මේ ලගදි යාළුවෙක් මුනගැහුන පිටකොටුවෙදි. මේ යාලුව ඉස්සෙල්ලම දැක්කෙ මම 5 පන්තියෙදි. කොහේදෝ ඉස්කෝලෙක ඉදල ආව මේ යාළුව මම ඉගනගත් මුල් ඉස්කෝලෙ අවුරුද්දක් මාත් එක්ක එක පන්තියෙ ඉගනගත්ත. ඊට පස්සෙ අපි දෙන්නම නගරෙ ඉස්කෝලෙට ගියා. එතනදි අපි දෙන්න පන්ති දෙකකට වැටුන. ඊට පස්සෙ සාපෙ ලියල යාළුව අධ්‍යාපනය අත්හැරිය. ඊට පස්සෙ එයා දැක්කෙම නෑ. ඒ කියන්නෙ අපි දෙන්න අන්තිමට මුනගැහුනෙ හරියටම 1996 අවුරුද්දෙ අග.
යාලුව දැන් පිටකොටුවෙ ඉන්නෙ. බජාර් එකේ කකුලක්. මම දැක්කත් එයාට බැරිවුනා හදුනාගන්න. ඒවගේම මම, ඇත්තටම මමද කියල ඌට සැකයකුත් තිබුන.(මම ඒකාලෙට සාපේක්ෂව සෑහෙන වෙනස් ඒකයි. කොටින්ම අවුරුදු 6කට කලින් හිටිය විශ්ව විද්‍යාලෙ යාලුවන්ට උනත් එකසැරේටම මාව අදුරගන්න බෑ. ඒක වෙනම කතාවක්. පස්සෙ කියන්නම්).
හරි ආයෙත් කතාවට. මම යාළුවට මාව හදුන්වා දුන්න. ඊට පස්සෙයි ඌට මම මතක් උනේ. එයාගෙ තුන්රෝද රථයට වෙලා අපි දෙන්න පැයක් විතර කතා කලා. එතනදි මම කිව්ව දේවල් වලින් ඌ කොච්චර පුදුම උනාද කියල වචනයෙන් විසිතර කරන්න බෑ. පොඩි ඉස්කෝලෙදි අපි කෑම කෑවෙ එකට. මම කිව්ව,
"අපි ඉස්කෝලෙදි කෑම කෑවෙ එකට, උඹ ඒකාලෙ මාර කැමතියි සෝයා මීට් කන්න, සන්ෆ්ලවර්ලගෙ සිංදු අහන්නත් කැමතියි, අපේ ඉස්කෝලෙට එන්න කලින් උඹ ඉස්කෝල 4ක ගියා...."
ඔන්න ඔයවගේ දේවල් කියල ඌ මවිත කරන්න මම සමත්වුනා. (උගේ කතාවත් වෙනම පෝස්ටුවක දාන්න වටින එකක්. ඒකත් ඉදිරියෙදි).
හරි දැන් තමයි කතාවට එන්ටර් වෙන්නෙ. මේ යාළුවට කිව්ව දේවල් එක්ක මට මතක් උනේ මංතුමාට කොච්චර මෙමරියක් තියනවද කියන එක. ඇත්තටම සුපිරි මෙමරියක් තියනව. හැබැයි අධ්‍යාපන කටයුතු වලදි, ඉගෙනගත් දේවල් සම්බන්ධයෙන් නෙවේ. සිදුවීම් සම්බන්ධයෙන්. බොරුනං මෙන්න සාක්කි!
මම උපන්නෙ 1980 දෙසැම්බර්. අපේ අම්මගෙ තාත්ත, ඒ කියන්නෙ මගේ සීය මියගියේ 1984 අවුරුද්දෙ මැද. දිනේ හරියටම මතක නෑ. සීය මැරුණෙ දියවැඩියාව නිසා. ඊට කලින් අම්මයි මමයි ගියා සීය බලන්න මාතර ඉස්පිරිතාලෙට. ඒ වෙනකොට සීය හිටියෙ එක කකුලක් කපල. ඒත් මට ඒක මතක නෑ. හැබැයි ලෙඩ ඇදේ ඉදගෙන සීය දීපු මාරි පැකට්එකට වග කියපු හැටි නං හොදට මතකයි. ඒ වගේම සීය මොන වගේ කෙනෙක්ද කියලත් මතක නෑ. ඒ වෙනකොට මගේ වයස අනිවාර්යෙන්ම අවුරුදු තුන හමාරක් විතර වෙන්න ඇති කියල තර්කාණුකූලව හිතන්න පුවවන්. ඔන්න ඕක තමයි මගේ මතකයේ තියන පැරණිම සිද්ධිය. ඊට ටික කාලෙකට පස්සෙ සිදුවෙච්ච සීයගෙ මරණයත් හොදට මතක තිබුන. ලගදි දවසක ඒක තහවුරු කරගන්න මට ඕන උනා. මම අම්මගෙන් ඇහුව, සීයගෙ මරණෙ තිබුනෙ පහල ගෙදර නේද? සීයගෙ මිනීපෙට්ටිය තිබුනෙ අහවල් තැන නේද? ඔළුව තිබුනෙ අහවල් පැත්තට නේද? කියල. ඒ සියල්ලම හරි කියල අම්ම කිව්ව. කොහොමද මෙමරිය!
දැන් තමයි කස්ටියට අභියෝගෙ. මතක ඇතිනෙ මම බයික්එකේ ගිය රෙකෝඩ්එක? ඒ වගේ කාටද මේ රෙකෝඩ් එක කඩන්න පුළුවන්? අවුරුදු තුනහමාර හෝ ඊට අඩු වයසකදි වෙච්ච සිද්ධියක් මතක කෙනෙක් ඉන්නවද? ඒ වගේම ඔහේලට මතක තියන මුල්ම සිද්ධිය මොකක්ද? පහලිං කොටන්න. හැබැයි "මම තාත්තගෙ අහවල් එකේ ඉදල අම්මගෙ ඇගට පීනල ගිය හැටිත් මතකයි" වගේ බොරු කියන්නත් ඔට්ටු නෑ.
