මගේ නවාතැනට යන එන උදවියට රවි අයිය කව්ද කියල කියන්න ඕන නෑනේ. මේ අඩවියෙ වැඩිම කතාන්දර ගනනකට ප්‍රධාන චරිතය උනේ මෑන් තමා. කතන්දර වලින් මිදිල මේ හදන්නෙ රවි අයිය ගැන කියන්න.
සමාජයේදී අපිට මුනගැහෙන මිනිස්සු අතරින් රවි අයිය කියන්නෙ විශේෂ සහ අමතක නොවන පුද්ගලයෙක්. සාමාන්‍යයෙන් බොහෝ දේවල් එච්චර ගනන් නොගන්න මෙයා කිසිම දෙයක් පාලනයක් ඇතුව කරන කෙනෙක් නෙවේ. ඒවායේ හොඳ-නරක දෙකම එයාට ලැබෙනව. සාමාන්‍යයෙන් රවි අයිය ඉන්න තැන කිසිම කම්මැලිකමක් නෑ. මොනවහරි කියනව. ගමේ තියන මළගෙවල් මගුල්ගෙවල් දාන-පිරිත්-බන ගෙවල් එකක්වත් රවි අයියගෙන් මිස් වෙන්නෙ නෑ. සමහර වෙලාවට දවස් දෙකක් තුනක් නිවාඩු ගන්නව. හේතුව ඇහුවම මළගෙයක්! ගෙදර මිනිස්සුන්ටත් නැති උවමනාවක් තමයි ඒ වැඩවලදි රවි අයියට තියෙන්නෙ.
රවි අයිය ජේවීපී කාරය කියල මම කලින් කියල තියනවනේ. ඔන්න දවසක් එයා නාමල් රාජපක්ෂ මැතිතුමාගෙ අනුග්‍රහයෙන් පවත්වපු තොරණක් බලන්න ගියා. තොරණෙ කවි කියන මනුස්සයට රුපියල් 100ක් දීපු රවි අයිය මෙහෙම කියනව,
"අයියේ සෝමවංශ අමරසිංහ අයියට දීර්ඝායුෂ පතා කවියක් කියන්න"
කවි කියන මනුස්සයට සෝමවංශ කවුද කියල තේරුනේ නෑ. එයා කවිය කිව්ව. ඊට පස්සෙ ආයෙත් රුපියල් 100ක් දීල කියනව
"අයියේ ජනතා විමුක්ති පෙරමුණට සෙත්පතල කවියක් කියන්න" ඕන්න එතකොටයි කවියට වැඩේ තේරුනේ.
"අනේ මල්ලී ඒකනං කරන්න බෑ........ දන්නවනේ මොකද කියල!"
"හරි! එහෙනං ටිල්වින් අයියට සුබපතල කවියක් කියන්න" යන්තං ඒ වැඩේ නං කෙරුනා.
මේ පෝස්ටුව ලියන්න හේතුවුනේ රවි අයිය ඔපීසියෙන් ගියා කියන්න. මොනව කලත් රවි අයිය කියන්නෙ සුපිරි මීටරයක්. ඔය ආයතන සංග්‍රහය මුදල් රෙගුලාසි වගේ අපේ තියන බරපතළ පොත් එයාට කටපාඩම්. ඒ නිසාම ලඟදි ලියපු විභාගයකින් පාස්වෙලා පරිපාලන නිලධාරියෙක් විදියට අපේ ඔපීසියෙන් වෙන ඔපීසියකට ගියා. එයාට සුභපතන්නත් ජීවත්ව සිටියදීම කරන අගය කිරීමක් වශයෙනුත් තමයි මේ පෝස්ටුව ලිව්වෙ. රවි අයියට තිබුන සති දෙකක පුහුණුවක් කොළඹ. දවසක් දවල් 12ට 1ට විතර මම කතා කලා. අපේ සංවාදයේ කොටසක් මෙහෙමයි.
රවි අයිය : කෑම කාල පොඩ්ඩක් පාරට ආව බං දුමක් දාන්න. බුලත්විට කන්නත් බෑනේ.
මම : ☻
......................................................
......................................................
රවි අයිය : මේ මල්ලී, දැං ටිකකට කලිං ස්කූටියකින් ආපු කෑල්ලක් මගෙන් මොකක්ද තැනකට යන්නෙ කොහොමද කියල ඇහුව බං. ඉංග්‍රීසියෙන් ඇහුවෙ, මටත් තේරුනේ නෑ, මම ඉස්සරහ තියන බිල්ඩිමකට අත දික්කරල පෙන්නුව. ඔන්න දැන් ඒකි එනව මම පොඩ්ඩක් කවර් වෙලා ඉන්නං.
