උෟව මැතිවරණයෙන් වඩාත්ම ඌවවුනේ ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයටය. බස්නාහිරදී දකුණේදී මෙන්ම වයඹදී ඔවුන් සිටියේ තෙවැනි ස්ථානයේය. නමුත් උෟවේදී ප්‍රපයේ ඡන්ද සංඛ්‍යාව විටෙක ජානිපෙ ඡන්ද සංඛ්‍යාවටත් වඩා පහලට බැස තිබුනි. අප කලින්ද සඳහන් කල පරිදි ෆොන්සේකා මහතාට තිබූ අභියෝගය තමාගේ ජනප්‍රියත්වය අඩුවීමට පෙර පක්ෂය ශක්තිමත් කරගැනීමත් විශ්වාසදායක පුද්ගලයින් ජනතා නියෝජිතයන් බවට පත්කිරීමත්ය. නමුත් මේ වනවිට සිදුව ඇත්තේ පක්ෂ නායකයාගේ ජනප්‍රියතාවය හීන වීමත් සමඟ පක්ෂයද ජනතාවගෙන් විසි වීමය.
කෙසේ වුවත් තම පිරිහීම වටහාගැනීමට අපොහොසත් ෆොන්සේකා මහතා මේ වනවිට සිදුකරන්නේ අවලාද නැඟීමයි. ඡන්ද රාජකාරි කල රාජ්‍ය සේවකයන් තේරීම රජයෙන් සිදුකරන බව ප්‍රකාශ කල ඔහු වක්‍රව කියා සිටියේ තම පක්ෂයේ පසුබෑමට එය හේතුවක් වූ බවයි. ජනාධිපතිවරණයේදී 'කොම්පියුටර් ජිල්මාට්' මත පරාජය වසාගතහැකි වූයේ එවකට තිබූ තත්වයත්, ෆොන්සේකාගේ පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නය ඡන්දය පැවති දිනයේම මතුවීමත්, මැතිවරණ කොමසාරිස් වරයාගේ ආතති කතා ආදී කරුණු ගණනාවක් තිබීම හේතුවෙනි. නමුත් මෙවර ෆොන්සේකා මහතා තෝරාගෙන ඇත්තේ කවුරුත් දන්නා පරණ තුරුම්පුවකි. මෙය ඔහුගේ දේශපාලන පරිනතභාවය පෙන්වන ස්ථානයකි.
සාමාන්‍යයෙන් ලංකාවේ ඡන්දය ආරම්භ වන්නේ හැමදාමත් ආණ්ඩුවට වාසිදායක පසුබිමකය. ජනාධිපතිවරණයක් බොහෝ විට ජනාධිපතිවරයා/අගමැතිවරයා සමඟ තරගයකි. පළාත් සභා/පළාත් පාලන මැතිවරණ පවතින්නේ ආණ්ඩුවක් යටතේය. මහ මැතිවරණ පවතින්නේ කුමන හෝ පක්ෂයක ජනාධිපතිවරයා යටතේය. කෙසේ වුවත් ඡන්දය පැවැත්වීම සහ ගණන් කිරීමේ අවස්ථාවන් සැලකූ විට එය අපක්ෂපාතීව සිදුවන බැව්, වසර කිහිපයක් මැතිවරණ රාජකාරි කල අයෙකු ලෙස මේ බ්ලොග් කරුවාට කිව හැකිය. ඊට හේතුව රාජ්‍ය සේවකයන් අපක්ෂපාතී හොඳ මිනිසුන් වීම නිසා නොව වංචා දූෂණ අවම වන ආකාරයේ ක්‍රම වේදයක් සකස් කර තිබූම හේතුවෙනි. ඕනෑම දේශපාලන සංවිධානයක් පිටියට පැමිණිය යුත්තේ මේ තත්වය දැන, ඊට සූදානමින්ය. පරාජය වූවාට පසු කොහේවත් ඇති හේතුවකට බඅන අඬගැසීම අපට සිහිවන්නේ නටන්න බැරි මිනිහා පොලවේ ඇද සෙවීමේ කතාවයි.
වැඩිදුරටත් සඳහන් කලහොත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මේ වනවිට ඇත්තේ අනතුරුදායක අඩියකය. ජනප්‍රියත්වය සීග්‍රයෙන් පහලට වැටෙමින් පවතින ඔහුගේ සහ පක්ෂයේ සදාකාලික නින්ද නැවැත්වීම අතිශයින් අපහසුය. මෙහි ප්‍රතිපලයක් ලෙස පළාත් සභා කිහිපයක සිටින ජනතා නියෝජිතයන් ප්‍රධාන පක්ෂ වැලඳගැනීම හෝ විමල් වීරවංශගේ ජානිපෙ පන්නයට ෆොන්සේකා, පක්ෂයත් නියෝජිතයන් සමඟ එජාපය වැලඳගැනීම නුදුරේදී සිදුවිය හැක්කකි. එතෙක් කට පරෙස්සම් කරගැනීම වැදගත් බැව් ෆොන්සේකා මහතා වටහාගත යුතුය.
Pages
▼
අපොයි ඔය හාදයගේ කට දැං ටිකක් හොදයි.. නැත්නං කුජීතයි. දේශපාලනයට පොන්සේකා කිසිසෙත් සුදුසු නැත. එසේ කරන්නේ නම් ඔහුගේ බ්රේන් එක ගලේ දමා අතුල්ලා ගලා යන ජලයෙන් සෝදා සුද්ද පවිත්‍ර කළ යුතුය. ඒත් සංකූලතා පරික්ෂාවක්ද කළ යුතුය.
ReplyDeleteවැටුණු ඇතා පිට ගෙම්බොත් නැග්ගලු.. ලේසියෙන් අපහාස කරන්න පුළුවන් මනුස්සයානෙ ගහමු
Delete@ දේශා.....+++++++++++++++++++++++++++++++++++++
Delete@AnonymousSeptember 23, 2014 at 11:27 AM.......
Deleteනැහැ මචෝ....................................
නෑ මචෝ මම ඕක කලිනුත් කිව්වා. සෑමාගේ බ්ලොග් එකේ අවුරුදදකට විතර කලින්
Delete//අපොයි ඔය හාදයගේ කට දැං ටිකක් හොදයි.. නැත්නං කුජීතයි. දේශපාලනයට පොන්සේකා කිසිසෙත් සුදුසු නැත.//
Deleteඇත්ත.
ඒත් අනිත් අයත් චන්ද ලබාගැනීමට හැකියාව තිබුනත් දේශ "පාලනයට" සුදුසුද?
මේකට කියන්නේ දේශ පාලනය කියලද බං.. මඩ ගොහොරුවේ ගොං පයිට් කියල නේ.. ඒකට පොන්සේකා සුදුසු නෑ. අනික මිනිහට පරාජය වියරුවක්. ජනාධිපති වරණයෙදි වගේම මේකේදිත් ඒක දැක්ක නේද?
Deleteප්‍රා,
Delete//දේශපාලනයට පොන්සේකා කිසිසෙත් සුදුසු නැත.//
"ලංකාවේ" කියල මුලට දැම්ම නං හරි!
ෆොන්සේකා මහත්තයාගෙ කතාව කෙලින් වැඩියි.....
ReplyDeleteඑතුමාට තදවෙනව වැඩියි මං හිතන්නෙ.
