"රාජ්......කෑමට ගියාම ඉරිද පත්තරයක් ගෙනෙං, ප්‍රසම්පාදන දැන්වීම් තියන" අංශයේ ප්‍රධානියා වූ ගණකාධිකාරීවරයා රුපියල් සියයක්ද දිගුකරමින් මාහට පැවසීය. එදා සෙනසුරාදා දිනක් බැවින් ඉරිදා පුවත්පත් පරීක්ෂා කර එකක් රැගෙන එන ලෙසය ඔහු පැවසුවේ.
"ප්‍රසම්පාදන දැන්වීම්?" මා විමසුවේ ප්‍රශ්නයක් ලෙස නොව තහවුරුවක් ලබාගන්නා ප්‍රකාශයක් ලෙසය.
"ඔව් ඔය තියෙන්නෙ පත්තරවල ඕන තරං"
පුවත්පත් ලෑල්ලට ගොස් "ප්‍රසම්පාදන" සෙව්වද කිසිවක් සොයාගත නොහැකිවිය. යලි ගණකාධිකාරීවරයා ඇමතුවෙමි.
"සර් ප්‍රසම්පාදන දැන්වීම් නෑනේ....."
"නෑ? වෙන්න බෑ. සිළුමිණේ බලපං..... ටෙන්ඩර් දැන්වීම් හැම පත්තරේකම වගේ තියනවනේ"
"අම්මට $@%^*! සිංහලෙන් කිව්වනං ටෙන්ඩර් කියල ගේනවනෙ" ඒ මා හිතෙන් දුන් පිළිතුරයි.
"හරි සර් මං බලන්නං"
ඒ නොදන්නාකම වසන්කිරීමට ගියවිට ඇතිවන ප්‍රශ්නය. ඉන් පසු කලෙක කාර්යාලයේ මිලදීගැනීම් රාජකාරී මාහට පැවරුන හෙයින් ප්‍රසම්පාදනය ගැන පූර්ණ දැනුවත් භාවයක් ලබාගැනීමට හැකිවිය.
මේ කියන්නට යන්නේ ප්‍රසම්පාදන හෙවත් ටෙන්ඩර් ගැනත් ඒ ආශ්‍රිත මගේ අත්දැකීම් ගැනත්ය.
මා මුල් කාලයේ ලියූ ගව මාංශ ප්‍රශ්නයේදී මා පැහැදිලි කල පරිදි ප්‍රසම්පාදනය යනු "හොඳ සැපයීමයි". [මා කියවා ඇති අත්පොතක සටහන් වූයේ එලෙසය. ප්‍ර=හොඳ ලෙසද යන්න එතරම් පැහැදිලි නැතත් මුළු වචනය සැලකූ විට නිවැරදි බව කිවයුතුය].
ටෙන්ඩර් යන්න සරළව මෙසේ පැහැදිලි කල හැකිය.
රජයේ ආයතනයකට යම් භාණ්ඩයක්-සේවාවක් ලබාගැනීමට අවශ්‍ය වූයේ යයි සිතන්න. ගෙදරකට යමක් මිලදී ගන්නේ නම් නිවැසියන් සාප්පු කිහිපයකට ගොස් අතැති මුදලට වටිනා භාණ්ඩය ලබාගත හැකිය. එහෙත් රාජ්‍ය ආයතනයක මෙම ක්‍රියාවලිය 100%ක් නිවැරදිව මෙන්ම විනිවිද පෙනෙන ආකාරයට සිදුකල යුතුය. එහිදී එක් අයෙකු හෝ කිහිප දෙනෙකු වෙළඳපොලෙන් මිලදීගැනීම් සිදුකලාට හරියන්නේ නැත. මේ හේතුව නිසා මිලදීගැනීම් සිදුකිරීමට සකස් කර ඇති ක්‍රියා පටිපාටියකි "ටෙන්ඩර්" යනු.
රාජ්‍ය අංශයේදී ප්‍රසම්පාදනය කොටස් තුනකට බෙදේ. එනම්,
1.භාණ්ඩ- භාණ්ඩ යනු යම් භාණ්ඩ හෝ උපකරණ මිලට ගැනීමයි.
