Monday, November 14, 2011

මෙච්චර දුර මෝටර් සයිකල් වල ගිහිං තියනවද?

මෝටර් බයිසිකල් ගැන පෝස්ට් එකක් දාන්න හිතේ තිබුනා ගොඩක් කාලෙක ඉදලා. ඒත් එන්න එන්නම වැඩේ පරක්කු උනා. දේවගේ මේ පෝස්ට් එක කියෙව්වම හිතුනා ඒක ඉක්මන් කරන්න. අනිත් එක දිනපතාම මෝටසයිකලෙං රවුං ගහන එකානෙ මං. ඒ නිසා ඒක මගේ ඇගේ කෑල්ලක් වගේ වෙලා ඉවරයි. සමහර වෙලාවට නෝන කියනවා "ඔයා මටත් වඩා මෝටසයිකලේට ආදරෙයි" කියල.

මම දැං පාවිච්චි කරන බයික් එක ගත්තෙ 2007 අවුරුද්දෙ. ඒ කාලෙ මම රස්සාව කලේ කොලඹ. බයික් එක ගන්නකොට ෆ්‍රී ලැබෙන(මුහුණු ආවරණය නැති) හෙල්මට් එකයි වැස්සට තෙමෙන ජැකට් එකයි දාගෙන කොලඹ ඉදල අවුරුදු නිවාඩුවට ගෙදර ආවෙ කිලෝමීටර දෙසීයක දුරක් ගෙවාගෙන ලයිසනුත් නැතිව. ඒ ගමනට පැය හයක් ගත උනේ එච්චර වේගයෙන් යනඑක බයික් එකට හොද නැති උන නිසා. කොහොම උනත් ගෙදර ඇවිල්ල වරුවක් ගතවෙනකනුත් මගේ ඇස්වල කදුළු එන්න ගත්තෙ සතුටට නං නෙවේ. මුහුණු ආවරණයක් නැතුව පැය හයක් එද්දී ඇස්වල ගියපු දූවිලි නිසා.

ඊට පස්සෙ හැමදාම ගෙදර යන්න එන්න පුරුදු උනේ බයික් එකෙන් තමයි. ගෙදර ගිහිං කොලඹ එන ටිකටම කිලෝමීටර හාරසීයක්!බයික් එකෙන් එන්න එපා කියල හැමදාම අම්මල කිව්වත් මම නෙවෙයි තුට්ටුවකට ගනං ගත්තෙ. පස්සෙ කාලෙකදී මම පුරුදු උනා කොළඹ එනකොට ගෙදරට කියන්නෙ නැතිව එන්න. මොකද මම එනකං අම්ම බලං ඉන්නෙ පපුවෙ බිත්තර තම්බන්න පුළුවන් ගානට නිසා. මම තරං දීර්ඝ බයික් සංචාර කරපු කෙනෙක් ලංකාවෙ ඉන්නවද දන්නෙ නෑ.

ඉස්සෙල්ලම බයික් එක අරගෙන නවගමුවෙ දේවාලෙට ගිහිං පඩුරක් එහෙම බැදල ඉන්න කියල ඉස්සර මම වැඩකල ඔෆිස් එකේ වැඩිහිටි මිස් කෙනෙක් කිව්වත් මම නෙවේ තුට්ටුවකට ගනං ගත්තෙ. කොහොමහරි 2008 අවුරුද්දෙ ගෙදර ගිහිං එනකොට හා හාපුරා කියල පලවෙනි ඇක්සිඩන්ට් එක උනා. ඊට පස්සෙ කස්ටිය කිව්වෙ බයික් එක විකුණන්න කියල. මම ඒවා එක කණකින් අහල අනෙක් කණෙන් පිටකලා. අදටත් මේ බයික් එක තමයි මගේ ලග තියෙන්නෙ. කවදහරි වැඩක් ගන්න බැරිවෙලා දිරල යනකංම මේක විකුණන්න නං මගේ අදහසක් නෑ.

