1.විජයදාස රාජපක්ෂ මහතාගේ නිවසට වෙඩිතබා ඇත.
2.එහෙත් ඔහු 119ට කතාකර නැත.
∴ විජයදාස රාජපක්ෂ මහතාගේ නිවසට වෙඩිතබා ඇත්තේ ඔහු විසින්මය.
1.විජයදාස රාජපක්ෂ මහතාගේ නිවසට වෙඩිතබා ඇත.
2.එහෙත් රාජපක්ෂ මහතාගේත් ඔහුගේ පුත්‍රයාගේත් සාක්ෂි පරස්පරය.
∴ විජයදාස රාජපක්ෂ මහතාගේ නිවසට වෙඩිතබා ඇත්තේ ඔහු විස්න්මය.
1.විජයදාස රාජපක්ෂ මහතාගේ නිවසට වෙඩිතබා ඇත.
2.ඔහුගේ සුවදුක් බැලීමට පැමිණ සිටියවුන් අතරින් .....ද කෙනෙකි.
∴ වෙඩිතැබීමට .....ගේ සම්බන්ධයක් තිබිය කොහැක.
(බුවාගෙන් උස්සපු අදහසක්)
1.විද්‍යාව ප්‍රශ්නපත්‍රය කලින් පිටවී ඇත.
2.ප්‍රශ්නපත්‍ර හදන්නේ විභාග දෙපාර්තමේන්තුව මිස අධ්‍යාපන ඇමතිතුමා නොවේ.
∴ ඇමතිතුමා ඉල්ලා අස්වීම තේරුමක් නැත.
1.විද්‍යාව ප්‍රශ්නපත්‍රයේ ප්‍රශ්න 19කලින් පිටවී ඇත.
2.එම ප්‍රශ්න 19ට සියල්ලන්ටම ලකුණු ලබාදීමට තීරණය කර ඇත.
∴ දැන් ප්‍රශ්නයක් නැත.
1.හලාල් = පිරිසිදු
∴ හලාල් කෑම එපා = පිරිසිදු කෑම එපා.
1.2012-12-21න් මායා කැලැන්ඩරය අවසන්.
∴ 2012-12-21න් පසු ලෝකය අවසන්.
1.උත්තරීතර(ව්‍යවස්ථාදායකය)> උත්තරීතර(අධිකරණය)
2.ව්‍යවස්ථාදායකයේ නියෝජිතයන්> අධිකරන නිලධාරීන්.
∴ මන්ත්‍රීතුමන්ලාට පුළුවන් අගවිනිසුරුතුමියට කුනුහබ්බෙන් බනින්න.
1.සුරාමේරය බෞද්ධයන්ට අකැප නිසා පෝයට බාර් වසා ඇත.
2.ලංකාව කියන්නෙ බෞද්ධ රටක්.
∴ නත්තලටත් බාර් වහල.
1.මගේ මතය තමයි අහවල් එක.
2.උඹලගෙ මතය තමයි ඒක.
3.මම තමයි පොර.
∴ උඹලගෙත් මතය අහවල් එකම වෙන්න ඕන.
ඔන්න ඕව තමයි ලොජික් කියන්නෙ. දැං මේක කියවන කෙනෙක් මේවගේ ලොජික් එකක් ගේන්න පුළුවන්.
1.රාජ්ට බොන්න ඕනවුනා.
2.නත්තල් නිසා බාර් වහල.
∴තදවෙලා මේක ලිව්ව.
ඔහෙලට වැරදිලා.
සියල්ලන්ටම සුභ නත්තලක්!
උදේ පාන්දරම කියෙව්ව ලොජික් එකක්.... දෑන් ඉතින් ඈප්ලයි කරන්නයි තියෙන්නෙ අද දවසෙම ලොජික්.. අපි නම් ඉතින් ඔෆිස් නෙ... බලමුකෝ බොස්ට ලොජික් දාල...
ReplyDeleteහා හා බලාගෙන බොස්ට ලොජික් දාන්නෙ.
Deleteහලාල් = පිරිසිදු
Deleteවුණේ කොහොමද?
මගේ ලොජික් එක තේරිලා නෑ වගේ. හලාල් කියනඑකේ එක තේරුමක් තමයි පිරිසිදු කියන්නෙ. ඒක අල්ලගෙන තමයි ඔය හලාල් ඕන කියන උදවිය අහන්නෙ, "හලාල් එපා කියන්නෙ අපිරිසිදු කෑමද ඕන?"කියල.
Deleteයේ යේ මම එක....
