හිරු අංශන අනූවටත් වඩා මඳක් ගෙවා දමා ඇති වෙලාවකි. දුහුවිල්ලෙන් හා වාහන දුමින් පිරීගිය ජනාකීර්ණ නගරයක ප්‍රධාන මාවතක ඇවිදයන තරුණයෙකි. දුහුවිලි බැඳීගිය සුදු කමිසයත් සුදු පැහැයට හැරෙමින් ඇති ඩෙනිම් කලිසමත් ඔහුගේ "තත්වය" මනින මිම්මක් වැනිය. මාර්ගය අයිනේ එක් ස්ථානයක නැවතුන හේ යම් අයෙකුගේ පැමිණීමක් බලාපොරොත්තුවෙන් මෙන් සිටී. ඔහුට ලතවන්නට අවකාශ නොවීය, තරුණියක් පැමිණියේය.
"පරක්කු උනාද?"
"නෑ මම ආව විතරයි"
"වරුව නිවාඩු ගත්තෙත් බොහොම අමාරුවෙන්. ඕඩර් එකක් ඇවිල්ල බොසා යකා වගේ.... වැලන්ටයින්එකට නිවාඩු ගන්නවද කියල ඇහුව. මං කිව්ව හස්බන් කොළඹ එනව කියල උවමනාවකට..... එයාටත් ඕන්නැති දෙයක් නෑ..... මොකද උනේ ලයිසන් ගත්තද?"
"නැහැ! තව දවස් දෙකක්වත් එන්න වෙයි. දන්නැද්ද ආණ්ඩුවෙ වැඩ!"
"හ්ම්..... දැං මොකද කරන්නෙ? කෑම කාල ෆිල්ම් එකක්වත් බලමුද?"
"යං"
අතේ එල්ලීගත් තරුණියත් රැගෙන ඔහු ඇවිද යන්නට විය.
* * * * * * * * * * * * * * * ** * * * * ** * * * * * * * * * * * * * * * * * * * *
"පරක්කුයි අනේ. ඉඩ තියනවද දන්නෑ?"
"අපොයි ඇති! කවුද මේ දවස්වල චිත්‍රපටි බලන්නෙ"
"ඒවුනාට අද වැලන්ටයින් නේ! පිරිල ඇති පංතියන කෙල්ලො කොල්ලන්ගෙං..... මතක නැද්ද ඒ කාලෙ අපි..... " ඇය සිනාසෙන්නට විය. ඒ සමඟ ඔහුද එක්විය.
තරුණයා මුදල් නෝට්ටුව අයකැමි වෙත දිගුකලා පමණි....
"බොක්ස් නං ඉවරයි,.... බැල්කනි විතරයි තියෙන්නෙ"
හරි! දෙන්න.
* * * * * * * * * * * * * * * ** * * * * ** * * * * * * * * * * * * * * * * * * * *
"හ්ම්. දැං ඉන්න තැනත් හොයාගනිමු"
"ඇන්ටිට කිව්වද අද එන්නෙ නෑ කියල?"
"ඔව්. අද අනූ එන්නෙත් නෑ. ඒකිගෙ කොල්ල එනව"
ඔවුන් තුන්රෝද රිය නැවතුම්පලක් අසලට ලඟාවිය.
"මල්ලී, කොහාටද යන්නෙ?"
"රූම්ස් දෙන තැනකට යං. ටිකක් ගාන අඩු තැනක්"
* * * * * * * * * * * * * * * ** * * * * ** * * * * * * * * * * * * * * * * * * * *
"ම්...... රූම්ස් ඔක්කොම බුකින් මල්ලී. අද වැලන්ටයින්නේ!"
නැවතත් තුන්රෝද රියටය.
"වෙන තැනකට යමු අයියේ"
* * * * * * * * * * * * * * * ** * * * * ** * * * * * * * * * * * * * * * * * * * *
"නවතින්න නං බෑ මල්ලී. පැයකට දෙකකට නං දෙන්න පුළුවන්..... අපිට බිස්නස් එකක් කරගන්න තියන දවස අදනේ....."