Delete. එලිපිට දකින්නෙ කවුරුත් ලියාල රඟදක්වන නාට්‍යය කියල හුදීජනයා කොහොම දකින්නද ? ලොක්කට ඕනෙ හූඇන්පියට තනියෙං ගහන්න පුළුවන් කියන මිථ්‍යාව පිළිගන්නන්න. ඒකට නං ජනරාලයි ජෙප්පොයි වට්ට්ටන්න ඕනෙ. ජෙප්පො මෙහෙදි ගත්ත හොඳටම මදි තිබ්බ සහයෝගෙ හැටියට. අනිත් චන්දත් එක්ක ගත්තම ජනරාලත් මීට වඩා ගන්න තිබ්බා. මේක නියමයි කියලා එතකොට රනා තනියෙං යයි.ජෙප්පොයි ජනරාලයි නිකං ඉඳියි හාමුදුරුවොත් චන්ද කඩයි මහත්තයා උඩිං දිනුම්.. දැං ඒක හරිනෙ.. ඔක්කොම දැන උගත්තු ඔය අදින්නෙ යසට ලණුව
ReplyDeleteතරමක් දුරට සත්යයි.මොකද තිබුන මැර බලයෙන්80% විතර යොමු වෙලා තිබුනෙ,ජේවීපිය දිහාට.ඒත් ඉතිං මහින්දට සොහොන් ලකුනු පෙන්නපු චන්දයක්.
Deleteකොහොම උනත් මේ වෙද්දි තනි ගේමකට තමයි කවුරු කවුරුත් ලැහැස්ති. කණගාටුව ප්‍රකාශ කරනව හැර යමක් අපිට ඉතිරි වෙලා නෑ.
Delete'කෙසේ වුවත් ඡන්දය පැවැත්වීම සහ ගණන් කිරීමේ අවස්ථාවන් සැලකූ විට එය අපක්ෂපාතීව සිදුවන බැව්, වසර කිහිපයක් මැතිවරණ රාජකාරි කල අයෙකු ලෙස මේ බ්ලොග් කරුවාට කිව හැකිය'
ReplyDeleteමගේ පියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරයෙක්. ඇමතිවරයෙක්ගේ සම්බන්ධීකරණ ලේකම් කෙනෙක්. ඒත් ප්‍රතිපත්තිමය හේතුමත මම නං ජන්දය දෙන්නේ වෙන පක්ෂයකට, එහෙම කරා කියලා මගේ තාත්තා කවදාවත් මට කියලා නෑ ඒ පැත්තට ජන්දය දෙන්න කියලා. ජන්දය ඉවර උනාම පස්සේ නං අහනවා කාටද ජන්දය දුන්නේ කියලා, මම ඉතිං ඇත්තම කියනවා. ඒ වගේම රජයෙන් ඔහුට ලැබිලා තිබෙන වාහනත් කිසිම දෙයක් ඔහු ගෙදර ගෙනත් තියාගන්නෙත් නෑ, අනිකුත් වාසි ලබාගන්නත් නෑ.
හැබැයි තාත්තාගේ මිතුරන් එහෙම කථාවෙනවා මට ඇහිලා තිබෙනවා ඔවුන් හොර ජන්ද දැමු අයුරු ගැන කතා වෙනවා. ජන්ද පොලේ සේවය කරනා රජයේ සේවකයන් බොහෝ විට සන්ධාන රජයට පක්ෂපාති නේ. තැපැල් ජන්ද ප්‍රතිපල බැලුවම,සන්ධානයට වැඩි නිසා ඒක පේනවනේ. ඒ කියන්නේ ජන්ද වැඩ රාජකාරි කරනා බහුතර නිලධාරීන් පිරිසක් සන්ධාන ආණ්ඩුවට පක්ෂයි.ඒ උදවිය එතකොට වැඩකරන්නේ තමුන් කැමති සන්ධානය දිනවන්නයි. මට අදඋදේ දැනගන්න ලැබුනා ජන්ද පොලේ වැඩකෙරු එක් නිලධාරියෙක් එක්සත් ජාතික පාක්ෂිකයන් 20 කට ආසන්න සංඛ්‍යාවකගේ ජන්ද සන්ධානයට ලකුණු කෙරු බව. ඔහු කර ඇත්තේ වයසක,ඇස් නොපෙනෙන සහ නිසි අයුරින් ජන්දය දැමීමට අපහසුතා ඇති අයට උදව් කරනවා මෙන් සිට ඔවුන්ගේ ජන්ද සන්ධානයට ලකුණු කිරීමයි. ඒ අතුරින් 20 කට ආසන්න පිරිසක් ගමේ සිටිනා එක්සත් ජාතික පාක්ෂිකයන් බවයි ඔහුම පැවසුවේ.
ඕක එක් කාරණයක්. අනික තමයි පසුගිය වතාවක ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවා ජන්දය ගනිනා විට ඇය ඉහලම මනාප ලබා පාර්ලිමේන්තුවට තේරී සිටිය බව. ඉන්පසු ඇය වෙහෙස මහන්සි නිසා නිවසට ගොස් මදවෙලාවකට පසු නැවත ජන්දය ගනිනා ස්ථනයට පැමිණි විට ඇය පරාජය වී තිබුණු බව. පළමු වතාවේ ජන්දය ගැන අවසන්ව සිටිනා විට ජන්දය දිනා සිටි ඇය,නැවත බලද්දී පැරදුනේ කෙසේද? මේ ගැන ඇය විවිද ස්ථාන වලදී කතා කාලා. නමුත් ඉහළින් එල්ලවුණා බලපෑම නිසා හෝ ඇය ඒ ගැන පසුව කතා කලේ නෑ.
මේ වගේ දෙයක් සුසන්තිකා ජයසිංහටත් සිදුඋනා. ජන්දය ගැන අවසන්වන විට ඇය හිටියේ තෙවැනි තැන. (හිටපු) ඇමතිවරයෙක් සිටියේ 8 වැනි තැන. ඇයත් පසුව බලද්දී ඇය 8 වෙනි තැනට ගිහිං,8 වෙනි තැන හිටපු ඇමතිවරයා 3 වෙනි තැනට ගිහිං.
එතකොට ජන්දය සාධාරණයි කියලා කියන්න පුලුවන්ද?
ඡන්ද වල සාධාරණත්වය ගැන මම කිව්ව දේ වෙනස් වෙන්න පුළුවන් එක අවස්ථාවක් ඔබ කියල තියනව. ඒ තමයි අනුන්ගේ ඡන්දයක් තවත් කෙනෙකු පාවිච්චි කිරීම. ඒක නවත්වන්න නිලධාරීන් විදියට අපිට අමාරුයි. උදාහරණයක් විදියට කෙනෙකුගේ හැඳුනුම්පත රැගෙන පැමිණෙන ඔහුගේ සහෝදරයෙකු හඳුනා ගැනීම අපට කරන්න පුළුවන් දෙයක් නෙවේ. ඒක කරන්න පුළුවන් පක්ෂ නියෝජිතයන්ට පමණයි. එයාලගෙ විරෝධයක් ආවොත් පමණක් ඒ ගැන පරීක්ෂණයක් කරන්න ඡන්දපොල ස්ථානාධිපතිට පුළුවන්. කොහොම උනත් මෙවැනි ඡන්ද ප්‍රමාණය සමස්ථයට ලොකු බලපෑමක් කරයි කියල හිතන්න බෑ.
Delete//ජන්ද පොලේ සේවය කරනා රජයේ සේවකයන් බොහෝ විට සන්ධාන රජයට පක්ෂපාති නේ. තැපැල් ජන්ද ප්‍රතිපල බැලුවම,සන්ධානයට වැඩි නිසා ඒක පේනවනේ. ඒ කියන්නේ ජන්ද වැඩ රාජකාරි කරනා බහුතර නිලධාරීන් පිරිසක් සන්ධාන ආණ්ඩුවට පක්ෂයි//
මෙවර බදුල්ලේ තැපැල් ඡන්ද මෙහෙමයි.
