ඇවිද්ද පය ලියන සුදීකගෙ ක්‍රිකට් කතාවක් දැකල මගෙත් මතකය අලුත් උනා. ඒ තමයි කාර්යාල ක්‍රීඩා තරග ගැන. සාමාන්‍යයෙන් ගමේ-ඉස්කෝලෙ ඕනතරම් ක්‍රීඩා කරල තිබුනත් කාර්යාල මට්ටමේදි ලැබෙන්නෙ වෙනස්ම අත්දැකීම්. ඇත්තටම කිව්වොත් බොහෝ කාලයකින් පිටියට ගිහිල්ල නැති පිරිසක් එක්ක ක්‍රීඩාකිරීමෙන් වැඩි විනෝයක් ලැබෙනව. මට මතකයි කාර්යාලීය ක්‍රිකට් තරගයක එක් ක්‍රීඩකයෙක් ඕවරයකට බෝල 22ක් දැම්ම.
මම කොළඹ වැඩකල කාලෙ, ඔන්න ආව ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතර වොලිබෝල් තරගාවලියක්. ඕක හරි විදියටම කියනව නං කියන්න ඕන "කොළඹ දිස්ත්‍රික් අන්තර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය වොලිබෝල් තරගාවලිය" කියල. :)
ඉතිං අපි මාසයකට විතර කලින් පුහුණුවීම් පටන්ගත්ත. තරගයට දවසකට කලින් අපේ "උනන්දුවා" වෙච්ච ග්‍රාමසේවක රාලහාමි කෙනෙක් තදබල අසනීපවුනා. අපි ගියා බලන්න ඉස්පිරිතාලෙට. යන්තමට ඇස්ඇරල බැලුව රාලහාමි කිව්වෙ කොහොමහරි තරගය දිනන්න කියල.
ඔන්න අදාල දවසෙ අපි කට්ටිය ඔපීසියෙ වාහනයකින් තරගයට පිටත්වුනා. එදා සෙනසුරාද දවසක්. උදේ 9 වෙනකොට අපි නියමිත ස්ථානයට ගියත් ඒ වෙනකොටත් කවුරුවත් නෑ. පැයක් බැලුව දෙකක් බැලුව ම්හු! කවුරුත් නෑ. අපි විතරයි හිටියෙ. දැං ඉතිං මොනව තරන්නද, ටික වෙලාවකින් ආව ප්‍රැක්ටිස් කරන්න කණ්ඩායමක්. කතාකරල බැලුවම අගමැති ආරක්ෂක සෙට් එකක්. අපි ගේම ඉල්ලුවම එයාල කැමතිවුනා ගේමට. 3-2 විදියට අපි පැරදුනා. ඊට පස්සෙ අනුශූරතාවයයි සහතිකයි අරගෙන කොහේදෝ බීච් එකකට ගිහිල්ල දුඹුරු පාට බෝතල් කිහිපයකුත් හිස් කරල ගියා. සඳුදා අපෙන් තරගය ගැන විස්තර අහපු කාර්යාල සගයන්ට ලැබුනෙ මේවගේ උත්තරයක්,
"අම්මට සිරි! අපි ෆයිනල් වෙනකන් ආව. ෆයිනල් එකට අහුවුනේ අගමැති ආරක්ෂකේ සෙට්එකක්. ඒත් අපි 2ක් ගැහුව"
*****************************************************************************
මේ කතාව උඩඑක වගේමයි. වෙනස ක්‍රිකට්. හැබැයි මේකට දිස්ත්‍රික්කෙම ඔපීසි වල සහභාගීත්වය තිබුන.