"අද හැමතැනම ඔයවගේ තමයි. නයිට් එකට නං සෑහෙන ගානක් ගෙවන්න වෙයි"
* * * * * * * * * * * * * * * ** * * * * ** * * * * * * * * * * * * * * * * * * * *
පැයකට අධික වෙහෙසවීමකින් පසු ඔවුන් අපේක්ෂා භංගත්වයට පත්වී සිටියහ.
"මේ වැඩේ හරියන්නෙ නෑ. ඔයා බෝඩිමට යන්න. මම අමිලයගෙ බෝඩිමට යන්නං....."
ඇයගේ මුහුණේ ඇත්තේ ශෝකාකූල පෙනුමකි.
"ෂික් මේ වැලන්ටයින්!
Thursday, February 14, 2013
එක් වැලන්ටයින් කතාවක්.
Subscribe to:
Post Comments (Atom)
හොද වෙලාවට අපේ කාලේ වැලන්ටයින් තිබ්බේ නැත්තේ :)
ReplyDeleteඒකනෙ! අවුරුදු බර ගානක් ලවුකරපු කෙනෙක්නෙ අපේ මයිය.
Deleteෂික් මේ වැලන්ටයින්.... හි හි..
ReplyDeleteඊයේ රෑ අපේ මහත්තයා මගේ නූල් බෝලයක් උස්සන් යනවා දැක්කට මං ගනං ගත්තේ නෑ.. උදේ නැගිටලා උයන්න ලෑස්ති වෙලා ෆ්‍රිජ් එක අරිනකොට මෙන්න පොඩි චොක්ලට් එකක් එල්ලෙනවා නූලකින් ඒක ඇතුලේ... හි හි
අපේ මහත්තයා නම් නියම වැඩ්ඩෙක්! මම එහෙම කිව්වයි කියන්න හිරූ.
Deleteවැල..න්ටයින් කියන්නෙ වැලක එල්ලන එක කියලා මහත්තයා හිතලා.. ඒකයි නූලක එල්ලුවේ..
Delete@ Sarath Lankapriya
Delete+++++++ :D
හිරූ විනාසයි... !
Deleteඈ සෑම්.. බලං හිටු... හි හි...
Deleteමෙතන එක කමෙන්ට් එකක් ස්පෑම් වෙලාද කොහෙද කියලා මට ආරංචියක් ආවා...
හිරු
Deleteඒකත් නරක නෑ බං. ලොකු දේවල් ඕන නෑ ආදරේට.
මම මේ සීනි කිලෝ එකක් ගේන්න කඩේ දුවනවා සරත් අයියගෙ කරේ දාන්න...හි හි හී
Deleteඅපේ මහත්තයා නියම කොල්ලෙක්...මම කිව්වයි කියන්න...
Deleteෂිකේයියා මේ වැල ඉන්ටයින් නම් අම්මපා
ReplyDeleteඔහොම කියන්නෙ සෑම! මම නෙවේ.
Deleteඋඹ වැලංටුයිං ද බං මෙච්චර දවස් හැංගිල හිටියේ.. මම සෑහෙන්න හෙව්ව නෙව.. බැරි තැන අරුණි ට කිව්ව විස්තරයක් හොයල දෙන්නේයි කියල.. හරි හරි ඔය වැලන්ටුයං මගුලක් හින්දා කොයි තරං කරදර වෙනවද නොහිතව විදයට...
ReplyDeleteඅසනීපවෙලා දවස් ගානක් ඇඳේ හිටිය. වෙන කාර්යාලෙක ඩියුටි වැටුන සතියක්. හිටපු බ්‍රාන්ච්එකෙන් වෙන තැනකට ඇවිල්ල එතන තිබුන ඇරියස් ඇද්ද. ගෙදර මැසිම වලපල්ලට යන්න ලඟයි. ඒකෙන් ජාලෙට එන්න හිතුනෙ නෑ. අනෙක පොඩි එකා මගේ ලඟමයි. ඉතිං කොහොමෙයි කොරන්නෙ.
Deleteඋඹල මං ගැන හොයනව කියල දන්නව. කොමෙන්ටු කීපයකුත් දාල තිබුන. බොහොම සංතෝසයි ඒකට.
