පහ ශ්‍රේණියේ ඉගනගන්නා කුඩා පුතු පාසල හැරී පැමිණි වෙලාවේ සිට කණස්සල්ලෙනි. පියාට පුතුගේ වෙනස අවබෝධ විය. ඔහු විමසන්නට විය.
"ඇයි පුතා අද එක විදියක්, ටීච ගැහුවද? එකත් එකටම දඟ වැඩක් කරන්න ඇති!" එහෙත් පුතු නිහඬය.
"කවුරුහරි කොල්ලෙක් එක්ක රණ්ඩු වෙන්න ඇති එහෙනං"
"මම හැමදාම කියනවනේ යාලුවොත් එක්ක රණ්ඩු වෙන්න එපා කියල!" කුස්සියේ සිට බත් පිඟාන රැගෙන පැමිණි මවද කතාවට එක්විය.
"ඉතිං කාත් එක්කද රණ්ඩු උනේ?"
"මම කා එක්කවත් රණ්ඩු උනේ නෑ අම්මේ"
"එහෙනං......"
"මම තවත් උපන්දිනේට තෑගි දෙන්නෙ නෑ"
"ඒ මොකද ඒ.....?"
පුතුගේ උපන්දිනය නිමිත්තෙන් පාසලේ සිටි දුප්පත් ළමයින් කිහිපදෙනෙකු සඳහා අවශ්‍ය පොත්පත් පරිත්‍යාග කිරීම වසර කිහිපයක සිට කරගෙන එන්නකි. පියාගේ යෝජනාවක් අනුව පුතු ඉතා කැමැත්තෙන් මෙම ක්‍රියාවට දායකවූ අතර එය ගුරුවරුන්ගේ පැසසුමටද ලක්විය. එහෙත් පුතුගේ මේ වෙනස ප්‍රහේලිකාවකි.
"ඇයි පුතා එහෙම කියන්නෙ? කොච්චර හොඳ වැඩක්ද ඔයා කලේ"
"ඒ වුනාට චමීරල කැමති නෑ ඒකට"
"කවුද චමීර කියන්නෙ? ආ..... ඔයාලගෙ පන්ති නායකය නේද?"
"හ්ම්. එයා තමයි!"
"ඉතිං ඔයා පොත් දුන්නම එයාට මොකද?"
"එයා කියනව පොත් දෙනව නං ඒක පහේ පන්තියෙ සාමූහික වැඩක් විදියට කරන්න ඕනලු! නැත්තං නොකර ඉන්නලු! එහෙම කරන්න බැරිනං පංතියෙං යන්නලු!"
"පෙනේද මුංගෙ තරම! කියන්න ඕන මේක ප්‍රින්සිපල්ට. අපි හෙටම ඉස්කෝලෙට යමු මෙයා"
"වැඩක් නෑ අම්මේ! මං ඒක එයාලට කිව්ව"
"ඉතිං?"
"ඉතිං එයාල කියනව ප්‍රින්සිපල්ට නෙවේ උසාවියට ගියත් වැඩක් නෑ කියල. අනෙක ලංකාවෙ ලොකුම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඇතුලෙත් ඔය නීතිය තියන එකේ පහේ පංතියෙ අපි මොනව කරන්නද?"
Tuesday, February 19, 2013
පහේ පන්තියෙ කතාවක්. (A story of Grade 5)
Subscribe to:
Post Comments (Atom)
මයෙ අම්මෝ... මට හිතාගන්න බැරුව හිටියේ මොකාටද එන්න හදන්නේ කියල. Well Said මචන්
ReplyDeleteතෑන්ක්ස්.
Deleteමේක බලලා මම හූ කියලා හිනාවෙනකොට අපේ ගෙදර උන්දෑ මගෙන් අහනවා පිස්සුද කියලා. මම කිව්වා අපි ඔක්කොටම පිස්සු තමයි කියලා.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
හා හා බලාගෙන.