ඔන්න නියමිත දිනේ වෙලාවට තරගාවලිය ආරම්භවුනා. අපේ ටීම් එකත් මැච් දෙකක් තුනක් ගැහුව. අපි සපෝටර්ල විදියට ගියේ. පලමු පැය භාගෙ ඇතුගත වගේ ග්‍රවුන්ඩ්එකේ කොනකට සෙට්වෙලා දුඹුරු පාට බෝතල් දුකෙන් මුදවමින් හිටියෙ. හැබැයි එක ටීම් එකක් හැම මැච් එකක්ම ගහගෙන ඉස්සරහට එනව කියල, ඒ වෙනකොටත් තේරුම්ගන්න පුළුවන් සීමාව ඉක්මවා හිටියෙ නෑ. මේ අතරෙ අපිට සෙට්වුනා ග්‍රවුන්ඩ්එක කිට්ටුව ගෙදරක අංකොල් කෙනෙක්. ඒ වෙනකොටත් යම් පමණකට පාවිච්චි කරල හිටිය අංකොල්ගෙ සහ අපේ මට්ටම් හරියටම සම්පාතවුනා. සිගරට් කොටයක් දෙගොල්ල යාකරන පාලමේ අන්තිම ඇනයත් ගැහුව. පැයක් ගියා දෙකක් ගියා මම ඉස්සෙල්ල කිව්ව ටීම්එක ඉස්සරහටම ආව. ඒ ටීම් එකේ විශේෂත්වයක් තිබුන. ඒ තමයි 11ක් හිටියත් ඒක වන්මෑන් ෂෝ එකක් වීම. ඒ කියන්නෙ ඒකෙ හිටිය "කී ප්ලේයර්" තමයි හැම වෙලාවෙම ලකුණු ගහන්නෙත් විකට් ගන්නෙත්. ඌ නැත්නම් ටීම්එකට සොරි තමයි. මේ අතරෙ අංකොල්ගෙ කතාබහත් ගන්න ප්‍රමාණයට සාපේක්ෂව වර්ධනය වෙනව. අන්න එහෙම වෙලාවක අර කිව්ව ක්‍රීඩකයගෙ දක්ෂකම් ගැන කතාබහක් ඇදිල ආව. මේ කතාව ඇහුන අංකොල් මැද්දට පැනල කිව්ව,
"ආ මහත්තයෝ ඒ මගේ බාල පුතානේ.........."
"ආ එතකොට ඒජී ඔපිස්සෙකේ එයාගෙ තනතුර මොකද්ද?" අපේ එකෙක් ඇහුව.
"ඌට ඇති තානාන්තරයක් නෑ මහත්තයෝ, ඔය ඔපිස්සෙකේ මහත්තුරුටික තමයි එන්න කිව්වෙ"
බැලින්නං මූ විදෙස් ක්‍රීඩකයෙක්. තරගාවලියේ හැටියට ඒක නීතිවිරෝධී වැඩක්. කොටින්ම ටීම්එකම තහනම් වෙන කේස් එකක්. ඒත් ඒ වෙලාවෙ ඕව අදිනවට වැඩිය වැදගත් වැඩ අපිට තිබුන. ඔක්කෝටමත් වැඩිය අපේ හිත් මල්වගේ වෙලා තිබුනෙ. ඉතිං වැරදිකාරයන්ට සමාව දීල අපි ආව.
Pages
▼
පාසලක් තිබුණ ඔය වගේ ගුරුවරුන්ගේ ක්‍රීඩා උළෙලක වොලී බෝල කණ්ඩායමේ නායකයා තරඟයට කලින් ක්‍රීඩා පිටියට ඇවිත් පුහුණු පහරක් එල්ල කිරීම අවසන් වුනේ සති ගණනාවක් රෝහල් ගතව ඉදීමෙන්..
ReplyDelete1
Deleteඔට්ටු නෑ...... මම එකට ආවෙ. “මම 1“ දාන්නෙ නැතුව මම කියව කියව හිටිය, හහ් .. දෙන්නම් බැටේ මීට පස්සෙ. :)
Deleteමමත් එහෙම තමා කලේ. ඒත් 1 ලැබුනා. ලබන පාර පලවෙනි කමෙන්ට් එක වැටුනට පස්සේ මගේ කමෙන්ට් දාන්නම්..