2.සේවා- එනම් පිරිසිදුකිරීම් සේවා ප්‍රවාහණ සේවා ආදියයි.
3.වැඩ- ගොඩනැඟිල්ලක් කඩා ඉවත් කිරීම වැනි දෑය.
ක්‍රියා පටිපාටිය සිදුවන ආකාරය උදාහරණයක් මඟින් පැහැදිලි කරමු.
A නම් රජයේ කාර්යාලයට පරිගණක යන්ත්‍රයක් මිලදීගැනීමට අවශ්‍ය වේ. පලමුවෙන්ම පරිගණක මිලදීගත හැකි ස්ථාන සොයාගෙන එම ආයතන වලින්, බලාපොරොත්තු වන මට්ටමේ පරිගණකයක් ලබාදිය හැකි අවම මිල කීයදැයි විමසීම් ලිපි යොමුකල යුතුය. ඉන්පසු එම ආයතන වලින් මිලගනන් එවීම හෝ ගෙනැවිත් භාරදීම සිදුකරයි. මෙම මිලගනන් දැමීම සඳහා "ටෙන්ඩර් පෙට්ටියක්" භාවිතා කල හැකිය. ටෙන්ඩර් ලිපි විවෘත කිරීමේ අවස්ථාවට අදාල ආයතනවල නියෝජිතයෙකුටද සහභාගී වියහැකි අතර විවෘත කරන දිනය කවදා දැයි මුලින්ම යොමුකරන ලිපියේ සඳහන් කල යුතුය. තවද තමන්ගේ මිල ගනන් ඉදිරිපත් කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් එම ආයතන වලට ලබාදිය යුතුය. සාමාන්‍යය මිලදීගැනීම් සඳහා දින 14ක්ද ජාත්‍යන්තර මිලගනන් කැඳවීම් සඳහා වැඩි කාලයක්ද වශයෙන් මෙම කාලය වෙනස් වේ.(අවම කාලය දින 14කි). රජයට උපරිම වාසියක් ලැබෙන පරිදි හැකි තරම් ආයතන වලින් මිල ගනන් කැඳවීම කල යුතුය. සාමාන්‍යයෙන් මිල ගනන් තුනක් අවම වශයෙන් භාවිතා කරන අතර ඊට වඩා අඩු මිල ගනන් ඇති විටදී යලිත් මිල ගනන් කැඳවන අවස්ථාද ඇත. මිලදීගැනීම සිදුකරන්නේ රජයේම වෙනත් ආයතනයකින් නම් එක් මිල ගනනක් වුවද සෑහේ.
ලැබුනු මිල ගනන් අදාල නියෝජිතයන් ඉදිරියේ විවෘත කිරීම සිදු කරයි. මෙය සිදු කරන්නේ "ටෙන්ඩර් මණ්ඩලය" විසිනි(ටෙන්ඩර් මණ්ඩලය-පැහැදිලි කිරීම ඉදිරියට). ඉන්පසු අවම මිලගනන් ඉදිරිපත් කර ඇති ආයතනයෙන් මිලදී ගැනීම සිදුකරයි. මූලික ප්‍රසම්පාදන ක්‍රියාවලිය මෙයයි.
ටෙන්ඩර් මණ්ඩලය.
සාමාන්‍යයෙන් මිලදීගැනීම් සිදුකරන ආයතනයක ටෙන්ඩර් මණ්ඩලයක් සිටී. ටෙන්ඩර් මණ්ඩලයේ සංයුතිය පිළිබඳ උපදෙස් "ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ" දක්වා ඇත. තම ආයතනයේ මෙන්ම වෙනත් රාජ්‍ය ආයතනයක වගකිවයුතු මට්ටමේ නිලධාරීන්ද ටෙන්ඩර් මණ්ඩලයට ඇතුල් කල යුතුය. උදාහරණයක් ලෙස මා සේවය කරන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ටෙන්ඩර් මණ්ඩලය සකස් වන්නේ ප්‍රාදේශීය ලේකම්, ගණකාධිකාරී සහ (පිටතින්) ප්‍රාදේශීය සභාවේ ලේකම්ය. මීට වඩා වැඩි පිරිසක් සිටින ටෙන්ඩර් මණ්ඩලද ඇත.
