Pages

Monday, May 25, 2015

මොනවද මේ EB?

ඊබී හෙවත් Efficiency Bar එග්සෑම් කියන්නෙ කාර්යක්ෂමතා කඩඉම් විභාග කියන එක. රාජ්‍ය සේවයේ ඉන්න හුඟ දෙනෙකුට මුහුණදෙන්න සිදුවන විභාග වර්ගයක් තමයි කාර්යක්ෂමතා කඩඉම් විභාග කියන්නෙ. රැකියාවලට අදාල ගැසට් නිවේදන වල තියන මේ වගේ ප්‍රකාශ හුඟ දෙනෙක් දැකල ඇති.

"මාසික වැටුප් පරිමාණය: 15005-180×10-260×12-320×8 ; 15725ට ප්‍රථම කාර්යක්ෂමතා කඩඉමකි...."

අපිට වැටුප් වැඩි වෙන්නෙ අවුරුද්දකට යම් මුදලක් වශයෙන්. මේ මුදල ආයතන ප්‍රධානියාගේ අනුමැතිය අැතිව ගන්න පුළුවන්. ඒ විදියට වැටුප් වැඩිවෙමින් යද්දි සමහර අවස්ථා තියනව විභාගයක් ලියල වැඩිවීම ගන්න වෙන. අන්න ඒ විභාග තමයි මේ කාර්යක්ෂමතා කඩඉම් විභාග කියන්නෙ. මේ විභාග වලට හුඟක් එන්නෙ වෙලාවට තමුන්ගෙ රාජකාරියට අදාල දේවල්ම තමයි. ඊට අමතරව රාජ්‍ය සේවය සම්බන්ධ පොදු කාරණ එහෙමත් එනව. කොහොම උනත් කාර්යක්ෂමතා කඩඉම් විභාග තියන එකෙන් වැඩි යමක් ඉගනගන්න පුළුවන්. ඊබී වල තියන අවුල තමයි අදාල කාලය තුල විභාගය පාස්කරගන්න බැරි වුනොත්, විභාගය පාස් වෙනකල් වැටුප් වැඩිවීම් නතර වීම. ඊටත් වැඩිය ලොකු අවුල තමයි නතර කල වැටුප් වර්ධක නැවත ලබාගැනීමට කවදාවත් නොහැකි වීම. මේ නිසා නිලධාරීන්ගේ ජ්‍යේෂ්ඨත්වට පවා පහල යන අවස්ථා එනව. ඒ වගේම උසස්වීමේ විභාග ආදිය‍ට ඉල්ලුම් කරන්න "නොකඩවා යම් වසර ගණනක් වැටුප් වර්ධක උපයාගත යුතුයි" කියන අවශ්‍යතාවය නැතිවීම නිසා ඒ කටයුතුත් අවුල් වෙනව.

පහුගිය කාලෙ වාර්ගික අර්බුදයට උත්තරයක් විදියට සිංහල අයට දෙමළ භාෂාවත් දෙමළ, මුස්ලිම් අයට සිංහල භාෂාවත් ඉගනගන්න නියමවුනා. මේකෙ ප්‍රතිපලයක් විදියට දෙවන භාෂාව ඉගනගෙන ඊට අදාලව පිලිගත හැකි විභාගයක් පාස් කිරිම අනිවාර්ය අවශ්‍යතාවයක් බවට පත්වුනා. ඒ මදිවාට ඔය කියන සමර්ථභාවය පෙන්වීම කාර්යක්ෂමතා කඩඉමක් බවටත් පත්වුනා. හැබැයි අපි රාජ්‍ය සේවයට එද්දි ඔයවගේ කේස් එකක් තිබුනෙ නැති නිසා පරණ අය වෙනුවෙන් මේ වගේ විභාගයක් මඟින් වැටුප් වැඩිකිරීම යම් අසාධාරණයක් බවත් කියවුනා. මේ නිසා අපේ කාර්යාලයෙත් හුඟක් අය දෙමළ විභාග ලියන්න පෙළඹුනා. එක්කෙනෙක් හිටිය විභාග සත පහකට මායිම් නොකල. විභාග කතාව ඇදිල එද්දිම එයා වෘත්තීය සමිතියක ඉන්න හිතවතෙකුට කෝල් කරනව.

"අයියේ දෙමළ වැඩේ මොකද?"

"තාම නෑ බං..... ඉහලට දාල තියෙන්නෙ....."

කාලයක් තිස්සේ ඇදිල ගිහිල්ල අන්තිමට තීන්දුව ආව පරණ අයට ඕන නෑ කියල. ඒ වෙද්දි සමහර අය විභාගෙ සමත් කරලත් තිබුන. දෙමළ ලියන්න කම්මැලි වෙච්ච එකා නිකංම ගොඩගියා.

