Monday, February 10, 2014

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ ෆොන්සේකාගේ අභියෝගය. (Road to PC-3)

ලංකාව පුරා විසිරී සිටින දේශපාලන පක්ෂ සැලකූ විට, ප්‍රධාන පක්ෂ දෙක හැර සැලකිය යුතු තරමේ ඡන්ද පදනමක් ඇති අනෙක් කණ්ඩායම වන්නේ සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයටයි. ෆොන්සේකා (අවශ්‍ය නම් ජයන්ත කැටගොඩත්) හැර ජාතික මට්ටමේ නායකයන් කිසිවෙකුත් නැති වුවද පසුගිය මැතිවරණයේදී පහසුවෙන්ම ජවිපෙ අභිබවා යාමට ඔවුන්ට‍ හැකි විය. ඊට හේතු කිහිපයකි.

වාර්ගික/මාක්ස්වාදී කණ්ඩායම් හැරුනු විට‍ රට තුල ස්ථිර ඡන්ද පදනමක් ඇත්තේ ප්‍රධාන පක්ෂ දෙකටත් ජවිපෙට සුළු ප්‍රමාණයකුත් වශයෙනි. එක් පැත්තකින් පසුගිය කාලයේ දැඩි ලෙස සෝදාපාළුවට ලක්වූ එජාපයේ පාක්ෂිකයන්ට තම සාම්ප්‍රදායික සතුරා වූ ජවිපෙ හැර විකල්පයක් තිබුනේ නැත. අනෙක් අතට පසුගිය සටහනෙදී අදහස් දක්වා තිබූ විචාරක මහතා කියූ අයුරින් ලාංකීයයන්ගේ සිත්වල ඇති ජවිපෙ බිල්ලා ඉවත් නොවූ තත්වයක් තුල ආණ්ඩු විරෝධීන්ට යන එන මඟක් නොවීය. ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ වර්ධනයට මෙම රික්තක අවකාශය කදිම තෝතැන්නක් විය. අනෙක් අතට පසුගිය ජනාධිපතිවරණයේදී ඔහුට ඡන්දය ලබාදුන්, දැනට නායකත්වය හේතුවෙන් පක්ෂය ගැන කලකිරී ඇති එජාප පාක්ෂිකයන්ට ගැටළුවකින් තොරව ලංවිය හැකි එකම පක්ෂය එයයි. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තුනිවැනි බලවේගය වන්නේ එසේය.

දැනට විසිරුවාහැර ඇති දකුණ සහ බස්නාහිර පළාත්සභා වලදීද ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආසන කිහිපයක් ලබාගන්නා ලකුණු පෙනෙන්නට ඇත. විශේෂයෙන්ම හම්බන්තොට දිස්ත්‍රික් ප්‍ර.ප. කණ්ඩායම් නායක දේවක වීරසිංහට එදිරිව ඔහුගේ සහෝදරයා (මධුලාල් වීරසිංහ) එ.ජ.නි. සන්ධානයෙන් තරග බිමට දැමීමට තරම් "හිතට දැනීම" ඔවුන් ලැබූ ජයග්‍රහනයකි. (මේ පිටුපස ඇත්තේ කවුදැයි හම්බන්තොට ජනතාව දනී). කෙසේ වෙතත් ෆොන්සේකා මහතා ඉදිරියේ ඇත්තේ දැවැන්ත අභියෝගයකි.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සෑම දේශපාලන පක්ෂයකටම අනන්‍ය වූ යම් යම් ලක්ෂණ පවතී. එජාපය ධනවාදීන්ගේ පක්ෂය ලෙසත් ජවිපෙ සමාජවාදීන්ගේ පක්ෂය ලෙසත් ශ්‍රීලනිපය (සන්ධානය) මැද මාවතේ යන්නන් ලෙසත් (මේ වනවිට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නොමැති අතර ශ්‍රීලනිප-එජාප පරතරයද ශූන්‍ය වී ඇත), හෙළ උරුමය/දෙමළ ජාතික සන්ධානය/කඳුරට දෙමළ පක්ෂ/මුස්ලිම් කොන්ග්‍රසය ජාති(ක)වාදී කණ්ඩායම් ලෙසත් වර්ගකල හැකිය. නමුත් ෆොන්සේකා මහතාගේ ප්‍ර.පක්ෂයේ දැකිය හැකි එවන් විශේෂී වූ ලක්ෂණයක් නොමැති අතර ඔවුන්ගේ ඡන්ද දායකයන් ඉහත සඳහන් කල හේතූන් නිසා පක්ෂයට ඡන්දය පාවිච්චි කරන්නවුන්ය. මැතිවරණ වේදිකාවේ කතා අනුව ප්‍ර.පක්ෂය මූලිකවම දූෂණයට එරෙහිව ඡන්දය ඉල්ලන්නන්ය. මේ හේතුව නිසා අනුමාන කල හැකි කරුණ නම් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නැගීමට "සරත් ෆොන්සේකා" සාධකය බලපාන බවයි. යම් දිනෙක ෆොන්සේකා මහතා ජනප්‍රියත්වයෙන් අඩු වුවහොත් ප්‍ර.පක්ෂයේ ඡන්ද පදනම දෙදරා යාම වැලැක්විය නොහැකි වනු ඇත. කෙසේ වුවද මේ වනවිට ෆොන්සේකා මහතා හමුවේ ඇති අනෙක් අභියෝගය තම නියෝජිතයින්ය.

