මේ දවස්ටිකේම මෙලෝ රහක් තිබුනෙ නෑ. කොටින්ම විනෝද සමය වගේ තිබුන අපේ ඔපීසියත් කිසි කමකට නෑ. වැඩවලට කොච්චර හිරවෙලා හිටියද කියනව නං බ්ලොග් පෝස්‍ට් එකක්වත් ලියන්න කිසිම අයිඩියා එකක් ඔලුවට ආවෙ නෑ. පොඩිපොඩි කතා දෙක තුනක්වත් කියල යන්නයි හදන්නෙ.
මේ සිද්ධිය උනේ අපේ නෑදෑයො වෙන ගෙදරක පොඩ්ඩෙකුට අකුරු කියවන දවසෙ. ඔන්න එදා නැකත තිබුනෙත් ටිකක් වේලාසනම. සැප නින්දේ හිටිය පොඩිඑකා උදේ පාන්දරින් ඇහැරවල ලැහැස්ති කරල ගන්න අවස්තාව වෙනකොට එයාට ටිකක් විතර මළ පැනලයි හිටියෙ. අකුරු කියවන්න ආවෙ නෑදෑයෙක් වෙන ගුරුවරයෙක්. ඔන්න ගුරුතුමා වැඩේ පටන්ගත්ත.
"හා පුතා මේ තියෙන්නෙ අයන්න. පුතා කියන්න අයන්....න......."
"අයන්න"
"හා පුතා කියන්න ආයන්....න......."
"ආයන්න"
"හා පුතා කියන්න ඇයන්න"
"දැං එකසැරයක් කිව්වනේ! ඇහුනෙ නැද්ද?"
* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *
දෙවනි කතාව නං හිනාවෙන්න පුළුවන් එකක් නෙවේ. අපේ ප්‍රාන්තයේ ටික කලකට පෙර සිද්ධ වෙච්ච ඇත්ත කතාවක්.
සිද්ධිය මේකයි. එක මනුස්සයෙක් ඉඳල තියනව. මෙයා කාලයක් තිස්සේ කොටු පැනීමේ යෙදුන කෙනෙක්. කොටු පැනිල්ල කොච්චර දුරට ගියාද කියනව නං ගෙදර මනුස්සය නැති අල්ල පනල්ලේ ගෙදරටම ඇවිල්ල තහනම් ගහේ ගෙඩි කාල යනව. කොච්චර රහසේ කලත් මේ දේවල් හංගන්න පුළුවන් කමක් නෑනේ. කොහොම හරි ගෙදර මනුස්සයගෙ කනට ආරංචිය ගියා. දවසක් එයා ගෙදර එනකොට අනියම් ජෝඩුව ගේ ඇතුලෙ. මාරු වෙන්නවත් වෙලාවක් තිබුනෙ නැති තැන ඇඳේ හිටිය මනුස්සය ඇඳ යට හැංගුනා. ගෙට ගොඩවුන අයිතිකාරය ඇඳේ හිටිය තමුංගෙ බාරිය ලඟින් වාඩිවුනා. ඒ එක්කම ඇඳ යටින් සද්දයකුත් එක්ක රුපියල් 5 කාසියක් පෙරලිලා ඇවිල්ල කකුලේ වැදුන. ඇඳ යටට එබිල බැලුවම බඩු මාට්ටු. ඊට පස්සෙ මහා පරිමාණයේ ගුටි පූජාවකටත් මුහුන දෙමින් අනියම් ගෙයින් පැනගත්ත. උඩ සාක්කුවෙ තිබුන මාරු කාසි ටිකක් තමයි වැඩේ අලකලේ.
එක
ReplyDeleteතෑග්ග වශයෙන් මාසයකට 5 කාසි!
Deleteමොරාල් ඔෆ් ද ස්ටෝරි:
Delete5 කාසි උඩ සාක්කුවේ දැමීම මාරාන්තිකයි.:'(
සල්ලිවලට මලපැනලනේව ඔය සංගෙදිය වෙලා තියෙන්නේ ඇයි වදේ කොටු ලොකු ලොකු ගනං වලට අලේවි වෙනකොට අර මනුස්සය සතපහක්වත් වියදං නොකර කොටු පැන්නම සල්ලිවලට තරහ ගිහිං හික්ස්
ReplyDeleteඅඩේ ඇතියන්තං අදවත් දෙක උනා
Delete:)
Delete5 කාසිය ගෑණු එක්කෙනාට යද්දි දීලා යන්න ගෙනාපු එකක් වෙන්ඩ ඇති... :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
එහෙම වෙන්ටැති.
Deleteමම හිතුවෙම අද රාජ් විමල් ගොයියා ළගදී කිව්ව කොමිටල් කතාවක් ගැන කියයි කියල. ඒක දැම්මනම් බඩ අල්ලන් හිනා වෙන්න තිබ්බා.