Pages
▼
දැන් බජාර් එකේ කකුලුත් යාළුවො ඈ...
ReplyDeleteබොරු ඕන නෑ. මට නම් මතක මොන්ටිසෝරි කාලෙ විතරයි. ඊට කලින් සිද්ධි නම් මතක නෑ. මොන්ටිසෝරි කාලෙ ඒව නම් ගොඩක් මතකයි.
රාජ් 80 ද? හි .. හි.. එහෙනම් අයිය කෙනෙක් නේ.
මං නං මොන්ටිසෝරි ගියේ නෑ. :-)
Deleteආ .. මට කියන්න අමතක වුණා. අර ඔයා ඉල්ලපු ලිපි එවන්න, ඔයාගෙ ප්‍රොෆයිල් එකෙත් නැති නිසා මේල් එඩ්‍රස් එක දෙන්න කියල මම එතන කමෙන්ට් එකක් දැම්ම. ඒකට reply තිබුණෙ නැති නිසා මම මගේ මේල් එඩ්‍රස් එක එතන දැම්ම. (dumindadt@gmail.com) මේල් එකක් දාන්න. 2011 ජනවාරි, පෙබරවාරි ලිපි ටික මම ඇටෑච් කරල එවන්නම්.
Deleteසොරි වෙන්ඩෝන අමතක උනා. මේලයක් එව්ව.
Deleteමටනම් ඔච්චර ඉතිහාසයක් ගෑන මතකයක් නෑ බන්,කොටින්ම මම 5 වසරේ වගේ ඉදිදි වුනු දේවල් ගෑනත් තියෙන්නේ බොදවුනු මතකයක්,යාලුවා ගෑන කතාවත් ඉක්මනට දාන්න.....
ReplyDeleteයාවව ගැන දානව ලගදිම. ඒකට යාලුවව සෙට් කරගන්න ඕන. මොකද තව කාරණා කිහිපයක් තියනව පැහැදිලි කරගන්න.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඇයි මැකුවෙ?
Deleteනෑ බං මම හිතුවේ මේක නිකං රවට්ටන්න දාපු එකක් කියලා.. එකයි නිකන් මඤං කොමෙන්ට් එකක් දැම්මේ.. පස්සෙ තේරුනා සිරා පෝස්ට් එකක් කියලා.. ආයේ චොමෙන්ට් කරන්න යද්දි නෙට් අව්ල් උනා..
Deleteමටත් මතක තියෙන්නේ අවුරුදු 4න් පස්සේ දේවල් තමා... මේක කියවද්දි මතක් උනේ අර වටුවයි, වඳුරයි, අලියයි. වැඩිහිටියා හොයපු ජාතක කථාව
මට මතකයි මට අවුරුදු දෙක හමාරෙදි පලමුවෙන්ම මොන්ටිසෝරි ගිය දිනය. ඇත්තම කිව්වොත් චූටි රෝස පාට නිල්පාට පුටුවල ඉඳගත්ත මතකයි. සිස්ටර් ළමයි නලව ගන්න හැදුව මතකයි. එයාලගෙ කැබිනට් එක මතකයි. එච්චරයි පලවෙනිදවසින් මතක. අනෙක්වා පස්සෙ වෙච්ච සිද්දි
ReplyDeleteඅන්න මගේ රෙකෝඩ්එක කැඩුව. දෙකහමාරෙදි මතකයි කියන්නෙ සුපිරිම තමයි.
Deleteමං හිතන්නෙ ඒක බොරු ...
Deleteඅවුරුදු දෙකහමාරෙදි මොන්ටිසෝරි යන්නෙ නෑනෙ. තුනක්වත් පහු වෙන්න එපාය.
මගෙ ආච්චි ලෙඩ උන නිසා එයාගෙ ශල්‍යකර්මයට අම්මට ලැහැස්තිවෙන්න තිබුන නිසා එහෙම දැම්මෙ.http://emailkavikaari.blogspot.com/2011/12/1.html
Deleteමගෙ දුව මොන්ටිසෝරි ගියෙ මාස 23දි. අවුරුදු 2 කේක් කැපුවෙ ළමයි මැද්දෙ. මගෙ පුතා ඉංගිරිසි හෝඩිය කිව්වෙ අවුරුදු 2දි. මා ගාව තාම වීඩියෝ තියෙනව. එයා පීනන්ඩ ඉගෙනගත්තෙ මාස ගානක බබෙක් කාලෙ. එයා තාමත් දන්නෙ නැහැ එයා පීනන්ඩ ඉගෙනගත්තෙ කොහොමද කියල
මං හිතන්නෙ ඔය සිද්දි මතක තියෙන්නෙ ඒකාකාරී විදියට තිබිච්ච ජීවිතේ ආච්චිගෙ ලෙඩෙත් එක්ක එක පාරට වෙනස් උන නිසා වෙන්ට ඇති. පලමුවරට තාත්තගෙ අක්කව දැක්කෙත් එදා. එයා සිස්ට කෙනෙක්නේ. බුද්දාගම්කාර ගමක බුද්දාගම් කාර අම්ම කෙනෙක් කතෝලික තාත්තෙක්ව පදිංචි කරගෙනනෙ හිටියෙ. කවදාවත් සිස්ට කෙනෙක් දැකල තිබුනෙ නැහැ. ඒකත් සුවිශේශයි. තව මට මතකයි අපේ ගමට පලමුවෙනි බස් එක දාපු දවස. 978 බස් එක. එදා නං මං තාත්තගෙ මූන බලන කන්නාඩිය බින්දා. මම මොන්ටිසෝරි ගියෙ ඔය කියන බස් එකේ.
