Pages
▼
Friday, November 23, 2012
ගංජ කවි Weed Poems
බදු බරත් වැඩිවෙලා
ඒ බරෙන් මිරිකිලා
ලැම්බොගිනි අඩුවුනත්
බඩේ ගිනි වැඩිවෙලා
බල්ලන්ට සැරවෙලා
ශිරානිට කෙලවෙලා
තරහගිය බලු රෑන
හපන්නට වටවෙලා
දිවි නැගුම ඇවිල්ලා
ඇට පැකට් බෙදනවා
කුකුල් පැටියගෙ මිලට
කිලෝවක් ගත්තහැකි! :P
එහෙ මෙහේ කසාලා
ළමයිටික ලෙඩවෙලා
රතු වැස්ස වැටීලා
ලෝකෙ අවසන් වෙයිද?
වයස හැත්තෑ හතයි
අපෙ තානපතිතුමා
මිරිකලා සුදු තනේ
දඩකාල සුදු රටේ!
කටුගෙදර කඩු තුනක්
බයගමේ කුනුගොඩේ
කන්ගැට්ට පිටිපස්සෙ
ඉන්නා හොරා කවුද?
අන්තෝ ජටා බහිජටා
ඇතුලෙ-පිට දෙකම ගිනි
ගෙට ගියොත් අඹුනසී
මග ගියොත් තෝ නසී.
සැහැල්ලුව ලැබගන්ට
ගෙනා බඩු 'කේරලෙන්'
ඔතාගෙන ගසාලා
පාවුනෙමි උඩ අහසෙ.
ඉස්සෙල්ල ආකාසෙ
අල්ලන්නෙ එයාමලු
පොඩි බේබි කියනවලු
මං දැක්ක පත්තරේ
හොඳවැයින් මල් ටිකක් ඔතාගෙන ගසාලා
හඳ තරුත් පමණනොව අඟහරුත් අල්ලලා
සෙනසුරුගෙ ඉරි තුනේ හීනියට නිදියලා
ආව නොවැ අපෙ ඇත්තො ඒකාලෙ ඉඳලාම!
නියමෙට දීලා තියෙන්නේ...මේකනම් ගංජා කවියක් වෙන්න බැහැ....
ReplyDeleteතැන්කූ. ගංජ කවිම තමා.
Deleteකේරලෙන් ගෙනාපුව පාරවල් දෙකක් ඇති..
ReplyDeleteහඳ තරු පමණ නොව අඟහරුත් අල්ලන්න
සෙනසුරුගෙ ඉරි තුනේ හීනියට නිදියන්න
ඇඬෙනවා කවි පෙලට ..
හෙහ් හෙහ් හෙහ්..... තැන්කූ.
Deleteපට්ට.!
ReplyDeleteKerale badu maattu neadha ???
ReplyDeleteඅනේ මංද! කොහෙං ගෙනාවත් බඩු බාලයි දැන් දැන්. :)
Deleteගංජ කවි.. ගංජ ගහල කිව්වද මන්ද මේ ධර්මද්වීපයේ නම කැත කරන්න හිතාගෙන. ඒවා බෑ ගොයියෝ අපි තාම එතුමගේ උපන්දින උත්සවේ වැඩ.
ReplyDeleteකිරිබත් කන්න ගහපු මඩු ගලවනවද තාම? :)
Deleteශ්‍රී ලාංකීය ජනකවි සාහිත්‍යය ඔපවත් කරනුවස් නූතන යුගයේ ‘ගංජ කවි‘ !
ReplyDeleteමේව නම් කීයටවත් ගංජ ගහපු එවුන්ට හිතෙන ඒව නෙවි බං. පොළොවෙ පයගහල, එදාවේල ජීවත්වෙන එවුන්ට තියෙන ප්‍රශ්න. ගංජ ගහපු උනුයි, ලොක්කගෙ ලොකු එකට වර්ශ වෙච්ච උනුයි ඉන්නෙ පාට පාට හීන ලෝකවල, උන්ට මහපොළොවෙ ප්‍රශ්න වලංගු නෑ.
ශ්‍රී ලාංකීය ජනකවි සාහිත්‍යය ඔපවත් කරනුවස් නූතන යුගයේ ‘ගංජ කවි‘ !