ReplyDeleteපළවෙනි කථාව දැක්කම මතක් උනේ..අර 'දිතානායක' කියපු පොඩි එකාව. දෙවෙනි කථාව වගේ එකක් ඊයෙ පොලිසියෙදි ඇහුනා. (මම පොලිසියට ගියේ සහතිකයක් ගන්න) නිත්‍යානුකුල බිරිද පැමිණිල්ල ලියන රාලහාමිට කියනවා ' අනේ සර් දවසක් මම මුගේ (හස්බන්ඩගේ) ෆෝන් එකට කතා කලාම අනියම් සම්බන්දේ සද්දත් ඇහෙනවා ( මං හිතන්නේ කෙදිරිය වෙන්න අති...:-D ) පොඩි එකා ඇහුවා මොකක්ද අම්මේ ඒ සද්දේ කියල. ඒකෙන් තමා මම මුලින්ම දැන ගත්තේ මුගේ වැඩ.' (අහම්බෙන් ෆෝන් එක ඔන් වෙලා)
විමල්ගෙ කතාව?
Deleteඇයි බන් උන්දැ කියල තියෙන්න ෂරියා නීතිය ක්‍රියාත්මක කරන්න ඕන කියල. ඒත් එක්කම කියල තියනවා හැම දේටම (z ප්‍රශ්නෙටත් එක්කම ) ඇමති මණ්ඩලයට බැනින එක වැරදී කියල.
Deleteඒකත් එහෙම ද? මම නම් ප්‍රවෘත්ති බලන්නෙ නැති නිසා ඕක දැක්කෙ නෑ. වීක්එන්ඩ් එකේ පත්තර ටිකක් කියවල තමයි සතියෙම වෙච්ච දැනගන්නෙ. හැබැයි මෑන් එහෙම කිව්වනම් ඒකෙන්ම පේනව ගරු ඇමතිතුමාගෙ දැනුම කොච්චරද කියල. (විශේෂයෙන් ෂරියා නීතිය ක්‍රියාත්මක කිරීම ගැන. අනෙක් කරුණ ගත්තත් අපේ ඉන්න පුත්තලම් බූරුවො කවද දැනගනියිද මංද ඕනම රටක කැබිනට් මණ්ඩලයට ඒ රටේ කොයිතරම් බලයක්, රට ගැන කොච්චර වගකීමක් තියනවද කියල. අපේ වාහෙල දන්නෙ දණින් වැටිල හැම දේටම “යෑස් සර්“ කියන්න විතරයි)
Deleteඅවවාදයයි
ReplyDeleteකොටු පනින විට මාරු සල්ලි ලඟ තබාගැනීමෙන් වලකින්න...... මාරු සල්ලි ඇත්නම් ළඟම ඇති පන්සලකපින්කැටයකට දමන්න.
පෝස්ටුවෙ යටට දාන්න හිතලත් කවුරුහරි කියයි කියල නොදැම්මෙ.
Deleteලාවට හිනාවෙන්න බෑ හොදටම හිනා.... :)
ReplyDelete:) හිනා නෑ. ඒ මනුස්සයගෙ ගෙවල් දොරවල් පවා පුච්චන තරම් සැරට සිද්ධිය ඇදුන.
Deleteඅපිනම් ඔන්න මාරු සල්ලි ලග තියාගන්නේ නැහැ ...
ReplyDeleteඅන්න හරි. මෙව්ව හොඳ ආදර්ශ
Deleteහ්ම්ම්ම් කොටු පැනීමේ ආදීනව
ReplyDeleteපනින එකා පනිනව මොනව කලත්.
Deleteදැන් ඔය කොටු පනින ඈයෝ එතකොට මාරු සල්ලි ගෙනියන්න හොද නැද්ද රාජ්?? සෑහෙන්න ගුටි කන්න ඇති නේද? තෙල් ටිකක් මේල් කරන්නද ගාගන්න.
ReplyDeleteගුටිකෑව විතරක් නෙවේ. ඊටත් එහා ගියා.
Deleteමං දාන්න හිතුව කොමෙන්ටුව මී ගොඩයා දාලා.....
ReplyDeleteකොහොම වුනත් "අයිතිකාරයා" මහ මෝඩයෙක්, අරක අරූගෙ ඇගේ ගහලා අත පිහිදාගන්න තිබිච්ච චෑන්ස් එක නැති කරගත්තා.
හ්ම්. ඒක ඇත්ත. ඒත් ඕවයේ ඇතුලෙ තියන පුරස්න මොනවද දන්නෑනේ අපි.