ReplyDelete1.බෝතලයක්(හෝ මුට්ටියක් ) සහ බොන්න තියන ආසාව බීම සඳහා අනිවාර්ය සහ ප්‍රමාණවත් අවශ්‍යතා වේ
ReplyDelete2. බාර් විවෘත වි තීබීම බීමට අනිවාර්ය හෝ ප්‍රමාණවත් අවශ්‍යතාවක් නොවේ
∴ රාජ් අද බොනවා !
ලංකාවේ ජනතාව කොයිතරම් ලොජිකල්ද ?
නෑ බං. අද බොන්න අදහසක් නෑ. :-)
Delete1. දේශපාලඥයෝ මොකද කරන්නේ, හොරකම් කරනවා...
ReplyDelete2. හොරා මොකද කරන්නේ... දේශපාලනය කරනවා...
∴ අපි දේශපාලනය කරමු....
-නරි බුරති-
1. දේශපාලඥයෝ මොකද කරන්නේ, හොරකම් කරනවා...
Delete2. හොරා මොකද කරන්නේ... දේශපාලනය කරනවා...
∴ දේශපාලඥයෝ=හොරු.
එහෙම කිව්වනං ලොජිකල් ගතිය වැඩියි නේද?
1.හලාල් = මුස්ලිම් අයට පමණක් අනුමත
ReplyDelete2.මුස්ලිම් ජනගහණය < 10%
∴ හලාල් කෑම එපා = මුස්ලිම් අයට පමණක් අනුමත කෑම එපා.
1.හලාල් = මුස්ලිම් අයට පමණක් අනුමත.
Delete2.මුස්ලිම් = අන්‍ය ජාතීන් හා ආගම් විනාශ කිරීම.
∴ හලාල් කෑම එපා = තමන්ෙග් ජාතිය හා ආගම විනාශයෙන් ෙබ්රා ගැනීම.
1.ලංකාව දූපතකි.
ReplyDelete2.ලෝකය ගෝලාකාරය.
∴ ලෝකය ඇත්තේ ලංකාවේය.
:-)
Delete1 ප්‍රශ්න කලින් පිට වෙලා
ReplyDelete2 පිට උන ප්‍රශ්න වලට ලකුණු දෙනවා
∴ හිනා මූණූ දාලා පේපර් එකක් ගහලා එලියට දාමු.
හොර ඡන්ද දාන්න සම්බන්ධවෙච්ච අහිංසකයන්වත් මේ විදියට පාර්ලිමේන්තුවට ගත්තනං හරි.
Delete1.කොහෙහරි මනුස්සයෙක්ව පැහැරගෙන ගිහින් මරලා දානවා.
ReplyDelete2.නයිටීඑන්,සැලලිහිණි,විමලේ...කියනවා ඕකා කොටියෙක්,ඕකා ජෙප්පෙක්,ඕකා අරකෙක් මේකෙක්..
∴ ඒ වගේ එවුන් මරා දැමීම හොඳයි.ඒ වගේ අනිත් එවුනුත් අල්ලලා මරල දාන්න ඕනි. (ජහමනයා)
ඔය තේරිලා තියෙන්නෙ නියමෙට.
Deleteසත්‍යය තර්කානුකූල වුවද තර්කය හැමවිටම සත්‍ය නොවේ...
ReplyDeleteමගේ මුළු පෝස්ටුවම උඹ එක වාක්‍යකින් කියල.
Deleteබාර් වහන එකනම් හරිම අසාධාරණයි. රාජ් අයියටත් සුභ නත්තලක් වේවා!!!
ReplyDeleteකෝරලේ වලව්ව
උඹටත් එසේම වේවා මලයා.
Delete1 විජයදාසගේ නිවසට වෙඩිතබා ඇත
ReplyDelete2 පසුව රේස් කාර් එකක් යනවා ඇසී ඇත
* පාතාලයට දැන් ලැම්බෝගිනි ඇත.
1 විජයදාසගේ නිවසට වෙඩිතබා ඇත
2 වෙඩි තබා ඇත්තේ නිවසටයි.
* කාලෙකින් වැඩක් නොලැබුන බාස් කෙනෙක්ගේ වැඩක්ය.
1 විභාග ප්රශ්නපත්තර කලින් පිටවී ඇත.
2 විභාග ප්රශ්නපත්තරවල තිබුනේ ටියුසන් ගුරුවරු කලින් සිසුන්ට ලබාදුන් ප්රශ්නමය.
* විභාග ප්රශ්නපත්තර නිර්මානය කර ඇත්තේ ටියුසන් ගුරුවරුන්ගෙන් කොපි කරලාය.
1 නත්තලට නිවාඩුය
2 නත්තලට බාර් වහලාය
* බීලා වැඩකලයුතුය
1 රාජ් බීමක් මතක් කලාය
2 අද බාර් වහලාය
* අද දේශීය දේවල්වලට වටිනාකමක් එක්වෙනු ඇත.