සන්ධානය-8810
එජාපය-7274
ජවිපෙ-2087
ප්‍රප-517
(විපක්ෂය වැඩියි)
මොනරාගල
සන්-5632
එ-2800
ජ-1001
ප්‍ර-395
(සාමාන්‍ය ඡන්ද ප්‍රතිශතයමයි, විපක්ෂයට ටිකක් බරයි)
ඒ නිසා ඒ තර්කය මට අනුව එච්චර වලංගු නෑ.
අන්තිමට මනාප සෙල්ලම. ඕකත් ටිකක් විවාදාත්මක එකක්. ඔය චෝදනා කරන අපේක්ෂකයන් තමන්ගෙ නියෝජිතයන් ගණන් කරන ස්ථාන වලට එවනව නෙව. එයාලට මනාප ගණන දැනගන්න පුළුවන්. උදාහරණයක් විදියට හම්බන්තොට ගණන් කරන තැන ගණන් කිරීමේ කාමර 10ක් තියනව නම් කෙනෙකුට කරන්න තියෙන්නෙ 10 දෙනෙක් යෙදවීම විතරයි.
මම දකින විදියට ඔය අවුල තියෙන්නෙ එක එක අපේක්ෂකයාට එක එක ප්‍රදේශ වලින් ලැබෙන මනාප වල වෙනස නිසා. මම කියන්නං උදාහරණයක්.
එක ඡන්දයක එක මන්ත්‍රී කෙනෙක් පිස්සු නැටුව මනාප හොරකම් කරල කියල. එයාගෙ චෝදනාවට මූලිකම හේතුව එයාගෙ ගෝලයෙකුගෙ කතාවක්, එයාට වාසිදායක කාමරයක තිබුන ප්‍රතිපලය එයා ආදේශ කලා මුළු මධ්‍යස්ථානයටම. ඔයවගේ දේවල් තමයි වෙන්නෙ. ඒත් ඡන්ද සම්බන්ධව නෙවේ මනාප සම්බන්ධව
@Anonymousමට අදඋදේ දැනගන්න ලැබුනා ජන්ද පොලේ වැඩකෙරු එක් නිලධාරියෙක් එක්සත් ජාතික පාක්ෂිකයන් 20 කට ආසන්න සංඛ්‍යාවකගේ ජන්ද සන්ධානයට ලකුණු කෙරු බව.
Delete-------------------
ඔබේ අදහස මා පිළිගන්නේ නැහැ.චන්ද පොලක් භාරව පත් කරන්නේ ජ්‍යෙෂ්ට රාජ්‍ය නිලධාරියෙක්. මා මගේ මැතිවරණ රාජකාරි කටයුතු ආරම්භ කලේම ජ්‍යෙෂ්ට චන්ද ස්ථානාධිපති වරයෙක් හැටියටයි. අඩු තරමේ විවිධ මැතිවරණ 18 කට පමණ සම්බන්ධවී සිටියා.අබල දුබල අයට චන්දය ලකුණු කිරීමට උදව් කිරීමට නීතියෙන් බලය ලැබී ඇත්තේ ජ්‍යෙෂ්ට චන්ද ස්ථානාධිපති වරයාට පමණයි. ඒ බලය අන් සතු කරන්න බැහැ. චන්ද දායකයාගේ කැමැත්ත මත ඔහු විසින් ලකුණු කල චන්ද පත්‍රිකාව නැවතත් චන්ද දායකයාට දී ඔහු ලවා එය චන්ද පෙට්ටියට දැමිය යුතුයි . මගේ අත්දැකීම අනුව බොහෝ චන්ද දායකයෝ ජ්‍යෙෂ්ට චන්ද ස්ථානාධිපති වරයා තම මනාපය ඒ අන්දමින්ම ඉටු කලාද කියල තහවුරු කරගන්න විවිධ උපාය මාර්ග ගන්නවා. එබැවින් මෙතැනදී වැරද්දක් කරන්න බැහැ.
අනෙක් කාරණය චන්ද පොලේ සියලු කටයුතු, නිලධාරින්, දේපල,දැමු සහ නොදැමූ චන්ද පත්‍රිකා ආදී සියල්ලේම වගකීම තියෙන්නෙ ජ්‍යෙෂ්ට චන්ද ස්ථානාධිපතිට පමණයි.හොර චන්දයක් නිසා තම රාජකාරි දිවිය කැප කිරීමට ඔහු කැමති වන්නේ නැහැ.
# Wmk Samarasekara
Deleteඔබ මා කිවූ කාරණය පිළිගනිම හෝ නොගැනීම මට අයිති දෙයක් නොවෙයි. හබැයි මට දැනගන්න ලැබුන විදියට ඔය හොර ජන්ද 20 ක් ලකුණු කෙරු නිලධරියා අදාල ජන්ද පොලේ දෙවනියා ලෙසයි සිටියේ. එම ජන්ද පොලේ කටයුතු කෙරු පළමු වැනි නිලධාරියාත් සන්ධාන පාක්ෂිකයෙක්ම තමයි.
මම ඕනා තරම් දන්නවා මේ විදියට ජන්ද පොලේ වැඩකෙරු නිලධාරීන් තමුන්ට වාසිවන අන්දමට ඇතැම් ජනයාගේ ජන්දය ප්‍රකාශ කරනා අන්දම ගැන.
@AnonymousSeptember 24, 2014 at 9:51 AM
Delete//හබැයි මට දැනගන්න ලැබුන විදියට ඔය හොර ජන්ද 20 ක් ලකුණු කෙරු නිලධරියා අදාල ජන්ද පොලේ දෙවනියා ලෙසයි සිටියේ. //
ඡන්ද පොළක දෙවනියෙක් නැහැ. ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති (SPO) තමයි ප්‍රධානියා. ඔහුගෙ සහායට දෙවන මටිටමේ කණිෂ්ඨ න්ද ස්ථානාධිපතිවරු (JPO) කිහිපදෙනෙක් ඉන්නවා. ඊට අමතරව ලිපිකරු/ලිපිකාරිණියන් හා සහායකයෙක් ඉන්නවා.
සමරසේකර කිව්වා වගේ ශාරීරිකව අබල දුබල හෝ පෙනීමේ දුර්වලතාවයක් තියෙන අයෙකුගේ ඉල්ලීම මත ඔහුගේ/ඇයටග් ඡන්දය ලකුණු කිරීමේ බලය ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයා සතුයි. සමහර අවස්ථාවල ඔහු වෙනත් හදිසි කටයුත්තක යෙදී සිටී නම් ඒ වගකීම JPO කෙනෙකුට පවරන අවස්ථාත් තියනවා. SPO/JPO අදාළ පරිදි ඡන්දය ලකුණු කරලා ඡන්දදායකයාට පෙන්වා ඔහුගේ අනුමැතියෙන් පස්සෙ තමයි ඒ ඡන්ද පත්‍රිකාව පෙට්ටියට දාන්නෙ. හැබැයි මේ සියල්ල සිද්ධ වෙන්නෙ ඡන්දපොළ නියෝජිතයන් බලා සිටියදී. තව ස්වා-දීන නිරීක්ෂකයොත් ඉන්නවා.
ඔය කියන දෙවනියා යූඑන්පී ඡන්ද 20ක් සන්ධානෙට දානකම් එතන හිටිය නියෝජිතයොයි නිරීක්ෂකයොයි බකං නිලාගෙනද හිටියෙ?
ඔය ඡන්ද දූෂණයක් උනා කියලා පණ පිහිටවලා කතාවක් ගොතන්න උත්සහ දරන ඇනෝනිමස්වරයා චන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක කටයුතුවලට සම්බන්ධ වෙලා නැති බව වසර ගණනාවක සිට එකී කටයුතුවලට සක්‍රීයව දායක වෙන රජයේ නිලධාරියෙක් හැටියට මට කියන්න පුළුවන්කම තිබෙනවා.