Deleteමේක නං බං.. කන් පැලෙන්න ගහන ගැහිල්ලක්.. ඉස්තරම්... අඩේ උඹ මාර දර්ශනකාරයෙක් නෙව.. හිතාගන්න බෑ බං.. සිරාවට හිනාව නවත්තගන්න බෑ බොල...
ReplyDeleteඕකනම් කන්නම් ස්ටයිල් .. :D
ReplyDeleteකන්නම් ස්ටයිල්
Deleteමරු!
පහේ පන්තියේ නෙවෙයි දෙකේ පන්තියේ තරම්වත් මොලයක් නැති වැඩ තමයි මේවා...
ReplyDeleteප්‍රබන්ධ හැකියාවනම් අපුරුයි රාජ්
එහම වෙන්න ඕනෙ කියල සාමුහිකව කරනව නම් හොඳයි. සාමූහිකව කියල වැඩේ අල කරාම හරියන්නෙ නෑ.
ReplyDeleteසාමූහිකව කරන්න ඕනද කියනඑක තීරණය කරන්න ඕන ඒක කරන මනුස්සය.
Deleteඅප්පා මෙයාට මේ අදහස් කොහෙන් එනවද දන්නෑ..කන අතගාලා කන පැලෙන්න ගහනවානේ....
ReplyDeleteහී හී...
Deleteඒක නේන්නම්.
ReplyDeleteපොඩි එකාගේ දැනුම තමා දැනුම !
ඒකනේ...
Deleteමානි ගේ කොලම කොලිටියේ කතාවකි!
ReplyDeleteමමත් මේ කියන්න හැදුවේ ඒකමයි. මටත් එකපාරටම මතක් වුනේ 'මානිගේ තීරුව'
Deleteඔව්. මම කැමතිම විශේෂාංගයක් තමයි මේක.
Deleteමං මේ හිත හිත ඉන්නෙ කොයි ලොකු පස්සෙද ලොකුම පොරජාතන්තරවාදී එක කියලයි.. ලොකුයි කියන පස්ස ඔක්කොම එයාලගෙ වැඩ කිඩ පෙන්නුවනෙ ආණ්ඩු කරන කාලෙදි.. එක කට්ටියක් පෙන්නුවෙ ඒ කට්ටිය වෙන්ඩ ආණ්ඩුවක් වගෙ කැලේ ඉඳන් කලුවරේ රජ කරනකොට..
ReplyDeleteසහතික ඇත්ත.
Deleteරජා දන්නවනම් මේවා.... අය්යෝ මොනව කරගනීද නේද????
ReplyDeleteරජා නෙවේ අනේ.....
Deleteකොහොම හරි අපේ රනිල් අපට හොඳා....
ReplyDeleteඅඩෝ වල් රාජ්... හිටපියව් අපි බලේට එනකම්....
හීනෙං තමයි!
Deleteඔය පොඩි එක ඇත්තටම පොඩිද බොලේ.... මම ඔෆිස් එකේ හැමෝටම පෙන්නුව.. පෙන්නුව නෙමෙයි පෙන්නන්න වුනා.. තා පොඩ්ඩෙන් ජොබ් එකත් ගහල යනව...
ReplyDeleteබලාගෙන! පරෙස්සමින් බලන්න ඕන ඔපීසි වලදි.
Deleteහත්වලාමේ?? මේ 5 පන්තියද?? මේ ළගදි මං අපේ චූටි නංගිට බැන්නා තාම 6 වසරේ මට කියනවා ලෙමන් පෆ් කන්න එපාලු ඒවා හලාල් කියලා... හයියෝ... ශම්මි :/
ReplyDeleteමේ ළගදි මං අපේ චූටි නංගිට බැන්නා තාම 6 වසරේ මට කියනවා ලෙමන් පෆ් කන්න එපාලු ඒවා හලාල් කියලා//
Deleteපේනව නේද දැං හැදෙන එවුන්ගෙ හැටි.
උඹත් හිමීට හිමීට උංටම අරිනව නේද... :D
ReplyDeleteඅරින්න හිතෙනව බං මේ වැඩවලට.