දෙමළ ඊබී එකක් තියනව මේ තිස් එක් වැනිදා. අන්න ඒක දැකලයි මේ ටික ලිව්වෙ. ඊබී සම්බන්ධ කතන්දර කිහිපයක් තමයි මේ.

ඔන්න හිටිය සංඛ්‍යා ලේඛණ නිලධාරියෙක්. මේ උදවියට නං දෙවන භාෂාව සමත් වීම අනිවාර්ය කරල තිබුන අතීතයේ සිටම. මෙතනදි දෙවන භාෂාව කියන්නෙ තමන් අධ්‍යාපනය ලබපු භාෂාවට පරිබාහිර අනෙක් ප්‍රධාන භාෂාව. මේ කියන සංඛ්‍යා ලේඛණ නිලධාරියා මුස්ලිම් කෙනෙක්. නමුත් ඔහු විභාග පාස් කරල තියෙන්නෙ සිංහලෙන්. එතකොට එයාගෙ මව් භාෂාව වෙච්ච දෙමළ තමයි දෙවන භාෂාව. රාජ්‍ය භාෂා එකෙන් පවත්වන විභාගයට ලකුණු දෙන්නෙ ලිඛිත පරීක්ෂණයට සීයට හතලිහක් සහ වාචික පරීක්ෂණයට සීයට හැටක්. සීයට හතලිහෙන් සීයට හතලිහක්, ඒ කියන්නෙ ලකුණු දහසයක් ලිඛිත පරීක්ෂණයෙන් ලබාගත් අය වාචික පරීක්ෂණයට කැඳවනව. අනේ ඉතිං මව් බාසාවෙන් විභාගය ලියල ඉහලම ලකුණු ගත්ත අපේ මහත්තය ගියා සම්මුඛ පරීක්ෂණයට. ගිහිල්ල දෙමළෙන් ඇට්ටි හැලෙන්න දුන්න. පරීක්ෂණ මණ්ඩලයට පුදුමයි! විස්තර අහල බලද්දියි දැනගත්තෙ සිද්ධිය.

ඊලඟ කතන්දර ටික කිව්වෙ අපේ නෝන.
මේ විභාග වලදි විභාග ශාලාධිපති ඇතුළු පිරිස වැඩිය 'තදට' නීතිය ක්‍රියාත්මක කරන්නෙ නෑ. ඔන්න නර්ස්ලාට ඊබී එකක් තිබුනලු හෙද විදුහලක. එතන පාලනය ගෙනියන ප්‍රධාන නිලධාරිනියක් තමයි ශාලාධිපති. ඥාන පටි එහෙමත් කස්ටිය ලඟ තිබුනලු. එක පිරිමි නර්ස් කෙනෙක් උත්තරයක් දැනගන්න කියල තමුන්ගෙ ඉස්පිරිතාලෙට කෝල් එකකුත් ගත්තලු. අර ශාලාධිපතිනිය එද්දි ෆෝන් එක කට් නොකර සාක්කුවෙ දාගත්තලු. එහා පැත්තෙන් කතා කරන සද්දෙ මැඩම්ටත් ඇහෙනවලු.

"හරි හරි උත්තරේ අහගෙන ෆෝන් එක කට් කරන්න" කියල එයා කිව්වලු. තවත් වෙලාවක කෙටි ප්‍රශ්න වගයකට උත්තර ලියපු අංක සහිත කොල කෑල්ලක් එක නර්ස් නෝන කෙනෙක් ලඟට ආවලු. එයා ඒක ලියන අතරෙ ශාලාවෙ ඩියුටි ඉන්න මිස් කෙනෙක් ඇවිත් කොල කෑල්ල ඉල්ලල. අරය බයවෙච්ච පාර ඥාන පටිය හංගගත්තලු. ලඟට ආපු මිස් මෙහෙම කිව්වලු.

"ඔය කොලේ ගෙනල්ල දුන්නෙ මම, අනිත් අයටත් බලාගන්න දෙන්න"

හොඳම සීන් එක ඒක නෙවේ. ඔය රජයේ පොත්පත් වලට තියනව පොදු අංක. රෝගීන් ඇතුලත් කරන පොතක පොදු අංකය මොකද්ද කියල එක ප්‍රශ්නයක අහල තිබුනලු. කවුද ඕව බලන්නෙ, ඒ ගමන ගත්තලු ඉස්පිරිගාලෙට කෝල් එකක්.

"ඔය ඇඩ්මිෂන් බුක් එකේ අංකෙ මොකද්ද කියන්න?"

"අටදාස් හත්සිය දෙක" එහා පැත්තෙන් උත්තරේ ලැබුනලු. උත්තරේ ලියල ඇවිල්ල බලද්දි අංකෙ ඒක නෙවේලු. ඒ ගමන කතා කරපු කෙනාගෙන් ඇහුවලු මොකද්ද කරපු වැඩේ කියල.

