සාමාන්‍යයෙන් ලංකාවෙ විශ්ව විද්‍යාලයක දේශකයෙක් වෙනව කියන්නෙ තමන්ගෙ ඉගනීම හරියටම කරල එතනින්ම ගමන ආරම්භ කරන කෙනෙක්. ඒ වගේම අධ්‍යාපනය පැත්තෙන් හොඳ "මීටර්" තමයි මේ තැන්වලට එන්නෙ. ඒ වගේම මේකෙ තවත් පැත්තකුත් තියනව. විශ්ව විද්‍යාලය තුලදී දේශපාලනය සහ අනෙකුත් පොදු වැඩ කරන(කට තියන) උදවිය සාමාන්‍යයෙන් ඉගෙනීමෙන් ඉස්සරහට යන අවස්තා දුලබයි. වෙනත් විදියකට කියනව නම් "හොඳට විභාග පාස් කරන එවුන්" බොහෝවිට "පොත් ගුල්ලෝ". මේ නිසා ඇතිවන අනිවාර්ය ප්‍රතිඵලයක් තමයි විශ්ව විද්‍යාල ආචාර්යවරු දැනුම කොතරම් තිබුනත් ඉගැන්වීමේ හැකියාවෙ දුර්වල වීම. කලා විශය ධාරාවන් වල මේ තත්වය නැතත් විද්‍යා-ගණිත විශය ධාරාවන් වල මේ අවුල තදින්ම තියනව කියල මම දන්නෙ අත්දැකීමෙන්. මේ කියන්න යන්නෙ විශ්ව විද්‍යාලෙ ආචාර්යවරු ගැන මතකයන් ටිකක්.
මම විශ්ව විද්‍යාලයට යන අවස්තාව වෙනකොට කොම්පීතරයක් අල්ලල වත් තිබුනෙ නෑ. අපිට පලමු අවුරුද්දෙදි තිබුන මූලික පරිගණක පාඨමාලාවක්. කරුමෙකට වගේ මේකෙ දේශකයන් සහ උදව්වට හිටිය "ඩිමෝ"ල අපිට ඉගැන්නුවෙ අපි පරිගණක දැනුම පරතෙරටම ගියපු එවුන් කියල හිතාගෙන. පොඩ්ඩ වරදිනකොට මේ උදවිය කෑගහන්නෙ බාලාංශ පන්තියක වගේ.(මේකට විරුද්ධව අපි උද්ඝෝෂණයකුත් කලා). එක දවසක පාඩම උනේ "එම්එස් වර්ඩ්". ඉතිං අපේ ආචාර්යතුමත් ඇවිල්ල මොකක්දෝ කියල දෙනව. ඊට පස්සෙ මට කියනව අරක කරන්න මේක කරන්න කියල. මට මෙව්ව ග්‍රීක් වගේ. ඊට පස්සෙ ලඟ හිටිය එකෙක් "අන්ඩූ" ගැන කියල දුන්න. ඊට පස්සෙ මම කරන්නෙ ආචාර්යතුමා කියලදීල එහාට මෙහාට වෙන අතරේ අන්ඩූ කරල ගත්ත අයිටම් එකේ පොඩි වෙනසක් කරල පෙන්නන එකයි.
