩා වේගවත්, නිවැරදියි හෙතුව හැම දේම කම්පියුටරස්ඩ් හින්ද. සේරම ආයතන එකකට එකක් සම්බන්ධයි. නමුත් ඒකට ලංකාවෙ.
කූඨ ලේඛනවලට නඩු දානවනම් සන්න කිව්ව වගේ රටේ හිරගෙවල් උසාවි මදි වෙන්ව. ඔය ඉස්කෝලෙ යවන හැම කාම මොනා හරි හදනවමනෙ.
මට එකපාරක් මරු වැඩක් උනා කූඨ ලේකන නිසා. මම 98 වැඩට ගිය තැනින් බයික් එකක් දෙන්න ලඉෂන් එක ගේන්න කිව්ව. මට කොහෙද ලයිෂන්! යාළුවෙක් කිව්ව රිපුඉයල් අක්දාස් පන්සීයට බයික් ලයිෂන් දෙන පොරක් ඉන්නව කියල නාරහෙන්පිට. ගියා, ගත්ත බඩු උගෙන්, දුන්නෙ ටැම්පරි කොළය්ක්.
ඔය ටැම්පරි කොලෙන් පදිත්දි එක පාරක් ඇල්ලුව කිරුළොපන පොළිසියෙ ට්‍රැෆික් කාරයෙක්, කිරුළපොනේ හන්දියෙම. ලයිෂන් එක බැලුව, මූට බඩු මාට්ටු. මොකද ඒ නොම්මරේම තීන තව ඒ වගේ ඒව මිනිහ ගාව තීනව අල්ලල. යන්තන් පන්සීයක් දීල ලයිෂන් එකත් දීල පැනල ආව. ඇවිත් ඊලඟ සතියෙම හරි ලයිසන් එක ගත්ත...හෙහ්..හෙහ්..
අපේ ට්‍රේනින් එකකදි කිව්ව දවස් පහක් වැඩකල අරාබි රටක් පරිගණක තාක්ෂණය නිසා දවස් තුනට අඩුවුනා කියල. ඩුබායිද මංද? දන්නවද ඒ ගැන?
Deleteඑපාම වෙන දෙයක් තමයි ඔය අඳුණන කෙනෙක් ඉන්නවාද කියන එක.
ReplyDeleteඅඳුණන අයගේ වැඩ ඉවර කරනකං හිටියාම අඳුණන අය නැති අයගේ වැඩ පස්සෙන් පස්සට යනවා.
හපොයි ඔව්. සාමාන්‍යයෙන් ලෙහෙසියෙන් කරගන්න පුළුවන් වැඩක් උනත් අඳුනන කෙනෙකුට කියල කරගන්න මිනිස්සු කැමතියි. මොනව කරන්නද ඉවසා වදාරන්න වෙනව. පෝලිම් වලින් මිදෙන්න මේ වැඩේ කරන එක නං අන්තිමයි.
Deleteපුතාට ගහන බඩුවට අපේ සල්ලිවලින් ලක්ෂ 45 ක් ලෝස් නැතිව දීපූ අප්පච්චි කෙනෙක් උන්න රටක මේවා මක්කැයි...
ReplyDeleteඒ විතරක් නෙවෙයි පුතායි අප්පච්චියි දෙන්නම එකම බඩු වලට ගහපු රටක් මේක...
Deleteපට්ට කතා, දෙන්නගෙම!
Deleteහතර අවුරුද්දක් පහුකරන මේ බ්ලොගේට ඉස්සරහ කඩෙන් කෝපි එකයි!!
ReplyDeleteජයවේවා...!
( උඹෙ පළවෙනි පෝස්ට් එකට කමෙන්ට් දාන්න බැරි ඇයි? )
ස්තුතියි. දැන් පුළුවන්. බොහොම අමාරුවෙන් හොයාගත්ත මොකද්ද වෙලා තිබුනෙ කියල.
Deleteරජයේ සේවකයෙක් අවරුදු හතරක් එක දිගට බ්ලොග් ලියන එකෙන්ම තේරෙනවා රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ............ හි හි හි
ReplyDeleteඒකනෙ
Deleteඅපේ රටේ කූට ලේඛන පාවිච්චි නොකළ කෙනෙක් හොයන එක අර නොමල ගේකින් අබ මිටක් හොයන් එන කතාව වගේ..