තාක්ෂණික ඇගයීම් කමිටුව.
ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී වැදගත් කාර්යක් සිදුකරන පරිසක් වන මොවුන් ටෙන්ඩර් මණ්ඩයේ පහසුව සඳහා පත්කර සිටින පිරිසකි. මොවුන්ගේ කාර්යය විස්තර කිරීමට, මා පළමුවෙන් සඳහන් කල පරිගණකයක් මිලදීගැනීමේ ක්‍රියාවලිය ගනිමු. මෙහිදී එක් එක් ආයතන ඉදිරිපත් කර ඇති පරිගණකවල තත්වය වර්ගය මතක ධාරිතාවය ආදිය වෙනස් යයි සිතන්න. එවැනි අවස්ථාවකදී අඩුම මිල ඇති පරිගණකය මිලදීගැනීම වාසිදායක නොවිය හැකිය. අනෙක් අතට පරිගණක ගැන විශේෂ දැනුමක් ඇති පිරිසක් ටෙන්ඩර් මණ්ඩලයේ නොමැති වීමටද ඉඩ ඇත. මෙවන් අවස්ථාවකදීය අදාල මිල ගනන් තාක්ෂණික ඇගයීම් කමිටුව වෙත ඉදිරිපත් කර වඩා වාසිදායක කුමක්දැයි තෝරාගනු ලබන්නේ.
ප්‍රසම්පාදන ලේඛණය
ප්‍රසම්පාදන ලේඛණය හෙවත් ටෙන්ඩර් පොත ගැනද යමක් කිව යුතුය. යම්කිසි ටෙන්ඩර් තීරණයක් ගත්විට මෙම ලේඛණයෙහි සටහන් කලයුතුය. ඒ රාජ්‍ය ආයතනවල සියල්ල ලිඛිත තත්වයේ පැවතියයුතු යයි ඇති නීතිය නිසාවෙනි. ප්‍රසම්පාදන කටයුතු සාමාන්‍යයෙන් විගණනයට ලක්වන විෂයකි.
හැකි තරම් සරළව ප්‍රසම්පාදන ක්‍රයාවලියේ න්‍යායාත්මක පැත්ත පැහැදිලි කල හැක්කේ එසේය. මෙතරම් විනිවිද භාවයකින් සිදුකරනවා යයි කියන ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී දූෂණ සිදුවන බව නිතර නිතර මාධ්‍ය වල අසන්නට ලැබෙන ප්‍රශ්නයකි. එසේ විය හැකිද? ඔබේ ප්‍රදේශයේ ඇති කුඩා පාරවල් කොන්ක්‍රීට් කිරීම සිදුකරන්නේ ආණ්ඩු පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලනඥයන් බව ඔබ දැක ඇතුවාට සැක නැත. එසේ වන්නේ කුමක් නිසාද? මෙහි ප්‍රායෝගික පැත්ත ගැන ඊලඟ ලිපියෙන්............
Thursday, February 28, 2013
ටෙන්ඩර් (පළමු කොටස)
Subscribe to:
Post Comments (Atom)
ඒ බං ඕවගේ බඩු ගන්න විදි එහෙම ලියල තියෙනවද?? ඔය උඹල කොමිස් කන බඩු නෙමෙයි අපෙන් කොමිස් කන බඩු.. හෙහ්.
ReplyDeleteප්‍රසම්පාදන.. ඔව් ඔය වචනය මේ ළගක සිට වෙනස් වූ ටෙන්ඩර් කියන වචනයම තමා. මට මතක හැටියට 2000 දි ඇති කරපු National Procurement Agency (NPA) නිසා ලංකාවේ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතව වල ටෙන්ඩර් පටිපාටි පිළිබද මාර්ගෝපදේශ සංග්‍රහක් ඇති කළා. දැං මන් හිතන්නේ ඒක වහල ඒත් ඒ ගයිඩ්ලයින් තමා පාවිච්චි කොරන්නේ ඓහෙම නේද රාජ්
මට ඔන්න ඔය NPA එක හොයා ගන්න බැරිද ?