Deleteබැන්දට පස්සෙ ජීවිතේ පලවෙනි පාරට පිට රටකකට ගියෙ. විශ්ව විද්‍යාලෙ ගේට්ටුවෙං ඇතුල් උනාට පස්සෙ මට දැනුන මීට ඉස්සර වෙලා ඒක දැකල ඇතිබව. ටැක්සිය ඉස්සරහට යන්නට කලින් මම දැනගෙන හිටිය ඒ හරිය ඒ වගේ කියල. අඩියෙං අඩිය පුරුදු දැක ඇති ගතියක් දැනුනා. මට ඒ වෙලාවෙ බය හිතුනා. හරි පුදුම හැඟීමක් ඒක. කොච්චර බය උනාද කිව්වොත් කාටවත් කිව්වෙ නැහැ මට පිස්සු කියල හිතයි කියල. ඇත්තටම පිස්සු වෙන්නත් ඇති
Deleteමටත් අවුරුදු තුනේ තුනහමාරෙ විතර දවස් කීපයක් ලාවට ලාවට මතකයි. මගේ සීයා රිටක් වගේ උසට උසේ තට්ට්ටෙත් එක්ක ඇවිදගෙන ගෙදර තිබුන එක කාමරේකට යනවා මට ලාවට මතකයි. සීයා මැරුනේ මට අවුරුදු තුනයි ගානෙදි. ස්සියගේ එක දානෙකට අම්මා හොඳටම මහන්සි වෙලා ඉන්න කොට මම මාව වඩා ගන්නම කියලා කරදර කළා. මම තරං වද කාර ළමයෙක් මම තාම දැකලා නෑ. අම්මත් ඉතිං වඩා ගත්තා. අම්මගෙ ඇඟේ එල්ලිලා පතාර කෑම භාජන දිහා බල බල ඉන්න කොට අම්මා එක පාරට කලන්තෙ දාලා වැටුනත් මට හොඳටම මතකයි.
ReplyDeleteඊට පස්සෙ තාත්තා රට යනකොට එයාර්පෝර්ට් ගිහිං අර ඉස්සර ප්ලේන් බලන්න තිබිච්ච තැනට වෙලා තාත්තා යන ප්ලේන් එක හොයාගන්න විධියක් නැතුව හිටියත් මතකයි. එතකොට මට වයස 4ක් විතර මගෙ හිතේ.
ඊට පස්සෙ මොන්ටිසෝරි යනකොට අම්මා කඩෙං කේක් කෑල්ලක් අරං කෑම පෙට්ටියට දාලා නෙක්ටෝ එකක් මගේ බෝතලේට දාලා කරේ හරහට එල්ලනවත් මතකයි. බෝතලේ මූඩිය හරියට තද වෙන්නෙ නැති නිසා මම ඇවිදගෙන යනකොට නෙක්ටො ලීක් වෙලා මගේ ඉන ගාව කලිසම රතු පාට වෙලා තිබ්බත් මතකයි.
මාව ඉස්කෝලෙ දාන්න ඉන්ටර්වීව් යනකොට අපේ ඉස්කෝලෙ ගාව, ඒ දවස් වල සුදු කලිසං ඇඳපු අයියලා දෙන්නෙක් වලියක් ගිය හැටි මට තාමත් මතකයි. මේ මට අවුරුදු 5දි වගේ වෙන්න ඕනෙ. කළුම කළු එක අයියා කෙනෙක් ගේ නම මකරන්ද. අනිත් අයියා මහ හඩිං එහෙම ආමන්ත්රණය කළා මට තාම මතකයි. එදා තාත්තා මටයි අම්මටයි බුහාරි එකෙං බුරියානි අරන් දුන්නා. ඒකෙ ඇතුලේ අපි කෑම කාපු තැන රතු කර්ටන්ස් දාලා තාමත් මතකයි.
තව ඉස්කෝලෙ ගිය පළවෙනි දවසෙම කැමති පාටක මලක් තෝරන්න කිවුවම මම නිල් පාට කාඩ් බෝඩ් මලක් තේරුවා. මට ඒකම තෝරන්න කිවුවේ සීතා ඇන්ටි (මගේ නෑයෙක්. එයා ඒ ඉස්කෝලෙමයි ඉගැන්නුවේ). ඊට පස්සෙ අපේ ඉස්කෝලෙ ඔඩිටෝරියම් එකට අපිව ගෙනිහිල්ලා මොනාදෝ කිවුවා මතකයි. ඊට පස්සෙ අපිව පන්තියට ගෙනල්ලා කිරිබත් දුන්නත් මතකයි. ඊට පස්සෙ මගේ 1 වසරෙ මැඩම්, රත්නායක මැඩම්, ගුරු මේසේ වටේ එයත් කැරකි කැරකි ගිහින්, දරුවනේ අපි ඉන්න ලෝකෙ ඉර වටේ කැරකෙන්නෙ මෙන්න මෙහෙමයි කියලා කිවුවත් මතකයි.ඊට පස්සෙ එහා ගෙදර ඇවිත් මම නිල් පාට කලිසං කොටේකුත් ඇඳගෙන ෂර්ට් එකක් නැතුව වත්ත පුරා තනියෙං සෙල්ලම් කරපු හැටිත් මතකයි.
හිහ්... මගෙ මත්කෙත් නරකම නෑ මම හිතන්නෙ :) .
නරක නෑ. මගේ මතකයත් එක්ක සමානයි වගේ.
Delete//මම තරං වද කාර ළමයෙක් මම තාම දැකලා නෑ//
Deleteපව් බොල අම්ම.
දෝනිගෙනුයි පුතාගෙනුයි රිටන් එකක් ලැබිල නෑ වගේ!
Deleteමොන්ටිසේරි කාලෙ මතකයි...
ReplyDeleteහ්ම්.