ප.ලි.- යාළුවෙකුගෙ බ්ලොග්එකක් තියනව. නම ප්‍රභා සෙවනැලි. කවි බ්ලොගයක්. ලඟදි පටන් ගත්තෙ. සින්ඩි ගැන මේ ගෑල්ලමය දන්නෙ නෑ. පොඩ්ඩක් ගිහිල්ල සප් එකක් දෙන්න. මාතලන් වගේ සින්ඩි අධිපතියන්ට පුළුවන් සිංඩියට දාගන්න.
පව්කාරයා කියන්නෙ මගේ හිතට අල්ලල ගිය තවත් බ්ලොගයක්. ඒකත් බලන්න කැමති උදවිය.
ප.ප.ලි.- ඔපීසියෙ තියන ඩියුටිත් එක්ක එච්චර බ්ලොග් කියවන්න වෙන්නෙ නෑ. සොරි වේවා.
Wednesday, October 3, 2012
මිත්‍රයෙකුගේ සමුගැනීම.
Subscribe to:
Post Comments (Atom)
හොද බ්ලොග් වලට ප්‍රචාරය ලබා දෙන එක නම් ලොකු දෙයක්!!!!!
ReplyDeleteබොහොම ස්තුතියි.
Deleteඅනුන්ගෙ මලගෙවල් වලට දවස් ගනන් නිවාඩු දානව :O
ReplyDeleteසිරා ඩයල් එකක් වෙන්ටැති මයෙ හිතේ...
නැතුව.
Deleteරවි අයියා වගේ කට්ටිය එක්ක ඉන්න කොට පුදුම සුන්දරයි. ටිකක් භයානකයි. කොහෙන් කන්න වෙයිද දන්නේ නෑනෙ. කොහොම වුනත් රාජ් ගේ බ්ලොග් එක සරසන්න රවි අයියා දුන්න සප් එක නිසාම, මෙන්න මගෙනුත් සුභ පැතුම්!
ReplyDeleteරාජ් කියනවනම් අනිත් බ්ලොග් පැත්තේ නොගිහින් කොහොමෙයි.
තැන්කූ. ඒපැත්තෙත් ගිහිල්ල බලන්න.
Deleteයන්තං ඇති. පුවරුවට කොටල තියෙන්නේ. රවි අයියාට සුභ පැතුම්. රාජ් මල්ලීටත් රවි අයියා වගේ යකෙක් ආයෙත් හම්බවේවා කියා පතනවා. අපේ ජයග්‍රාහි පැට්රියට් මල්ලි කිව්වා වගේ රාජ් කිට්වහ අර බ්ලෝග ටික නොබල කොහොමෙයි..ජය
ReplyDeleteආ.... මම දැක්ක. ඕං ලිව්ව. තව මාසයක් විතර යනකොට ලියන්න පුළුවන් වේවි. බොහොම ස්තුතියි හෙවිල්ලට.
Deleteඒත් බැලුවා මොකද පේන්න නැත්තේ කියලා ..මට නම් තාමත් හරියට රවි අයියා ගැන රාජ්ගෙ පෝස්ටු කියවන්න ලැබුනෙ නෑ. ඒ වගේම අලුත් බ්ලොග් අඩවි වලට රාජ් ගේ සහයෝගය ඉතාමත් වටිනවා. මටත් රාජ්ගේ සහයෝගය උපරිමෙන්ම ලැබුණා. ඒකට නොවක් තුති. ඒත් මම නවතැන කියව්න්නේ නම් රාජ් මගේ බ්ලොග් එක කියව්න්න බෝහොම කලින්. ජය.............
ReplyDeleteජයවේවා. රතු රජරට බ්ලොගේ පටන් ගත්තෙ මට කලින්ද? Archive එකක් දාපංකො.
DeleteArchive එකක් දැම්මොත් මම උබට වඩා බාල යි කියලා අහුවෙනවනේ මචං
Deleteරවීට මගෙනුත් සුබ පැතුම්....!!! එහෙම ඩයල් තමා ඉහළට එන්න ඕන.
ReplyDeleteතැන්කූ සුමිත් අයියේ.
Deleteසුමිත් අයියේ මොකෝ නිහඬ ..ලියමුකො....
Deleteඑක තමයි මාත් බලන් ඉන්නේ. මම පොරොන්දු වුනා වගේ සුමිත් එකක් දැම්මොත් මමත් එකක් දානවා සහයෝගයට (දිරි දීමක් වශයෙන්).
Deleteඇඩ් එකක්වත් දාලා රී ෆ්‍රෙෂ් වෙන්න ඕන. පරක්කුවුනා වැඩියි හොදටම....
Deleteකලබලයක් නෑ. ඇඩ් දාන්න ඕන නෑ. යන විදියට යං. පරක්කු වුනා නං තමයි.
Deleteමල ගෙවල් කිව්වම තමා මතක් උනේ...