Deleteඋඹ හරි.
Deleteප්‍රසම්පාදනේ
Deleteමගේ ආසම අලුත් වදනයි
වාසනාවේ රන්දොරයි
කා ඇතද අගුලු ඇත්තේ
අධ්‍යාපනේට 6%ක් වැඩියි 2ක් දෙමු
සෞඛ්යයට 6%ක් වැඩියි 2%ක් දෙමු
ප්‍රසම්පාදනේට 10%ක් මදි 15ක් 20 ක් 25ක්
මදි මදි
පුතා ඉගෙන ගන්නේ අහවල් රටේ
දුව ඉන්නේ අහවල් රටේ
ගෑනි ඉල්ලනව පෝර්ශ්
නිවාඩුවකට එල් ඒ LAවත් යන්නේ නැද්ද
මදි මදි 25%කුත් මදි
ප්‍රසම්පාදනේ
මං කැමතිම වචනේ
සර් පාලම් කැඩිල
පාරවල් වල් වලවල්
බෙහෙත් කල් ඉකුත් වෙලා
පෙට්‍රෝල්වල කුණු
නොරොච්චල් කරච්චල්
@ සුදීක
Deleteදැං එන්පීඒ එක පාලනය වන්නේ මහා භාණ්ඩාගාරය හරහායි. ඔබ සෙවු නිසා සොයා බැලුවෙමි. පහත ලින්කටුවෙන් ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සටහන් වල පීඩීඑෆ් වර්ෂන් එක ලබා ගත හැක...
http://www.treasury.gov.lk/FPPFM/pfd/publications/ProcurementGuidelines2006_amded12June.pdf
Dayal Bathee
Deleteඅන්න එළකිරි අදහස. පොල්ලෙන් ගැහුව වගේ!
දේශක යා
ඔහොම ඉඳිං සිංහල එක තියනවද බලන්න
හෙ හෙ ගොඩක් වෙලාවට එකම එක්කෙනාට අහිති කොම්පනි 3න් කොටේශන් ගන්නවා.....නැත්නම් තමන්ට ඕනා කෙනාට හරියන විදිහට ස්පෙසිෆිකේශන් හදනවා...ඒතකොට අනිත් අය අවුට්.....හරි හරි සෙල්ලං තමයි...රාජ් නම් එහෙම නැතුව ඇති.....
ReplyDeleteමයියත් දන්න දේවල්. හරියටම හරි. ඔය විදියෙ වැඩ සිද්ධ වෙනව. සමහර වෙලාවට ඔය විදියෙ වැඩ අකමැත්තෙන් උනත් කරන්න වෙන වෙලාවලුත් තියනව. ඒගැන ඊලඟ ලිපියෙන්.
Deleteහෙ හෙ තව ගොඩක් වැඩ කිඩ තියෙනවා ....මං කිව්වේ ටිකයි...:))
Deleteමේච්චර හොදට පැහැදිලිව තියෙද්දිත් කොමිස් යනවානේ ඒ කොහොමෙයි රාජ්
ReplyDeleteඉවසල ඉඳිං....
Deleteමූ බබා......ලේක් හවුස් තමයි ජරාවේ උපත.....
Deleteප්‍රසම්පාදන, හරි වචනේ ඇහුවේ අද තමා. රජයේ ආයතන වල ටෙන්ඩර් නම් ඉතින් ගොඩක් වෙලාවට මගඩි තමා
ReplyDeleteකට ඇරලා ඔව් කියපං රාජ් !
Delete:)
මම නම් හිතුවේ ටෙන්ඩර් කියන්නේ. ඇමතිගෙ යාලුවෙකුට කොන්ට්‍රැක් එක දෙනවට කියන ඉන්සිරිස් වචනේ කියලා....