Deleteමම වඩාත්ම කැමතියි මගේ නිල තත්වය සමඟ මේ සටහන තියන්න පුළුවන් උනානම්. ඒත් රාජ් රජයේ සේවකයෙක් හැටියට එසේ අනන්‍යතාවය හෙලි දරවු කරමින්ම මේ සටහන තබන්නට නොහැකි මගේ තත්වය තේරුම් ගන්නවා ඇතැයි මම උදක්ම බලාපොරොත්තු වෙනවා.
පැහැදිලිවම කියන්න තියෙන්නේ පවතිනා ක්‍රමවේය යටතේ චන්ද දූෂණය කියන කාරණාව පහසු දෙයක් නෙවෙයි. එහෙම යම් තැනක දූෂණයක් වෙනවනම් එයට රජයේ පාර්ෂවයටත් වඩා විපක්ෂයේ වැරදි බලපානවා. උදාහරණයක් හැටියට ගතහොත්,
නිසියාකාරව ඡන්දපොල නියෝජිතයින් පත් නොකිරීම.
පත් කරන නියෝජිතයින්ට තමන්ගේ කාර්ය වපසරිය ගැන අවබෝධයක් ලබා නොදීම.
පත්වන නියෝජිතයින් අලස හා අකාර්යක්ෂම අයවළුන් වීම.
වැනි කාරණා. එහෙම නොවී නිසි පරිදි අවබෝධයක් ලබා දී එකී නියෝජිතයින් පත්කරවා ඇති තැන්වල කිසිම ආකාරයෙන් දූෂණයක් කරන්න විදියක් නැහැ.
විශේෂයෙන්ම කියන්න ඕන මම ඡන්දපොල නිලධාරියෙක් හැටියට කටයුතු කරන්නේ අසූව දශකයේ අග භාගයේ ඉඳන්. ඒ දවස්වල මැතිවරණ රාජකාරියේදී රජයේ නිලධාරීන් හැටියට අපට පත්වන්නට සිදු වූ අපහසුතාවයන් හා සසදා බලද්දී මේ වන විට බොහෝම සැහැල්ලුවෙන් රාජකාරිය කරන්න හැකියාවක් ලැබිලා තියෙනවා. පෞද්ගලික සුව පහසුව ගැනනං සෑහෙන්න ගැටළු තවමත් ඉතිරි වෙලා තියෙනවා උනත් කොන්ද කෙලින් තියාගෙන වැඩේ කරලා ගෙදර එන්න පුළුවන්කම තියෙනවා.
77 යූඑන්පීයට දුන් ඡන්දයෙන් පසුව ඇති වූ කලබලකාරී තත්වය මත හට ගත් කලකිරීම හේතුවෙන් මේ වන තෙක් කිසිදු මැතිවරණයකදී කිසිදු පාර්ශවයකට ඡන්දය ලබා දී නැති, එහෙත් සෑම මැතිවරණයකදීම තැපැල් ඡන්ද පත්‍රිකාව ලොකු කතිරයකින් පුරවා කවරයට ඇතුල් කරන්නට පුරුදු වූ අයකු බවත් සඳහන් නොකලොත් එය අඩුපාඩුවකි. ස්තූතියි රාජ් අදහස් දක්වන්නට ඉඩකඩ ලබා දීම සම්බන්ධව.
AnonymousSeptember 24, 2014 at 9:51 AM
Delete# Wmk Samarasekara
ඔබ මා කිවූ කාරණය පිළිගනිම හෝ නොගැනීම මට අයිති දෙයක් නොවෙයි.
------------------
ඔබට ඔවැනි කාරනයක් කියා ඇත්තේ චන්ද ගණන් කිරීමේ ශාලාවක සේවය කල පළපුරුදු නිධාරියෙකු නොව එහි ආවතේව කටයුතු කල සුළු සේවකයෙකු හෝ ආධුනිකයෙකු විය හැක. එවැන්නන් දන්නා දෙයක් හෝ කල දෙයක් නැත.එහෙත් තමන් සිතු දෙය හෝ බාගෙට දුටු දෙය සත්‍යයයි සිතති.චන්ද ගණන් කිරීමේ ක්‍රියාවලියක ඇති රහෂ්‍ය භාවය රැකිම ගැන දුන් දිවුරුම්දීම ගැන නොදැන ජනප්‍රිය වීමට බහුබූත කියති.
ආධුනිකයෙකුගේ චිත්ත ස්වභාවය මට තේරුම් ගත හැක. මාද ආධුනිකයෙකුව සිටියදී s.p.o. ලේබලය සති කිහිපයක්ම කාර් එකේ අලවා ගෙන ටවුමේ කර එක පදවාගෙන ගියා මට මතකය. එමෙන්ම 88 චන්දයේදී J.V.P. තර්ජන වලට බියේ කිසිදු හඳුනා ගැනීමේ සලකුණක් නොමැතිව කාර් එක පදවා ගෙන ගොස් පන බයේ ඉලෙක්ෂන් ඩියුටි කළා මතකය.
සමරසේකර
ඉහල Anonymous & සමරසේකර
Deleteමට කියන්න අමතක වුන තැනක් තමයි ඡන්ද මධ්‍යස්ථානයේ අබල දුබල අය වෙනුවෙන් ඡන්දය දැමීම. ඒක එස්පීඕ ගෙ වගකීමක් කියල සමරසේකර මහතා කියනව. හැබැයි මම හිටපු මධ්‍යස්ථාන වල නම් සිදුවුනේ ජේපීඕ දෙන්නෙක් සහභාගි වෙලා ඡන්දය දැමීමට උදව් කිරීම. මෙතනදි දෙන්නම එක පක්ෂයක ඉඳල කතාවෙලා ඡන්දය දාන්න පුළුවන්. නමුත් එහෙම කරයි කියල මම නං හිතන්නෙ නෑ. මේක බොහොම අවදානම් වැඩක්.(මම නං කරල නෑ මගේ දේශපාලනය මොකක් උනත්)
AnonymousSeptember 24, 2014 at 9:51 AM
නයිදෙ කියල තියන විදියට තමයි වැඩේ සිදුවෙන්නෙ. හැබැයි අපි නම් කලේ (මම ජේපීඕ කෙනෙක්) දෙන්නෙක් සහභාගිවෙලා ඡන්ද ලකුණු කිරීම.
AnonymousSeptember 24, 2014 at 11:49 AM
දීර්ඝ කමෙන්ටුවට ස්තුතියි. අනන්‍යතාවය අවශ්‍ය නෑ, ඔබේ කතාව ඇත්ත මගේ අත්දැකීම් අනුව.
මාත් විශ්වාස කරනව ඡන්දපොල නියෝජිතයන්ගෙ අඩුපාඩුවක් තියන බව. උදාහරණයක් විදියට ඔය මනාපෙ හොරකම ගැන අපේක්ෂකයන් කියනව. නමුත් මම නං දැකල/අහල නෑ කිසිම අපේක්ෂකයෙක් තමන්ගෙ නියෝජිතවරුන් මාර්ගයෙන් ඒ ඒ කාමර වල තමන්ට හිමි මනාප ගනන ටැලි කරනව කියල. ඒ වගේම අන්තිම වෙද්දි හැම නියෝජිතයටම එපා වෙලා ඉන්නෙ. ඒ නිසා ඔය කතන්දර නං ඔහේ කියන්නං වාලෙ කියන දේවල් විතරයි.
