මේ වනවිට ලංකාවේ ප්‍රභලම ජන මාධ්‍ය කුමක්දැයි විමසුවහොත් ලැබෙන පිලිතුර කුමක්දැයි සැක නැත. එය රූපවාහිනියයි. එයින් සැටලයිට් සේවාවවන් අත්හැරිවිට ප්‍රධාන වන්නේ-බොහෝ දෙනෙක් නරඹන්නේ-ලාංකීය රූපවාහිනී නාලිකාවන්ය. එහෙත් අපේ රූපවාහිනී නාලිකාවන්ගේ හැසිරීම කෙබදුද? විකාරය-විහිළු සහගතය. පක්ෂවලට කඩේයෑම ඕපාදූප කෙරෙහි ඇති නොනිත් ආශාව... වැනි ලෝකයටම පොදු දුර්වලතා අත්හැරදැමූ විට? ලැබෙන පිළිතුර තවමත් එසේය. මේ මාදුටු එවැනි විකාර සහගත සිදුවීම් කිහිපයක්ය.
යකා නගින වෙලාව!
සෑම පැය භාගයකට වරක්ම වේලාව දැක්වීම සිදුකරන අතර විකාශය වන වැඩසටහන කොතරම් වැදගත් වුවත් ප්‍රශ්නයක් නැත. ඊට බාධා කරමින් වේලාව දැක්වීම සිදුකරන්නේ එය ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකමින්ය. මෙහි ඇති අනෙක් හාස්‍යජනක කරුණ වන්නේ එක් එක් නාලිකාවල වේලාවන් අතර පවතින වෙනස්කම්ය. ශ්‍රී ලංකාව තුල නිවැරදි වේලාව සකස්කරගැනීම සදහා http://sltime.org වෙබ් අඩවිය ආරම්භ කලත් ඒ අනුව වේලාව දැක්වීමක් සිදු නොකරයි.
සිංහලෙන් කතාකරන දෙමළුන්...
මෙය මා දුටුවේ දෙරණ රූපවාහිණියේ විකාශය වන ටෙලි නාට්‍යකය. එහිදී දෙමළ ජාතික පියා සහ දියනිය අපහසුවෙන් මෙන් කැඩිච්ච සිංහලෙන් කතාකරනු දැකියහැකි විය. කෙසේ වුවද එය සිංහල ප්‍රේක්ෂකයාගේ රසවින්දනය සදහා නිපදවූවක් නිසා එතරම් වරදක් නැත.
අගල් ගාන අපට දියව්!
ඕනෑම අයෙකු රූපවාහිනියක් මිලදී ගැනීමේදී සැලකිලිමත් වන ප්‍රධානතම කාරණාව වන්නේ එහි තිරයේ ඇති විශාලත්වයයි. අගල් දොලහේ පටන් ඉහලට ඇති විවිධ ප්‍රමාණ වලින් යුතු රූපවාහිනී මිලදීගන්නා ප්‍රේක්ෂකයාට දැන් නැරඹීමට සිදුව ඇත්තේ තමන් ලබාගත් ප්‍රමාණයට වඩා අගල් කිහිපයකින් කුඩා රූපරාමුවකි. හේතුව වෙළද දැන්වීම්ය. නැරඹීමට ඇති තිරයේ ප්‍රමාණය මෙලෙස කුඩාවීම නැවැත්වීමට නීතිරීති ගෙනඑන්නේ නම් යහපත්ය.
පොල්කිරි වෙනුවට එලකිරි දාන්න බැරිද?