Deleteලාවට කීවට හොඳටම හිනා ගියා. :D
ReplyDeleteපොඩ්ඩිට නං හිනා :)
Deleteමන් කල්පනා කරන්නේ මේ යකා අච්චර දේවල් ඇඳ උඩ කරද්දී උගේ උඩ සාක්කුවේ තිබ්බ සල්ලි ඇඳ උඩ නොවැටුණේ කොහොමද කියලයි.. ඔන්න කියන්න එපා ඌ කමිසේ ඇඳන් ඉන්න නතුව ඇති කියල. එහෙම උනා නම් කොහොමද ඌ හදිසියට සල්ලිත් නොවට්ට ඒකත් ඇඳගෙන ඇඳ යටට රිංගුවේ ? (මේක කියපු රාජ්ගේ යාලුවා කොටු පනින්නාද නැත්නම් ගෙහිමියාද කියලත් සැකයක් එනවා )
ReplyDeleteඅයියෝ සරත් අයියට ඒකවත් තේරෙන්නෙ නෑනේ. සමහර විට ස්ටෑන්ඩින් පොසිෂන් එකක හිටියද කවුද දන්නෙ! හික්!
Delete:D අනාගතයක් තියෙන පොඩි එකෙක්!
ReplyDeleteහ්ම්. :)
Deleteඒ කියන්නේ කොටු පනිද්දි මාරු කාසි ගෙනියන්න එපා... :D
ReplyDeleteමතක තියාගනිං.
Deleteහිනා වෙලාම බඩ රිදෙනවා.
ReplyDeleteඅඩේ මමත් බස් එකේ මාරු සල්ලි දාන්නේ උඩ සාක්කුවට නෙව. බයේ බෑ අප්පා :)
මාරු සල්ලි උඩ සාක්කුවෙ දාගැනීම හොඳ නෑ කියල කලිනුත් කිව්ව.
Deleteඕක කියලා දවස් 14කට වඩා වැඩි නිසා ඒක මතක නැතුව ගියා
Deleteගතයුත්ත : ඔවැනි ගමන් යාමේදී මාරු කාසි රැගෙන් නොයන්න! :D
ReplyDeleteඅර පොඩි එකාට අමුතුවෙන් අකුරු කියවන්න ඕන නෑනේ බං, ඌ එතකොටත් තග දාන්න දැනගෙන ඉඳලනේ.
ReplyDeleteඅනිත් එක ගැන මොකුත්ම නොකිය ඉන්නම්, අපි තාම හැදෙන චූටි එවුවොනේ ....
පොඩ්ඩට තදවුනේ උදේ ඉඳල කරපු විකාරෙට. හරියට නිඳාගන්නත් නෑනේ.
Deleteපළමු කථාවටනම් හිනා ගියා... පුංචි අයත් මාර විදියට පැහිල දැන් ...හි හි හී...
ReplyDeleteහිනාගියා නං කමක් නෑ. හි හි හී
Deleteහිකිස් දෙවනි එක කියවපුහම කතාවක් මතක් වුනා “ බාලා මොකද මේ පැත්තේ “
ReplyDeleteආ... ඒකත් ඇඳයට සීන් එකක්කේ....:)
Deleteඅකුරු කියවන්න ඇවිද්දට පොඩි එකා සුද්ද සිංහලත් දන්න එකෙක්ද කොහෙද?
ReplyDeleteසුපියල් පා වැඩේ කේවා
:)
Deleteහිනා ගියා.
ReplyDelete:)
Deleteදැන් කාලේ පොඩි එවුන්ට උගන්නන එකත් සෙල්ලං නෑ නේ....
ReplyDeleteඅර මාරු සල්ලි අරං ගිය එකාට කැත සීන් එක වුනේ ෂීකේ.... මට මතක් වුනේ අර ඇම්ඩා කුකුලව විකුණපු කේස් එක....
අසරණයා අයියගෙන් මන්තරේ අහගත්තනම් දෙන්නව පූට්ටු කරලා අතටම මාට්ටු කරගන්න තිබුණා...
ඔය මන්තර පරාදයි එකදෙක වදිනකොට.
Deleteඅපි වුනත් දැන ගන්න ඕන කොටුවක් පනින නියම විදිහ.සන්නද්ද වෙලා යන්න එපැයි..ලොල්..
ReplyDeleteඅන්න ඒකනේ.