ආචාර්යවරු කිව්වම කටපුරා නම කියන්න පුළුවන් කෙනෙක් ඉන්නව. ඒ තමයි ආචාර්ය.......(අහවලා). අපි කියන්නෙ "දෙයිය" කියල. ගණිත අංශයේ උගන්වපු මෙතුමාට කවුරුවත් දොසක් කිව්වෙ නෑ. ළමයින් ගැන බොහොම කාරුණිකව බලපු කෙනෙක්. දේශනයේ අන්තිම දවසට හදන ගනන් කිහිපය "ලඟින් යන" ගනන් දෙක තුනක් විභාගයට එනවම තමයි. එක සැරයක් මමයි මගේ යාළුවෙක් වෙච්ච වාසෙයි ගියා මේ ආචාර්යතුමා මුනගැහෙන්න. විභාගෙ තියෙන්නෙ හෙට! කලින් දවසෙ දේශනයට නොගිය අපි එදා කියල දීපු ගනනක් අරගෙන තේරුම්ගන්න උත්සාහ කලත් හරිගියේ නෑ. ඊට පස්සෙ පුස්තකාලයට ගිහිල්ල පොතක් අරගෙන පෙරලනකොට අහම්බෙන් වගේ දැක්ක ඒවගේ ගනනක්. ඒක ඉන්දියාවේ කේරලයේ කවුදෝ ලියපු සංඛ්‍යානය පොතක්. කලින් දවසෙ කියල දීල තියන ගනනම උස්සගෙන යන්න බැරිකමට අපි මේ ගනන කොල කෑල්ලක ලියාගෙන ගියා "දෙයිය" ලඟට. අපි යනකොට මෙන්න දෙයිය ඉන්නව කොරිඩෝවක මේසයක් පුටුවක් දාගෙන. මොනවදෝ කුරුටුගාපු අත් පිටපත් වගයකුත් තිබුන. අපි අතර ඇතිවුන කතාබහ මෙහෙමයි,
දෙයිය: ළමයි මොකද?
අපි: සර් මේ..... ගානක් අහගන්න.
දෙයිය: ෆස්ටියර්ද?
අපි: නෑ සර්,..... සෙකන්ඩියර්. (කෙහොමද අපි ගැන සර්ගෙ මතකය. දේශන වලට හොඳ සහභාගීත්වය තමයි)
දෙයිය: ආ..... හෙට නේද විභාගෙ. දැන්ද පාඩම් කරන්නෙ?(අත් පිටපත් ගොන්න පෙන්වමින්) මේ තියෙන්නෙ පේපර්එක. පුළුවන් නම් බලාගන්න.
අපි: හී..හී... මේ ගාන සර්.
දෙයිය: (පුදුමයෙන්) මේ ගාන ඔයාලට කොයින්ද?
අපි: සර් ඕක කේරලයේ අහවල් පොතේ අහවල් පිටුවෙ තිබුනෙ.
කතාව එතනින් ඉවරයි. ගාන හදන හැටි එතුමා යසට කියල දුන්න. පස්සෙ දවසෙ උදේ විභාගෙට ගිහිල්ල බලනකොට ඒ ගනන කිසිම වෙනසක් නැතුව මෙන්න ප්‍රශ්න පත්තරේ!
දෙවනි සිද්ධිය උනේ මගේ යාලුවො දෙන්නෙකුට. ඒ දවස්වල මොකක්දෝ විශයකට අදාලව ප්‍රොජෙක්ට් එකක් කරන්න තියනව. මේ ප්‍රොජෙක්ට් එකකට ළමයි දෙන්නෙක් ඉන්නව. සාමාන්‍යයෙන් හොඳට ඉගනගන්න කෙනෙක් සෙට්වුනොත් අනෙත් එකාත් ගොඩ. කරුමෙකට වගේ අපේ රූම් එකේම හිටිය එවුන් දෙන්නෙක් එකට සෙට්වුනා.(එකෙක් මගේ බයික්එක උස්සපු පාප මිත්‍රයා චන්දරේ. අනිත් එකා පැය ගනනාවක් කලින් පන්තියකට ගිය බුරා!) නියමිත කාලෙ අවසන් උනත් එකෙක්වත් වැඩේට අතගැහුවෙ නෑ. කාලෙකට පස්සෙ දෙන්න සෙට්වුනා ආචාර්යතුමා ලඟට යන්න. කතාවුනේ මෙහෙමයි,
බුරා: මොනවද බං සර් ලඟට ගිහිල්ල කියන්නෙ?
චන්දරේ: මම කියන්නං මෙහෙම. මම කියනව උඹලගෙ මල්ලි නැතිවුනා කියල. එයා හොයන්න ගිය නිසා පරක්කු උනා කියමු.