අන්තිමට කියන්න යන්නෙ මම ගිය දීර්ඝම බයික් ගමන ගැන. මේක සිද්ධ උනේ මීට මාස දෙකකට විතර කලිං.මට ආරංචියක් ආවා කලිං වැඩකල ඔෆීස් එකේ යාළුවෙකුගෙ මරණයක්. ආරංචිය ලැබුනෙ ටිකක් හවස් වෙලා. එදාම යනවද පස්සෙ දවසෙ යනවද කියල වැනි වැනී ඉදපු මම හවස 5.00ට තිරණය කලා යනව කියල. 5.00ට බයික් එකේ ගෙදරින් පිටත්වුනු මම හෝමාගමට (කි.මී.200)රෑ 9.00ට ආව. මළගෙදර පැය කීපයක් ඉදල හරියටම රෑ 1.00ට එන්න පිටත්වෙච්ච මම ගෙදර ආවෙ උදේ 5.00ට.

බයික් පාවිච්චි කරන අය බ්ලොග් අවකාශයේ ඕන තරං ඇති. ඒත් පැය දොලහක් ඇතුලත කිලෝමීටර හාරසීය ගනනක් ගියපු කෙනෙක් ඉන්නවනං කියන්න බලන්න.

ප.ලි.- මෝටර් සයිකල් කරුවන්ගේ ප්‍රධානම සතුරා වන්නේ බල්ලාය.
ප.ප.ලි.- සතුරන් අතරට හරකා සහ පොලීසියද ඇතුලත් විය යුතුය.

42 comments:

  1. රාජ්ගෙ රෙකෝඩ් එක කඩන්න නම් නෙවෙයි මේ. මම කොළඹ ඉඳන් දෙහිඅත්තකන්ඩියට නම් මුලු පවුලම පටවගෙන බයික් එකක යනවා ඉස්සර. ඒක පොඩි යමහා එකක්. ඒක දැකපු ඕස්ට්‍රේලියාවෙ ඉන්න මගෙ බඩියෙක් කියනව. යකෝ උඹ මේ මදුරුවගෙ නැගලා කට්ටියම දාගෙන වංගු දහ අටෙනුත් ගිහින් දෙහිඅත්තකණ්ඩියට යනවා නම් උඹට 125 තරම්වත් ලොකු බයික් එක තිබ්බොත් උඹ ඕස්ට්‍රේලියාවටත් එයි කියලා.

    ඒ දව්ස් වල මට අෆෝඩ් කරන්න පුලුවන් කම තිබ්බෙ ඒ බයික් එක විතරයි.

    පරෙස්සමෙන් පැදපං බොලේ.

    henryblogwalker the Dude

    ReplyDelete
  2. Dude
    හප්පේ මම විතරක් නෙවේ එහෙනං තවත් ඉන්නව මගේ ජාතියේ.මම නං තවත් කෙනෙක් එක්ක යන්නෙ නෑ.

    ReplyDelete
  3. රාජ්, ඒකෙන් මේකෙන් මට ඇඟිල්ල ගැන අහන්න බැරි වුනානෙ...LOL
    henryblogwalker the Dude

    ReplyDelete
  4. Dude
    යාන්තං ඒවැඩේ ගොඩ.(ඒ කියන්නෙ ටයිප් කරන්න පුළුවන් ගානට තියනවා)

    ReplyDelete
  5. අපේ තාත්තා මට දීපු අවවාදය..

    බයික් එකේ යනකොට පරිස්සම් වෙන්න ඕනෙ කරුණු 3යි.

    1. කෙල්ලො - බලන්න ඔලුව හැරෙව්වොත් සුන්!
    2. බල්ලා - කිසිම ෂුවර් එකක් නෑ බයික් එක දැක්කම මොන පැත්තට දුවයිද කියලා
    3. වැල්ල - ලොවෙත් ලිස්සනවා

    ReplyDelete
  6. මගෙත් ප්‍රයිමරි වාහනය බයික් එක. අප්පච්චි මට දීපු උපදෙසක් තමයි හරක් පාරට එනවා දැක්කොත් හරකාගේ පස්ස පැත්තෙන් ඉස්සර කරන්න සහ බල්ලංගෙ ඉස්සර හ පැත්තෙන් ඉස්සර කරන්න කියපු එක.මොකද හෝන් පාරක් ගහලා යද්දි බල්ලා අනිවා ආපහු හැරෙන නිසා.

