Tuesday, October 18, 2011

හිට්ස් 5000කට පසු ඉන්ටවීව් කතාවක්.......!

හරි ඉස්සෙල්ලම කියන්න තියෙන්නෙ ඊයෙ දාපු පෝස්ට් එකත් එක්ක හිට් කවුන්ටරේ 5000 සටහන් උනා කියනඑක. 2011 අප්‍රේල් පටන්ගත්ත බ්ලොග් ලිවිල්ල මේ වෙනකොට හතලිස් දෙවාරයක් ලියල තියනවා. මම මේ බ්ලොග්එක පටන් ගන්නකොට හිතාගෙන හිටියෙ, මගේ හිතේ ඇදිල තිබුණු කෙටිකතා දෙකතුනක වස්තුබීජ ටික පැළකරලා දාන්න. ඒත් වැඩේ කියන්නෙ ඒ දේවල් පැත්තකට ගිහිල්ලා කතන්දරයි දේශපාලනයයි ලියන තත්වෙට මංතුමා පත්වෙච්චිඑක.(මීට අමතරව ක්‍රීඩා පෝස්ට් දෙකතුනක් ඇති මං හිතන්නෙ).

කොහොම උනත් අද දවසේ සිහිකිරීම්/සැමරුම් ගොඩක් තියනවා.
# බුවාගෙ සිතිවිලි පෝස්ට් 100යි.
# සදරුවගෙ හිස් අහසට අවුරුද්දයි.
# බිගුවා බැදලා අවුරුදු හතරයි.
# නිකමා හිට්ස් 10000යි.
# මට හිට්ස් 5000යි.
(කස්ටියම සෙයට්වෙන්න තිබුනනං කියලත් හිතෙනවා)
එහෙනං මාත් එක්ක හිටිය හැමෝටම බොහොම ස්තුතියි.
මෙන්න අද කතාව.

මේක මගේ සීනියර් බැච්එකේ අයිය කෙනෙකුට වෙච්ච මමත් දන්න සීන් එකක්. කිවුවෙ එයාගෙ බැච්එකේ වෙනත් අයිය කෙනෙක්.(ටිකක් අතිනුත් දාල මගේ හිතේ) ඒනිසා සත්‍ය අසත්‍ය තාවය 100%ක්ම කියල විශ්වාස කරන්නත් බෑ.

කතා නායකයගෙ නම කපිල කියල කියමු.(ඇත්තටම කපිල තමයි)

මෙයා ගියා ප්‍රයිවට් කම්පැණියක ඉන්ටවීව් එකකට. මම නං ඉන්ටවීව් ගිහිල්ලා නෑ. අහල තියන විදියට ඒවයෙදි චූටි දේවල් පවා ලොකුවට බලනවලු.

ඕං කපිල අයිය ‍ගියා ඉන්ටවීව් බෝඩ්එක ඉස්සරහට. වාඩිවෙන්න කිවුවා. කැරකෙන පුටුවක් තිබුනෙ වාඩිවෙන්න. මෑන් බරදාලා වාඩිවෙන්න හැදුව විතරයි පුටුව ලිස්සල ගියා අඩි ගානක් ඈතට...

ඊට පස්සෙ පුටුව හදන්න චුට්ටක් පහත් උනා විතරයි ෂර්ට් එකේ උඩ සාක්කුවෙ තිබුන රුපියලේ දෙකේ කාසි ලොට් එකක් වැටුනා සල සලාං ගාලා.

ඒටික ඇහිදගෙන ආයෙත් වාඩිවෙනකොට ඒසී රූම් එකක හිටියත් මෑන්ට හොදටම දාඩියදාලා. අහපු ප්‍රශ්න වලට හීනෙං වගේ උත්තර දෙනකොට සේවකයෙක් තේ අරගෙන ආව. අපේ මෑන්ටත් ආරාධනා කලා තේ බොන්න. පැටිස් ද මොනවදත් තිබුනලු කන්න. වෙච්ච සීන් වල හැටියට ආරාධනාවට පොර ඇඹරෙනවලු. පස්සෙ ඉන්ටව් බෝඩ් එකේ ලොක්ක කිවුවලු "කමක් නෑ කන්න" කියලා. එකක් කාල බලනකොට පැටිස්එක රසයි වගේ ලු. ඒ ගමන තවත් එකක් කාලා ටී එකත් බීලා සාක්කුවට අත දැම්මලු ලේන්සුව ගන්න. මොන! ඒකත් අමතක වෙලා!