Deleteමට අවුරුදු හතරේදී රෝද තුනේ බයිසිකල් රේස් එකක් තිබ්බා ගමේ අවුරුදු උත්සවේ පොඩි අයට.මම එකේ දෙවෙනියා.
ReplyDeleteතරමක් හොදයි.
Deleteමටත් මතක මොන්ටිසෝරියේ සමහර ඒවා තමයි.. ඒත් ලොකු මතකයක් නෑ ඒ ගැන..
ReplyDeleteරෙකෝඩ් එකට දුරයි.
Deleteඅපි අවුරුදු තුනේදී ගෙවල් මාරු කළා මතකයි..
ReplyDeleteඒක නං හොදයි.
Deleteමට මතක තියෙන අතීතයක් ඔබට මතක නෑ!
ReplyDeleteආ.... ඒ කියන්නෙ කාල පරාසය ගැන වෙන්න ඕන. එහෙම බැලුවොත් කකා ඉස්සරහින්.
Deleteමට මතකයි මගේ 4 වෙනි උපන්දිනේ මේසයක් උඩ නග්ගල ගෙදර හැමෝටම කැවිලි කවුවේ මම. හූ උඹට වඩා මාස 6 යි අඩු. එ කියන්නේ උඹ මාරි බිස්කර්ට් වලට එච්චරටම පෙරේතයි නේ.
ReplyDelete:-)
Deleteඅම්මෝ සෑහෙන්න දේවල් මතකයි......ගොඩක්ම භයානක සිද්ධිය තමයි සීයගෙ කොටුවෙ ළිඳෙන් වතුර අදින්න ගිහින් ළිඳට වැටුන සිද්ධිය....
ReplyDeleteවයස?
Deleteඇත්තටම කිව්වොත් මට නම් මෙලෝ දෙයක් මතක නෑ පොඩි කාලේ! සාටර් ද මන්දා, කමක්නෑ ඔන්නොහේ ඇත්තම කිව්වා!
ReplyDeleteඇත්තම කිව්වනේ! කමක් නෑ.
Deleteඔයාට බැහැ මගේ මතකය පරද්දන්න.....
ReplyDelete1..මට මතකයි හොඳටම මම සූප්පුවක් ගහපු කොලපාට බෝතලයකින් කිරි බොනවා...අම්මල කියන්නෙ ඒක තමාලු මට පලමු වතාවට කිරිපොවන්න ගත්ත බෝතලේ.......වයස මාස 8....!!
2...මට මතකයි මොකද්ද කලබලයක් වෙලාවකදි අපේ ගේට්ටුව ගාව මිනිහෙක්ව කඩුවලින් කපල දාල තිබුනා මූනෙන් ලේ පෙරි පෙරි උන්න ඒ මිනිහ දිහා මම බලන් උන්නෙ කාගෙදෝ අතේ ඉඳන්..ඒ මිනිහව අපේ සීය හොස්පිටල් අරන් ගියා.......අම්මල කියන්නෙ ඒක උනේ දේශපාලන ප්‍රශ්නයක් මත ලු..මාව වඩාගෙන උන්නෙ ලොකු නැන්දලු මට වයස අවුරුදු 1 මාස 6 ලු..!!
මේ වගේ තව සිදුවීම් කීපයක් මට මතකයි..ඒවා කීපයක් මට වයස අවුරුද්දට කලින් උන ඒවා..කීපයක් අවුරුදු දෙකට කලින් උන ඒවා ලු..!!
හ්ම් .... මම නම් ඇත්තටම පුදුම වුනා. වයස අවුරුද්දකටත් අඩු ළමයෙක්ට සිතේ තදින්ම සටහන්වන මතක සටහන් තියෙන්න තරම් කල්පනා කිරීමේ ශක්තියක් තියනව ද? මම ඒ ගැන විශේෂඥයෙක් නම් නෙවෙයි. ඒත් මම නම් හිතුවෙ එච්චර අඩු වයසෙ ළමයින්ට බාහිර ලෝකය සිතට කාවදින්න තරම් ග්‍රහණය කර ගැනීමේ හැකියාවක් නෑ කියල.
Deleteඅන්න නියම රැකෝඩ් එක. විශ්වාස කරන්නත් අමාරු තරමේ වයසකදි මතකය තිබිල තියනව.
Deleteවිෂ්වාස කරන්නත් බැරි තරම්.. මාස අටක් කියන්නේ යන්තම් දන ගාන වයසනේ.. ඇරත් පාට අදුරන්න තරම් මොළය මෝරනවද?
Deleteමම ඉස්සෙල්ල කිවුවේ නැහැ මට මතකයි 1983 කළු ජුලිය හැබැයි මම ඉපදුනේ 1985 හූ......!
Deleteපුදුම වෙන්නෙ ඔයාල විතරක් නෙවේ.....ඒත් මේ දැනුත් මට මැවිල පේනවා කොල පාට කිරි බෝතලේ....තව ගොඩාක් දේවල් මට මතකයි..ඇත්තටම මම නෙවේ අම්මල කියන්නෙ මගෙ වයස ඒ කාලෙ....(මට ඉහත ආත්මෙ යම් යම් දේවල් පවා මතකයි එක සිදුවීමක් මගෙ බ්ලොග් එකේ ලියල ඇති.)
Deleteමම ට‍්‍රයිසිකලේ පැදගෙන ලොකුඅම්මලගෙ ගෙදර යනවා මතකයි.. අයියා ඒක පදින කොට මම පිටිපස්සෙන් තිබුනු යකඩ පටියක් වගේ එකක එල්ලිලා යනවා... බර වැඩි නිසා රෝද දෙකට පැළුණා... ට‍්‍රයිසිකලේ ඉස්සෙල්ලාම ගෙනාපු දවසෙ... ගේ ඇතුලෙ පවා ගියේ ඒකේ නැගලා... අල්ලපු ගෙදර සමීරයා හැඩල් එකේ එල්ලා තිබිච්ච පාට පාට පොලිතින් පටි ඇදලා කඩලා දැම්මා.... මේක වෙනකොට මට අවුරුදු තුනයි කියලා සාධක තියෙනවා..