    ReplyDelete
  7. ඔය බයික් මොඩලය මොකක්ද?

    ඉන්දියන් කබලක් වෙන්න නම් බෑ...

    ReplyDelete
  8. විසිතුරු
    ඇයි පොලිසිය?

    තීර්ථ යාත්‍රිකයා
    ඕකට කියන්නෙ "බලු හොම්බෙන් හරක් පු**" කියල!

    'සුළඟ'
    අයියෝ ජපන් නෙවේ.ඉංදියන් ඉංදියන්.හරියටම කිව්වොත්
    "TVS Star Sports කික් නොකරන පය දහස් වටී".

    ReplyDelete
  9. මම ඔච්චර දුරනං පැදලනැ...උඹ ඉතින් ඔකට ආසයිනේ ඒත් පුතො පරිස්සමින් පැදපං...ඔය බල්ලො බයිසිකල්වල පූරුවේ වෛයිරක් කාරයොනේ මචො..බයිසිකල් කෙස් හින්ද මාත් දවසක් බෙල්ල නොකැඩි බෙරුනා...

    ReplyDelete
  10. Raj
    දැන්නං එහෙමකට ආසාවක් නෑ.ඒත් දැං බයික්කෙක ඇගේ කොටහක් වගේ වෙලා.

    ReplyDelete
  11. ටිකක් භයානක වැඩක් නේද ඔය? මට නම් බයයි. ඒත් ඉතින් හිමීට යන කෙනෙකුගේ පිටි පස්සේ ඉඳගන යන්ට නම් බය නෑ.

    එහෙමනම් ඉතින් කිලෝමීටර් 500 උනත් ගිය හැකි.:D

    ReplyDelete
  12. Podi Kumarihami
    මෝටර් සයිකලේක පැය හතර පහක් යනව කියන්නෙ හෙමින් ගියත් රිස්ක් එකක් තියන වැඩක්.
    කිලෝමීටර් 100 විතර යනකොට පස්සක් නෑ වගේ.500ක් ගියොත් කොහොමද?:D
    කවුරුහරි වලලු දාපු කෙනෙක් පිටිපස්සෙ ඉන්නවනං මටත් යතෑකි ඉන්දියාවට හරි.:D

    ReplyDelete
  13. බයිසිකල්වලින් යන වැඩේට නම් දිල් වැඩිය මනාප නෑ...ඒත් බොහෝම ප්‍රවේශමෙන් රාජ් වගේ බයිසිකල් පදින අය ඕනෑ තරම්....

    ඇස් ඉස්සරහම අනතුරක් වෙනවා දැක්කා...ඒක මාරාන්තික අනතුරක්...පැදගෙන ආපු කෙනා හෙල්මට් එක දාගෙන උන්නෙ වැලමිටට...ඔළුවට නෙමේ..එයා අනතුරෙන් පස්සෙ එතැනම ඉවරයි...පිටි පස්සෙ ආපු කෙනා නම් බේරුනා...ඒ ක්ලාස් ඇරිලා යන ගෑණු ළමයින් දිහා බලන්න ගිහින්....

    ReplyDelete
  14. අනේ මලේ මට නම් බැරි එක දෙයක් තමයි ඔය මොටෝ සයිකල් පැදිල්ල. අපේ අම්ම එක්ක බැහැ නොවැ. අපේ මල්ලි (ඌ මට කලින් ජොබ් කලා. ) ඔය මහ පත බයිසිකලයක් ගෙනල්ලා ඒක නැවත විකුනන කම්ම අපේ අම්ම කෑවෙ නැහැ. ඒ තාත්ත අපිට බයිසිකලයක් අරන් දෙන්න යනකොට දැකපු ඇක්සිඩන්ට් එකක් නිසා අයිත් කවදාවත් ඕක මතක් කරන්න වත් දුන්නේ නැහැ. මම කැම්පස් කාලෙම වෙද හාමිනේ නිසා ඔය අදහස අතහැරියා.

