හැන්දෑ වෙලාවෙ ඇලෙන් වතුර ටිකක් නාගෙන පාලම උඩ වාඩිවුනා. ඇලේ වතුර මට්ටමත් සෑහෙන්න අඩුවෙලා. පාලමට එහා පැත්තෙ ඇල ඇතුලෙ තියන ටැංකි වලේ ගෙම්බන්ගෙ සද්දෙ විතරයි නිශ්ශබ්දතාවය බිඳින්නෙ. වතුර පාර අඩුවුනත් ඇල එක සීරුවට ගලාගෙන යනව. අවුරුදු විස්සක් විතර අතීතයට මගේ හිත දුවනව. ගිනි මද්දහනෙ ඇලේ නාන කැහැටු කොල්ලො තුන් දෙනෙක්. පාලම උඩ ඉඳල ඇලට පනිනව. ආයෙත් ගොඩට එනව. ආයෙත් පනිනව. ඒ කාලෙ ඇල ගලාගෙන ගියේ ඇලට ඕන විදියට. අවුරුද්දකට කිහිප සැරයක් එන ගංවතුර මූදට යවන්න ඇලට තනියම බෑ. පාලමටත් උඩින් දන මත්තක්, නැත්තං ඊටත් උඩට වතුර ගලාගෙන යන්නෙ කිලෝමීටරයක් විතර දිග වේල්ලත් ඒ මට්ටමටම වතුරෙන් වහගෙන. අඩි දහයක් විතර පළල ඇලේ, පාලම ඊටත් වඩා අඩුයි. වේගයෙන් ගලායන වතුරපාර නිසා පාලමට යටි පැත්තෙන් ඇල දෙපැත්ත කැඩිල දහ ගුණයකින් විතර ඇල පළල් වෙලා. වතුර පාරෙ සැරට කොල්ලො තුන් දෙනෙකුගෙ උස තරම් ගැඹුරට ඇල හෑරිලා. දියකෙලියෙ ඉන්න එකෙක් අලුත් යෝජනාවක් ගෙනාව. පාලම උඩ ඉඳල ඇලට පැනල පතුලට ගිහිල්ල ඇල පතුලෙ තියන මඩ-මැටි ගොඩට ගේන්න. ඔන්න වැඩේ පටන් ගත්ත. එක එක්කෙනා පිලිවෙලින් ඇලට පනිනව. පුළුවන් තරම් මඩ ගෙනල්ල පාලම අයිනෙ ගොඩවල් තුනක් හදනව. එකාට එකෙක් නොපරදින කොල්ලන්ගෙ උත්සාහයෙන් ඉන මට්ටමට උස වෙහෙර වහන්සේලා තුනක් හැදෙනව.
"දැං යමුද? අම්මල හොයයි නැත්තං" එකෙක් කියනව. "එතකොට මේ වෙහෙර?" අන්තිමට සිද්ධ වෙන්නෙ වෙහෙර වහන්සේලා සමතලා කරල මඩ ටික ඔක්කෝම පාලම පුරා විසිරීම. ඉඳහිට බයිසිකලයකින් යන කෙනෙක් මඩ ගොඩේ ගියත් කොල්ලන්ගෙ වැඩ ගැන හිනාවීමට වැඩි දෙයක් කලේ නෑ.
මේ ඇලට කියන්නෙ "ඉරිගේසං ඇල" කියල. මෙතන 'ස'යන්න ශබ්ධ වෙන්නෙ 'සමනලයා' සයන්න මිසක් 'සර්' සයන්න නෙවේ. ඉරිගේෂන් එකෙන් හදපු නිසා වෙන්න ඕන ඒ නම වැටුනෙ. මගේ හිත තවත් අවුරුදු පහක් හයක් අතීතයට යනව.
"රාජ් අයියේ..... ධර්මෙ අයියල දිය බල්ලෙක් අල්ලන්න හදන්නෙ" ඒ එහා ගෙදර හිටිය, මට වැඩිය අවුරුදු දෙකක් විතර බාල බුද්ධි මාම. ඔන්න අපි යනව පාලම ලඟට. ගංවතුරට පළල් වෙලා තියන ඇලේ දෙපැත්තෙ පන් ගස් වැවිල. ඒ වතුර අඩුකාලයක්. ඇලේ පහල පන් මණ්ඩියේ ඉන්න ධර්මෙ අයිය අතේ දිග රිටක්. දිය කඩිත්තෙ ඉන්න දිය බල්ලව අවුස්සන්න ධර්මෙ අයිය රිටෙන් අනිනව. ප්‍රහාරයෙන් බේරෙන්න එහෙට මෙහෙට පනින අසරණය වෙලාවකට රිටේ කෙලවර හපල අල්ලනව. ප්‍රතිපලය වෙන්නෙ අසරණ සතා තවත් නේදනාවට පත්වීම. ඒ කාලෙ ධර්මෙ අයිය වීරය වෙලා දිය බල්ල දුෂ්ඨය විදියට පෙනුනෙ වයසෙ වැරැද්ද නිසා වෙන්න ඇති.