ජවිපෙ වැනි දැඩි ලෙස මොල සේදුවන් පවා පක්ෂ මාරු කරන තත්වයක් තුලදී ෆොන්සේකා සමඟ හිඳින දේවක වීරසිංහ වැන්නන්ගෙන් (දේවක වීරසිංහ යනු හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පා.ම. ජිනදාස වීරසිංහගේ පුත්‍රයාය) සාම්ප්‍රදායික ශ්‍රීලනිප හෝ එපාප නියෝජිතයන්ගෙන් වෙනස් හැසිරීමක් බලාපොරොත්තු විය නොහැකිය. අනෙක් අතට ෆොන්සේකා මහතා මූලිකව අවධාරණය කරන දූෂණ විරෝධී ව්‍යාපාරයට කුමන අන්දමේ දායකත්වයක් ඔවුන්ට දැක්විය හැකිදැයි සැක සහිතය. සරළවම කිවහොත් මොවුන් දැනට ප්‍රධාන පක්ෂ තුල සිටින්නන්ට සියයට සියයක් සමාන අයවලුන්ය. විකල්ප බලවේගයක් ගොඩනැඟීමට බලාපොරොත්තු වන්නෙකු ලංකර නොගතයුතු අයවලුන්ය.

කෙසේ වුවත් මේ වනවිට කිසිවෙකුටත් අභියෝග කල නොහැකි මට්ටමක සිටින ආණ්ඩුවට ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අභියෝගයක් නොවේ. එහෙත් ආණ්ඩුවට කරට කර සටනක් දියහැකි මට්ටමට (පොදුවේ) විපක්ෂය ලංවූ විට එසේත් නොමැති නම් බලය රැකගැනීමට/ලබා ගැනීමට අනෙකුත් පක්ෂ නියෝජිතයන් අවශ්‍ය වන මොහොත උදාවූ විට උක්ත නියෝජිතයන්ගේ නියම ස්වභාවය අවබෝධ කරගැනීමට හැකිවනු ඇත. ඒ මොහොත එළඹෙන තෙක් ෆොන්සේකා මහතාට සුව නින්දක් ලැබිය හැකිය.

51 comments:

  1. ඔය ෆොන්සේකා හිටපු ගමන් කියන කුණු කතා
    //ප්‍රභාකරන්ගෙ මයිල් ගහක් තරම්වත්... //
    //ප්‍රභාකරන් අපේ දරුවන්ගෙන් පළිගත්තෙ නෑ//

    මිනිහ ගැන ජනතාවගෙ ආකල්පය වෙනස් වෙන්න බලපානව නේද රාජ්?
    දුලාගේ අඩවිය ලියන දුලා

    ReplyDelete
    Replies
    1. මයිල් කතාව නං එච්චර සීරියස් ගන්න දෙයක් නෑ. ඒව මාධ්‍ය මගින් කරන දේවල් නෙව.

      Delete
  2. අනුර ආ නිසා පොනිගේ පදනම ඉවරයි මචෝ...
    පොනිය දන්නා දේශපාලනයක් නැහැ බන්..

    ReplyDelete
    Replies
    1. අනුර ආවත් අර විචාරකතුමා කිව්ව වගේ ජවිපෙ බිල්ලා දකින පිරිස සමාජයේ වැඩියි. අන්න එයාලට ෆොන්සේක හොඳයි.

      Delete
    2. පොනී තවම අලුත් බව ඇත්ත. නමුත් සතුටුදායක වේගයකින් පරිනාමය වෙනවා දේශපාලන වශයෙන් එය හොඳ ලක්ෂණයක්.

      Delete
    3. එක ඇත්ත ඉස්සර කරපු කතා එක්ක බැලුවාම දැන්නම් ඔහුගේ පරිණත බවක් තියෙනවා නම් තමයි.

      Delete
    4. /*සතුටුදායක වේගයකින් පරිනාමය වෙනවා*/

      මම නම් දකින්නෙ නෑ ඒ වගෙ වෙනසක් ෆොන්සේකාගෙන්.

      අපි ඇත්ත කතා කරොත්, මේ රටෙ බහුතර චන්ද දායකින් නම්ම ගන්න නම් ඒකට කලාවක් තියනවා, මහින්ද ඒක හොඳට ප්‍රගුණ කරල තියෙන්නෙ, ඒ අතින් ෆොන්සේකා, රනිල් තියා අනුරටවත් හරෙන්නවත් බෑ මහින්දත් එක්ක.

      නමුත් අවංකව රටක් ඉදිරියට ගෙන යෑමෙ අරමුණක් ඇති දෙශපාලනයක් ගැන කතා කොරොත්, ඒත් ෆොන්සේක ඉන්නෙ අනිත් පැත්තෙ, මහින්ද කොමිස් කකාහරි යමක් කරනවා.