ඔහෙත් ලෙඩ උනයි.. පව් නේ... ඇයි උඹටත් ඇනුවල් ටරාන්සොර් එක ලැබුනයි නියමිත අවුරුදු පහ ඉවර වෙලා... අනිවා බෝඩ් ඔෆ් සර්වේ යන්න ඇති.. දවස් දෙකක් ඕනනං එහෙ යන්න ඇති ඉතුරු ටික ඉතිං ගෙදරම ඉන්න ඇති.. සන්තෝසේ බැරුවා උඹේ හම්පඩ ටී සර්ට් කෑල්ල දැක්කම
Deleteගෙදර වගකීම හරියට ඉටු කරල ඔෆිස් එකේ වගකීම් බල්ලට දාල බ්ලොග් ලියන එක හරිම අගෙයි... ඔබ තුමාට අදාල දිසාපති තුමාට මේ බ්ලොග් එක පෙන්නන්නයි හිතන් ඉන්නෙ ලගදිම...
Deleteදේශක යා
Deleteබෝඩ් ඔෆ් සර්වේ ගියා. ඇනුවල් ට්‍රාන්සර් නං ඊලඟ අවුරුද්දෙ. මේක අභ්‍යන්තර මාරුවක්.
AnonymousFebruary 14, 2013 at 12:51 PM
ඔපීසියේ වගකීම් නිසා නෙවෙන්නං බ්ලොග් නොලිව්වෙ. හරි! කියල කොරන්නකො. ටෝක් ඕන නෑනේ.
වැලෙන් ටයින් කියන්නේ හුදු මායාවක් විතරයි.
ReplyDeleteබැන්දමද තේරුනේ?
Deleteඅනේ ඊයා.... මහා කැත දවසක්!
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
උඹට තේරෙයි ඊලඟ වැලන්ටයින් එකේදි. (අනේ දෙයියනේ ලඟදිම මූටත් උරචක්කර මාලයක් වැටියං පාඩමක් ඉගනගන්න)
Deleteත්‍රී වීල් එක ටිකක් පාලු තැනක නවත්ත ගත්තනම්,
ReplyDeleteඩ්‍රයිවර්ට ගානක් දීල.
එයාට තේ එකක් බීල එන්න කිව්ව නම්?
එයාටත් ආදරේ වේදනාව පීඩනය දැනෙන මනුස්සයෙක් නේ.
පෝය 12යි නබි තුමාගේ උපන් දිනේ, තයිපොන්ගල්, නත්තල්, නිදහස් දිනේ, අවුරුදු .. කිසි ලකයක් නැති ඒකකාරී නිවඩු දවස් ...
ආදරේට වෙනම දවසක් තියෙන එක හොඳ නැද්ද?
වෙළෙන්ඳන්ට අසු නොවී ආදරේ කරන එකනෙ කරන්න තියෙන්නෙ.
මේ දෙන්න අඹුසැමියෝ නිසා ඒක තේරුමක් නෑ. දවසක් තියන එක නං හොඳයි බතී කිව්ව වගේ.
Deleteඅඩේ සිරාවට මුන් දෙන්න අඹු සැමියෝද ? අයි බන් එහෙනම් මුන් දෙන්නට එක්කෙනෙකුගේ බෝඩිමට යන්න බැරි උනේ
Deleteඒක කියල තියෙන්නෙ. ගෑනු විතරක් ඉන්න බෝඩිමේ කොල්ලට ඉන්න බැරි නිසයි කාමරයක් හෙව්වෙ.
Deleteමල විකාරයක්නේ මේ වැලන්ටයින් බලාගෙන ගිහාම, :/
ReplyDeleteඒකනේ......(එහෙමමත් නෑ)
Deleteමාත් එක දවසක් රැයක් නවතින්න මොරටුවේ හෝටල් ගණනාවක ඇවිද්දා... ගොඩක් තැන් වලින් බෑ කිව්වා. දෙන්නේ පැය ගානට විතරලු. එක තැනකින් කැමති වෙලා මගේ අයිඩී එක අරං ඇහුවා ගැණු ළමයගෙ අයිඩී එක කෝ කියලා.. මං කිව්වා මං තනියෙං ඉන්නේ කියලා. එහෙනම් දෙන්න බෑ කිව්වා. පස්සේ කවුද කිව්වා එතන හිල් විකුණන තැනක් කියලා.