සර්වියට් එකත් ඉන්ටවු බෝඩ් එක ගානෙ.
අන්තිමට මොකක්ද අස්සනක් දාන්න කිව්වලු ඒකට පෑනත් ඉන්ටවු බෝඩ් එකෙන්.

ඔයවගේ සාර්ථක සම්මුඛ පරීක්ෂණයකින් පස්සෙ කපිල අයිය එලියට ආවෙ මහා පරිමාණ චූ බරකුත් දරාගෙන. ලගපාත ටොයිලට් එකකුත් නෑ, බර දරාගෙන ඉන්නත් බෑ. අපේ මෑන් පාරට ඇවිල්ලා ෆැක්ටරියෙම තාප්පෙට බර හෑල්ලු කරගන්නකොට ඒකෙ ගේට් එක ඇරුනා. ආවා කාර් එකක්, කාර් එකේ හිටිය මෑන් හිනාවක් දාගෙන බුවා පහුකරගෙන ගියා. දන්නවද ඒ කවුද කියල,

ඒ තමයි ඉන්ටව් බෝඩ් එකේ ලොක්ක.

30 comments:

  1. මැවිල පේනවා.... ඌට වෙච්චි සංගෙදියක්.... අනේ අප්පේ... ඉතින් රස්සව හම්බෙන්න ඇති නේ... හික් හික්...

    සුබ පැතුම්.... 5000 ට.

    ReplyDelete
  2. @පිස්සා පලාමල්ල
    රස්සාව ලැබුනත් කරන්න පුළුවන්ද වෙච්ච වැඩවල හැටියට.
    බොහොම ස්තුතියි.

    ReplyDelete
  3. මුලින්ම සුබ පැතුම් ඔන්න .....
    අයියෝ අර මෑන්ට වෙලා තියන දේ, ලොවෙත් නැහැ, ලොවි ගහෙත් නැහැ, ගහ ලොවෙත් නැහැ .........

    ReplyDelete
  4. @පන්සල් හංදිය
    ලෝවැඩ සගරාවෙත් නැහැ, අභිධර්ම පොතෙත් නැහැ.

    ReplyDelete
  5. ඕන වැඩ කාරයෙක් ඇඹරෙන තැනක් තමයි....

    ReplyDelete
  6. ජයවේවා....දිගටම ලියපං...
    මලකෙලියයි මහරජ කිව්වලු ඔකට දෙයියනේ කියලා වතුර ටික යන්ට ඇතී මයේ හිතේ.....

    ReplyDelete
  7. ඉස්සෙල්ලම මගෙ සුභ පැතුම් පිළිගන්න....

    මං දැන් කරන ජොබ් එකේ ඉන්ටර්වීව් එකේදී සය්ලන්ට් දාගෙන ගියා කියල මං හිතා හිටිය මගෙ ෆෝන් එක රින් වුනා. වෙලාවට ඉන්ටර්වීව් බෝර්ඩ් එකේ ලොක්ක ඉස්සරත් මගෙ බොස් කෙනෙක්. පොර කිව්ව ෆෝන් එකට ආන්සර් කරලම ඉන්න කියල. මං ඉතිං පස්සෙ කතා කරන්නං කියල ෆෝන් එක ඕෆ් කරලම දැම්ම.

    හැබය් අරූට වෙලා තියෙන දේවල් වල හැටියට මගෙ වැඩේ බෝම සිම්පල්

    ReplyDelete
  8. මගෙනුත් සුභ පැතුම් !
    හිකීස් නියම ඉන්ටවීව් එක. විභාග වලටවත් නැති ස්ට්‍රෙස් එකක් තමයි ඉන්ටවීව් වලට තියෙන්නෙ !

    ReplyDelete
  9. කපිලයි රාජ්යි එක්කෙනෙක් නොවේ කියලා හිතන්නම් . . හික්ස්

    සුභ පැතුම් ඈ . . .

    ReplyDelete
  10. මගේ සුභ පැතුම්! මම තාම කිසිම ඉන්ටර්විව් එකකට ගිහින් නැහැ. හැබැයි ෆැකල්ටි එකේ වැඩ වලට ගිහින් තියනවා. ඒවා ඉන්ටර්විව් කියන්න බැහැ. අපේ සර්ලම ඉන්නේ. ආයිත් යන්න වසකුත් ඉතුරු වෙලා නැහැ.