ReplyDeleteබොහොම හොදයි. ඒත් කිරිල්ලි එක.
Deleteකිරිල්ලී කියන්නේ ඇත්ත නම් ඒකිට ගහන්න එකෙක් නැ මේ බ්ලොග් ලොකේ...
Deleteමේ පොඩි කාලෙ උන දේවල් මම කා එක්කවත් කියනවට අම්මල කැමති නැහැ..අහන අය එක එක දේවල් කියනව කියල....මම බැනුම් අහල තියන වාර අනන්තයි...මොකද බ්ලොග් එකක ලියන්න බැරි තරම් සමහර දේවල් මම මතක තියන් ඉන්නවා...:(
Deleteඅඩේ ගිය ආත්මෙ දෙවලුත් මතකයි කියන්නේ වයස ඍණ ගනන්...... ආයෙ ඉතින් කතා කරලා වැඩක් නෑ.... මගෙත් සමහර පොඩිකාලේ සමහර දෙවල් බ්ලොග් වල ලියන්න බෑ... සමහර ඒවා චාටර්... සමහර ඒවා එතරම්ම අමිහිරියි..
Deleteකිරිල්ලි
Deleteදැක්කෙ නෑ ලින්ක්එක දෙන්න.
මටනම් මතක පැරණිතම සිදුවීම අපේ අම්ම මම දත් මදින්නෙ ඉන්නෙ නැතුව ඉන්නකොට එහා ගෙදරක හිටිය කළු මහත මිනිහෙක්ව පෙන්නල...."ඔයා දත් මදින්නෙ නැතුව හිටියොත් අර මහත අංකල් ඔයාව ගිලියි පුතේ....."කියල මාව බය කොරපු හැටි.ඒ මට අවුරුදු 4දි විතර.අපි බයවෙයි ඕවට.
ReplyDelete4දි නේ. හොදයි ටිකයි.
Deleteමටත් සීන් කීපයක් මතකයි. අවුරුදු 2ක් විතර ඇති. ඉස්සර මං මොන්ටිසෝරි යන්න කලින් අම්මයි තාත්තයි මාව ආච්චි ගාව තියලා වැඩට යන්නේ.
ReplyDeleteඅම්මට හුඩු දවසක් මහ දවාලේ වැස්සා... මං ඉතිං කරේ වැස්සට බිත්තිදිගේ නගින චූටි ගොළුබෙල්ලෝ එක සෙල්ලං කරපු එක... උං මගේ අත දිගේ උඩට නගින කොට මාරයි...! ආච්චි ආවා... ගත්තා ලණු කෑල්ලක් මාව දොරේ සරනේරුවකට තියලා ගැට ගැහුවා... අම්මලා එනකං ලෙහන්නේ නෑ කිව්වා...
අම්මලා ආවට පස්සෙ තවත් පැයක් විතර ගිහිං තමා අම්මට දුක හිතිලා මුදාගැනීමේ මෙහෙයුම දියත් කලේ... මං ඇඬුවේ නම් නෑ... ඒ බැදලා තියෙද්දිත් වහින දිහා බලාගෙන හිටියා බිම වාඩිවෙලා... ඔක්කොමත් හරි බිම සීතල පස්ස පැත්තට දැනෙන කොට තමා සනීපේ.. ඒකත් මතකයි... තාම...!
මතකය හොදයි. ඒ වයසෙ පොඩි එකෙක් ගැටගහන්න ආච්චිට පිස්සුද බං.
Deleteවැඩියෙන් මදු පානය කරපු වෙලාවට නම් ඉපදිච්ච් හැටිත් මතක් වෙනවා :-)
ReplyDeleteමට නං මෙමරි ලොස්ට් වෙනව. :-)
Deleteඅපි යන කාලෙ ඉස්කෝලෙ හෝඩිය තිබුන.
ReplyDeleteමාව එක්කයන්න ආච්චි ආවෙ පරක්කුවෙලා,මම හොඳටම ඇඩුව මතකයි..!
හෝඩිය අපේ කාලෙත් තිබුන.
Deleteමටත් මතකයි මම මොන්ටො සෝරිවත් නොයන යාන්තම් කතාකරන පුංචි සන්දියේ කල වැඩ ගොඩක් . මම මිදුලේ කක්කා දාපු හැටි , තාත්තා බයික් එකේ එනකොට ඒ බයික් එකේ රෝද වලට චරස් ගාලා පොඩි වෙන්න අඹ කොල තියාපු හැටි තාත්තාගේ බූට්ස් සපත්තු දෙකෙන් එකක් දාගෙන ගිය හැටි මට තාම මතකයි හැබැයි ඒක බොහෝම දුර්වල මතකයන් . හීනයක් වගේමයි
ReplyDeleteමගෙත් ඔය කිව්ව මතකයන් හීන වගේ තමයි. එච්චර තද නෑ.
Deleteඋබට මතක නැහැ මට අමතක නැහැ අපේ බාල වියරේ...
ReplyDeleteමහප්පගෙ පුතා මාව පුස්සයිකලේ දාගෙන ගිහින් මගෙ කකුල රෝදෙට ගිය හැටි මතකයි. අනේ මන්ද වයස කීයද කියලා
වයස නැතුවතෑග්ග දෙන්න බෑ.
Deleteම්ම්ම් මට නම් මේ දැන් තියෙන දේ ආයේ කොහේද තියෙන්නේ කියලවත් මතක නැ..මට තියෙන්නේ ටියුබ් ලයිට් මතකයක්.. :D
ReplyDeleteහොදම ටියුබ් ලයිට්.
