කතාවක් තියනවනෙ මිනිහෙක් සම්පූර්ණ වෙන්න නම් ගහක් හිටවන්න ඕන, පොතක් ලියන්න ඕන, පුතෙක් හදන්න ඕන කියල (කියමනට පුතෙක් කිව්වට දුවෙක් උනත් කමක් නෑ). ගස් නං හිටෙව්ව පොඩිකාලෙ ඉඳලම. පොත් ලියල නැතත් පිටු එකසිය ගානක බ්ලොග්එකක් ලියල තියනව. පනස්දාහකට වැඩිය කියවලත් තියනව. එහෙම බැලුවම ඒකත් පොතක් ලිව්ව වගේ නෙවේද මං අහන්නෙ?
අඩුවකට තිබුන සහ අමාරුම කාරණාව පුතෙක් හැදිල්ලනේ. ඕං ඒ බලාපොරොත්තුවත් ඊයෙ ඉෂ්ටවුනා. ඊයෙ දවල් දහයකුත් ගානට නෝනට පුතෙක් ලැබුන. ලැබුන කිව්වට බඩ කපල ගන්නයි උනේ. ඒ කියන්නෙ සීසේරියන් සැත්කම කරල. මම යනකොට ඇස්දෙක කරකවමින් හතරඅතේ බල බල ඉන්නව. තාත්ත කෙනෙක් උනා කියල හිතෙනකොට දැනෙන හැඟීම විස්තර කරන්න බෑ. ඒක විඳලම බලන්න ඕන.
පුත්‍රයට නමක් තියල නෑ තාම. හිතලත් නෑ. නම් තැබිල්ලත් ලේසි නෑනේ. නැන්දල මාමලට පුළුවන් නම් නමකුත් පහලිං කොටල යන්න. වචන දෙකක නමක් නං වඩා හොඳයි.
ගිහිං එන්නං.
Pages
▼
නවක පියාට මගේ සුභ පැතුම්..!
ReplyDeleteනං ගැනනං මගෙන් අහන්න එපා... අටම්පහුරා කියයි ඕනනං විස්තර...:D
අම්මෝ මූගෙන්නං අහන්ඩ එපා
Deleteඅලුත් තාත්තට ඔන්න මගෙනුත් සුභ පැතුම්. නම් ගැන නම ඔය ජෝතිශ කරන කෙනෙක්ගෙන අහන එක තම හොඳ..
ReplyDeleteඋණුසුම් සුබ පැතුම් රාජ් අයියේ! රටක් වටින පුතෙක් හදන්නට වරම් ලැබේවා! ජය!
ReplyDeleteසුභ පැතුම් මචං...! උනා වගේ නෙවේ ...වගකීම් හරියට ඉටු කොරාපන්...ජයවේවා...!
ReplyDeleteකෝ...අකුරු ලැබුන්නැද්ද තාම..අකුරු කියපන් ඉක්මනට...
මා ගාව රටේම තියෙන පොත්තියේ අපේ කෙල්ලො දෙන්නට නම් තියන්න ගෙනල්ල..!
උණුසුම් සුබ පැතුම් අම්මාටත්, අප්පච්චිටත් දෙන්නටම.:D
ReplyDeleteඅකුරු නැද්ද? අකුරු දැම්මා නම්, නමක් හිතන්ට තිබුනා....:)
'රජෙක් වගේ පුතෙක්'
ReplyDeleteඑහෙම කියන්නත් බෑනොවැ.රටක් වටින පුතෙක් කියමු.සුබපැතුම්....
සුභ පැතුම්!!!
ReplyDeleteපියෙක් වීම ගැන නම් කියලා වැඩක් නැහැ. ඒ හැඟීම දැනෙන්න ඕනෙ කියන්න බැහැ. කල් යනකොට කොල්ලා හරි කෙල්ල හරි ටික ටික ලොකු වෙත්දි දැනෙන හැඟීම තවත් මිහිරියි. සුභ පැතුම් සහෝදරයා!!!!
අකුරු නෑ. කැමති අකුරකින් කියන්ට. ජෝතිෂ වැඩත් මගේ එච්චර නෑනේ. :)
ReplyDeleteසත‍්‍ය කියල දාන්න....