    ReplyDelete
  15. මෙන්න මගේ වාර්තාව

    උදේ දහයට විතර නුවරඑළියේ සිට හාලිඇලට.

    පැයකට පසු එතනින් බංඩාරවෙල, ඇල්ල, වැල්ලවාය හරහා බුත්තලට.

    බුත්තල ගෙදරක පැය භාගයක් සිට ආපසු බංඩාරවෙල හරහා නුවරඑළියට.

    දුර නං කිමි 250ක් ඇති, ඒත් පාර නං ඒ කාලේ කියලා වැඩක් නෑ. ඒ මදිවට බයික්කේ 90 වගේ හොණ්ඩා එකක්.

    දරුණුම දේ තමයි - මං පස්සේ. බැචෙක් තමයි බයික්කෙ පැද්දේ!

    ReplyDelete
  16. මෙන්න මගේ වාර්තාව:

    1985 අවුරුද්දේ පොසොන් පෝය දවසේ මහරගම සිට කුරුණෑගල හරහා මාතලේට කි.මී. 155 ක දුර HONDA CG125 මෝටර්සයිකලයකින් ගෙවා යෑමට මට ගත වුණේ පැය 2 යි විනාඩි 46 ක් පමණ යි.

    ඒ කාලේ අඩු ගණනේ A1 කොළඹ-නුවර පාරවත් කාපට් කර තිබුණේ නැහැ.

    ReplyDelete
  17. හිතුමතේ බයිකෙකක් ගත්තේ ගොඩාක් අමාරුවෙන්... ඒ කලේ විදපු දුක හින්දාම මම බයික් එකට ගොඩාක් ආදරෙයි.... යන තැනක ගොඩාක් පරිස්සමින් මගේ යාලු..

    ReplyDelete
  18. අපොයි ඉන්නවා බන් ඔය දුර පලාත්වල ඉන්වෙස්ටිගෙසොන් කරන් උන් සේල්ස් කරන් උන්, කලෙක්සොන් කරන උන්, ඇසෙසර්ලා මම අත්දැකීමෙන්ම දන්නවා.

    ReplyDelete
  19. ඔය පැයගානට එච්චර දුරක් දුවපු එකෙක්ව නම් හොයා ගන්න අමාරුවෙයි මම් හිතන්නේ. ඒ හොයන වෙලාවට ලාහකට ගෙම්බෝ ටිකක් හොයගන්න බැරි වෙන එකක් නෑ.

    ReplyDelete
  20. මමත් බයිසිකලේක පිටි පස්සෙ වාඩි වෙලා ඇඹිලිපිටියෙ ඉඳන් ආවා පැලමඩුල්ලට.. පැයක් විතර ඇවිද්දෙ රුවිතෙට !

    ReplyDelete
  21. ඔන්න කොයි ගමන් ගියත් කොල්ලෝ පරිස්සමින්.. මාත් කොයි තරම් ආස උනත් බයික් එකට දත් දෙක තුනකුත් කඩාගෙන දවස් ගානක් හොස්පිටල් ලැගලා හොදටම ඩැමේජ් කරගත්තු කෙනෙක්නේ

    ReplyDelete
  22. මම ඕකට කැමති නැත. http://emailkavikaari.blogspot.com/2011/08/blog-post_30.html

    ReplyDelete
  23. ඕකෙ හොඳ හුළං පාරක් හෙම වැදීගෙන අස්ස ගුඩුං කියාගෙන යන්න මාත් ආසයි... අපි බැඳපු අලුත ඒකෙන් නොගිය දිහාවක් නෑ... ගෙවල්වලින් ඇතිවෙන්න බැනුම් ඇහුවා.... හැබැයි අර කිව්ව වගේ බහිනකොට පස්සක් තියේද කියලවත් දැනෙන්නෑ... ටික වෙලාවක් යනකම් ඇවිදින්නෙ රුයිතෙට....