Deleteහේහ් .. උඹ ඒක සිරාවට ගත්තද? ගනන් ගන්න එපා මචං. ජොලියට කියන කතානේ.
Deleteඋඹල එක වෙන්න රන්ඩුවෙන්නෙ නැතුව පෝස්ටුව කියවහල්ල! :)
Delete:) පොස්ට් එක කියෙව්වට පස්සේ 1 ගැන රණ්ඩු වුනේ..
Deleteඇයි දෙයියනේ ඔය උඩ කියල තියෙන්නෙ පෝස්ට් එක කියවන්න ගිය නිසා පරක්කු වුණා කියල. ඔන්න ඔට්ටු නෑ රාජ්, ඔයා අපේ කමෙන්ට් කියවල නෙවෙයි රිප්ලයි කරන්නෙ.
Deleteඔන්න මිනිස්සු. වරදට සමාව ! හෙහ් හෙහ් .....
ReplyDeleteඒකනේ බලන්න අපි කොච්චර හොඳද කියල.
Deleteඅඩේ අපේ වැඩපොලේ එහෙම නෑනේ ඔය විදිහේ ක්‍රීඩා තරඟ.
ReplyDeleteතිබ්බා නම් මරු !!
මට මතකයි ඔය දුරකථන අයතනයක හැම අවුරුද්දෙම ක්‍රිකට් තරඟයක් තියෙනවා. සහභාගි වෙන අයට ටී ෂර්ට් එකක් දෙනවා සෙල්ලම් කරන නිසා. ඒ නිසා කට්ටිය පොරකාල කොහොමහරි ටීම් වලට පැන ගන්නවා. බෝලයක් අල්ලන්නෙත් නෑ. දුවන්නෙත් නෑ.. මොකද ටී ශර්ට් එකට මඩ ඉහෙයි කියලා.
සංවිධානය කරල ගත්තනං හරි. හැබැයි ලොක්ක කැමති වෙන්න ඕන.
Deleteක්‍රිකට් ගැන කතානං තියේ...මේව දැක්කම දාන්නමය් හිත.
ReplyDeleteඅම්මප කීඩාවත් මධ්‍යසාරෙ නැතිව බෑනෙ මුන්ට..හිකිස්..:)))
අපි ඒව පාවිච්චි කරල ක්‍රීඩාකලේ නෑ. ඒ නිසා තහනම් උත්තේජක චෝදනා නෑ.
Deleteයකෝ අගේ කරන්න වටින වැඩක්නේ ... අපිනම් ගෙමම අදිනවා
ReplyDeleteආතල් එක ඒ වෙනකොටත් අරගෙන හිටියඑකේ මොකට රන්ඩු වෙනවද!
Deleteකිරිකට තරඟ නම් කීපයකට මාත් ගොහිං තියෙනවා.. දුඹුරු පාට බෝතල් නම් තිබුණෙ නෑ... හැබැයි අර අන්තිම කතාවේ විදෙස් ක්‍රීඩකයො නම් එමටයි..
ReplyDeleteහුඟක් තැන්වල එහෙමයි.
Deleteඅපේ ඔපීසියෙත් ඔය වගේ මැච් එකක් තිබුනා එක පාරක්. අපේ අය්යල ටික මැච් එකට සෙට් වෙනවට වඩා බෝතලේට සෙට් වෙන්න බලාගෙන ඇවිල්ලා තිබුනේ. අනේ මන්දා මැච් 2ක් විතර ගහනකොට අපේ අයගේ කිරිකට් කෙරැවාව ඉවරයි. මාත් ටිකක් වෙලා බලං ඉදලා තනියමම ආපහු ආවා. පැය 4 කට විතර පස්සේ ගෙදර ඇවිල්ලා කෝල්එකක් දීලා බලනකොට කට්ටිය තාමත් මැච් ගහනවා. ඊළග දවසේ තමා දැනගත්තේ කොච්චර කිරිකට් වලට කැප වූ කට්ටියක්ද කියලා. මොකද දෙන්නෙක්වම හොයා ගන්න වුනේ NCC එකේ කාණුවෙන්.