Deleteමාර හැඳින්වීම බං. හීනියට ආඩම්බර හිතුන. :)
පොලවෙ පයගහල ඉන්න බැරිවුනාම මෙව්ව කරන්න වෙනව.
ගංජ ගැහුවම පොළවේ අඩිය තියන එක හොරයි කියනව නේ. මම ඉස්කෝලේ කාලේ ගහපු මලක් හින්දා අඩ අඩ කිව්වා මගේ ඇද කැරකෙනවයි කියලා.. හහ්..
Deleteඑළස්......ගංජත් නරක නෑ බැලුවම.
ReplyDeleteඒක නෙවෙයි බං මොකාටද "කකුල් පැටිය" කියන්නෙ....?
කකුල් පැටිය කුකුල්පැටිය කලා. බොහෝම ඉත්තුතියි.
Deleteමෙවැනි නිර්මාණ බිහි කරන ගංජා වලට ජය වේවා!
ReplyDeleteපොඩි බේබි මොක කිව්වත්
නාසා වෝ තෙපර බෑවත්
මුලින්ම හදට ගියේ...ලෝකෙ වටේ කැරකුනේ....
බොබ් මාලිගේ මහ එකා...
පෙකෙනිවැල කපනවිට 200 ඒ ගාණ
කොක්ක ගහන කොට 5000 ගෙවාපිය
මල විගස සහතිකේ ලාබෙටම තොට ලැබෙන
ජම්බු ගහෙන් පැන්නහම ගහපියකෝ තව ගාණක්
ඇත්තට ජම්බු කේස් එකටත් බද්දක් වැටෙයිද?
Deleteකන්ගැට්ටා නෙමෙයි හොරා... මේක පිටිපස්සෙ ඉන්නෙ මහ හොරෙක්...දැන් යන්නෙ සම්පූර්ණයෙන් නාටකයක්... ඕමල්පේ සෝභිත හාමුදුරුවෙ ඒ නිසා තමයි කිව්වෙ... කුඩ්ඩෙක්ට මෙහෙම වැඩක් කරන්න බෑ... නියම උන් අත්අඩංගුවට ගන්න කියලා..
ReplyDeleteමේ වගේ ආටක නාටක පෙන්වන ආණ්ඩුවෙ උන් හිතන් ඉන්නෙ ජනතාව ගංජා ගහලා දපලා කියලා...
//මේ වගේ ආටක නාටක පෙන්වන ආණ්ඩුවෙ උන් හිතන් ඉන්නෙ ජනතාව ගංජා ගහලා දපලා කියලා...//
Deleteඇත්තටම එහෙම නෙවේද?????
නියමයි රාජ. මටත් කියන්න වෙන්නෙ අන්තෝ ජටා බහි ජටා අපි මේ නැටුම් කෙළි බළ බළ ඉම්මු නටනා තෙක් දිය සැලියේ.
ReplyDeleteහ්ම්.
Deleteඅඩේ මරු කවි පොජ්ජ බං ...නියමයි
ReplyDeleteදැන් මහජනතාව ජීවත් වෙන්නේ ගංජා ගහලා වගේ මනෝ ලෝකෙක !
ReplyDeleteඒක නං ඇත්ත මලේ.
Deletecannabis
ReplyDeleteහ්ම්!
Deleteමේව මේ අධිරාජ්‍යවාදී ගංජා කවුද කොහෙද :D :D
ReplyDeleteනෑ නෑ ඉන්දියන් බඩු! :)
Deleteමේ වෙන දේවල් වලට මල් නොගහා බැහැ බං.
ReplyDeleteතං මිරිකපු සීං එක එල :ඩී
ඌ හිතන්න ඇති ලංකාවේ ස්පා වගේ කියල එහෙ ඒවත් !
මටත් එකසැරේම හිතුනෙ ඔය සීන්එක. ඌ හිතන්න ඇති ලංකාව වගේ කියල. පව් අසරණය.
Deleteහිකිස් නියමයි රාජ් අයියා.
ReplyDeleteතැන්කූ නඟා!
Deleteපට්ට කවි ටික.