බුරා: හා!
ඔන්න දෙන්න ගියා ආචාර්යතුමා ලඟට. ඊට පස්සෙ කතාව මෙහෙමයි.
ආචාර්යතුමා: ආ..... ඔයාල එනකං තමයි මම හිටියෙ. ඇයි ප්‍රොජෙක්ට්එක කරන්නෙ නැත්තෙ. ඔය දෙන්න විතරයි භාරදීල නැත්තෙ.
බුරා: සර් මෙයාගෙ මල්ලි නැතිවුනා ඒකයි පරක්කු උනේ.
ආචාර්යතුමා: මල්ලි මොනව වෙලාද නැතිවුනේ.
බුරා: නෑ සර් නැතිවුනා කිව්වෙ ගෙදරින් ගිහිල්ල. එයාට පොඩි මොලේ අප්සට් ගතියක් තිබ්බ. ඒකයි.
ආචාර්යතුමා: හා.... එහෙනං ඉක්මනට ප්‍රොජෙක්ට් එක කරල භාරදෙන්න.
චන්දරේ හදපු බොරුව බුරා අයිති කරගත්තෙ එහෙමයි. පස්සෙදවසක ආයෙත් දෙන්න යනව ආචාර්යතුමා මුනගැහෙන්න. ප්‍රොජෙක්ට් එකේ ගැටළුවක්. යනකොට ආචාර්යවරු දෙන්නෙක්ම ඉන්නව. ගැටළුව ලිහාගන්න බැරුව දෙන්න තර්ක කරනව සූත්‍රලියනව වැඩ කෝටියයි. අන්තිමට ඒ දෙන්නම ප්‍රොජෙක්ට්එක ගොඩදැම්ම. යාලුවන්ට තිබුනෙ "බලා ලිවිල්ලක්" විතරයි.
ඊලඟ කතාව අපේ තවත් ආචාර්යතුමෙක් ගැන. මෙයාගෙ තියන විශේෂත්වය තමයි කියන කිසිම දෙයක් පැහැදිලි නැති වීම. වොයිස්එක හෙනම අවුල්. දවසක් දේශනය අතරේ ශාලාවෙ පිටුපසට අත දික්කරල කියල තියෙන්නෙ,
"හ්ව්ලිමරදන්ග්"
මේක අහපු පිටිපස්සෙ හිටිය එකෙක් නැඟිටල ගිහිල්ල ඇරෙමින් වැහෙමින් තිබුන දොර වහල ආව. ඒත් ආචාර්යතුමා අහල තියෙන්නෙ
"ඔය පිටිපස්සෙ ඉන්න අයට ඇහෙනවද" කියන එක.
අන්තිම සිද්ධිය උනේ අපේ සීනියර් බැච්එකේ අයියල දෙන්නෙකුට. මේ දෙන්නට කාලෙකට පස්සෙ අදහසක් පහලවෙලා ලෙක්චර් එකකට යන්න. දෙන්න එක්ක ගිහිල්ල තියෙන්නෙ විනාඩියක් දෙකක් පරන්‍ක්කු වෙලා. යනකොට දොර වහල තියනවලු. කෝකටත් කියල දොරේ අගුල කැරකුවලු. ම්හු! ඇරෙන්නෙ නෑ. මේ අතරේ දේශනය කරන ආචාර්යවරිය අනිත් දොරෙන් එන්න කියල සඥා කලා. ඇතුලට ආවම කතාබහ මෙහෙමයි.
ආචාර්යවරිය: ඔය දෙන්න අන්තිමට ලෙක්චර් ආව දවස මතකද?
අයියල: ........
ආචාර්යවරිය: ඔය දොර, ඔය විදියට වහල තියෙන්නෙ ගිය අවුරුද්දෙ ඉඳල.
Friday, July 6, 2012
මතු බුදුවන අපේ ආචාර්ය දෙයියා.
