අගවිනිසුරුවරියට එරෙහිව ආණ්ඩුවෙන්-විධායකයෙන්- ගෙනආ දෝෂාභියෝගය පාර්ලිමේන්තුගත කර ටික දිනක් ගෙවීගොස් ඇත. එය ඡන්ද විමසීමක් දක්වා යන්නේ නම් 2013 වසර තෙක් ඇදී යා හැකි සිද්ධියකි. මේ ඒ පිලිබඳ සටහනකි.
පත්කිරීම.
සාමාන්‍යයෙන් අග්‍ර විනිශ්චයකාරවරයා, මැතිවරණ කොමසාරිස්, විගණකාධිපති වැනි තනතුරු පත්කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව විධායක ජනාධිපතිවරයා සතුවන අතර ඔවුන්ගේ වැටුප කෙලින්ම ඒකාබද්ධ අරමුදලින් ගෙවීමටත් නියමකර ඇත. ස්වකීය යථා පැවැත්මෙන් සිටින තාක් තම ධූරයේ කටයුතු කිරීමට හැකි අතර යම් විශමාචාරයකට සම්බන්ධ යයි ඔප්පු වේ නම් ඔවුන් ඉවත් කිරීමේ බලය පාර්ලිමේන්තුවට ඇත. එනම් මෙම තනතුරු දරන්නන් ඉවත්කල හැක්කේ දෝෂාභියෝගයක් මඟින්ම පමණක්ය.
අරමුණු
මේ ජේආර් ජයවර්ධන මහතාගේ 78 ව්‍යවස්ථාවෙන් දෙනුලැබූ බලතලය. මෙය එසේ වන්නට හේතුවක් ඇත.
78 ව්‍යවස්ථාව අනුව ඉන් පෙර පැවති පාර්ලිමේන්තුව ප්‍රමුඛ කරගත් ක්‍රමය වෙනුවට විධායක ජනාධිපතිධූරයක්ද ඇතිකරන ලදී. එමනිසා විධායකය පාර්ලිමේන්තුව සහ අධිකරණය යන ආයතන බල තුලනයක් ඇතිකිරීමේ අදහසින් මෙවැනි සැකැස්මක් ඇතිකරන ලදී. එහෙත් යම්යම් අවස්ථාවන් වලදී විධායකයත් (බොහෝවිට ඔහුගේ/ඇයගේ පක්ෂයේම වැඩි නියෝජනය සහිත) පාර්ලිමේන්තුවත් අධිකරණය සමඟ ගැටීම් ඇතිවූ අවස්ථා පසුගිය සමයේ දචක්නට ලැබුනි. ආසන්නතම සිද්ධීන් වූ දිවිනැඟුම පණත පිලිබඳ අධිකරණ තීන්දුව කථානායකවරයාට භාර නොදීම, මංජුල තිලකරත්න මහතාට පහරදීම සම්බන්ධ සිද්ධි දාමය ආදිය ගතහැකිය.
වගකීම.
මෙසේ පත්වන අගවිනිසුරුවරයා අතිශයින්ම සමබර අපක්ෂපාතී පුද්ගලයෙක් වියයුතුය. එමෙන්ම සෘජුවම දේශපාලනය සම්බන්ධවන තීන්දු ගැනීමේදී සුපරික්ෂාකාරී විය යුතුය. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ආයතන තුන අතරින් මේ එකිනෙක අතර අන්‍යෝන්‍ය සහජීවනය වෙනුවෙන් වඩාත්ම පරීක්ෂාකාරී වියයුතු ආයතනය අධිකරණයයි. (අනෙක් අය දේශපාලකයන් වන බැවින්). එසේ නොවූ විට ගැටුම් ඇතිවීම අනිවාර්ය වේ.
දෝෂාභියෝගය.
දෝෂාභියෝගය ව්‍යවස්ථාපිත එකක් වුවද එහි පවතින අසාධාරණ පැත්ත ගැන කතා කලයුතුමය. එනම් දෝශාභියෝගයට ලක්වන්නාට තම නිර්දෝශීභාවය ඔප්පු කිරීමට ඇති ඉඩකඩ අවම වීමයි. අගවිනිසුරුවරියගේ විෂම පැවැත්ම පිලිබඳ චෝදනා එල්ල කලේ මහජන නියෝජිතයන්ය. අනෙක් අතට ඒ පිලිබඳ කමිටුව සකස් වන්නේද බහුතරය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත නියෝජිත පිරිසක්ය. එය චෝදනා කරන්නාම නඩුව ද ඇසීමේ ක්‍රමය නොවේද?