මමත් විවිධ ආකාරයේ මැතිවරණ ගණනාවක ජ්‍යෙෂ්ට ඡන්ද ස්ථානාධිපතිවරයෙක් හැටියට කටයුතු කරලා තියෙනවා.ඒ රාජකාරිවලදී ඡන්දය දාන්නට දන්නෙ නැති සහ ආබාධිත අයගේ ඡන්ද අනන්තවත් ලකුණු කර ඇති.ඒ හැමවිටම ඡන්දය ලකුණු කළේ මගේ කනිෂ්ට ඡන්ද ස්ථානාධිපතිවරයෙක් අඬගහගෙන ඔහුත් ඡන්දදායකයාත් ඉදිරියෙයි.ඔය විදියට ඡන්ද පත්‍රිකා 20 ක පමණ මනාපය තමන්ට අවශ්‍ය හැටියට කෙනෙකුට ලකුණු කරන්නට පුළුවන් කියල ඡන්දපොලක රාජකාරි දන්න කිසි කෙනෙක් විශ්වාස කරන්නෙ නෑ.
Deleteෆොන්සේකගෙ ජනප්‍රියත්වය අඩුවෙලා කියන එක ඌවෙ ප්‍රථිඵලය දිහා බලල කියන්න අමාරුයි. මොකද දකුණෙ, බස්නාහිර උනත් මිනිහ වැටිල වගේ පෙනුනට ඡන්දෙ ඉවරවෙනකොට තුන්වෙනි තැන.
ReplyDeleteඌවෙදි මම හිතන්නෙ ෆොන්සීකට එන්න තිබ්බ සිංහල ඡන්ද දෙකට බෙදිල ලොකු පක්ෂ දෙක ගත්ත. පාවෙන චන්ද සහ තරුණ සිංහල චන්ද ටිකක් ෆොන්සේකට වැටුන.
අනෙක් පැත්තෙන් ඌවෙ ගම්වල මිනිස්සුන්ට මහින්ද සහ නාගරික යූඑන්පී කාරයන්ට හරීන් අතර තිබ තරඟෙට එහා දෙයක් පෙනුනෙ නෑ. ඒ රැළ්ල නිසාම සෑහෙන පාවෙන චන්ද ප්‍රමාණයකුත් මිනිහගෙන් ගිලිහුනා. මොකද පාවෙන ඡන්දත් ගොඩක් අර දෙපිළෙ තරඟ සෙල්ලමට වැටුන මේ පාර.
කොහොම උනත් උඹ කියපු එකක් එක්ක එකඟයි. //මේ වනවිට සිදුව ඇත්තේ පක්ෂ නායකයාගේ ජනප්‍රියතාවය හීන වීමත් සමඟ පක්ෂයද ජනතාවගෙන් විසි වීමය.//
මේක ක්‍රම ක්‍රමයෙන් සිදුවෙමින් පවතිනව. ඊලඟ පාර බස්නාහිර චන්දෙට කලින් ලොක්කගෙ පන්දං කාරයො වැඩ පෙන්නල, ගම්වල මිනිස්සුන්ගෙන් ලකුණු දාගත්තෙ නැත්තං, පොඩි පෙරළිකාර ( ප්‍රගතිශීලී ) වැඩක් දෙකක් කරල මීඩියාවල නම් දාගත්තෙ නැත්තං, ඉස්සරහට ෆොනී උන්නැහෙට ආයි දෑත් ශක්තිමත් කරන්න යන්න වෙනව.
( අද ඔෆිස් ආව. මේව ගැන හිතන්න නිදහසක් තීන්නෙ ඔෆිස් එකේ ඉන්නකොට විතරයි. ගෙදර පොඩි උන් එක්ක දේශපාලනේ කල්පනා කොරන්න ඉඩ නෑ බං. කොටිම්ම හාමිනෙත් ගෙදර උන්නනං මට මං ගැනවත් කල්පනාවෙන්නෙ නෑ. මගේ මේල ලැබුන නේද?)
එහෙමත් වෙන්න පුළුවන්
Delete(මේල් එක ලැබුන, උඹේ වැඩේ කෙරුනනං මට සංතෝසයි)
ෆොන්සේකා මහත්තයට තමන්ගේම කියලා ජන්ද නැති එකත් ලොකු ප්‍රශ්නයක්.ගොඩක් වෙලාවට ප්‍ර.පට ලැබුනේ යු.එන්.පි කාරයින්ගේ ජන්ද.යුඑන්පි කාරයෝ අලියා ඉස්සරා කතිරේ ගහන කොට ප්‍ර.පක්ෂජන්ද අඩු වෙන එක පුදුමයක් නෙමේ.
ReplyDeleteඅනිත් අතට ෆොන්සේකා මහත්තයට පළාත් සභා මන්ත්‍රීලා කිහිප දෙනෙක්ම හිටියත් බස්නාහිර සුසිල් කිදෙල්පිටිය ඇරෙන්න වෙන කිසි කෙනක්ව ඔය ඌව ජන්දේදී පේන්න හිටියෙත් නැහැනේ.
ඔව්. සුසිල් ඇරුනම දන්න කියන කෙනෙක් හිටියෙ නෑ. මේව ප්‍රශ්න වගේ නොපෙනුනාට ප්‍රශ්න තමයි.
Deleteone of my wrong predictions........
ReplyDeleteනසරතයේ යේසුස්ගේ උපතට වසර 50ක් මෙපිටදී, එවකට රෝම හමුදාවේ ජනරාල්වරයෙක් පමණක් වූ, ජුලියස් සීසර් රෝමයේ රුබිකොන් නදියෙන් මෙපිට රෝම පුරවරයට තම හමුදා ලීගය මෙහෙයවීය. එය නැවත නොහැරෙන, ජයෙන් හෝ පරාජයෙන් ඉරණම විසදෙන, සොහොන් භූමියේ සටනක් වෙනුවෙන්ය. ජයග්‍රාහකයා, පරාජිතයාගේ මලමිණිය මතින් ඉතිහාසය ලිවීමට නියමිත විය.' රූබිකොනය ' හුදු ගංගාවක් නොවීය. බලයේ සීමා ඉරද ආපසු නිවැරදි කල නොහැකි ජීවීතයත් , මරණයත් අතර තීරණයක තිරස්චීනය ද විය.
දෙවසරකට ඉහතදී , ජනරාල් කියා ලෝභ නැතුව කිව හැකි සරත් ෆොන්සේකාද තම ජීවීතයේ රූබිකෝනය ඉදිරියේ සිට ගෙන සිටියේ ය. මෙදා රූබිකොනය ඒදා මෙන් ගලා ගිය වතුරක් නොව, දේශපාලනය මකියාවෙල්ලිගෙන් නොව ඔහුගේ අප්පච්චිගෙන් ප්‍රගුණ කල මහින්දය. තෝරා ගැනීමට නියමිතව තිබුනේ ජනපතිවරණය හෝ තටු කපා නිර්මිත ත්‍රිවිද හමුදා නායක කමය. ඔහු රූබිකොනය තරණය කලේය. ඔහු ඉල්ලූයේ ජනපතිවරණයයි. "The Die has been caste " එසේ කීවේ සීසර්ය.
රුවල් නැව සුළගින් විනා හබලෙන් පැදවිය නොහැක්කකි. දුර්වලයා සුළග නැතැයි මැසිවිලි නගන්නේය. ධනාත්මකවාදීයා සුළග එනතෙක් තම බලාපොරොත්තුව අත නොහරින්නේ ය.. එහෙත් යථාර්තවාදීයා සුළග හමන් දීශාවට තම රුවල සකසා ගන්නේ ය. එය උපයොගීතාවාදයයි. වාසනාවකට හෝ අවාසනාවකට ජනරාල් මේ කිසිවකු ගණයෙහි නොවැටෙන්නේ ය. ඔහු මුරණ්ඩුය. මුරණ්ඩුකම හා බැදුනු ස්ව අභිමාන පුද්ගල කේන්ද්‍රවාදය යුද්ධයෙදී ඔහුව ජයග්‍රාහකයෙක් කලේය. එහෙත් දේශපාලනයේදී නම් එය ඔහුට තිලිණ කලේද, තිලිණ කරමින් සිටින්නේ ද පරාජයයි...එසේ උවද ඉතිහාසය ලියවෙන්නේ උඩුගං බලා පිහිනන්ගෙන් මිස, සුලග එනු පිණිස රුවල සකසන උපයෝගිතාවාදින්ගෙන් නොවේය. 1994 දී පොතයි ගඩොලයි සුදු නෙළුමයි බවුතීස්ම කරන ලද , 2000 සිංහල අවුරුදු මාසයේ අලිමංකඩ නොනවතින රැල්ලේන් නිමවීමට තිබූ යුධ පරාදය , 2010 දී විජයග්‍රහනයෙන් කෙලවර වෙද්දී ලෙයින්, දහඩියෙන්, කදුලෙන් ප්‍රතිනිර්මානය උනේ මේ සත්‍යම නොවේද?..