ReplyDeleteඅපේ කම්පැණියේ සේල්ස් බුවාලා ටෙන්ඩර පාස් කරගන්න මෙහෙම වැඩක් කරනවා මම දැකලා තියෙනවා... කස්ටමර් එක්ක කතාකරලා අවශ්‍ය භාණ්ඩේ ටෙක්නිකල් ස්පෙක් එක හදලා දෙන්නේ සේල්ස් බුවාමයි... කස්ටමර් කරන්නේ ඒ ටෙක්නිකල් ස්පෙක් එක තමන්ගේ ටෙන්ඩර් නෝට් එකට දාන එකයි... හැබැයි සේල්ස් බුවා ස්පෙක් එක ලියද්දී එක පාර්ට් එකකට ලොවෙත් නැති මොඩල් නම්බර් එකක් දානවා... මෙහෙම අයිටම් එකක් තමන් ගාව නැති හන්දා ගොඩක් කම්පැණි වැඩේ අතාරිනවා... සබ්මිට් කලත් ඒවායේ අර කිව්ව පාර්ට් එක නෑ... ඒ නිසා ටෙන්ඩර් එක ලැබෙන්නේ ස්පෙක් එක හදපු කම්පැණියට... උන් කරන්නේ වෙන්ඩර් එක්ක කතා කරලා දැනට තියෙන පාර්ට් එකක්ම අර ලොවෙත් නැති මොඩ්ල් නම්බර් එකට මාරු කරලා බඩු ඩිලිවර් කරන එකයි... අයි ටී සම්බන්ද ඒවායේදී මම ඕක දැකලා තියෙන්නේ...
ReplyDeleteඔය තියෙන්නෙ ඔක්කොම හරි.
Deleteමට නං ඔය සම්බන්ධව කිසිම අත්දැකීමක්වත් දැනුමක්වත් නෑ. ටෙන්ඩර් කියූ විට මතක් වෙන්නේ මගඩි, වංචා, දූෂණ වගේ දේවල් තමයි.
ReplyDeleteමේවයෙ තමයි හොඳ හොඳ සෙල්ලං තියෙන්නෙ.
Deleteprivate sector wala godak durata tender naha neda?
ReplyDeleteJayawewa
බොහෝ විට නෑ. නැත්තෙත් නෑ.
Deleteඒත් ඉතින් වැටත් නියරත් දෙකම කාල නම් මක් කොරන්නද? හොරු ටික ඔක්කොම එකම තැනකට එකතුවුණොත් නම් ගොඩ ම තමයි නේද...
ReplyDeleteහොරු එකතැන් වීම වලක්වන්නයි මේව තියෙන්නෙ. ඒත්....
Deleteප්‍රේමදාසගේ කාලෙ ගොඩනැගිලි දෙපාර්තමේන්තුව/නාගරික සංවර්ධන අධිකාරියෙ,ඉදිකිරීම්/කඩා ඉවත්කිරීම් වලට මගේ පියා ටෙන්ඩර් දැම්මෙ අවසන් පැයේ.ටෙන්ඩර් ඕපන් දිනයෙ උදේට හෝ පෙරදා රාත්‍රී නිව්ස් එක එනව අඩුම ලන්සුව කීයද කියල.ඉතින් උදව් කරන නිලධාරීන්ට කල අඩුම උදව්ව මම හිතන්නෙ එයාලගෙ පිටරට ඉගෙනගන්න දරුවන් බැලීමට යන්න පවුලෙ සැමට යාමට/ඒමට ගුවන් ටිකට් සහ ගමන් වියදම්.දැන්නම් ලංකාවෙ එහෙම වෙන්නෙ නැතිව ඇති නීති හරිඊඊඊඊ තදයිඊඊඊඊඊ නේ?
ReplyDeleteමාරයි!
Delete//"නෑ? වෙන්න බෑ. සිළුමිණේ බලපං..... ටෙන්ඩර් දැන්වීම් හැම පත්තරේකම වගේ තියනවනේ"
ReplyDelete"අම්මට $@%^*! සිංහලෙන් කිව්වනං ටෙන්ඩර් කියල ගේනවනෙ" ඒ මා හිතෙන් දුන් පිළිතුරයි.//
හී හී හී හී....