ReplyDeleteමෙහෙ නම් හැමදේම කම්පියුටර් රයිස් නිසා ලියකියවිලි වංචා කරන්න බැහැ,, ඒ වගේම මේ මිනිස්සු කරන්නේ නැහැ,, මොකද අඳුරන අය කොච්චර හිටියත් ඒ දේවල් සහ තමන්ගේ රැකියාව මිනිස්සු පටලගන්නේ නැහැ...අපි වගේම කූට ලේඛණ වලින් හැමදේම කරන්න පුළුවන් අනිත් රට දකුණු අප්‍රිකාව හි හි පාස්පෝර්ට් එක හොරට හදන්න ඩොලර් 500 යි,, රටේ ඉපදිලාවත් නැති මිනිහෙකුට හදන්න උණත්
Deleteමං හිතුවෙ දකුණු අප්‍රිකාව හොඳ රටක් කියල.
Deleteලියවිල්ලක් ඉදිරිපත් කරන එක යම්තාක් දුරකට වාසි සහගත උනත් ඒකෙ තියෙන ලොකුම ගැටලුව ලෙසියෙන් වංචා කරන්න පුලුවන් එක. මොන තරම් ආරක්ෂක උපක්‍රම යෙදුවත් චෙක් පත් වංචා කිරිම තාම සිදුවෙනවා. ඉතින් අනිත් දේවල් ගැන කවර කතාද....
ReplyDeleteලියවිල්ලට වංචා කරන්න අමාරුයි. ලියවිලි නැතිවුනොත් තමයි වංචාව ලේසි. අවුල තියෙන්නෙ ලියවිලි හොයාගන්න තියන අමාරුව
Deleteරාජ්‍ය සේවයේ වැඩ කටයුතු අකාර්යක්ෂම වෙන්නත් වැඩ ප්‍රමාද වෙන්නත් ඔය ලියකියවිලි කතන්දරේ බලපානවා ඇති. මම දැකල තියනවා සමහර ඔපීසි වල පෑන් ඉවරවෙනකල් ලියන්න වෙනවා. අත කැඩෙනකල් ලියනවා.අනික ඔය ලියකියවිලි පුරවන්න වෙනකොට සංකීර්ණ කම වැඩි නිසා සේවය ලබාගන්න එන පුද්ගලයට ගැටළු ගොඩයි. අනිත් එක ඔව්ව වල පොඩි අඩුපාඩුවක් තිබ්බත් අයෙත් හරවලා එවනවා ඒවා බාරගන්න උදවිය. දැන් නං "අනවශ්‍ය ලියකියවිලි නැත" කියල ලීසිං කාරයෝ ඇඩුත් දාන්නෙ. ඒ උනත් ගන්න ගියාම ඔක්කොම දේවල් අවශ්‍ය ලියකියවිලි තමා..
ReplyDeleteඇත්ත
Deleteරජයෙ සේවයට කෙල වෙලා තියන්නෙ ඒකෙ ඉන්න මිනිස්සු හින්ද.. මෙලෝ රහක් නැති මැටි මෝල් ඇන්ටිලා ගොඩක් ඉන්නව... සාරි හද හද මාල පටලෝගෙන පස්ස ගස්ස ගස්ස යනව මිසක් වැඩක් නං කරන්නෙ නෑ.. අලුතින් එන එවුන්ට පාට් දාලා උන්වත් කොහොම හරි අර ගොඩටම දාගන්නව... ඔය වැඩි හරියකට කමිපියුටරේක වැඩක් කරගන්න බෑ... ඉතිං කොහෙද ඔය වැඩ කම්පියුටරයිස් කරන්නෙ... ඔය පොඩි පොඩි ලොකු ලොක්කන්ගෙ දන්න කියන අයගෙ නෑයෝ වේයො හින්ද රස්සාව හම්බුවෙලා තියෙන අය තමයි වැඩියෙන් ඉන්නෙ... ( මට ඔය රාජ්‍ය සේවයේ ඉන්න වැඩි හරියක් පෙන්නන්න බෑ... අධ්‍යාපන ආයතන, පළාත් සබා, නගර සභා, ලයිසන් කඩේ තමයි පෙන්නන්නම බැරි... බැංකුයි, ඉස්පිරිතාලයි දැං බොහෝ දුරටම හොඳයි..)