      ෆොන්සේක ගන බලාපොරොත්තුවක් තියා ගන්න නම්, අඩුම ගානෙ එයා ඔය ගෝටටයි මහින්දටයි තියන පලිගනීම ගැන හිතන්නෙ නැතුව බලයට එන්න වැඩපිලිවෙලක් ඇති කරගන්න ඕනෙ. දැනටනම් එස්.එෆ්. කියන්නෙ කූඩුවක් ඇතුලෙ ඉඳන් කෑගහන එකෙක් වගෙ, අර සමහර චන්ඩි ඉන්නෙ, හිටපන් මම ආවොත් දෙන්නම් බැටෙ කිය කිය ඉන්නව, හැබැයි එලියට එන විදියක් හිතන්නෙ නෑ.

      ප.ගෝ.


      Delete
    5. පොනීව ලඟින් දන්නා කියන කෙනෙක් හැටියට (ඔහුගේ පාක්ෂිකයෙක් නෙවෙයි මම) මට ඒ වෙනස හොඳින් දැනෙනවා. මා ඔහු යටතේ සේවය කළා. ඒ නිසා ඒ වෙනස හොඳින් පෙනෙනවා. ඔහු ළඟ ඉන්න අයත් ඒ බව මට කියලා තියනවා. ඔහු වර්ධනය කරගතයුතු තව බොහොමයක් දේ ඇති බව මම පිලිගන්නවා. ඇත්තටම ඔහු හොඳ සාධාරණ දේශපාලනඥයකු බවට පත්කලහැක්කේ පරිනත දේශපාලනඥයන් ඔහුට එකතුවූ තරමටයි.

      Delete
    6. විචාරක මහතා,

      වෙන්න පුලුවන්, ෆොන්සේකා දැන් ටිකක් තේරුන් අරන් ඇති හමුදාවෙ වගෙ ලෝ ඇන්ඩ් ඕඩර්ස් වලට දේශපාලනේදි වෑඩ කරන්න බෑ කියල. නමුත් මම මතු කරන්නෙ ඔහු දේශපාලන ගමනක් යන්න තාම වෙනස් වෙලා නෑ, ඔහු තාමත් ගොටාගෙන් මහින්දගෙන් පලිගන්න සිතුවිල්ල ඇර දැනෙන දේශපාලන දැක්මක් පෙන්නල නෑ. ගොටාගෙ ටයි එකයි, කාණු දිගෙ ඇදන් යන එකෙ ඉඳන් ලඟදි ප්‍රබාකරන්ගෙ මයිල් සමාන කිරීමෙන් පවා ඔහු පෙන්නුවෙ තාමත් ඔහු ඔහු මයි කියන එක.

      ජනතාවට තුන් වේල කන්න නෑ කියන එක හෝ රජා හොරකන් කරනවා කියන එක කිය කිය යන එක දෙශපාලනව පරිනත වීමක් නෙවෙ. ඒ අතින් රන්ජන් ඔයිට වඩා දෙවල් කරා (වැඩක් නැති උනත් ).

      සරලවම ෆොන්සේක තාමත් තෙරුම් අරන් නැත්තෙ, එයාව පොශිසන් කරන්න ඕනෙ කොතනටද කියල. මොකද සරල සිල්ලර ටෝක්ස් වලට සෙට් වෙච්ච උන් ටික කොහොමත් දීපු අයටම ආයි දෙනවා. කැපුවත් ඒ ඒ පාට තියන උන් කොහොමත් ඒ ඒ පාටවල් වලට. එතකොට එස්.එෆ්. ට ඉතුරු වෙන්නෙ, තාමත් එස්.එෆ්. වීරය වෙච්ච සෙට් එක සහ මොලෙ කල්පනාකරල චන්දෙ දෙන එත් අරුන් ඔක්කොම එපා වෙච්ච සෙට් එක. අන්න ඒ සෙට් එකටත් දැනෙන්න කතාකරොත් ෆොන්සේකාට දීර්ඝ කාලින පැවැත්මක් තියේවි. අර මුලින් ජෙප්පො නැග්ගෙ (හැබැයි උන් වැටුනෙත් ආසන හතලිස් ගාණක් ගත්ත චූන් එක දරා ගන්න බැරිව ). නැත්නම් ඉතින් ඔය විදියට තව ටික කාලයක් අල්ලන් ඉඳල එක්කො පැන්ශන් යන්න පුලුවන් වික්‍රමභාහු වගෙ, නැත්නම් ඉතින් දෑත් ශක්තිමත් කරන්න වෙයි කාගෙ හරි.

      ප.ගෝ.

      Delete
  3. ප්‍ර. පක්ෂය සහ නැවතත් ජවිපෙ ජනතාව අතර යාම නම් සුභවාදී ලක්ෂණ වුවත් මේ කිසිවකින් අපි පතනා දෙය ඉටු විය නොහැකියි. සමස්ථ ක්‍රමයම මේ මජර දේශපාලනයෙන් මුදවාගෙන යම් ජනතාහිතවා දී ක්‍රමයක අවශ්‍යතාවය දැඩිව පෙනේ. එය තව බොහෝ දුරය.