Deleteමට අවුරුදු 3 කටත් අඩු කාලයේ ඡායා මාත්‍රික මතකයක් තිබුණත් තහවුරු කරන්න බැරි හින්දා පැහැදිළිවම මතක මොන්ටිසෝරි කාලය ගැන තමයි ලියන්න වෙන්නෙ....
ReplyDeleteමම මුලින්ම අකුරු ලිව්වෙ වැලිපීල්ලෙ ඒ මොන්ටිසෝරියේ දි එතකොට වයස අවු.3 හමාරක් විතර විය යුතුයි.
නරක නෑ.
Deleteමට මතකයි, මට නින්ද යනකල් මං ගාවට වෙලා මගෙ ඔලුව අතගගා හිටපු පුංචි අම්මගෙ ඔලුව පුංචි අම්මට නින්ද යනකල් මං අතගාල, පුංචි අම්මට නින්ද ගියාට පස්සෙ ගෙදර මහන මැසිම උඩට නැගල, බිත්තියෙ එල්ලල තිබුනු යතුර අරගෙන ගෙදර දොර ඇරල එලියට දුවපු හැටි... මීටර 10ක් වත් දුවන්න කලින් අම්ම දුවගෙන ඇවිත් මාව අල්ලගත්තු හැටිත් මතකයි... හැබැයි මේ නම් අවුරුදු 4ක් විතර වයසකදි... :)
ReplyDeleteඋඩ නැගිල්ල නං මගෙත් ඒකාලෙ තිබුන.
Deleteඋඩ නගින්නෙ දඟ ළමයි. සමහර අය ADHD තියෙන අයලු
Deleteඕකනෙ බැරි... බරපතල වචන දානවනෙ... :D
Deleteමට නම් හැබැයි දෙයියනේ කියල attention වල නම් deficit එකක් තිබුනෙ නැහැ... පරම්පරාවෙ ලොකු එකා නිසා attention නම් ඉහටත් උඩින් තිබුනෙ... ;)
දඟ කතාව නම් සහතික ඇත්ත...
මගේ ආතා(තාත්තගෙ තාත්තා) ගෙ අක්කාට අපි කිව්වෙ කෙසෙල්වත්තෙ ආච්චි කියලා. මට අවුරුදු එකහමාරක් විතර කාලෙ තමයි ඒ ආච්චි නැති වුණේ. මට මතකයි ඒ ආච්චි අසනීප වෙලා ඉන්දැද්දි අපි බලන්න යනවා. හැබැයි ඒක අර ඔයාගෙ සීය ගැන වගේ අපැහැදිලි මතකයක්. මමත් ඒක තහවුරු කරන්න අම්මගෙන් අහලා තියෙනවා.
ReplyDeleteතව මට මතකයි අම්මලා මාව කාර් එකක් ඇතුලෙ තව කාත් එක්ක හරි තියලා මළ ගෙදරක යනවා. කාර් එකේ මාත් එක්ක හිටියෙ කවුද කියලා මතක නැති වුණාට මාව තියලා අම්මයි තාත්තයි කාර් එකෙන් බැහැලා ඒ ගේ ඇතුලට යනවා මට අදවගේ මතකයි. ඒකත් මම පස්සෙ කාලෙක අහලා තහවුරු කරගත්ත. එතකොටත් වයස අවුරුදු දෙකක් ඇති.
ඒත් ගොඩක්ම පැහැදිලි පළමු මතකය තමයි විජය කුමාරතුංග මහත්මයාගෙ චිතකය මල් වෙඩි වලින් පත්තු වෙන හැටි. එතකොටත් අවුරුදු දෙකයි හරියටම.
ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මයාට වෙඩි තියලා කියලා අම්මත් අල්ලපු ගෙදර මහම්මත් කතාවෙනකොට ගේට්ටුවෙ එල්ලිලා අමුතු හිතුවිලි අතර තනිවෙලා හිටපු හැටිත් අද වගේ මතකයි.එතකොට අවුරුදු තුනහමාරකට කිට්ටු ඇති මයෙහිතේ.
එකේ පන්තියෙ මාත් එක්ක හිටපු සමහර ළමයින්ගේ මුළු නමම රෙජිස්ටර් එකේ තිබ්බ හැටියට අදටත් මතකයි.
ඒත් ඉතින් පාඩම් කරන ඒවා, එදිනෙදා වෙන ගොඩක් දේවල් වලට මේ මතකය නැත්තෙ ඇයි කියලා මට හිතාගන්න බෑ.
පාඩම් කරන ඒව මකත හිටියනං අපිත් තත්වෙක ඉන්නව. වැඩක් නැති දේවල් නං හොදට මතකයි. ලකී දෙවැනි වෙන්නෙ වින්චැට් ට විතරයි.
Deleteම්ම්ම්....මටත් මතක මොට්ටසෝරි කාලේ ඒවා තමා :-)
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබෙවා!!!
;-)
Deleteරාජ සම්පත් නං දැනුත් තියනව.:-)
@ අඩවි රජ,
Delete// මටත් මතක මොට්ටසෝරි කාලේ ඒවා තමා //
ඉතින් බං උඹ තාමත් මොට්ටසෝරි ම තමා.
මටත් මතක අවුරුද්දක වගෙ කාලයක් තමා. ඒ කාලෙ අපි හිටියෙ අත්තරගම අම්මලගෙ මහ ගෙදර.
ReplyDeleteඑහෙ කිතුල්ගස් හරියට තියෙනව. ඒව මදින්න දීල තිබුණ සුන්දරා කියන මිනිහට. [දැක්කනෙ ... සුන්දරාගෙ නමත් තාම මට මතකයි]
උදේ පාන්දරම ඉතින් එකතු වෙච්ච තෙලිජ්ජ ලොකු කොළපත් ගොට්ටකට දාගෙන මිනිහ යනව .. අපේ මිදුල මැදින් ...