මෙවැනි ප්‍රශ්න නැගීම සිදුවන්නේ ඉහුම් පිහුම් වැඩසටහන් වලදීය. කවදාවත් කුස්සියට නොයන්නේ යැයි විශ්වාස කලහැකි, ඒවා මෙහෙයවන නිවේදිකාවන් සූපවේදීන්ගෙන් අසන්නේ එක් ප්‍රශ්නයක් පමණි. "...එතකොට චෙෆ් මේකෙ පොල්කිරි වෙනුවට එලකිරි දාන්න බැරිද?". සූපවේදීන්ගේ පිළිතුරද බොහෝවිට "ඔව් පුළුවන් හැබැයි එතකොට හැදෙන්නෙ ...... කෑම නෙවේ. වෙන එකක්. :P
පොදුවේ ගත්විට නාලිකා සියල්ලක්ම පාහේ ඒකාකාරී වන අතර වෙනස් යමක් සිදුකරන නාලිකා දක්නට නොමැත. උදෑසන නවය පමණ වනවිට මේවායේ ඇත්තේ "නුගසෙවන" වැනි වැඩසටහන්ය. දහවල් වනවිට ගීත ඉල්ලීම්ය මධ්‍යාහ්න කාලයේදී කසිකබල් චිත්‍රපටිය. සවස් වනවිට යලිත් සංගීත වැඩසටහන්ය. නාලිකා ප්‍රමාණය වැඩිවුවද ඒවා සියල්ල එකම අච්චුවේය. පිටරටින් කොපිකිරීමට හෝ විදියක් නැත, මක්නිසාද යත් ඉන්පසු සැවොම එකම වැඩසටහන කොපිකිරීමට පටන් ගැනීම නිසාය.
Wednesday, March 21, 2012
රූප පෙට්ටියෙ විකාර.
Subscribe to:
Post Comments (Atom)
සිරා පෝස්ටුව..සම්පූර්ණ ඇත්ත,
ReplyDeleteඅඟල් 24" තිරේකින් බලන්න ලැබෙන්නෙ අඟල් 12" විතර ඉඩක් විතරයි. වටේම ඇඩ් වලට කපාගෙන, මැදිනුත් තව පෙට්ටි කෑලි දානවා.
අපේ ගෙදරනම් ටී.වී එකක් නෑ. මගේ මිතුරන් බොහෝ දෙනෙකුගේ ගෙවල් වලත් ටී.වී නෑ. තියෙන අය බලන්නෙ නිවුස් විතරයි. ඊට අමතරව තිරය පාවිච්චි කරනවා වීඩියෝ බලන්න.
ටීවී කියන්නෙත් අභාවයට යන සතෙක් වෙලාද?
Deleteමම නම් ටීවි බලන්නේ නෑ. මේ ලගදී අම්මා ඉන්න ගෙදර ගිහින් අර ලක්ෂපති කියලා වැඩ සටහනක් තියෙන්නේ ඒක නම් බැලුවා. අනේ අම්මා කිව්වා ඒකට කොල් කරන්න යන්න පුළුවන් කියලා. ඕං ඉතිං බට්ටි ඒකට කොල් කරලා එකසීය ගනට සල්ලි කපා ගත්තා. ආයෙනම් වැරදිලාවත් ටීවි බලන්නෑ. මැච් එකක් ඇරෙන්න.
ReplyDeleteමම නං කම්මැලිකමට බලනව.
Deleteඕව ගැනනම් කියල වැඩක් නැහැ. ඔකුන් ගෙ මගුල් බලනවට වඩා හොදයි සල්ලි දීල සැටලයිට් චැනල් බලන එක.
ReplyDeleteවැඩ සටහනක් යද්දි එව උඩ ඇඩ් දානකොට ඒකට විරුද්ද වෙන්න ඔනෙ ඒවගෙ නිෂ්පාදකයො මොකද උන් මහන්සිවෙලා එවගෙ රූපරාමු ලස්සනට හදුවට වැඩක් නැහැ මු ඒව කැත කරනව වශී ගුරුකම් ගැන උඩින් යටින් දාල.
අනිත් එක හුගක් මිනිස්සු සිරසට බනිනව මිනිස්සුන්ගෙ ඔලු අවුල් කරනව කියල බාල වැඩ කරල හැබැයි අනිත් උන් ඊටත් වඩා හොදට සිරස කරන දේ කරනව දේශප‍්රෙමී ලොගුව දාගෙන මුලින්ම ඉන්නෙ සෝම ආච්ගෙ පච වාහිනිය උන්ගෙ ලව් @ 8 බැලුවම බඩ යනව.