ReplyDeleteඥාති සංග්‍රහ නිසා රස්සාවල් ලැබුන අය රාජ්‍ය සේවයේ ඉතා සුළු පිරිසයි ඉන්නෙ. එහෙම බැලුවම අර්ධ රාජ්‍ය ආයතන වල තමයි ඒ අය වැඩිපුර ඉන්නෙ. බැංකු වල තත්වයත් එහෙමයි. අපේ කාර්යාල ගත්තොත් පරිගණක හැකියාව නැති පිරිස ඉන්නෙ සීයට පහක් වගේ. ඒ අයත් ඔය පරිගණක වලින් වැඩකිරීම අවශ්‍ය නොවන තැන්වල ඉන්නෙ.
Deleteරාජ්‍ය සේවයට බනිනවාට විරුද්ධයි.... ඒකෙන් කියවෙන්නේ නැහැ ඒකේ ඉන්න හැමෝම හරි හොද නියමෙට වැඩ කරන අය කියලා... ඒත් හැමෝම ඔහොම නැහැ..... අනික තමා අර අන්ධයෝ අලියා විස්තර කරා වගේ පිටිං ඉදන් කරන විචාරයනුත් හරියට ම හරි යන්නෑ....... අඩුපාඩු තරමක් වැඩියි තමයි.... ඒත් ඒකට වගකිවයුතු තැන් නිවැරදි නොකර රාජ්‍ය සේවකයා කියන කෙනාට බැනීම නිවැරදි නැහැ....... මහා විචර ලියන රාජ්‍ය සේවයට වෙෙර කරන අය ගැනනම් කණගාටුයි
ReplyDeleteමට නම් හිතෙන්නේ මේක රාජ්‍යසේවේ සේවකයෝ ඝන නෙමෙයි පුද්ගලයා මතයි වෙන්නේ කියලා.
ReplyDeleteකාර්යක්ශම කම ඔවුන් වැඩ කරන පෞද්ගලික සේවා ආයතනයක වුනත් වෙන්න පුළුවන්.
මගේ යාළුවෙක් ඉන්නවා රජයේ සේවකයෙක්. එයා සමහර වැඩ නිවාඩු දවසේ හෝ අපිත් එක්ක හොලිඩේ ඉන්න ගමනුත් කරනවා. ක්ලයන්ට කෝල් කරලා අහවල ගාවට යන්න කියනවා. ඒකට අපි හිනාවුනත් ඒ සේවයට ඇති කැපවීම.
නැත්නම් මොකාද අනේ නිවාඩු ගිහිනුත් තමන්ගේ කාර්යාල සගයට කියල නිවාඩුවේදිත් ක්ලයන් වැඩ කරන්නේ.
ඔය කියන පෞද්ගලික අංශ හොඳයි කියන රටේම කොමර්ශල් වගේ බැංකුවලදිත් අත්වාරුවකින් යද්දිත් පැය ගානක් මාව පෝලිමේ තියලා තියෙනවා මගෙ ටර්න් එක පහු වෙලත්. ඉතින් මම නම් හිතන්නේ ඒ ඔක්කොම සේවකයාගේ සේවයට ඇති කැමැත්ත.
හොර ලේඛණ ගැන නම් මොන කතාද?
ඔබගේ කථාවට එකඟයි.ඊයේ දිනයේ NSB මම ගියේ අත්වාරු පිහිටෙන්.විශාල සෙනඟක් සිටියත් ඔවුන් මාගේ පහසුව සලකා බැලුවා.පාස්පෝටෙක ගන්න ගිය වෙලාවෙත් ඒ විදිහටම ඔවුන් මානුශික උනා.(නීති,පෝලිම් කඩලා උදවු කරන්න මුල් උනේ පිරිමි නිළධාරීන්.)ආකල්ප වර්ධනයක් රටට අවශ්‍යයි.රට ඒ වෙනුවෙන් සූදානම්.
Delete