Friday, November 8, 2013

රට යන ගෑනු අපිට තියාගන්න බැරිද?

මේක ලියන්න තරම් දිග මාතෘකාවකුත් නෙවේ. රයිගමහන්දියෙ මතුවුන කතිකාවක් එක්ක ලියන්න හිතාගෙන ඉන්නකොට අද අමිලත් මේ ගැන ලියල තිබුන.

රට යන ගෑනු!

අපේ කාන්තාවන් මැදපෙරදිග යන්නෙ ආසාවට නෙවේ. කිරිබොන දරුව අවුරුදු දෙකකට අම්මට තාත්තට දාල, නැත්තං අලුත බැන්ද මිනිහ අමතක කරල මැදපෙරදිගට යන්නෙ කීයක් හරි හොයාගෙන ගෙයක් දොරක් හදාගන්න නැත්තං දරුවන්ට උගන්නන්න. අන්තිමට මේ ජීවිත නවතින තැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මගේ ප්‍රශ්නෙ ලංකාව ඇතුලෙ හවුස්මේඩ් ජොබ් නැද්ද කියන කාරණාව.

මේ අදහස මගේ ඔලුවට ආවෙ ගෙදර වැඩට ගෑනු මනුස්සයෙක්ව හොයද්දි ලැබුන අත්දැකීම් නිසා. මමයි මගේ නෝනයි දෙන්නම රජයේ සේවකයො. මම දකුණෙ, නෝන අග නගරෙ කිට්ටුව රැකියා කරන්නෙ. එයා ගෙදර එන්නෙ මාසෙට දෙපාරක් විතර. අම්ම තාත්ත ඉන්න නිසා පොඩිඑකා බලාගන්න වැඩේ ටිකක් ෂේප් උනත් ඔක්කොම වැඩ එයාලට කරන්න බෑ. ඔන්න අපි ගෑනු මනුස්සයො කිහිප දෙනෙක් බැලුව. එයාලගෙ ගනං අපිට ඔරොත්තු දුන්නෙම නෑ. අන්තිමට පොඩි ගානක් දීල කෙනෙක් හොයාගත්ත දවල් කෑම උයන රාජකාරියට විතරක්. එයා ආව කෑම ඉව්ව කෑව තමුන්ගෙ මහත්තයටත් කෑම එකක් බැඳගත්ත ගියා. ගණුදෙනුව අහවරයි. සාමාන්‍යෙයන් උදේ ඇවිල්ල හවස පහ විතර වෙනකල් වැඩ කරන කෙනෙකුට රුපියල් දොලොස් දාහක් හෝ ඊට වැඩියෙන් දෙන්න වෙනව.

මට මතකයි වැඩකාර ගෑනු [එහෙම කිව්වට අවුලක් නෑ මං හිතන්නෙ] ගැන කියවෙන ටෙලිනාට්‍යක් එකසැරයක් මොකද්දෝ චැනල් එකක ගියා. ඒ මනුස්සයගෙ කොන්දේසි වලට එකඟ වෙන ගෙදර නෝන වැඩකාරිට උදේ තේ එක දෙනව. දවල්ටත් මොනවදෝ හීතල බීමක් දෙන්න ඕන. එයාට ළමයි බලාගන්නත් බෑ. දවල් කෑමට පස්සෙ පැය කීයකද විවේකයකුත් ඕන. අන්තිමට වැඩකාරි වෙලා තියෙන්නෙ ගෙදර නෝන! සාමාන්‍යෙයන් ඕක තමයි වැඩකාර ගෑනු ගැන ඇත්ත යථාර්තය.

හරි. අපි දැන් බලමු මැදපෙරදිගට යන අපේ කාන්තාවන්ගෙ තත්වෙ. මම අහල තියන විදියට වැඩ පටන් ගන්නෙ උදේ හතරට විතර. එතන ඉඳල නන්ස්ටොප් මැදියම් රැය වෙනකල් වැඩ. අමතරව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ලිංගික වහලාගේ රාජකාරියත් පැවරෙන්න පුළුවන්. රැකියා අයිතිවාසිකම්ද අරවද මේවද ඉල්ලීම් මොකුත් නෑ. [ඉල්ලුවොත් ඇන ගහල හෝ පෙට්ටියෙන්නේ එවන්නෙ]. මාසය පුරාම වැඩ. කෑම බීම ටික නං ලැබෙනව. අවසානයේ රුපියල් තිස්දාහක් විතර හොයාගෙන ලංකාවට එවනව.