"ඇඩ්මිෂන් අංකෙ නේද ඇහුවෙ? ඔයා කතා කරපු වෙලාවෙ තිබුන අංකෙ තමයි කිව්වෙ" එයා කිව්වලු.

බැලින්නං කියල තියෙන්නෙ රෝගියා‍ ලියාපදිංචි කරන්න දෙන අංකෙ!

මේව සමහර වෙලාවට විතරයි වැඩ කරන්නෙ. සමහර උදවියගෙන් නං කිසිම උදව්වක් නෑ. අපේ ඔපීසියෙ නෝනල ටිකක් ඊබී ලියන්න ගිය වෙලාවක එතන ශාලාවෙ ඉඳල තියෙන්නෙ ගුරුවරු ටිකක්. කිසිම චාන්ස් එකක් දීල නැතුවා මදිවට එනකොට කිව්වලු මෙහෙම,

"අපිට ඔයාල සලකන්නෙ නෑනෙ.... අපේ ඉන්ක්‍රිමන්ට් එකවත් හදල දෙනවද! ඔයාලට අපි සලකන්නෙ නෑ"


62 comments:

  1. ඉතිං කතාව ඇත්තනෙ බං.ඔය මිනිස්සු ඉන්ක්රිමන්ට් හදාගන්න ඔෆිස් එකට ඇවිත් මොන කට්ටක් කනවද.තද වෙන එක සාධාරණයි.
    මගේ ලඟත් ඔයවගේ කතාවක් තියෙනවා,හැබැයි ඊ බී කතාවක් නෙවෙයි භාෂා ප්‍රවීණතා විභාගෙ කතාවක්.දැන් ඒ විභාගෙ නෑනෙ.දවසක ඒ කතාවත් ලියන්නට ඕනෑ.

    ReplyDelete
    Replies
    1. ගුරුවරුන් සම්බන්ධව නං මේක හරියටම හරි. අධ්‍යාපන කාර්යාල කියන්නෙ රටේ තියන අකාර්යක්ෂම ම ආයතන.
      භාෂා ප්‍රවීනතාවයත් දැන් ඊබී එකක් තමයි බං. දැං එන එවුන් අවුරුදු පහක් අැතුලත ඒක පාස්වුනේ නැත්තං සොරි තමයි. කෙලින්ම විලම්භනය වෙනව.

      Delete
    2. විලම්භනය වීමක් නොවෙයි නේද. තාවකාලිකව නැවැත්වීමක් පමණයි. යළි භාෂා ප්‍රවීණතාවය ලබා ගත් පසු වැටුප් වර්ධක ලැබෙනව නේද.
      http://www.languagesdept.gov.lk/web/images/downloads/circulars/en/01_2014_en.pdf

      06. The officers who fail to acquire the required language proficiency within the
      prescribed period will have their increments due immediately after the lapse of the
      prescribed period stopped, until such time they acquire the relevant proficiency.

      Delete
    3. මධ්‍යස්ථ මතධාරියා නිවැරදියි. වැටුප් නවතින්නේ තාවකාලිකව පමණයි. ඒ අනුව පෝස්ට් එක සංශෝධනය කරන්නම්. ස්තුතියි පෙන්වාදීම ගැන.

      Delete
  2. ඒ කියන්නෙ EB එක එහෙම පිටින්ම දූෂිතයි.
    ඉතින් කොහොමද අයිසෙ රටක් හැදෙන්නෙ.
    හැම එකාම අවශ්‍ය දැනුම නැතුවනෙ පාස් වෙන්නෙ සහ පඩි වැඩි කරගන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඕව ඔහොම තමයි අයිසෙ. මොනව කරන්නද

      Delete

    2. එහෙව් රාජ්ලනෙ රට හදන්ඩ කතා කරන්නෙ

      Delete
  3. ඊ.ජී.බී. නැතිව කෑම එපා. ඊ.බී. නැතිව ඉන්ක්‍රිමන්ට් එපා.
    තනියෙං කාමර වල ඉඳං ලියන්න දෙන්නෙ නැද්ද ඔය ඊ.බී. එක?

    ReplyDelete
    Replies
    1. සමහරක් නං එහෙමත් විභාග ලියල තියනව.

      Delete
  4. රාජ්ගේ නෝනාට කොයින්ද වෙලාවක් රාජ් එක්ක කතා කර කර ඉන්න. මොකද රාජ් දවල්ට කන්තෝරුවේ. රාජ් හවස ගෙදර යනකොට නෝනා රෑට වැඩට ගිහිං. ආයේ නෝනා උදේ ගෙදර එනකොට රාජ් කන්තෝරු යනවා. හැබැටම රාජ් කොහොමද පවුල් ජිවිතේ ගෙනියන්නේ.