දිය බල්ලෝ විතරක් නෙවේ. අපි පොඩි කාලෙ මේ ඇලේ ඉස්සො එහෙමත් සෑහෙන්න හිටිය. වේවැල් කූඩයක් අරගෙන ඇල මැද්දෙන් වතුරෙ ඔබල ඒක ඇල කණ්ඩිය දක්වා ඇදගෙන ගිහිල්ල උස්සල බලද්දි ඇල කණ්ඩිය අයිනෙ ඉන්න ඉස්සො කූඩෙට එකතු වෙනව. ලොකු ඉස්සො මල්ලට දාගෙන පොඩිඑවුන් ආයෙත් වතුරට දානව. පැය භාගයක් මහන්සි වෙද්දි පවුලේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සම්පූර්ණයි. ඇල 'සංවර්ධනය' කරන්න කලින් තිබුනෙ වාරි පද්ධතියක්. ඇල දෙපැත්තෙ සරුවට වැවිල තිබුන තුන්හිරි පන් ගමේම උදවියගෙ පැදුරු අවශ්‍යතාවය සම්පූර්ණ කලා. ඇලේ විතරක් නෙවේ, කුඹුරුවල පවා තිබුන වලවල් වල පන් තිබුන. අක්කර දහසකට කිට්ටුව තිබුන ගමේ කුඹුරු යාය දැන් තරම් ක්‍රමවත් ගතියක් ඒ කාලෙ තිබුනෙ නෑ. අධික ලෙස වතුර එකතුවීම නිසා එක කන්නයක් විතරක් වගාකල සමහර කුඹුරු කාලෙකට පන් වලින් වැහිල යනව. මේ වගේ පන් යායවල් අනවසරයෙන් ගැලවීම නැවැත්වීමට උපක්‍රමයක් පාවිච්චි කලා. ඒකට කිව්වෙ 'බෝල බැඳීම' කියල. කුඹුරේ සිටුවල තියන මිනිහෙක් තරම් උස රිටක පොල් හනස්සක් බැඳීම තමයි බෝල බැඳීම කියන්නෙ. බෝල බැඳපු තැනකින් පන් ගලවන්න (ගලවනව කිව්වට මේකට කිව්වෙ පන් උගුලනව කියල) කවුරුත් ගියේ නෑ. නමුත් ලැජ්ජා බය නැති ගෑනු එක්කෙනෙක් දෙන්නෙක් ඉඳහිට පන්වල ඉඳුල් නොකලාමත් නෙවේ.
පන් උගුලන දවසට නං හැමෝම එනව. ඒ තමයි කුඹුර සීසාන දවස. එදාට කැමති විදියට පන් උගුලන්න පුළුවන්. ඒකටත් කොන්දේසියක් තිබුන. ඒ තමයි උගුලන පන් වලින් අඩක් කුඹුර අයිතිකාරයට දීම. පන් උගුලන්න පුළුවන් හැමෝටම පන් වියන්න නං බෑ. ඒකට දක්ෂ ආච්චිලත් අපේ ගමේ හිටිය. දක්ෂ පැදුරු වියන්නියකට පැදුරු තුනකට පන් දුන්නොත් පැදුරක් වියවගන්නත් පුළුවන්කම තිබුන. 'කොමිස්' බෙදුනෙ ඒ විදියට. පන් පැදුරු වියපු අන්තිම පරම්පරාව වෙච්ච අපේ අම්මලත් ඒ තරම් ශාස්ත්‍රය දැනගෙන හිටියෙ නෑ.
උගුල්ලපු පන් මිටියකට බැඳල ගෙදර ගෙනියල අග තියන කොල කපල අලු ද්‍රාවනයක් ඉසගත්තට පස්සෙ වේලාගන්නව. වේලගත්ත පන් ගස් කොටස් තුනකට ඉරාගෙන පදම් කරගෙනයි පැදුරු විවීම ආරම්භ කරන්නෙ. සාමාන්‍යයෙන් ස්වාභාවික පන් පැදුර කහ පැහැයට හුරුයි. නමුත් රටා දැමීමට ගන්නා පන්, රතු හෝ කොල පැහැති කුකුල් සායම් නම් සායම් වර්ගයක ගිල්වාගැනීමෙන් තමයි වරණ ගන්නවන්නෙ.
රටා සහිත පන් පැදුරු විවීමට කාන්තාවන් පාවිච්චි කල තාක්ෂණයම තමයි අද කාලෙ ඩොට් මෙට්‍රික් ප්‍රින්ටර් වල භාවිතා වෙන්නෙ. ඒ කාලෙ අපි හැමෝම නිදාගත්තෙ මේ පන් පැදුරු වල. අලුත් පැදුරක නිදාගැනීම ටිකක් විතර අපහසු වුනත් අලුත් පැදුරක් ලබාගන්න තියන ආසාව නිසා අවස්ථාව අත්හලේ නෑ. පැදුරෙ නිඳාගෙන නැඟිට්ටට පස්සෙ පැදුරෙ රටා ඇඟේ ඇඳෙනව. පාවිච්චි නොකරන වෙලාවට පැදුර ඉහ කෙලවරේ ඉඳල හීනියට එතීමෙන් පසු මුල්ලකින් තියල තියනව. ආයෙත් නිදාගන්න ඕනවුනාම අකුලපු පැදුර බිම එලීම අසීරු කටයුත්තක්. පැදුරෙ ඉඳල නැති මිනිහෙක් ගම ගෙදරකට ඇවිල්ල නිදාගන්න දුන්න පැදුර එලි වෙනකල් දිගහරිමින් හිටිය කියල කතාවකුත් තියනව. මේ වෙනකොට නං අපේ ගමේ පැදුරු නෑ මං හිතන්නෙ.