ReplyDeleteතව තවත් ගංජ ලැබේවා!!!
මෙක නම් සිරා කතාව (කවි) රජ් අය්යෙ
ReplyDeleteපට්ට ඈ..
ReplyDeleteපාලකයෝ දීපු ගංජා තමා මහජනතාව දිගට හරහට ගහන්නේ. හික්ස් :)
ReplyDeleteවෙලාවක් තිබ්බොත් මගේ ටැංකියටත් ගොඩ වෙන්න. ගොඩ වෙන්න කිව්වේ බලන්න එන්න කියලා.:)
හ්ම්! ටැංකියට ගියා. ඔන්න මගේ රෝලටත් දැම්ම.
Deleteමේව ප්‍රින්ට් කරලා බැනර් ටිකක් ගහනවා නම් මම හරි කැමති.
ReplyDeleteගංජා කවි කියලා නෙමෙයි අපි වැදහත් විදියට කියමු මහජන කවි කියලා....
එහෙනං කියමුකො මහජන කවි කියල!
Deleteඑහෙමනං මහජන දිනේ තියන තැං වලම එල්ලමු...
Deleteඔක්කොම කැලේ අන්තිම කවියට..
ReplyDeleteඔය ළමයි කසන්නේ... බටහිර කුමණ්ත්‍රනයක් වෙන්ඩ බැරිද....?
කහන්නෙ මානසික ලෙඩක්ලු! කුමන්ත්‍රණයක් වෙන්න බැරි නෑ. මොකද දැං කාලෙ ඉස්කෝලෙ යන අයියල අක්කල විස්වාස කොරන්න බෑ.
Deleteගංජා නාලද ලිව්වේ.... ?
ReplyDelete++++++++++++++++++++++++++++++++++++
ReplyDeleteමේ තියෙන්නේ ලෙසටම.මටත් මලක් තිබුනානම් මිට වැඩ හොඳට රස විඳින්න පුළුවන්.
ReplyDeleteඒකනේ! :)
Deleteමල් හතයි ඈ...හෙහෙ මොනව උනත් මල් ගැන කවියක් නෙව...
ReplyDeleteනිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴සැප වේවා෴චිරං ජයතු!!!
බොහොම ස්තුතියි. ඔබටත් එසේම වේවා.
Deleteඅනේ මටත් දෙක තුනක්ම එවහන්කෝ...!
ReplyDelete:)
Deleteකේරල බඩුද?
හික්ස්
ReplyDelete:)
Deleteඅඩේ අප්පා ගංජා කවිත් මරු නේ. එත් මේවා අධිරාජ්‍යවාදී පරදේශක්කාර ගැත්තන්ගේ කවි. ආයේ එහෙම ලියනවා නෙමෙයි මේ වගේ කවි. ගංජා ගැහුවා නම් හීනයක් බලාගෙන පාට පාට ලෝකෙක ජීවත් වෙයන් පිස්සු කෙලලා ආයුෂ අඩු කරගන්නේ නැතුව.
ReplyDeleteඅයියෝ එහෙමත් වෙයිද?
Deleteනියම කවි ටික රාජ්...
ReplyDeleteඋපරිම රස වින්දා.මෙහෙම කවි ලියවෙනව නම් කොච්චර ගංජ ගැහුවත් මොකද
ReplyDeleteබොහොම ස්තුතියි. :)
Deleteමරු කවි ටික රාජ් අයියේ ..... හී...හී....
ReplyDeleteහෙහ් හෙහ් හෙහ් විකාරෙට කියපුවා!
Deleteකවුරුත් ගහන එකේ පොඩිකොලුවත් ඔන්නඔහේ එකක් ගැහුවම මොකෝ වෙන්නෙ
ReplyDeleteකමක් නෑ පරෙස්සමින්.
Deleteඇඬෙනවා ඇත්තටම
ReplyDeleteඒ කවුදැයි කදුලු පිසලන්න ඉන්නේ
කවුරුත් නෑ!
Deleteඑහෙම කියන්න එපා රාජ් අයියා.. මේක දැකලා ගංජා එකටත් බදු ගැහුවොත් කවි ලියලත් ඉවරයි...
ReplyDeleteදැනටමත් බදු ගහල තිෙයන්ෙන බං.
