Wednesday, May 2, 2012

රාජ්‍ය ආයතන වලට අපූරු බැංකු ගිණුම් ක්‍රමයක්.

ඒකාබද්ධ අරමුදල - අපේ රටේ සල්ලි ලාච්චුව" යන ශීර්ෂයෙන් ලියන ලද ලිපියෙන් රජය සතු මුදල් පිළිබදව සහ ඒවා වියදම් කිරීම පිලිබදව යම් සදහනක් කලේ මෙම අඩවිය ආරම්භ කල සමයේය. මා එහි සටහන් කල ආකාරයට රජය සතු යම් මුදල් ප්‍රමාණයක් සෑම රාජ්‍ය ආයතනයකම නිල බැංකු ගිණුම් තුල ඒකරාශී වී ඇත. මූලිකවම ඒ ඒ ආයතන වල වියදම් කිරීම සදහා රජයෙන් ලබාදෙන මුදල් සහ රජය වෙනුවෙන් එකතු කරන මුදල් මෙම ගිණුම්තුල රැදී ඇත. විස්තර කිරීමට යන්නේ මෙම බැංකු ගිණුම් පිලිබදවය.

2007 නොවැම්බර් මාසය වනතෙක් රාජ්‍ය ආයතන වල බැංකු ගිණුම් සකස්වී තිබුනේ සාමාන්‍ය ජංගම ගිණුමක් ආකාරයටමය. ගිණුම මෙහෙයවීම අදාල ආයතනයෙන්ම සිදුවූ අතර යම් යම් තීරණ මහා භාණ්ඩාගාරයේ එකගත්වය මත ගනු ලැබිණි.

2007 නොවැම්බර් මාසයට පසු රාජ්‍ය ආයතන වලට අනන්‍ය අපූරු බැංකු ගිණුම් ක්‍රමයක් හදුන්වාදෙනු ලැබිනි. එහිදී ගිණුමේ පාලනය සිදුකරන්නේ මහා භාණ්ඩාගාරයයි. එය සිදුකලේ මෙසේය. 2007 නොවැම්බර් වනවිට ‍රාජ්‍ය ආයතන වල තිබූ ජංගම ගිණුම් සියල්ල වසාදැමූ අතර එම ගිණුම් වලින් නිකුත්කර තිබූ මාරු නොවූ චෙක්පත් සියල්ල අවලංගු කරනු ලැබීය. ඉන්පසු රජයේ ආයතන වෙනුවෙන් ගිණුම් විවෘත කල අතර විශේෂත්වය වූයේ එම සියළුම ගිණුම් භාණ්ඩාගාරයේ පිහිටුවන ලද ප්‍රධාන ගිණුමක උප ගිණුම් ලෙස විවෘත කිරීමයි.

මෙම වැඩපිලිවෙල තුලින් රජය විශේෂ වාසි කිහිපයක් බලාපොරොත්තු විය. එනම්,

# සෑම විටකම පාහේ ආයතන තුල ඇති ගිණුම්වල පවතින විශාල මුදල් ශේෂය ප්‍රයෝජනයට ගැනීම.
# රජය වෙනුවෙන් එක්රැස් කරන (බදු) මුදල් ක්ෂණිකව රැස්කරගැනීම.
# සෑම ආයතනයකම ගිණුම් පිළිබදව භාණ්ඩාගාරයට අධීක්ෂණය කිරීමට හැකි වීම.