Deleteනැත්නම් සෙත් ඒක නම් මගෙ පුතාගෙ නම
අකලංක සත්‍යජිත් නරකද
ReplyDeleteඋඹත් මම වගේ වේලාවල් බලන් නැද්ද
අවුරැදු 4ක දුවෙකුට පුතාව මාරැකරමුද
පුතෙක් ඕනෙනං මාව ගනින්කෝ දරුකමට හදාගන්න ..
Deleteඅටම්පහුර ගෑනි ගහයි බැට් එකෙං
Deleteමේ මාවත් ගනින්..
Deleteඅම්මෝ අපේ ගෑණිට තව ළමයෙක් හදාගත්තහැකි
Deleteඅනේ වාසනාවන්...
ReplyDeleteතාත්තට වගේම කොලු පැටියටත් සුභම වේවා!!! රාජ සම්පත්ම ලැබේවා!!!
පවුලට අළුතෙන් එකතු වූ සාමාජිකයාට සුභ පැතුම්.
ReplyDeleteඅම්මාත් පුතු පැටියාත් සුවෙන් ඇතැයි සිතමි..
මේ කාලෙ රාවනා, මහින්ද, ගෝටාභය, නැගල යනව. ඔය නම් ටික ටිකක් එහෙට මෙහෙට කරල පොඩ්ඩක් try කරල බලන්ඩ...
ReplyDeleteදිලංක, දිලන්ත, දුලංක, දුලන්ත, දිදුලංක, දිදුලන්ත
Deleteසුබ පැතුම් අයියේ..
ReplyDelete""මවිත දියනෙත්" හොද නැද්ද්...
Congratz raj.
ReplyDeleteදරුවෙක් ඉපදිලා.... !!!
ReplyDeleteලෝකය තව පියවරක් ඉස්සරහට යනවා... සුබ පැතුම් රාජ් අයියා !!!
පුතු පැටියටයි රාජ් අයියටයි අක්කටයි ඔක්කොටම බුදු සරණයි !!!
උණුසුම් සුභ පැතුම්....
ReplyDeleteනම් ගැනනම් අයිඩියා නෑ මචං..... සොරි ඈ
සුභ පැතුම් ! අම්මටයි බබාටයි දෙන්නටම නිදුක් නිරෝගී සුවයත් පතන්නම්. (නිතර අවා ගියාට මේ මගේ මුල්ම කමෙන්ට් එක.)
ReplyDeleteඋඹලා තුන්දෙනාට අපේ පවුලෙන් උණුසුම් සුභ පැතුම්.
ReplyDeleteමෙන්න සින්දුව ඕකට;
He's got the whole world
In his hands he's got the hold world
He's got the whole world,
He's got the whole world in his hands.
මේ සින්දුව කියන්නෙ බබාගෙ අම්මා, බබාගෙ තාත්තා මුල් වරට බබාව වඩාගෙන ඉන්නවා දැකලා.
බබාගෙ අම්මට දැන් හොඳයිද?
henryblogwalker the Dude
දෙවෙනි පේලියේ hold යන වචනය whole යනුවෙන් නිවැරදි විය යුතුය.
Deleteනම් ගැන නම් යෝජනා කරන්න බෑ රාජ්. අපි නම් කලේ අපි දෙන්නගෙ නම් වල අකුරු එහෙ මෙහෙ කරලා නම් දාපු එකයි.අර කිව්වත් වගෙ කියවන්න පුලුවන් නමක් දාපං රාජ්. ඒවගෙම ඉංග්‍රීසියෙන් ලියලා කියෙව්වම කුණුහරප නොකියවෙන එකකුත් වුනොත් තමයි හොඳ. අත්දැකීමෙන් කියන්නෙ කෑලි පහක විතර නමක් දෑම්මම පස්සෙ හෙන වාතයක්.
ඩයපර් චේන්ජිං කෝස් එකකුත් කරන්න වෙයි. උඹ චූ ෂවර් ගන්නත් ලඟයි. නිදාගන්න නං බලාපොරොත්තුවෙන්න එපා තව අවුරුද්දකටවත්.
henryblogwalker the Dude
කට ඇති පුතෙක් හරි! ඊගාවට රුව ඇති දුවෙක් ආ! සුභ පැතුම් මගෙනුත්!