මම අහන්නෙ රට ගිහිල්ල කරන මේ හොයන ගාන අපේ රටේ ඉඳගෙන හොයන්න බැරිද? රට ඉඳගෙන කරන වැඩ ප්‍රමාණය ගත්තොත් ලංකාවෙ ගෙවල් දෙකක වැඩ කලා නම් වැඩේ හරි. කරන්න තියෙන්නෙ එකලඟ ගෙවල් දෙකක් හෝ තුනක් හෝ ඥාතීන් වන ගෙවල් දෙකතුනක් සෙට් කරගැනීම විතරයි. මෙන්න වාසි සංසන්දනය.

මැදපෙරදිග ලංකාවෙ
වැඩ කාලය පෙ.ව.4.00-ප.ව.11.00 වැඩ කාලය පෙ.ව.5.00-ප.ව.8.00
වැටුප රු.30000 වැටුප රු.30000(10000*3 හෝ 15000*2)
ලිංගික(වහල්) සේවය ඇත ලිංගික(වහල්) සේවය නැත
ඇණ ශරීරගතවීමේ අවදානම ඇත ඇණ ශරීරගතවීමේ අවදානම නැත
අඩුම තරමින් අවුරුදු දෙකක් ඥාතීන්ගෙන් ඈත්වීමට සිදුවේ එසේ නොවේ
ජීවිත අවදානම ඇත ජීවිත අවදානම නැත
මූලික වියදම් ඇත මූලික වියදමක් නැත
.............. ..............

මේ වෙනකොට ලංකාවෙ බහුතරයක් පවුල්වල සැමියා බිරිඳ දෙන්නම රැකියා කරන උදවිය. මේ මාකට් එක තේරුම් ගත්ත නං හරි! හැමෝම රට යන්න ඕන නෑ.

71 comments:

  1. ඔව්. රාජ්.. ඇගලුම් ක්ෂේත්‍රයත් ඒ වගේයි.. චීනය, බංගලාදේශය, ඉන්දියාව, අරාබි රටවල් වල ඇගලුම් කර්මාන්තයේ කුඩා රැකියාවන් සදහා යන අයත් එම රටේදි බොහොම සොච්චමයි හොයන්නේ පැය 12 ක ට අධික සේවා මුරයක් වැඩ කරලත්. නමුත් ලංකාවේ තත්වයත් එක්ක බැලුවම, අර ප්‍රමුඛ වියදම් හා අපහසුතා සැලකිල්ලට ගත්තම ලංකාවෙ වැඩ කරන එක පට්ට ලාබයි. ඒත් මිනිස්සු යනවා මොකද තක්සේරු කිරිමේ නිසි ශක්තියක් හා තෝරාගැනිමේ උවමනාවක් නැති නිසා. මේ රැකියා දෙකම හැල්මේ දිවිල්ලක් හා විදවිල්ලක් පමණයි.. කාලින කතා බහක් ඇති විය යුතුයි..

    ReplyDelete
  2. මටනං හිතෙන්නේ රාජ් ඕකට තව දෙයක් තියනවා . ලංකාවේ සේවය කරන එකාගේ ජොබ් එකට බාහිර වගකීම් වැඩියි.නිවාඩු ගන්න ඕනි දවස් වැඩියි. ළමයට අසනීපයි.නංගිට ළමයා හම්බුවෙලා , දානේ , මඟුල් කෙළවරක් නෑනේ ලිස්ට් එක. වෙන රටකට ගියාම ඒ සෙල්ලං නෑනේ. බල්ලා සේ ඔලුව පාත් කරගෙන වැඩකරා ගාණ හොයාගත්තා මාරු වුනා.කැපවීමෙන් කල්පනා කරලා හරියට කරනවානං ලංකාවේ ඉඳනුත් ගොඩ යන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඒකත් හොඳ පොයින්ට් එකක් තමයි. මේක හරියට සිල් ගන්න පන්සල් යනව වගේ වැඩක්. ගෙදර ඉඳන් සිල් රකින්න පුළුවන් නමුත් වැඩේ කෙරෙන්නෙ නෑනේ.

      Delete
  3. රාජ් ඔතන වෙලා තියෙන්නේ රට ගිහින් ඕනෙම වැඩක් කරන්න කැමති අය මෙහෙදි ඒවා කරන්න තියෙන අකැමත්ත.
    සමහරක් විට තමන් රට ගිය කෙනෙක් කියා සමාජයට පෙන්වීමේ අභිප්‍රයක් එහෙමත් ඒ අය තුල ඇති.