සැටලයිට් බැලිල්ල ගැන සුපිරි කතන්දරයක් තිබුන චාමිගෙ http://reargate.blogspot.com එකේ. කරුමෙට හොයාගන්න බැරිවුනා. ට්‍රයි එකක්දීල හොයාගෙන කියවන්න.
Deleteනිව්ස් වලින් ෆස්ට් නං කුජීතයි.
හහ් හා සියඹලා කතාව නේද
Deleteහරිනේ! ඒක තමයි.
Delete"...එතකොට චෙෆ් මේකෙ පොල්කිරි වෙනුවට එලකිරි දාන්න බැරිද?". සූපවේදීන්ගේ පිළිතුරද බොහෝවිට "ඔව් පුළුවන් හැබැයි එතකොට හැදෙන්නෙ ...... කෑම නෙවේ. වෙන එකක්. :P
ReplyDeletehak hak hak me wage debas matath onaa tharam ahilaa thiyenawaa ayiyo pana yanna hinaa unaa meka dakalaa :D
hmm TV eke yannema bahubutha thamai. dawal ta yanawa ekadahas namasiya bara ganan wala films :D
aththatama balanna deyak naha dan..
:D
Deleteඔව්ව ඔහොම තමයි. මොකෑ සිංගිරිසියෙන්?
ඔෆිසියේ ඉන්නකොට කොටා බෑවේ එකයි :)
Deleteමමනම් වැදගත් දේකට කියලා ටිවී එකේ බලන්නේ හවස යන කාටූන් ටික විතරයි. මොකද අනික් විහිලු බලනවට වඩා කාටුන්වල යන විහිලු හොදයි..
ReplyDeleteඅනෙක් ඒවාට සාපේක්ෂව බැලුවම කාටුන් නං හොද තමයි. ඒවත් පිටරට ඒව. අපේ කාටූන් නං ගතියක් නෑ.
Deleteape tv eka den ain karala godak kal ban, eka den comade ekak vidiyata pawichchi karanawa.
ReplyDeleteටීවි එකේ හත හමාරෙ ඉඳන් දහය වෙනකන් මෙගා නාට්‍ය. ඒ කෙහෙම්මල් හින්දා හදිස්සියකට මැච් එකක්වත් බලන්න නෑ.
ReplyDeleteප්‍රවෘත්ති කියලත් යන්නෙ විකාර.තූ විතරක්.
තුහ්!
Deleteහී හී...එහෙනම් ලංකාවේ ටීවී වැඩ සටහන් නොබැලුවා කියලා එච්චරම පාඩුවක් වෙන්නේ නෑනේ.
ReplyDeleteකුකරි ප්‍රෝග්‍රෑම් බලන්න. මරු!
Deleteඅම්මපා...ඉතිරි කොටස හෙට, හොද්ද ලිපේ....:D
Deleteමම දවසක් දැක්කා ශාන්තා මායාදුන්නෙ බණ්ඩක්කා කරියක් හදන හැටි
අපේ ගෑණු වගේමයි...
පෑන් එකට හැන්ද දාලා කරකවනකොට බණ්ඩක්කා ලිප පල්ලෙ....
මේ කීවේ ඉතින් පොඩ්ඩි උයන හැටි දැකලා නෙමේ නේද? :D
Deleteමායාදුන්න.... මොකද... පලිපාන මොකද....:D:D
Deleteගොඩක් අය කියන එක තමයි මටත් කියන්න තියෙන්නේ
ReplyDeleteඇඩි එකක් බලන්න ටිවි එක දැමිමා කොහෙද තැනින් තැන ෆිල්මි එකක් දානවනේ
නිදහසේ ඇඩ්එකක් බලන්න නෑනේ....
Deleteටී.වී. සහ රේඩියෝවේ දෙකේම කතා කරන්නේ සිංහලෙන් නෙමේ, බාගෙට ඉංග්‍රීසි කෑලි දාගෙන බොරුවට පොෂ් වෙන්න හදන එවුන්
ReplyDeleteහ්ම්. ඒවුනාට ඕව ගැන කතාකලාම කියන්නෙ "අමාරුවෙන් මොකටද සිංහල කතාකරන්නෙ" කියලනේ.
Deleteසිරා කතාව...
ReplyDeleteතැන්කූ!
Deleteඅපි නම් සල්ලි දීලා සැටලයිට් ටීවී අරගන කොම්පැනිවල ඇඩ් බලනවා. ටෙලි නාට්‍යයක් බලනවානම් නාට්‍යය තියෙන්නේ විනාඩි පහලවක් දහ අටක් වගේ කාලයක්. ඒත් රෑ නවයට පටන් ගන්න නාට්‍යය ඉවර වෙන්නේ දහයට.
ReplyDeleteකොම්බුවෙ නේද? කලිං නං තිබුනෙ පැය 1/2 නාට්‍යට ඇඩ් දාන්න පුළුවන් විනාඩි 7යි. 23ක් නාට්‍ය වෙනුවෙන්. දැං ඒදෙක මාරුවෙලා.
Deleteසල්ලි හොයන්න නිවැරදි ක්‍රම නොදන්න පරිපාලකයො ඒ පුටුවල ඉන්න කාලය වැඩිවෙන්න වැඩි වෙන්න ටී වී එකේ ඇඩ් දාන තීරුවෙ ප්‍රමාණයත් වැඩිවෙයි මචං. සමහර වෙලවට පැය බාගෙන් පැය බාගෙ වෙලාව අතක් කරන්නත් බැරි නෑ ඉස්සරහට. හෙහ් හෙහ්....
ReplyDeleteපැය 1/2න් 1/2? දැකල නැද්ද දැං එහෙමනේ තියෙන්නෙ. පැය 1/4න් 1/4 වෙන්න ඉඩ තියනව ඉස්සරහට.
Deleteකියලා තියෙන කාරණා සහතික ඇත්ත.. ඔය ඔක්කොම පාඩු විඳදරා ගත්තැකි හොඳ වැඩසටහන් පෙන්වනවා නම්..
ReplyDeleteකොහෙද මුං එහෙම කරන්නේත් නෑනෙ..
අනික පැයෙන් පැයට යන ප්‍රවෘත්ති.. මෙලෝ වැඩකට නැති කුනුහර්ප එව්වල යන්නෙ..
ඔක්කොම චැනල් එකම අච්චුවේ බව හොඳටම පැහැදිලියි..
1.උහේ පාන්දර හැම එකේම පත්තර..
2.ඊට පස්සෙ ගෑණුන්ට උයන්න, මහන්න උගන්නනවා 12 වෙනකන්..
3.ඊට පස්සෙ එක විතර වෙනකන් සිංදු..
4.ඊට පස්සෙ කසිකබල් චිත්‍රපටියක් හවස් වෙනකන්..
5.ළමයින්ට කියලා පෙන්වන විකාර කාටූන්.. (මේක නම් ටිකක් බැලුවැකී )
6.ඊට පස්සෙ 7ට විතර යන ප්‍රවෘත්ති හෙවත් දෙස්පාලු කතා හා රටේ ජනතාව මැට්ටන්සේ සිතා පෙන්වන ආණ්ඩුවේ පඩ ශෝ..
7.නාට්ටි කියන එව්වා..එකක් ඉවර වෙද්දි එකක්..
8.විකාශය නිමාව (හැමදාම බලන්න හිටියට එහෙම එකක් යන්නෙ නෑ..)
දැන් නම් ඇඩ් ඕනාවට වැඩී.. මම බලන්නෙ ගොවිතැන් ගැන යන වැඩසටහන් ටිකයි.. ජාතිකේ යන සැරිසර විතරයි..
--
හරී
http://dreamsofharee.blogspot.com/
--
ඕක තමයි පොදු අච්චුව. මොනව කරන්නද. කාල්ටන් චැනල් එකේ යන ක්‍රීඩායි ටීඑන්එල් එකේ යන ටිකක් විතර වෙනස් වැඩසටහන් ටිකයි හැර ගන්න දෙයක් නෑ.
Deleteමේ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු!!!!!
ReplyDeleteමොනවා........ කරන්නද!
Deleteමේවට තමයි කියන්නේ නයි රෙද්ද අස්සෙ දාගෙන කනෝ කියනවා කියලා.
ReplyDeleteමොකටද බං ඕවා බලන්නේ?
මං නං සතියටම බලන්නේ පැය කාලක් විතරයි. ඒකත් සමහර සතිවල වැරදෙනවා.
එතකොට කෝ අපිට ආතල්? වැඩ ඇරිල ගෙදර ගියාම කතන්දර බලන්න බෑනේ?
Deleteමං නම් ලේසියෙන් ටී.වී. බලන්නෙ නෑ දැන්...
ReplyDeleteදැං බැලුවම ටීවී බලන්නෙ මං විතරනේ.
Deleteමම නම් අවුරුදු ගානකට පස්සෙ ලංකාවට ආවත් ටී වී නම් බලන්නෙ නැහැ.....නිකම් අපි අපිටම හිනා වෙනව වගේ....අනේ ඇත්තට මේ මිනිස්සු කවදා ලෝකෙ දකීවිද??
ReplyDeleteඑයත් බලන්නෙ නෑ....
Deleteලංකාවේ චැනල් වලින් මං බලන්නේ ඩ්‍රීම් ටීවී, ස්ටෑන්ඩ්බයි විතරයි
ReplyDeleteමම ඔය දෙකම බලල නෑ. අපිට නැහැ මගෙ හිතේ.
Deleteදෙමල අය කැඩිච්ච සිංහලෙන් කතා කලහම මොකද රාජ්, සිංහල අයටත් සිංහල පුළුවන් "ටික්ක ටික්ක කටා කරන්නනේ"
ReplyDelete:D
Deleteඅර අගල් ගානේ කතාව නම් සහතික ඇත්ත.. මැච් වලදි තමයි ඕක වැඩියෙන්ම වෙන්නේ..
ReplyDeleteඔව් මැච් බලන්න නං වෙන්නෙ ඔය ගාන අඩුවෙන්.
Deleteඔය සීන් එක සැටලයිට් වලින් එක කේබල් ටීවී බලන අපිටත් ඔය විදියමයි. මෙහෙ පෙන්නන්නෙ ඉන්ඩියන් සහ හොංකොං සැටලයිට් වලින් එන චැනල්නෙ. ස්ක්‍රීන් එක වටේට මුන්ගෙ දැන්වීම්. හිටපු ගමන් ලඟදීම පෙන්නන ඒවා කඩාවැටෙනවා පෙන්නමින් තියෙන ප්‍රෝග්‍රෑම් එක මැද්දට.
ReplyDeletehenryblogwalker the Dude
ඒකත් එහෙමද. මම හිතුවෙ සල්ලි දීල සැටලයිට් ගත්තම හරි කියල.
Deleteඋදේට යන ඒවා නම් මල ජරාව බං!
ReplyDeleteහපොයි ඔවු. කෑම හැදිලියි, ව්‍යායාමයි, කොට්ට උර මැහිල්ලයි....
Deleteබුකියේ දැක්ක ස්ටේට් එකක්
ReplyDeletec.s.n එකේ මැච් එක බලනවා නම් අගල් 54 TV එකක් ගන්න ඕන
උඩින් කුස පබා යටින් දයියා දෙපැත්තෙන් කාර් ලීසින්ග් මැද්දෙන් පොඩියට මැච් එක
:D
සහතික ඇත්ත බං. දයිය දකිනකොට මළපනිනව.
Delete//ප්‍රේක්ෂකයාට දැන් නැරඹීමට සිදුව ඇත්තේ තමන් ලබාගත් ප්‍රමාණයට වඩා අගල් කිහිපයකින් කුඩා රූපරාමුවකි.//
ReplyDeleteමේ සීන් එක අපි නොදන්න ලයිව් එකේ ජෝක් එකක් විදිහට දැම්ම ඒ දවස්වල. දැන් ඒක හැබෑවෙලා..
මතක ඇති කස්ටියට..
හ්ම්. ඒක ඇත්ත වුනා අවුරුදු දෙකක් ගතවෙන්න කලින්.
Deleteමං නම් අවුරුදු 4ක ඉඳන් ටී.වී බලන්නේ නෑ.... මල මගුල ඊට වැඩිය හොඳයි, පාන් පෙත්තක් කාලා නිදා ගන්නවා...
ReplyDeleteමේ තියෙන්නෙ උඹ බලන ඒව ගැන.
Delete"ඔන්න ඔහොමයි රටක් වටින දේශිය නිෂ්පාදනය අදටත් මගේ ස්ටෝරේජ් වල නොනැසී, අන්සතු නොවී පවතින්නේ. අන්සතු වුනත් ගන්න එකාම දවසක් ඇතුලත මකන්නෙත් මේ .zip ෆයිල් එක එක්ස්ට්‍රෑක්ට් කරන්න බැරි ඉතුරු කොටස් නැති නිසා කියලා හිතාගෙන"
(උපුටාගැනීම ගෝල්ඩ් ෆිෂ්) ;-)
ඉතිං බොට මොකටෑ ටීවී.
කතාව ඇත්ත මොකද වැඩ කරලා ගෙදර ආපු වෙලාවට කිසිම වින්දනයක් ඒ ටීවී ඒකෙන ලැබෙන්නේ නැත්නම් ඒ දෙ වැඩක් නැහැ.නීති හදන්න කිසිම කෙනෙක් මුලිකත්වය ගන්නෙත් නැහැ කියලයි මට හිතෙන්නේ.
ReplyDeleteචීනෙද කොහේද ඇඩ් දානවට නීති දාල තිබුන.
Deleteමම නම් ඔය ටීවි බලන්නෙම නෑ. ඊට වඩා සැපයි බ්ලොග් එකක ලිපියක් දෙකක් කියෝගෙන ඉන්න එක !
ReplyDeleteඒක නං ඇත්ත. ගෙදර ගියාම බ්ලොග් නෑනේ.
Deleteබලන්න බැරි තරම්ම ජරාවක් වෙලා ටී.වී. එකත්! දැන් ඉතිං ආපහු සිංදු අහන යුගයට තමයි යන්න තියෙන්නේ! :))
ReplyDeleteඒකෙත් තියෙන්නෙ හෙන අවුල්.
Deleteමමත් දැන් ටි.වී බලන එක සෑගෙන්න අඩු කරලා තියෙනෙන්..නිකන් විනොදෙට වගේ තමයි බලනේ..හැබයි නිව්ස් නම් අනිවා බලනවා..
ReplyDeleteමාත් විනෝදෙට වගේ බලන්නෙ. උඹට එවු මේල් එකට උත්තර නැත්තෙ මොකද?
Deleteපොඩි එකාට බත් ටික කවා ගන්න තමා ටීවී එක දාන්නේ....ඇඩ් පෙන්නලා බත් ටික කවාගන්නවා.....
ReplyDeleteකාටුන් බලනව ඇරෙන්න මමනං ඔය මගුලෙ යන කිසි දෙයක් බලන්නෙ නෑ.
ReplyDeleteනිව්ස්වත් බලන්නෑ?
Deleteසියල්ලන්ටම,
ReplyDeleteලැබී ඇති අදහස් අනුව පෙනී යන්නේ රූපවාහාණී නැරඹීම පිළිබද පහත ප්‍රථිපලයන්ය.