මම දැනම යනව.
ඔය තියෙන්නෙ ඇති තරං ලොජික්
Deleteරාජ්ටත් සුබ තන්තලක් !
ReplyDeleteමේක මහ පිස්සු රටක් බං. වෙන මොනව කියන්නද.
තැන්කූ.
Delete
ReplyDeleteඅපි සල්ලි ඇතිවෙන්න දීල තියෙන්නෙ නිලධාරීන්ට උන් තමයි හරියට බෙදාහරින්නැත්තෙ අනාතවූවන්ට සහනාධාර. - අනාත ඇමතිතුමා.
පෑවිල්ලටත් බනින්නෙ ආන්ඩුවට..
වැස්සත් බනින්නෙ ආන්ඩුවට..
:. පෑවිල්ල = වැස්ස.....මීට ඇමතිවරු සියලුදෙනා.
සහනාධාර බෙදිල්ල ගැන කියන්න ගියොත් නං මටත් කෙලවෙනව. ඒ නිසා මොකුත් නොකිය ඉන්නං.
Deleteමට කියහන් ඔය එමනිසා කියන තිත් තුන තිබ්බ විදිය විතරක්.
ReplyDeleteඔන්න එක පේලියට තිත් තුනක් තියනව. ඒකෙ දකුණු පැත්තෙන් තවත් අකුරක් ටයිප් කරනව. ඊට පස්සෙ වම් පැත්තෙන‍් කර්සර් එක තියල ස්පේස් බාර්එක ඔබනව. ඔබාගෙන ඉන්නකොට තිත් තුන තදවෙලා මැද එක උඩට පනිනව. හරිම සරළයි. හැබැයි වැඩිපුර තදකරගෙන හිටියොත් තිත් තුන එකක් උඩ එකක් විදියට පේලියට එයි. :)
Delete1.මේ ලොජික් වලින් ඇතමුන්ට රිදෙනවා ඇත.
ReplyDelete2. ඒ ඇත්තන්ට රිදෙන්න ලොජික් දාන එවුන්ට පිටරටින් ඩොලර් කුට්ටි ලැබේ.
∴ රාජ්ටත් ළගදීම ඩොලර් කුට්ටියක් ලැබේ ( එතකොට බාර් වැහුවත් හැමදාම බොන්නත් පුළුවන්ය ලැම්බෝගිනියක් ගන්නත් පුළුවන්ය)
ඔව්. එදාට මහින්ද අබේසුන්දරගෙ විමසුම වගේ එකක් ලියාගෙන ඉන්ට බැරියැ.
Delete1. විජයදාසද රාජපක්ෂ කෙනෙකි.
ReplyDelete2. රාජපක්ෂද විජයදාස බලන්නට ගියේය.
විජයදාසද රාජපක්ෂ කෙනෙකු නිසා වෙඩි තිබ්බේද රාජපක්ෂ කෙනෙකි.
අසමි දකිමි සොයමි ලියන විචාරක
මෙන්න විචාරක මහත්තය කියන කතා. අපි නං ඕන දන්නෙ නෑ.
Deleteපැන්සොන් එක බලාගෙන මහත්තයෝ ...
Deleteදැක්කනේ කොලබින් අක්කරයක් දෙන්න
හදද්දී එපා කියල වෙච්ච දේ...
මචන් චන්දෙ දීපු කිසිම කෙනක් දැන් හොයාගන්න නැහැනේ...
ReplyDeleteනියම ලොජික් ටික රාජ්.ඔය ලොජික් සෙල්ලමෙන්
තමා මේ රටක් ගෙනියන්නේ..ඕවට ඔහොම
අඩු තක්සේරුවක් දෙන්ට එපා ළමයෝ..
අපී ජීවනාලිය තමා බොල ඔය ..
මචන් චන්දෙ දීපු කිසිම කෙනක් දැන් හොයාගන්න නැහැනේ...
ReplyDeleteනියම ලොජික් ටික රාජ්.ඔය ලොජික් සෙල්ලමෙන්
තමා මේ රටක් ගෙනියන්නේ..ඕවට ඔහොම
අඩු තක්සේරුවක් දෙන්ට එපා ළමයෝ..
අපී ජීවනාලිය තමා බොල ඔය ..
හැම ප්‍රශ්නයකටම පැති දෙකක් ඇත.
ReplyDeleteඑකක් හරි පැත්තය.
අනික රාජ් ගේ පැත්තය.
අන්න ලොජික්!