    ReplyDelete
  4. රාජ්,
    සරත් පොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය යනු නිදහස් සන්ධානයට හෝ එජාපට විකල්පයක් නොවේ, එම පක්ෂයයේ සිටින සිටිය බහුතරය සන්ධානයේ හෝ එජාපයේ සිටී පිරිසකුයි. මතකද 1993 දි ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිණී දිසානායක එක්ව පිහිටවූ පක්ෂය (සලකුණ රාජාලියා-ප්‍රජාත්‍රන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ) ඔවුන් එවර තුන්වැනි බලවේගය බවට පත්වූ අතර දකුණු පළාත් සභාවේ තීරණාත්මක සාධකය බවට පත්වුනා..
    නමුත් අවසානයේ පක්ෂය ප්‍රධාන පක්ෂ දෙක තුල දියවී ගියා. එයට ප්‍රධානම හේතුව වන්නේ ඔවුන්ගේ ජයග්‍රහන වලට ප්‍රදානම ගේතු වු ජනප්‍රිය පුද්ගල පතිරූප පක්ෂය තුල නොමැතිවීමයි..(ලලිත් ඇතුලත්මුදලි මිය යාමත් ගාමිණී නැවත එජාපයට එක්වීමත්)
    සරත් පොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය දැනට තුන්වන බලවේගය වන්නේ සරත් පොන්සේකා යන යුද වීරයාගේ රශ්මිය නිසා පමනී.. යුද ජයග්‍රහණය අගය කරන ආණ්ඩුවට විරුද්ධ අය මේ වටා ඒකරාශී වී ඇත.

    යුද වීරයාගේ රශ්මිය තිබෙන තුරු ප්‍රජාත්‍රන්ත්‍රවාදී පක්ෂය තුන්වන බලවේගය වනු ඇත. ඉනික්බිති සියල්ල සුපුරුදුලෙස සිදුවනු ඇත....


    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ෆොන්සේකගෙ මේ කාලය වැදගත්. දැනට තියන ජනප්‍රියත්වය අමතර බෝනස් එකක් කරගන්න එයාට පුළුවවන්. නමුත් අමාරු ගමනක් යායුතුයි. ඒක මේ ඉන්න ගොබිලො එක්ක පුළුවන්ද සැකයි

      Delete
  5. මේ චන්දයෙනුත් ලොක්කා අති විශිෂ්ඨ ජයක් ලබනවා.. ඒ එක හේතුවක් වත් නිසා නෙමෙයි ලොක්කගේ පී ආර් එක නිසා.. බඩු මිල වැඩිවීම හැර.. මේ ආන්ඩුවටම සුවිශේෂ වූ කිසිම කාරනාවක් එකෙකුටවත් ඉදිරිපත් කරන්න බෑ. අනික කැම්පේන් එක කරන්නේ ආන්ඩුවේ උන්වත් ලොක්කාවත් නෙමෙයි. නවීපිල්ලේ. කැමරන්, ඔබා මාමා, බෑන් කී මූන්, වගේ කස්ටිය. මට සැකයක් තියෙනවා ලොක්කා මුන්ට කීයක් හරි හෙවනවද කියලා.. අරුන් ටික එහෙන් සප් එක දෙන කොට. ලොක්කට විමලුයි, රත්තරනුයි උන්නාම හොඳටෝම ඇති.

    ෆොන්සේකා වටා පෙළගැහෙන්න අනාත උන උන්.. එයාට දේශපාළණය කරන්න බෑ.. ඔය පත් වෙන උන් වැඩි කල් නොගිහින් ආන්ඩුවට එකතු වෙනවා..

    ReplyDelete
    Replies
    1. >> නවීපිල්ලේ. කැමරන්, ඔබා මාමා, බෑන් කී මූන්, වගේ කස්ටිය. මට සැකයක් තියෙනවා ලොක්කා මුන්ට කීයක් හරි හෙවනවද කියලා.. <<

      එල කියමන..... +++++++++

      Delete
    2. Bonne commentaire Maathalan - Priyantha Hewage.

      Delete
    3. මාතලන්,
      මටත් සැකයි මේ නවි පිල්ලෙලා මූන්ලා ගැන. යන්තං ආර්ථික ප්‍රශ්න ගැන කතා කරන්න පුළුවන් කාලයක් එනකොටම මේ උදවිය මානව හිමිකම් තැටිය රත් කරනව. ලොක්කට අනිත් ඔ‍ක්කෝම අමතක කරල ඒකට බැටේ දෙන්න පුළුවන්.