මෙහි මූලිකම අරමුණ වූයේ මුදල් ශේෂය ප්‍රයෝජනයට ගැනීමයි. උදාහරණයක් මගින් මෙය පැහැදිලි කරගනිමු.
"A,B හා C යනු රාජ්‍ය ආයතන තුනක් යැයි සිතමු. සිකුරාදා දිනක කාර්යාල වසා දමනු ලබන අවස්ථාවේ ඒවායේ නිල බැංකු ගිණුම් තුල පිලිවෙලින් රුපියල් 50,000ක්, 100,000ක් හා 1,000,000ක බැගින් ශේෂයක් ඇතැයි සිතමු. පෙර පැවති ගිණුම් ක්‍රමය අනුව දින දෙකක නිඩාඩුවෙන් පසු සදුදා දින කාර්යාල විවෘත කරන තෙක් අදාල ආයතනයන්හි බැංකු ගිණුම් තුල 1,150,000ක මුදලක් (කිසිදු වැඩකට නොගෙන) ඇත. එම මුදල් රජය විසින් යම් යම් ආයතන වලින් ණය පදනම යටතේ ලබාගත් මුදල්ය. ඊට අදාල පොලී මුදල් දිනපතා (නිවාඩු දිනයන් වුවත්) අදාල පාර්ශව සදහා ගෙවිය යුතුය. නව ක්‍රමය යටතේදී මෙම ආයතනයන්හි ගිණුම් තුල ඇති අදාල මුදල, සිකුරාදා සවස් වනවිට භාණ්ඩාගාරය මගින් අත්පත් කරගන්නා අතර එම මුදල් වෙනත් අවශයතා සදහා යෙදවිය හැකිය. නැවතත් සදුදා උදෑසන අදාල මුදල් නැවතත් ඔවුන්ගේ ගිණුම් තුලට බැරකිරීම සිදුකරයි. අනෙක් අතට ඒ ඒ ආයතන සදහා අවශ්‍ය මුදල පමණක් දීම මෙහිදී සිදුකල හැකිය"

රජය වෙනුවෙන් එකතුකරන ආදායම්ද (බදු ආදිය මගින්) මේ අයුරින්ම ක්ෂණිකව රජයට ලබාගැනීම සිදුවේ. ජාලගත බැංකු පද්ධතියක් ඇති බැවින් මෙහිදී කිසිදු ප්‍රශ්නයකින් තොරව මෙම කටයුත්ත සාර්ථකව සිදුවේ.

මෙම ක්‍රමය රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පයස් ප‍්‍රනාන්දු මහතා විසින් හදුන්වාදෙනු ලැබූ අතර උග්‍ර මුදල් අර්බුදයකින් පෙලෙන රජයට මෙය මහත් අස්වැසිල්ලකි. සාමාන්‍යයෙන් වසරකට මිලියන 50කට වැඩි මුදලක් මෙමගින් ඉතිරි කරගත හැකි යයි කියවේ.

49 comments:

  1. මුදල් දුෂ්‍ය ඒ කියන්නේ....රජය විසින් මෙම මුදල් අයතා ලෙස පෞද්ගලික ඔනෑ එපා කම් වලට නොයොදා..රාජ්‍ය පරිපාලන කටයුතුවලට යොදනවනම් මේ ක්‍රමය සාර්ථකයි

    ReplyDelete
    Replies
    1. නෑ මෙහෙමයි වෙන්නෙ, පොදුවේ සෑම කටයුතුතකටම මේව යෙදවෙනව. ඒ අතර දූෂණ සිදුවෙනවද නැද්ද කියන එක වෙනම කාරණාවක්. දුෂණ උනත් නැතත් මේ ක්‍රමයේ බලපෑමක් නෑ.

      Delete
  2. ආර්ථික විජ්ජාව ගැන දැනුමක් නැත ඒත් හොඳ වැඩක් වගෙ හිතෙනවා මෙවගෙ දෙවල් කරලා බලන්න හිතෙන එක වත් මැදෑ

    ReplyDelete
    Replies
    1. ඔව්. මේවගේ ක්‍රම ඇතිවෙන එක හොදයි. මේනිසා බදුගෙවන ජනතාවගෙ මුදල්නෙ ඉතිරි වෙන්නෙ.

      Delete
  3. වැදගත් නිර්මාණශීලි ක්‍රමවේදයකි..හොඳ පෝස්ටුවකි...

    ReplyDelete
  4. මේ ක්‍රමය සෑම ‍ක්ෂේත්‍රයකම පැතිරෙනවානම් හොදයි.