ReplyDeleteපළමු පියවරට මගෙන් සුභ පැතුම් තව හතරක් පහක් පියවර තබන්න හැකි වේ යැයි මා පතමි.
ReplyDeleteඅළුත් අම්ම, අප්පච්චිට උණුසුම් සුබ පැතුම්.
ReplyDeleteමේ දවස්වල රෑට රෑට කරන්ට් කැපිල්ල නිසා රටේ ජනගහනය වැඩිවෙයි කියල කෂ්ටිය ඊයෙ කතා වුනා විතරයි. හික් හික්....
අහම්බෙන් උනත් නැන්ඩිව ඉස්පිරිතාලේ ඇඩ්මිට් කරපු දවසේම කතාකරල විස්තර දැනගන්ට පුලුවන් උනානේව මචො සංතොෂයි සුබ පැතුම් දැන් ඉතින් තරඟෙට නිදිමැරිල්ලක් නේව තියෙන්නේ ජය....උබේ හිතට ආපු නමක් දාපං බං එක තමයි හරිම වැඩේ
ReplyDeleteputhra rathnayata ha ammata nirogi sapa sampaththiyama labewa!
ReplyDelete' Anuhas Devinda '
' Udara Chinthaka '
' Shaminda Deshapriya'
ආපු ගමන් සුබ ආරංචියක් නොවැ. මෙන්න මගෙනුත් සුභ පැතුම්. දැං ඉතිං නිදිමරන්න කවි කියන්න කිරි හදන්න ඉක්මණටම පුරැදු උනොත් හොදා ඔය අළුත් අප්පච්චිත්. ......
ReplyDelete@රාජ්,
ReplyDeleteසුභපැතුම්. අළුතින් නම් සිතීම අවශ්‍ය නොවේ. ඔබ දන්නා ඔබ සැබැවින්ම ගරු කරන, ඔබ සිතන හැටියට ජීවිතය සාර්ථක කර ගත් පුද්ගලයකුගේ නම පුතාට තියන්න. නම් දෙකක් තියන්න පුළුවන් නම් හොඳයි. නම් දෙකක් තියන්න කියන්නේ පුතාට තරමක "චොයිස්" එකක් දෙන්ටයි. එක නමකට ඔහු අකැමැති නම් අනෙක භාවිතා කරාවි.
ජ්‍යෝතිශය ගැන, අරිසෙන් අහුබුදුලා ගැන කරදර නොවන්න.
රාජ් මගේ දුවට නම් දුන්නේ මම එයාගේ සීයයි. මගේ කැමැත්ත වුනේ ඕනෙ කෙනෙකුට ලේසියෙන් කියන්න පුළුවන් නම්ක්. ඒ කියන්නේ පිටරැටියෙක්ට වුවත්. අනෙක් කොන්දේසිය වුනේ නම දිග වෙන්නෙ බැහැ. නම දැම්මේ "දුලා" කියලා. තේරුම දුලභ කියන එක. අහුබුදු මුණ ගැහිලා තිඹුනා පවුලේ අය. ඒත් ඒක වැඩක් වුනේ නැහැ.
Deleteහොද එක ආරටම කියන්න පුළුවන් නමක් දාන්න.
ඔන්න ඉතින් දැන් වගකීමෙන් ජීවත්වෙන්න කාලේ ඇවිත්.. කොල්ලට ආඩම්බරෙන් කියන්න පුළුවන් තාත්තා කෙනෙක් ... මගේ උණුසුම් සුබපැතුම්..
ReplyDeleteඋනුසුම් සුබ පැතුම් .....!!!!!
ReplyDeleteඋණුසුම් සුභ පැතුම් මචං. නම් දානකොට හොඳට හොයලා බලලා දාපං.
ReplyDeleteමගේ පුතාට නම දැම්මෙ ඔය අරිසෙන් අහුබුදු කියලා එයාගෙ දුව එවපු ලිස්ට් එකෙන් බලලා.
නම "නේජ දෙව්වින්".
ලස්සනයි නේද?
ඒත් මචං මේ නමේ ගණ වැරදියි. මගේ බ්ලෝග් එකේ කුතුහලය නැතිවෙනවා මචං ඉතිරි මට වෙච්ච දේ ලිව්වොත්.
පිය පදවියට උසස් වීමක් ලැබූ රාජ් අයියට මඩයාගෙන් උණුසුම් සුභ පැතුම්.........!