    ReplyDelete
  11. උට තමා අනිවාර්යෙන්ම ජොබ් එක දෙන්න ඕනේ. ඌ ටැලන්ටඩ් එකෙක්. ටික දවසක් යනකොට බොසාගේ ඔලුවට අත හෝදලා බතුත් කයි !!!

    ReplyDelete
  12. ඔන්න රාජ් අයියට මගෙනුත් සුබ පැතුම් !!!!

    ReplyDelete
  13. හපොයි කපිල...

    ඔන්න මගෙනුත් සුබ පැතුම්!!

    ReplyDelete
  14. අර පිරිටන් එක සාක්කුවෙන් ගන්න කොට කොන්ඩම් ආවේ කාටද?
    එයාටයි ඔයාටයි දෙන්නටම සුභ පැතුම්!

    ReplyDelete
  15. මටත් කතන්දර ශුරින් කියපු පිරිටන් කේස් එකම තමයි මතක උනේ , ඌට දෙවි පිහිටයි රාජ්ට සුභ පැතුම්

    ReplyDelete
  16. මුලින්ම සුබ පැතුම් බ්ලොග් එකේ සුවිශේෂී කඩ ඉමට.. ඇත්තටම පොස්ට් ගණන අඩු උනාට රාජ් ලියන දේවල් වැඩක් තියෙනවා..විශේෂයෙන්ම අර රාජ්‍ය ආයතන සම්බන්ධ ලිපි එහෙම මමත් ආසාවෙන් කියවන ඒවා...

    අම්මපා මං ඔය කොම්පැණියේ බොසා උනානං අරූව එවෙලෙම වැඩට ගන්නවා... වැඩි හරියක් ඔය ඉන්ටවිව් වලට එන එවුන් කරන්නේ විනාඩි කිහිපයක රඟ පැමක්නේ..එහෙම බැළුවොත් නියමිත සුදුසුකම්වලය අමතරව වැඩි හරියක් තෝරගන්නේ හොඳම නළුවෝ නෙව...

    ඒ වගේද අර පුතා... අර අන්තිමට තාප්පෙට කර කර හිටිය වැඩේ දැක්කම තේරුං ගන්න ඕන ඌ මොන මගුල උනත් තමන්ගේ වැඩේ කරන පොරක් කියලා...

    ReplyDelete
  17. හෙහ් හෙහ්. උඩින්ම තේරෙන්න ඇති!

    සුභපැතුම් රාජ්. තවත් බොහෝ දුර යාමට වාසනා.

    ReplyDelete
  18. @මාරයා - මේ ඩයල් එක තොරාගැනීම කෙසේ වෙතත්(මුගේ තියනව මහ චාටර් සීන් ) ඉන්ටර්විව් වලදි තේරෙන වැඩි හරියක් නලුවොය කියන එක නම් ඇත්ත . හොඳටම ඉන්ටර්විවෙ ෆෙස් කරන්න පුලුවන් වැඩියෙන් ගිය එකාට හෙවත් එක තැනක එක දිගට ඉන්න බැරි එකාට . පිටරට සමහර කොම්පැනි වල නම් මිනිස්සුන්ගෙ ස්වාභාවික ගතිය බලනවලු බොහොම රිලැක්ස් වටපිටාවක් දීල , ඇත්තම සතා අඳුන ගන්න ඕනි නිසා

    ReplyDelete
  19. 5000 ට සුබ පැතුම්.... !!!

    ReplyDelete
  20. @මාතලන්,Raj
    හ්ම්.

    @Observer
    ඔබාගෙ කතන්දර දෙකතුනක් ඇහුවනං ඉන්ටව්එක ලේසියෙන්ම පාස් කරනව.

    @Ranul Hashika,Weni
    බොහොම ස්තුතියි.

    @දුකා
    අපොයි නෑ.කපිල කියන්නෙ නං මම නෙවේ.මම ජීවිතේටම ඉන්ටවීව් එකකට ගිහිල්ල තියෙන්නෙ එකම එක දවසයි. ඒක දැන් කරන මේ ජොබ් එකේ.රජයේ ඉන්ටවිව් වලදී අරවගේ සැරට බලන්නෙ නෑ.ඉන්ටව් ගියා කියන්නෙ ජොබ්එක ලැබෙනව කියනඑක තමයි බොහෝවිට.