Deleteගංජා නම කවුද මන්දා දැම්මේ.ඒ නමටත් මම නම් කැමති නැ සහෝ.මොකද ඔය නම දකින විට ඒවා පවිච්චි කරන කොල්ලන්ගේ මුණු මැවිලා පේනවා.සුන්දරත්වය නැති කරන මලක්ද මන්දා.නමත් කැතැයි අප්පා.හැබැයි කවි ටික හොඳයි කියලා කියන්න වෙනවා.
ReplyDeleteනම ගැන එච්චර දුර හිතන්න එපා. ඒක නැතිවුනානං කවිය කියන්න විදියක් නැති වෙනව.
Deleteමේකනම් හොඳ සිහියෙන් ලියපු එකක් රාජ් අයියේ. හිකිස්
ReplyDelete:)
Deleteහිකිස් නියමයි හලේ...හලේ..
ReplyDeleteබොහොම ස්තුතියි.
Deleteඅර මිරිකපු සීන් එකනං එල...
ReplyDeleteරජ පැටවුන්ට පදින්ඩ ලැම්බෝ ගිණී
ReplyDeleteඅපේ පැටවුන්ට හැමදාමත් බඩ ගිණී
ගෙදර ගෑණුන්ට අඩු නැත සෝ ගිණී
උගුරක් දියං රාජෝ මට මල් ගිණී
ඉඳා.
Delete:D
Deleteඔය වැඩ හොඳ නැත
Deleteඅමුතුවෙන් මොනවා කියන්නද රාජ්. එලම තමයි....!!
ReplyDeleteබොහොම ස්තුතියි සරත්.
Deleteමැටි සබේ උන්දැලා
ReplyDeleteලැම්බොගිනි ගෙන්නලා
ජහමනයා ඇන්දිලා
හොඳහැටියේ මත්වෙලා
අපිත් ගංජා ගහලා ද මන්දා අයියේ!
ඒ වගේ.
Deleteමදන කුලප්පුව ගහපු එකෙක් ප්‍රසිද්ධියේ කියනවා උගේ නලලෙන් සිකුරා බහින්නේ නැතිලු. ඇත්තම හේතුව කවුරු හරි නිවැරදිව මුගේ කර අඹලා නැති වීමයි.
ReplyDeleteතව එකෙක් පුවත් මවන්න මෝටර් බයිසිකල් පදිනවා. කකුල බිම තියාගන්න බහ බයිසිකලේ ඉඳලා. උපන් කොටා නිසා. මුගේ මොලේ තලුනද දන්නේ නැහැ.
ගෑණු දෙන්නෙක් ගෙන් අතෘප්තිමත් එකා තුවනි ගෑනිත් අරන්. උගේ පට්ටි ගොන් සංකල්පය අතහරින්න අමාරියි වගේ.
විනාශ කාලේ විපරීත බුද්ධිඃ කිව්වලු.
අසමි දකිමි සොයමි ලියන විචාරක
ඕවා ගත්තම විතරද කවි කියවෙන්නේ. අද තමා මේ පැත්තෙ ආවෙ.
ReplyDeleteසීනි දාලා සුපිරි ප්ලෙන්ටියක් දෙන්නද???
ReplyDeleteමල් දාහතරයි....!!! පට්ට
ReplyDeleteබල්ලන්ට සැරවෙලා
ReplyDeleteශිරානිට කෙලවෙලා
:)."බල්ලොත් එක්ක බෑ" කියන්නේ ඒක තමයි.
හෙහ්.. හෙහ්.. හෙහ්...
ReplyDeleteපැණි රැසක් දිව ගාලා
චයිනීස් පාරක් දාලා
නෙප්චුන් පහු කරලා
මන් ගියා සුස් ගාලා
ලම්බෝගිනි පහු කරලා
ගියා හාර පන්සීයට විදලා
චන්ද්‍රිකා මග දාලා
අපි යන්නේ බඩු මිලේ එල්ලීලා
එකෙක් කාරයෙන් විද ගියේ
අනෙකා මූදෙන් ගියේ
තව එකෙක් උඩ යතේ
දියන් මට, ඔය කොටේ මලේ