ReplyDeleteසුභ පැතුම්.. මේවා දකිනකොට මටත් ළමයෙක්හදන්න හිතෙනවා බං .. කෙල්ලෙක් හොයාගෙන..
ReplyDeleteපිය පදවියේ ප්‍රමෝෂන් එකට ඔන්න රෙපාගෙනුත් උණුසුම් සුභ පැතුම්. :)) නම් ගැන නම් දන්නේ නැතෝ
ReplyDelete\\තාත්ත කෙනෙක් උනා කියල හිතෙනකොට දැනෙන හැඟීම විස්තර කරන්න බෑ. ඒක විඳලම බලන්න ඕන.\\
ReplyDeleteඒ ගැන නම් කියන හැනම වටිනවා. ඒ ආදරණීය හැගීමත් එක්ක මතුවෙල ආපු සතුටට ආපු කදුළු නවත්වන්න හරි අමාරුයි. ජ්‍යෝතිශ මොනව උනත් කියවන්න පුළුවන් නමක් දාපන්.
සවේන් ලෝචන
නදෙව් චතුමික
මට වගේම අනාගතේ උඹටත් ලෝකෙ වෙනස් වීම් වෙනදාටත් වඩා හිතට දැනෙයි. ඒ පොඩි එකා වෙනුවෙන් තියන සම කළ නොහැකි සෙනෙහස නිසා.
වඩාත් ආදරබර දිවියකට පය තියපු හිතවන්ත සයිබර් සොහොයුරාටත් ඔබගේ ආදරණීය බිරිද සහ පුංචි දගකාරයාටත්, නූතන දේශමාමකයා, තෙරුවන් ගුණ මහිමයෙන් නිරෝගි සුව, දිගාසිරි පතනවා.
සුභ පැතුම්!
ඔන්න නම් ටිකක්…:D
ReplyDeleteභීම 'tremendous, terrific'
සෘති 'Hearing; revelation'
තේජ 'leadership, administrative, and managing abilities'
රිෂි 'seer'
සුබ පැතුම් මචන්!!!!!!!
ReplyDeleteWelcome to the club...!!!
ReplyDeleteඅම්මාගෙයි තාත්තාගෙයි නං එකතු කරලා නමක් තියන්න. ඒක තමයි හොඳම තර්කානුකූල ක්‍රමය.
මේක මාස 10කට වඩා ඇතුලෙ හිටියද මංදා.........කොච්චර කල් අහන්ට බලා හිටපු නිවුස් එකක්ද මේ? කට්ටියටම සුබ පැතුම් ඈ
ReplyDeleteසුභ පැතුම් සහෝ...
ReplyDeleteකට ඇති පුතෙක් - රැව ඇති දුවෙක් හදන්නට එපැයි..
මෞර්්‍ය රාජ් කියල දාමු :)
පියාටද...මවටද..සුභ පැතුම්! අලුත උපන් පුතාටද නිදුක් නිරෝගී සෞභාග්‍යවන්ත අනාගතයක් පතනවා!
ReplyDeleteසුභ පැතුම්
ReplyDeleteමේ සර්කස් ලෝකේ, පේන, පෙන්නන දේම නෙවෙයි
වෙනසක් දකින්න, ඇත්ත දකින්න හැකි පුතෙක් හදන්න ශක්තිය ලැබේවා කියල
ප‍්‍රාර්ථනා කරන්නම්
මාර සන්තෝසයි මචං... තුන්දෙනාටම සුභ පතනවා. එහෙනම් තාත්තා කෙනෙකුත් වුනා වගකීම් වැඩි... ඉස්සර සෙල්ලම් බෑ..
ReplyDeleteඅඩේ සුභම සුභ පැතුං ආහ්...
ReplyDeleteපොඩි රාජ් වගේ නමක් හොද නැද්ද????
ඊලග පෝස්ට් එකේ පොටෝ එකකුත් දාන්ඩෝ..
'රාජ් පරපුර' කියන්නේ 'රජ පරපුරක්' නොවැ. ඉතින් 'II වෙනි රාජ්' කියල දැම්මනම් නියමයි.
Deleteසුබම සුබ පැතුම් තුන්දනාටම..