      Delete
  6. කියවීමි
    කොමෙන්ට් ලිවීමට නැවත එමි

    ReplyDelete
  7. ෆොන්සේකා මොන වගේ දේශපාලන ප්‍රතිපත්තියක් කරනවා ද කියලා මට නම් තෙරෙන්නෙ නෑ ????කිව්වෙ නම් වෙනසක් කියලා මල්ල ලිහලා බලනකොට ඒ මල්ලෙත් අර කලින් ආපු අය ගෙනාපු එවාම තමා ,වැඩක් නෑ පොරට ලොකු දේශපාලන ගමන්ක් නෑ මම හිතන්නෙ

    ReplyDelete
  8. ෆොන්සේක කවදාවත් එන්නෙ නැතිවෙයි... ආවත් සමහර විට ඉඩි අමීන්ට වඩා හොද වෙන්නෙ නැතිවෙයි... ලංකාවෙ හුගක් මිනිස්සු ෆොන්සේක ගැන දන්නෙ යුද්දෙ අන්තිම කාලෙත් එක්ක ඒත් අපි දන්නෙ ඉස්සර ඉදල... ෆොන්සේක හොද යුද්දෙට විතරයි... රටකට නායකත්වය දෙන්න තරං සුදුසු කමක් එයාට නැති තරං ඊටත් හරියකට කතා කරන්නවත් දන්නැති උන්ට මොන දේශපාලනේද

    ReplyDelete
    Replies
    1. ෆොන්සේක ගැන විවේචනයක් කරන්න තරම් දැනීමක් නෑ. දැනට උනත් ඉන්න මෑන් ඉඩි අමින් වගේ තමයි.

      Delete
    2. //දැනට උනත් ඉන්න මෑන් ඉඩි අමින් වගේ තමයි.//
      මේක අපේ වුන් තාමත් තේරුම් අරන් නැති හැටියක්...

      Delete
  9. දේවක වීරසිංහ ආනන්දයේ ඉගෙනීම ලැබුවේය. දහයේ පන්තියේදී ඔහුව පාසලෙන් අස්කරන ලදී. වරද තරුණ, අවිවාහක, එක්තරා පමණකට රූමත්ය කිව හැකි ගුරුවරියක පන්තියට එද්දී පන්තියේ පෑන්ටියක් එල්ලා තැබීමය. ඔහු අස් කළේ ආනන්දයේ සිටි (ශිෂ්‍යයන්ගේ පැත්තෙන්) ලිහිල්මය කිව හැකි විදුහල්පතිවරයෙකි. පුතයාගේ තරම ඉන් සිතා ගත හැකිය.

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ තාත්ත බලයේ හිටියෙ නැද්ද?

      Delete
  10. ෆොන්සේකා යනු තාමත් මෙරට ප්‍රභාමත් යුද වීරයෙක්. ඒ යුද රශ්මිය පවතින තුරු ෆොන්සේකා වටා ජනතාව එක් වෙනවා. ඒ වගේම ඔබ කියනා අයුරින් ෆොන්සේකා ගේ පක්ෂයේ බර අදින්න යන්නේ මහ පක්ෂ දෙකෙන් කැපුණු අය. නැතිනම් කිසිම පක්ෂයකින් තැනක් නොලද අය. මේ අයගේ කෙරුම් කියුම් ඉදිරියේදී ජනතාවටම දැක ගන්න ලැබේවි.ඒ වගේම ඔහු දේශපාලන වශයෙක් තාමත් ළදරුවෙක් බව ඔහුගේ කතාවලින්ම පේනවා නේද රාජ්

    ReplyDelete
    Replies
    1. ෆොන්සේකාගේ අරමුණ ගැන මම ඉන්නෙ දැනට සැකයේ වාසිය එයාට දීල. නමුත් වටේ ඉන්න අය ගැන නං නලින් එක්ක එකඟයි.

      Delete
    2. Naleen DilrukshaFebruary 10, 2014 at 1:32 PM @ ඔබේ අදහස හරියටම හරි.මේ තත්වය පවා රැදී තිබෙන්නේ ෆොන්සේකාගේ පුද්ගලික ජනප්‍රියත්වය මත.එවැනි පක්ෂ වලට අනාගතයක් නැහැ.එහෙම බලනවානම් වාක්‍ය කටපාඩම් කරවන ජේ වී පී කාරයන් හා ආගමික ශ්‍රද්ධාව මත පදනම් වූ හෙළ උරුමයට පුද්ගල බද්ධ නොවූ පසුබිමක් තිබෙනවා.තනිකරම පුද්ගලයෙකුගේ ජනප්‍රියත්වය මත ක්‍රියාත්මක වන ෆොන්සේකාගේ පක්ෂය වැන්නකට අනාගතයක් නැහැ

      Delete
  11. මට හිතෙන හැටි - ගිනිසිලුවට බස්නාහිරින් ආසන දෙකක් සහ දකුණෙන් ආසන දෙකක් උපරිම වශයෙන් දේ දීනාගත හැකිවනු ඇත......
    ශ්‍රීලනිප හෝ එජාප ලෙස පක්ෂ තවදුරටත් නොමථී අතර ඇත්තේ මහින්ද රාජපක්ෂය පමණි.. ජනාධිපති වරයාම කියන පරිදි "දොර ඇරියොත් ඔය ඔක්කොම මා ළඟ " වනු ඇත. මහින්ද රාජපක්ෂ චරිතය පවතින තුරු කිසිදු විකල්ප දේශපාලන බලවේගයක් සාර්ථක වන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. මම හිතන විදියට ඔය ගනන අවම එන්න පුළුවන්.(වැඩි වෙන්නත් පුළුළුන්).
      ‍||මහින්ද රාජපක්ෂ චරිතය පවතින තුරු කිසිදු විකල්ප දේශපාලන බලවේගයක් සාර්ථක වන්නේ නැත//
      කිසිවක් සදාකාලික නෑ කියන මතයේ තමයි මම නං ඉන්නෙ.