පන් විතරක් නෙවේ පන් වලවල් වල හිටිය ආඳො ලූලොත් පන් වලවල් එක්කම නැතිවෙලා ගියා. දැන් ඒ වෙනුවට තියෙන්නෙ එක යායට තියන කුඹුරු විතරයි. ඉස්සො දිය බල්ලො හිටිය, පන් වැවුන ඇල වෙනුවට එක සීරුවට වතුර බහින ඇල ඉතිරි වෙලා. වාරි සංස්කෘතිය වාරිමාර්ග බවට පත්වෙලා. කොල්ලො තුන්දෙනා මඩ ඇද්ද වල, ඇලේ කොන්ක්‍රීට් ටැංකි වල බවට පත්වෙලා. දියුණුව කියන්නෙ මේකට වෙන්නැති.
අඳුර එන්න එන්නම වැඩි වෙනව. මඩ ඇද්ද කොල්ලත් යාළුවො එක්ක ටැංකි වලේ අතුරුදහන් වෙනව. හරියටම දිය බල්ලො හිටිය තැන, වතුරේ යට බියර් කෑන් කිහිපයක් සෙලවෙමින් තියනව.
අපේ ගමෙත් පැදුරු නැහැ. ඔය ඉරිගේසාං ටැංකි කිහිපයක්ම ලංකාවේ තියෙනවා තමා බං.. අළුත් වීම කියන්නේ කොන්ක්‍රිට් දාන එකට වෙන්ටැති බං.. හරිම අපුරුවට විග්‍රහයක් තියෙනවා යටි පෙල ගැන හිතන්න කල් වේලා වැඩියි.. එන්නං පස්සේ...
ReplyDeleteහොඳා.
Deleteමං මේ දිනේෂ්ගෙන් ඉල්ලල එල්ලගත්ත එක බලන්ට ආපු ගමන්...
Deleteකතාව කියවද්දී පොඩි කාලේ අලුත් පන් පැදුරුවල නිදාගත්තම දැනෙන සුවඳ මතකයට ඇවිත් ලොකු දුකක් ඇතිවුනා. ඒ අතීතය මතක් කලාට ඔබට පින්සිදුවෙනවා. මගේ බිරිඳගේ අම්මා (මගේ නැන්දම්මා) අද ජීවතුන් අතර නැහැ. ඇය අති දක්ෂ පන් වියන්නියක්. අදත් සංචාරක කර්මාන්තය නිසා පන් කර්මාන්තය යම් තරමකින් රැකෙනවා. පන් ගැන කතාවක් තියනවා රාජ්, හමුදාවෙන් අහපු එකක්. හම්මෝ.......ලියනවා තියා හිතන්නවත් බැහැ.
ReplyDeleteඅර සයන්න හෝ වෙනත් අකුරක් ශබ්ද වෙන විදිහ ගැන ලියන්නේ මෙහෙමයි. සංවෘත සහ විවෘත. සංවෘත කියන්නේ කසනවා, කියන තැන සයන්න කියවෙන විදිහ විවෘත කියන්නේ සමනලයා කියන තැන සයන්න කියවෙන විදිහ.
පන් පැදුරෙ නිඳාගත්ත පරම්පරාවත් ඉවර වෙමින් යන්නෙ. ටිකක් සැර බාල කරල කතාව කියන්න බැරිද?
Deleteසංවෘත විවෘත කතාව ඇහුවෙම අදයි. මං හිතන්නෙ ඒක අහපු නැති අය තවත් ඇති. බොහොම ස්තුතියි කියල දුන්නට. මේක ආයෙ ආයේ පාවිච්චි කරන්න ඕන ප්‍රවර්ධනය සඳහා.
විචාරක වෙන නමකින් අලුත් බ්ලොගක් පටන් ගෙන හමුදාවේ කතාටික එකෙක් දාන්න,මොකද ඕවා හොඳ ආදර්ශමත් කතා කුණුහරුප වගේ පෙනුනට
Deleteවිචාරක :
Deleteඅර පුස්සදේවගෙ හක පං අස්සෙ තිබිල හොයාගත්ත කතාව වෙන්ටෑ......
"හක ජාතකය"
Deleteයාළුවො තුන් දෙනෙක් සම්බන්ධ කතාව
Deleteටිකවෙලාවකට ගමකට ගිහින් අලෙ නාලා.. අලුත අල්ලපු ඉස්සෝ කිරිහොද්ද හා අලුත් හාල් බත එක්ක කෑම කාලා පැදුරේ නිදාගෙන ඉදලා ......... (ඕන් අයෙත් හවස් වරුවේ වැඩ පටන් ගන්න යන්නේ)
ReplyDelete:-)
Deleteදැන් දියබල්ලෝ වඳ වෙලා ද?
ReplyDeleteදැන් ඉන්දියාවෙන් ගෙන්වන මිල අඩු ප්ලාස්ටික් පැදුරු නිසා පන් පැදුරු වලට තරග කරන්න බැහැ. කවුරු හරි නිර්මාණ කරුවෙක් පැදුරු වියන මැෂිමක් හැදුවොත් නිෂ්පාදන වියදම අඩු කරලා කර්මාන්තෙ ගොඩදාගන්න පුළුවන් වෙයි. දැන් ස්වබාවික දේවල් වලට ඉල්ලුමක් ඇති නිසා පහසුවෙන් සැලසුම් සහගතව ගොඩදාන්න පුළුවන්
දිය බල්ලෙක් දැක්කෙ නෑ අවුරුදු විස්සකින් මෙහා
Deleteපන් පැදුරු වියන්න මැෂිමක් හැදුනනං හරි තමයි.
Even in Colombo District they survive (in much reduced numbers) in Attidiya-Bellanvila and Diyawanna, J'pura.
Delete
Delete@ ප්‍රා ජේ
තව අවුරුදු 15 කට වඩා නම් උන් ටික ජීවත් වෙන එකක් නැහැ. පුදුම කුණු ( වස විස ) ටිකක් එකතු වෙනවා උන් ඉන්න තැන් වලට ...