    අපිටත් කියලා දෙන්න, අපිත් ආසයි රාජ් ලිංගික ජීවිතේදී එහෙම සතුටු වෙන්නේ කොහොමද කියලා එහෙමත් දැනගන්න.

    ReplyDelete
    Replies
    1. හැමදාම නයිට් නෑ බොල! මාසෙකට හතර පහක් තියෙන්නෙ.

      Delete
  5. රාජ්.................... අවුරුදු තුනක් හිටියා ඊබී නොකර... හැමදාම දානවා ලියන්නෑ.. අැයි යකෝ විභාග ඒපා වෙලා ලියලම... පස්සේ රස්සාව මාරු කරා ඊබී නැති ඒකකට..... දැන් ඊබී නැහැ.. ඒ වෙනුවට කවදාවත් දැකලා නැති සුද්දාගේ භාෂාවෙන් ලියන (ලියන විතරක් නෙමෙයි කරන) විෂයන් 9 ක විභාගයක් තියෙනවා... තව සති දෙකයි තියෙන්නේ.... මේවාට තමා ඉගුරු දීලා මිරිස් ගන්නවා කියන්නේ.....

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ්..... ගුරුවරුන්ට නං ඊබී නෑ.

      Delete
  6. ඔය පොදු අංක වලින් මට හොඳටම මතක තියෙන එකක් G 47. අබලි ද්‍රව්‍ය ඉවත් කරන ක්‍රමවේදය තියෙන්නේ ඒකේ. ඇඩ්මිශන් බුක් එකේ කතාවටත් වැඩිය දෙවන බස දෙමළ වෙච්චි මුස්ලිම් එකාගේ සීන් එක මරු.. :p

    ReplyDelete
    Replies
    1. හා....47යි 66යි අරගෙන තමයි අපි භාණ්ඩ සමීක්ෂණය කරන්නෙ.

      Delete
    2. වෙන නැතිවට .......මංගලගේ මොංගල් නඩේ "නෙළුම් යාය"

      Delete
  7. විභාග මතක් වෙනකොටත් එපා වෙනව. මම රස්සාව පටන්ගද්දිම හිතුවෙ දෙයියනේ දැන් විබාග කරදරේ ඉවරනෙ කියල. ඒ අතින් අපි වාසනාවන්තයි.

    ReplyDelete
    Replies
    1. මාත් හිතුවෙ ඔහොමයි. යකෝ දැංනෙ විභාග තියෙන්නෙ.

      Delete
  8. EB කරා කියලත් ඇති වැඩක් යැ. මාසෙකට ඕන නං සුපියල් දෙසියක් විතර වැඩි වේවි නේද රාජ්??

    ReplyDelete
    Replies
    1. ඒක නං ඇත්ත තමයි.
      ඒත් බං ඒ ටිකත් බඩට නෙව.

      Delete
  9. /* පහුගිය කාලෙ වාර්ගික අර්බුදයට උත්තරයක් විදියට සිංහල අයට දෙමළ භාෂාවත් දෙමළ, මුස්ලිම් අයට සිංහල භාෂාවත් ඉගනගන්න නියමවුනා. මේකෙ ප්‍රතිපලයක් විදියට දෙවන භාෂාව ඉගනගෙන ඊට අදාලව පිලිගත හැකි විභාගයක් පාස් කිරිම අනිවාර්ය අවශ්‍යතාවයක් බවට පත්වුනා. ඒ මදිවාට ඔය කියන සමර්ථභාවය පෙන්වීම කාර්යක්ෂමතා කඩඉමක් බවටත් පත්වුනා. හැබැයි අපි රාජ්‍ය සේවයට එද්දි ඔයවගේ කේස් එකක් තිබුනෙ නැති නිසා........*/

    මේ ඉතිහාසය හොයා බලන්න. මීට වඩා වෙනස් විය හැකියි.

    මං හිතන්නේ ඔය දෙමල අයට සිංහල සහ සිංහල අයට දෙමල විභාග ආවේ 1960 දශකයේ හෝ ඊට පෙර විය යුතුයි.

    පසුව සමහර සේවාවන්ට පමණක් සීමාවෙන්න ඇති.

    මං දන්නා තරමින් 1993 පමණ ඔය දෙමල විභාගය තිබුණා ආණ්ඩුවේ අයට.

    මං නං රජයේ සේවයේ ඉඳලා නෑ.

    ReplyDelete
    Replies
    1. කතන්දරගේ මතය වැරදියි. ද්‍රවිඩ ජාතික රජයේ සේවකයන්ට සිංහල භාෂාව සහ සිංහල ජාතික රජයේ සේවකයන්ට ද්‍රවිඩ භාෂා විභාගය ආවේ එක්දාස් නමසිය 87 දී.

