Wednesday, November 13, 2013

රා.සේ. කතා දෙකතුනක්.

කලින් ලිපියේ සංවාදකයන්ට බොහොම ස්තුතියි! බ්ලොග් පෝස්ට් එකක් ලිවීමේ සතුට ලැබෙන්නෙ ඒවගේ සංවාදයක් තිබුනොත් තමයි. අද පොඩි කතන්දර දෙක තුනක් දාන්නයි යන්නෙ. මේ කතා අහන්න ලැබුනෙ අපිට උගන්නන සර් කෙනෙකුගෙන්. රාජ්‍ය සේවයට සම්බන්ධ කතන්දර.

පඬුරු බැඳීම සහ සංකේත ප්‍රතිපාදන.

ප්‍රතිපාදන කියන්නෙ අයවැයෙන් හෝ වෙනත් විදියකින් වියදම් සඳහා වෙන් කරන මුදල්. සාමාන්‍යෙයන් ඊලඟ අවුරුද්දට ප්‍රතිපාදන වෙන් කරන්නෙ මේ අවුරුද්දෙ කියවන අයවැයෙන් කියල දන්නව නේ. ප්‍රතිපාදන ගැන ඊට වඩා විස්තර කලොත් ඔහෙල මෙතනින් යන නිසා ඒ ඇති. මේ ප්‍රතිපාදන අතරෙ එකක් තියනව සංකේත ප්‍රතිපාදන කියල. උදාහරණයක් විදියට කලින් මුදල් වෙන් කරගෙන නැති යම් ව්‍යාපෘතියකට මුදල් වෙන් කරගන්න ඕනවුනා කියල හිතමු. වෙනත් කාර්යක් වෙනුවෙන් වෙන්කල මුදලක ඉතිරියකින් වැඩේ ගොඩදාගන්න පුළුවන්. නමුත් නීතිරීති වල හැටියට ඒකට අනුමැතිය ගන්න වෙනව. අන්න ඒ වෙලාවෙදි පාවිච්චි කරන සංකේතයක් තියනව

සං1000

ඔන්න ඔය විදියට තමයි මේක ලියල යවන්නෙ. මෙතන 1000 කියන්නෙ රුපියල් දහසක මුදල කියන එකයි. අපි ඉල්ලන ගනන ඒක නොවුත් දාන්නෙ 1000ක්. ඒකෙන් අදහස් වෙන්නෙ “මුදල“ කියන එක විතරයි. අපේ සර් කියන විදියට මේක හරියටම දෙවියන්ට පඬුරු බැඳීමට සමානයි. මිනිස්සු දෙවියන් ලඟට ගිහිල්ල පොඩි කාසියක් බැඳල භාරයක් වෙනව. කාසියෙන් සංකේතවත් කරන්නෙ මුදල. වැඩේ හරිගිය පසු නියමිත ගාස්තුව ගෙවන බවට දැන් වෙන පොරොන්දුව තමයි පඬුර! අපූරුයි නේද?

ඇඟිල්ලෙ අපලෙ

අනිත් කතාව ඇඟිලි මැෂිම ගැන. ඇඟිලි ගැහිල්ල ගැන කලිනුත් ලිපියක් ලිව්ව. මේ මැෂිම ආපු කාලෙ එක්තරා ආයතනයක සේවය කල වාස්තු විද්‍යාඥයෙක් ඇඟිලි සලකුණු යන්ත්‍රය මත ඇඟිල්ල තැබීම ප්‍රතික්ෂේප කලාලු! හේතුව විදියට එයා දක්වල තිබුනෙ ඒක එයාගෙ සෞඛ්‍යට හොඳ නෑ කියන එක. මේ ගැන සඳහන් වුන මොකක්දෝ වෙබ් අඩවියකුත් උපුටා දක්වල එයා ආයතන ප්‍රධානියගෙන් ඉල්ලුවලු ඇඟිලි සලකුණු යන්ත්‍රයේ ඇඟිල්ල තැබීම සෞඛ්‍යට අහිතකර නොවන බවට සහතිකයක්. ආයතනයේ ප්‍රධානියාට එවැනි සහතිකයක් දෙන්න බැරි නිසා වාස්තු විද්‍යාඥය පොතේ අත්සන් කිරීම විතරයි කරල තියෙන්නෙ.

කොහොම උනත් මේ ක්‍රියාව ගැන රාජ්‍ය සේවා කොමිෂන් සභාව එයාට විරුද්ධව විනය තීරණයක් අරගෙන තියනව. ඊට පස්සෙ එයා කරල තියෙන්නෙ කොමිෂන් සභාවේ තීරණයට විරුද්ධව පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරියට පැමිණිලි කිරීම. එතනදි තීරණය ලැබිල තියනව රා.සේ.කොමිෂන් සභාවේ තීරනය බල රහිත කරල. තීන්දුවෙන් කියල තියෙන්නෙ රාජ්‍ය සේවකයෙක් පළමුව හිතන්න ඕන තමුන්ගෙ සෞඛ්‍ය ගැන කියලයි.

පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරිය විසින් මේ වගේ ආන්දෝලනාත්මක තීන්දු කිහිපයක්ම දීල තියනව. මේ පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරිය තියන විශේෂත්වය තමයි රාජ්‍ය සේවකයන් වෙනුවෙන් දෙන තීන්දු අභියෝගයට ලක් කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයටවත් නොහැකි වීම. කොහොම උනත් මේකෙ සාමාජිකයන්ගේ ධූර කාලය වසර තුනක් පමණයි. ධූර කාලය අවසන් වීමත් එක්ක අලුත් පිරිසක් පත් නොකිරීම නිසා මේ වනවිට අක්‍රිය තත්වයේ තියෙන්නෙ. අපරාදෙ!