    ReplyDelete
  24. දිල්
    හෙල්මට් එක වැලමිටට දාගෙන යන අයට දඩගහන්න වෙනම නීතියක් ඕන කියලයි මටනං හිතෙන්නෙ. ඇක්සිඩන්ට් දැක්කම බයික් එපාවෙනවා. මමත් හොද ඇක්සිඩන්ට් එකකට ලක්වුනා එක සැරයක්.

    වෙද ගෙදර මහ වෙදනා
    නෝනත් එක්ක යනකොට මටත් යන්න පුළුවන් උපරිම වේගය 40යි. ඊට වැඩිවුන ගමන් කෙනිත්තීම්, පහරදීම් වලට ලක්වෙනව:D

    කතන්දර
    කකාගෙත් රෙකොඩ් පුංචි නෑ. තවත් කෙනෙක් බයික් එක ගෙනියද්දි යන්න මම නං මාර භයයි. මොකද මට ෂුවර්ම කෙනා මම.

    Anonymous
    කාපට් නොකරපු අබලන් පාරවල්වල යනඑක තරම් අමාරු දෙයක් තවත් නෑ.ඒත් දෙයියනේ කියල දැං නං පාරවල් ටික තිතට තියනව.

    හිතුමතේ
    බොහොම ස්තුතියි.මාත් බයික්කෙට මාර ආදරෙයි.

    මාතලන්
    හ්ම්.ඒවගේ අය දුර යනව තමයි.

    මධුරංග
    :D

    Weni
    ඒක එච්චර දුරක් නෙවේනෙ? ඒත් අමාරුව තේරෙනවා.

    දේවා ගේ අඩවිය
    මම දන්නවා.උඹේ පෝස්ට් එක දැකලයි මට මේක මතක් උනේ.

    kavikaari
    මොකද කියල බලන්නං.

    ReplyDelete
  25. මගේ පලවෙනි මෝටර් බයිසිකලේ 1975 හේ විතර 'රෝයල් එන්ෆීල්ඩ් 250' අන්තිම එක 'හොන්ඩා ඉකොනො 90' ලංකාවේදී. ඕස්ට්‍රේලියාවේදි ටික කාලයක් පාවිච්චි කළා 'හොන්ඩා සී.ටී. 110' කියල එකක්, ඒක තමා මෙහෙ තැපැල් බෙදන බයික් එක.

    එක පාරට වැඩිම ගිහින් තියෙන දුර, කුරුණැගල ඉඳල ගාල්ලට සහ ගාල්ලෙ ඉඳල ආපහු ගම්පහට. මගේ පෝස්ට් වල නම සඳහන් වෙන ඉන්දරේ එක්ක. ඉන්දරේට ඒ කාලේ බයික් පදින්න බැහැ. කුරුණෑගල ගාල්ල අතරෙ, ගම්පහ අපේ ගෙදර විනාඩි ගානක් නැවතුනා, ඔබීගෙන් සල්ලි ටිකක් ඉල්ල ගන්න. ආපහු එනකොට දෙහිවල පැත්තෙ තිබුන 'පර්ලින්' කියන හොටේල් එකෙන් දෙන්න එක්ක භාගයක් ක්‍රියා කලා, කඩවතින් තව dram එක ගානේ ක්‍රියාකළා. ඊට වඩා කොරන්න සල්ලි නොතිබුන නිසා. දෙහිවල ඉඳල ගම්පහටම හෙන වැස්ස. නැත්තන් කුරුණෑගලටම යනව. මුළු ගමනම 'හොන්ඩා ඉකොනො 90' යෙ. පාන්දර හතරට විතර කුරුනාගලින් පිටත් වුනේ, රෑ 9 - 10 අතරෙ විතර ආපහු ගම්පහ. දුර කි.මී. කීයද කියල දන්න කෙනෙක් කියන්න.

    වීර ක්‍රියාවක් හැටියට නෙමේ සලකන්නෙ, තරුණ කාලේ කරපු ගොන් කමක් හැටියට, බයිසිකලෙන් ගිය ගමන නෙමේ, ගමන ගිහින් එද්දි බීපු එක.