ReplyDeleteදෙන්නෙක්වම හොයා ගන්න වුනේ NCC එකේ කාණුවෙන්.
Delete:D
පන්දුව හතර(ගාතේ) සීමාව(ත්) ඉක්මවලා ගිහිල්ලා....... :D
Deleteබෝතල් දුකින් මුදවන්න අයිය කොන්ත්‍රාත් එක ගත්තේ කවද ඉඳලද නියම කතාව
ReplyDeleteඒකාලෙම තමයි.
Deleteඔය කාර්යාල ක්‍රිකටි තරගනම් බලන්න ලස්සනයි.හරිම අපූරුයි...
ReplyDeleteමහත්තුරු බෝල් කරන්න දුවගෙන එන හැටි, එහෙම ඇවිල්ල දාන බෝලෙත් දොළොස් බම්පර්.
ඒක අහුලන්නෙත් විකට් කීපර් නෙවෙයි, ස්ලිප් ක්‍රීඩකයෙක්. එයා බෝලෙ අහුලලා ළගම ඉන්න කෙනාට අත යටින් යවනවා.throw කළොත් පොරගෙ අතට මාසයක් වෙදකම් කරන්න වෙනවා.
කොහොමහරි බෝලයක් බැරිවෙලාවත් විකට් එක පැත්තට ගියොත් පොලුම තමා. මොකද බැට්මන් ගහන්නෙ කොහොම ආවත් ගහන්න හිටපු ෂොට් එකක්.
\\කොහොමහරි බෝලයක් බැරිවෙලාවත් විකට් එක පැත්තට ගියොත් පොලුම තමා. මොකද බැට්මන් ගහන්නෙ කොහොම ආවත් ගහන්න හිටපු ෂොට් එකක්.\\
Deleteවැදගත් විදිහට පෝස්ට් එක කියවල කමෙන්ට් ටිකත් නිකමට වගේ බැලුවා. සුමිත් අයියා කියපු දේවල් ඇහුවහම වැදගත්කම පැත්තක තියල බඩ අල්ලන් හිනා වුනා. පට්ටම ඇත්ත.
අන්න හරි. සුමිත් අයියට තේරිලා තියනව වැඩේ සිද්ධවෙනහැටි.
DeleteThe Modern Patriot
වැදගත් විදියට හිනාවුනාම හරි.
තව ටික කාලයකින් අපේ කිරි කැට් පිලටත් පිටින් කෂ්ටිය ගෙනෙන්න වෙයිද මන්දා.
ReplyDeleteඒ මොකෑ. එච්චරම දුරුවලද?
Delete//ඔක්කෝටමත් වැඩිය අපේ හිත් මල්වගේ වෙලා තිබුනෙ.//
ReplyDeleteහැබෑට??? :D
නැතුව නැතුව.
Deleteමට මතක් වුනේ අපේ ඉස්කෝලේ ගුරුවරුන්ගේ ක්‍රිකට් මැච් එක... පෙන්ෂන් යන්න මාස ගානක් තිබුනු සර් කෙනෙක් නෙලපු නෙලිල්ල ක්‍රිකට් පුහුණුකරුවෙක් විදියට අපේ ඉස්කෝලෙම හිටිය සර්ටවත් ගහගන්න බැරිවුනා...
ReplyDeleteඅපේ ජයසූරිය මාමට ක්‍රිකට් ගහන්න නුදුන්නේ වයසට ගියාම හයියෙන් ගහයි කියලද දන්නෑ නේද...