අංකෙට බෙහෙත් දීම

අනිත් කතාව මහියංගනේද කොහෙද ඉස්පිරිතාලෙ වෙච්ච දෙයක්. එක්තරා කාලයක ඒකෙ බෙහෙත් දෙන්න ෆාමසිස්ට්ල එක් අයෙකුවත් ඉඳල නෑ. නමුත් බෙහෙත් තිබිල තියනව. දොස්තර ඇතුළු කනිෂ්ඨ කාර්ය මණ්ඩලයක් විතරයි ඉඳල තියෙන්නෙ. මේ හේතුව නිසා දොස්තරල මාරුවෙලා ගියාලු. මේ අතරෙ ඉස්පිරිතාලෙට අලුතෙන් ආපු දොස්තර මහත්තයෙක් අපූරු ක්‍රමවේදයක් හදල තියනව. එයා එක් එක් බෙහෙත් වර්ගය වෙන වෙනම ගබඩා කරල ඒවාට නියමිත අංකයක් දීල. තමුන්ගෙ ලඟට ලෙඩා ආවට පස්සෙ බෙහෙත් තුන්ඩුවෙ ලියන්නෙ අදාල අංකයෙන් බෙහෙත් පෙති/කරල් ප්‍රමාණයක් නිකුත් කරන්න කියල. අංකය අනුව බෙහෙත් ප්‍රමාණය නිකුත් කරන්නෙ කණිෂ්ඨ සේවකයෙක්.


①×10
②×15            මෙන්න මෙහෙමයි තුන්ඩුව.
④×5

කොහොම උනත් දොස්තර මහත්තයත් වරක් පරීක්ෂා කරලලු ලෙඩාට දුන්නෙ. ඖෂධවේදීන් නොමැතිව සාර්ථකව බෙහෙත් නිකුත් කල මේ ඉස්පිරිතාලෙ පසු කාලයක හොඳම ඉස්පිරිතාලයක් විදියට සම්මානත් දිනාගත්තලු.

71 comments:

  1. ඔය බේත් දෙන කේස් එකේ ඉතුරු කෑල්ල මෙහෙමයි.

    බේත් දීමේ වට්ටෝරුව මෙහෙමයි.

    1 = කැස්ස
    2 = හෙම්බිරිස්සාව
    3 = උණ
    4 = හිසරදය
    5 = බඩේ අමාරුව

    ඔන්න දවසක් බඩේ අමාරුවට දෙන බේත් ඉවරවෙලා. ඒක දොස්තර දන්නේ නැතුව බඩේ අමාරු ලෙඩෙකුට 5 x 7 කියලා සතියකට බේත් දීලා තියෙනවා.

    එදා හවස කණිෂ්ඨ සේවකයා දොස්තර එක්ක කියවනවලු, සර් අර බඩේ අමාරු ලෙඩාට මං අංක දෙකෙනුයි, තුනෙනුයි සම සමව බේත් දුන්නා කියලා.

    මොකද 5 = 2 + 3 නේ!

    ReplyDelete
    Replies
    1. [හපොයි කකා අර දොස්තර මහත්තැන්ට මඩ ගහනව]
      ඔව්. මුල් අංක වෙන්වෙලා තියෙන්නෙ ඉතාම සුලභ බේත් වලට.

      Delete
  2. අප්පේ ඔය පඬුරු බැඳිම පනින රිළවුන්ට ඉනිමං තැබුව වගේ ජරාව හොයන එකාලට පන්න පන්න ජරාව සප්ලයි කොරන්ව වගේ වැඩක්නේව අර අධිකාරියට නම් බාලගිරි දොසේ ලබල දීලා තියෙන්නේ රට කොරන දෙවිවරු තමන්ගේ වසියටනොවැ හැබැ අර දොස්තර මහත්තයා නම් පට්ට ප්‍රැක්ටිකල් පොරක් වගේ අන්න ඩොකාලා

    ReplyDelete
    Replies
    1. අධිකාරියට වෙච්ච වැඩේට නං මාත් කැමති නෑ

      Delete
  3. කොහොමද අර 1,2,4 කියන ඉලක්කං රවුං කලේ ??
    ඒ සිස්ටම් එකත් මරු !
    එතකොට පාමසිස්ට්ලා ඕනම නෑ

    ReplyDelete
    Replies
    1. උඹට කියන්න මලේ බොහොම අමාරුවෙන් හොයාගත්තෙ
      මෙන්න ඕන තරං තියනව.

      Delete
  4. ඇඟිල්ල ගහන එකට ගොඩාක්ම විරුද්ධ පරක්කු වෙලා ඇවිත්,ඉස්සෙල්ලාම හොරෙන් පනින අය.ඉස්සර වැඩ කරපු තැනත්
    ඔය මැශින් එක සෙට් කරනකොට වැඩියෙන්ම කැගහුවේ කලින් පනින ගැනු ටික....

    ReplyDelete
    Replies
    1. ඇඟිලි වැඩේට මම නං කැමතියි කාගෙවත් ගෙම්බර් බලන්නෙ නැතිව ආපු වෙලාවට අත්සන් කලා එච්චරයි. වෙලාව අවුල් උනොත් උපරිම දඬුවම නිවාඩුවක් වැටෙන එක නේ

      Delete
  5. තුන්නැකි කතාව හොදා... අන්න රාජ්‍ය සේවය කාර්යක්ෂම වෙච්ච විදිය

    ReplyDelete
  6. නියම කතා තුන.

    පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරිය සියලු නඩුහබ සඳහා උපරිමාධිකරණයක් ලෙස පත් කරවූ !!!!!

    ReplyDelete
  7. රාජ් අපි හැමෝගෙම අතින් කොහොම කරත් ලියවෙන්නේ තම තමන්ගේ වෘතීන් වලට අදාළ දේවල් නෙව. රාජ් ඒ නිසා රාජ්‍ය පරිපාලනය ගැන දැනුමක් ගන්න පුළුවන් පෝස්ට් ලියන්න.. AGA ඔපිස් එහෙකට ගියාම අපෙත් ඔලුව විකාර වෙනවා..

    මගෙත් ඔප්පුවක් තියෙනවා දැන් අවුරුදු 8 කටත් වැඩි.. අවම බෙදුම් සීමාව ගැන ගැටළුවක්..මට එපා වෙලා ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. නඩුවක් දාපන්.. පරම්පරා ගානකට ආතල් එකක් ගන්න පුළුවන්...

      Delete
    2. ඉඩම් කේස් ගැන නං කියලා වැඩක් නෑ. අපේ මිනිස්සුංගෙම වැරදි තමයි හුඟක්. හැමෝම හිතන්නෙ තමුන් මැරෙන්නෙ නෑ කියල.

      ඉඩම් නඩු දිනන මිනිහා අඟුරුය. පරදින මිනිහා අලුය!
      එහෙමයි තියෙන්නෙ

      Delete
    3. අවම බෙදුම් සීමාව වෙනස් කරගන්න අවුරුදු 8 ක්? ගහකො ඕකට බෝම්බයක් :)

      Delete
    4. @ මාතලන්

      මටත් තාත්තගෙන් ලැබුණ උරුමයක් ඒක..අපරාදේ මට කොල්ලෙක් නැහැනේ ..ශික් ...

      @ රාජ්


      එහෙම නෙවේ රාජ් වැඩේ කෙරෙන විදිහක් ගැන කතා කරමුද අපි ... :)

      @ චාර්මි

      පොඩ්ඩක් හිටින්කෝ කලබල නොවී ටෝක් කරලා ඉවර වෙනකම්.. :)

      Delete
    5. ප්‍රාෙල් හිටියට ඉඩම් කේස් ගැන දන්නෙම නෑ බං. පොඩ්ඩක් හිටපං අවුරුදු 8ක් යන කේස් එක මොකද්ද කියල බලන්න...... මේක නඩුවක්ද?

      Delete
  8. දෙයියන්ට පඬුරු බැඳීමට අරක උපමා කළ හැටිනං නියමයි.
    තුන්වෙනි කතාවෙ දොස්තරනං ප්‍රායෝගික හැකියාවක් ඇති කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. ඒ උපමාව මගෙත් හිතට ඇල්ලුව.

      Delete
  9. වැඩකාරයා කොහේ ගියත් දිණුම්.. ඒකයි මේ ඔක්කෝම කතාවලින් ගන්න තියෙන ආදර්ශය....

    ReplyDelete
  10. තුන් වෙනි කතාව නම් එල. ඔහොම කරන එක හොඳයි අර අපැහැදිලි අකුරු වලින් ලියල වෙන බේත් දෙනවට වඩා

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං. බෙහෙත් තුන්ඩු අපිට නං ග්‍රීක් වගේ

      Delete
  11. බොරු කියන්නේ මොකටද? මට නම් වැඩිය තේරුනේ නෑ.:D:D

    ReplyDelete
  12. තුනෙන් දෙන්න කියලා දොස්තර කියන්නේ මේ අංක තූනෙන් දෙන බෙහෙතට වෙන්නැති...

    ReplyDelete
  13. මේ කතා තුනෙන්ම ගන්න දෙයක් තියෙනවා. ඕනෑම දෙයක් මග අරින්න ඕනේ නම් අර දෙවෙනි එකේ තියෙන ක්‍රමේ අනුගමනය කරන්න පුළුවන්.

    ReplyDelete
  14. පලවෙනි කතාවනං පැහැදිලි මදි...

    දෙවැනි එක ගැන කියනවනං ඉතිං සිරි ලාංකිකයො හැටියට අපි බොහෝම දස්ස ජාතියක් ඕනම පුංචි හිලකින් රිංගන්න... මං හිතන්නේ ඕනනං ලෝකෙටම ටියුසොං දෙතෑකි ඔය ගැන... කොහොම උනත් ඇගිලි මැෂිම ක්‍රියාත්මක කරන්න සෑම ආයතනයක්ම කටයුතු කරන්න ඕන.. විරෝධතා එයි.. ඒත් කාලයක් යද්දි ඕක කරගන්න බැරි වෙන එකක් නැහැ.. ඒ වගේම තමා ඕක අනුමත කරන කොටම රාජකාරී වේලාවල් ගැන පොඩි සංහේධනයක් කරනව නං තවත් හොදා.. ඒ ඒ කාල වේලාවල් වලදී සිටිය යුතුම අය හැර අනිකුත් අයට තමන් කැමතා පැයක එන්නත්.. ආපහු යන්නත් අවස්ථාව දීලා අනිවාර්යයෙන්ම දවසක් ඇතුලත හෝ සතියක් ඇතිලත ආවරණය කල යුතු වැඩ කරන පැය ගාන නියම කිරීම වගේ දේවල් වලින් සේවකයින්ටත් තමුන්ගේ කටයුතු පහසු කර ගතෑකි... දෙයක් ගේන කොට ඒකේ දෙපැත්තටම ඇති වාසි ඇති කරලා ඒක පෙන්නලා දීලා ගෙනාවම හුගාක් ප්‍රහ්න විසදගතෑකි කියන එක මං වැඩ කරපු තැන් වලදී බොහෝම හොදින් ඉගෙන ගත්ත දෙයක්.. එහෙම නැතිව මස් රාත්තලම ඉල්ලන්න ගියොත් හැමදාම වාද විවාද විතරයි...