ලංකාවේ කුණු ගද ගහන නන්නාත්තාර දේශපාලනයේ ගැලවුම්කාර මොසස්වරයා, සරත් ෆොන්සේකා ලෙස මේ ලියුමකරු කිසිවිටෙක අදහස් කරන්නේ නැත. නිල ඇදුම ලා ගෙන සිටිද්දීම , තම දියණිය බැලීමට යන මුවාවෙන් , ඇමරිකාවට ගොස්, ඇමෙරිකානු රාජ්‍ය දේපාර්තමේන්තුව් නිලධාරීන් සමග සාකච්චා කල දිනයේ සිටම මේ ලියුම්කරු ජනරාල්ගේ ගමන ඉව කලේය.මෙය සිදුවූයේ ජනරාල්වරයා තම ජීවිතය හා මරණය අතර රූබිකෝනය තරණය කිරීමටත් පෙරය. එහෙත් අනාගතය අවිනිශ්චිතය.
මහින්ද රාජපක්ශ යුගය ලංකාවේ සංවර්ධනයේ මැජික්කරුවාද, පිබිදෙන ආසියාවේ ලාංකික සලකුනද වෙන්නේය.එහෙත් ඔහු, ඒ හා බැදුනු දූශණ වංචා මෙන්න නීතීය , අවනීතීය කිරීමේ අසාධනීය වරදකරුද වන්නේය. එම දුර්වලකම අනාගත ශ්‍රී ලාංකික දේශපාලනයේ , දේශපාලනමය අවපීඩනයක් වීමට නිර්මිතය.එය කාලය පිලිබද ගැටලුවක් පමණි. සුලග හමනුයේ අවපීඩනය දෙසටය. දස අතින් තුවාල උන වෘකයා, ජනරාල්වරයා, නිවී යාමට ආසන්න ගිණිපුළුගුවකි. මේ ගිණි පුළුගුව මහා ගින්නක් වන්නේ, සම්භන්දන්,රනිල් වැනී සීතල වතුර ඉසීමෙන් නොව, දේශපාලන අවපීඩනයත් සමග හමා ඒමට නියමිත සිංහල ජාතිකත්ව සුලගත් සමගය. රජරට ආසනික් මාරයා, පී.බී ජයසුන්දරට එරෙහි යුද්ධය කියා පාන්නේ සුලග හමන දිශාවය. එය නිවී යාමට ආසන්න ගිනිපුලිගු මහා ගින්නක් කිරීමේ පරිවර්තනය හා බැදුනු කාලයේ ප්‍රශ්ණයක් පමනි. එක ජාතියේ කුරුල්ලන් වසන්නේ එක අත්තේය.
එහෙත් මහින්ද ගැන අවතක්සේරු කල යුතු නැත. ඔහු කාලය මැනීමේ අතිසූරයෙකි. නියමිත සිරකාලය නිම කර , මැන්ඩේලා මෙන් එලියට බැසීමට නියමිතව සිටි ජනරාල්වරයා, විපක්ශය ඇන කොටා ගන්නා නියම කාලයේදී, නිකම්ම නිකං සරත් ෆොන්සේකා ලෙස එලියට දැම්මේ ය. රජුගේ දේශපාලන කල් මැනිමේ හැකියාව ඒතරම් සූරය. අද ජනරාල්වරයා අත්විදින්නේද එම හැකියාවේ ඔහුට අයත් පාඩමයි.
එහෙත් වෘකයා තවම මැරී නැත. සොහොන් බිමේ සටනට වැද සිටින වෘකයා හුදකලා වී ඇත. මරණයෙන් හෝ ජයග්‍රහනයෙන් එය නිමවනු ඇත. රූබිකෝනය තිරස්චීනය. නැවත හැරීමක් නැත. සුලග එනතෙක් නිවී යාමට ආසන්න ගිණි පුලිගුව සජීව විය යුතුය. අවසාන ගින්න දවා හකුලුවන්නේ අසාධාරනයේ, අවනීතියේ මහා ගල් කණු පමණක් නොව, සාධාරණයේ හා නීතීයේ නොපලන් බිජුවට බවද අවසානයේ සටහන් කරමි...........
බොහොම ස්තුතියි කමෙන්ටුවට. මේ කමෙන්ටුවෙ මට අල්ලල ගියේ අදහසටත් වැඩිය කාව්‍යමය භාෂාව. අපූරුයි මයියා.
Deleteවෘකයා ගැන අනාගතය තීරණය කරයි. එතෙක් බලමු!
ෆොනීටත් තිබුණෙ මුලින්ම බ්ලොග් එකක් පටන් ගන්න.
ReplyDeleteඑහෙමනම් ඇනෝ හමුදාවත් එක්ක සටන් කරල ටිකක් හීලෑ වෙනව.
කොහොමටත් ඔය ලොකු හමුදා නිලධාරියො හිතන් ඉන්නෙ
පැන්ෂොන් ගියාමත් එයාලට සැලියුට් ගහන්න ඕනෙ කියල
දැක්කනෙ විචාරකත් ආවෙ සීරුවේ...න්.. සිටි..න් කියාගෙන
යන්තම් කතන්දර ඇතුලු ඇනෝ හමුදාවෙන් පහර පිට පහර කාල ටිකා..ක් සමාජගත උනා.
බ්ලොග් ලියන්න ආව නං හීලෑ කරගන්න තිබුන.
Deleteරාජ් අර පරණ කතාවකුත් තියෙන්නෙ...
ReplyDeleteනටන්ට බැරි මිනිහට පොළවත් ඇදයි කියල...
පොන්සේක ත් ඒ ජාතියෙ...
හෙක් හෙක්
/කෙසේ වුවත් ඡන්දය පැවැත්වීම සහ ගණන් කිරීමේ අවස්ථාවන් සැලකූ විට එය අපක්ෂපාතීව සිදුවන බැව්, වසර කිහිපයක් මැතිවරණ රාජකාරි කල අයෙකු ලෙස මේ බ්ලොග් කරුවාට කිව හැකිය./
ReplyDeleteමෙන්න මෙහෙම දෙයක් වෙන්න පුළුවන්.
හැම පක්ෂයකටම චන්ද ගණන් කරලා අවසාන වනතුරු පක්ෂ නියෝජිතයක් රඳවා ගන්න බැහැ. විශේෂයෙන්ම වැඩි පිරිසක් නැති, කොහොමත් පරදිනවා කියලා දන්න, පොඩි පක්ෂ වල චන්ද නියෝජිතයින් බලන්නෙ පුළුවන් තරම් ඉක්මණින් මාරු වෙන්න. ඒකට මනෝ විද්‍යාත්මක හේතුවකුත් තියෙනවා. උදේ ඉඳන් මහන්සි වෙලා රෑ නිදි මරලා පරාජය භාර ගන්න මේ අය කැමැති නැහැ. ඉතින් හැමදාම ඡන්ද ගණන් කරන්නේ සන්ධානයේ වැඩි බලයක් තියෙන පරිසරකය. බොහෝ විට එජාපයේ කෙනෙක් වත් නැහැ.