      මොකද 83 කලබල වලින් පස්සේ මේ එවකට ආණ්ඩුවටත් යම් යම් ජාතන්තර ප්‍රශ්න කිරීම් වලට මුහුණ දෙන්න උනා. හරියට යුද්ධෙන් පස්සේ එවකට තිබුණු ආණ්ඩුවට එල්ලවූ ජාත්‍යන්තර ප්‍රශ්න කිරීම් වගේ. හැබැයි 83 සිදුවීමේදී එතරම් ප්‍රභලව ජාත්‍යන්තරය ලංකාවේ රජයේ ක්‍රියාකලාපය ප්‍රශ්න කලේ නෑ.

      කොහොම හරි 83 සිදුවීම ගැන යලි හැරී බැලීමෙන් පසු, තමයි ඔය උඩින් කිව්වා භාෂා විභාගය පටන් ගත්තේ.

      මම රජයේ සේවයේ හිටියා 69 ඉදලා 90 වෙනකන්. දැන් නං මම ඉන්නේ බර්මින්හැම් වල.

      Delete
    2. දන්නා තරමින් භාෂා ප්‍රවීනතාවයක් පෙන්නන්න අනිවාර්ය තනතුරු කිහිපයක් තිබුන. මම කිව්ව සංඛ්‍යාලේඛන නිලධාරීන් එක කාණ්ඩයක්. ඒ හැර යමක් කියන්න දන්නෙ නෑ. අපි දන්න උපරිම සේවා කාලයක් ඇති උදවිය ඉන්නෙ අසූවෙ වගේ පත්වීම් ලැබූ අය. එයාලට නං කිසිම කාලෙක මේ කේස් එක නොතිබුන බව කියන්න පුළුවන්.
      2007 ඉඳල පත්වීම් ගත්ත අයට තමයි අනිවාර්ය.

      Delete
  10. තමන් ගේ කාර්යක්ශමතා විබාගෙත් හොරාට කරන කම්බා හොරු..

    කමල්ලෑ... යහපාලනේට සපෝට් නේ...

    ReplyDelete
    Replies
    1. එහෙනං අයිසේ තමුසේ මොකද ඕයි මේ හොරුන්ගේ බ්ලොග් බලන්නේ. මෙව්වා නොබලා ඉන්නවකෝ.

      Delete
    2. (මේ වනාහී බොග් අයිතිකාරයා ඇනෝ පමින දැමූ කොමෙන්ටුවක් වීමට පුලුවන)

      අපි ඇවිල්ලා උඹලාට ලන් වෙන්නවත් බැරි ලොකුම හොරාගෙ කස්ටිය හරිය?

      Delete
    3. Sa rasaMay 25, 2015 at 5:00 PM
      //කමල්ලෑ... යහපාලනේට සපෝට් නේ..//
      යම පාලනය යටතේ තරග විභාග වලට වෙච්ච කල දන්නව ඇති මං හිතන්නෙ. වෙනම කාමර වල ඉඳගෙන නීති විභාග ලියපු කුමාරවරු වගේම දහස් ගානක් කැම්පස් තරගෙට ලියපු උසස්පෙල වලින් පස්සෙ කැම්පස් යන්න කුමාරවරුන්ගෙ ලියුම් ගත්ත කාලයකුත් තිබුන. ඒකට කියන්නෙ යම පාලනය කියල.

      Sa rasaMay 25, 2015 at 10:24 PM
      ///(මේ වනාහී බොග් අයිතිකාරයා ඇනෝ පමින දැමූ කොමෙන්ටුවක් වීමට පුලුවන)///

      පොන්නයන් හිතන්නෙ අනිත් එවුනුත් තමුන් වගේ පොන්නයන් කියල.

      Delete
    4. සාරස යනු ගිය ගිය තැන නාගෙන අනාගන්නා පොන්නයෙකි.

      Delete
    5. //පොන්නයන් හිතන්නෙ අනිත් එවුනුත් තමුන් වගේ පොන්නයන් කියල.//

      //සාරස යනු ගිය ගිය තැන නාගෙන අනාගන්නා පොන්නයෙකි. //

      ඒ කතාව ඇත්ත තමයි.... රාජ්...

      බ්‍රෑඩ්බි බලන්න ගිය සෙනසුරාද කොලඹ ආවැයි?

      Delete
  11. අපිනම් ඉතින් විබාග ලිව්වෙත් නෑ ජොබ් කරෙත් නෑ ඒ නිසා පඩි වැඩි උනෙත් නෑ අන්තිමට රටෙත් නෑ

    ReplyDelete
  12. මේවා මෙහෙම වත් තියෙන එක හොඳයි.. කීප දෙනෙක් හරි අප්ඩේට් වෙයි නෙ..

    ReplyDelete
  13. මරදානේ ගෑෂ් කන්දුවෙන් මියගිය බේකරි සේවක මහතුන් තිදෙනාට නිවන්සුව ප්‍රර්ථනා කරමු.