Subscribe to:
Post Comments (Atom)
අන්තිම කතාව තමයි සෝක්! අපි නම් ලෙක්චර්ස් ගියෙ නැත්තම් සොරි ම තමයි. ඊළඟ අවුරුද්දෙත් ඒක ම ආයේ ලියන්න වෙනවා! දෙයියා නම්, දෙයියෙක් ම තමයි!
ReplyDeleteඔය චෑන්ස්එක ලැබුන අන්තිම බැච්එක තමයි අපි. ඊට පස්සෙ 80% අනිවාර්ය උනා.
Deleteඅන්තිම කෑල්ල ෂෝ ආ.ඇයි රාජ් අයියගේ කථාවල් හැමදාම අන්තිම කෑල්ල ෂෝයො වෙන්නේ .. :) :D :D
ReplyDelete:)
Deleteඅන්තිම කෑල්ලෙදි හාස්‍ය තීව්ර වෙන්න ලියන්න ඕන.
තමුන්නාන්සේ හුළංකන්ද මහාවිද්‍යාලේට ගියේ මොන අවුරුද්දේද?
ReplyDelete2002-2006
Deleteකපුදූව ගොය්යා නේද සභාපති වුනේ?
Deleteඊට බැච් දෙකක් පහල.
Deleteඅර අචාර්ය තුමිය කොච්චි කරලද, මානව දේවිද , එදුස්සුරිය මැඩම්ද?
Deleteහෙහ් හෙහ් හෙහ්.... උඹත් දන්නවද. මට මේල්ලුවක් එවපං.
Deleteසීනීයර්ස්ලා කියන දේවල් ප්‍රශ්ණ කරන්න බැහැ .ඇහුවාම කියන්න ඕන
Deleteකණගාටුයි! එහෙනං හරියන්නෙ නෑ.
DeleteCorrect answer Raj. That seniority is not applicable any more.
Deleteඒකනෙ. එහෙම බැලුවොත් කතන්දරල කොච්චර ජ්‍යෙෂ්ටද! :)
Deleteදෙයියට පින්සිද්ද වෙන්න අපිටත් ඔහොම දෙයක් වුනා.ඉස්සර මේ වගේ දේවල් මම හරි විනෝදෙන් මතක් කරනවා.ඒත් දැන් මුකුත් මතක නෑ.ඇත්තමයි.සමහර දේශක වරුන්ගේ නම් පවා මට මතක නෑ.
Deleteමතක් කලොත් නං මතක් වෙයි.
Deleteකතාවත්, කතාවේ අන්තිම ටිකත් හැමදාම වගේ ලස්සනයි.:)
ReplyDeleteතැන්කූ.:)
Deleteසමහර අය ලගට යන්න වෙන්නෙ අපි ඉගන ගන්න උනත් අපිට වෙන්නෙ එයාලට උගන්වන්න
ReplyDeleteසො මොනවා උනත් සුන්දර අතිත මතකයක්නෙ
මොනව කරන්නද. අමාරුවෙන් ගොඩදාගත්ත.
Deleteඅන්තිම එකනම් ජොලි. ඉතින් ඊට පස්සෙ උඹල උද්ඝෝෂණය කළේ නැත්ද “කැඩිච්ච දොරවල් වහාම හදව් !“ කියල.
ReplyDeleteමොකට උදච්ඝෝෂණය කරන්නද. එයවගේ හදිසි දවසකනෙ ලෙක්චර් යන්නෙ.
Deleteඉතිං. ඒ නිසා තමා ඇහුවෙ. ගිහිපු දවසට වැඩේ මාට්ටු වෙන්නෙ දොරවල් නිසානේ. :)
Deleteමටයි බුරාටයිත් උනා මේවගේ සීන් එකක්. ටිකක් චාටර් නිසා ලිව්වෙ නෑ. :)
Deleteහෙහ් හෙහ් .... තේරුනේ ... දැන් තමයි. :)
Deleteඅපි ඔව්වට මුකුත් කියන්නෑ
ReplyDeleteහා හා මට කවිකාරිගෙ ආචාර්යතුමාවත් මතක් උනා.