Yep. Anyway when fish die off otters too vanish.
Deleteඅපේ ගේ පිටිපස්සේ පොඩි කුඹුරු කැල්ලක් තියනවා අතඇරලා කැලේට හැරිච්ච අන්න එකේ ඉන්නවා දිය බල්ලෝ , වෙන විඝශ්ෂයක්ද මන්දා රාජ් හැබැයි සාසාන්‍ය පුමාණයට වඩා කුඩායි
Deleteදියබල්ලෝ කියන්නේ මොක්කුද?
ReplyDeleteදියබල්ලා=Otter
Deletehttp://en.wikipedia.org/wiki/Otter
අන්න එයා තමයි දිය බල්ල
DeletePlease visit Seattle Aquarium. They have a Otter exhibit.
Deleteගැනනම් මොකුත්ම අත්දැකිමක් නැ.අපේ පැතිවල තියෙන්නේ,තේ වතුයි,පතලුයි විතරනේ.කුඹුරු තියෙනවා,එත් එවත් හාරල පතල් දාල....
ReplyDeleteඅලුත් පන් පැදුරේ නිදාගන්න අමරු උනාට එකෙන් එන සුවදටනම් මාරම ආසයි...
උඹලගේ පැතිවල විතරයි ඉතින් ඇලක එහෙම නාන්න පුලුවන් කමක් තියෙන්නේ,
ඉස්සර පොඩි කලෙදි ගමේ ගඟේන් නැවට දැන්නම් තනිකරම මඩ වතුර විතරයි තියෙන්නේ........
දැන් මේ පැත්තෙත් ඇලේ නෑම සෑහෙන්න අඩුයි. නල ජලය ලැබීමත් එක්ක ඇල අමතක වෙලා
DeleteThank you Raj. It's refreshing to read nostalgic writing on by-gone days rather than depressing current political/religious/social stuff.
ReplyDeleteබෝල බැඳපු තැනකින් පන් ගලවන්න කවුරුත් ගියේ නෑ. Why? social taboo? concern for others? superstition?
ඇත්තම කිව්වොත් උඹ අහන්නෙ මොකද්ද කියල මට තේරෙන්නෙ නෑ. කොහොම උනත් ස්තුතියි.
Delete"බෝල බැඳපු තැනකින් පන් ගලවන්න කවුරුත් ගියේ නෑ" ඇයි?
Deleteකුඹුරක් කියන්නෙ සාමාන්‍යයෙන් අයිතිකාරයා සතු දෙයක්. නමුත් ඒ කුඹුරෙ තියන වී ටික ගැන තමයි අදහස් වෙන්නෙ. කුඹුර පුරන් වූ කාලයට ඒකෙ තණකොල ආදිය ගවයන්ට. එතනදි අවසර ගැනීමක් වෙන්නෙ නෑ. පන් වගේ දේවල් උනත් එහෙමයි. නිකං හැදෙන දේට අයිතිය කිව්වෙ නෑ බොහෝවිට. නමුත් විශාල ප්‍රමාණයෙන් පන් හැදෙන තැන් වල බෝල බැඳීම තුලින් පණිවුඩයක් දුන්න පන් උගුල්ලන්න එපා කියන. පන් කියන්නෙ මහලොකු වටිනාකමක් නොවුන දෙයක් නිසා ඒකට කවුරුත් ඒකට 'අනවසරයෙන්' ඇතුල් වුනේ නෑ. බෝල බැඳීමෙන් කලේ අයිතිය කියා පෑමක්.
Deleteකොහොමටත් තමන් ගේ බෝල අයිති තමන්ටම නේ?
Deleteවැව් වලත් ඔය සීන් එක තියනවා රාජ් , මාළු අල්ලන එක නවත්තන්න , බෝ අත්ත බදිනවා හරි බෝ ගෙඩිය බදිනවා හරි තමයි එකට කියුවේ , ඒක හිටෙව්වට පස්සේ කවුරුවත් මාළු අල්ලන්නේ නැ , වැව හොදටම හිදුනට පස්සේ මාළු අල්ලලා බෙදලා දෙනවා ගමේ හැමෝටම , ඔය රාජකාරිය කොරන්නේ වෙල් ිදානෙ ,
Deleteපන් පැදුරු වල සුවඳට හරිම ආසයි මමත්, ඉස්සර කුඹුරු වැඩ කාලෙට ඇඹුල ගෙනියන්නේ පන් පෙට්ටිවල, අපේ ආච්චිලාගේ ගෙදර පොලතු සෙවිලි කරලු මැටි බිත්තිවල සුදු පාට ගාපු ගොම මැටි ගාපු ගෙයක්. එක මතක් වෙනකොටත් හරියට සුරංගනා කතාවක් වගේ.
ReplyDeleteමීට අවුරුදු පහකට විතර කලින් මාමා ආච්චිලාගේ පරණ ගේ කැඩුවා. "මට දුක වැඩි කමටම මම ඇහුවා "මාමේ අපරාදේ නේද කවදා හරි අපේ ළමයින්ට බලන්නවත් තියන්න බැරිද කියලා"
මාමා කිව්වා "පුතේ උඹලා මාස දෙක තුනකට සැරයක් ඇවිත් බලලා යයි මම මේක හැමදාම බලාගන්න්ද? ඔය කොළඹ පැත්තේ එවුන් ඈත ගම්වල ගිහිල්ල්ලා ගමේ සුන්දර්ත්වේ බලනවා කියලා අර දුකසේ හැමදාම ජීවත්වෙන මිනිස්සුන්ගේ පොටෝ ගහලා ප්‍රදර්ශනාත් තියෙනවා ගැමි සුන්දරත්වය කියල්ලා . ඒ මිනිස්සු ජීවිත කාලෙම විඳින දුෂ්කර තාවයන් ගැන කවුරුත් බලන්නේ නෑ .උඹට ඕන නම් ෆොටෝ ටිකක් ගහගනින් මම මේක කඩනවා කියලා කැඩුවා."