Deleteපහේ පන්තියේ අපි මොනා කරන්නද..එතකොට දෙකේ තුනේ එවුන්.හප්පා චමීරල හරි නරකයි
ReplyDeleteනරකයි නේන්නං.
Deleteහි හි...
ReplyDeleteඕක තමා හැමතැනම වෙන්‌ෙන්.. පස්ස වල විතරක් නෙවෙයි... වැඩක් කරන එකාට කෙලවන එකමනේ ඉතිං අපේ උන්ගේ පුරුද්ද... වෙන මොකවත් නෙවෙයි.. කුට්ටිය කඩා ගන්න බෑරි හින්දා... ඔහොම කිව්වේ මම නෙවෙයි.. අපේ තාත්තා...
හ්ම්. ඇත්ත.
Deleteමට ගහපන් මොකේකින් හරි... :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
:)
Deleteමූ අවුරුදු කීයක් ෆේල් වෙච්ච එකෙක්ද ?
ReplyDelete27 වාරයක්ද කොහෙද ෆේල් වෙච්ච එකෙක්
Deleteඅගෙයි රාජ්...
ReplyDeleteඋඹට නං පුල් ආතල් නේ මේව දකිනකොට :)
Deleteදැන් එතකොට ඔය පන්තියේ උප නායකයෝ කී දෙනෙක් ඉන්නවද ?
ReplyDeleteඋපනායකයො 4ක් දාන්නනේ හදන්නෙ.
Deleteකොල්ලගෙ මොළේ තමා මොළේ...නියම උත්තරය..
ReplyDeleteහ්ම්.
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteමඩිස්සලේ නිශාන් has left a new comment on your post "පහේ පන්තියෙ කතාවක්. (A story of Grade 5)":
Deleteඇත්තනේ ඉතින් :)
සොරි වෙන්න ඕන. උෙඕ කමෙන්ටුව මැකුන ෆෝන් එකෙන් බ්ලොග් බලන්න ගිහිල්ල.
පහේ පංතියේ නුවණ?
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ඒකතමයි.
Deleteවයසටද කතාව :ඩී
ReplyDeleteඑහෙම තමා ඩෝ රැඩිකල් නායකයෝ...ඔහොම හිටහංකෝ රැඩිකල් වෙනකම්, උඹලට චූ යන්න දෙන්න. (සභා තොමෝ බඩ අල්ලං හූ කියති)
ReplyDeleteඅනේ බං උගේ අම්මගෙ රැඩිකලේ. මෙහේ මහඑකා රට කනව. මූ කෝපි බිබී ඉන්නව. කෝ මේ මාතලන්-බුවා ඩබල...
Deleteඅන්තිමට කැරකිලා කැරකිලා අපේ පක්ෂෙටමනේ රාජ් අයියලත් කෙලින්නේ....
ReplyDeleteඅපි මොනවද කරන්නෙ බං. ඔය කරගෙන තියන හරිය මදැයි.
Deleteමොනවා කියන්නද කතාව නම් ඇත්ත. තමන්ගේ පුද්ගලික සල්ලි වලින් නම් පොත් ගන්නේ කාට දුන්නම මොකද? හැබැයි මේ පොඩි එකා තෑගි දෙන්නේත් තෑගි දීල ජනප්‍රිය වෙලා පන්ති නායකයට වඩා කොහොම හරි ජනප්‍රිය වෙලා පන්ති නායක කම උස්සගන්න යටි අරමුනෙන්ද? නැත්නම් ඉතින් ඔයවගේ ඔල්මොරොන්දන් නීති ඕනෑ වෙන්නේ නෑ. මෙහෙම වැඩකුත් තියනවා මම පන්තියේ නායකයා උනාම උබට හොඳට සලකන්නම් කියල පන්තියේම ඉන්න සල්ලිකාර කොල්ලෙක්ගෙන් ස්පොන්සර් කරගෙනද දන්නෙත් නෑ මේ ඇම්ඩන් තමන්ගේ අතින් දෙනවා වගේ නිකම් පොත් බෙදන්නනේ?