    ReplyDelete
    Replies
    1. ගෑෂ්? මොක්කද තම්බී, ගේෂ් වලට ගෑෂ් කියල්ලා ලිව්වා?

      Delete
  14. අර වැටුප් පරිමානය දක්වන විදිය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නකො රාජ්...මට ඒ ගැන අවබෝධයක් නෑ.

    ReplyDelete
    Replies
    1. //15005-180×10-260×12-320×8 ; 15725ට ප්‍රථම කාර්යක්ෂමතා කඩඉමකි...." //

      මේ වගේ ප්‍රකාශයක මුලින් තියෙන්නෙ ආරම්භක වැටුප. මෙතන නං 15005න් තමයි පඩිය පටන් ගන්නෙ.
      180, 260, 320 කියන්නෙ වැටුප් වර්ධක අගයන්.(ඉන්ක්‍රිමන්ට්) මේ අනුව මේ සේවකයා 15005න් පටන් ගත්තම අවුරුදු දහයක් යනකල් අවුරුද්දකට 180 ගානෙත් ඊලඟ අවුරුදු දොලහෙදි 260 ගානෙත් අන්තිමට 320 ගානෙත් වැඩි වෙනව කියන එකයි.
      15005ට 180ඒව තුනක් ගත්තම 15545යි. ඒ දක්වා ආයතන ප්‍රධානියාගේ අනුමැතියෙන් ගන්න පුළුවන්. ඊලඟ 180 එකතු වුනාම තමයි 15725ක් වෙන්නෙ. අන්න ඒක ගන්න තමයි ඊබී පාස් වෙන්න ඕන කියන්නෙ. ඒක බොසාගෙ කැමැත්තට දෙන්න බෑ.
      පැහැදිලි ඇති......

      Delete
    2. ගොඩාක් ස්තූතියි...ඉතාම පැහැදිලියි...

      Delete
  15. හොද වෙලාවට අප්පා අපි රජයේ රස්සාවල් නොකරන්නේ..

    ReplyDelete
  16. EB කියන්නේ මොකක්ද​?

    ReplyDelete
    Replies
    1. කියෙව්වෙ නැද්ද?

      Delete
    2. උන්මත්තකයෙකුට තේරෙනවද :P

      Delete
  17. හම්මෝ..............ඔන්න අපේ ලොකුදුවත් ලිව්වා ගිය සතියේ ඔය කඩඉමට. මේ දවස්වල පනදාගෙන දෙමල ඉගෙනගන්නවා සාමාන්‍යපෙළ දෙමල විෂයයෙන් සමත් වෙන්න.

    හැබෑටම ඔය කරන්නේ නිකං විහිළුවක් නේද? ඔය දෙමල හෝ සිංහල ඉගෙනගත්තට, ප්‍රායෝගිකව පාවිච්චි වෙන්නේ නැති තරම්. බොරුවට අර සුදුසුකම ලබාගන්න විතරයි ඉගෙනගන්නේ. ඊට පස්සේ අමතක කරලා දානවා.

    අර ඥාන පටි වලට හමුදාවේදී කියන්නේ ටැබ්ලට් එක කියලා. ටැබා ගහලා අහුවුනොත් කපෝතියි. හමුදාවේ තියෙන්නේ විභාග දෙකයි. ලුතිතන් (ලුතිනන් නෙවෙයි ලුතිතන් හරි) සිට කපිතන් දක්වා උසස් කිරීමේ විභාගය සහ කපිතන් සිට මේජර් දක්වා උසස් කිරීමේ විභාගය. යුද්ද කාලේ යුද පිටියේ ඉඳන් කොහොමද පාඩම් කරන්නේ? අන්තිමට සුපවයිසර් හැටියට ඉන්න නිලධාරියාම සමහර එව්වා කියලා දෙනවා. සමහර අය එහෙම නෑ. එයාල හිතන්නේ අපි අක අතක තුවක්කුවයි අනික් අතේ පොතයි තියාගෙන තමයි යුදපිටියේ ඉන්නේ කියලා.

    හමුදාවේ තියන පොත් බොහොමයි. AB21 (Army Book) කියන්නේ ගිණුම් කටයුතු කරන පොත. සංසාරේ එපාවෙන වැඩක්.

    ReplyDelete
    Replies
    1. හප්පේ ආමි එකෙත් ඊබී තියනවද?