සැබවින්ම වියයුත්තේ චෝදකයා සහ චූදිතයා යන දෙපිරිසෙන්ම පරිබාහිර ආයතනයක් මඟින් විනිශ්චය ලබාදීමේ ක්‍රමවේදයක් ඇතිවීමය. මේ කාර්යය වඩාත් ශිෂ්ටසම්පන්න වන්නේ එවිටය.
රජයේ සේවකයෝ සහ දේශපාලකයෝ.
අග්‍රවිනිශ්චයකාර ධූරය යනු තවත් එක් රජයේ තනතුරකි. රජයේ සේවකයන්ට බලපානු ලබන බොහොමයක් නීතිරීති වලට මෙම තනතුරෙහි සේවය කරන්නාද යටත්ය. වෙනසකට ඇත්තේ පත්වීම් බලධාරියාට බලයෙන් පහකිරීමට ඇති අපහසුතාවය පමණි. මා ඉහත සඳහන් කල කාරණා සහිත පරිසරයක සිටින ලංකාවේ රජයේ සේවකයා කවරෙකු වුවද දේශපාලන අධිකාරිය ඉක්මවා කටයුතු කිරීම භයානක ප්‍රථිපල ඇතිකරවන්නකි. අද, රාජකාරී කිරීමේදී බලපාන නීතිරීති සියල්ලටම එකඟව කටයුතු කිරීම ඉතාමත් අපහසු කාර්යකි. එක්කෝ යල්පැනගොස් ඇති නීතිරීති ඉවත්කර යාවත්කාලීන කලයුතු අවස්ථා මඟහැරී ඇත. එසේත් නැතිනම් 'වියහැකි' සියළු ආපදාවන් මඟහැරවීමේ අරමුණින් ගෙනඑන ලද 'තද නීති' නිසා කටයුතු කිරීම අපහසු වී ඇත. මෙවන් අනපනත් යටතේ සේවය කරන්නෙකුගේ දෝශයක් සොයාගැනීම එතරම් අපහසු කාර්යක් නොවේ. සරත් ෆොන්සේකා මහතාට සිදුවූයේද මෙයයි. ඔහු තවත් අවුරුදු කිහිපයකින් දේශපාලනයට පිවිසියේ නම් ඔහුගේ කටයුතු සම්බන්ධව පිරික්සීමට ලිපිගොණු පවා සොයාගතහැකි නොවනවාට සැක නැත. ඒ රාජ්‍ය සේවයේ ස්වභාවයයි. අනෙක් අතට දේශපාලකයන් සම්බන්ධයෙන් මෙය බලපාන්නේ වෙනස් ආකාරයකටය. ඔවුන්ගේ කටයුතු පිරික්සීමේ ක්‍රමවේදයක් (දැනට) නොමැති අතර එවන් ක්‍රමවේදයක් තිබුනද ඔවුන් හසුකරගැනීමේ අපහසුවක් පවතී. ඒ බොහෝ විට ලිඛිත සාක්ෂි නොමැතිවීමයි.
පහලම මට්ටමේ රාජ්‍ය සේවකයෙකු ලෙස, මගේ ප්‍රාර්ථනය, අගවිනිසුරුවරිය චෝදනාවෙන් නිදහස් වේවා යන්නයි. ඒ ඇය නිවැරදි යයි ඇති විශ්වාසය නිසා නොව මෙය දේශපාලන එදිරිවාදිකම් පිරිමසාගැනීමක් නිසාවෙනි. එහෙත් මේ ක්‍රමවේදය අනුව එය එතරම් බලාපොරොත්තු තැබිය හැකි තත්වයක් නොවේ. එසේ වුවත් මාස කිහිපයක් යනු ඕනෑම දෙයක් සිදුවිය හැකි කාල සීමාවකි.
Monday, November 19, 2012
දෝෂාභියෝගය දේශපාලකයෝ සහ රජයේ සේවකයෝ.