ක්‍රිකට් සර්ට තිබුණෙ මම එක ටීම් එකකට ඇතුල් වෙන එක අනිත් ටීම් එකට අසාධාරණයක් නිසා මම දෙගොල්ලොම පුහුණු කරන්නම් කියල කලින්ම ජාම බේර ගන්න. හරකෙක්නේ මිහිහ.
Deleteජයසූරිය මාමට ගහන්න දුන්නෙ නැත්තෙ මොකද කියල උඹට තේරෙන්නෙ නැත්ද? දැන් ක්‍රිකට් බලන කොල්ලො ජයසූරිය ‘සීයගෙ‘ ක්‍රිකට් ගැන කතාකරන කොට ටීම් එකේ ඉන්න අනිත් ෆිට් කොල්ලොන්ගෙ තත්ත්වෙ මොකක්ද බොල. :)
වයසට ගියත් වැඩකාරයො ඉන්නව. හැබැයි ඉන්ටනැෂනල් ලෙවෙල් එකේදි ඒ සෙල්ලං බෑ.
Deleteඑල කොල්ලෙක්නේ එක්කං ඇවිල්ලා තියෙන්නේ :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
සිගරට් කොටයක් දෙගොල්ල යාකරන පාලමේ අන්තිම ඇනයත් ගැහුව.
ReplyDeleteමෙන්න මේ කොටසට තමා මට ඔන්න හයියෙන් හිනා ගියෙ.. හොදට දැනෙන්න අඩු වැඩිය දාලා ලියලා තියෙනවා..
:) තැන්කූ.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteහුටා...රාජ් එතකොට උඹලද අපේ තාත්තට එදා හොදටම පොවල තිබ්බේ. ඒ මදිවට සිගරටුත් දීලා.
Delete:) ආ මෙන්න විදෙස් ක්‍රීඩකය!ර්
Deleteඇත්තටම මරු නේ...පුතාට තනතුරක් විදියට පියොන් කමක් වත් සැට් කොරල තිබුනනං ඉවරයි අපරාදෙ....
ReplyDeleteඑහෙම කරල තිබුනනං හරි. ඒ නැතත් අවුලක් නෑ. උං කප්එක ඉස්සුව.
Deleteඅපේ ඉස්කෝලෙත් තියනවා අවුරුද්දකට සැරයක් ගුරු ගෝල ගැටුමක්! ක්‍රිකට්! මොකක්ද මංදා හේතුවකට හැමදාම දිනන්නේ සර්ලා! වයසට ගියත් මොකද උන්දැලගේ ගැහිල්ලට (කිරිකට් හොදේ) අපේ උන් කැලේ!
ReplyDeleteහපෝයි! කොල්ලන්ටත් බැරිද!
Deleteඅපේ කොම්පැනියේ ක්‍රිකට් තරගේ තියෙන පිට්ටනියට ඇතුල් වෙන හැම කෙනාවම චෙක් කරලා වෙනම පාස් එකකුත් දීලා තමයි ඇතුලට ගත්තේ. ඒ නිසා තහනම් උත්තේජක නම් ක්‍රීඩාව අහල පහලකවත් නෑ.
ReplyDeleteඑහෙමත් කිරිකට් ගහල වැඩක් තියනවද බං. :)
Deleteහිත් මල්වගේ වෙලා ????????????
ReplyDeleteසොෆ්ට් වෙලා. උණුවෙනව බටර් වගේ වෙඬරු වගේ.....