    ReplyDelete
    Replies
    1. සෑම ක්ෂේත්‍රයකටම.....ම්..., ඔව් අයියේ, දිවයින පුරා විහිදී තියන යම් යම් ආයතන වලටත් මේ ක්‍රමය භාවිතා කරන්න පුළුවන්, අදාල බැංකුවල එකගතාවය ඇතිව.

      Delete
  5. මේක සිංහලෙන් කීවා නම් මීට වඩා තේරෙනවා. :)

    ReplyDelete
    Replies
    1. ඇයි මේ තියෙන්නෙ සිංහල නෙවේද?
      කෙටියෙන්ම කිව්වොත් හිරවෙලා තියන සල්ලි වලින් වැඩ ගන්න ක්‍රමයක් තමයි මේක. බැංකුවල තියන නෙට්වර්ක් එකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනයක්.

      Delete
  6. මට තේරුම් ගිය විදියට මේක හොඳ ක්‍රමයක්

    ReplyDelete
    Replies
    1. අවුරුද්දකට මිලියන 50කට වඩා ඉතිරි වෙනව කියලයි කියන්නෙ.

      Delete
  7. මරු පෝස්ට් එකක් මචං...

    ReplyDelete
  8. මට මේව තේරෙන්නෙ නැහැ...එක දෙයක් කියන්නම්..බැංකුවල තිබුන ස්ථාවර ගිනුම් වලට දුන්න පොලිය බාගෙට බාගයක් කපා හැරපු එකට නම් මගේ බලවත් විරෝධය...ගර් ර් ර් ර්..!!!

    ReplyDelete
    Replies
    1. තේරෙන්නෙ නැත්තෙ ඇයි? මම හිතන්නෙ කාන්තා පාර්ශවේ අයට තේරිලා නෑ. බැංකු පොලිය අඩුකල එක නං ආණ්ඩුවෙ වැඩක්. රුපියල මේවිදියට බාල්දු වෙනකොට ඕව වෙනව.

      Delete
  9. අර කියපු විදිහට වෙනත් තැන් වලින් ණයට අරගන්නවාට වඩා මේ ක්‍රමය හොදයි වගේ කියලා හිතෙනවා.. ඒත් මේකෙත් අඩුපාඩු නැති වෙන්න විදිහකුත් නෑ.. අයියා වාසි වගේම ඒ ගැනත් කිවුවනම් තමයි ලිපිය සම්පූර්ණ වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. වෙනත් තැන් වලින් ගන්න ණය එහෙමම තමයි. ඒවට ගෙවන්න වෙන පොලී මුදල් නිසයි වාසියක් තියෙන්නෙ. අවාසියක් මම දන්න තරමින් නෑ.(කලින් තිබුන ක්‍රමයට සාපේක්ෂව)

      Delete
  10. All these savings/profits are on paper only.

    ReplyDelete
    Replies
    1. හැබැයි ගෙවීමකදි මුදල් වෙනව.

      Delete
  11. මටත් පේන්නෙ හොදයි වගේ.. :-)

    ReplyDelete
  12. උදාහරණේ නිසා කතාව එලටම තේරුනා. නැත්නම් මට ඔය ව්‍යාපාර ගිණුම් කියලා කියන්නේ වහ කදුරු වගේ.
    මේ වැඩේ මට හිතෙන විදිහට හොදයි වගේ.

    ReplyDelete
    Replies
    1. උදාහරණෙ බැලුවම තේරෙන්නම ඕන.

      Delete
  13. මේ වගේම කොටස් වෙලද පොලේ වුනා කියන වෙනස් විම් දාන්ට බැරිද රාජ් අපිට දැනගන්ට

    ජය !

    ReplyDelete
    Replies
    1. කොටස් වෙළදපොල ගැන කිසිවක් නොදනී

      Delete
    2. අපරාදේ.. එවන් වටිනා මාතෘකා රාජ්ගේ අකුරින් දැකීමට කැමැත්තෙමි..