Deleteමෙන්න ඇනකොන්ඩා වැඩ පටන් ගත්තා. දැන් අවශ්‍ය ඔබේ සහයෝගයයි
ReplyDeleteහරි
Deleteඅන්තිම කතාව නියමයි අයියා..... ;)
ReplyDeleteහා... මං මේ නූතන බිරිඳ බලන ගමං.
Deleteනියම කතා සෙට් එකක්...
ReplyDeleteඅන්තිම එක තමා මරුම... :)))
:)))
Deleteවනපොත් කරන උන් ලේක්ච්රයෝ වෙලා පිස්සු කෙලිනවා සංගම් නායක වෙලා සටන් කල අය මැති ඇමති වෙලා කොල්ලන්ට කෙල්ලන්ටම කෙලිනවා. මොකක්ද වෙනස ?
ReplyDeleteවනපොත් කරන උන් ලේක්ච්රයෝ වෙලා පිස්සු කෙලිනවා සංගම් නායක වෙලා සටන් කල අය මැති ඇමති වෙලා කොල්ලන්ට කෙල්ලන්ටම සහ ලෙක්චරයන්ටත් කෙලිනවා.
Deleteමාර කථා සෙට් එක බං. ස්තුතියි බෙදාගත්තාට.
ReplyDeleteඔය වගේ අත්දැකීම් ගෝනියක් විතර මටත් තියෙනවා,
ඉඩක් ලැබුන කාලෙක එලියට දාන්නම්කෝ.
ස්තුතියි දිරිමත් කිරීමට. ලියන්න.
Deleteඅන්තිම එක තමා සිරා...
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමොකෑ මැකුවෙ?
Deleteමුල් කතා දෙකත් ලස්සනයි...
ReplyDeleteඅන්තිම කතාව තමයි පට්ට
ReplyDeleteprasanna86k, Lakmal Flora - ලක්මල් ෆ්ලෝරා & amila chathuranga
ReplyDeleteතැන්කූ.
සීනියර්ස්ලා දෙන්නාට ලෙක්චර් එකක් තියනවා කියලා මතක් වෙච්ච් එකත් ලොකු දෙයක්!
ReplyDeleteමගේ වැඩපොලේ සමහර 'ෆස්ටියර්ලා' උදේ ලෙක්චර් එකට එන්නෙ පබ් එකේ නැත්නම් බාර් එකේ ඉඳලා... දෙවෙනි තුන්වෙනි අවුරුදු වෙනකොට සිරාවටම පත පොතේ වැඩ.
අපි කලේ එහෙම නෙවේ. ලෙක්චර් නොගියත් විභාගෙ කිට්ටුව වැඩිපුර මහන්සි වෙනව. ඒ වගේම අතයවශයම දේවල් විතරයි ඔලුවට දාගන්නෙ.
Deleteනියමයි බන්. ඔය දෙවෙනි වැඩේ වගේ වැඩක් කොරොල තමා මමතුමාත් 'පස් තාච්චි' උපාධියේ තීසිස් එක ගොඩ දා ගත්තේ. වැඩේ කියන්නේ මට ඒකට A තියනවා, ඒත් මාස ගණන් මැරිල ගොඩ දා ගත්ත උන්ට B සහ B+.
ReplyDeleteඑළම කතාව අන්තිම එක. මේ වගේ එකකුත් මට උනා කිව්වොත් පුදුමද? හැබැයි කරන කාලේ. අපේ වාණිජ්‍යය සර් (කිරි බර්ටි ) ගේ පීරියඩ් එක කට් කරල සර් එනකොටම මම එළියට දුවල තියෙන්නේ පඩිපෙළ ගාවදී සර්වත් තල්ලු කරගෙන. චාටර්ම සිද්ධිය කියන්නේ මම දුවන ගමන් සර්ගේ පිටට තට්ටුවක් දාල කිව්වලු 'මචං දුවපන් බර්ටියා එන්න කලිං' කියල.