ReplyDeleteමාත් කල්පනා කලා මොකද මේ පේන්න නැත්තේ කියලා...
ඒ බං මොරටු හිල් විකුණන තැන් තියෙනවා හැබැයි ලී බඩු කඩ වල. අනිත් හිල් නං බද්දට දෙන්නේ.. හිකිස්
Deleteතිසර
Deleteඅනිව ඕක වෙනව.
මදැයි !! රාජ් කාරයා ඔය කොයි කොටසට අයිති නාට්‍යයද රඟපෑවෙ ?
ReplyDeleteමම නෑ ඕවට. ඒකාලෙ නෝන කොලඹ ඉන්නකොට බෝඩිමේම පහසුකම් තිබුන. පත්තරේ නිව්ස් එකකින් ලිව්ව කතාවක් මේක.:)
Deleteවැලන්ටයින් එකට ආදරේ නොකර කවදා නම් ආදරේ කරන්ටද?
ReplyDeleteඅනිත් දවස්වල රන්ඩු වෙන එකමනේ වැඩේ....:D:D:D
ඒවුනාට හැමදාම රන්ඩු වෙන්න එපා පොඩ්ඩියේ. කොල්ලට එපාවෙයි. :)
Deleteඅනේ මෙහෙමත් වැලන්ටයින්.....
ReplyDeleteදුක තමයි සමනලී!
Deleteආදරය කියන්නේ රාගය නෙමෙයි කියලයි ඔය ලවාරිස්ලා නම් කියන්නේ. එතකොට මුන්ට තියෙන්නේ මදන කුලප්පුව නේ බන් බලාගෙන ගියාම... උඹ කොහේ වහං උනාද කියලා මම කොමෙන්ට් එකකුත් දැම්මා ඊයේ උඹේ ෆයිනල් පෝස්ට් එකේ...
ReplyDeleteදැක්ක බං! අප්‍රමාණ සංතෝෂයි කවදාවත් දැකල-කතාකරල නැති කෙනෙක් තමුන් ගැන හොයනකොට.
Deleteරාගය නැති තැන ආදරයක් තියනවද මංද! අනේ මං දන්නෙ නෑ. උඹ මට වැඩිය අත්දැකීම් ඇති එකානෙ.
ඉතිං උඹ වැඩට ගියෙ නැහැ එහෙනම් !
ReplyDeleteවැඩට ගියා. බ්ලොග් ලිව්වෙ නෑ.
Deleteඒක නම් වැල (න්) ටයිම් එකක් තමා !
ReplyDeleteඅහෝ වැලන්ටයින්. පින් සිදු වේවා අතීතය. තාරුන්‍යයේ ශෝක ජනක වර්තමානය අනාගතය ගැන කුමන කතාද .
ReplyDelete//පින් සිදු වේවා අතීතය.තාරුන්‍යයේ ශෝක ජනක වර්තමානය අනාගතය ගැන කුමන කතාද . //
Deleteඅනිවා!
අනේ මේ වැලට ඇනිල්ලටත් ගිය මාකටින් පාර..රාජ් නියම කාලීන කතාව..
ReplyDeleteනලින් අයියට වැලන්ටයින් නැතෙයි?
Deleteවැලන්ටයින් කියලා අපේ යාළුවෙකුත් හිටියා, ඌ හොද ප්‍රේමවන්තයා....
ReplyDeleteබ්‍රව්න්ස් එකේ ලොක්කෙක් හිටියා MR වැලන්ටයින් කියල.මුල් දවසේ පොර ළඟින් යද්දී හිනා යනවා.
Deleteවැලන්ටයින් කියල අපෙත් යාලුවෙක් හිටිය. පස්සෙ නම කෙටිවුනා. කොහොමද කියල හිතාගන්න පුළුවන් නේ.