Deleteමං ඉස්සෙල්ලා හිටපු තැනත් ඔය වගෙ ක්‍රිකට් තරඟයක් තිබුනා.මැච් තිබුනෙ දෙකක් විතර. එක එක පාට බොතල් තිබුනා.ටික වෙලාවකින් එකෙක් කකුල කපා ගත්තා.තව ටිකකින් වලියකුත් ඇති කරගෙන තිබුනා. ඔන්න ක්‍රිකට්.. :D
ReplyDeleteඅපේ හොස්ටල් මැච් එකෙත් ඕකම උනා,මට මේක කියෙව්වා ගමන් හොස්ටල් මැච් 1 පැරදිච්ච දවස මතක් උනා.උන් ඒ වැඩේ කළේ නැත්නම් අපි record තියලා මැච් එක දිනන්නේ.තාමත් දුකයි එව්වා මතක් වෙද්දී :(
ReplyDeleteමම අන්තිමද?
ReplyDeleteනෑ බං මම :D
Deleteමොනවද බං අර දුඹුරු පාට බෝතල් ගැන කියලා තියෙන්නෙ? ජින්ජර් බියර්ද?
ReplyDeletehenryblogwalker the Dude
අපෝ .. නෑ .... ජින්ජර් උනත් බියර් නම් බියර් ! හරිය.
Deleteඒ මේ කොකා කෝලා බෝතල්.
ඈ බං රාජ් අයියේ අර ඕවරේට බෝල 22ක් දාන්න හෙන ගානක් යන්න ඇති නේ? ටෙනිස් බෝලයක්ම රු 60ක් විතර වෙනවනේ :D
ReplyDeleteඕවරේකට බෝල විසි දෙකක් දාපු එකා ඊට කලින් කවදාවත් ක්‍රිකට් සෙල්ලම් කරලා නැතුව ඇති නේද?
ReplyDeleteඅවුලක් නැ රජයේ වැඩනේ
ReplyDeleteසිත් මල් පිබිදේවා!
ReplyDelete//මට මතකයි කාර්යාලීය ක්‍රිකට් තරගයක එක් ක්‍රීඩකයෙක් ඕවරයකට බෝල 22ක් දැම්ම.// මුගේ බොරු... ෂුවර් එකට දුඹුරු පාට බෝතලේ හිස් කරලා රාජ්ම තමා ගේම දෙන්න ඇත්තේ...
ReplyDeleteනැත්නම් වැදිලා ඉන්න වෙලාවට බෝල හයත් විසිදෙකක් වෙලා පෙනුනද කවුද දන්නේ
Deleteඅපිට කොහෙද බං ඔහොම ආතල්
ReplyDelete" "අම්මට සිරි! අපි ෆයිනල් වෙනකන් ආව."
ReplyDeleteවතාවක් අපි ඉස්කෝලේ වොලිබොල් අනුශුරතාවේ දින්නෙත් ඔහොමමනේ... :)
මල් ගහද්දි හිත් මල් වගේ වෙනවා තමා :D
ReplyDeleteපැරෂුට්ටෙක්!
ReplyDeleteසිගරට් කොටේ කතාව මරු..
ReplyDeleteමරු කතා දෙක...
ReplyDeleteමේ දවස් වල හිනාවෙන්නද ටිකක් හිනාවෙන්නද අඬන්නද කියල හිතා ගන්න බෑ අයියා...!
ReplyDeleteඔන්න ඔහෙ ඇවිත් ටිකක් හිනාවෙලා යන්න. රාජ් ගෙ කතාවලට නම් හිනා යනව නොවැ..
Deleteවිදෙස් ක්‍රීඩකයො කමක් නැහැ. තහනම් උත්තේජකත් අරගෙන උබලා..
ReplyDeleteවොලිබෝල් සීන් එකත් සිරා..
කතා දෙකම නියමයි බං. විදේශ ක්‍රීඩකයාගේ පියාට කොච්චර ආඩම්බරයක් ඇති වෙන්න ඇති ද?
ReplyDeleteහිකිස්...පට්ටස් ඈ..
ReplyDeleteමරු ක්‍රීඩකයො සෙට් එකක්...
ReplyDeleteසමාව දීපු එක හොඳා මොකෝ... සහභාගීත්වය තමයිනේ වැදගත්ම දේ වෙන්නෙ....
ReplyDelete