නියමිත පරිදි ප්‍රකාශ කළ ඡන්ද සම්බන්ධයෙන් කවුරු හිටියත් නොහිටියත් ගැටළුවක් නැහැ. නමුත් යම් අපැහැදිළිතාවයක් තියෙන ඡන්ද කොයි ගොඩට දානවාද තීරණයේදී පක්ෂ නියෝජිතයන්ට බලපෑමක් කරන්න පුළුවන්. මේ නිසා නරක් වෙන්නට යන ඡන්දයක් තමන්ගේ පැත්තට හරවා ගන්නට නියෝජිතයකුට පුළුවන් පොඩි සද්දයක් දාලා. මෙන්න මෙහෙම සන්ධානයේ ගොඩ වැඩි වෙන අවස්ථා මම දැකලා තියෙනවා අනන්තවත්. මේකට වෙන කෙනෙකුට මොකුත් කරන්නත් බැහැ. අනෙක් පක්ෂ නියෝජිතයින් නැති නිසා.
//මෙන්න මෙහෙම සන්ධානයේ ගොඩ වැඩි වෙන අවස්ථා මම දැකලා තියෙනවා අනන්තවත්//
Deleteතමන්ගෙ ඇස් වලින් දැක්ක නං ඉතිං මට අභියෝග කරන්න බෑ නෙව. නමුත් අවුරුදු අටක රාසේ අත්දැකීම් ඇති මම නං දැකල නෑ ඔයවගේ සීන් එකක්වත්.
මම දැකල තියන (පළාත් දෙකක) ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල තියෙන්නෙ වෙනස් තත්වයක්. විශේෂයෙන්ම විවිධ මට්ටම් වල (වැඩිපුරම ඉහල) නිලධාරීන් කවුරුවත් ගනන් ගන්නෙ නැති ගතියක් තමයි දැකල තියෙන්නෙ. බොහොම ගාම්භීර විදියට වැඩ සිදුවුනා. කාටවත් මොකුත් කියන්න ලැබුනෙ නෑ.
මේකත් ගාම්භීර විදිහට, සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූලව වෙන දෙයක්. හොර කමක් කිව්වෙ නැහැ. නරක් වුණු ඡන්ද අයින් කරන්නේ පක්ෂ නියෝජිතයන්ට පෙන්නලා ඒ හැමෝගෙම එකඟතාවය ඇතුව. එතකොට ඒකෙ ලියලා තියෙන දේ අනුව, ලියලා තියෙන විදිහ අනුව "මේක ප්‍රතික්ෂේපිත එකක් නෙවෙයි, ප්‍රකාශ කිරීමේ ක්‍රමය වරැදුණත් අපට ඡන්දයක්" කියලා ඕනෑම පක්ෂ නියෝජිතයකුට කියන්න පුළුවන්. අනෙක් පක්ෂ නියෝජිතයන්ගෙන් විරුද්ධත්වයක් නැත්නම් ඒක ගොඩට එකතු කරන එකත් නීත්‍යානුකූලයි. විරුද්ධත්වයක් පළ කරන්න යම් පක්ෂයක නියෝජිතයන් නැතිවීම ඒ පක්ෂයේ ගැටළුවක්.
Delete@Anonymousහැම පක්ෂයකටම චන්ද ගණන් කරලා අවසාන වනතුරු පක්ෂ නියෝජිතයක් රඳවා ගන්න බැහැ.
Delete----------
චන්දය ප්‍රකාශ කරන තැන පාලනය වන අන්දමටම චන්දය ගණන් කරන තැනද විධිමත් ආකාරයට නිලධාරින් මගින් පාලනය වෙනවා. එතැනදී පක්ෂ නියෝජිතයන් නිරීක්ෂකයන් විතරමයි.තීරණ ගැනීමේදී කිසිදු සජීවී දායකත්වයක් නැහැ.ගණන් කරන ශාලාවක ප්‍රධානියෙක් R.O. ඉන්නවා.එයාට සහායට A,R,O. ලා කිහිප දෙනෙක් ඉන්නවා.ගණන් කරන මේසය වටේ S.P.O ලා සහ ලිපිකරුවන් ඉන්නවා. පළමුවෙන් අදාළ S.P.O ඉදිරියේදී ඔහු විසින් සිල් කර ගෙන ආ චන්ද පෙට්ටිය විවෘත කර එහි තියෙන මුළු චන්ද ප්‍රමාණය 50 මිටි වලට හදමින් ගණන් කරනවා.පළමු ගණන් කිරීමේදී ඒක රබර් බෑන්ඩ් එකක් දමන අතර මෙය නැවත නිලධාරියෙක් ගණන් කර තව රබර් බෑන්ඩ් එකක් දමා ඒ ගණන නිවැරදි යයි තහවුරු කරනවා. පෙට්ටියෙන් එලියට ගත් චන්ද පත්‍රිකා වල එකතුව ඔහු විසින් චන්ද පොලේදී හදපු ගිණුමේ ගන්නට සමාන වෙන්න ඕනෑ.නැත්නම් නැවත ගණන් කරනවා.මේ ගණන ටැලී වෙන කල් S.P.O වෙව්ල වෙව්ලා ඉන්නේ. ඔක්කොම පෙට්ටි වල චන්ද ගණන් කරලා ඉවර උනාට පස්සෙයි පක්‍ෂ අනුව නැවත ගණන් කරන්නෙ. පළමුව ඒ ඒ පක්‍ෂ ලකුණු අනුව නිවැරදි චන්ද කොළ වෙන් කරලා නැවත 50 මිටි වලට ගොඩ ගසා නියමිත භාජන වලට දානවා.ඒ මිටි වල නිවැරදි බව බව තවත් නිලධාරියෙක් විසින් ගණන් කර බලනවා.බලනවා. මේ නිසා කාටවත් අඩුවෙන් හෝ වැඩියෙන් 50 මිටි හදන්න බැහැ. වැරදීම හෝ ප්‍රශ්න ගත චන්ද කොළ වෙනම ට්‍රේ එකක දමනවා. ඒ ගැන තීන්දුව ගන්නේ ශාලාවේ ඉන්නා R.O. එයා ඔක්කොම ඉදිරියේ ප්‍රසිද්ධියේ තම තීරණය දෙනවා.බොහෝ විට උතසාහ කරන්නේ චන්ද දායකයා සිතු දෙය අනුමාන කර ඒ චන්දය භාර ගැනීමට හැකියාවක් තිබේද යන්න සෙවීමය. මෙතැනදී පක්‍ෂ නියෝජිතයන් සිටියොත් ඔවුන්ටත් එය දැක බලා ගන්න පුළුවන්. චන්දයක් වලංගුද නැද්ද කියා තීරණය කරන්න පක්‍ෂ නියෝගිතයන්ට හෝ අන් චන්ද නිලධාරීන්ට බැහැ . එය තනිකරම ශාලාවේ ප්‍රධාන R.O. ගේ කටයුත්තක්.
චන්ද ගණන් කරන ශාලාවේ වාතාවරණය ගැනද යමක් ලියන්න ඕනෑ.ශාලාවේ ජනෙල් දොරවල් වහල, විදුරු වලට උඩින් කළු කොළ අලවල තියෙන්නෙ. ශාලාව ඇතුලට ගිය නිලධාරීන්ට ආයේ එලියට එන්න බැහැ. කොළ විසි වෙන හින්ද FAN දමන්නේ නැහැ.මේ නිසා මේක ඇතුලෙ පුදුම රස්නයක් තියෙන්නෙ.ඔක්කොම අය දාඩියෙන් නැහැවිලා. මේ තත්වය යටතේ කව්රුත් තම රාජකාරි ජීවිතය මේ මල ඉලව් චන්දයක් නිසා බිල්ලට දෙන්නේ නැහැ.