ReplyDeleteඅපේ සීයෑ මලගෙදර හත් දවසක් එක දිගට නයිට ගහපු එකෙක් උන්නා.. ඌ උදේට වැඩට ගිහින් හවස මලගෙදර එනවා. එවෙලේ ඉඳන් නයිට ගහනවා.
රවි අයියමද දන්නෑ. ☻
Deleteහයියෝ පොර ගියාද...දැං කෝල් කරලා තමයි අළුත් කථා අහගන්න වෙන්නේ....
ReplyDeleteහ්ම්. පැය අටේ යාලුකම්නේ ඔපීසි වල තියෙන්නෙ. කොච්චර හොඳ ෆිට් 1ක් තිබුනත් කාලවේලාවත් එක්ක දුරස් වෙනව.
Deleteරවී අයියා පරිපාලන නිලධාරියෙක් විදියටත් අර වගේ ජොලියෙන්ම ඉඳියිද දන්නෙ නෑ, වැඩිය හිතට ගන්නෙ නැතුව. කොහොම උනත් ඔන්න අපිත් අයියට සුභ පතනව, සුභ අනාගතයක් !
ReplyDeleteමෑන්ගෙ වෙනසක් වෙන එකක් නෑ.
Deleteඅන්න මිනිස්සු .......... සද්දේ විතරක් නෙවෙයි වැඩත් එහෙමමයි
ReplyDeleteහ්ම්. තැන්කූ.
Deleteඅනුන්ගේ බ්ලොග් වලට එබෙන්නේ නැතුව ඔය බොරු එක්ස්කියුස් දීල හරියන්නේ නැහැ පුතෝ .. අපේ අහ ආවේ නැත්නම් මෙහෙ එන්නෙත් නැහැ.. හැමදාම ලජ්ජාවෙන්නේ නැතුව රවිට සුද්දගේ බාසාව ඉගෙනගන්න කියන්න. අමාරු වැඩක් නෙවෙයි හිත යෙදෙවුවොත්..
ReplyDeleteමෙන්න බොලේ සරත් අයිය ඔරිජිනල් වෙලා. අන්තිම පේලියෙ ජයිය කන්නාඩියෙන් බැලුවමත් ඔයවගේ.
Deleteජීවිතේට මිනිස්සු එනවා.. යනවා.. එහෙමත් කෙනෙක් මතක ගොඩාක් ඉතුරු කරලා යනවා..
ReplyDeleteඔව්. ඇත්ත.
Deleteසමුගැනීම කීවම මම ටිකක් බයත් වුනා..උසස්වීමක්නේ, මගෙනුත් සුභ පැතුම් කිව්වා කියන්න. අර තොරණේ කවි කියවිල්ල නම් පට්ට රාජ් අයියේ.
ReplyDeleteමට හිතුන ඕක හෙඩිම දාද්දිම.
Delete//ඉංග්‍රීසියෙන් ඇහුවෙ, මටත් තේරුනේ නෑ// මෙන්න මේක නම් වටින කතාවක්. මේක නිසා තමයි අපි අර ගෙම්බො ගානට වැටෙන්නේ. වෙනත් භාෂා ගැන දැනුම නැතිකම නිසා අපේ පරිපාලන සේවය තියෙන්නෙ එක තැන වෙන එක පුදුමයක් නෙමෙයිනේ. කොහොම උනත් අපි රවි අය්යට සුබ පතමු.
ReplyDeleteඇත්ත කතාව. මේ වගේ පැතිවල ඉඳගෙන ඉංගිරිසිය ඉගනගැනිල්ල ලේසි නෑ බං. ඉගනගත්තත් අමතක වෙනව.
Deleteෆිල්ම් බලන්න ( නිල් නෙමෙයි ), පොත් බලන්න කියහන්. එතකොට අමතක වෙන්නෙ නෑ.
Deleteමාතෘකාව දැක්කාම මම හිතුවෙ මල ගෙයක් කියලා, බැලුවාම පාටියක් දාන්න ඕන වැඩක්නෙ බං .....
ReplyDeleteමදැයි උඹටත් බ්ලොග් මතක් වෙලා. පාටියක් දැම්ම.
Deleteනියම පොරක්
ReplyDeleteරවි අයිය ගිය එක පාඩුව අපිට.. හිනා වෙන්න කතා නැතුව යයිද බං..
ReplyDeleteඌට සුභ පතමු..
අර බ්ලොග් දෙකත් බලමුකෝ !
අර ගෑල්ලමයගෙ එක ෆලෝ කරන්න බැහැනේ :(
Deleteඅපරාදේ !
ෆලෝ කරන්න නං බෑ තමයි. පොඩි පොඩි අවුල් තියනව බලමු....
Deleteරවී අයිය තවම හැංගුන ගමන්ද දන්නෑ... මොනව වුණත් අපිත් සුභපතමු එයාගේ ඉදිරි ගමනට...