      Delete
    2. කිසිවක් නම් සදාකාලික නැහැ ඉවාන්.ඒත් එදා කොටින්ගෙන් බේරෙන්නට ජනතාවට මහින්ද වුවමනා වුනා වගේ අද විපක්ෂයෙන් බේරෙන්නට මහින්ද වුවමනා වෙලා.මේ කාරනේ ගැන තව ටිකක් හිතන්න.අද තිබෙන විපක්ෂය නිකම් හාමුදුරුවරු එක්ක රැස්වීම් තිබ්බට සම්පූර්නයෙන්ම විජාතික ,මේ රටේ සංස්කෘතිය ගැන කිසිම හැඟීමක් නැති සිංහල බෞද්ධ විරෝධී බලවේගයක් බව රටම දන්නවා.ලිංගිකත්වය අතින් ගත්තත් මේ අය ගැලපෙන්නෙ ඇමරිකාවෙ චන්දෙ ඉල්ලන්න.ලිංගිකත්වය අතින් ඒ අයට අයිතිවාසිකම් තිබුනත් ඒක වෙනම කතාවක්.මෙතන රට බාරදෙන්න ඒ වගෙ අයට ජනතාව සූදානම් නෑ.

      Delete
  12. ෆොන්සෙකා මහතා දෙශපාලනයට අවශ්‍ය පරිනත භාවය තාමත් පෙන්නල නැ.හැබැයි මුලින්ට වඩා දෙයක් දැන් ඔහුගෙ තියෙනව.හැබැයි පැහැදිලි වැඩපිලිවෙලක් නම් ඉදිරිපත් කරල නැ මට හිතෙන විදියට.ඔහුගෙ එකම හයිය යුද වීරත්වය පමනයි.

    ReplyDelete
  13. ෆොන්සේකට සාර්ථක වෙන්න පුලුවන් එක පාර ජනාධිපති උනොත් විතරයි. ඒත් ඒකත් වැඩි කල් අල්ලගෙන ඉන්න වෙන්නෙ නෑ, හැබයි පස්සෙ කාලෙක මිනිහගෙ ගුණ වයයි එලවල දැම්ම අයම.

    මහින්දට ගහන්න ගෝලියත් ල නැති උනාට පුංචි දාවිත් කෙනෙක් ඇවිත් වැඩේ දෙනකල් දන්නෙ නැති වෙන්න පුලුවන්. ඉතිහාසෙ එහෙම අවස්ථා ඕන තරං තියෙනව.

    ReplyDelete
    Replies
    1. //මහින්දට ගහන්න ගෝලියත් ල නැති උනාට පුංචි දාවිත් කෙනෙක් ඇවිත් වැඩේ දෙනකල් දන්නෙ නැති වෙන්න පුලුවන්.//අන්න හරි ගොලියත් කෙනෙක් හොයන්න යන වේලාවේ පුංචි දාවිත්ලා ටිකක් නිර්මාණය කර ගැනීම තමයි කල යුත්තේ.

      Delete
  14. //යම් දිනෙක ෆොන්සේකා මහතා ජනප්‍රියත්වයෙන් අඩු වුවහොත් ප්‍ර.පක්ෂයේ ඡන්ද පදනම දෙදරා යාම වැලැක්විය නොහැකි වනු ඇත.//
    මේක තමයි ගොඩක් දෙනෙකුගේ අදහස..

    ReplyDelete
  15. යුධ විරුවෙක් වශයෙන් ෆොන්සේකාට ගරු කරමි. ඔහුගේ දේශපාලනය ගැන නම් කතා නොකරකි

    ReplyDelete
  16. ජෙප්පන්ට මිනිස්සු චන්දය නොදෙන්න ඔය බිල්ලා කතාව අදාලයි කියල මම හිතන්නෙ නෑ. බිල්ලගේ මතකය මීට වඩා අලුත් කාලෙක මිනිස්සු ජෙප්පන්ට සීට් 41ක් දුන්නා.

    මට හිතෙන්නෙ ජෙප්පන් පිරිහුනේ, 2005න් පසු ඇතිවූ දේශපාලන ගතික වලට එරෙහිව බාහිරව හැසිරෙන හැටි ෆිගර් අවුට් කරගන්න වත්, අභ්‍යන්තරය මැනේජ් කර ගන්නවත් බැරි වුනු නිසා.