Deleteමේ කතාව සම්පූර්ණ ඇත්ත බව මම සහතික කරලා කියනවා. මගේ බාල දියණිය හරිම බුද්ධිමත් ඒ වගේම කටකාරයි. කොච්චි කරලවගේ වෙලාවකට. අද ඇය කොළඹ වයිද්‍ය විද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබනවා. මගේ මව පාසල් ගුරුවරියක්. ඒ කාලේ අපේ අම්මාට කියලා පොඩි ළමයින්ට නැකතට අකුරු කියවාගන්න බොහෝ දෙනෙක් එනවා. මගේ දියණියන් දෙදෙනාටත් අකුරු කියෙව්වේ අම්මා. ඔන්න ඉතිං පොඩි එකීගේ අකුරු කියවන වෙලාව. අපේ අම්මා අකුරු කියෙව්වා. කෙල්ල ලස්සනට කිව්වා. අපේ බිරින්දගේ අම්මටත් ඔනාවුනා එයාගේ සයිස් එකත් පෙන්නන්න. එයා රැකියාවක් කලේ නැහැ. ඉතිං නැන්දම්මා කෙල්ලව ගත්තා ඔඩොක්කුවට හා මගේ පුතා මා එක්කත් අකුරක් කියන්නකෝ කියලා අ යන්න. . . කිව්වා. අයන්න නෙවෙයි පයන්න කියපු කෙල්ල ගස්සාගෙන ඔඩොක්කුවෙන් බැස්සා. මම වැසිකිලියට ගිහින් දොර වහගෙන ඇති වෙනකල් හිනාවුනා.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
වෙලාවට දැරිවියක් උනේ. කොල්ලෙක් උනානං පයන්න කියල නවත්තන එකක් නෑ.
Deleteකොටු පැන්න ගෑනු කෙනාගෙ කැටේට දාන්න හිතං හිටපු මාරුසල්ලිද දන්නෑ...
ReplyDeleteඅවවාදයයි කැත සිතෙන් නොසිතන්න!!!!!!
හික්ස්. වැරදියටමයි හිතුනෙ බං.
Deleteතහනම් ගස් අයිතිකාරයින්ගෙ තමයි වැරැද්ද!
ReplyDeleteසැලකිල් මදිවුනා වෙන්ටෑ
Deleteරුපියල් පහක් කල හදියක්..
ReplyDeleteඒකනේ.
Deleteෂික් ජරා මිනියෙක් කොටුපැන්න මදිවට...මාරුකාසි ටිකටත් වැඩේ දීල..!
ReplyDeleteඔය වගේ වැඩ කරනවානම් කාසි ළඟ තියා ගන්න එපා :පි
ReplyDeleteඒ ගුටි කෑවේ රාජ් අයියාලු නේද?
ReplyDeleteඅඩෝව් දැන් මේක කියවපු කවුරු අරි එකෙක් මේක අපේ රාජ් මලයා කොටු පයින්ඩ ගීල්ලා වෙච්ච සීන්කෝන් එකක් කියලා කිව්වොත් එම බාවනව කොනක ඉඳන් අරි?
ReplyDelete(තමාටම: යකෝ මුන් එකෙකුටවත් ඒක ඉතිල නැති ඇටි.)
henryblogwalker චන්ඩියා
the Dude
මොකද නැත්තෙ, මට හිතුන. මට හිතුන. වෙච්චි සන්ගදිය ඉස්පිල්ලක්, පාපිල්ලක් අකුරක් නෑර නිවැරදිව කියනකොටම බඩු මාට්ටු කියල. ඒත් අෆ්ෆා අර මූන බලන් කෝමෙයි කියන්නෙ. මම ඔන්න ඔහෙ මං බබා කමෙන්ට් එකක් දැම්ම. :)
Deleteහෙහ් හෙහ් හෙහ්.....මම පරිස්සමින් ඉන්නව බොලව්!
Deleteනිගමනය 1-කොටුපනීම නිසා ගුටි කෑමට සිදුවේ
ReplyDeleteනිගමනය 2-කිසිවිටෙකත් උඩ සාක්කුවේ කාසි නොදැමිය යුතුය
හරි! උදේ පාන්දරම පොඩි එවුන්ට අකුරු නොකියවිය යුතුය.
Deleteඅපේ පැත්තෙ එකෙක් හිටිය අනියමා කියලා..
ReplyDeleteපර්මනන්ට් පොරක් වෙන්ටැති.
Deleteඋඩ කතාවේ පොඩි එකා ලොකු වෙද්දී ඇට්ටරයෙක් වෙයි වගේ.
ReplyDeleteඇම්ඩෙක්ද කොහෙද!
Deleteමේ දෙවෙනි එකඅයියා අහපු කතාවක් විතරයි නේද...නැතුව ඔයාගේ උඩ සාක්කුවේ හිලක් නෑනේ...;) ;)
ReplyDeleteමේ ළඟදි පත්ත්‍රේක මරු කතාවක් තිබ්බා අයියා කියෙව්වද දැන්නෑ, හස්බන්ඩ් සහ වයිෆ් වෙන වෙන ම කොටු පනින්න එක ම හෝටලේට ගිහින් එද්දි මාට්ටු වෙලා... ආශ්චර්යයට යද්දි ඔහොම දේවලුත් වෙනවලු නේ!
ReplyDelete