ReplyDeleteආන් අපේ අනිත් රාජ් මලයත් ලයිට් කපනකම් ඉන්නවා මොකද්ද මේ වගේ වැඩකට මුල පුරන්න..
අලුත් තාත්තට ඔන්න මගෙනුත් සුභ පැතුම්.
ReplyDeleteමහා පුරැෂයෙක් වීමට
ReplyDeleteපොතක් ලිවීම/ගසක් සිටුවීම/පුතෙක් හැදීම අවැසි බව විශ්වාස කරන්නෙ චීන ජාතිකයින්
ජීවිතයේ මේ ලද භාග්‍ය පිලිබද මගේ උණුසුම් සුභ පැතුම් පිළිගන්න ! ජය!
උණුසුම් සුභ පැතුම් රාජ්....
ReplyDeleteමම නම් කැමතිම නමක් "මේඝ" කියන්නෙ...
කමෙන්ට් කිරීම්ට මෙතරම් පමා වීම ගැන සමා වෙයන් මචන්. උණුසුම් සුභ පැතුම් !!!!
ReplyDeleteරජ්ගේ පලවැනි කියන අර්ථය දෙන
රා - වන් කියල දැම්මොත් නරකද ?
මට් මේ දිනය අමතක වෙන එකක් නෑ. මගේ දුවගේ උපන්දිනයත් ලගයි.
එහෙනම් තාත්තලාගෙ සමාජයට සාදරයෙන් පිලිගන්නවා. සුබ පැතුම් සහෝ !!
ReplyDeleteසුභපැතුම් මචන්. කවිකාරි කිව්ව වගේ කීදොහක ඉඳලද අපි බලං ඉන්නෙ. උඹලා තුන්දෙනාටම සුභම සුභ අනාගතයක්
ReplyDeleteසුභ පැතුම් මචං. පවුලටම සතුටින් පිරුණු අනාගතයක්!
ReplyDeleteඅටම්පහුර ලොක්කාව සම්බන්ධ කරගන්න. මිනිහා ගාව නම් හැට හුටාමාරක් ඇති :)
ReplyDeleteපුංචි පුතා ඇතුළු පුංචි පවුලව යහපතක්ම වේවා. තුනුරුවනේ ආරක්ෂාව නිරතුරුවම ලැබේවා
ඌට ඉන්නෙ කෙල්ලො ඇති ගෑනු නම්
Deleteපරක්කුවෙලා හරි ඔන්න මගෙනුත් සුබ පැතුම් ! තාත්තෙක් වෙලා විතරක් මදි තාත්තගෙ යුතුකම් ගැනත් වැඩිපුර හිතන්න වෙයි.
ReplyDeleteපිය පදවියට සුභ පැතුම්.
ReplyDeleteඋණුසුම් සුභපැතුම් සහෝ!
ReplyDeleteජූලි මාසෙ උපදින්නෙ සිරා ඩයල් තමයි....
ReplyDeleteසුබ පැතුම්..... අලුත් තාත්තටයි අම්මටයි දෙන්නටම....!!
දෙන්නා කතා කරලා නම් දාගන්න එකයි හොඳ.
සුභ පැතුම් මචං.. දැනුයි දැක්කේ.
ReplyDeleteඋණුසුම් සුබ පැතුම් රාජ් සහෝදරයා...
ReplyDeleteරාජ් උදේ රීඩරෙන් කියවලා විශ් කරලා ගියාට මේක ලියන්න සිංහල තිබ්බේ නෑ.
ReplyDeleteමම රස්සාවක් විදියට කරන්නේ immigration consulting
උදේ ඉඳන් රෑ වෙනකම් වැඩ කරන ගමන් ලංකාවේ නමක් දැක්කම නම් දෙසීයක් විතර තියෙන දැක්ක ගමන් මගේ අම්මා අප්පච්චිගේ ඉඳන් බැනුම් අහන දුප්පත් එකෙක් මම.
අකුරින් අකුරට ඕක ලියන්න ගියාම මටත් මහන්සියි. හිතන්නකෝ මෙහෙ වුන්ට කොහොම ඇත්ද කියලා.
මෙහේ ඔෆීස් වල එවුන් මට ආදරේට කියන්නේ ඉල්ලන ඕනේ දෙයක් කරලා දෙන්නම් ඒත් දිග නම් තියෙන කේසස් නම් ගේන්න එපා කියලා.