    තුන් වැනි එකනං ආදර්ශමත් කතාවක්... වැඩ කරන එකාට.. කොතැනත් එකයි.. අනිත් දේ තමා නියම වැඩකාරයින්ව මතු වෙන්නේ දුෂ්කර තැන්වලින්.. දුෂ්කර අවස්ථා වලින් වීම... දක්ෂයින් තමුන්ගේ දක්ෂතාවලට නියම වටිනාකම ගන්නනං ඔවුන් එවැනි තැන්වලටම යා යුතුයි.. නැත්තං වෙන්නේ මල් පොකුරක එකක් වෙන්න විතරයි...

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යෙයන් හොරෙක් නොවන කෙනෙකුට ඇඟිලි මැෂිම අවුලක් නෑ. අපිට පැය 1/2ක ආවරණ කාලයකුත් තියනව. මේවට විරුද්ධ වෙන්නෙ හොරු විතරයි. විශේෂයෙන්ම අතිකාල සේවයේ යෙදෙන සෞඛ්‍ය අමාත්‍යංශයේ උන්දැලට මේ යන්ත්‍ර ඇලජික් ඒකයි.

      Delete
  15. කොහොම වුනත් දොස්තර මහත්මයා හිත හොඳ දහිරිය වන්ත කෙනෙක්

    ReplyDelete
    Replies
    1. නැතුව. මේවගේ දෙයක් කරන්න කාටවත් මතක් උනේ නෑනේ

      Delete
  16. වෙලාව වගේම කරන වැඩ මනින්නත් ක්‍රමයක් ඇති කළා නම් හොදා .මමත් රජයේ ආයතනයක වැඩ කළා මාස 6ක්.දැන් තියෙන්නේ ලොකු මහත්තයෙක් අතේ.එකේ හිටපු අයට ඉද ගන්න පුටුවක් මේසයක් හරියකට නැහැ.අනික උදේ එනවා රාජකාරි බස් එකෙක් ඇවිත් වෙලාවට අත්සන් කරනවා.එයිට පස්සේ කැන්ටිමට.එතන ඉදන් ඔපිසියට එන්න පයක් යනවා.ඇවිත් කොම්පුටර් ඕන් කරලා කතා කර කර ඉන්නවා දැන් 10යි.තේ බොන්න යනවා තේ බිල එන්නේ 11 ට.අයිට පස්සේ මොනවා හරි වැඩක් ඇත ගානවා.12යි.යනවා එලියට කන්න එනකොට 2යි.
    දැන් තමා වැඩ කරන්නේ හරියට 5 ට අත්සන් කළා මාරු ......

    ReplyDelete
    Replies
    1. වැඩක් කරන්නත් ටාගට් එකක් තියෙන්න ඕන. උදාහරණයක් විදියට අපේ කාර්යාලෙ මම ඇතුළු හැමෝටම දවසට නිසමිත මොකක්හෝ වැඩක් තියනව. අපි මොන ජෝගි නැටුවත් ඒ වැඩේ කරන්නම ඕන. නැත්නම් අපි බෙල්ල මුලින් අහුවෙන විදියටයි ක්‍රමය සකස්වෙලා තියෙන්නෙ. එහෙම නොවෙන තැන්වල අවුල්.

      Delete
  17. ඔය ඇඟිලි මැෂින් වදෙටනම් ගොඩක් ය විරුද්ධයි තමා. අපේ සයිට් වල දැම්මා හරියන්නේ නෑ. මොකද ගොඩක් එවුන්ගේ ඇඟිලි සලකුණු නෑ. සිමෙන්තිවලට දියවෙලා, කම්බි වලට කැපිලා. ඇඟිලි සලකුණු මැෂින් වල එරර් කියලා තමයි එන්නේ

    ReplyDelete
    Replies
    1. ඔව්. ඇඟිලි ගෙවෙන අයට මේක හරියන්නෙ නෑ. අපෙත් සමහරු ඉන්නව රේඛා මැකිල ගිහිල්ල ඇඟිල්ල ගන්ානෙ නෑ

      Delete
  18. අඩේ අර බේත් දෙන ක්‍රමේ මරුනේ ඈ..

    ReplyDelete
  19. අපරාදෙ කියන්න බෑ රාජ්ගෙ පෝස්ට් ටික කියෙව්ව කෙනෙකුට ලේසියෙන්ම ඊ බී පාස් වෙන්න පුළුවනි.

    ReplyDelete
    Replies
    1. ඊ.බී. කියන්නේ මොකක්ද කියලවත් දන්න අය ඉන්නවද මන්ද?