Subscribe to:
Post Comments (Atom)
මෙම ක්‍රමය වෙනස් විය යුතු දෙයකි. ව්‍යවස්ථාදායකය හා අධිරකරණය අතර සුමට බල තුලනයක් තිබිය යුතු අතර, උත්තරීතර වන්නේ අධිකරණය බව මාගේ හැගිමයි. ජුනියස් සීයාගේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසා අධිකරණයේ බලය හා ස්වාධිපත්‍යයට දැඩි ලෙස හානි වී ඇත.
ReplyDeleteවඩා උත්තරීතරවන්නෙ අධිකරණයද පාර්ලිමේන්තුවද කියන ප්‍රශ්නෙට නේද අර අනුර බණ්ඩාරනායක කතානායකව සිටිද්දි සුප්‍රසිද්ධ තීරණය දුන්නෙ. මම හිතන්නෙ අධිකරණයටත් ඒක පිළිගන්න සිද්ධ වුනාද කොහෙද. සරත් නන්ද සිල්වා උන්නැහෙ ගිය සතියෙ පත්තරේකටත් කියල තිබුණ අනුර වීරය වෙන්න ගියායින් දෝෂාභියෝග යෝජනාවක් සම්බන්ධයෙන් ක්‍රියාකරන්න තිබුණු විධිමත් ක්‍රියාවලිය ඇහුරුනා කියල.
Deleteඑකාතකට මම හිතන්නෙ මෙතන තියෙන ප්‍රශ්නෙ වඩා බලවත් විය යුත්තෙ දේශපාලකයොද, නිලධාරීන්ද කියන එක වගේ. මේ රටේ කාලයක් දේශපානඥයොන්ට වඩා බලයක් නිලධාරීන්ට තිබුණ(ලු). ඒත් නිලධාරීවාදයෙන් බැටකෑවට පස්සෙ තමයි මහජන නියෝජිතයින්ට වැඩි බලයක් ලැබෙන විදියට ක්‍රමේ වෙනස් වෙලා තියෙන්නෙ. දැන් තක්කඩි වංචාකාර දේශපාලකයොන්ගෙන් බැටකෑවට පස්සෙ අපි නැවත නිලධාරීන්ට බලය ලැබිය යුතුයි සිතනව. අනේ මන්ද.
සාමාන්‍යයෙන් වඩා උත්තරීතර වන්නේ ජනතාවයි. ඔවුන් අතරින් පත්වූ ජනතා නියෝජනය වන ව්‍යවස්ථාදායකය උත්තරීතර වන්නේ එබැවිනි. එහෙත් අධිකරණය ජනතා නියෝජිතයන්ගේ පදයට නටන්නන් බවට පත්කිරීම යහපත් දෙයක් නොවේ. සියළුදෙනාම වගකීමෙන් කටයුතු කලයුතු වන්නේ එබැවිනි.
Deleteනිලධාරීවාදය සහ වංචා සහගත දේශපාලනය යන දෙකම තුරන්කල යුතු දෑය. ඒ එකක් නැසීමට එකක් ගෙනඒමේ ක්‍රමවේදය මඟින් නොව නිසි යාන්ත්‍රණයක් ඇතිකිරීමෙනි.
වඩාත් බලවත් වන්නේ ජනතාව තමයි. හැබැයි අපේ රටේ ව්‍යවස්ථාව අනුව ජනතාවගේ මුක්තිය අපි විධායකයට පවරනවා. ඒ නිසා විධායකය ඉතාම බලවත්.
Deleteනමුත් මගේ හැඟීම නම් මේ ආයතන තුන විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය එකක් අනික ඉක්මවා යා නොයුතුයි. ඒ වගේම එකක් අනෙක හා ඇති සමබන්ධය මිත්‍රශීලී විය යුතුයි. මේ ආයතන තුනම එක වගේම බලවත් විය යුතුයි. එතකොටයි, නීති හැදීමේ නියෝග දීමටත් (විධායකය.), නීති හදන්නත් (ව්‍යවස්ථාදායකය.), ඒ නීති ක්‍රියාත්මක කිරීමටත් (අධිකරණය.) හැකියාව ලැබෙන්නේ.
Hmmm
Deleteනත හදනන - වවසථදයකය
අකරණය - Interpretation (artha niruupanaya)
නත කයතමක කම - ධයකය
lesa niweradi wiya yuthui
(Sorry using Singlish - no sinhala uni codes)
මේ සිද්ධි දාමය ගත්තොත් මෙතන වෙන්නෙ මොකක්ද කියල සාමාන්‍ය දැනීමක් තියෙන ඕන කෙනෙක්ට තේරෙනව. දැන් ඇයට ගන්න පුළුවන් තීරණ දෙකයි තියෙන්නෙ. එකක් ඔළුව කෙලින් තියන් මේ අසාධාරණේට මුහුණ දීම. අනෙක දණින් වැටී සමාව ඇයැදීම. එහෙත් දණින් වැටී මේ හිපාටුවොන්ගෙන් සමාව ගැනීම නම් ඇය දැරූ තනතුරේ හැටියටත් ඇයට තරම් නොවන්නක්. එනිසා මම නම් කියන්නෙ විශ්‍රාම වැටුපත් අමතකකර ඇයට තිබෙන්නෙ සියල්ල නැති වුනත් හිස කෙළින් තියන් ඉන්න. අනිවාර්යෙන් කෙදිනක හෝ මේ ක්‍රියාදාමයේ තිබුණු අසාධාරණකම් එළියට එනව. ඇයත් සම්පූර්ණයෙන් නිවැරදියි කියල කියන්නත් බැහැ. පසුගිය කාලයේ එතුමියගෙ භූමිකාවත් ප්‍රශ්න කළ යුතු මට්ටමක තිබුණ. ඇය සම්ප්‍රදායන් කඩකරපු හැටි කවුරුත් දැක්ක. නමුත් මේ ඒ වෙනුවෙන් වූවක් නොව, එකමල්ලෙ ලුණු කා ඔවුන්ට විරුද්ධව ගිය අයට රජයෙ පාර්ශවයෙන් ලැබෙන අපහාසාත්මක දඬුවම් කිරීමේ ක්‍රමවේදයේ තවත් දිගුවක් පමණයි.
ReplyDelete@DDT, (මේකා මදුරු නාශකයෙක්ද මන්ද හැක්..) ඔව් බං.. මෙතන තියෙන්නේ අර මස් කට්ටෙ තියරිය තමා.
DeleteDDT හරියටම කියල තියනව. තමුන් පිලිබඳව තිරණය කිරීම ඇයටම භාරදෙමු! ඒක මොකක් උනත් මම නං මොකුත් කියන්නෙ නෑ. කියන්නත් බෑ!
Delete“ඒක මොකක් උනත් මම නං මොකුත් කියන්නෙ නෑ. කියන්නත් බෑ!“
Deleteඇයි ඒ?? අධිකරණ රාජකාරි කටයුතු කර එකෙක්ට නං බෑ තමා මං හිතන්නේ. එහෙමද??
පක්ෂ විපක්ෂ භේදයක් නැතුව ඔය දෝශාභියෝගෙට පක්ෂයිලු නේද?... කලින් හිටපු සරත් ලොක්කත් මොනවද බයිල ටිකක් කියනව මං අහගෙන...
ReplyDeleteවිපක්ෂය දැනට නං විරුද්ධයි. ඉස්සරහට මොනව වේවිද දන්නෙ නෑ.
Deleteඑල එල.... මට නම් මේ දවස්වල ආණුඩු පක්ෂෙ විපක්ෂෙ අදුරගන්නත් අමාරුයි... මං හිතන් හිටියෙ දැන් විපක්ෂයක් ඉන්නෙ අන්තර්ජාලෙ විතරයි කියල... ;)
Deleteමේක නිකන් බුවාගේ අඩවිය වගේ නේ. :)
ReplyDelete//ඒ ඇය නිවැරදි යයි ඇති විශ්වාසය නිසා නොව මෙය දේශපාලන එදිරිවාදිකම් පිරිමසාගැනීමක් නිසාවෙනි.// හ්ම්ම්.. ඒකනම් ඇත්ත. ඒත් එහෙම වෙයිද කියන එක තමා සැක.
ReplyDeleteබලමු!
Deleteබිහිසුනු ඒකාධිපති රාජ්‍යයක් කරා ලංකාව රැගෙන යන ගමනේ හමු වෙන තරමක් කටුක නමුත් ජයගත හැකි කඩඉමක් පසු කරන අවස්ථාවක්. තව ටික දවසකින් ශිරානි ගෙදර ..
ReplyDelete:)
Deleteඇයි 13 අහෝසි කර ගන්නත් ශිරාණි නෝනත් එක්ක ලේසී නෑ කියලා කියනවා නේද? චන්ද්‍රිකා නෝනාගේ කාලේ ඉදන් බලය බෙදීමට කැමැත්තේන් හිටපු එක්කෙනෙක් හින්දා 13 අහෝසි කරගන්න මේ නෝනත් එක්ක ටිකක් අමාරු කථාවකුත් තියෙනවා....මොනා උනත් අර එස් එල් මහත්තයා කියනවා වගේ වාහන ගෙන්වන ව්‍යාපාරිකයෙක් වෙච්චි මෙතුමියගේ සැමියට රාජ්‍ය බැංකුවක් සභාපති කම කියන දේශපාලන පත්වීම අල්ලසක්. දැන් වෙන්න හදන්නේ අල්ලස් දුන්න අය, අල්ලස් ගත්ත අය වැරදි කියල දඩු කදේ ගහන්න හදන එකනේ...........
ReplyDelete13ට කැමතියි කියන කතාව නං දැනගෙන හිටියෙ නෑ.
Deleteඅල්ලස් දුන්න අයටත් දඬුවම් දෙන්න වෙනව! :)
'සැබවින්ම වියයුත්තේ චෝදකයා සහ චූදිතයා යන දෙපිරිසෙන්ම පරිබාහිර ආයතනයක් මඟින් විනිශ්චය ලබාදීමේ ක්‍රමවේදයක් ඇතිවීමය. මේ කාර්යය වඩාත් ශිෂ්ටසම්පන්න වන්නේ එවිටය.'
ReplyDeleteමේ දේ වුනානම් තමා හොදම.ඒත් මේක වෙන දෙයක් නෙවෙයි.
සැබවින්ම වියයුත්තේ චෝදකයා සහ චූදිතයා යන දෙපිරිසෙන්ම පරිබාහිර ආයතනයක් මඟින් විනිශ්චය ලබාදීමේ ක්‍රමවේදයක් ඇතිවීමය. මේ කාර්යය වඩාත් ශිෂ්ටසම්පන්න වන්නේ එවිටය.'
Deleteරාජ් හිතන විදිහට ඒ පරිබාහිර ආයතනය කුමක් වෙන්න ඕනේද?
මොකක් උනත් කමක් නෑ. ඒ සඳහා පිහිටවූ වෙනම ආයතනයක්, නැත්නම් දැන් තියන විදියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන තැනැත්තන්ගෙන් සමන්විත කමිටුවක් වගේ දෙයක්. මේ ජාතියේ අනෙක් නිලධාරීන් සඳහා නම් සාමාන්‍යයෙන් අධිකරණය උනත් ප්‍රශ්නයක් නෑ නමුත් මෙයා අගවිනිසුරු නිසා මම නං හිතන්නෙ කමිටුවක් තිබුනනම් හොඳයි. හැබැයි දේශපාලන ඉත්තන් නොවන පුද්ගලයන්.
Deleteමේකයි රාජ් අයියේ..... දූෂණය නැතිනම් සාධාරණ නම් කෝකත් එකයි නමුත් ඉහල සිට පහලටම ඉන්නේ දූෂණයෙන් වංචාවෙන් පිරුණු අය.
ReplyDeleteමොනව කරන්නද!
Deleteඅපෝ.... දේශපාලන කතා වලට මම ආසම නෑ...මට ඕවා තේරෙන්නෙත් නෑ.... :/
ReplyDeleteඔය පටන් ගත්ත විතරයි..ඉස්සරහට හොඳ...හොඳ සෙල්ලම් බලාගත්තෑකි.
ReplyDeleteනිලධාරිනි...අපි කියන එක කොරව්...නැත්නම්...පල...!
ඒක තමයි දෙන පනිවඩේ.
Deleteරාජ් හම්බන්තොට රාජකාරි කරනවා ඇති කියලා හිතන්නේ .රාජකාරි වැඩට මට නිතර අලුත් පරිපාලන සන්කීර්ණයට ගියාම පරිපාලන සේවයේ ඉන්න වගකියයුතු නිලධාරින් මුනගැහෙනව .ඒ එක මහත්මයෙක් දවසක් කල කතාබහකදී කිව්වා මේ දවස්වල අලුත් උපාධිදාරී වැඩසටහන එක්ක එතුමන්ලා ගොඩක් අසරණ වෙලාලු .අමරවිරගේ ලිස්ට් එක , බැසිල්ගේ ලිස්ට් එක , නාමල්ගෙ ලිස්ට් එක එයාලගේ ඉලිම් අනුව ලබාදෙන්න ඕනේලු ඒ නිසා ඔය අනුයුක්ත කිරීම් වලට සේරම ලිස්ට් එනකන් උන්නැහේලට ඉන්නවෙලා ලු ඒ විතරක් නෙවේ මාත් ඉන්දිදිම අමරවීර ලිස්ට් එක ෆැක්ස් කොරන්න කිව්වේ .මම කල්පනාකලේ මේ රට ඉගෙනගත්තු , රාජ්ජ පරිපාලනෙට ආව මේ මිනිස්සුන්ට මේ එක එකාගේ කීම් බහට නැවෙන්න වෙලා තියෙන විදිය .මේ රටේ කවදාවත් රාජ්‍ය සේවයේ කොන්ද කෙලින් තියන් නිලධාරීන්ට වැඩ කරන්න වෙන්නෙ නෑ රාජ්.මම නම් බනින්නේ නෑ රජයේ සේවකයන්ට .ලොක්කගෙ ඉඳන් පොඩ්ඩ වෙනකන්ම එක එකාඅට ඔලුව පාත් කරන් තීරණ ගන්න බලයක් නැතිව අඩු වැටුපකට කඹුරන ඒ මිනිස්සු මේ කොරන ටික ඇති .මීට වඩා ඒ මිනිස්සු මක් කරන්නද ඔය කලකිරීම් එක්ක .
Deleteමේ ගැන වෙනම ලිපියක් ලියන්න හිටියත් මගේ ආරක්ෂාව ගැන හිතල ස්වයං වාරණයක් කරගත්ත. කියල තියන කරුණු හරියටම හරි! මේ අලුත් අභ්‍යාසලාභීන්ට හරියට පත්වීමේ ලිපියක්වත් නෑ. එයාලට රු10000 දීමනාව ගෙවීමට වත් නීතිමය ප්‍රතිපාදන නෑ. ලංකාවෙ හැම ප්‍රාදේශීය/දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකටම මේඅය අනුයුක්ත කර ඇති නිසා සියළුම ප්‍රාදේශීය-දිස්ත්‍රික් ලේකම්වරුන්, ගණකාධිකාරීවරුන් උසාවි ගේන එකක් නෑ කියන පදනමින් තමයි 10000 ගෙවන්නෙ. :)
Deleteබොහොම ස්තුතියි ප්‍රථිචාරයට.
මමත් කියන්නෙ අගවිනිසුරුවරිය මේකෙන් දිනන්න ඕන. ඒ ඇය නිවැරදි නිසා නෙවෙයි. හැම දේකින්ම ආණ්ඩුව (රාජපක්ෂ රෙජීමය)දිනන එක අවසාන විග්‍රහයේදි රටට ඉතාමත් අහිතකර නිසා.
ReplyDeleteආන්න ඒකයි මමත් කියන්නෙ.
Deleteරාජ් ඔබේ පැතුම මගේද පැතුමයි ඒත් ශිරාණි බණ්ඩාරනායකට නම් මෙගේ පැතුම වෙනස්. ශිරාණි ගැන මගේ හැඟීමම තමයි මට කලින් සිටි සී. ජේ. සරත් එන් සිල්වා ගැන තිබෙන්නෙත්. එතුමා තමයි මේ රටේ මේ තිබෙන විනාශයට මුල් පස් පිඩැල්ල කැපුවේ.
ReplyDeleteමගේ මතකයට අනුව මේ සංශෝධනය (අගවිනිසුරුවරයෙක් ඉවත් කිරීමේ ක්‍රමවේදය.) ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට ජේ. ආර්. එක් කළේ නෙවිල් සමරකෝන් මහතාව ඉවත් කිරීමටයි. නමුත් ඒ තැත සාර්ථක නොවුනා පමණක් නෙමෙයි එතුමා මුළු කාලයම රාජකාරී කළා.
මම නම් හිතන්නේ මේ පාර අගවිනිසුරුවරිය පරදිනවා. ඒ මොකද ලංකාවේ පාර්ලිමේන්තුව හෘද්‍ය සාක්ෂියට අනුව කැමැත්ත ප්‍රකාශ වෙන තැනක් නොවන නිසා.