Deleteයකෝ වැලන්ටයින් වලට මෙච්චර පොරකන රටේ මාත් එක්ක ලවු කරන්න කෙල්ලෙක් නැහැනේ යකෝ.............මේක මහ අසාධාරණ ලෝකයක්............
ReplyDeleteලව් ට්‍රේන් එකේ ගියානං හරි. උදේ බස් එකේදි මං අහගෙන කෙල්ලෙක් කියනව "මට මගේ බෝයි මුනගැහුන" කියල.
Deleteවැලන්ටයින් සමරන්නේ කවුරුවත්,මඩිය තර වෙන්නේ කාගේවත්. බැට කන්නේ අහක යන කවුරුවත්..
ReplyDeleteහ්ම්!
Deleteඅයියෝ පව්! මෙහෙත් මෙදාට මේසයක් කළින් බුක් නොකළොත් ජනප්‍රිය අවන්හලක රෑට කන්න යන්න බැරි කාලයක් තිබ්බා. ඒත් දැන් නම් මෙහෙ ආර්ථික අවපාතනේ ... මිනිස්සු වැලන්ටයින් කියලා ඉස්සර වගේ පිස්සු නටන එකත් පොඩ්ඩක් නවත්තලා .. පර්ස් එකේ සල්ලි හිඟ වෙන ඇති වෙන මිනිස් ස්වභාවය තමයි!!!!
ReplyDeleteලංකාවට වඩා හැම පැත්තෙන්ම විවෘත සමාජයක් තියන ඇමෙරිකාවෙ එච්චරට මේ පිස්සුව නෑ කියල මම හිතුවෙ.
Deleteකාමර කුලියට දෙන අයට නම් ජයයි වගේ..
ReplyDeleteනැතුව නැතුව.
Deleteෂික් ...... මේ වැලන්ටයින්! වැඩක්ම නෑ අෆ්ෆා.
ReplyDeleteමමත් ඒත් අහන්න කියල හැදුවෙ කොහේ වහං වෙලාද කියල. කලින් පෝස්ට් එකේ කමෙන්ට් එකකුත් දැම්ම හිටි ගමන් පේන්න නැතුව ගිය නිසා.
මං දැක්ක. වැඩ නිසා ආවෙ නෑ.
Deleteහිරු ආදර කෝච්චිය මතක් වෙනවා වැලන්ටයින් කියද්දි... කොයිතරම් අපූරු කර්තව්‍යක් ද ඒක ඈ. හැමදෙයක් ම විකිණෙන කාලෙක ආදරේ ට ත් ගානක් ඇති මයෙ හිතේ!
ReplyDeleteකෝච්චිය ගැනත් පෝස්ටුවක් ලියන්න හිතාගෙන ඉන්නව.
Deleteවැලන්ටයින් දිනයක් තිබීම හොඳයි කියන එක අද දැක්කා.බොහෝ දෙනෙක් ආදරය ගැන, තමන්ගේ ආදරවන්තයා/ආදරවන්තිය ගැන අලුත් හැඟීමකින් බලන හැටි, හැසිරෙන හැටි දැක්කාම අද වෙනදාට වඩා සුන්දර දවසක් බව හැඟුනා.ඒ දිනය මුදල් මත පදනම් කරගන්නවාද නැද්ද යන්න තමන්ගේ වැඩක්.
ReplyDeleteදිනයක් ඇතිවීම ම කියන්නෙ මුදල් මූලික වීම නවත්වන්න බෑ. එහෙම නැත්තං ඒකට මූල්‍යමය වටිනාකමක් දෙන්න ව්‍යාපාරිකයන් කටයුතු කරනව. නවත්වන්න බෑ
Delete//"ෂික් මේ වැලන්ටයින්!// පව් බං..!
ReplyDeleteඇන්දෙන,අන්දන ලෝකෙ....ඕකත් එක් ඇන්දිල්ලක් තමා..!
හ්ම්!
Deleteකාලෙකට පස්සේ නේද රාජ් අයියා.
ReplyDeleteඔව් බං.
Deleteඅය්යෝ.. වැල ඉන් ටයිමක් නිසා මේ අඹු සැමියෝ මහ මඟ... ආදරය වෙළඳ භාණ්ඩයක් ගානට දාලා විකුණන එකනේ වැලන්ටයින් කියන්නේ..:)
ReplyDeleteමොනවෘ කරන්නද! විකිනෙන්නෙ නැතුව ඉන්න ඕන.
Deleteහරියට නිකන් 31 නයිට් වගේ නේ. තියෙන ඉල්ලුම..
ReplyDeleteඊටත් වැඩියි!
Deleteඅම්මපා රූම් එකකට යන්නැතුව ආදරේ සම්පූර්ණ වෙන්නැති පාටක් තියෙන්නේ...
ReplyDeleteමාත් යන්නෝනා....
අර මාතලන් කියල තිබුනෙ.
Deleteමම වැලන්ටයින් කාලේ මගේ 'වැලන්ටිනා' එක්ක ගියා කොළඹ සවාරියක්. උදේ වරුවේ දෙහිවල 'සත්තු විද්‍යාලෙ' බලලා හවස 2.30 බොරැල්ලේ 'ලිඩෝ' එකට රිංගන්න ආවා. ලිඩෝ එක ඉස්සරහදි අපේ අයියයි එයාගේ නෝනයි මූණටම හම්බවුනා. මගේ සරුවාංගය සීතල වුනා. වැලන්ටිනා අයිස් පෙට්ටියෙන් එලියට ගත්ත කිකිලියෙක් වගේ. අයියා බොහොම සුහදව ඇහුවා 'හා කොළඹ ආවද' කියලා. වැලන්ටිනා දිහා අක්කා බලා ඉන්නවා ස්කෑන් කරනවා වගේ. අයියා ඇහුවා 'කාලද ඉන්නේ' කියලා මම 'නෑ ඔව්' කිව්වා. අනේ අපි දෙන්නවත් එක්ක හොද හෝටලේකින් දවල්ට කාලා අයියා මගේ වැලන්ටිනා ව පෙන්නලා කිව්වා, 'දැන් මෙයාට රෑ වෙනවනේ ඒ හින්දා ඉක්මනට ආපහු යන්න' කියලා. ඔන්න මගේ වෙලාවේ හැටි.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
අයියෝ සල්ලි....
Deleteනරක වෙලාව.
Deleteවැලන්ටයින් කියන්නෙ කාට කාටත් සැරටම බිස්නස් තියෙන දවසක් එහෙනං...
ReplyDeleteනැතුව නැතුව.
Deleteදුකේ බැරුවා.. :)
ReplyDeleteසිංහල අළුත් අවුරුදු දිනයටවත් මේ තරම් පිලිගැනීමක් නෑ නේ.. වෙසක් පොසොන් උත්සව ගැන මේ තරම් කතා කරන්නේ නෑ නේ. මේ දවස්වල හැම කෙනෙක්ම වැලන්ටයින් ගැන ලියනවා කතා වෙනවා. වැලන්ටයින් ඉපදුන රටේ ඉන්න අපි නම් දැක්කේ කඩසාප්පු ඇරුනම වැඩිපුරම වැලන්ටයින් සමරන්නේ පාරේ මල් වෙළදාම් කරන බෙංගාල ජාතියකන් තමයි
ReplyDeleteස්තූතියි රාජ්...
දුකේ බෑ ..
ReplyDeleteචිකේ මේ වලත්තයින්! :ඬ්
ReplyDeleteඅපි සැමරුවේ නෑ.... ;)
ReplyDeleteරාජ්ගෙ කතාව කියෙව්වම ඒ ජෝඩුව ගැන පව් කියල හිතුන... අනෙ අප්පේ දැන් ලංකාවෙත් එච්චරම සැරට ඕක සමරනවද.... මාත් දැක්කා මෙහේ කට්ටියත් උදේ පාන්දර රෝස මල් හෙම අරන් යනව.... රෝස මල් අස්ප ගණන් මේ දවස්වල... ඒ වගේම තමයි රෙස්ටොරන්ට්ස් වලට කිට්ටු වෙන්නවත් බෑ.... මිළ වැඩිම ඒවයෙත් පිරිලා...
ReplyDelete