    ReplyDelete
    Replies
    1. ඒක හරි. සාමාන්‍යෙයන් මෙහෙට වැඩිය ශ්‍රමයට වටිනාකමක් ලැබෙන රටවල් තියනව. උදාහරණයක් විදියට වැඩ ටිකක් වැඩිවුනත් දකුණු කොරියාවට ගිහිල්ල මාසයකට හොයන ලක්ෂයක් දෙකක් වගේ මුදලක් මෙහේ හොයන්න බෑ. නමුත් මැදපෙරදිග තත්වය නං ඒ අතින් අන්තිමයි.

      Delete
  4. රට ගිහිල්ලා මොනවා කරනවද කියලා කවුරුවත් දන්නේ නැහැ නේ. මෙහේ ඉදං කලොත් තමයි හැම එකාම මොනවද කරන්නේ කියල හොයන්නේ. අනික අපේ උන්ට කීය හම්බ කලත් රට සල්ලි කියන නමත් වටිනවනේ ....... ;)

    ReplyDelete
    Replies
    1. එහෙමත් එකක් තියනව තමයි. ඒත් ගෘහ සේවිකාවන් සම්බන්ධයෙන් නං “රට“ නාමය වැඩක් තියනවද?

      Delete
    2. උඹට නං බෑ පුෙත් පිට රට වල ගිහිල්ල ෙර්ප් වැඩ ෙකාරන්න...

      Delete
  5. මාත් අපේ සහෝදරියන් විඳින දුක බලා ඉන්න බැරි කෙනෙක්.
    ඔබේ සන්සන්දනය බොහෝම හරි,
    ඒත් තව එකක් තිබේ එයටත් විසඳුමක් අවැසියි,
    එනම් කරදරකාර මිනිහගෙන් ගැලවී යාම

    ReplyDelete
    Replies
    1. හ්ම්! ඒකට නං බේත් නෑ දයාල්......

      Delete
    2. මෙන්න මේ දයල් බතී කතාව ඇත්ත .

      Delete
  6. රාජ් මේක මානසික බලපෑම මත වෙන දෙයක් මන් හිතන්නේ.. මාසෙකට හැට හැත්තෑවක් හොයන්න පුළුවන් කිව්ව් හැටියේ OK වෙනවා ඕනෙම දෙයක්.. හැබැයි කිසි කෙනෙක් හිතන්නේ නැහැ මහන්සියට සපෙක්ෂව ලැබෙන මුදල කොච්චර සොච්චමක්ද කියලා ...

    තවත් දෙයක් තියෙනවා රාජ්.. ලංකාවේ ඔය තරම් මහන්සි උනත් එයට සරිලන වැටුපක් ගන්න "සියලු" දෙනාට පුලුවන්ද ...? රාජ්ම හිතන්න රාජ්ගේ ගෙදරම නැවතීගෙන ඔක්කෝම වැඩ ටික කරගෙන ඉන්න සූදානම් කෙනෙකුට 30,000 ක පඩියක් ගෙවන්න පුලුවන්ද ...?

    ( කැමති නම් කියපන්..මන් එනවා..හැබැයි උයන්නයි , රෙදි හෝදන්නයි , ළමයි බලාගන්න නම් බැහැ )

    ReplyDelete
    Replies
    1. උඹ පෝස්ටුව කියෙව්වෙ නෑ නේද?
      මම කිව්වෙ ගෙවල් දෙකක් තුනක් සෙට් කරගැනීමක් ගැන. අපේ කාර්යාලෙම ඉන්නව 10000න් උඩ ගෙවල ගැහැණුන්ව වැඩට ගත්ත උදවිය. ඒ එකතුව තමයි 30ක් වෙන්නෙ.

      "සියලු" දෙනාට බෑ. ඒකයි මම කිව්වෙ “හැමෝම රට යන්න ඕන නෑ“ කියල. අතිරික්තය ගියාම ඇති.
      අනෙක හවුස්මේඩ්ලට ඕටී නෑ මම දන්න තරමට.