මම විරුද්ධ ශිරානි බණ්ඩාරනායක අස්කිරීමට නෙවේ. අගවිනිසුරු අස් කිරීමට.
Deleteමේව එයාලගෙම අස්වැන්න බවත් එයාලම ඒවා නෙලාගතයුතු බවත් කෙනෙකුට කියන්න පුළුවන්. ඒත් දූෂිතයෙක් අයින් කරන්න ක්‍රමවේදයක් තිබිය යුතුයි වගේම චූදිතයාට තම නිදහසට කරුණු දැක්වීමේ අවස්ථාව සැලසිය යුතුයි. ක්‍රියාදාමය සාධාරණ වන්නේ එවිටයි.
නෑ වෙද මහත්තයා. දෝශාභ්යෝගෙත් කෙස් එකක් අවා. ඒත් විභාගයට ඉස්සෙල්ලා නෙවිල් සමරකෝන් මහත්මයා ඉල්ලලා අස් උනා. පැන්සොන් එක බේරගන්න. මෙයාටනම් ඒකත් නැතුව තමා යන්න වෙන්නේ. ෆොන්සේකා මහත්තයට වගේ. අපිටත් දුක හිතෙයි සාධාරණ තැනක් නම්. මම නම් හිතන්නේ පොලීසියටහ් වඩා දූෂීතයි අධිකරණය.
Delete++++++++++ 100%
Delete@ මාතලන්,
Deleteගිය ඉරිදා ලංකාදීප පත්තරේ සරත් නන්ද සිල්වාගෙ ඉන්ටර්වීව් එකක් දාලා තිබුණ (මේ සතියෙ ඉතුරු කොටස තිබුණ). එයා නම් ඔය ගැන කියල තිබුණෙ කවුරුත් හිතන් ඉන්නෙ නෙවිල් සමරකෝන් මහත්මයා ඉල්ලලා අස් උනයි කියල උනාට ඇත්තටම සිදුවුනේ දෝෂාභියෝග ක්‍රියාවලිය සිදුවෙමින් පවතිත්දිම එතුම නියමිත කාලයෙදි විශ්‍රාම ගියා කියල. (මෙතනදි ජේ. ආර්. ට තිබුණ අවාසිය ඔහුට අවශ්‍ය වගන්ති කෙටුම්පත් සකස්කරමින් සංශෝධනය කරමින් සම්මත කරගනිමින් කටයුතු කරන්න සිදුවීම)
ඇත්තටම බලය තියෙන පැත්තට සපෝර්ට් කරන්න ඕනේ. නැත්තම් වෙන්නේ බෙල්ල ගහල යන්න. තිත්ත වුනත් ඇත්ත ඒකයි
ReplyDeleteඒක තමයි මේ වෙන්නේ.
Deleteතමන්ගෙ වැරදි කප්පරක් තියාගෙන අනුන්ගෙ වැරදි හොයන්න යන අයට (විනිසුරන්ට) ඔහොම වෙන්නම ඕනෙ. රාජ් කැමතිද රාජ් විත්තිකාරයෙක් වුන නඩුවක විනිශ්චකාරයා හොරෙක්/පගා කාරයෙක් වෙනව නම්?
ReplyDeleteරට හැදෙන්න අධිකරණයෙත් පොලිසියෙත් දූෂණ නැති වෙන්න ඕන. එහෙම උන දිනක අපිට දූෂිත දේශපාලකයන්ට විරුද්ධව උසාවි යන්න පුලුවන්.
තමුන්ගෙ වැරදි වලට දඬුවම් ලබාදෙන උදවියයි විනිශ්චයකරුවන් කියන්නෙ. කෙනෙකුගෙ වරදකට දඬුවම් ලැබෙන ක්‍රමවේදයක් තියනවනේ. විනිශ්චයකරුවා කියන මනුශ්‍යයා තුල සිටින්නා කරන වැරදි වලටත් තියෙන්න ඕන ඒ විදියෙ ක්‍රමයක්. ඇයි එයාට විශේෂයක්?
Deleteපිස්සු වගේ.. හේ හේ
ReplyDeleteඒ මොකෑ?
Deleteමේ ගැන කියන්න ලිකු දැනුමක් නැහැ.සුමිත් කිවුවා වගේ මේක ඇය දිනන්න ඕනේ.