පිරිස-33
සාමාන්‍යයෙන් ටීවී බලන-12
කාටූන් හෝ ක්‍රිකට් තරග ප්‍රවෘත්ති
වැනිවිශේෂ වැඩසටහන් නරඹන්නන්-4
නාලිකාවන්හි දුර්වලතා නිසා නැරඹීම නවත්වා ඇති පිරිස-15
"අපි එක" යයි කියාගන්නා සියලුම නාලිකා මෙවැනි සමීක්ෂණයක් කලහොත් සැබෑ තත්වය කුමක්දැයි අවබෝධ කරගත හැකිය.
මට නම් ඔය කිසිම ප්‍රශ්නයක් නැත. මගේ ගෙදර රූපවාහිනියක් නැත. ඇත්තෙන්ම කියනවා නම් තිබෙන රූපවාහිනී යන්ත්‍රය කැඩී දැන් ගෙවෙන්නේ 3 හෝ 4 වසරයි. ඒ නිසා මම සතුටින්, දුවත් මමත් හාමිනේත් හොදට කථා කරමින් කෑම ගන්නවා.
ReplyDeleteරූපවාහිනිය කැඩුන එකත් හොද දෙයක් වගේ තමයි. හැබැයි අයියේ මම නං කියන්නෙ අද ළමයින් රූපවාහිනියෙන් 100%ක්ම ඈත් කරන එකත් හොද නැහැ කියල. ඒකෙන් ගන්න පුළුවන් හොද දේවල් පරිස්සමින් දරුවන්ට දුන්නට කමක් නෑ.
Deleteහොඳ දේවල් තියෙනවද බන් ගන්න... ඉස්සර නම් ඩිස්කවරි චැනල් වල ඒවවත් ටිකක් පෙන්නුව.. ඒවත් ටික කාලයයි තිබුනෙ... දැන් ඒවගේ එකක්වත් නෑ මගේ හිතේ...
Deleteමමත් ටී.වී බැලිල්ල නවත්තලා තියෙන්නේ.. කවුරු හරි කිව්වොත් අන්න නිව්ස් වලට මෙහෙම කිව්වා කියලා හුගක් වෙලාවට මම ඒක දන්නේ නෑ. කළින්නම් නිවුස් විතරක් බැළුවා. දැන් ඒකත් නවත්තලා තියෙන්නේ.. ඊට වඩා සැපයි නෙට් එකෙන් විස්තර දැන ගන්න එක.. මම ටී.වී එක පාවිච්චි කරන්නේ ෆිල්ම් බලන්න විතරමයි. :)
ReplyDeleteනෙට් එකෙන් සියළු මාධ්‍ය අවශ්‍යතා සම්පූර්ණ කරගන්න පිරිසකුත් ඉන්නව.
Deleteමැච් එක බලන කොට තමයි ලොවෙත් එපා වෙන්නෙ... දෙපැත්තෙන් අගලක විතර මාජින් එකක් 4 කොනේම ලොගෝ.. මැදින් පොපප් ඇඩ්... 4ක් 6ක් ගැහුවොත් ස්ක‍්‍රීන් එක පුරා නූඩ්ල්ස්.... ඔවරේ 1 වෙනි බොලෙයි 6 වෙනි එකයි බලන්න වෙන්නෙත් නෑ....
ReplyDeleteඅන්තිම බෝලෙ නෝබෝල් එකක් උනොත් බලන්න වෙන්නෙම නෑ.
Deleteඋඹ බලනවද බන් ටීවී එක... මට නම් ඕක බැලෙන්නෙ රෑට කන වෙලාවට විනාඩි 5ක් 10ක්... එහෙම නැත්තන් ෆිල්ම් එකක්(සිංහල ෆිල්ම් අදාල නෑ) යන වෙලාවට විතරයි...
ReplyDeleteමම නං බලනව බලන්න දෙයක් නැතිකමට. හොද වැඩසටහනුත් යනව ඉදහිට.
Deleteරූප පෙට්ටිය බැලෙන්නෙ සෑහෙන අඩුවෙන් රාජ් අයියෙ....මැච් එකක් යනදාට බලනව....මේකෙ කියපු ඒව නම් සහතික ඇත්ත.....
ReplyDelete