පන් පැදුරේ සුවඳ කියද්දී මතක් උනේ ..මම කරන්නේ පන් පැදුරේ පන් ගස් හපන එක.. ඒවගේ රසත් මට තාම මතකයි ( කලරින් වල රහද මන්ද ) ..
Delete"පුතේ උඹලා මාස දෙක තුනකට සැරයක් ඇවිත් බලලා යයි මම මේක හැමදාම බලාගන්න්ද?"
Deleteසහත්ක ඇත්ත කතාව. කෙනෙකුට පේන සුන්දරත්වය තවත් කෙනෙක් විඳින්නෙ (විඳවන්නෙ) බොහොම අමාරුවෙන්.
පොඩි කුමාරිහාමි වගේම මමත් දිය බල්ලව දැන්ගත්තේ මේකෙන්.
ReplyDeleteඅපේ රටේ සංවර්ධනය කියන්නේ ඔක් තමයි,සමාජ,පරිසර පද්ධතීන් සම්පුර්ණයෙන්ම විනාශ කරලා දැමීම.
එහෙමම කියන්නත් බෑ. අපිට හැම දේම අල්ලල තියාගන්න බෑ. එක දෙයක් වැඩිපුර දියුණු කරද්දි තවත් දේවල් මිස් වෙනව. හරියට අර විශේෂ උපාධියක් කරනව වගේ.
Deleteඅපිත් පං පැදුරුවල නිදාගත්ත ඒ කලේ. දැනුත් පැදුරු වල නිදාගන්නව ඒත් ඒව ප්ලාස්ටික් පං වලින් හදපු ඒව. දියුණුව කියන්නෙ ඒකට වෙන්ටැ.
ReplyDeleteඅන්තිමට කියල තියෙන දේනං හරිම ඛේදවාචකයක් තමයි. ඒ කාලේ කොල්ලො ටිකක් එක්කහු උනාම ඔය රා කට්ටක් ගැහල ඇලක දොලක සෙල්ලං කළත් ඒකෙන් හානියක් උනේ නෑ. නමුත් දැං තමුංගෙ සීමාව නොදැන අනුමත වෙලා අකාලයේ ඇළවල් දොළවල් වල හැංගිලා ගිය තරුණ ජීවිත කොච්චරද.
ඔව්. පරිසරයත් තමනුත් විනාශවෙන තැනටයි වැඩ සිදුවෙන්නෙ.
Deleteපන් පැදුරු වලට වඩා ලාබයි පොල්කොළ පැදුරු. අපි නිදා ගත්තේ පොල්කොළ පැදුරුවල. පොල්කොළ පැදුරු පන් පැදුරු තරම් කල් පවතින්නේ නැහැ.
Deleteගැමි රසය නොඅඩුවම වින්දා.... මමත් අවුරුදු ගානක් පැදුරක් එළලා බිම නිදා ගත්ත පොරක් තමා. පැදුරෙ රටාව පිටේ වදින එකත් හැමදාම මටත් වුනා.
ReplyDeleteදිය බල්ලො කියන උන් ලංකාවෙ ඉන්නවද බන් ? ඇයි උන්ව මරන්නෙ ? මසටද ?
දැන් හැමතැනටම ඔය සන්තෑසිය තමා නේද වෙලා තියෙන්නෙ ?
උඹ මළේ නැද්ද?
Deleteදිය බල්ලො තාම ඇති මං හිතන්නෙ මෙහෙම නොවෙච්ච තැන් වල ටිකක් හරි. මස් කෑව කියලත් කතාවක් තිබුන. හරියට දන්නෙ නෑ. විනෝදයට තමයි වැඩියෙන්ම
හැහ්... මැරුනෙ කටුකුරුන්ද ලියපු එකා... :D
Deleteමූත් දැන් සමාන්තර විශ්වයේ කතා ලියන්නේ...
Deleteඅපේ පැත්තේ නං මං දවස් දෙක තුනක්ම දියබල්ලෙක් දැක්කා...
ReplyDeleteනෑ! ලඟදි.
Deleteමහ දුරක නෙමෙයි කොළඹින් කිලෝ මීටර් 8 ක් එහා කැළණියේ තත්වෙත් ඕකමයි. අපේ ගේ පිටිපස්සෙ වෙල මැද්දෙනුත් පොඩි ඇලක් ගලාගෙන ගියා. ඇලෙන් එහා පැත්ත කඩොලාන කැලේ. ඕකෙ නැති සතෙක් නෑ. මෙහා පැත්ත කුඹුර. ඇලේ පොඩි කොටසක් දෙපැත්ත බ්ලොක් කරලා මාළු ඉහිනවා. දැන් අර කැලේ තිබුන පැත්ත, අළුත් වාහන යාඩ් එකක්. ඒත් කුඹුරු කරපු පැත්ත කැළේ උනා. දැන් ඒකේ සර්පයො නම් නෑ. ඒත් මුගටි, ඉත්තෑවෝ, කුරුල්ලෝ පිරිලා. ඔහොමවත් බේරිලා තියෙන්නේ ඔය කෑල්ලට පාරක් නැති නිසා.