    ReplyDelete
  26. Miyuru
    අපිදෙන්නත් බයික්එකේ යනවට ගෙවල්වලින් කැමැත්තක් නෑ.ඒත් ඉතිං මොනව කරන්නද!

    ReplyDelete
  27. Observer
    බීල බයික් පැදිල්ල නං අන්තිම ඩේන්ජරස් වැඩක්. මොකද ඒ වෙලාවට එඩිතර වැඩීනේ.:D
    දාන්න බැරි තැන් වලිනුත් දාන්න හදනව.පොඩ්ඩ මිස් උනොත් සොරි තමයි.

    ReplyDelete
  28. රාජ් ඇතුළු සැමට උපදෙසක් ලෙස මේ සබැඳිය දමමි.

    http://kathandara.blogspot.com/2009/11/blog-post.html

    .

    ReplyDelete
  29. කතන්දර
    බැලුව. කතන්දර කාලෙකට කලින් දාපු පෝස්ට් එකක්.කියවල තිබුනෙත් නෑ. කොහොමෙයි හොයාගත්තෙ?

    ReplyDelete
  30. හප්පා ඔච්චර දුරනං ගිහින් නෑ...කොයිකටත් පරෙස්සමෙන් ගොයියෝ .......

    ReplyDelete
  31. My record - 250 KM .. 3h 35 mins - Singer Kinetic (Maduruva) ta tikak lokui .. :-)

    ReplyDelete
  32. මේ තියෙන්නේ ගිය සතියේ එක දවසක CBZ බයික් එකකින් ගිය මගේ රෙකෝඩ් එක මට නම් කොහොමටත් මේ දවස් වල කිලෝ මීටර් නෑ. ආරම්බය ගාල්ලේ ඇල්පිටියෙන් උදේ 5.00 ට මතුගම ,කලවාන, නිවිතිගල ,බලන්ගොඩ , එතනින් රත්නපුර පානදුර හරහා රත්මලාන. දවල් 2.30 ආයෙත් 3.30 ඉදන් මහරගම කඩුවෙල කඩවත රාගම කදාන ජා ඇල හරහා රැ 9.45 ට කුලියාපිටියෙන් දවස ඉවරයි දන්න කෙනෙක් කිලෝමීටර් ගැන කියන්නකෝ (කොම්පැනියෙන් අන් ලිමිටඩ් පෙට්‍රල් ගහන නිසා හොදා)

    ReplyDelete
  33. මට තියෙන්නෙත් ඔය ජාතියේම self start නැති එකක්. මමත් ඔයවිදිහම තමයි. උදේ 8.30 ට තියන class එකට යන්න නැගිටින්නේ 7.45 විතර 65km විතර විනාඩි 45 යනවා.

    ReplyDelete
  34. ඔබ නොදු‍ටු ලොවක්
    තැන්කූ උපදෙසට

    Chanuka Lankathilake
    ගියපු වේගෙ නං වැඩියි!

    අම්බලම
    කි.මී. බර ගානක්නෙ!

    itnishantha
    වේගෙ වැඩියි ඔයාගෙත්.

    ReplyDelete
  35. බුදු අම්මෝ බයික් වල ඔය තරම් දුර යන්න ගියාම එපා වෙනවනේ අප්පා . ..

    @වෙනී . .
    ඒ නම් වෙන හේතුවකට වෙන්න ඕන . .
    අතර මඟ පාලු තැනක බයික් එක නැවැත්තුවා නේද? හික්ස්

    ReplyDelete
  36. පට්ට ගමන රාජෝ උඔ වෙසක් බලන්න යන්න පට්ට ඩයල් එක බං.. වෙසක් කලාපයම සතියක් බලන්න පුළුවං.. මේ ලගදි මම සෙරෙප්පු දාගෙන බයික් එකේ ගිහින් සෙරෙප්පු නැතිව ත්‍රීවීල් එකක ආවා.. තවම ඩැමේජ්.. :ඩී