[ඒ කාලෙ රා වලට එතරම් තැනක් නෑ. කලාතුරකින් බොන්නම ඕන නම් විතරයි රා ටිකක් හදාගන්නෙ. ඒකත් හොරෙන් තමයි.
මේ තෙලිජ්ජ ගෙනියන්නෙ පැණි උණු කරන්න.
අප්පච්චි සුන්දරාට නියෝග කරල තිබුණ .. හැමදාම මට තෙලිජ්ජ ටිකක් දීල යන ලෙස.
මට හොඳට මතකයි මාව ඉදිරිපස පිළ උඩ වාඩි කරවල තියෙනව .. බෙලෙක් කෝප්පයක් අතට දීල. [ඔයගොල්ලො දැකල තියෙනවද ඔය බෙලෙක් කෝප්ප කියන ජාතිය]
මම සුන්දරාට කැමති නෑ.. ලොකු උඩුරැවුලක් තියෙන .. මරුමුස් මිනිහෙක් .. අනික එයා ලඟ ගස් ගඳයි රා ගඳයි එකතුවෙල එන මහ සැර ගඳකුත් තිබුණ. [මට දැනුත් ඒක දැනෙනව .. දැනෙනෙව වගේ]
ඒ වුනාට මිනිහ ගේන තෙලිජ්ජ නම් මාර රහයි ... හරියට මීපැණි වාගෙ.
අවුරුද්දෙ මතකය කුමාරයට තියනව කියන්නෙ සුපිරි. අනෙක වයසත් එක්ක :-)
Deleteමාව ලංකාවට මුල් වරට ලංකාවට අරගෙන ගියාම, එහිදී දැකපු අය අපේ රටේ නෙමේ කියලා තේරිලාද කොහෙද ගුවන් තොටුපලේ කෑගහලා ඇඬුවා මතකයි.
ReplyDelete'I want to go home, I want to go home ' තමයි කෑගහ, ගහ කීවේ. ගෙදර කීවේ ඔස්ට්‍රේලියාවේ ගෙදරට. පොඩි කාලේ පොඩ්ඩි හිතුවේ එයා සුද්දියක් කියලා. :D
// පොඩි කාලේ පොඩ්ඩි හිතුවේ එයා සුද්දියක් කියලා //
Deleteපුහ්. දැනුත් එහෙමනේ. :-)))))))
:)
Deleteමට මතකයි අයන්න කිව්වා.. :)
ReplyDeleteඅපේ ගෙදර හිටියා බල්ලෙක්.ගෙට පල්ලෙන් තිබුනා කූඹුරක් ඒ කූඹුරට ගිය බල්ලවයි කූඹුරේ හිටපු තැත්තා පැටියෙකූයි තව බල්ලෙක් කෑවා.බල්ලගේ නම ලයිකා.ලයිකා අල්ලලා බැන්දා ගේ පිටි පස්සේ ,අම්මා බිම පෙරලි පෙරලි ඇඩුවා.තාත්තා එක්ක රණ්ඩු උනා.අක්කලා දෙන්නයි මමයි අම්මයි ගේ ඇතූලේ දාලා දොරවල් වැහුවා.ගේ පිටිපස්සේන් ඩොං ගාලා සද්දයක් ආවා.ආයේ කවදාවත් ලයිකා දැක්කේ නැ.
ReplyDeleteඅල්ලපු ගෙදර හිටියා චුංගිලි නැන්දා . ඒ ගෙදර හිටියා මට වඩා ලොකූ කොල්ලෙක් ඌ මිදුලේ කක්කා කරන කොට පස්ස පැත්තෙන් හෙණ දිග සුදු පාට පණුවෙක් ආවා.ඌට වඩා ලොකූ අක්කා කෙනෙක් එන එන පණුවාව අතින් එලියට ඇද්දා.
කාටදො වේඩි තියලා කියලා බලන්න ගියා පපුවේ තැන් තැන් වල චූටි තූවාල තිබුනා.
ලොකූ අක්කා බයිසිකලයකින් වැටිලා අතක් කඩා ගත්තා. තාත්තා ඒ බයිසිකලය කාටද දීලා සල්ලි ගත්තා
පාරේ හාමුදුරැවරැ යනකොට අක්කලා පාරට පැනලා වදිනවා.
දවසක් අපි ඒ ගෙදරින් වෙන ගෙදරකට ගියා.
මට ඔය කියපු සිද්දි වලට අමතරව ගොඩක් දේවල් මතකයි.
මට වයස 17 දි මම ඒ ගෙදර හොයාගන ගියා.අවුලක් නැතූව ගෙදරටම යන්ඩ මතක තිබුනා.
ගෙදර අයට පුදුමයි මම මෙව්වා කියන කොට සමහරක් සිද්ධි මම කියන කොට තමයි එයාලටත් මතක් වෙන්නේ.
අපි ඒ ගෙදරින් යන කොට මට අවුරැදු 2කටත් අඩුයිලු.සමහරක් සිද්දි වෙන කොට මම හරියට කතා කරන්ඩවත් බෑලූ,ඔය පස්ස පැත්තෙන් පණුවො එන කොට මට අවුරැදු එකහමාරක් විතර කියලා තමයි කියන්නේ.
මම මේ ගැන ලියන්ඩ කියලා හිටියේ ,දැන් රාජ් ලියුවනේ.මම ලියන්ඩ ඔන නැ.මට වගේ පරණ එව්වා මතක කෂ්ටිය තව ඔය ඉන්නේ.දැන්වත් අපේ ගෙදර එවුන් විස්වාස කරයිද දන්නැ මම කියන්නේ ඇත්ත කියලා.
බොහොම හොද මතකයක්. ස්තුතියි.