ReplyDeleteදැන් දිය බල්ලොත් නෑ. පන් පැඩ්ගුරුත් නෑ.. අර බියර් කෑන් කතාව ලොකු කතන්දරයක් කියනවා නේ බන්. ඉස්සර අපි මාළු ඉස්සම. ඔක්කෝම ආයේ තිබුන විදියට හදලා යන්නේ. අරක්කු බෝතලයක්, තියා කිසිම දෙයක් වෙලේ දාලා එන්නේ නෑ. ඒකට අද බීලා බෝතලේ පොලොවෙ ගහන කාළකන්නියෝ වගයක් ඉන්නේ.
ඔව්. මට මතකයි උඹේ පෝස්ටුවල තිබුන ඔය ගැන. දැං මේ පැත්ත තරම්වත් ගන්න දෙයක් ඉතිරි වෙලා නැතුව ඇති නෙව.
Deleteබෝතල් පොලවේ ගහන්නෙ නං රියල්ම කාලකන්නි තමයි.
දිය බල්ලෝ මැරිලම ගිය එක හොඳයි බන්.. උන් හිටියා නම් කොච්චර දුකක් විඳිනවද ... උඹට කියන්න අපි පොඩි කාලේ වතු මැද්දෙන් ගියපු පුංචි ඇල පාරවල් දැන් නැහැනේ වැස්ස දාට වත් ...ඒ ඇලවල් වල කොච්චර සත්තු හිටියද ..
Deleteරාජ් මේ වගේ ලියපු සේරම පෝස්ට් ටික හොයලා යටින් ලින්ක් කරපන් ... ඒක වටිනවා..
මේවගේ ලිපි දෙකයිද කොහෙද ලිව්වෙ බං.
Deleteනියමයි රාජ් ''චන්දන'' නැති අඩුව දැනෙන්නේ මේවගේ පොස්ට් කියවද්දී,එත් උබ ඒ අඩුව වෙනුවට ලියල තියෙනවා නියමෙටම කියවන හැම කෙනාම ඒ අතීතයට අරන්යන විදියට
ReplyDeleteස්තුතියි රාජ් ..
බොහොම ස්තුතියි මචෝ. මේ වෙනස්වීම වෙනස් කරන්න බෑ. එහෙම කරන්න උවමනාවකුත් නෑ. මේ ගැන කාටවත් චෝදනා කරල වැඩකුත් නෑ. ඒත් සමහර දේවල් මතක් වෙනකොට කණගාටුයි.
Deleteසුන්දර ගැමි ජීවිතයක්.. මං හරි ආසයි..
ReplyDeleteමම දිය බල්ලෝ දැකලා නෑ අප්පා.. :/ එහෙම උන් ඉන්නවා කියලා දන්නේ අද
එහෙමද?
Deleteමම නම් දිය බල්ලෝ දැක්කේ සූ එකෙන් විතරයි.. ඒ අතින් බලද්දී අයියලා වාසනාවන්තයි.. අපේ කාලය වෙද්දී කොච්චර දේවල් නම් දැන් වෙනස් වෙලාද?
ReplyDeleteමම නං සූ එකේදිත් දැක්කෙ නෑ. පොඩි කාලෙ දැක්කට පස්සෙ
Deleteපන් කියන්නේ අපේ ගම් පැත්තෙත් තිබුනා උනාට ඒ හැටිම වැඩක් ගත්තේ නැති ජාතියක්.. පන් වෙනුවට දුනුකේ වලට තමා තැන තිබුනේ... සමහරුනං පදම් කර ගත්ත වැටකේ කොලවලිනුත් පොඩි පොඩි වට්ටි පෙට්ටි විවුවා... අපේනං වත්ත පහල හොද දුනකේ ගස් කිහිපයක් තිබුන වලක් තිබුනා... ඒකෙම පැත්තක කොහිල එහෙම වැවිලා තිබුනා... දුනුකේ කොල කපලා... හරනෙල් කට්ටෙන් ඒකේ මැදයි දෙපැත්තෙයි තියෙන කටු දාර ඇරලා... පදං කරලා ගන්න ඕන... පස්සෙන් පහු ඔය දුනකේ වල වැහිලා ගියා උනත් අපේ අම්මා ඕවා වෙයි කියලා වේලපහින් හිතලා කල්පනා කරලා අපේ වත්ත මායිමේ උණ පඳුරකුයි දුනුකේ ගහකුයි හිටෝලා යන්තං ඒවා හදා ගත්තා.. තාමත් උන්දෑ නිකං ඉන්න ගමන් ඕවෑයින් වට්ටි පෙට්ටි පැදුරු එහෙම වියනවද කොහේද... තාත්තා දැනං හිටිය සිල්ප සාස්තර හැම එකම වගේ ඉගෙන ගත්තත් අම්මා දැනං ඉන්න සාත්තර මට ඉගෙන ගන්න උනේ නැහැ... ඔය පැදුරු විවිල්ලයි... වූල් ගෙතිල්ලයි.. රේන්ද ගෙතිල්ලයි වගේ එහෙම මග ඇරුන වැඩ කිහිපයක්ම තියේ...
ReplyDeleteපැදුරු වියන මැෂිමක් හදන එකනං කරන්න ලේසි වෙන එකක් නැහැ... ඕවෑ මෝවිටි දැමිලි... පන් ගස් සම්බන්ධ කෙරිලි එහෙම ලේසි වැඩ නෙවෙයි... අර ඉටි පැදුරුනං ඒ හැටි කේස් නැහැ.. වාටි පුච්චලා... නැත්තං වෙනම රෙදි දාරෙකින් කවර් කරලනේ හදන්නේ..