ඔය ප්‍රශ්ණයට පැති තුනක් ඇත. එකක් විජේගේ සහ විපක්සයේ පැත්තය. අනික ආන්ඩුවේ පැත්තය. තුන්වෙනි එක හරි පැත්ත වේ.
Deleteකාලෙකට පස්සේ ඇවිත්, කට්ටියගේ ලොජික් බලලා හොඳටම හිනා උනා.
ReplyDeleteතාම අර තිත් තුන තියාගන්ට බලනවා...:-)
එම නිසා තිත් තුන තියන්නට ටුයි කරමින් සිටිමි.. ඒත් බැරිය..
ReplyDeleteහැබෑටම ලොජිකලි.. කොහොමද ඒක කරන්නේ...
අම්මපා අපිට වැරදිලා නැත..මෙය නම් මල පැනලම ලියපු එකක් තමා..මෙරි ක්‍රිස්ට්මස් මෙව්වා එකක් වෙන්න ඕනෑ
ReplyDelete1.රටේ "සමහරක්" දේශපාලඥයෝ බොරුම දොඩති.
ReplyDelete2.රටේ "සමහරක්" මහජනයෝ ඒවා බොරු බව දැන දැනම පිළිගනීති.
∴ සමහරක් දේශපාලඥයෝ සහ සමහරක් මහජනයෝ හරක්ම වෙති.
දේශපාලුවෝ ඡන්දය ඉල්ලයි........
ReplyDeleteඡන්ද දායකයෝ ඔඋන්ව පත් කරයි........
දේශපාලුවෝ අපිට කෙලවති........
අපි උඩ බලාගෙන කෙලගසාගනී.........
තිත් තුන ගහගන්න තාම බැරිද?
ReplyDeleteඉඳලා, ඉඳලා මේ පැත්තේ ආවාම තිත් තුනක් ගහලා බේරෙනවා නේද? :D:D:D
Deleteමේක නම් සිරාම පෝස්ටුව. සරලයි පුදුමයි.. ලංකාවටම උචිතයි..
ReplyDelete//මන්ත්‍රීතුමන්ලාට පුළුවන් අගවිනිසුරුතුමියට කුනුහබ්බෙන් බනින්න.//
පව් කිරි බන්ඩි මාමා ඒ කාලේ අඨිකරනෙට පුක කියලා හිරේ දුක් වින්දේ :(
දේහපාලකයෝ ලැම්බොගිනි වලින් යති..
ReplyDeleteඅපි ඒ බලා හූල්ලති...
හේහහෙ ඒක නෙමෙයි. බොන්න බාර් වහපු එක නම් හොඳ වැඩක් නෙව. මතට තිත...
කෝල් කරන්න එපයි බං මේ වගේ හොඳ දවසක.. අනේ මන්ද ලොක්කත් දැං මඤ්ඤංමයි කෙලින්නේ....
ReplyDelete1.චන්ද්‍රිකාව යවන ව්‍යාපෘතිය පිටිපස්සේ ඉඳං ඔක්කොම ප්ලෑන් කළේ මම
ReplyDelete2.චන්ද්‍රිකාව චීනෙයි අපේ පෞද්ගලික ආයතනයකයි එකක්.රජයේ සම්බන්ධයක් නෑ
∴ චන්ද්‍රිකාව ගියා ගියාමය.වෙච්ච දෙයක් නැත.
කොකාගෙ යස සුද පෙනෙන්නෙ
ReplyDeleteඉගිලී යන විටලු
රූපසිංහ මාස්ටර් ගායනා
කලා වගේ
වැදගතුනට උගතුනට ගරහන සමාජය
පාඩම් ඉකමනටම ඉගෙන ගන්නව
උගත් කමයි වැදගත් කමයි
මුදලට ගන්න පුලුවන් දේ නොවෙයි
රාජ්,
ReplyDeleteගොයම් කොළෙත් මිනී මරපු රටක් නෙ මේක.
ලොජික් ටික නම් මරු.
ReplyDeleteඅර හලාල් කතාවට නම් මම එකඟ නැත !
ප.ලි. - තිත් තුන තියන විදිහ කියාදෙන්න බැයි ද
කමෙන්ට් කියවල නෑ ෙන්ද? උත්තර තියනව ප්‍රශ්න දෙකටම.
Deleteමට ලොජික් බෑ.. වයිෆ්ගෙන් අහන්න ඕන... :)
ReplyDeleteමටත් ලොජික් බැහැ මේවා කියවලා ඔන්න ඔහේ ඉන්නවා.
ReplyDeleteසුභ නත්තලක් රාජ් අයියා
ඒල...
ReplyDeleteහැම දෙයක්ම ලොජික් ලොජික් නැත්නම් වැඩක් නැත.
ReplyDelete