      Delete
  14. හැහ්... පුදුමයි හොඳ වැඩක් කරන්න කාටහරි ඉඩක් දුන්නා කියන එකත්!

    ReplyDelete
  15. හොඳ වැඩක් වගේ පේන්නේ. ඔහොමවත් ඉතුරු කර ගන්න එක කොයි තරම් දෙයක්ද

    ReplyDelete
  16. තේරුම ගිය විදියට රටට වැඩ දායි ක්‍රමවේදයක්.

    ReplyDelete
  17. මේ වගේ පෝස්ට් දාන එක සෑහෙන්න වටිනවා......

    ReplyDelete
  18. මට නම් මෙව්වා තේරෙන්නෙම නෑ අයියා....

    ReplyDelete
  19. රාජ්ගෙ සබ්ජෙච්ට් එකනෙ කොහොමත් නේ?
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඒක හරි. අපි මෙව්වත් එක්කමනෙ දවස ගෙවන්නෙ.

      Delete
  20. හ්ම්ම්... ලොකු දැනුමක් නැහැ ආර්ථික විද්‍යාව ගැන... ඒත් ලියල තියෙන දේ හොඳට තේරුණා.... :)) සල්ලි හිර නොවී , "රෝල ගහගන්න" සිරා ක්‍රමයක් :))

    ReplyDelete
  21. අයියෝ....දන්නේ නැතෝ !!!

    ReplyDelete
  22. මෙහි කමන්ට්ස් කියවීමෙන් පසු "කාන්තාවන්ට මුල්‍යපරිපාලනය ගැන මෙලෝ සංසාරෙක අදහසක් නැතිවග පැහැදිලිය." හෙහ් හෙහ්... මිනිස්සුන්ට අබ සරණයි !! :D

    ReplyDelete
  23. නව ගිණුම් ක්‍රමය ගැන අහලා තිබුනත් ඒකෙ වටිනාකම තේරුම ගත්තෙ මේක කියවලා තමයි මලේ. මේක ජාත්‍යන්තරව පාවිච්චිවෙන ක්‍රමවේදයක් ද, නැත්නම් පයස් මහත්තයාගෙම ක්‍රමවේදයක්ද?

    ReplyDelete
    Replies
    1. දන්න තරමින් නං මෙහේ විතරයි. සමහර විට වෙන රටවලත් ඇති. ඒගැන හරියටම දන්නෙ නෑ අයියේ. අනිත් කාර‍නාව රජයෙන් මූල්‍ය ප්‍රථිපාදන ලබාදෙන රටවල් අඩු නිසා වෙන රටවල නැතුවඇති.

      Delete
  24. ම්ම්ම්ම් අළුත් විදිහක්....සෑහෙන්න වටීවි ඉදිරියට...

    ReplyDelete
  25. හම්මෝ කොමස්.....

    මට නම් මේ විෂය තේරෙන්නෑ අප්පා.... යන්තම් වගේ තේරුණා සමානව මුදල් බෙදාහැරීමක් වගේ කේස් එකක් එක තැන පල් නොවෙන

    ReplyDelete
  26. ලංකා බැංකුවේ සහකාර කළමණාකරුවෙක් විදිහට මම මේ විදිහටයි දකින්නෙ..

    …1) අය වැයෙන් එක් එක් අමාත්‍යාංශ වලට මුදල් වෙන් කරනවා. ඒ මුදල් අමාත්‍යාංශ විසින් භාවිතා කරන්නෙ එක එක කාල වලදි. ඒ වගේම බදු මුදල් ලැබෙන්නෙත් එක් එක් කාල වලදී. මේ අතර සම්පාතයක් නෑ.

    …2) අපි දන්නවා අපේ රටේ තියෙන්නෙ සමස්ථ අය වැය හිඟයක් බව. ඒ හිඟය පියවන්නේ ණය වලින්. භාන්ඩාගාර ගිනුම හැමදාම අයිරාවක්. ඒ කියන්නෙ මයිනස් අගයක්.