දිය බලු මස් ප්‍රසිද්ධ මංතර සාත්තර අතේ වැඩ කරන අයට ගිල්ලවන්න... සාමාන්‍යෙයන් දිය බලු මස් කාපු කටකින් කියන මංතර සාත්තර පිහිටන්නේ නැහැ කියලා තමා කතාවට කියන්නේ.. ඔය හින්දා ඉස්සර ගංවල හිටිය ඇදුරො එක්ක තරහා උදවිය වෙන වෙන දේවල් වලට මුහු කොරලා හරි දිය බලු මස් කැව්වෙව්වා කියලා කතා තියෙනවා... ඕවා දිග වැඩියි මෙතන ලියන්න.. අනික මිත්‍යා කථා කියනවා කියලා නිකං අහගන්න වෙනවා.. :D
වැටකේ දුනුකේ පැදුරු වල නිදාගන්න බැහැ බං. කොච්චර කල් ගියත් පදම් වෙන්නෙ නෑ නේද?
Deleteඅපරාදෙ ඒ ටිකත් ඉගන ගත්ත නං උඹට ඒ ගැනත් ලියන්න තිබ්බ. කොහොමද මැහුමක් ගෙතුමක් කරල මේකෙ ඉන්න කම්මැලි කෙල්ලන්ට පේන්න දැම්මනං :-)
පැදුරු විවිල්ලෙ ජොයින්ට් වල අමාරුව නිසාම තමයි මැෂින් නැත්තෙ මගේ හිතේ.
දියබලු මස් කනව කියල යාන්තමට අහල තිබුනත් ඔය කතාව නං අහල නෑ.
දිය බල්ලා තාමත් ඉන්නවා කියලායි මම හිතාගෙන හිටියේ.
ReplyDeleteඋන් කෑමට ගන්නවා කියලා ඇහුවෙත් අදමයි. එතකොට ලංකාවේ මසට නොකන සතෙක් ඇත්තේම නැද්ද?
පං පැදුරු කෙසේ වෙතත් පං තොප්පි හා පං කෑම පිඟන් නම් මගෙත් සදාකල් පේවරීට්. පං පැදුරුත් බේච් එකේ නයිටක් ඩේ අවුට් එකකට කදිමට භාවිතා වෙනවා තාමත් ඉඳලා හිටලා. මේ රටවල් වල නම් තාමත් පං නිශ්පාදන තියෙනවා. සමහරවිට ලංකාවෙත් කාලයක් ගිහින් ආයේ ඕක එයි.
මේ ලඟකදී හම්බන්තොට පලාතේ ගම්මාන කීපයකට යන්ට ලැබුනා ප්‍රොජෙක්ට් වැඩකට. ඒ ගියවෙලාවෙ ඉතාම දුෂ්කරව පන් කර්මාන්තයෙන් ජීවත් වෙන මිනිස්සු හම්බ උනා. ඇත්තටම ඒ අයගේ ප්‍රශ්ණය රාජ් කියන්නා වගේ පන් වඳවී යාමත්, පන් ආශ්‍රිත භාණඩ වලට ඇති අඩු ඉල්ලුමත්ය. ඒ අය කර්මාන්තය රැක ගන්ට කරන කැපවීම හරිම වටිනවා. ඒ අය රැක ගන්ට දැනට කරනවාට වඩා (ශිල්ප සභාව/කුඩා කර්මාන්ත දෙ.) යමක් කරන්ට පුළුවන්...
ReplyDeleteපරණ මතක ගොඩක් ගෙන ආවා, අද පන් පැදුරක් දකින්නවත් නෑ නේ
ReplyDeleteඅපේ ආච්චී (අම්මාගේ අම්මා) පේෂකර්ම ගුරුවරියක්. සේවය කලේ ඒ විෂය ඉගැන්වූ පාසල්වල. ඇය පැදුරු රටා මවන්නත් හරිම දක්‍ෂයි.
ReplyDeleteඇය පැන්ෂන් ගත් පසු තමන් දන්නා සියළුම රටා දමා ගල්ලැහැ පැදුරක් වියුවා. ගල්ලැහැ පන් ඉතා කුඩායි. මේකට මාස ගණනාවක් ගියා.
පැදුරු නැතිවීම සමගම ඒ දේශීය රටාත් නැතිවී යනවා. අන්නාසි මල, නාරිලතා යනාදී විවිධ රටා තිබුණා මතකයි.
රාජ්......මටත් හංවැල්ල මතක් වුනා...අපිත් ආච්චිලා එක්ක ගිහින් පන් උගුල්ලනවා. ඕවා වේලනවා. ආච්චිලා බංකු කොට උඩ වාඩිවෙලා කකුලට තද කරන් පැදුරු, වට්ටි, හැඹිලි වියනවා...කුකුල් සායම් කියලා ජාතියක් තමයි පන් පාට කරන්න ගත්තේ.
ReplyDeleteඅපිට සමහර වෙලාවට කියනවා වවන්නේ නැති වෙල්වල පං ගලවන්න යන්න එපා කියලා. ඒ වගේ දුම්මල වලවල් තියෙනවා කියලා. ඇයි දන්නේ නැහැ දුම්මල වලවල් කිව්වේ..ඉස්සර දුම්මල ගන්න හාරපු වලවල් කියලත් කියනවා. මොනවා උනත් ඕවා හෙන ගැඹුරුයුලු. මඩ වලින් වැහිලාලු තියෙන්නේ. මිනිස්සු එරිලා එහෙමම යට ගිහින් තියෙනවාලු....ඔය ආච්චිලාගේ කතා...