    @වෙද ගෙදර මහ වෙදනා
    එහෙම කියන්න එපා.තව ඉන්ටව් ඉස්සරහට එන්න පුළුවන්.

    @මධුරංග
    ස්තුතියි මලයො. ටිකක් විතර මොංගල් වැඩ කලත් අරූ ටැලන්ටඩ් බුවෙක්.දැං හොද ජොබක් කරනවා.

    ReplyDelete
  21. @හිරණ්‍ය
    බොහොම ස්තුතියි.සාදරයෙන් පිලිගන්නවා.

    @කතන්දර Kathandara & බුවා
    බොහොම ස්තුතියි. ඒ කතාව මං දන්නෙ නෑනෙ. ඔයවගේ මාරක සිද්ධියක් මටත් උනා. මමයි (ඒකාලෙ)වෙන්ට නෝනයි වෙඩින් එකට කාඩ් තෝරන්න පිටකොටුවෙ ඇවිදලා කාඩ් එකකුත් තෝරලා සල්ලි ගෙවන්න පර්ස් එක අදිද්දී කොන්ඩම් එකක් වැටුන නෙව. ඒක මට දුන්නෙ මගේ ඔපීසියෙ යාළුවෙක්.නොමිලේ කොන්ඩම් බෙදපු කොහේදෝ තැනකදී තමයි මූට ඒක ලැබිල තියෙන්නෙ.ඒ වෙලාවෙ වැඩේ ෂේප් කරගත්තෙ හෙන ගේමක් දීලා:D

    @මාරයා
    බොහොම ස්තුතියි මාරයියේ.ලගදී ඒවගේ පෝස්ට් එකක් දාන්න හිතාගෙන ඉන්නවා.
    නළුවො කියන කතාව නං සහතික ඇත්ත.ඒඅතින් බැලුවම රාජ්‍ය සේවයේ ඉන්ටව් හොදයි.එතනදි බලන්නෙ අතපය හොදට තියනවද ඕන තැනක වැඩකරන්න මූට පුළුවන්ද කියන කාරනාව විතරයි.

    @නලිනි චන්දිමා
    බොහොම ස්තුතියි.දුර යන්න ඉස්සෙල්ලම දිරි දුන්නෙ ඔයා තමයි.

    @විසිතුරු | visituru
    බොහොම ස්තුතියි.

    ReplyDelete
  22. ඉතිං ජොබ් එක ලැබුනලුද?...:D
    මගෙනුත් සුබ පැතුම් 5000 ට.

    ReplyDelete
  23. @Podi Kumarihami
    මොන ජොබ්ද වෙච්ච සීන්වල හැටියට අතක් පයක් නොකැඩි ආවා ඇති.
    බොහොම ස්තුතියි.නවාතැනට සාදරයෙන් පිලිගන්නවා.

    ReplyDelete
  24. මම වගේ ගොන් නාම්බෙක් .. මම පමා වුණා නේ !

    පවු අප්පා අර යාලුවා ඌටනම් ජොබ් එක හම්බුවෙන්නම ඕන මොනා නැතත් මිස්ටර් බීන් වගේ රැකියාව කරන තැන ජොලියෙන් ඉඳීවි .

    සුබ පැතුම් මචං
    බ්ලොග් එක දිනෙන් දින දිනේවා ..!

    ReplyDelete
  25. තැන්කූ තැන්කූ...උඹ කොහේද මංගැච්චුවේ.
    උෟට දැං හොදයිලු.

    ReplyDelete
  26. එහනම් පොරට රස්සාව ශුවර් එකටම ලැබෙන්න ඇති...
    5000ට සුභ පැතුම්...

    ReplyDelete
  27. @Dinesh
    ආයෙත් අහල!
    බොහොම ස්තුතියි.

    ReplyDelete
  28. මම නම් අදයි ඉස්සෙල්ලාම ආවේ... දැනටමත් සෑහෙන්න ලිපි කියෙව්වා... සුභ පැතුම්..!!!

    ReplyDelete
  29. @Beetle
    බොහොම ස්තුතියි ආවට.සාදරයෙන් පිලිගන්නවා නවාතැනට.

    ReplyDelete