      Delete
  20. දැන් ඉන්න සමහර දොස්තර මහත්තුරුනටත් ඒ වගේ මහත්තුරු ආදර්ශයක්..හැමෝම එහෙම නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි. දමල ගහල යන්නෙ නැතිව තියන දෙයින් ප්‍රෙයා්ජන ගන්න උදවිය එහෙමයි

      Delete
  21. මරු කතා සෙට් එක.
    රාජ් අර දොස්තර අරෙහෙම කලාට ඒක නීති විරෝධී ක්‍රියාවක් වෙන්න ඇති අනිවාර්යයෙන්ම. මොකද ෆාමසිසිට් කෙනෙක් නැතුව පෞද්ගලික ෆාමසියක් පවත්වාගෙන යන්න බැරි නීතියම රජයේ රෝහලටත් අදාලයිනේ.

    ‍ෆින්ගර්ප්‍රින්ට් එකට වැස්සටෙ තෙමිලා තියෙන ඇඟිල්ලක්, අත සෝදපු ගමන් සීතල වෙලා තියෙන ඇඟිල්ලක් අඳුනාගන්න බෑ බං. මගේ ලැපියෙත් තිනෙවා ‍ෆින්ගර්ප්‍රින්ට්. සමහර විට එන්රෝල් කරපු අත් දෙකේම ඇඟිලා ස්වයිප් කරලා තමයි ලොග් ඔන් වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. නීති විරෝධීද? යහපත් චේතනාවෙන් මේ වගේ දේවල් කරන්න පුළුවන්. හැබැයි ඉතිං වැරැද්දක් උනොත් නං අහන්නෙ “ඇයි අදාල නැති දේවල් කලේ“ කියල මිසක් ඇගයීමක් නෙවේ.

      Delete
    2. මම හිතන්නෙ ඩොක්ට කෙනෙක්ට පුලුවන්

      Delete
  22. පළවෙනි කතාවෙ සීන්එක කලින් දැනං හිටියේ නැහැ. ඒක මරු උපහැරණේ

    ReplyDelete
  23. ඔය කියන්නෙ අම්පාරෙ ඉස්පිරිතාලෙ වෙන්න ඇති..තියෙන සීමිත සම්පත් මනාව කළමනාකරණය කරගෙන හොදම ඉස්පිරිතාලෙ විදියට සම්මානත් ලැබුවා ඒ අය...

    ReplyDelete
    Replies
    1. අම්පාර නෙවේ මහියංගනය මතක තියන විදියට. මේක ටිකක් ඉස්සර සීන් එකක් මං හිතන්නෙ

      Delete
  24. තුන්වෙනි කතාවෙ ක්‍රමය සිත්ගන්නා සුළුයි. වේගවත් සහ කාර්යක්ෂමයි.

    ReplyDelete
  25. මේ සංහේත ප්‍රතිපාදන ක්‍රමය දැනටත් ක්‍රියාත්මකද? මේකෙන් ගැහිලි ගහගන්න පහසු ඇති නේද මහතැන්වලට

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ අරූ. මේක සාමාන්‍ය ක්‍රියා පටිපාටියක් විතරයි. මෙහෙම පැහැදිලි කරන්නං.

      ඔන්න උදාහරණයක් විදියට යම් ආයතනයකට ඒසී මැෂිමක් ගන්න ඕනවුනා කියල හිතමු. නමුත් කලින් සල්ලි වෙන් කරවාගෙන නෑ. අඩු තරමින් වැය ශීර්ෂයක් වත් නෑ කියල හිතමු. නමුත් පොත් මිලදීගන්න වෙන්කල සල්ලි ඉතිරිව තියනව කියල හිතමු. එතකොට පොත් මිලදීගැනීමේ ඉතිරි මුදලින් ඒසී මැෂිමක් මිලදීගන්න අලුතෙන් අනුමැතියක් ගන්න වෙනව. මොකද යම් කාරණාවක් සඳහා වෙන්කල මුදල් වෙනත් කාරණාවක් සඳහා යොදාගන්න බෑ. අන්න එතනදි තමයි මේ සංකේතය යොදාගන්නෙ. මේ සංකේතයෙන් කියන්නෙ “මුදල් ඇත නමුත් අනුමැතිය නොමැති නිසා අවුමැතිය ලබාදෙන්න“ කියන පණිවුඩයේ කෑල්ලක්.

      අනෙක් ගිණුම් ක්‍රම වගේමයි. කාටවත් ගහන්න බෑ. ගහන්න බැරිවෙන්න තමයි මේව හදල තියෙන්නෙ. (ගහන්න බෑ කිව්වෙ මේ අවස්තාවේදි බෑ කියල)

      Delete
  26. හැමෝම තුන්වෙනි ක්‍රමේට පුරුදු වුනොත් අපේ රස්සාවත් නැති වෙනවා..

    ReplyDelete
  27. මේ විදියට හැම තැනම බෙහෙත් දෙන්න ගත්තොත් නම් හරිම අපූරුවට තියෙයි නේද? වැරදිලාවත් කවුරුහරි බෙහෙත් ගොඩට වෙන බෙහෙත් එහෙම දැම්මොත් දෙවියන්ගෙම පිහිටයි.

    ReplyDelete
    Replies
    1. ඉතිං දැනටත් එහෙමනේ. කවුරුහරි එකවගේ බෙහෙත් දෙකක් කලවං කලොත් සොරි තමයි.

      Delete
  28. පලවෙනි එක මට තේරුනේ නෑනේ. කොහෙද ඉතින් ඔය කොමිස් වගේ පරිපූර්ණ දේවල් අපිට තේරෙයියැ.
    ඇඟිලි සළකුණට වඩා හැම අතින්ම බැජ් එක එක සාර්ථකයි කියලා මට හිතෙන්නේ. ඒත් ඒකත් මේ රටවල එවුන් වෙන එවුන්ට දීලා ටච් පැනල් එකට දාලා මාක් කරන් ඇවිත් තිබුනා. සීතලෙ හෙම ඉඳලා ආවම සමහර වෙලාවට ඇඟිල්ල හදුනා නොගන්නා එක වගේ ගොඩක් දේවල් හින්දා මම හිතන්නේ බැජ් ටච් හොඳයි ඇති.

    දොස්තර මහත්තයාගේ වැඩේ නම් අගේ කරන්නම ඕනේ. ඒත් අපේ වෙලාවට ලංකාවේ ඔය වගේ දොස්තරලා ඉන්නේ මුල්ම පත්වීම හෝ දුශ්කර සේවයේ හෝ ජොබ් ස්ටාර්ට් අප් එකේ විතරමයි. ඊට පස්සේ දොස්තරලා සල්ලි මැසින් වෙනවා. කතා කරන්නත් කලින් බෙහෙත් තුන්ඩුවත් ලියලා.

    ReplyDelete
    Replies
    1. අරූට දුන්න උත්තරේ පලවෙනි එක තේරුම් යයි.
      ඇඟිල්ල සහ සීතල සම්බන්ධය නං දන්නෙ නෑ. මෙහේ හීතල වෙන එකක්යැ.

      //ඒත් අපේ වෙලාවට ලංකාවේ ඔය වගේ දොස්තරලා ඉන්නේ මුල්ම පත්වීම හෝ දුශ්කර සේවයේ හෝ ජොබ් ස්ටාර්ට් අප් එකේ විතරමයි//.
      අන්න ඒක නං සිරාම කරුමයක් තමයි

      Delete
  29. මම නම් කැමති බං අර දෙවෙනි කතාවේ එකා වගේ ගේමක් ඉල්ලනකොට උපරිමයෙන්ම ඒකට කැපවෙන එකට.... :)... බලහංකො ඌ ඉතිං තර්කානුකූලව හරිනෙ.... සිරාවටම මචං හැම එකාම එකම තැන ඇඟිල්ල ගාන එක ප්‍රශ්නයක් නෙමෙයිද?

    දැන් අපේ වැඩ කරන තැන අපිටම කියලා මේස පුටු නැහැ... උදේ ඇවිත් එකක් අල්ලගන්න ඕනේ... තමන්ගේ බඩු දාගන්න පොඩි පෙට්ටියක් තියනවා, ඒක හැමදාම කබඩ් එකක දාලා එන්නේ... තමන් පාවිච්චි කරපු මේසය, කම්පියුටර් එක, ටෙලිෆෝන් එක ඔක්කොම ක්ලීන් කරන්න ඕනේ හවසට...

    ReplyDelete
    Replies
    1. මාත් කැමතියි ගේම ඉල්ලන එකාලට.

      ඒ වගේම උඹලගෙ ක්‍රමයට මාත් කැමතියි. වැඩේ තියෙන්නෙ ඒ වගේ වෙනසකට අපේ අයගෙ ඔලු සකස් වෙලා නෑ. අපේ උදේ රැස්වීමකදි මම කිව්ව, එක එක්කෙනාට විෂයයන් බෙදල වැඩකරන්න දෙන්නෙ නැතුව අවශ්‍යතාවයේ හැටියට වැඩ කරන්න දෙන ක්‍රමයක් හදන්න පුළුවන් නම් හොඳයි කියල. කාටවත් තේරුනේ නෑ.

      Delete
    2. @රාජ්,

      ඇත්තටම ඔයා යෝජනා කරලා තියෙන ක්‍රමය සාර්ථකයි. අති විශේශ දැනුමක් අවශ්ය නොවෙන එදිනෙදා රාජකාරි බොහොමයක් ඔය විදියෙන් කාර්යක්ශමව කරන්න පුළුවන්. එතකොට සබ්ජෙක්ට් ක්ලාක් නෑ කියලා කෙරෙන රස්තියාදු කිරිල්ල අවම කරගන්න පුළුවන්. උඹගෙ ඔය ආකල්ප වෙනස් නොවී තියෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න තමයි තියෙන්නෙ. එතකොට කවදාහරි ඉහල පුටුවකට ගියදාකවත් මිනිස්සුන්ට වැඩක් වෙන්න නැතෑ.

      Delete
  30. අර බෙහෙත් කතාව කියවනකොට මට මතක් උන කතාවක් ලියන්නං. ඔන්න එක රාජ්ජ සේවකයෙක් අම්පාර පැත්තෙ දුෂ්කර ගමක ගෙදරකට ගොඩවැදුනලු සමීක්ෂනයකට. එයා දැක්කළු ගෙදර ඉස්සරහ ඉස්‍තෝප්පුවෙ යටලීයෙ දිගටම එල්ලලා තියෙන බෝතල් වගයක්. මොනවද මේ කියල ඇහුවම උත්තරේ මේක. " අනේ මහත්තයෝ අපි ඉතිං සිදාදියට යන්නෙ කල්පෙකට වතාවයිනෙ.. ලෙඩක් දුකක් උනාම එච්චර දුර යන්න බැරි හින්දා අපි යන හැමවතාවෙම මොකක්හරි බොරු ලෙඩක් කියලා බෙහෙත් අරං මෙහෙම එල්ලලා තියාගන්නවා. මේක උණට.. මේක බඩේ ගායට මේක.."
    මට ඒක කියෙව්වම පුදුම දුකක් හිතුනෙ..

    ReplyDelete
  31. මචං රාජ්,
    AAT එක tribunal එකක්. authority එකක් නෙමෙයි. පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරය කියලයි කියන්නේ.
    AAT තීරණේ ගැන විස්තර හොයල බලන්න කැමතියි. උඹ දන්න details දාපන්.
    මේ කියන දොස්තර වගේ මීටරේ පාවිච්චි කරල ප්‍රායෝගිකව වැඩ කරන උන් රාජ්‍ය සේවයේ නොඉන්න ප්‍රධාන හේතුවක් තමයි, එහෙම වැඩ කිරීම නිදහසට කරුණු කියන්න වෙන වරදක් වීම. තියෙන දේ විතරක් කරගෙන ඉදීම තමයි පරමාදර්ශී රාජ්‍ය සේවය. රට ගොඩනැගෙන්නේ ඒ පරමාදර්ශය මත.

    ReplyDelete
  32. දොස්තරලත් නැති නර්ස්ලත් නැති ඉස්පිරිතාල දෙකක් මම දැකලා තියනවා නුවරකලාවියේ ඈත ගම්බද ප්‍රදේශ දෙකක. අද ඒ ඉස්පිරිතාල දෙකම වැඩිදියුනුවෙලා තියෙන්නේ යුද්දය ඉවරවුණු නිසා. මේ ඉස්පිරිතාල දෙකට ඒ කාලේ දොස්තරලා නර්ස්ලා ගෙන්වාගන්න අපිට එල්.ටී.ටී.ඊ. එක සමග යුද්ද කළා වගේම රජය සමග යුද්ද කරන්න වුනා. මේ ඉස්පිරිතාල දෙකේම රෝගීන් බලන වෙලාවක් නැහැ. පැය 24ම කවුරු හරි ගමේ කෙනෙක් ලෙඩ්ඩු බලන්න එනවා. ආවම ඉන්න ලෙඩ්ඩු ඔක්කොම බලනවා. මොකද තමන්ගෙ ගමේ අය. බොහොමයක් නෑදෑයෝ. ගමේ වෙදමහත්තුරු දෙන බෙහෙත් ගෙනත් ඉස්පිරිතාලේ ඉන්න ලෙඩාට පොවනවා. වෛද්‍ය වරයෙක් සහ හෙදියන් දෙන්නෙක් ලැබුනාට පසු රෝහලේ වැට ඉදිකරලා හමුදා මුරපොලක් දාන්න වුනා අවේලාවේ ලෙඩ්ඩු බලන්න වැට පැනලා එන අය නවත්වන්න.

    අර සං 1000 කතාව දැක්කම එයට සම්බන්ධ නැතත් මට මෙහෙම දෙයක් මතක්වුනා. හමුදාවේ ආධාර පත්‍ර සඳහා මුදල් එකතු කිරීම සපුරා තහනම්. නමුත් ඒ සඳහා යොදන උපක්‍රමය මේකයි. ආධාර පත්‍රයේ උඩින්ම ලියනවා කැමති අය පමණක් ආධාර කරන්න කියලා. ඊට පස්සේ මුලින්ම ආධාරය ලියන්නේ අණදෙන නිලධාරි. ඉතින් එයා කැමති නම් ඊට පහලින් ඉන්න අය ගැන කුමන කතාද? ආධාර පත්තරේට මහා විශාල මුදලක් එකතුවෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං ලොක්ක උඩින් ලිව්වම පොඩ්ඩන්ට දෙන්නම වෙනවනේ.

      Delete
  33. රජ්‍ය සේවෙ ගැන ගොඩාක්ම තියෙන්නෙ නම් මහ කුජිත් අත්දැකිම්.හොද් එව එකක් දෙකක් නැත්තෙම නැ

    ReplyDelete
  34. රාජ් රාජ්‍ය සේවයෙ කෙනෙක් විදියට රාජ්‍ය සේවය ගැන ලිපි අපි බලාපොරොත්තු වෙනවා.රාජ්‍ය සේවය කියන්නෙ ලාභ නොලබන එකක්.ලාභ ලබන රාජ්‍ය ආයතනත් තිබෙනවා.අඩු වැටුපකින් සෑහීමකට පත් වෙලා මහජන සේවය අංක එකට තබාගෙන තමන්ගෙ ඕන එපාකම් දෙවෙනි තැනට දාගෙන වැඩ කරන පිරිසක් හැටියටයි මම නම් රාජ්‍ය සේවකයන් දකින්නෙ.පෞද්ගලික අංශයේ මෙන් දරුණු මර්ධනයක් නැති නිසාත් සුරක්ෂිතබව නිසාත් රාජ්‍ය සේවකයා ගැන ඍනාත්මක අදහස් සමාජයේ තිබෙනවා. මේ උත්තරීතර රාජ්‍ය සේවය ගැන අපි නොදන්න කරුණු බොහොමයි.

    රාජ් මොන තරාතිරමේ කෙනෙක්ද? කියා මට නිකම් දැනගන්න කියන්න.ඒ කියන්නෙ ඔබේ තනතුරු නාමය.

    ඔය පරිපාලන අභියාචනාදිකරන ගැන මම අහල තිබුනෙ නෑ.ශ්‍රේෂ්ටාධිකරනයට අභියෝග කරන්න බෑ කියන එක නම් මට පිළිගන්න අමාරුයි.මොකද අපි ඉගෙන ගෙන තිබෙන්නෙ උපරිම අධිකරන බලය තිබෙන්නේ ශේෂ්ඨාධිකරනයට කියලයි.

    ReplyDelete
    Replies
    1. [තනතුරෙන් ලිපිකරුවෙක්. අලුත් විදියට නං “රාජ්‍ය කළමනාකරණ සහකාර“ (පුහ්)!]

      පත්වීම ලැබූ අලුත රාජ්‍ය සේවය ගැන මමත් හිතු‍‍‍වෙ ය කා හිතන විදියට තමයි. ඒත් ය කා ඒක අපි හිතන තරම් හොඳ නෑ කියලයි මට හි‍තෙන්‍නෙ. වැඩ රාජකාරි වලින් මිදිල අපි ‍සේවාලාභි‍යෙක් විදියට වැඩක් කරගන්න ගිය අවස්ථා වල අපහසුතාවයට පත්වූ වාර ගනන අනන්තයි. අපි ‍හොඳට වැඩ කලත් සමස්ථය සැලකුවම තත්වය ‍හොඳ නෑ. නිකමට අධ්‍යාපන කාර්යාලයකට ගිහිල්ල බලන්න උවමනාවක් තියනව නම්. ඒ තැන්වල තත්වය අන්තිම අසතුටුදායකයි.

      හැබැයි එකක්, මම විශ්වාස කරන විදියට රාජ්‍ය ‍හෝ ‍පෞද්ගලික අංශ‍යේ ඉන්‍‍නෙ ‍මේ සමාජය ඇතු‍‍ලෙ ඉන්න මිනිස්සු. යම් සැලසුමක් තියනව නම් මිනිස්සු පාලනය අමාරු නෑ.

      Delete
    2. ස්තුතියි රාජ්.රාජ්‍ය සේවයේ ස්ථරායනය තුල අදට නොගැලපෙන බවක් ඔබට තේරිලා නැද්ද? අද අලුත් ලිපිකරුවන් බහුතරය උපාධිධාරීන්.සංවර්ධන සහකාරවරුන් අනිවාර්යයෙන්ම උපාධිධාරීන්නෙ.ඉතින් මේ අයට ඉහල යාමේ අවස්ථා අඩුයි.රාජ් අවුරුදු 60 න් පෙන්ෂන් යන්නෙ ත් ක්ලාක් කෙනෙක් විදියට.නමුත් ඒ වෙනකොට කාර්යාල වැඩ ගැන රාජ්ට පෘථුල අවබෝධයක් තිබෙනවා.
      කනිෂ්ඨ කාර්ය මන්ඩල 8 පාස් අයත් ලිපිකරුවන් සාමාන්‍ය පෙලත් උසස් නිළධාරීන් උපාධියත් ලෙස බඳවා ගත්තේ යටත් විජිත යුගයේ සිටයි.
      රාජ්‍ය සේවයේත් පෞද්ගලික අංශයේ මෙන් ක්‍රමවත් උසස්වීම් පටිපාටියක් තිබුනොත් හොඳ නැද්ද?

      සුප්‍රා සිහිනයේ ගැලී සිටින ලිපිකරුවාට ඊට එහා ලෝකයක් අකැපද?

      කෙළිනම උපාධිධාරීන් උසස් නිළවලට බඳවා ගැනීම 50% ක් කර ලිමිටඩ් අයටත් 50% ක් දෙනවානම් නරකද?

      ඉන්ක්‍රිමන්ට් සොච්චම බැගින් වැඩිවී නාකි වුනාට පසුව හෝ 22935.00 වැටුප් සීමාව ඉක්මවූ පසුව වත් එස් එල් තත්වය එම් එන් රාජ්‍ය සේවකයන්ට දෙනවා නම් නරකද?

      ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ හා ඉංජිනේරු සහකාර සේවයේ මේ ක්‍රමය දැනටමත් ක්‍රියාත්මකයි නේද?

      ඉංජිනේරු සහකාරවරුන්ට පුහුණුව තුලින් ඉංජිනේරුවන් වීමටත් පුළුවන්.ඇත්තෙන්ම වඩා වටින්නේත් ක්ෂේත්‍රයේ පුහුණුවයි.

      මා මේවා කීවේ රාජ් රාජ්ය සේවය ගැන දන්න ඒ වගේම දැනුම් තේරුම් තිබෙන කෙනෙක් නිසයි.
      මමත් ක්ලාක්ල ,ස්කීම් එකේ උන් එක්ක මේව කතා කරනව.උන්ට මේවගෙ ගානක් නෑ.ස්කීම් එකේ උන් නම් එකෙක් දෙන්නෙක් හරි මේ ගැන සංවේදියි.සමහර උන්ට දැනට තියන ඒවත් වැඩි වෙලා

      Delete
  35. //ඉතිං වැරැද්දක් උනොත් නං අහන්නෙ “ඇයි අදාල නැති දේවල් කලේ“ කියල මිසක් ඇගයීමක් නෙවේ//
    ගොඩාක් රාජ්‍ය සේවකයන්ට වෙලා තියන ඇත්ත මේක තමයි ගැටළුවක් නැතුව වැඩේ කෙරෙනකං අවුලක් නොවෙන්න පුළුවන් හැබැයි පොඩ්ඩක් මිස් උනොත් විනය පරීක්ෂණ.
    එතකොට මිනිස්සු අලුත් දෙයක් හිතල කරන්න බයයි. මොකද මුලින්ම රස්සාව බේරගෙන ඉන්න ඹ්නනේ.

    ReplyDelete