ReplyDeleteතැන්කූ.
Deleteරාජ් : උඹටත් වෙලා තියෙන්නේ අර පාර හදන ප්‍රොජෙක්ට් වලට කාම දීපු එවුන්ට වෙච්ච් වැඩේනේ. දැන් ඉතිං වෙන එකෙක් හොයා ගනින්. :)
ReplyDeleteඅම්මප ඇත්ත බං. කතා සාගරේ නැතිවුනා.
Deleteඅච්චර විභාග සමත් වුනු මනුස්සයෙක් ඉංග්‍රීසි දන්නේ නැද්ද හැබෑට?
ReplyDeleteඑච්චරට නෑ.
DeleteParipaalana seawe..puhunuwakata aawa nam...ape office ekatane enna aththe.. :-)
ReplyDeleteස්ලීඩා.....
Delete:-D
Deleteසති දෙකක පුහුණුවක් තිබ්බා නේන්නම්.කවුද දන්නෙ ඒකෙ රවි අයියා හිටියා කියලා.. දන්නව නම් කතා කරන්න තිබ්බා...පරිපාලන සේවෙට ආපු අයට අපේ ඔෆිස් එකෙන් ගැලවෙනවා බොරු.බඳවා ගත් දීන සිට විශ්‍රාමය දකවා..පරිපාලනයේ මහ ගෙදර කියන්නෙ මේතනටනෙ මල්ලි..
චැහ්! අපරාදෙනේ.
Deleteමාත් හිතුවෙ හෙඩිමෙ හැටිය මළ ගෙයක් තමා කියලා ...
ReplyDeleteනෑ නෑ අවුලක් නෑ.
Deleteමෙහෙම මිනිස්සු ඉන්න තැන පාලු නැහැ. මාතෘකාව දැකලා කියවන් එද්දී මට හිතුණේ රවි අයිය මැරිලාවත්ද කියලා :D
ReplyDeleteහ්ම්.
Deleteඒල මෑන් කෙනෙක් නෙ...
ReplyDeleteඒකනේ.
Deleteහයියෝ හොඳම මූලාශ්‍රයක් ඈත් වුනානේ?
ReplyDeleteකමක් නෑ ෆෝන් තියෙනවනේ.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
අන්න නියම කතාව. මූලාශ්‍රයක් තමයි නැතිවුනේ.
Deleteකියවන්න ආවේ රවි අයියට වෙන මොකක් හරි වෙලා කියලා හිතාගෙන... වෙලාවට මනුස්සයා හොඳින් ඉන්නවා ඒක සතුටක්.ටිකක් ඈත් වුනාට කතා ලොට් එකක් එකතු කරන් ඇවිත් කියපු දවසකට අපිටත් කියවන්න බැරියැ එක පාරට තොගයක්ම...
ReplyDeleteඕං අද ඇවිල්ල කිව්ව හොඳ කතා ටිකක්.
Deleteරවි අයියා එල බුවෙකි.....
ReplyDeleteඇදහිය යුතු පුග්ගලයෙකි...
නැතුව.
Deleteබ්ලොග් දෙකම සින්ඩියට දැම්මා. රවි අය්යගේ සීන් එක ගැන නම් කියන්න තියෙන්නේ ඕක තමයි ජීවීතේ කියන්නේ. අපේ ජීවීතේදි කී දෙනෙක් හම්බවෙනවද....?
ReplyDeleteහ්ම්.
Deleteටැන්කූ බ්ලොග් ගැන බැලුවට. මාතලන් කවදත් ආධුනිකයන්ට අතදෙනවනේ.
Deleteඅපේ මාතලන් එහෙම තමයි. මටත් උදව් කළා. හ්තුතියි දෙන්නටම
Deleteඅපරාදෙ කතා සාප්පුව...!
ReplyDeleteපොර වෙනුවට ආපු එකාගැනත් ලියමු වෙලාවක...(එහෙම එකෙක් ආවද)
නෑ කවුරුත් ආවෙ නෑ.
Deleteඅපොයි මාතෘකාව දැක්කම නම් ටිකක් බයත් හිතුනා...
ReplyDeleteඑකෙන් මේකෙන් අයියට හොද කතා ටිකක් මග ඇරෙනව..
අපේ ජීවිත වලට යාළුවෝ එනවා යනවා.. කොම උනත් රවි අයිය නම් නියම පොරක්.. ඔන්න මමත් සුභ පතනවා.
ReplyDeleteරවි අයියට සුභ පැතුවා කියන්න.
ReplyDeleteඑයා දන්නවද ඔයා එයා ගැන ලියන බව.
ඒක සිරා කතාව. තැන එක නෙවෙයි නම් කෙල්ලට සිංහල මතක් වෙන්න ඇති. :D
ReplyDelete