This comment has been removed by the author.
Delete'මචං දුවපන් බර්ටියා එන්න කලිං'
Deleteහිනාවෙලා පනයනව මේ කතා වලට.
හැබැයි කරන කාලේ කිව්වෙ 'o/L' කරන කාලේ.
ReplyDeleteහික්ස්.....හරි සෝයි ආචාර්යවරය අප්ප....^_^
ReplyDelete^_^
DeleteWhat is this Hulankanda Maha vidyalaya? I only have gone to the university when raining ?
ReplyDeleteuniversity of ruhuna.
Deleteහරි අහිංසක කොල්ලො සෙට් එක්ක්.
ReplyDeleteඅම්මප සයන්ස් ආචාරියෝ නම් බහුතරය චා.. ආචාරියා හොදටම හොද නම් පේපර් එක අනාතයි.
ReplyDeleteආචාරියා හොදටම හොද නම් පේපර් එක අනාතයි.
Deleteසහතික ඇත්ත!
හිකිස් පවු අෆ්ෆා හලි හුලතල් කොල්ලෝ ටිකක්
ReplyDeleteහලීම හුලතල්
Deleteඅන්තිම එක තමා පට්ට ඈ....
ReplyDeleteමාත් කාලෙකිං ලෙක්චස් ගියෙ නෑ...
ලෙක්චරස්ලට මතකද මන්දා...
උඹලට 80% නැද්ද?
Deleteහරි හරි රාජ් අයියා විස්ස විජ්ජ්යාලේ ගියා කියලා කියාගන්නනේ ඕන වුනේ? :D
ReplyDeleteඅනේ මලේ මම දුප්පත් එකා වෙච්චි. අරින්න කියල නයෙකුත් නැතිඑකේ ඔහොමවත් නයෙක් ඇරියම මොකෑ වෙන්නෙ. හොහ් හොහ් හොහ්...
Deleteනයි හින්දා හෙන කේස් ගොඩයි අද
Deleteඅපිත් ඔන්‍න ඔහේ අපේ පාඩුවේ නයෙක් ඇරන් ඉමු :D
නයි ඇරල අහු වෙනව නෙවේ හරිය :ඩී
Deleteඅන්තිම කතාව මරු බං..
ReplyDeleteපළවෙනි සීන් එකෙන් නම් ආචාරියා කොර වෙන්න ඇති :ඩී
මට නං හොඳ ගානෙ කතාව. ඒ ගානෙන් තමයි ගොඩ ගියේ. :)
Deleteසිරා කථා ටික කාමරේ දොර වහලා ඇවිල්ලම හිනා වෙන්න පටන් ගන්න ඕනී
ReplyDeleteහ්ම් ඒක හොඳයි. නැත්නං පිස්සු කියල හිතයි.
Deleteෆූටා එකේ වෘත්තිය සමගි ක්‍රියා මාර්ගයට සපෝට් එකට නේද අදම මේ කතාව දැම්මේ?
ReplyDeleteඅපි නං අහුවෙයි ඕවට!
"ෆූටා" ?
Deleteකතා සෙට් එකම මරු ....අන්තිම එක මරෙ මරු...
ReplyDeleteෂහ් මරු කතා ටික... අන්තිම කතාවේ කතා නායකයෝ සෙට් එකට පොලොව පලාගෙන යන්න හිතෙන්න ඇති... මගෙ අම්මෝ අවුරුද්දක් හිටියා කියන්නේ පිස්සු හැදෙනවනේ
ReplyDeleteඅපොයි ඔයිට වඩා චාටර් සීන් තියනව.
Deleteඇත්තෙන්ම ලෙක්චරර්ස්ලා පුදුමාකාර නිදහසක් භුක්තිවිඳින බව නම් පේනවා.