Wmk SamarasekaraSeptember 24, 2014 at 12:37 PM
Deleteසන්ධානයට සහතික දීමට බලා සිටින හෙයින්දෝ ඔබට සරල සිංහල තේරුම් ගැනීමේ අපහසුවක් ඇති බව පෙනේ. මා කියූ කිසිවක් ඔබ ලියන දෙයින් නැතැයි නොකියැවේ. ඔබ කියන්නේ වෙනවායැයි ඔබ හිතන දේය. මා කියන්නේ වෙන දේය.
ඌව දුෂ්කර උනාට කලවැද්දෝ ඉඳල නැහැ වගේ.
ReplyDeleteහැබෑව!
Deleteතමන්ගේ දේශපාලන බංකොලොත්භාවය වහ ගන්න එතුමාව දේශපාලනයට ගෙනා අය අද අනේ අපොයි කියලාවත් කියනවද?
ReplyDeleteරාජ්.. ඔබ කියන්නේ රනිල් 2010 දී ඉදිරිපත් නොවුන එක ගැන වෙන්න ඇති.
Deleteඒ වෙලාවෙ, මහින්ද සහ ඔබ ඇතුලු මේ ආණ්ඩුවේ වැරදි ගමන් මග නොදුටු බහුතරයක් හිතුවෙ රනිල් චන්දෙ ඉල්ලපුවම, යුද්දෙ ජයග්‍රහණය පෙන්නලා, එය " දේශ මාමක මහින්ද සහ දේශ දෝහි රනිල් " අතර තරගයක් කරලා, ලේසියෙන්ම දිනන්න පුලුවන් වෙයි කියල. නයිටීන් එකේ හැසිරිමෙන්ම ඒක බලා ගන්න තිබ්බා.
නමුත් තවත් ප්‍රධාන යුද ජයග්‍රහකයෙකු වූ ජෙනරාල් ඉල්ලපුවහම තමයි සියලු දෙනාට ඉහ මොල රත් උනෙ. ඇයි දැන් යුද්ද ජයග්‍රහනය දෙකට බෙදෙනවනෙ.
ඒක ප්‍රතිපල වලිනුත් පෙනුනා. ජෙනරාල් ට "පපුවට ගහගෙන රට ගැන කතා කිරීමෙ" හැකියාව තිබුන නම් ජනාදිපතිවරනය දිනන්න තිබුනා. (සමහර ගොං "කලවැදි" කතාත් නොකියා හිටියනම්)
මට තියෙන ප්‍රශ්නේ මේකයි. ඒ අවස්තවේ ජෙනරාල්ට චන්දේ ඉල්ලන්න තිබ්බ නුසුදුසුකම මොකක්ද? (කන්න දුන්න අත හපා කෑවා වගේ ගොන් තර්ක නැතිව )
ලංකාවේ දැනට විපක්ෂෙන් චන්දේ ඉල්ලන්න ඕනෙත්, මහින්දට ඕනේ අය විතරද?
සමාවන්න "රාජ්" නොවෙයි "සුදික".
DeleteThis comment has been removed by the author.
Delete@සු දී ක
Delete+++++++++++++++++++++++++++++++++++++
//තමන්ගේ දේශපාලන බංකොලොත්භාවය වහ ගන්න එතුමාව දේශපාලනයට ගෙනා අය අද අනේ අපොයි කියලාවත් කියනවද?//
Delete"ඔය තමන්ගේ බංකොලොත්භාවය වහගන්න" කියන්නෙ ඔබේ අදහසක් විතරයි සුදික. දැන් කුමන විරෝධතා තිබුනත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම හොඳ දෙයක් විදියට මම අදත් දකිනව. ඒ වෙලාවෙ ෆොන්සේකා තරම් හොඳ කෙනෙක් හිටියෙ නෑ මහින්ද මහත්තයට සටනක් දෙන්න.
ඇල්බන්
එකඟයි.
හරියටම හරි සුදික. තමුන්ගේ වැඩේ කරගෙන කොන්ඩෝම් එකක් වගේ ෆොන්සේකාව හලලා දැම්ම. කතාව එච්චරයි. බලන්න ඕන ඒ දවස්වල ෆොන්සේකාට කට්ටියගේ තිබ්බ ආදරය. අම්මේ............
Deleteෆොන්සේකාට් කොහොමත් යූ එන් පී එකේ හා රනිල්ගේ ආදරයක් තිබුණේ නැහැ. ඒ වෙලවෙ හැටියට ගන්න ඕනැ වැඩේ ගත්තා. ඒච්චරයි. ඊට පස්සෙ කොන්ඩෝම් එකක් වගේ විසි කරනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? විශේෂයෙන්ම යූ එන් පී එකේ හා රනිල්ගේ පෞද්ගලික හිතවතකු වූ ලසන්ත වික්‍රමතුංග මරපු පුද්ගලයාට?
Deleteම්චං ෆිනී පව් බං..
ReplyDeleteඑයා මාර ෆනී...
ඕං බෝතලේ ඉවර වේද්දිම දාපු එකක්..
Deleteඔව්මයි. මූ බීල දාපු කමෙන්ටුව මම දැක්ක
Deleteලිපිය ඇතලුව කමන්ටු හැම එකක්ම කියෙව්වා.
ReplyDeleteමදෑ එහෙනං.
Deleteමාතෘකාව දැක්කම කියවන්න ඕනෙ උනේ නෑ. ඌවම උනා .
ReplyDeleteහෙහ් හෙහ් හෙහ්.......
Deleteආණ්ඩුවට භය කියන දේ දැනුන ඡන්දයක්...ඒකනෙ වතුර බෝතලෙත් රූපයයි ඉලක්කමයි ගහලා බෙදන තරමට බංකොලොත් උනේ...
ReplyDelete@ සිරාගෙ කාමරේ
Deleteඇත්ත.. අනික ආන්ඩුව ඔය ප්‍රතිඵලේ හරි ගත්තෙ තමන්ගෙ සම්පූර්ණ ශක්තියම ඌවට යොදවලයි. විපක්ෂයත් ඡන්දෙ කළේ එහෙමයි කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. ඒත් විපක්ෂයට සාපේක්ෂව “රාජ්‍ය බලය“ නිසා ආණ්ඩුවට කරන්න පුළුවන් බලපෑම අති විශාලයි. සහනාධාර බෙදුවෙ ඒ බලය පාවිච්චි කරලනෙ. අනික වතුර බෝතලයෙ විතරක් නෙවෙයි සිල් රෙද්දෙ පවා තමංගෙ මනාප අංකය ගහන තරමටම ආණ්ඩු පාක්ෂික අපේක්ෂකයන් බංකොලොත් වුනා නෙව.
ස්තුතියි දෙන්නටම.
Delete40 ශ්‍රී ලොරියක් විකිණීමට තිබේ.
ReplyDeleteඅයිතිකරු 2015 ජනාධිපතිවරණයෙන් පසුව විදේශ ගත වීමට අපේක්ෂා කරන නිසා ගැනුම්කරුවකු සොයයි. ගොඩක් දෙනා මේ ලොරිය එළවා තිබුණත් අයිතිකාරයින් (වර්තමාන අයිතිකරුද සමඟ ) සිට ඇත්තේ කිහිප දෙනෙක් පමණකි. අළුතින් තෙල් මාරු කොට ඇත. බ්‍රේක් හොඳයි. හොඳ ටයර් සෙට් එකක්ද තිබේ. වැඩිම ඉල්ලුමට සැපයේ. අදම ඉල්ලුම් කරන්න. ණයක් ගන්න අවශ්‍ය නම් ඉන්දික කොඩිතුවක්කු මහතා අමතන්න.