    මම හිතන විදියට ෆොනී ට අද එන්නෙ ජෙප්පොත් වැඩක් නෑ එජාපෙත් වැඩක් නෑ කියල මල පැනපු උන්ගෙ විරෝධතා චන්දයක් මිසක් උන් ගැන පැහැදීමකට වත් ෆොනී ගෙ යුධ ආකර්ශනයට වත් එන චන්දයක් නෙවෙයි. (මරා ෆොනී හිරේ දාල බල්ල කරද්දි වත් මිනිස්සු අතරෙ මරා පිරිහුනේ නැහැ නෙ). ප්‍රතිපත්තියක් කවුරුවත් දන්නෙ නැති, ෆොනී ඇර වෙන ආකර්ශනීය චරිතත් නැති පක්ෂෙකට "අපි නම් හොඳයි" කිව්වට විතරක් මිනිස්සු පැහැදෙන්නෙ නෑ නෙ.

    ජෙපො කරගත් ලොකුම වරදක්, යුද්දෙ යන අතරෙ මෝල්කාන්තගෙ අසාර්ථක ස්ට්‍රයික්, මංගල එක්ක පාර්ලිමේන්තු පැති මාරු කුමන්ත්‍රන අරවයින් මේවයින් අසාර්ථක, ඇන ගන්නා පක්ෂයක් හැටියට ලේබල් ගහ ගැනීම සහ 2010 දී රනිල් ගේ පුක බේරන්නට ෆොනී විනාස කරන්නට දායක වීම. ඒව හරි දේවල් නම් අද යූඇන්පී උන්ටත් ජෙප්පන්ටත් ඒව ගැන *රි කාපු රිලව් වගේ ඉන්නෙ වෙන්නෙ නැහැ නෙ. ජෙප්පන්ට තිබුනෙ යුද්දෙ දිනන කම් මරා එක්ක ඉඳලා ඊට පස්සෙ වෙලාව බලලා දූශන වංචා චෝදනා කරල අස් වෙන්න. එහෙම උනා නම් යුධ ගෞරවේ ගන්න ෆොනී හයර් කරන්න වෙන්නෙ නෑ, හෙළ උරුමෙටත් එක්ස්කියුස් එකක් නැති වෙනවා.

    ReplyDelete
    Replies
    1. ජෙප්පන්න්ට ඒ වගෙ මොළයක් නැති බව උන් ඉතිහාසයෙන්ම ඔප්පු කරල තිබෙනවා

      Delete
  17. මේ පාර ආණ්ඩුවට ලොකුම සහය දෙන්නෙ ෆොන්සේකා.
    මිනිස්සුන්ට ආණ්ඩුව එපා වෙලා තියෙන වෙලේ විපක්ශ චන්ද ට්ක
    තවත් ගොඩකට කඩල දෙන එක කොච්චර ලොකු දෙයක්ද මේ චන්ද ක්‍රමේ යටතේ

    ReplyDelete
  18. නායකත්වය වෙනස් වීම පෙරලියක් ඇති කරන බවට සාක්ෂියක් වෙයි මේ පාර ජවිපෙට ලැබෙන ඡන්ද ප්‍රමාණය වැඩි වීමෙන්. ෆොන්සේකා මහත්තයාට එජාප, ජවිපෙ, සන්ධාන යෙන් බිදී ආ ඡන්ද ලැබේවි..

    ආන්ඩුවට බලපෑමක් කරන්න නම් විපක්ෂය නොබෙදී එක්ව සටන් කොට පසුව බෙදී ගියා නම් කමක් නැහැ කියල තමා මට හිතෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. එහෙම හිතලා හිත රවට්ටගන්න නම් පුළුවන්. ඒත් ඇත්තටම වෙන්නේ උඩ ඉන්න ඇනෝ කියපු එක තමා. මේ ඉන්න විපක්ෂේ තව තව කැඩී කැඩී යනවා මිසක් එකතු වීමක් ගැන හිතන්නේ වත් නෑනේ

      Delete
  19. ජන්ද නැති ලොවක් සොයා ....
    අපිට යන්න බැරිද මෙයා .........

    ReplyDelete
  20. සිංහය කවදත් සිංහයම තමයි..

    ReplyDelete
  21. ෆොන්සේකා මහත්තයා යුධ වීරයෙක්.. එතුමන්ගේ දේශපාලන ගමන කොයිවගේ එකක් වුනත් මම එතුමාව අගය කරනවා..