ReplyDeletehenryblogwalker the Dude
ම්..... ඔව්. යම්කිසි ස්වාධීනත්වයක් තියනව.(අනෙක් තැන් වලට සාපේක්ෂව)
Deleteඅඩෙ අප්පා මගෙ බ්ලොග් කඩමාල්ලට දා ගන්න මාර්තුකාවක් නැතිව හිටියේ... හුහ් හුහ් දැන් මතක් උණා.. කොයි කැම්පස් ඇතුලෙත් ආතල්..... හැබැයි ප‍්‍රයිවෙට් ඒවගේ මේ ආතල් ගන්න අමාරු වෙයි ඔන්න..
ReplyDeleteආ....ලියපං ලියපං. නැතෑ උඹලටත් මේවගේ සීන්.
ReplyDeleteඅන්තිම එක නම් ශොක්...හෙහේ මරු ...එවෙලේට මුන තමා මුණ..
ReplyDeleteඅන්තිම කතාව තමා නියමම.. අවුරුද්දක් නොගියම ඉතින් දොර ගැන මොන කතාද?
ReplyDeleteහ්ම්. ඒකාලෙ එහෙම තමයි බං.
Deleteඒල එල
ReplyDeleteතැන්කූ.
Deleteහොඳ දේශකවරු සෙට් වුණත් හුඟක් තැන්වලින් ගොඩයන්න පුලුවන් :)
ReplyDeleteඔව්. :)
Deleteහෙහ් හෙහ් හෙහ්....තව දෙන්ඩ අය්යා තව දෙන්ඩ..!!
ReplyDeleteදෙඥ්ඥං
Deleteඅපිට ඉතින් පෙර පින් මදි උනානේ රාජ්,
ReplyDeleteකෙල්ලො දෙන්න කොහොම හරි අරින්ඩ ඕන විස්සවිද්‍යාලේ
"පෙර පින්" වැඩක් නෑ බං. එදා ඉගනගත් දේවල් වලට හාත්පසින්ම වෙනස් දේවල් දැන් කරන්නෙ.
Deleteඑතනට ඇරියා කියලම හරියන්නෙ නෑ සහෝ. ඔතනට නොගිය, රට ලොව දිනපු අය කොච්චර ඉන්නවද.
Deleteමේ දෙයියා මොරටුවෙ දෙයියා නෙමෙ වෙන්නැති. උන්දැත් ඔහොමම තමයි. අනිත් කේස් එක ලකුණු දෙන්නේ පේපර් ටික ෆෑන් එක ඉස්සරහින් තියලා.
ReplyDeleteබලනකොට මොරටුවෙත් ඉන්නවනේ!
Deleteකියන්න දෙයක් නැහැ අන්තිම කතාව කියද්දී හිටපු තැනත් අමතක උනා.
ReplyDeleteඅර දොර වහලා තියන එකත් අන්තිම කොමෙන්ටුව බලලා කොමෙන්ට් දානවා වගෙ වැඩක්
ReplyDelete@රාජ්July 6, 2012 7:33 PM
ReplyDelete"ෆූටා" ?
Federation of University Teacher's Association
කතා සෙට් එක නම් මරු ඈ !
බොහොම ස්තුතියි ජයශ්‍රී!
Deleteඔය කියන දෙයිය සර් වගේ අපේ ලෙක්චර් කෙනෙකුත් ඉන්නවා.ටැමිල් උනත් සුපිරි සර්.
ReplyDeleteපට්ට ආචාර්යවරියක් නෙව.
ReplyDeleteඅයියලෑ කැම්පස් එකේ මම් හිටියා නම් ඕක සුවර් එකටම වෙන්නේ මට !
හිහි...නියම කතා ටික...
ReplyDelete‘යේසු ජීවමානයි’ - රුසියානු ජනාධිපති පුටින් කියයි. -- ඇවිත් බලන්න
ReplyDeleteකේරල ගාන ආපු පේපර් එක ගොඩ ද? දුන්නද ඇස්ටි හැලෙන්න....
ReplyDelete