මේ ඇත්තම ඇත්ත. විදෙශ රටකට ගියාම අපේ නම් ලියා ගන්න ගියාම දෙවියන්ගේ තාත්තලා විතරයි පිහිට වෙන්නේ. මම ඇත්දැකිමෙන් දන්නවා සමහර මිනිසුන්ගේ නම් දිග පළල හින්දා ඩොකියුමන්ට් ඉස්සරහට නොයන
අවස්තා. වෙන එකක් තියා මාත් එහෙම කරනවා. ඒක හින්දා ළමයින්ට කියලා අම්මලා තාත්තලා මතක් කරගන්න ආසාවක් නැත්නම් (අර මම වගේ බැනුම් අහන්න) බලාගෙනම දිග නම් දාන්න. ලෑලි දෙසීයක් අකුරු දෙසීයක්...
ලේසිම ශබ්ද කිරීමක්, වචනයක් වගේ වුනා නම් නමක් මොන තරම් වටිනවද කියලා තේරෙන්න නම් අපි වගේ රස්සාවල්ම කරන්න ඕනේ.
සුභපැතුම් රාජ් අයියේ.. එහෙනම් දැන් අර කිවුව කාරනා තුනම සම්පූර්ණයි.. ජය වේවා.. තව පහුවෙලා දුවෙකුත් ලැබුනම පවුල සම්පූර්ණයි..
ReplyDeleteඅලේ අප්පේ ඔන්න අයියේ පොඩි එකාට එහෙම බ්ලොග් පුරුදුකරනවා නෙවේ.....
ReplyDeleteසුභ පැතුම් තුන් දෙනාටම
උපන් වෙලාව කොහොමද බං හොයා ගන්නේ සීසර් කලාම.????
ReplyDeleteනම් ගැන නම් තැන් බර ගානකම කියලා තියෙනවා. මොනවා වුනත් නම උප්පැන්නෙට දෙන්න කළින් ඒක "වස්" වදින නමක්ද කියන එක අනිවා බලපන්.. හරියට ඝණ පිහිටලා නැත්තන් නමට නිවැරදි අර්ථයක් නැත්නම් ප්‍රශ්න මචෝ.. අනික තමා තව අවුරුදු විස්සක් ඉස්ස්රහට හිතලා එදාට ගැළපෙන නමක් දාපන්.. අද කාලේ නැගලා යන ගම් එදා වෙද්දි කැලේ.. එහෙම වුනොත් අපහසු තාවයට පත් වෙන්නේ ළමයා
තව ඩිංගෙන් අමතක වෙනවා.. වැඩ පෙන්නුවට මගෙනුත් සම්මාන ඔන්න උඹට...
මේක උඹලා තුන්දෙනාටම
සුභ පැතුම් රාජ් අයියේ....
ReplyDeleteඔයාට හොදයි කියලා හිතෙන එකක් දාන්න අනේ.
සුබ පැතුම්...
ReplyDeleteඑළ එළ සුභ පැතුම් මචෝ...මමත් බලන්න ඕනේ ඊලඟ නිවාඩුවේ ....
ReplyDeleteවාසනාවන්... වාසනාවන්...
ReplyDeleteපුංචි පවුලට ප්‍රීතිමත් අනාගතයක්...
නමක් නම්...
'දියුන් චමිත'
තව නමක්
ReplyDelete'ගගන හේසර'
සුබ පැතුම් අලුත් තාත්තට!
ReplyDeleteමෙන්න නම් ටිකක්
දිනකර ප්‍රභාෂණ
හිමකර,අනුහස්,සහශ්‍ර
සුභ පැතුම් සෑර්!
ReplyDeleteසුභ පැතුම් ඔයාලාට.....
ReplyDeleteසුභපැතුම් අම්මටයි පුතුටයි... මම අදහන ආගමේ හැටියට තුණුරුවන්ගේ පිහිටආරක්‍ෂාවයි!!!
ReplyDeleteඒත් එදා අටම්පහුරෙ කමෙන්ට් එක දැක්කට හිතුනෙ නෑනෙ ඔහොම දෙයක්... :)
දැන් ඇති අප්පා මේ ජීවිතේට නම් 5ක් දැම්මා... ;)
සුබ පැතුම් ... දැන් තමයි වැඩ ටික තියෙන්නෙ ඉතින් ..