එච්චරයි නේද කියෙව්වෙ? :)
Deleteවචනේ අහලා තිබුනට තේරුම දැනගත්තේ අදනේ
ReplyDeleteඒකත් මදැයි.
Deleteවිභාග ලියන්න ආයතන සංග්‍රහය කියවලා ගත්ත දැනුම මිසක් ටෙන්ඩර් ගැන දැනුමක් නම් නැහැ මට. ඒත්.. ටෙන්ඩර් ඉතින් කැඳවන්නේ නමට විතරයි නේ. යටින් හොඳ හොඳ සෙල්ලම් තියෙනවා. මම හිතන්නේ රාජ්‍ය ආයත්න වල උණත් එහෙමයි නේද? :D
ReplyDelete//මම හිතන්නේ රාජ්‍ය ආයත්න වල උණත් එහෙමයි නේද?//
Deleteඇත්තටමද ඇහුවෙ? :)
:D
Deleteහෙන විස්තරයක්නෙ....
ReplyDeleteහ්ම්
Deleteඊලඟ එකත් ඉක්මනටම දාමුකො බලන්න එහෙනම්
ReplyDeleteහරි.
Deleteමට නම් හිතෙන්නෙ දැන් රාජ්‍ය ආයතන ටෙන්ඩර් කැඳවන්නෙ, බඳවා ගැනීම් වගේ ඒවට ගැසට් කරන්නෙ නිකම් ඒක නීතිමය අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න විතරයි. ඔය ක්‍රමයෙ තියෙන ලොකු හිල්වලින් කට්ටිය ලස්සනට රිංගනව. තත්ත්වය පාලනය කිරීමේ උවමනාවක් කාටවත් නෑ. එකාතකට මොකට පාලනය කරනවද? බලය තියෙද්දි කරගන්න පුළුවන් දෙයක් කරගන්නව මිස.
ReplyDelete"බලය තියෙද්දි කරගන්න පුළුවන් දෙයක් කරගන්නව මිස"
Deleteඒක තමයි වෙලා තියෙන්නෙ
හොඳ ලිපියක්.. ඊළඟ ලිපියත් කියවලාම කියන්ඩ තියෙන එව්වා කියන්නම්..
ReplyDeleteහොඳා
Deleteප්‍රසම්පාදනය කියන වචනේ ඔන්න උමේන් ඉගෙන ගත්තා. ඇත්තෙන්ම මම අහලා තිබ්බෙ නෑ. මෑතකදි හදපු වචනයක් වෙන්නැති.
ReplyDeleteමදැයි ගුරුවරයෙකුට වචනයක් කියල දුන්න එකම.
Deleteමගේ යාලුවෙක් හිටියා ඉස්කෝලෙ කාලෙම ටෙන්ඩර් මගඩියකට සම්බන්ධ වෙච්ච! ඌයි මගේ යාලුවො ටිකකුයි එකතු කරං වැඩේ කලේ. උගේ මාමා කෙනෙක්ද කොහෙද ඒ අමාත්‍යංශෙ ඇතුලේ හිටියා! :)
ReplyDeleteඒ වගේ සීන් නැතෑ ගමකට
Deleteප්‍රසම්පාදනය කිවුවම මාත් බැළුවා මොකද්ද කියලා.. දැන්නේ දන්නේ තේරුම..
ReplyDeleteටිකක් දැනගත්තට වරදක් නෑ.
Delete//ඉන් පසු කලෙක කාර්යාලයේ මිලදීගැනීම් රාජකාරී මාහට පැවරුන හෙයින් ප්‍රසම්පාදනය ගැන පූර්ණ දැනුවත් භාවයක්//
ReplyDeleteඅපේ වැඩි දෙනෙක් ඔය "ප්‍රසම්පාදන" කටයුතු කරන කට්ටිය දිහා බලන්නේ ටිකක් අමුතු විදිහකටයි. ඒ විදිහට බලලා මාත් "කන්ග්‍රැජුලේෂන්ස්" කියන්නම්.
ලංකාවේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ අඩුපාඩු තියනවා. ඒ ගැන කවුරුත් කතා කරනවා මිසක් ඒක නිවැරදි කරන්න උත්සාහ කරන්නෙ නැහැ. ඒ ඇරුණම බොහෝ තැන්වල හිතාමතාම ඔය ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ උපදෙස් අනුගමනය කරන්නෙ නැහැ. ඒ වුනත් ඔය වගේ පොතක් හරි එළි දැක්වුවෙත් (වෙන මොන අඩු පාඩු තිබුනත්) චන්ද්‍රිකා මැඩම්ගෙ කාලෙදි.
ඊ ළඟ කාරණය පෞද්ගලික අංශයේ ටෙන්ඩර් මගඩි නැතැයි කියා සිතීම. ඒක වැරදියි. ඒවා ආණ්ඩුවේ තැන් වලට එහා.
මොකද කාර්යක්‍ෂමතා කඩඉම් විබාගෙටවත් පාඩම් කියලා දෙනවාද?
ReplyDelete:)
Deleteමේ ලිපියෙන් වැරදි අදහසක් එනවා නේද ප්‍රසම්පාදනය කියන්නේ ටෙන්ඩර් කියලා?
ReplyDeleteමං හිතන්නේ සම්පාදනය කියන්නේ ප්‍රොක්‍යුමන්ට් හෙවත් මිළට ගැනීමයි. ප්‍ර-යන්න දැම්මාම වැඩේ හලාල් (හොඳ) වෙනවා ඇති.
නමුත් ටෙන්ඩර්ය කියන්නේ ඒ ප්‍රසම්පාදනය ට අදාල භාණ්ඩ හෝ සේවා සැපයීම සඳහා වෙන ඉදිරිපත් වීම නේද?
//මිලදීගැනීම් සිදුකිරීමට සකස් කර ඇති ක්‍රියා පටිපාටියකි "ටෙන්ඩර්" යනු//
Deleteඒක තමයි ෙම් කියල තියෙන්නෙ. හැබැයි කකා කිව්ව කාරණාව හරි. ඔය වෙනස අැත්තටම කියවන්නාට අවුලක් වෙයි කියල හිතුනෙ ලියල ඉවර උනාට පස්ෙස. අර වාක්‍ය නිසා තේරුම්ගන්න පුළුවන් වෙයි කියල හිතුව.
අප්පා ඔය ප්‍රසම්පාදන පෙට්ටි කඩන දවස් වලට තාත්තගේ පෝං එක ආන්සර් නොකරන එක තමා චාටර්ම වැඩේ...
ReplyDeleteදවසක් පොඩිකාලෙදි ඉස්කෝලෙදි බඩේ අමාරුවක් හැදිලා තාත්තට කෝල් කරනවා නෝ ආන්සර්...
තව පොඩ්ඩෙං කලිසමේ තමා...
පෙට්ටි කඩනකොට බාධා කරන්න ඒපා :)
Deleteස්තූතියි රාජ් අලුත් වචනයක් දුන්නට: ප්‍රසම්පාදනය
ReplyDeleteඔය වැඩේ අපේ කෙරෙන්නේ පර්චසින් දෙපාර්තමේන්තුව මගින් හබරි බරට කැපිල්ල තියෙනවා මෙහෙනම්
ReplyDeleteමහමෙව්නාව හරහා හමා එන මහාමේඝයට
ReplyDeleteඋතුම් වූ බුද්ධ භාෂිතය යටපත් කළ හැකි වේද?
http://goo.gl/5iKWy
නිරවුල් දහම් දැනුමක් ලබාගැනීම සඳහා පිවිසෙන්න..
http://srisadaham.wordpress.com/
දෙවැනි එකත් බලලම කමෙන්ට් කරන්නම් රාජ්. පට්ට පරිස්සමෙන් කරන්න ඕන සබ්ජෙක්ට් එකක්නෙ.
ReplyDelete