ආර්ථිකය විවෘත උනාම ප්‍රාග්ධනය ඔහේ ගලාගෙන යනව. දේශ සීමා නෑ. ඉස්සර අපි උපදින්න කලින් සිරිමා මැතිනිගෙ කාලෙ තිබුනෙ සංවෘත ආර්ථකයක්. ජේආර් උන්නැහේ ආපු ගමන් ආර්ථික සීමාවන් ඔක්කොම වගේ අයින්කරල දැම්ම. මේකෙන් හොඳ දේවල් වගේම නරක දේත් සිදුවුනා. එකක් තමයි යම් දියුණුවක් ලබමින් තිබුන අපේ පොඩි පොඩි කර්මාන්ත වලට යන එන මං නැතිවවීම. හැබැයි සමහර කර්මාන්ත වලට යම් යම් ආධාර උපකාරත් ලැබුන. දැනට උනත් කුඩා කර්මාන්ත අමාත්‍යාංශය වගේ දේවල් තියෙන්නෙ අන්න ඒකට. මම දන්න මෑන් කෙනෙක් ඉන්නව එයා එක්තරා නිෂ්පාදනයක් දේශීයව නිපදවල රජයේ ආයතන වලට දානව. දේශීය දේ නිසා ටිකක් වැඩි මිලට උනත් අදාල රජයේ ආයතනය අර නිෂ්පාදනය මිලට ගන්නව. (යම් නීතියක් යටතේ). පස්සෙ කාලෙක මෑන් අපූරු උපක්‍රමයක් පාවිච්චි කලා. අර නිෂ්පාදනය ආනයනය කරල දේශීය විදියට රජයේ ආයතනයට දානව. ඔන්න අපේ දේවල් වලට යන කල!
විවෘත ආර්ථිකයේ බලපෑම මට දැනෙන්න ගත්තෙ මම නවය වසරෙ වගේ ඉන්න කාලෙ. ඒ කාලෙ මම පටන් ගත්ත අතට පොඩි ගානක් හොයාගන්න පුළුවන් කියල හිතෙන විදියෙ කුඩා කර්මාන්තයක්. ඒ තමයි ඉදල් හැදිල්ල. ඔව් ඔව් මිදුල අතුගාන ඉදල් තමයි. ඔන්න මම ඉස්සෙල්ලම පොල් අතු වලින් ඉරටු ටිකක් සුද්ද කරගත්ත ඉදල් කිහිපයකට ඇති වෙන්න. ඊට පස්සෙ පොඩි සැමන් ටින් කිහිපයකුත් හොයාගත්ත. කූඩ හදන්න තාත්ත කපල සුද්ධ කරගත් වේවැල් ඕන තරම් ගෙදර තිබුන. ඉදලට ඕන කරන මිට හොයාගැනීම තමයි ටිකක් අමාරු! ඒකට හේන තිබුන පැත්තෙ ගිහිල්ල කැලේ රිංගල කපාගත්ත හොඳ "කටුපිල" ලී කිහිපයක්. දැන් තියන ඉදල් වගේ නෙවේ සාම්ප්‍රදායික ඉදල් කර්මාන්තයට ගන්න මිටට එක විදියක කොලිටියක් තියන ලීයක් අත්‍යවශ්‍යයි.
හරි දැන් ඔක්කෝම හරි. ඔන්න ඉස්සෙල්ල වේවැල් වලින් එක රටාවකට වලල්ලක් හදාගන්නව. ඉරටු ටික සැමන් ටින් එක ඇතුලට දානව. තදවීමේදී සැමන් ටින් එක පුපුරායාම වලක්වන්න ඒක වලල්ල ඇතුලට දානව. ඊට පස්සෙ කලින් හදාගත්ත මිට සැමන් ටින් එකේ පතුලේ ඇති සිදුර තුලින් යවනව. දැන් ඉරටු සහ ඉදලේ මිට සවිවෙලා ඉවරයි. දැන් මේක අර පැරණි යුගවලදි පාවිච්චි වෙච්ච ඉදලක් වගේ. ඊට පස්සෙ කරන්න තියෙන්නෙ ඉරටු ටික ඉදලේ හැඩයට විහිදුවීම. ඒක තමයි මේ කර්මාන්තයේ වැදගත්ම කොටස. ටින් එක ඇතුලෙන් චුට්ටක් පහලට ගමන් කර ඇති මිට අග ඇති සිදුරකින් අඟල් හතරක් විතර දිග තිරස් කෝටු කැබැල්ලක් යොදල වරකට ඉරටු කිහිපය බැගින් විහිදුවා වේවැල් වලින් එක්තරා රටාවක් ගොතනව. මේක හැමෝටම කරන්න බෑ. අපේ තාත්තගෙන් ඉගනගත්ත මේ සාත්තරේ තාත්තටත් වැඩිය හොඳට මට පිහිටල තිබුන. මම හදල නිමකල ඉදල අන්තිම ලස්සනයි. ඒ වගේම ශක්තිමත්.
[මේ තියෙන්නෙ අර ආක්‍රමනශීලී ඉදල]
ඉදල් කිහිපයක් හදපු මට වෙළඳපොලකුත් තිබුන. ඒ අපේ ගෙදරම තිබුන පොඩි සිල්ලර කඩේ. එකකට රුපියල් හැත්තෑවක මිලක් තමයි තීරණය කලේ. එකක් දෙකක් විකිණුනත් පොඩි අවුලක් තිබුන. මේ කලෙ තමයි ඉරටු ටිකකට බෙලෙක් පතුරක් තියල බාල මිටක් ගහල කර්මාන්තයක මට්ටමට ආපු (ඇත්තම කිව්වොත් ඒකත් කුඩා කර්මාන්තයක්ම තමයි) ඉදල් ජාතිය වෙළඳපොලට ආවෙ. එයින් එකක මිල රුලියල් හතලිහක් නැත්තං පනහක් විතර. ඉතිං දුප්පත් මිනිස්සු ඉන්න ප්‍රදේශයක් වෙච්ච මෙහේ, මගේ සාම්ප්‍රදායික ඉදල ගන්න කවුරුත් හිටියෙ නෑ. ඉදල අතගාල බලල හොඳයි කියල මිල අහල යනව විතරයි. වෙච්ච මහන්සියෙ තරමට මීට වඩා මිල අඩු කරන්නත් බෑ. අනෙක හරියට දවසක් යනව මේ වැඩේට. (දවසක් මහන්සි වෙලා රුපියල් හැත්තෑවක් ලැබුනනං ඒ මට ඇති හොඳටම! ඒ කාලෙ).
අන්තිමට වෙළඳපොල ජයගන්න බැරිවුන මගේ ඉදල් කර්මාන්තෙ ඉදල් තුන හතරකින් අවසන් උනා.
ප.ලි-
1.මේ ඉදල හදාගන්න හැටි පිංතූර එක්ක වෙනමම ලිපියක් විදියට දානව ඉදිරියේදි.
2.රයිටර්ස් බ්ලොක් එක නැතිකරගන්න පුළුවන් හොඳම විදිය තමයි වැඩිය සීරියස් නොවන පොඩි සයිස් පෝස්ටුවක් දැම්ල්ල.
3.වර්ෂාවසානය එළඹීමත් එක්ක බ්ලොග් ලියන්න කියවන්න කමෙන්ටු කොටන්න තියන ඉඩකඩ ටික ටික අඩු වෙනව.
4.කෙන්ජිගෙ අලුත් බ්ලොගේ
ඇයි ඉතින් ඔයාටත් ඒ විදිහෙ ඉදල් හදන්න තිබුනනෙ......
ReplyDeleteඒ ඉදල් හැදීමේ ක්‍රමය මම දැනගෙන හිටියෙ නෑ ඒ කාලෙ. ඒක දැනගත්තෙ මෑතකදි. අපේ කාර්යාලයෙන්, ලඟ තියන "සමාජසේවා" ආයතනයකට මම මේ බඩු භාණ්ඩ ටික අරගෙන දුන්න. ඉදල් අච්චුවක් එහෙම ඕන වෙනව මේ වැඩේට. මම 9 හිටිය ඒකාලෙ ඕව දැනගෙන හිටියෙ නෑ නොවැ!
Deleteඉලපත් හදන්න ඕන කාලේ බං ගෘහ කර්මාන්ත විදියට...
ReplyDeleteමං ඒත් බැලුවා මොකද සද්ද බද්ද අඩු කියලා... පයිනල් ඇකවුන්ට් නේ....
මම ගානේ හුජ්ජ නොමිලේ. නිකන්ම ඉලපත පාවිච්චි කරාට වැඩක් නැ
Deleteitnishantha
//අර නිෂ්පාදනය ආනයනය කරල දේශීය විදියට රජයේ ආයතනයට දානව. //
ReplyDeleteරත්තරන් බිත්තර දාන කිකිළි ව සීසේරියන් කරන ඔය වගේ බූරුවෝ හින්දා තමයි. අවංකව කැපවෙලා කර්මාන්තයක් කරගෙන යන එකෙකුටවත් ඔළුව උස්සන්න බැරි.
හරියට හරි
Deleteමේක ඇවිල්ල ලංකාවනෙ!
Deleteඅර ඉදල් හදන ගෑනු කෙනාව දැක්කහම කොහු මෝලේ වැඩට ගිය කෙල්ලගේ කතාව මතක් උනා. :)
ReplyDeleteඒ කතාව මතකද රාජ් ?
මොකෝ නැත්තෙ! ඊයෙත් හිලෙන් කියෙව්ව.
Deleteරාජ් ගේත් 09 වසරේදී ඉරට්ට දික් උණු නිසා වැඩේ නවත්තලා ලු
Deleteඔයාගෙ ව්‍යාපාරය හොඳයි.එකම දෙය ඔයා තරගයට කරන්නේ මොකක්ද කියලා නොදැන හිටපු එක.ලංකාවේ සමහරු හිතන් ඉන්නේ තමන්ගේ නිෂ්පාදනය මිල කරන්න ඕන පිරිවැය මත කියලා.ඒත් වඩා නිවැරදිම දේ ඒක වෙළෙඳපොලට අනුව මිල කිරීම.ඒ වගේම ඔයාට ඉහළ මිලකට හොඳ ඉදලක් හදන එක හරි නැත්තං අඩු මිලට කොලිටිය අඩු කරලා හරි එක එක මිල ගණන්වලට ඉදල් හදන්න හරි තිබුනා.අනික් කාරණය ලංකාවේ විවෘත ආර්ථිකය රජකාලෙත් තිබුනා.මහා පැරකුම් රජතුමා හාල් රට යැව්වේ ඒ නිසා.අදටත් ආර්ථිකය සම්පූර්නයෙන්ම විවෘත කරලා නෑ.මං www.amuthusithuwili.wordpress.com ලියන හිමපියලි
ReplyDeleteඅවරුදු 14ක විතර කොල්ලෙකුගෙන් මහලොකු ඥානයක් බලාපොරොත්තු වෙන්න බෑනේ. කොලිටිය අඩු කරන්නත් මම කැමතිවුනේ නෑ.
Deleteව්‍යාපාරික කරුණු නං හරි!
උඹට කරන්න තිබ්බේ අර ඉදල් වල මිට ටිකක් බුරුල් කරන එක.
Delete@ සුදීක
Delete:)
සුදීක & සහන්
Deleteඑහෙම උනානං මිනිස්සු වෙන කඩයක් හොයාගනී කාටද පාඩු? :-)
.අදටත් ආර්ථිකය සම්පූර්නයෙන්ම විවෘත කරලා නෑ.මං www.amuthusithuwili.wordpress.com ලියන හිමපියලි
Delete--------------
ප්‍රාග්ධන ගිනුමත් කබ්රාල් උන්නැහේ විවෘත කරලනෙ තියෙන්නෙ.ආයේ මොනවද විවුර්ත වෙන්න තියෙන්නෙ.
සමරසේකර
රාජ් පරාජය බාරගන්නේ නැතුව අර ඉදල පනහනම් ඔයාට ඔයාගේ ඉදල පනස් පහට දෙන්න තිබුනා, එහෙනම් මිනිස්සු අනිවා ගන්නේ ඔයාගේ ඉදල , ලාභයක් තියාගන්න වෙන්නේ වැඩි වෙලන්දාමෙන තමයි,
ReplyDeleteඒකට මහන්සි වුන තරමට නං 70ත් මදි බං. වැඩේ අත්හැරල දානව මිසක් මිල අඩු කරන්න හිතුනෙ නෑ.
Deleteරාජ් රයිටර්ස් බ්ලොක් ගැන කියනවා. මටත් බ්ලොක් තමයි.. වෙලාවක් නැති බ්ලොක්. අනිත් අයගෙ එව්ව කියවලා ඉවර වෙනකොට ලියන්න වෙලාවක් නෑ. සමහරක් විද්වතුන් වගේ කාගෙවත් බ්ලොග් නොකියවා මගෙ එක ලියන්න මට හිතක් නෑ.
ReplyDelete[මටමද මංද දුන්නෙ පාර!]
Deleteබ්ලොග්වල මගේ ප්‍රමුඛතාවය මෙහෙමයි,
1.මගේ බ්ලොගය ලිවීම.
2.අනුංගෙ බ්ලොග් කියවීම
3.මගේ බ්ලොග් කමෙන්ට් වලට පිලිතුරු සැපයීම
4.අනුංගෙ බ්ලොග්වල කමෙන්ට් දැමීම
5.අනුංගෙ බ්ලොග්වල කමෙන්ටු වලට උත්තර දීම
මං හිතන්නෙ පැහැදිලි ඇති
කාලය මදිකම නිසා මගේ බ්ලොග් ලොව හැසිරීමක් රාජ් කියා ඇති පරිදිමයි.
Delete2, 3, 4, 5,1
Delete2, 4, 5,.......................................... 3,.................................. 1
Deleteමමත් මේ වලින් එක ඉදලක් තෝර ගන්න ඕන.
Deleteතිසර
Deleteඋඹ වැරදියි, මෙහෙම දාගනිං,
2, 4, 5,.......................................... 3,............................................................................................................................................................................................................................................................................................................................................ 1
මම නම් උත්සාහ කරන්නේ " අඟහරුවාදා සිට බ්‍රහස්පතින්දා " ඇතුළත පෝස්ට් එකක් දාන්න... ඒ දවස් වලට තමා වැඩිම පිරිසක් නිදහසේ ඇවිත් බ්ලොග් කියවන්නේ ..
Deleteසති අන්තයට පෝස්ට් දාන්න එපා.. ලොකු පිරිසක් එන්නේ නැහැ...
ඔය ඉවාන් කියල තියෙනව වගේ අඩු ලාබයකින් වැඩි වෙළඳාමක් කිරීමත් වෙළෙඳ උපක්‍රමයක් තමයි.
ReplyDeleteලාබෙට බාල බඩු දෙන කෙනෙක් නෙවේ රාජ් හරිය!
DeleteHora OT dammata, ලාබෙට බාල බඩු දෙන කෙනෙක් නෙවේ රාජ් හරිය!
Deleteඅද කාලේ මෙහෙම හිතන ලමයි හොයන්ට පුලුවන්ද? එක්කෝ FB එකේ මල් කඩනවා. එක්කෝ ෆෝන් එකෙන් මල් කඩනවා. මම කීවේ කොල්ලෝ...:D
ReplyDeleteඒකනෙ කියන්නෙ! බලන්න අපි කොච්චර ආදර්ශවත් ළමයිද!
Deleteඅනේ පව් උඹේ කුඩා කර්මාන්තේ.
ReplyDeleteඒක නෙවෙයි රාජ්. ඔය ඉදලට මිට ඇත්තටම ගැලවෙන්නේ නැතුව හයි වෙලා තියෙන්නේ, සැමන් ටින් එක ඇතුලේ මිටට තෙරපිලා තියෙන ඉරටු වලින්ද නැතිනම් අර පහලින් ගහන ඉරටු විහිතුවන තහඩු කෑල්ල මිටේ කෙලවරට ඇණේකින් සම්බන්ධ කරලා තියෙන නිසාද?
දෙකම!
Deleteසැමන් ටින් එක පිරිල තද වෙන්නම ඉරටු දානව. ඊට පස්සෙ මිට බස්සනව. එතකොට තවත් තදයි. ටින් එක ඇතුලෙන් ඇවිල්ල තියන කොටස අඟල් 8-10 විතර ඇති. ඒකෙ අග තමයි පැන්සලක විතර මහත සිදුර තුලින් ඉරටු වලට ලම්භකව දාන කෝටුව තියෙන්නෙ. ඒ කෝටුවෙ දෙකෙලවර "කරුවක්" ආකාරයට කපල හදාගන්නව. මුලින්ම බඳින්න ගන්න ඉරටු ටික ඒ කරුවට තමයි හිර කරන්නෙ. ඊට පස්සෙ ක්‍රමයෙන් රටාව වියමින් මැදට එනව. ඒකෙනුත් ශක්තිය ලැබෙනව. කවදාවත් ගැලවෙන්නෙ නෑ.
දැන් තියන ඉදල් නං සමහර වෙලාවට ගැලවිලා යනව. මොකද බෙලෙක් පතුරකට ඇන ගහල හදාගන්න එකක්නේ.
මෙතනදි ගැටළුම මෙහෙමයි රාජ් හස්ත කර්මාන්ත සහ කාර්මික නිෂ්පාදන වල පිරිවැය බොහොම වෙනස්, හස්ත කර්මාන්තවල ශ්‍රමයේ වටිනාකම, අමුද්‍රව්‍යවල ගුණත්වය, කාලය යන සාධක හේතුවෙන් ඒවායේ පිරිවැය වැඩිවීම සහ සුළු කර්මාන්තයක්නම් අවම වශයෙන් නිෂ්පාදන ඒකකයකට 20%ක වත් ලාභයක් එකතු කලේ නැත්නම් නිෂ්පාදකයා අමාරුවේ. නමුත් කාර්මික නිෂ්පාදන සුළු කර්මාන්ත විදියට ආරම්භ කලත් ඒවායේ යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් වැඩි නිෂ්පාදන ඒකක ප්‍රමාණයක්, අඩුකාලයකදී සහ වැඩි උපයෝජනයකින් නිමකරන්න පුළුවන්. මේ හේතුවෙන් ඒකකයක පිරිවැය අඩුයි, ඒක නිසා ලාභාන්තිකය ටිකක අඩුවුණත් නිෂ්පාදකයා අධෛර්යමත් වෙන්න ඒක හේතුවක් නෑ.ඒ වගේම නිෂ්පාදන ධාරිතාව වැඩිකිරීමේදී ඇතිවෙන පරිමාණානුකූල ඵල (Economy of scale) නිසා වැඩියෙන් නිෂ්පාදනය කරද්දි ඒකකයක පිරිවැයත් අඩුවෙනවා, අන්න ඒක නිසයි විවෘත ආර්ථකයේ තරඟකාරී වෙලඳපොලක හෝ කතිපයාධිකාරී වෙළඳපොලක හස්ත කර්මාන්ත ශිල්පියාගේ පැවැත්මට තර්ජනයක් එල්ල වන්නේ. නමුත් යම් ශිල්පියෙක්ගේ නිෂ්පාදනයකට තියෙන ආදේශක අඩුනම්, එහෙමත් නැත්නම් ඒ නිෂ්පාදනය තවත් නිෂ්පාදනයක අත්‍යවශ්‍ය අනුපූරකයක්නම් පැවැත්මට බලපෑමක් නෑ. ඔන්න ඔය කාරනා නිසයි රාජ් සහෝදරයගේ කර්මාන්තය (කර්මාන්තය කියලා හැඳින්වූවට එය ක්ෂුද්‍ර ව්‍යවසායක් විය යුතුයි) බිඳ වැටීමට ප්‍රධාන හේතුව.
ReplyDeleteඅන්න ටොප් පැහැදිලිකිරීම. තවත් කතාවක් කියන්නං. උඹේ වචනයෙන්ම කිව්වොත් මගේ ක්ෂුද්‍ර ව්‍යවසාය අසාර්ථක වෙද්දි මම බැලුව මේක මීට වැඩිය වෙනසකින් මොකද්ද කරන්න පුළුවන් කියල. සාමාන්‍යයෙන් අමුද්‍රව්‍යක් විදියට විකුණන්න තියන ඉරටු අරගෙන වැඩේ ගොඩදාගන්න බැලුව. මොකද ඉරටු සුද්ද කිරිල්ල සෑහෙන වෙලාවක් යන වැඩක් නිසා.
Deleteනමුත් මගේ ඉදලට ටිකක් හොඳ දිග ඉරටු ඕන කලා. අනෙක් ඉදලට ඒ ප්‍රශ්නය තිබුනෙ නෑ.
ඇලා කියන කතාව ඇත්ත.. ඔන්න ඔය බලපෑමෙන් ඉවත් වෙන්න පමණයි අපි සංවෘත ආර්ථිකයට යන්න ඕනේ.. නමුත් ලංකාවේ උනේ යකාගේ සන්වෘතයක් ... මිනිහෙක්ට කන්න බත් පිඩක් නැති වෙන තරමේ සන්වෘතයක් ...
Deleteවිවෘත අර්තිකෙටත් උනේ ඕකම තමයි ලංකාවේදී... ඕපන් කියන්නේ පුල් ඕපන්...
රාජ් සතුව තිබු හිතේ හයිය අවංකවම අගය කරනවා.. ඔය වගේ කී දෙනෙක්ගේ ජීවිත ලත් තැනම ලොප් වෙන්න ඇතිද ...? අදටත් වෙනවා රාජ්...
( පෝස්ටුවට අදාළ කමෙන්ට් එකත් මෙයම බව සළකන්න )
//නමුත් ලංකාවේ උනේ යකාගේ සන්වෘතයක් ... මිනිහෙක්ට කන්න බත් පිඩක් නැති වෙන තරමේ සන්වෘතයක් ...විවෘත අර්තිකෙටත් උනේ ඕකම තමයි ලංකාවේදී... ඕපන් කියන්නේ පුල් ඕපන්... //
Deleteහරියටම හරි මචෝ! බුදුහාමුදුරුවොත් බුදුවුනේ මැද මාවතේ ගිහිල්ලනෙව. මැද මාවත හොඳයි.
ඔය ජාතියේ ඉදල දැන් වඳ වෙලා ගිහින් මට මතකයි අපි කුඩා කාලයේ ඕවා තිබුනා. දැන් හැම තැනම තියෙන්නේ අනෙක් වර්ගය. මමත් ඔය වයසේදී කෙසෙල් වගාව කළා.
ReplyDeleteවඳවෙලා නේන්නං.
Deleteරාජ්. දෙසැරෙට් ගෙවන්න ඉදල වික්කානම් ගොඩ යන්න තිබ්බා. මුලින් ගෙවන්න ඕනේ තිස්පහයි. අනිකට වඩා ලාබයි. ඉතිරිය මසකින් ගෙවන්න. සින්ගර් එකේ වගේ
ReplyDeleteඑහෙම උනානං ඉතිං මුලින් ගෙවපු ගාන විතරයි ගන්න වෙන්නෙ. ණය නිසා කඩේ වැහුව
Deleteණය එකතු කරන්න පුස පැදලම රාජ් අවසන් ගමන් යනවා..
Delete//පුස පැදලම//
Delete?????????????
පුස් බයිසිකලේ = පුස්
Deleteපුස් බයිසිකලෙන් ගමන් යාම = පුස පැදීම
( සැළකිය යුතුයි : පුස් = Foot )
රාජ් මතකද සැමන් ටින් එක වෙනුවට පොල්කට්ටක් උඩට ගහල තියෙන ඉදලුත් ගෙවල්වල හැදුවා,මම ඉස්කෝලෙ යද්දී අත්වැඩවලට ඒවායින් ඉදලක් හදන් ගියා,හැබැයි කාලෙ හැටියට රාජ්ගෙ ඉදලේ මිළ වැඩියි වගේ තමයි මට හිතෙන්නෙ.
ReplyDeleteමොකෑ මතක නැත්තෙ. ටින් එකක් හොයාගන්න බැරිවුනාම ඒකත් හොඳ ක්‍රමයක්.
Deleteලා මතකයක් තියනවා පරණ ඉදල් ගැන.ඒකේ ඉරටු වල උඩ කෙලවරට පොල් කටුවකුත් සෙට් වනවා නේද ?
ReplyDeleteහැලපෙ කියල තියෙන්නෙ ඒ ගැන තමයි. ටින් එකක් නැත්තං පොල් කටුවක් සහ වේවැල් වලලු දෙකක් සෙට් කරලත් හදන්න පුළුවන්. නැතත් ටින් එකට උඩින් පොල් කටුව දැම්මම වඩාත් ලස්සනයි.
Deleteරියටර්ස් බ්ලොග් නං මතක් කරන්න එපා. හැබැයි මං දැන් සෑහෙන කාලෙකින් ඒක පිටට පෙන්නුවේ නෑ!
ReplyDelete//හැබැයි මං දැන් සෑහෙන කාලෙකින් ඒක පිටට පෙන්නුවේ නෑ!//
Deleteකකාගෙ මෑතක ලිපි ටිකට මම නං කැමතියි. ලෙඩේ තිබුන බවක් පේන්න නෑ
අර කමත අතුගාන්න ඉපල්වලින් හදන ඉදල මතකද? මොනවද ඒකට ගත්තු පදුරු ජාතිය?
ReplyDeleteitnishantha
Deleteබෝලත්ත. එකට ගන්නේ ගන්නේ කකා ගඟවැරැල්ල, අන්දර වගේ ලඟින් ලඟින් අතු බෙදෙන ශාක
itnishantha
අපි ගත්තෙ අන්දර. හැබැයි ගෙදරින් ගෙනාපු කොස්සකිනුත් අතුගානව. ෆිනිෂින් හොඳයි එතකොට
Deleteලංකාවේ නෙවේ බොහෝ රටවල ක්ෂුද්‍ර හා සුළු ව්‍යාපාර මියෑදීමේ අගය ඉතා ඉහලයි (death rate). රාජ්ගේ එකත් ඒ ගොඩට වැටෙනවා. එක්කෝ අඩු ලාභය වැඩි අලෙවිය ..එහෙම නැත්නම් බඩු හදන්ට ඕන niche market එකකට (විශේෂිත වූ වෙළඳපලකට????). එතකොට තමන් අපේක්ෂා කරන ලාභයකට බඩු විකුණන්ට පුළුවන් වෙයි...හැබැයි කට්ටක් කන්ට ඕන....මොනා උනත් ඔය වගේ අඩු වයසෙදි මොකක් හරි ව්‍යාපාරයක් කරන්ට ට්‍රයි කරපු එකට නම් අගය කරන්ට ඕන!
ReplyDeleteniche market එකක් නැතිවීම තමයි අවුල
Deleteමේ විදිහෙ ආර්ථික ක්‍රමයක සැපයුම ඉතින් තනිකරම වෙළඳ පොල මත තමා තීරණය වෙන්නෙ... හැබැයි පුතෝ වෙළඳ පොල කියන එක හදන්න පුලුවන්... පුලුවන් නෙමෙයි ඇත්තටම පාරිභෝගික කැමැත්ත කියන්නෙ තනිකරම හදපු දෙයක්... රාජ් ගෙ ප්‍රොඩ්ක්ට් එක වැටුනෙ වෙන මොකුත් හින්ද නිසා නෙමෙයි...මාකටින් නැති හින්ද... තමන්ගෙම කඩේ වෙලත් හොඳ ප්‍රොමෝෂන් පාරක් දෙන්න තිබ්බ...ඒත් පොඩි කොල්ලෙක් හැටියට දුන්න ට්‍රයි එක මරු...
ReplyDeleteඕං වැරදියට හෙම ගන්න එපා,රාජ් නැවතිලා තියෙන ෆීල්ඩ් එකේ හැටියට හිතෙනව බිස්නස් "ඇඟේම තියෙන්න" නැතුව ඇති.. :)
දැං නං බිස්නස් කැලේ :-)
Deleteහැම දේකම කොලිටිය බාල කාලේ ඉදලේ මොන කොලිටියක්ද බං...
ReplyDeleteඋඹටත් තිබුනේ බාල ඉදල් හදන්න.. බාල බඩු වලට කැමති උන්ට...
ඇත්තම කිව්වොත් මේක බාල කරන්න බෑ
Deleteලුණු මිරිස වගේ.. ලුණු අඩු කරලත් බැහැ මිරිස් අඩු කරලත් බැහැ ...
Deleteදැන් ඔක්කොම දේවල් බැහැගෙන යන කාලෙනේ රාජ් අයියේ.. ඉම්පෝටඩ් නම් ඉස්තරම් කියලා හිතන්නේ..
ReplyDeleteඒක නේන්නං.
Deleteනිෂ්පාදන වියදම සෑහෙන තරමකට අඩු කරගන්න පුලුවන් නම් රාජ් ට තවමත් වෙළදපොල ජයගන්න පුලුවන් වෙයි. ආයෙමත් උත්සාහ කරලා බලන්න..සිද්ධාලේප ව්‍යාපාරය 3 වතාවක්ම පාඩු පිට නවත්තලා දාලා තමයි හතර වන වතාවෙ ඔය ජයග්‍රාහී ගමන ගියේ...
ReplyDeleteදැං කෝ වෙලාවක්? වැඩ වැඩ වැඩ....
Deleteඉදලක් හදන්නත් මාර ගේමක් දෙන්න ඕනේ අතුගාන්න නම් ලේසියි
ReplyDeleteඒක නේන්නං. මේ ඉදල මාර අමාරුයි
Deleteමොණරාගල වැදිකුඹුරෙ ඉස්කෝලේ ඉගෙනගත්ත කාලේ අපිත් ඇත වැඩ වලට ඉදල් හැදුව.
ReplyDeleteThat was "once upon a time" ago!
ඔය තියෙන්නෙ මතක!
Deleteඋබට තිබුනෙ හොදම ඉදල් ටිකක් හදල මිලදී ගැනීමේ හයිය වැඩි උදවිය ඉන්න පලාතකට දෙන්න.අඩු මිල එව්ව ගෙනත් විකුනන්න හරි හදන්න හරි.ඔය විවුර්ත ආර්තිකේ හදනවට වදා ඇරගෙන ගානක් තියාන දෙන එකට තමා සෙට් වෙන්නෙ මට තේරෙන විදීයට
ReplyDeleteඕව කරන්නෙ කොහොමද බං. කඩචෝරු කන්න කල වැඩක් මේක
Deleteමෙහෙම කරන්නත් තිබුණා. අර හතළිහේ එක පනස් පහට දීලා, උඹේ එකත් පනස් පහ කරන්න. එතකොට ලාබෙ තාත්තා අතේ. නමුත් කර්මාන්තය බිඳ වැටෙන්නේ නෑ. ගමේ වෙන කඩ නැතැයි යන උපකල්පනය මත. නැතිනම් කරන්න තිබ්බේ, හතළිහේ ඉදල් (ගන්න ඇත්තේ තිහට කියමුකෝ) අරගෙන ඒවාගෙන් උඹේ ඉදල් හදන එක. එතකොට අර ඉරටු වලට යන මහන්සිය නැති වෙනවා. මිට, තහඩු අයින් කරලා, උඹේ ක්‍රමයට හදන්න. නැතිනම් දෙකක් එකට එකතු කරලා සෙලෝ ටේප් වෙනුවට වේවැල් වලින් බන්දලා රුපියල් සීයට දෙන්න. මම මේ කිව්වේ අලුත් සංකල්ප නෙවෙයි, එදිනෙදා දකින්න තියෙන ඒවා.
ReplyDeleteමූ මචෝ මහින්ද මහත්තයා වගේ පොරක්.. ආර්ථික දැණුම නිල්.. මහින්ද මහත්තය නම් තමන්ගේ පුද්ගලික ඉකොනොමි එක හරි සක්සෙස්ෆුල් කරගන්නවා.. මෙයයි ව්‍යාපාරේ නවත්තලා.. ඉඳල් හදනවා වගේද.. කුඩු පැකට් කරලා විකුණන එකක්. පොඩි මසාජ් පාලර් එකක් වගේ දෙයක් පටන් ගත්ත නම්...
Deleteඉරටු ගැන Janaranga Wijaindu Dewasurendraට දීපු රිප්ලයි එක දැක්කෙ නැද්ද?
Deleteඒ ක්‍රමයත් නරක නෑ.
මාතලන්,
පුංචි මට ඔයවගේ දෙයක් කරන්න තිබුන තාත්ත මහින්ද රාජපක්ෂගෙ මට්ටමේ හිටිය නං. අඩුගානෙ මර්වින් සිල්වගෙ ගානටවත් හිටියනං.......... :-)
සිරාවටම රාජ් අයියේ මම ජොබ් එක දාලා ආව කාලෙකට එන්නම් ඉගෙනගන්න. ටයි කෝට් දාගෙන ඔෆිස් වල ඉඳගෙන පක්කලි වැඩ කරනවට වැඩිය තමන්ගේ කියල බුලත් විට වික්කත් සැපයි කියල මට දැන් හිතිලා තියෙන්නේ.
ReplyDeleteවැඩේ කියන්නෙ ඕක තමයි. කවුරුත් හිතං ඉන්නෙ තමුන්ගෙ එක නරකයි අනුංගෙ එක හොඳයි කියල. මේ නොවැම්බර් පෝය වෙනුවෙන් මම දාපු පෝස්ටුව ඔය ගැන තමයි. ඉවසපං!
Deleteමමත් හිතන් හිටියා මට රයිටර්ස් බ්ලොක් කියලා... පස්සෙ තමයි තේරුනේ එහෙම නෙමෙයි කියලා.. ඒක හැදෙන්නේ රයිටර්ස්ලට විතරයි....
ReplyDeleteඋඹ හැබැයි එක පාරින්ම අල්ලලා දැම්ම එක වැරදියි... පොඩි පොඩි බිස්නස් ට්‍රික්ස් ටිකක් දාලා ගේම ගෙනියන්න තිබ්බා කියලා මට හිතෙන්නේ....
උඹට තියෙන්නෙ අමුතු ලෙඩක්. හැබැයි හොඳ කරන්න පුළුවන්. මොකද මාගල් වගේ කමෙන්ට් දාන කෙනෙකුට පෝස්ටුවක් දාන්න බැරිවෙන් හේතුවක් නෑ.
Deleteවැඩේ එපාවුනාම අත්හැරිය. දියුණු කරගන්නත් තිබුන. අනේ මංද.....
රාජ් හදාපු ඉදලේ පොටෝවක් දාන්නකෝ ඇහැකිනම්.
ReplyDeleteඔය කියන ඉදල මම දැකලා නැහැ නේ.
දැනට නං නෑ බං. බලමු ඉස්සරහට එකක් හදල හරි දාන්නං.
Deleteමම රාජ්ගෙ බ්ලොග් එකට නිතර එනව .රාජ් රජයේ සේවකයෙක් බව දැනගත්තම මම හුඟක් සතුටු වුනා.ඒත් මට ප්‍රශන්යක් තිබෙනව.රජයේ සේවකයෙකුට බ්ලොග් හදන්න පුළුවන්ද?කාගෙන්වත් ප්‍රශ්නයක් වෙලා නැද්ද? මෙහෙම ප්‍රසිද්ධ්යෙ බ්ලොග් එක අනන්‍යතාවක් ඇතිව කරන කොට ඔෆිස් එකෙන් වත් පුංචිම හරි ප්‍රශ්නයක් ආවෙ නැද්ද?
ReplyDeleteබ්ලොග් එකට එනව කිව්වම බොහොම සන්තෝෂයි. යකාගෙ කමෙන්ට් මම විවිධ තැන්වල දැක්ක.
Deleteප්‍රශ්නෙට උත්තරේ ඔව්. අවුලක් තියනව. ඒත් මුලින් ඕක කල්පනා වුනේ නෑ නෙව. නැත්තං අන්වර්ථ නමකින් හරි ඉන්න තිබුන.
ඔෆීස් එකේ නං එක්කෙනෙක් දෙන්නෙක් හැර කවුරුත් දන්නෙ නෑ මම බ්ලොග් ලියනව කියල. එයාලට උනත් එච්චර තේරුමක් නෑ බ්ලොග් ගැන.
ලැජ්ජාවේ පන යනවා. මම මගේ හමුදා යාලුවන් කීප දෙනෙකුට කිව්වා මම බ්ලොග් එකක් ලියනවා බලපල්ලා කියලා. උන් අර කුණු ඉන්දියන් ටෙලි නාට්ටි කෑලි කට අරගෙන බලන එවුන්. උන් හිතන්නේ බ්ලොග් කියන්නේ කාට හරි යවන ඊ මේල් එකක් ඔක්කොටම බලන්න පුළුවන් විදිහට දැමීම කියලා. :D :D
Deleteමම නං කියන්නෙ යාළුවන්ට වත් කියන්න එපා. ඒක තමන්ගෙ ලිවිල්ලට බාධාවක්.
Deleteඉස්සර ළමයින්ට අත්වැඩ කියලා විෂයයක් තිබුනනේ. ඒ විෂයය යටතේ ඉදල් කොසු විතරක් නෙවෙයි වෙසක් එකට බකට් හදන්නත් ඉගැන්නුවා. එයින් සෑහෙන දුරට ළමයින්ගේ කුසලතාව දියුණු වුනා.
ReplyDeleteමතකයි. අපේ කාලෙ වෙද්දි ඔය විෂය මැටි වැඩ වලට සීමාවෙලා තිබුන.
Deleteජීවන නිපුනතා කියල ඒ කාලෙ අපිත් ඕව කළා නොවැ. රෙදි මහන්නත් ඉගැන්නුවද කොහෙද. අපේ එකෙක් රෙදි කැල්ලක් නැතුව ඉස්කෝලෙ ඇවිත් ගුටි කාල, ටීචර්ට බැන්නා ලොන්ඩර් ගෑණි කියලත්..
ReplyDeleteඅපි දවසක් එලියට දැම්ම ෆයිල් කවර ගම් බෝතල් වගේ දේවල් ගෙනාවෙ නෑ කියල. අපි එලියෙ ඉන්නකොට ප්‍රින්සිපල් උත්තමය ඇවිල්ල ඔපීසියට එක්කගෙන ගිහින් අදාල දේවල් දුන්න.
Deleteග්‍රාමීය කර්මාන්ත කියන එව්වා එන්න එන්නම කඩා වැටුනේ 1977න් පස්සේ කියලා තමයි මට පෙනුනේ. මම පොඩි කාලේ අපේ පැත්තේ පොඩි කොල්ලෝ තහඩු කෑලී වලින් , රබර් කිරි පොල්කට්ටට වැක්කෙරෙන පීල්ල හැදුවා. මේ වැඩේ නැගලා ගියා. මේක හැමෝම කරන්න ගත්තා ලේසී වැඩක් නිසා. සැපයුම වැඩි උනා ඉල්ලුමට වැඩිය. හැමෝටම කෙලවුනා. 1977න් පස්සෙ උනේ ඉල්ලුමට වඩා බඩු මාකට් එකේ තිබුනා. කර්මාන්ත කරුවා ඒවා වහලා දැම්මා.
ReplyDeleteමේ කමෙන්ටුව ගැලපෙනව ඔය කාරණාවට.
Deleteමචෝ......හරිම වටින කමෙන්ට් එකක් බං....පාඩමක් වගේ....
Delete