      ඊබී වල වැදගත්කමක් තියනව. මම කියන්නෙ භාෂා එකේ නෙවේ අනිත් එකේ. උදාහරණයක් විදියට අපේ තියනව පළමු ඊබී එක. රස්සාවට ගිහිල්ල පළමු අවුරුදු තුන අංශ කිහිපයක වැඩ කලොත් පාඩම් නොකර ප‍ාස් වෙන්න පුළුවන්. ඊබී නිසා හොඳ ප්‍රවීනතාවයක් ලැබෙනව. නීතිරීති ගැන දැනුමක් ලැබෙනව.
      භාෂා එක නං සාර්ථකයි කියන්න බෑ. එක වසරෙ ඉඳල ඉගනගන්න ඉංග්‍රීසියත් හරියට කතා කරගන්න බැරි අපේ එවුන්ට අලුතෙන් දෙමල භාෂාව ඉගනගෙන එයින් වැඩගන්න පුළුවන් කියල මම නං හිතන්නෙ නෑ. වාර්ගික අර්බුදයට හොඳම විසඳුම තමයි වාර්ගික විවිධත්වය අැති කාර්යාල වලට සේවකයන් අනුයුක්ත කිරීමේදී අදාල ජන වර්ගවල නිලධාරීන් යෙදවීම.

      කලකට ඉස්සෙල්ල මම කතා කලා නැගෙනහිර පැත්තෙ කාර්යාලයකට. සිංහල දන්න එකෙක් හිටියෙ නෑ. කාරණාව කරගන්න ලැබුනෙත් නෑ.

      Delete
  18. අම්මේ විභාග නම් මතක් කරන්න එපා ....8 පංතියත් බොහොම අමාරුවෙන් ගොඩ දාගත්තේ ....හැක්

    විභාගෙ විභාගේ
    එහෙ බැලුවත් විභාගේ
    මෙහෙ බැලුවත් විභාගේ
    විභාගේ තමයි අපේ අභාගේ........

    විහිලුවකට හිනාවකට
    විනෝදෙකට වෙන වැඩකට
    නෑ වෙලාව විභාගේ
    එකේ ඉඳන් දොලහ දක්ව
    ලොකු පොඩි හැම පන්තියකම
    ඇතෙක් බරට විභාගේ
    ඉරක් හඳක් ගහක් කොළක්
    මනිස්සයෙක් පේන්නෙ නෑ
    ඔහු සැපදුක අහන්නෙ නෑ
    කන්නෙ බොන්නෙ අඳින්නෙ නෑ
    විභාගේ...

    විකු‍ර්ති (සෝමලතා සුබසිංහ)

    ReplyDelete
  19. කමෙන්ට් වලිනුත් දැනගත්තු විදියට රජ්‍ය සේවක වැටුප් වැඩි වෙන්නේ ඔය විභාග ලියලා වුනත් පොඩි මුදලකින් නේ.එහෙම බලනකොට පුද්ගලික අංශයේ ඉන්න අපිට හොඳයිනේ.

    ReplyDelete
    Replies
    1. උඹල දැන් දැක්කනෙ රජයේ සේවකයන්ගෙ පඩි වල තරම. හෙහෙ හෙහෙ
      ඉන්ක්‍රිමන්ට් වැඩිවෙන්නෙ එකසිය ගනන් වලින් සෙල්ලම් නෑ හරිය.

      "මාසික වැටුප් පරිමාණය: 15005-180×10-260×12-320×8 ; 15725ට ප්‍රථම කාර්යක්ෂමතා කඩඉමකි...." //

      රාජු ඔක්කොම ගලෝල මේන් කියල පෙන්නනකොට මං බිම බලාගත්තා.

      කොහොමෙයි අපි දැන් පාරෙ බැහැල යන්නෙ. ට්‍රේන් එකේ පුද්ගලික එවුන් හිගන්නන්ට කීයක් හරි දීල ලග ඉන්න රජයෙ අපෙන් අහනව උඹලටත් කීයක් හරි ඕනද කියල.

      Delete
    2. අවුරුදු කාලෙක දවසක් යාළුවෙක් එක්ක කතා කර කර ඉන්නකොට ෆෙස්ටිවල් ඇඩ්වාන්ස් කතාවක් ඇදිල ආව. ඌ වැඩකලේ පෞද්ගලික අංශෙ. මෑන් මගෙන් අහනව උඹලට අවුරුද්දට කීයක් දෙනවද කියල. මම කිව්ව පන්දාහයි කියල. ඌට ඊ.........යා කියවුනා.

      Delete
  20. ලිපියෙන් වගේම කමෙන්ට්ස් වලිනුත් ගොඩක් දේවල් දැනගත්තා. මේවා ලියල තියෙන එක හොඳයි. හොඳ වටිනා පෝස්ට් එකක්.
    ජය වේවා!!!

    ReplyDelete
  21. මට මතකයි රාජ්‍ය සේවයේ හිටපු මගේ අම්මා ඊ බී ලියනවා. ඒකාලේ ගෙදර උයන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. තාත්තා ඒ දවස්වල කඩෙන්ද කෑවෙ?

      Delete
  22. මට මතකයි රාජ්‍ය සේවයේ හිටපු මගේ අම්මා ඊ බී ලියනවා. ඒකාලේ ගෙදර උයන්නෙත් නෑ.