ReplyDeletesubha pathum aiyaa.
ReplyDeletenamak kiyanna akurak kiyannako :)
-warnaa-
සුභ පැතුම් රාජ් අයියේ.
ReplyDeleteසියල්ලන්ටම,
ReplyDeleteනම් යෝජනා කල සුභපැතූ කට්ටියටම බොහොම ස්තුතියි. මේ බ්ලොග් එක දිගටම පවත්වගෙන යන්න පුළුවන්කමක් ලැබුනොත් පුතාට පෙන්නනව මේ පෝස්ටුව. එයා ගොඩක් සතුටු වේවි.
පට්ට ම සතුටුයි! දෙන්නම සනීපෙන් නේද.. පොටෝ කෑල්ලකුත් දාන්නකෝ අයියෙ!
ReplyDeleteඅනේ වාසනාවන් ගොඩක් කාලෙකින් නිදහසක් හම්බෙලා කියවන්න ආපු පළවෙනිම පෝස්ට් එක... සෞභාග්‍යමත් අනාගතයක් පතනවා පොඩි එකා..... ඇතුළු රාජ් පවුලටම
ReplyDeleteමොකක්ද දැම්ම නම
ReplyDeleteසුබ පැතුම් රාජ්! ආයුබෝවන් කියන්නම් මේ සුන්දර ලෝකයට එකතු වෙන්නට ආව පුතාට.
ReplyDeleteපොතක් ලිව්වට පස්සෙ ඒ වැඩේ ඉවරයි. කාලයක් ගියාම තමන්ගෙ අදහස් වෙනස් කරගත්තොත් ලියූ පොතට සම්පූර්ණයෙන් වෙනස් අදහස් වලින් පොතක් ලියන්නත් පුළුවන්. ඒත් ගහක් හිටවලා මුල් ඇද්දට පස්සෙ වැඩේ ඉවර නැහැ, කෙළින් හැදෙන්න රිටි බඳින්නයි, ඒක කෘමින්ගේන් ආරක්ෂා කරගන්නයි ඕනෑ. පුතෙක් හැදීම ඊටත් වඩා භාරදූරයි. අපේ ජීවය පවතින තුරා අපි මේ ලෝකයට ගෙනා ඒ සාමාජිකයාගේ යහපත වෙනුවෙන් තමයි ගන්නා වූ හැම තීරණයක් ම ගන්නට වෙන්නේ. දුර ගමනකට ධෛර්යය, ශක්තිය හා වාසනාව! ඒ ගමන අතිශයින් ම සුන්දර වූවක් කරගන්නට හැකියාවේ වැඩි වගකීම ඇත්තේ රාජ්ටයි හාමිනේටයි.
රාජ්ගෙ පුතාට විරාජ් නම යෝජනා කරනවා. විරජ = free from defilements මේක කාලීන අවශ්‍යතාවයක් ලෝකයට ම. බුද්ධාගමේ නම් ක්ලේශයන් ගෙන් නිදහස් වීම, ඒත් ආගමකට සීමා නොවෙන්නක්. විරාජමාන = බැබළෙන; විරාජිත = ලස්සන
මම හිතන්නේ දැන් නම් පුතාට නමක් තියලා ඇති.රජපදවියට වඩා පිය පදවිය කොයි තරම් නම් වටිනවාද? මම නම් තාම තනිකඩ.ඒත් මගේ අප්පච්චිගේ ආඩම්බරකාර ආදරේ මන් අත්දැකලා තියෙනවා.ඔබේ නම රාජ් ..පුතාටත් තියන්න රජ නමක්. මහසෙන් කියන නමට ම්න් ගොඩක් කැමතියි .සුබපැතුම් සහෝදරයා...
ReplyDeleteඋඹ කිවුවා.. හරි මචං.. පිය පදවිය ලැබුණාම දැනෙන දේ විස්තර කරන්න බෑ.. ඒක විඳලම බලන්න ඕන.. හදපතුලින්ම සුබ පැතුම්..
ReplyDeleteසුභ පැතුම් සහෝ.. මොකක්ද දැම්ම නම??
ReplyDeleteජය වේවා..