මම හෙන බයයි දිය බල්ලන්ට. අර මාරයා කිව්වා වගේ දිය බලු මස් මන්තර, තොවිල් වැඩවලට තමයි ගන්නේ කියලා මම අහලා තියෙනවා...
පං පැදුරක නිදා ගත්තා වගේ දැණුනා.
ස්තුතියි රාජ්, අතීතෙ ආයෙත් මතක් කලාට
ReplyDeleteගොම මැටි ගාපු බිම පන් පැදුර එලං නිදාගත්ත කාලයක් තිබුනා..
මේක කියවද්දි ඒ අතීතෙට ආයෙත් ගියා.
විශේෂයෙන්ම අර කොල්ලො තුන් දෙනක් මැටි වලින් වෙහර හදපු කථාව අපිත් ඕක කලා.
ගඟට බරවෙලා තියෙන පොල් ගහකට නැගල එකෙක් කුරුම්බා කඩනවා කුරුම්බා ගෙඩිය වතුරට වැටෙන කොට වෙන තැනකින් තව එකෙක් වතුරට පනිනවා (සද්දෙන් කාටවත් මාට්ටු නොවෙන්න).
ඒ කාලෙ අපි නාල සෙල්ලම් කරපු ගඟේ දැන් බල්ලෙක් වත් නාන්නෙ නෑ..
--
පන් කොල නැති කාලවලදි පොල් කොල වලිනුත් පැදුරු වියනවා. හැබැයි ඒවා පන් පැදුරු තරම් කල් පැවැත්මක් නෑ,
දැං ඉතිං තියෙන්නෙ ඉටිකොල පැදුරුනේ..
අපූරුයි මල්ලි....අතීත මතක සටහන් හරිම අපූරුයි....රට පුරාම ඔය හැම තැනකම වගෙ හිටියට මමත් ස්වාභාවික පරිසරයක දිය බල්ලො දැකලම නෑ. ඔය උඹ කියන්නෙ කොයි පළාත ගැනද?
ReplyDeleteඅරූගෙන් කියවන ආකාරයේ ලස්සන ගමක සුන්දර අතිතයක්.....මමත් අපේ ගමේ ඔයට ගිහිල්ලා තාත්තා යටතෙ පීනන්න ඉගෙන ගත්ත එකෙක්...හොදට පීනන්න පුලුවන් උනාම කොල්ලො රංචුව එක්ක මමත් ඔය විදියට පාලමේ ඉදන් ගගට පැන්නා...යට ගිහින් වැලි ගෙනාවා...ඔට්ටු තිබ්බා...පැය තුනක් විතර ඇස් ගෙඩි ගොරක මද වගේ රතු වෙනකං නෑවා...කොච්චර සුන්දරද....අපේ පැත්තෙ කෙලියොත් දිය රෙද්ද ඇදගෙන නාන්න ආවෙ ඔයට...වයසක අය රෙදි හේදුවා....විශ්වාස කරන්න මේ ටික කාලයට වෙච්ච වෙනස...අද හැමෝම වතුර මලට ඔළුව අල්ලනවා...ඔය ඉස්සර වගේම ගලනවා...ඒත් මිනිසුන්ගෙ ඇසුරෙන් දුරස් වෙලා...අද කිසිම කෙනෙක් නාන්න යන්නෙ නෑ.....
ReplyDeleteඅපේ පැත්තෙ පැදුරු විව්වේම පොල් කොල වලින්..පන් තිබුනත් එව්වා පාවිච්චි කලේ නෑ..අද නම් ආශාවකටවත් දිය බල්ලො නෑ වගේ..වඳ වෙලා ගිහින්ද මන්දා ?
ReplyDeleteඔය දිය බල්ලා නම් මම දැකලම නැද්ද කොහෙද... අපේ ගේ ලඟත් ඔය වගේම ඇලක් තිබ්බා. ඕකේ ඉවුරු පළල එක තැනක් නම් කරලා තිබ්බේ අඟුරු වල කියලා. අඟුරු කෑල්ල කොහොම ආවද දන්නෙ නෑ.. කොහොම හරි ඔතන තමයි නාන්න සෙට් වෙන්නේ. වතුර අඩු කාලෙටත් යන්තම් බැහැලා නාගන්න ඔතන වතුර තියනවා. ඒ වගේම වතුර අඩු උණහම මාලු ඉතුරුවෙන්නෙත් ඕකෙ, රෙද්දක් දෙපැත්තෙන් අල්ලගෙන එක පැත්තක ඉඳන් අනිත් පැත්තට ඇදගෙන ගිහින් අපි මාලුත් ඇල්ලුවා.
ReplyDeleteපන් ගැන නම් වැඩිය දැනුමක් නෑ. හැබැයි නාරම්මල ඉන්නකොට මම හිටිය ගෙදර තල් කොල වලින් පොඩි පෙට්ටි හැදුවා. ඒ ගෙදර වහලෙත් හෙවිල්ලලා තිබ්බේ තල් කොල වලින්. එහෙදි නිදාගත්තේ කොහු මෙට්ට්යක් උඩින් පන් පැදුරක් දාලා...
මේ ඇලට කියන්නෙ "ඉරිගේසං ඇල" කියල. මෙතන 'ස'යන්න ශබ්ධ වෙන්නෙ 'සමනලයා' සයන්න මිසක් 'සර්' සයන්න නෙවේ.
ReplyDeleteස යන්න හරි අපූරුවට විග්‍රහ කොරල තියෙනව.... :D