      Delete
    2. කියෙව්වා රාජ්.. ගෙවල් තුනේ කතාව දැක්කා මන්.. ඒත් එවැනි අවස්ථා ( චාන්ස් ) ලැබෙන්නේ කීයෙන් කී දෙනාටද ? පට් පට් ගාලා එක ගෙදරක උයලා අනිත් ගෙදරට යන්න නම් පුස් බයික් එකක් වත් ඕනේ තමන්ගේම කියලා.. ගෙවල් තුන එක කිට්ටුව තියෙන්නත් ඕනේ... ඒ නිසා රාජ් කියන සෙල්ලම හැමෝටම කරන්න බැහැ ( අදහස හොඳ උනත් ) .......

      ළමයි බලාගැනීම සඳහා කෙනෙක්ව ගන්න උනොත් ඔය සෙල්ලම කරන්න බැහැ ...උයන්න විතරක් නම් කමක් නැහැ...ඊටත් වඩා අපේ කුහක මිනිස්සු එක්ක ඔය වැඩේ කරන්න පුළුවන් කියලා හිතනවද ...?

      ගෙවල් වල අයිතිකරුවන්ගේ කුහකත්වය :- අර ගෑණි මුල් දවස් වල එළවලු 3 ක් හැදුවා කියමු. ඊට පස්සේ කියයි එළවලු 4 ක් හදලා පල කියලා..

      මෙහෙකරුවන්ගේ කුහකත්වය :- යාන්තන් ඔහේ මොනවා හරි රත් කරලා දුවයි..


      රාජගේ අදහස කන්ඩෙම් කරා නෙවේ.. අපේ උන් එක්ක මුකුත් කරන්න බැහැ කියන දේයි මන් කිව්වේ .. ඒකනේ අපිට මෙහෙම වෙලා තියෙන්නේ 48 ඉඳන්.. කිසි සහයෝගයක් නැහැ එකිනෙකා අතර ...අනිත් එකාගේ බඩ පිරෙද්දී පුදුම අමාරුවක් එනවනේ අපිට ...

      Delete
    3. ඔය අතුරු ප්‍රශ්න ටික මටත් මතක් උනා. නමුත් උදේ එක තැනකත් හවස තවත් තැනකත් සේවය කරන්න පුළුවන්කම තියන තැන් තියනව. ඇත්තම කිව්වොත් ප්‍රායෝගික අවුල් නැත්තෙ නෑ. ඒත් උවමනාව තියනව නම් යම් පිරිසක් රට යාම නවත්තගන්න පුළුවන් කියන හැඟීම මගේ තියනව.

      Delete
    4. මෙහෙ නැවතිලා ඉඳලා, දෙන්නෙකුට කෑම උයලා, ගේ අස්පස් කරලා, අතුපතු ගාලා, මිදුල අතුපතු ගාලා ඉන්න කෙනාට ගෙවන්නේ 12500යි... ( මම දැන් ටිකකට කලින් එයත් එක්ක කතා කර කර ඉඳල ආවෙ.. පඩි මදි කියලා යන්න හදනව.. මට අදාල නැති හින්ද මං ෂේප් වෙලා ආවා... )

      Delete
    5. සහන් එක්ක එකඟයි.නමුත් රාජ්ගෙ කතාවෙත් ගන්න දෙයක් තිබෙනවා

      Delete
    6. @ රාජ් හිරු සහ යකා

      රාජ් ඉදිරිපත් කරලා තියෙන අදහස මල් මසුරන් ... ජාතියක් විදිහට නැගිටින්න පුළුවන් අදහස් මේවා .. එහි] සැබෑ වටිනාකම තේරුම් අරන් ඒ අනුව වැඩ කරන්නේ කීයෙන් කී දෙනාද ...? අපිට පුදුම අවස්ථා 2 ක් ලැබුණා .. සුනාමිය සහ යුද්ධය නිම වීම ... කෝ ඒ චාන්ස් දෙක ගත්තද අපි ....?

      හිරුවා වරහන් ඇතුලේ කියපු දේ තුලත් සෑහෙන ඇත්තක් තියෙනවා.. එතනට පත් වීම ඉතාම ස්වාභාවිකයි ....

      Delete
  7. රාජ්,
    ඔබේ සංසන්දනයේ මූලික වරදක් ඇත. එනම්. ඔය විකල්ප දෙකේ ඇති සම්බන්ධයයි.
    ලංකාවේ කම්කරු රැකියා සඳහා පඩි වැඩිවී ඇත්තේ සැපයුම අඩු නිසයි. එයට හේතුව ශ්‍රමිකයින් රට යