සමහර සිංදු තියනව කොච්චර සාහිත්‍ය රසයක් තිබුනත් අමුවෙන්ම අදහස ගත්තොත් පට්ට චාටර්. ඒ ගැන ඔන්න අද මගේ අප්සට් ගී විචාරය.
මුසාවාදෙ කැඩෙන සිංදු.
වැඩිම බොරු ගනනක් තියන සිංදුව මොකක්ද කියල ඇහුවොත් ඔයාල දෙන උත්තරේ මොකද්ද?
නෙලුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා
වලාකුලෙන් රුවල් දමාලා........
බාලොලියා මල්නටුවෙන් හබල් ගසාලා
පෙම් ගඟුලේ රැල්ල නඟාලා.......
බලන්න කියන බොරු කන්දරාව! ඕකෙ අනිත් ටිකෙත් තියෙන්නෙ ඔයවගේම බොරු තමයි!
අසාධාරණ යෝජනා.
මෙන්න මේ සිංදුව බලන්න.
මාගේ පැලේ අඳුර නසන්න
හිතෙනවා මනාලියක් ගෙනෙන්න
නිවසේ'දුර එළිය කරන්න
මට විනෝදයෙන් කාලෙ ගෙවන්න
මෙයා හිතං ඉන්නෙ බැඳිල්ල කියන්නෙ ලේසි පාසු කටයුත්තක් කියල. අනේ පවු! අනිත්එක මේවගේ එකෙකුට ලැජ්ජ නැතුව කෙල්ලෙකුට කතාකරන්න පුළුවන්ද?
උපන් රටෙන් අඟලක් නැත මගෙයි කියන්න
මම අසරණයෙකි අතරමං වුන
මේ ඉර හඳ දෙකටත් බැරි විය අඳුර මකන්න
මම තරුවක් වෙමි අහසෙ පාවෙන
ඉන්න තැනක්වත් නැති එකා ගෑනිට කතාකරන්නෙ නිකං අහසෙ ඉන්න වගේ. හැබැයි අන්තිම කෑල්ලෙදි ඌ පොඩ්ඩක් විතර සාධාරණ ටෝක් එකක් දෙනව මෙන්න බලන්න.
රූප රාජිණියො කුමරියො මම හොයන්නෙ නෑ
ඉඩම් කඩම් මම බලන්නෙ නෑ
කුල මල දෑවැදි කිසිවක් මම තකන්නෙ නෑ
කුලවත් ලළනාවක් තාම දැක්කෙ නෑ
මං නං හිතුවෙම දෑවැද්ද එක්ක එලකිරි කෑල්ලක් ඉල්ලයි කියල. හැබැයි තමුන් ගැන පොඩි හරි තක්සේරුවක් මෑන්ට තිබිල තියනව.
මේ සිංදුව අහද්දි මට මතක් උන අනිත් සිංදුව තමයි මේක. අන්න එතනදි නං මෑන් සර්ව සාධාරණයි.
පාරට කිට්ටුව දෙල්ගස මුදුනේ රටවටිනා ලිය දෙල් නෙලනා
අතේ තිබුනු රන් සුලැඟිලි දන්ඩිය අත්තෙන් අත්තට මාරුවෙනා
කෙල්ල කෙලින්ම ගස් නැගල දෙල් කඩන්න පුළුවන් ගෑනි. එහෙව් ගෑනිට කතා කරන්නෙත් ඉස්සෙල්ල වගේ ඉන්න හිටින්න තැනක් නැති නිකමෙක් නෙවේ මෙන්න මේවගේ ඩයල් එකක්,
ඉන්න හිටින්නට ගේදොර ඇත මට සොරබොර වැව් ඉස්මත්තෙ සොඳින්
කන්න අඳින්නට දෙන්නට හැක මට අම්මට බය නැති වෙන්න කියන්.....
කොල්ල වැවක් ලඟ ඉන්න ගොයිතැන් බතක් කරගෙන අම්මත් එක්ක ජීවත්වෙන එකෙක්. ඌ කියන්නෙ අම්මට බය නැතිවෙන්න කියල විතරයි. උන් දෙන්න නං ටක්කෙටම කැපෙනව.
අතාර්කික සිංදු
මේක ඉස්සර කාලෙට හරි ගියාට අදට හරියන්නෙ නැති සිංදුවක්.
රණබිම මැරුනේ සිංහලයෙකු නම්
පපුවේ වෙඩි සලකුණ ඇත්තේ.......
සතුරට ලය දී මිස මැරුනේ නෑ
ලේ පැල්ලම් නෑ පිට පැත්තේ.....
මේකෙන් කියන්නෙ සිංහල සෙබලගෙ තියන නිර්භීත බව කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඉස්සරහ බලාගෙන යන නිසා පිටේ වෙඩි සලකුණ නෑ කියලයි කියන්නෙ. ඇත්තටම ඒක එහෙමද? නෑ! මේක හරියන්න තිබුන දුටුගැමුණු රජ්ජුරුවන්ගෙ කාලෙ දුණු ඊතලවලින් සෙල්ලම කරද්දි නං. අද කාලෙ ටී පනස්හයේ බුලට් එකක් පපුවට වැදුනොත් පිට පැත්ත ගලවගෙනයි මතුවෙන්නෙ. එහෙම බැලුවම වැඩියෙන් ලේ තියෙන්නෙ පිට පැත්තෙ තමයි. බොරුනං විචාරක මහත්තය කියයි. අනෙක තුවක්කු අරගෙන හිටගෙන ඉස්සරහට යන සිරිතක් අද නෑ නෙව. රණබිම මැරෙන උදවියගෙ කෑලිත් නෑ සමහර වෙලාවට.
අනිත් අප්සට් සිංදුව තමයි
පිදුරු සෙවිකල පැල්පතේ ඇති සාමෙ නැත මහ මන්දිරේ....
ටිකිරි හසරැලි බොලඳ සිතුවිලි මෙහි තිබේ හොඳ ආදරේ....
හැබැයි සිසිර සේනාරත්න මහත්තය මෙහෙම කිව්වට, හැන්දෑවට දෙකක් දාගෙන ඇවිල්ල ගෑනිට ළමයින්ට නෙලන එවුන් වැඩියෙන්ම ඉන්නෙ පිදුරු ගෙවල්වලම තමයි. අනිත්එක මහ මන්දිර වල සාමෙ නෑ කියන්නෙ කොහොමද! කොටින්ම ගෙදර, පිදුරුද මහ මන්දිරද කියනඑක සාමෙට බලපෑමක් ඇත්තෙම නෑ. අනෙක මේ සිංදුවෙන් කියන සුන්දර ගම්මාන අද බොහොම අඩුයි.
අදට එපමණය. මේ, අධික රාජකාරී හේතුවෙන් මේ මාසයට ලියවෙන පළමු සහ අන්තිම ලිපියයි. ඔබේ ලිපි කියවීමට නොලැබීම දුකකි. නව වසරේදී හමුවෙමු!
Monday, December 3, 2012
මගේ අප්සට් ගී විචාර
Subscribe to:
Post Comments (Atom)
අහෝ දුකකි ඉරකි තිතකි.. හි හි....
ReplyDeleteනියම ම විචාරයකි.:D එහෙනම් පස්සේ හමුවෙමු. ජය!!
ReplyDeleteආහ්............රාජ් අයියා... මම අදමයි මේ පැත්තේ ආවේ... මරැ විග්‍රහය ඈ....
ReplyDeleteඅයියො ඒ මොකද ගොයියො පලමු හා අවසාන එක උනේ තාම මාසෙ පටන්ගත්තා විතරයි
ReplyDeleteහික්ස්.... මරු ගී විචාරේ.... මට හිනා වෙලා පනත් ගියා..... :)
ReplyDeleteවලහ කාපිය කියන්ට වෙනව තුන් වෙනිද මාසෙ ඉවර කරන්ට හදනකොට. නිවඩුවක් දාල වත් පෝස්ටුවක් කොටහන් අයියේ
ReplyDeleteසින්දු ටික නම් පස්ට, අර "මට ඔබ ඔබ මට පෙම් කල තරමට" කියලත් සින්දුවක් තියෙන්නෙ.
නියම විචාරයක් තමයි.
ReplyDeleteකවදාවත් දැක්කෙ නැති විදියේ විචාරයක්.. අලුත් විදියට හිතපු එකක්.. හික් එල කිරි..
ReplyDeleteඅලුත් විචාර කාලාවක් වගෙයි...