    ReplyDelete
  37. මම ඉන්නවා.. කිලෝමීටර් 470 ගානක්... ඔපීසීයේ රැකෝර්ඩ් වලම තියෙනවා. ඒත් පැය ගානනම් සුංටක් වැඩියි උදේ 5.00 ඉඳන් රෑ 7.30 වගේ වෙනකල්.. ඒ වෙලාවේ තමා මම කොට්ටාවට ආවේ, ඉන්පස්සේ හිටපු පවුලත්(වෙන්ට) දාගෙන තවත් 10ක් 20ක් යන්න ඇති. ඒදා කානිවල් එකක් නෙව

    ReplyDelete
  38. මේ කියන්ට අමතක උනා ඔය දෙවැනි පලි එකේ සමානපද දෙකක් දාලා මොකෝ..

    ReplyDelete
  39. lahirucc
    රැකෝඩ් බ්රේක්!
    සමාන පද දෙකක්? ආ..... හරක සහ පොලිසිය නේද? වෙනම දැම්මෙ හරකට ටිකක් හරි මගේ ගෞරවයක් තියන නිසා.

    ReplyDelete
  40. මම බයික් එක ගත්තෙ 2008 මැද ප්ලැටිනා 100 සී සී එකක් නොම්බරේ යූ.සී
    දැන් කොච්චරක් විතර දුවල ඇතිද ?
    2011 නොවැම්බර් වෙද්දි 99999 පැන්නා
    මේ වෙනකොටනම් 7850 මීටරේ ( එකතුව = 107850)
    කොහොමද දිවිල්ල හැබැයි තාම කිසිම ලොකු රෙපෙයාර් එකක් කලේ නෑ කරපු ලොකුම රෙපයාර් එක තමයි ගියර් වීල් සෙට් එකේ 2 ගියර් වීල් එක දැම්මා ඒකට 9000ක් විතර ගියා.
    2008 ඉදලම මේ දක්වා තර්ඩ් පාටි ඉන්ෂුවරන්ස් තමයි. හැබැයි ඇක්සිඩන්ට් වෙලාම නෑ. දෙපාරක් විතර පෙරළිලා තියෙනවා පොඩි සීරීම් විතරයි.

    නිවාඩු දවස්වලට ලංකාව පුරා රවුං ගහන එක තමයි විනෝදාංශෙ.
    පදිංචිය අනුරාධපුර.
    අනුරාධපුර ඉදල පොළොන්නරැව, මහියංගනය, බිබිල, බුත්තල හරහා කතරගම ගිහින් ඇඹිලිපිටිය,රත්නපුර, ගලිගමුව, කුරුණෑගල හරහා ආපහු ආපු එක තමයි ගියපු ලොකුම ගමන. දවස් 2යි කි.මී. 1200ක් විතර වැටුනා. මොකද කතරගමම ගොඩක් යන්න තිබුනා (සිතුල්පවුව, කිරින්ද).ඊට පස්සෙ දවස් 2ක්ම වැඩටනම් ගියෙ නෑ. මොකද පුටුවක වාඩිවෙන්න අපහසු මට්ටමක තමයි හිටියෙ. නිකං සිරීපාදෙ නැගල කකුල් වලට වෙනදේ වගේ දෙයක් වෙලා.

    ගිය අවුරුද්දෙ බැන්දට පස්සෙ තමයි ගමන් අඩු වුනේ. නැත්තන් මේ වෙද්දී මගේ මීටරේ 20ත් පන්නලා.

    ReplyDelete
  41. "මොකද පුටුවක වාඩිවෙන්න අපහසු මට්ටමක තමයි හිටියෙ."
    ඕක තමයි ලොකුම අවුල! ස්තුතියි ආවට.

    ReplyDelete
  42. මගෙ තියෙන්නේ china GN 1k හලාවත ඉදල පොළොන්නරු ඔෆිස් එකට යනවා 2008 දි විතර මාසෙකට දෙපාරක් විතර. පාන්දර 5.00ට යන්න පටන් ගන්නෙ 8.30 වෙද්දි ඔෆීස් එකේ

    ReplyDelete