ReplyDeleteහැබැයි මේ පොඩි එකා තෑගි දෙන්නේත් තෑගි දීල ජනප්‍රිය වෙලා පන්ති නායකයට වඩා කොහොම හරි ජනප්‍රිය වෙලා පන්ති නායක කම උස්සගන්න යටි අරමුනෙන්ද?//
Deleteවෙන්න ඇති. හැබැයි හිතේ තියන දේවල්වලට දඬුවම් දෙන්න බෑනේ බං.
ඇයි බැරි රාජ් ළමයි අතින් අනාගතයේ විය හැකි වරදවල් වලට. තාත්තලාගෙන් වුන වැරදිවලට ළමයින්ට දඬුවම් කීරීම අපි අනුමත කරනවා නේද? බොරුනම් මාරයාගේ මේ ලිපිය බලන්න.
Deleteමචං මමත් 3 වසරේදී පන්තියේ හොටපු එකෙකුට අළුත් ෂර්ට් එකක් දුන්නා තෑග්ගක් විදියට.මොකද ඌ දුප්පත් නිසා මූ එක ගත්තේ නැහැ නේ මට මාර ලැජ්ජාව.
ReplyDeleteමේක මේ කාල්*** කියන සංවිදානයේ වැඩක් ද? මොකද එකෙන් වෙන්නෙත් මේ වගේ වැඩ..
නෑ නෑ. මේ අර බිල් ක්ලින්ටන් වගේ නායකතුමාගෙ වැඩ.
Deleteඇත්තටම උනු දෙයක්ද?
ReplyDeleteනැතුව!
Delete:)
ReplyDeleteඔව් බං හෝඩියේ ඉන්න අපි ඕවට මොනවා කරන්නද?
ReplyDeleteහත් ඉලව්වයි කිව්වලු
ReplyDeleteඅන්න මොලේ.... රටේ අනිත් එවුන්ටත් ඔය වගේ මොලයක් තිබ්බනම් අපි අද මෙතන නැහැ.....
ReplyDeleteමම පහේ පන්තියෙ සිසුවෙකු තරම් උගතෙකු නොවෙමි ....
ReplyDeleteඅති විශිෂ්ඨයි රාජ්!! බැරි ද ඒ පහේ පංතියෙ පුතාට කියන්න ඔබාමා අන්කල්ට ලියුමක් එවන්න කියලා ... මෙහෙ අය හැමෝම මේ දැන් අවුරුදු හතරක් ගිහිනුත් තාම බලාගෙන ඉන්නවා සාමූහිකව වැඩක් කවුරු හරි කරන තුරු!!!!
ReplyDeleteහිකිස්.....
ReplyDeleteඔන්න ඔය වගේ සාමුහිකව කරන්න කිවුවයින්නේ අයියේ අපිත් ඉස්කෝලේ ළමා දිනේට පොත් දුන්න එක නවත්තන්න උනේ..
ReplyDeleteපහේ පංතියේ ළමයින්ට ඔච්චර දෙයක් පුළුවන්ද? ඔන්න අපි නම් 5 වසරට ආපු කාලෙ ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනෙවත් හරියට කියාගන්න බැරිව උන්නෙ...
ReplyDeleteමෙයත් ඉඳල හිඳල හයේ පාරවල්මනේ ගහන්නෙ. ඒත් වැඩක් නෑ බං, දැං ටීම් එකේ එවුන්ම කෙළගන්නව ඇරෙන්න ප්‍රතිවිරුද්ධ ටීම් එකත් එක්ක මැච් එකට යන පාටක් නෑ ඒගොල්ල. ඔය 5 පන්තියෙ නායකය නම් වෙලාවකට කරන වැඩ කොහොමටවත් මිනිහට තරම් නොවෙන වැඩ. මෑන්ට ඕන ෆේල් වෙවී ෆේල් වෙවී හරි හැමදාම පහේ පන්තියෙ ලීඩර් වෙන්න විතරයි. ඉහළ පන්තියකට යන අදහසක් නෑ වගේ දැන්නම්.
ReplyDeleteමුන් 5 පන්තියෙ එව්වො කිව්වට මට නම් ෂුවර් නෑ....
ReplyDelete