ReplyDeleteකාලෙකින් නේද ලිව්වේ?? සුපිරි විචාරයක් ඈ... අම්මපා සම්මාන දෙන්න එපැයි මේවට!! එල එල..
ReplyDeleteමම පුලුවන් උනානම් උඹව බිබිසියේ ගීත විකාරක අංඝයවට දානවි..
ReplyDeleteනිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
අර පළවෙනි එකටනම් ඉස්සර ඉඳලම අපි කිව්වෙත් වැඩිම බොරු ගානක් තියෙන සින්දුව කියලා තමා... හි හි...
ReplyDeleteතව තියෙනවා ඇහෙනෙකාට කියන එකාගේ හොම්බට හැටක් නෙලන්න හිතෙන ජාතියෙ සින්දු.. මතක් වෙන්නෙ නැති හින්දා හොදයි... හි හි...
අදමයි මෙහෙම හිතුවෙ මේ සිංදු ගැන. හික් හික්.
ReplyDeleteමාර විචාරයක්නේ.......මරේ මරු..මේ වගේ ලිපි කියවන්න ආසයි.
ReplyDeleteමේකා රට පනින්නවත්ද?
ReplyDeleteඅඩ්ඩඩ්ඩා...නියම විචාරේ...අර රණ බිම මැරුනේ " සින්දුව ගැන නම් මමත් ඔය විදියටම හිතුවා. ඇයි දෙයියනේ වෙඩි තිබ්බම කඩාගෙන යන්නෙ පිට පැත්තෙනේ...
ReplyDeleteඅයියෝ සැලරි කිව්වලු.............
ReplyDeleteමාගේ පැලේ අඳුර නසන්න
හිතෙනවා මනාලියක් ගෙනෙන්න
නිවසේ'දුර එළිය කරන්න
යකෝ මේකට කෙල්ලෙක්ම ඕනේ නැහැනේ රාජ් අයියේ ටියුබ් ලයිට් එකක් බැන්දනම් හරිනේ ඔච්චරටම එලිය ඕනෙනම්. හිකිස්.......
හංගිලා හිටහං....! අළුතෙන් අර සුපර්ස්ටාර් එකේ ජජ් බෝඩ් එකට ගොබිලයෝ ටිකක් හොයනවළු....!
ReplyDeleteමාර විචාර ටික අයියා! :)
ReplyDeleteරාජ් අයියට සිංහල සින්දු ගැන පුදුමාකාර දනීමක්නේ තියෙන්නේ.කවදා හරි සුපර්ස්ටා ඩ්‍රීම්ස්ටා වගේ එකක් විනිශ්චය කරන්නත් එන්න කියයි.
ReplyDeleteඅනේ අනේ රාජ්, අන්තිමට ඔයා මේ අහක ඉන්න මාවත් පටලවා ගත්තනේ. රයිෆල් උණ්ඩයක ක්‍රියාකාරිත්වය මම මගේ පතරොමක කතාව ලිපියේ දක්වා තියනවා. ඔබ කියන විදිහට රයිෆල් උණ්ඩයක් ඇතුළු වෙන තැනට වඩා පිටවන තැන තුවාලය විශාල බව ඇත්තයි.
ReplyDeleteනෑ නෑ මෙහෙමයි. චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මිය ඔය ගීතය කියන්න ඇත්තේ උත්ප්රාසය (මොකක්ද ඒ කුණුහරපෙ කියලනම් අහන්න එපා) ජාත්‍යාලය (1983 එක නෙවෙයි) දේශානුරාගය, වැනි හැඟීම් වර්ධනය කරන්නයි. ගීත රචනා කලාවේ අතිශයෝක්තිය බහුලව දැක්වෙනවා. අපි ඉස්කෝලේ යන කාලේදී අහපු, ලංකාව ගැන වර්ණනා කරන ගීතයක තියනවා 'වියලුනු දණ්ඩක් දළු කොළ මල් ලා එක රැයකදි පැළවේ' කියලා. වියලුනු දණ්ඩක් ආයෙත් පැලවෙන්නේ නෑ කියලා කවුද නොදන්නේ. නමුත් ඉතින් ලංකාවේ පොලොව එච්චර සශ්‍රීකයි කියන්නයි එහෙම ලියලා තියෙන්නේ.
හැබැයි මම කැමති යතාර්ථවාදී ගායකයා ප්‍රියා සූර්යසේන. ප්‍රියා කියනවා, අඳුර අඳුර මගේ, සොඳුර සොඳුර මගේ, නොයනු මැනවි දා, තනිකර එළියේ. මේ මොකද කියන්නේ? එයා සොඳුරට කියනවා, අනේ සොඳුර, තනිකර එළියේ දාගෙන යන්න එපා, (ටිකක්හරි වහගෙන යන්න)කියලා.
අසමි දකිමි සොයමි ලියන විචාරක
මෙන්න විචාර
Deleteමේකත් අර මම ළඟදී ලියපු එඩ්වඩ් ජයකොඩි මහත්මයා කියන "ජීවත් වෙනවා නම්මා වෙනුවෙන්" කියල තියෙන එක වගේ.
Deleteවිචාරක කියන්නෙ නිකමටද ඈ... :D
Deleteවිචාරක මහත්තය පටලවාගත්තට පාඩුවක් වෙලා නෑ වගේ. ඔය දීල තියෙන්නෙ නියම විචාරයක්.
Deleteවිචාරක තුමා ඊළග වටයට යවන්න පුළුවන් උඩින්ම
Deleteඑතකොට විචාරක මහත්මයා, "මට මුළු ළොවම ඔබයි" ගීතය ගැන ඔබේ අදහස.....?
Deleteඉඳ හිට මමද ඔබයි........................
Deleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
රාජ් ගෙ පොස්ට් එකේ ඉතිරි ටික මේ තියෙන්නෙ , මරුනෙ
Deleteඅහ්හ්... සුපිරි විචාරයක් නේ.! :)
ReplyDeleteමේවනෙ යකෝ විචාර කියල කියන්නේ..
ReplyDeleteහෙහ් හෙහ් පට්ට විචාරේ. නියම අදහස. මොකෝ මේ මාසයක් නිවාඩු දාගෙන? වැඩක්වත් ද ;) ?
ReplyDeleteමාසයක් නිවාඩු........... ඒ කතාව නම් ඇල්ලුවේ නැ..... මොකද පෑලේ අදුර නසන්න හදනවද ඉතින්... ( රාජ් බැදලා නේද ඉන්නේ ) හ්ම්ම්ම් මෙහෙම හිතුවෙම නැනේ කවදාවත්... ජයෙන් ජයම වේවා
ReplyDeleteඅනේ රාජෝ උඹේ විචාර...ඈ බං දුටුගැමුණු යුද්ධ කරද්දී උන්ඩ දැම්මේ ඊතලේටද?
ReplyDeleteකොහොම වුනත් ලිපිය නම් සිරා ඈ...
අළුත් අවුරුද්ද උඹට සුභා වේවා! උඹට බ්ලොග ඇදගෙන යන්න වෙලාව සෙට් කර නොදෙන ප්‍රා.ලේ. ට කියපං උඹට විවේකයක් නොදුන්නොත් අපිත් ලෙමන් පෆ් උපවාසයක් හරි කරනවා කියල.
නෑ බං දුටුගැමුණු කාලෙ ඊතල වලින්නේ යුද්ධෙ කරන්නෙ. පිටිපස්සට වදින්නෙ නං දුවන එකාටයි.
Deleteඋඹලා කරන වැඩ නිසා සින්දුවක් කියන්නත් බයයි බං
ReplyDeleteබීටල්ස්ලගෙ සින්දුවක් තියෙනවා
Eight days a week,
I looooooooooove you.
ඒ තරම්ම ආදරෙයි.
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
In parata kittuwa song, boy is asking girl's mother to not to be afraid about girl's future by the statement "ammata baya nathi wenna kiyan as he can provide her food , shelter etc.".
ReplyDelete(sorry cant type in sinhala)
oh! i think youre correct!
DeleteAnonymousDecember 4, 2012 12:51 AM +1
DeleteRaj thinks that all mothers are monsters are like his mother :-)
අර පාරට කිට්ටුව එකේ තියන සුළැඟිලි දණ්ඩිය කියන්නේ මොකක්ද කියලා මට තාමත් තේරෙන්නේ නෑ. ඇයි අප්පා අර "කඳුල ඉතින් සමා වෙයන්" සින්දුව ගැනත් මොකක් හරි කියන්නේ. සික් විතරක් ඌ නම්.
ReplyDeleteඒකේ විෂුවල් එක ඊට හපන්.... ඉකේයියා!
Deleteසුලැඟිලි දන්ඩිය කියන්නෙ මුද්දක් වෙන්නෝන. ඒක අත්තෙන් "අත්තට මාරු වෙනව" කියන්නෙ මේ ගැල්ලමයගෙ අත වැඩකරන වේගය පෙන්නුම් කරනව.
Deleteවැඩිම නම් ගණනක් තියෙන සිංහල සිංදුව මොකක්ද කියල ඇහුවොත් මෙන්න මෙහෙම කියන්න
ReplyDeleteමාලා - කරුණා - දයා - ගුණේ
සැමදා සැමටම බෙදා - සෙනේ
මේක මම මේ බස් එකක සිංදු කියන මල්ලි කෙනෙක් ගෙන් අහපු සිංදුවක්... චාමර වීරසිංහ ගේ සිංදුව මෙහෙමයි.
ReplyDeleteගුරු ගෙදරට සැමදා යන මව්පියො අතරේ
කවදාවත් මගේ පියා නෑ මම දුටුවේ
උප්පැන්නේ පියාගේ නම ලියන තීරුවේ
පියාගෙ නම ඉරක් උනේ කොහොමද අම්මේ
මල්ලි කිව්වේ මෙහෙමයි.....
ගුරු ගෙදරට සැමදා යන මව්පියො අතරේ
කවදාවත් මගේ පියා නෑ මම දුටුවේ
උප්පැන්නේ පියාගේ නම "ලියනසූරිය"
පියාගෙ නම "තිලක්" උනේ කොහොමද අම්මේ
අපිත් ඔන්න නිවාඩුවක් ගිහින් ආවා... උඹ එහෙනම් වැඩ රාජකාරි ටික එකලාසයක් කොරගෙන වරෙන්කෝ.... සුභ අලුත් අවුරුද්දක් වේවා කිව්ව ඔන්න....
මුසාවාද වෙන්න හරි, අසාධාරන යෝජනා වෙන්න හරි පරන සිංදු වල වචන ටික හරි පැහැදිලිව ඇහෙන්වා...මේ අළුත් සින්දු වල වචන තේරෙන්නෙම නෑනේ,,,,,
ReplyDeleteඒකනං ඇත්ත මයියා.
Deleteමරු ලිපිය මචෝ.. සහතික ඇත්තම තමා..... කළාවේ තිබෙන රසයත් එයයි...
ReplyDeleteමරු විචාර ටික..
ReplyDeleteමෙන්න මේක ගැන මට ඔය සිංදු ගැන කල්පනා කරනකොට හිතුන දේකුත් මෙතන දාන්නම්කො..
රණබිම මැරුනේ සිංහලයෙකු නම්
පපුවේ වෙඩි සලකුණ ඇත්තේ.......
සතුරට ලය දී මිස මැරුනේ නෑ
ලේ පැල්ලම් නෑ පිට පැත්තේ..
මෙන්න මෙතන නිර්බිත සිංහලයෙක් මැරුනොත් රණබිමේ ලේ පැල්ලම් තියෙන්නේ පපුවේ.. පිටේ තිබුනොත් බය ගුල්ලෙක් .. එකනේ කියවෙන්නේ .. එත් බිය ගුළු ත්රස්තයෝ පිටි පස්සෙන් ඇවිත් පිටට වෙඩි තියලා දිව්වොත් එතකොට පිටේ ලේ පැල්ලමක් තියෙන රණවිරුවාට කියන්නේ මොකක්ද ...(මට ඔය සින්දුව ඇහෙනකොට ඉස්සර ඉදලම ඔය විදියට හිතෙනවා බං )
රාජ් තුමෝ උ/පෙල සිංහල අමතර පන්ති එහෙම දාන්න අයිඩියා නැද්ද???
ReplyDeleteඕං එහෙනං කලින්ම සුභ අළුත් අවුරුද්දක් වේවා කිව්වා. !!