    ReplyDelete
  22. මම දේශපාලනේ ගැන නම් වැඩිය කියන්න යන්නේ නෑ. ඒත් අපේ අයගේ පුරුද්ද කවුරු හරි කෙනෙක් උඩට නගින්න හදනකොට කකුලෙන් අදින එක මිසක් ඉහලට යන කෙනාට සපෝට් එකක් දීලා එකමුතුවෙන් හැමෝම ඉහලට යන එක නෙවෙයි. උඩ ඉන්න අයටත් තව කෙනෙක් තමන් ඉන්න තැනට එනවා බලාගෙන ඉන්න බෑ.
    පක්ෂ දේශපාලනේ ඇතුලේ වෙන්නෙත් ඕකම තමයි. ජනතා සේවය අරක මේක මොන බයිලාව ගැහුවත් අන්තිමට තමන්ට කුට්ටිය හම්බ උනේ නැති කොට හැම කෙනාම ගහන්නේ අනිත් පැත්ත. රටක් ඉදිරියට යන්න එකමුතුකමක් තියෙන්න ඕනේ. එක එක අයට එක එක අදහස් තියෙන්න පුළුවන්. ඒ හැම අදහසක්ම අරගෙන ඇතුලේ ගහ මරාගෙන හරි හැමෝටම එකග වෙන්න පුළුවන් එක තීරණයක් අරගෙන ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් ක්‍රමයක් එනකම් තමන්ගේ කුට්ටිය වෙනුවෙන් පිල් මාරු කරන මිනිස්සුන්ට ආයෙත් රට ගැන හිතලා වැඩ කරන්න පුළුවන් වෙන දවසක් එනකම් ඔය කවුරු බලයට ආවත් වැඩි වෙනසක් නෑ. අපි ආවොත් දුෂණය භිෂණය වංචාව නැති කරනවා කියලා හැමෝටම සුරංගනා කතාන්තර කියන්න පුළුවන්. ඒත් කවුරු රජ කලත් රටේ ඉන්නේ එකම මිනිස්සු. රටට ඕනේ පාර්ලිමේන්තුවේ පළාත් සභාවේ ඔලු ගෙඩිවල වෙනසක් නෙවෙයි. මිනිස්සු හිතන පතන විදියේ වෙනසක්

    ReplyDelete
  23. ෆොන්සේකා මහත්තයා මනුස්සයෙක් හමුදා නිලධාරියෙක් විදියට හොඳ මනුස්සයෙක් නමුත් දේශපාලකයෙකුගේ භූමිකාවට ගැලපෙන්නේ නැහැ කියන එකයි මගේ හැඟීම.

    ReplyDelete
  24. "ආණ්ඩුවට ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අභියෝගයක් නොවේ"
    එහෙත් විපක්ශයේ අනිකුත් පක්ෂ වලට එය දිනෙන් දින අභියෝගයක් බවට පත්වෙමින් සිටී

    ReplyDelete
  25. ප්‍රජා පක්ෂයේ ප්‍රතිපත්තින් සහ වැඩපිලිවෙලවල ගැන එතරම් නොතේරුනත් අපට අමතක කරන්න බැහැ ඔවුන් නඟන දූශන විරෝධි හඬ. අනිකුත් පලාත් සභාවලට පත්වූ ඔවුන්ගේ නියෝජිතයින්ගෙන් ප්‍රබල හඬක් ඇහෙන්නෙත් නැහැ ඒ වාර්තා කියවනකොට නම්. නමුත් රාජ්....නොසිතූ දේවල් වෙන්න පුළුවන්. දැක්කනේ දිල්ලි ප්‍රාන්තයේ වෙච්ච දේ ,දූශන විරෝදීවීම නිසාම.

    මධුලාල් වීරසිංහ මීට කලින් පලාත් සභා නියොජිතයෙක් නේද...මට මතකයි ජිනදාස වීරසිංහව ජවිපෙ විසින් ඝාතනය කරපුවාම ඔහුගෙ බිරිඳ බේබි වීරසිංහ ?? පාර්ලිමේන්තුවට පත්කලා වගේ.

    ReplyDelete
  26. මහින්ද මාමා දිනුවා කියලා පොල්ගෙඩි අකුරෙන් පත්තරේ වැටේවි...බඩු මිළ වැඩිවෙලා මිනිස්සු හාමතේ මලත් ආණ්ඩුව දිනනවා...තාම විකුණන්නෙ යුද්ධය නොවැ...

    ReplyDelete
  27. අද දෙශපාලනේ ඉන්න හැමෝම එන්න කලින් ඉගෙනගෙනද ආවෙ ඒක කරන්න ?
    කුස්සියෙ හිටි සිරිමාවෝ අගමැතිවෙලා වැඩ කලේ කොහොමද ?
    එහෙම බැළුවාම පාර්ලිමේන්තුවෙ අද ඉන්න හාල්පාරුවෝ සීයට අනූනමයකටම වඩා ජෙනරාල්ට සුදුසුකම් නැද්ද දේශපාලනේ අරඹන්න ?
    සිල්වල දෙශපාලනේ කරන්නෙ මොන සුදුසුකම් එක්කද ?
    ජෙනරාල් කුඩ්ඩෙක් නොවුන හින්දද දෙශපාලනේට නුසුදුසු ?
    යකෝ රට බේරාගත්ත මනුස්සයට නිකම්ම ෆොන්සේකා ෆොනී කියල අමතන්න තොපි රටට මොනවද කරල තියෙන්නෙ ?
    ප@@ය තියාගෙන ඇට දෙකෙන් කෙලින්න හදන්න එපා බංලා. වටේට කඩේ නොගිහිං කෙලිංම පලයල්ලා

    ReplyDelete