Deleteමට මතක පළවෙනි සිද්දිය කකුලෙ ආපු ගෙඩියක් ඔපරේෂන් කරන්න මාව ජයවර්ධනපුර ඉස්පිරිතාලෙට ගෙනිච්ච එක. මම ඉස්පිරිතාල වලට බය නිසා අපේ ලොකු අම්මා මාව සෙල්ලම් කරන්න එක්කන් යනවා කියල ගියෙ. මට තවත් මතකයි මම ඇදන් ගියේ නිල් පාට සන් සූට් එකක්. ඔපරේෂන් එකෙන් පස්සෙ මට සිහිය එනකොට කකුල බැන්ඩේජ් කරල තිබ්බත් හොදට මතකයි. එතකොට මගේ වයස අවු. 3. තව පොඩි පොඩි සිද්දි ටිකක් මතකයි. හැබැයි ඒ වෙනකොට වයස කීයක්ද කියන්න දන්නෙ නෑ. එච්චර විශේෂ සිද්ධි නොවන හින්දා අම්මටත් මතක නෑ.
ReplyDeleteවිශේෂම කාරණය තමා, රාජ් ගේ පොස්ට් එකේ කමෙන්ටු දැක්කහම මට හිතුනේ බොහොමයක් බවලත් උදවියට පිරිමි අපිට වඩා, පොඩි කාලෙ සිද්ධි ගැන හොදට මතකයි වගේ. (කොහොමත් බවලතුන් කමකට නැති පරණ දේවල් වුනත් බොහොම ආසාවෙන් මතක තියාගන්නවනෙ, නෑ මන් කිව්වෙ පිරිමි අපිට වැරදුනු තැන් එහෙම )
ඇත්තටම මට දැන් බයත් හිතෙනවා. මගේ පොඩි එකීටත් දැන් වයස අවු. 1 මාස 2. මේ කමෙන්ටු අනුව මට තවත් පරිස්සම් වෙන්න වෙනවා. නැත්නම් තව අවුරුදු කීපයකින් 'බ්ලොග්' එකක ලියල තියෙයි 'මට අවු. 1දී මට මතකයි අපේ තාත්තා විලි සoගේ නැති විදිහට බාත් රූම් එකේ දොර ඇරන් අමු හෙළුවෙන් නානවා' කියල.
ඇත්තටම ලැජ්ජයි බොල!
Modern Patriot
ළමයින්ගෙ මතකය කොච්චර අඩු-වැඩි උනත් (අඩුයි කිව්වට අඩු නෑ. බලන්න වින්චැට් කිරිල්ලිගෙ කොමෙන්ටුව) ළමය ඉස්සරහ හෙළුවෙන් නාන්න නම් එපා. ඒ වගේ දේවල තියන බලපෑම මම හොදටම දන්නව මගේ නෝන (නර්ස් කෙනෙක්) කියන කතා ඇහුවම.
Deleteඅනිවාර්යෙන්ම...මම විහිලුවෙන් ඕක කිව්වට, මමත් ඔය ගැන කල්පනා කළා. අද ඉදලම ක්‍රියාත්මකයි.
DeleteModern Patriot
මගේ මල්ලි ඉපදුනේ 1985 මාර්තු, මං 1982 සැප්තැම්බර් ඒ කියන්නේ හරියටම අවුරදු 2 1/2ක වෙනස. මල්ලි ලැබෙන්න අම්මා ඉස්පිරිතාලේ නවතින්න ගිය එක මට මතකයි. ඊට කලින් මාස දෙක තුනකට කලින් අම්මා මාව හවස හෝදලා, වඩාගෙන ගිහින්, මල්ලි හිටිය බඩත් එක්ක මාව උස්සගෙන උඩ තට්ටුවට නගින්න බැරි නිසා පඩිය මුලින් තියලා, මං උඩ පැන පැන යන්න ගිහින් ලිස්සලා වැටිලා දතක් කැඩුනු එකත් මතකයි. තව අම්මාගේ ලොකු නැන්දාගේ දුව මැරුණා, එයාගේ මළ ගමට ගියා මතකයි. ගැහැණු අය අනේ දයාවතී අක්කේ අපිව දාලා යනවද කියලා ඇඬුවා. ඒ දවස් වලත් මට තේරුනා දැන් මැරිලා, ගිහින් ඉවරයි. දැන් දාලා යනවද කියලා අඬන එකේ මොකක් හරි වැරැද්දක් තියෙන වග.
ReplyDelete1984 නොවැම්බර් වගේ (අවුරුදු 2යි මාස දෙකයි) මාව දාලා තියෙනවා සේවා වනිතා ළමා සුරැකුම් මධ්‍යස්ථානයට. ඒකේ වෙච්චි දේවල් බොහොමයක් මතකයි. එන්ඩලා කන්ඩලා බොන්ඩලා නිදියන්ඩලා කියලා ඒකේ හිටිය ආන්ටිලා කථා කලේ.
තාත්තා ඉස්පිරිතාලේ නවත්තලා, කකුලේ ලේ ගෙඩියක් ඔපරේට් කලා මතකයි. කොහොම හරි රද්දොළුවෙන් රාගම එන්න කලින් දේවල් තමයි මං ඔය කිව්වේ. අවුරුදු 4යි මාස 6න් රාගමට ආවේ. දැන් වුනත් රද්දොළු ගම ගෙයි ප්ලෑන් එක ඇඳලා බඩු මූට්ටු තිබ්බ විදිහත් කියන්න පුළුවන්.
වැඩේ තියෙන්නේ මට මතක මුල්ම දේවල් මොනවද කියලා කියන්න අපේ අම්මලාට මේ දේවල් පිළිවෙලට මතක නැති එකයි. අවුරුදු 1 1/2-2 කාලේ ඉඳන් මතක බවක් තමයි දැනට කියන්නේ
Deleteඔය කිව්වමනෙ මතක් උනේ, මටත් මගෙ මල්ලි ඉපදුනු දවස මතකයි... අවුරුදු 2යි මාස 8ක වෙනස... :)
Delete