    ReplyDelete
  23. EGB තියනවනම් කාර්යක්ශමව කන්න පුලුවන් කියනව.

    කාර්යක්ශමවීම පිලිබඳව සුබ පැතුම් රාජ්

    ReplyDelete
  24. රාජ්
    මේ E.B කියන් එකට මේ අපි ඉන්න කැන්ගරු රටේ නම් තියෙන්නෙ වෙන තේරුමක්.Enterprise Bargaining කියල කියනවා. සිංහලෙන් සාමූහික කේවල්කිරීම කියල මම හිතන්නෙ.වැරදි නම් කවුරුහරි මීට වඩා හොඳ සිංහල වචනයක් කියන්න. මේකත් පඩි වැඩි කිරීමටම සම්බන්ධයි. මම උදාහරනයක් කියන්නම්.ලොකු සමාගමක සේවකයො සමාගමත් එක්ක කේවල් කරලා ගිවිසුමක් ගහනවා ඊලඟ අවුරුදු පහේදි අවුරුද්දකට කොච්චර ගානකින් පඩි වැඩි වෙනවද කියල.මේ වැඩිවීම කියන්නේ සීයට ගානක් හැටියට.මෙහෙම කියමු. ඊලඟ අවුරුදු පහේදි අවුරුද්දකට සීයට දෙක ගානෙ සේවකයින්ට පඩි වැඩි කිරීමක් ලැබෙනවා.මේ ක්‍රමය රජයේ සේවයෙත් තියනවා.පොලීසියෙ අය ,නර්ස්ලා,ගිලන් රථ සේවකයො Paramedics එහෙම මේ වගෙ E.Bs ගහනවා රජය සමග.

    ReplyDelete
    Replies
    1. මේ ක්‍රමයට ලංකාවෙ පුද්ගලික අංශයේ වෘතීය සමිති ආයතනය සමග ගිවිසුම් ගහනව. හැබැයි ආන්ඩුවෙන් පෙන්වන වැරදි ජීවන අංකය වැනි සංකයා ලේකන නිසා සේවකයන්ට වාසියක් අත්වෙන්නෙ නෑ.

      Delete
    2. මේ ක්‍රමය ලංකාවේ පෞද්ගලික බැංකු, ලිවර් බ්‍රදර්ස් වගේ කොම්පැණි වල තියෙනවා. ලංකාවේ කියන්නේ Collective Agreement කියලා. පඩියට අමතරව ගොඩක් සේවා කොන්දේසි ඒකට අයත් වෙනවා.

      Delete
    3. මේ ක්‍රමය ලංකාවේ පෞද්ගලික බැංකු, ලිවර් බ්‍රදර්ස් වගේ කොම්පැණි වල තියෙනවා. ලංකාවේ කියන්නේ Collective Agreement කියලා. පඩියට අමතරව ගොඩක් සේවා කොන්දේසි ඒකට අයත් වෙනවා.

      Delete
  25. මට නම් ඔය රාජ්‍ය සේවකයෝ මතක් වෙද්දි හරි අප්පිරියයි මොකද මට ඔය අායතන 20ක් ඒක්ක විතර මාසෙට වැඩ කරන්න වෙනවනෙ.පඩි මදි නිසයි වැඩ අඩුවෙන් කරන්නේ කියලා කියනවා.ඒ්ත් රු 10 000 යේ පඩියට මහන්සි වෙලා වැඩ කරන පුද්ගලික අංශයේ අය මම ඹ්න තරම් දැකලා තියෙනවා.ඒ වගෙම ගොඩක් රජයේ අායතන වල ටිකක් බර වැඩ කරන්න ඉන්න කට්ටිය පුද්ගලික අංශයේ ඒයාලා රාජ්‍ය සේවකයෝ 10 ක වැඩ කරනවා.ඒ්ත් ගන්නෙ ගොඩක් අඩු පඩියක්.ඔය විභාග වලින් ඒයාලගෙ ඔළුත් හදන්න පුළුවන්නම් කොඡ්චර හොද වෙයිද මේ රට.නැ, බැ, කරන්නම බෑ, හෙට ඒන්න,ඒ් subject 1 කරන කෙනා නෑනේ, හරි අමාරුයි, අර මිස් ගාවට යන්න, හි හි

    ReplyDelete
  26. ඔ්‍ය දෙමල බාසා කේස් එකනම් හොදයි..හරියට කෙරෙනවා නම් ගොඩක්ම හොද වැඩක්..ගොඩක් අයට කැඩිච්ච ඉංගිරිසි තේරුම ්ගත හැකි..නමුත් දෙමල අකුරක් වත් බෑ..

    ReplyDelete
  27. Hi,

    Please explain this salary scale

    Rs. 337,140 - 3* 7,740 / 8*9,480 / 2*12,600 - 461,400 per annum.

    thx,
    Chandi

    ReplyDelete