සුසුදු හංසයෝ විලෙහි සරති
ReplyDeleteරසය ඇති තැන් කොහෙද සොයති
දෑත විහිදා එන්න අදුරේ උන්ව අල්ලා ගන්න මිහිරේ
හංසයෝ අල්ලන්න කලුවරේම එන්න කියන්නේ මොකටද බන්. විලේ ඉන්න හංසයෝ දවල්ට පැනලා යනවද?
දවල් හංසයෝ අල්ලන්න හදලා බලන්නකෝ මොකද වෙන්නේ කියලා. අපි ඉතින් අත්දැකීමෙන් කියන්නේ. !!!!!!!!!!!!!
Deleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
මන් හිතන්නෙ දවල්ට හන්සයො පාත්තයො වගේ පේන්නෙ එකයි
Deleteඅමුතුම විචාරයක්, ඒ වගේම ලස්සනයි. මට මතක් උනේ // ආවාට තිබුනාට ජීවිතෙන් // සිංදුව
ReplyDeleteටොපයි හොඳේ...
ReplyDeleteමරු ආ....
ReplyDeleteසුපිරි විචාර ටික....
ReplyDeleteඋඹල වගේ වුන් හැංගිලා ඉන්නේ රටේ අවසානවට. මේවා නේ නියම විචාර.
ReplyDeleteමේ විචාරය කියවද්දී මතක් වුණේ ජයවිලාල් විලේගොඩ යන්ගේ විචාර කලාව. ඇත්තටම මේ සිංදු වල තියෙන්නේ සංගිතයේ රසය මිසක් වචනාරථ නොවෙයි. බොහොම හොද පෝස්ට් එකක්.
ReplyDeleteමම සමකය වටේ ලියන නලීන්
ජීවිතේටම කියවපු මේ ජාතියේ පලවෙනි ගීත විචාරය. ඉල ඇදෙන විචාරයක්. හොඳ වෙලාවට ටිකක් ලියලා නැවැත්තුවේ, නැත්නම් තෙල් බෙහෙත් ගාගෙන තමා නතර වෙන්න වෙන්නේ :D
ReplyDeleteවිචාර සියල්ලම බොහොම නිර්මාණාත්මකයි... එහෙනං ඉතිං නව වසරේදී හමු වෙමු... ජය !
ReplyDeleteහිමගිර මට වැලි අහුරකි - මහ සමුදුර දිය රැල්ලකි
ReplyDeleteකටු අකුලෙන් මල් පුබුදමි - ඔබ සැනසේ නම්...
පිණි බිදකින් මුතු අමුණමි - දිනිසුරුගෙන් සීතල දෙමි
කඩුතුඩු මත සැතපෙන්නෙමි - ඔබ සැනසේ නම්...
මෙව්වත් ඉතිං ගල් පැලෙන කෙප්පනෙ බන්... ;)
මුසාවාද සින්දු අතාර්කික සින්දු උනත් පරණ් සින්දු වල වචනටික එකතු කරලා ගත්තාම මොකක් හරි තේරුමක් තියෙන දෙයක් කියවෙනවා. ඒත් සමහර අළුත් සින්දු වල තේරුමක් ඇත්තෙම නැහැනේ.
ReplyDeleteලොල් ඈ :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මම මේ පැත්තේ ආවේ අදමයි...
ReplyDeleteවිචාරයට නම් මම හදවතින්ම ලයික්ය.. හිහි...ආයෙත් එන්නම්..ජය!!
උඹ ඕනම් සින්දුව ගැන දාලා නෑනේ බං....සමිතා අක්කි කියන "පතිනි මවුන් මට දන් දුන් පතිනි බලය නුඹ අරගන්...."( හයියෝ මනී..........)
ReplyDeleteතව ඕනි නම් "ආලෙන් වෙලා ගන්න (මළ ) කෝලං" කරපු හැටිත් කියන්න පුළුවන්...ලොල් පහයි....
ඇවිලුනු ගිණිදැල් නිවි නිවි යද්දී ඈ මට හමු වූවා...( පිච්චිච්ච බඩුවක් හොයාගෙන )
ReplyDeleteපිට දීප දේස ජය ගත්තා..ආදි සිංහළුන්..( පට්ට බොරුනෙ. එක රටකට ගහල නෑ, කාල මිසක )
මේක දැක්කම මටත් හිතෙනවා සිංදුවක් ගැන මොනව හරි ලියන්න.
ReplyDelete