ReplyDeleteපුලුවන්නම් පොස්ට් එකකින් දිවි නැගුම පනත ගැන විස්තරයක් කරන්න පුළුවන් වෙයි ද? ඒ ගැනත් මට අවබෝධයක් නැහැ.
මේ ඔක්කෝම උනේ එන් එස් බී කේස් එකෙන් පස්සේ. එතකන් තීන්දු දුන්නේ ආන්ඩුවේ වාසියට.
ReplyDelete@ මාතලන් මචන් මේ හම්බුන චෑන්ස් එකෙන් මන් මේ කතා
Deleteකරන්නේ , ආයේ සමජ්ජාතියකට අදිකරණයට ඇගිලි එහෙ මෙහෙ
කරන්න බැහැනේ .
මචන් ගොයන් කොලෙටත් අනික් පැත්ත ගහද්දි කිව්වේ
"ඔව් ශාක්ෂි මත පදනම්ව විවෘත අධිකරණය විසින් ලබා දුන් තීන්දුවක් " කියලනේ ..
එදා කියන්න බැරි උන ඔය එක මිනිහෙක්ටවත් " හිතා මතා අධිකරණය නොමග යවන්න
උත්සාහ ගැනීම යටතේ විත්තියේ පාර්ශවයට , විශේෂෙන් නීතිඥ මහත්තයට බරපතල
අවවාදයක් කල යුතුයි කියල "
එදා බබා ******* අද බල්ලෝ ******* හඳ පානේ ....
අද හැමෝටම දෙලෝ රත් වෙලා , ඔය වගේ තීන්දු තීරණ කීයක් සුදුපිරුවටෙන්
වැහුවද අර අඳ ගැහැණිය ඉදිරි පිට ???
සිරාවටම අහිංසක ගෑනු කීදෙනේක්ගේ කඳුළු පිහ දාන්න ඔය
සළුව ආවද ???
අර සූත්තර පුංචා, බුද්ධික මහත්තයා, එයා කියලා තියෙනවා දේශාපලකයන්ට ඡන්දෙ දෙන්න ඉස්සෙල්ලා එයාලගෙ පැටිකිරිය හොයන්නෙයි කියලා. ඒක බොහෝම හොඳයි. මෙයාගේ මාමන්ඩි ගාවත් තනිකර තියෙන්නේ කුඩු කාරයන්ගෙයි, මිණීමරුවන්ගෙයි සල්ලි. ඒ උනාට රට හදන්න පත්තරෙත් ලියනවා. ලියලා රට කන උන් සල්ලි අරගෙන එළියට දානවා. මාරයි නේ...
Deleteනියමාකාරයෙන් යමක් වේ නම් එය ව්‍යවස්ථාව තුළ විය යුතුය. එහි වරදක් ඇත්නම් කළ යුත්තේ එය වෙන්ස් කර නිවැරදි කර ගැන්මට පෙළ ගැසීමය.
ReplyDelete@ mathalan machan man me ubata baninawa newe hodada?
ReplyDeleteubath man kiyana deta ekaga nisai uba ekka me gana katha kare..
man kiyanneth as panapita waradi theendu deddi baba part
damma... anthimata e minissunta kela weddi poth hoyanawa
kohenda gema gahanne kiyala..
maha niheena minissu..
ahinsaka minihek ellum gahata yaddi, no date yaddi
mona ballek wath neethi poth peraluwe nane ban...
කියවීමි. තේරුම් ගතිමි. බලා සිටිමි.
ReplyDeleteනොවෙනා දේ, නොකෙරෙනා දේ,
ReplyDeleteවිධායක බලතල ලත් අයෙක් සියළු කෙලෙස් නසා ඇත්නම් සිදු වෙනා දේ,
පහුගිය සිදුවීම් දිහා බලාගෙන යනකොට මේකත් කැරකෙන අත නම් හිතා ගන්න පුළුවන්.ඒත් ඉතින් සාධාරණව විසඳෙනවා නම් හොඳයි. හිතන්න අමාරුත් ඒකම තමයි.
ReplyDeleteතොරතුරු වලට ස්තූතියි රාජ්...
ReplyDeleteබලං ඉමු....
ReplyDeleteවීපොකුරෙ වීයා කියූ සේම..
ReplyDeleteනිලධාරිනි...අපි කියන එක කොරව්...නැත්නම්...පල...!
අනේ මන්දා බං ඔව්වා
ReplyDelete