    …3)ඉතින් පාවිච්චි නොකරපු මුදල් වෙන ගිණුමක තියෙද්දී භාන්ඩාගාරයේ ගිණුමට පොලිය ගෙවීම අපරාධයක්. රාජ් පැහැදිලි කලා වගේ ඒකාබද්ධ ගිණුම් ක්‍රමයකින් සිද්ද වුන දේ තමයි රජය ගෙවන පොලිය අඩුවීම. ඒක ඇත්තටම හොඳ පරිපාලනමය තීරණයක්...

    …4)හැඳි මිටේ දිගට නුවණ තියන ස්ත්‍රී පක්ෂයට මේවා නොතේරීම සාමන්‍ය දෙයක්. තේරුණා නම් තමා පුදුමෙ.

    …5) ස්ථාවර තැන්පතුවල පොලිය වැඩියි කියන එක ලංකාවෙ ආර්ථිකයට හොඳ නෑ. ඒ කොහොම්ද කියන එක ටිකක් දිග කතාවක්.

    …6) කොටස් වෙළඳ පොලේ වුනේ සූදු පිටියක උන දෙය. සූදුව දැනගෙන හිටපු නිමල් පෙරේරා, ධම්මික පෙරේරා, දිලිත් ජයවීර වගේ අය දිනුවා. නොදැන ගියපු අය අතර මං වුනා.

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් මේ කතාව තේරුනේ නැතිවීම ස්වභාවිකයි. උදාහරනයක් දැම්මෙත් ඒකයි. මේ ක්‍රමය ඉතාම හොද බවට විවාදයක් නෑ. ඔයාට තේරෙන නිසා කියන්නම්, ඇත්තටම අපේ ගිණුම්වල සල්ලි තියෙන්නෙ රුපියල් තුන්දාහයි.(මේක ආයතනයෙන් ආයතනයට වෙනස් ඇති). අපේ බැංකු ගිණුමට සල්ලි වැටෙන්නෙ උදේ 9ට විතර. ඒ අතරෙදි 3000කට වඩා අඩු වටිනාකමක චෙක් එකක් බැංකුවට ගෙවන්න ඉදිරිපත් වුනොත් යන්නෙ අර 3000න් තමයි. ඒවගේ අවස්,ාවක අපෙන් සේවා ගාස්තුවකුත් කැපෙනව.(ඒත් ඒක ආයෙ දෙනව රජයේ ගි ණුම් වලින් සේවා ගාස්තු නොගන්නා නිසා). මේවගේ ඉතාකුඩා දෝශ හැරුනම මේ ක්‍රමය මුළුමනින්ම හොදයි.

      කොටස් වෙළදපොලේ උනේ මොකක්ද කියල මම දන්නෙ නෑ.
      ස්තුතියි අදහස් එක්කලාට.

      Delete
    2. බැංකුවෙ තියන හැම ගිණුමකටම අවම මුදලක් තියනවා. ඒ මුදල නැති හැම ගිනුමකින්ම සේවා ගාස්තුවක් අය කරනවා. ඒක තමයි සිස්ටම් ඩිෆොල්ට්. අමතර ප්‍රොග්‍රෑම් එකකින් තමයි ඔය හුචස් පචස් එක වෙන්නෙ. ඒක ඉතින් උදේම රන් කල යුතුයි කියන එක තමයි අපි දැනන් හිටියෙ. ඒක රන් වෙන්නෙ 9ට විතර නම් ඉතින් අපේ කම්පීතර අංශයේ අයියලාගේ වැඩ තමා. ඒ වගේම තමයි සේවා ගාස්තු ආපසු ගෙවීම. ඒකත් වෙන්නෙ වෙනම ප්‍රොග්‍රැම් එකකින්. මොකද ඩිෆෝල්ට් සෙටින්ග්ස් එක එක එකවුන්ට්ස් වලට වෙනස් කරන්න දුන්නාම අපේ බ්‍රාන්චස් වල ඉන්න අයියල එව්ව මිස් යූස් කරනවනෙ.

      Delete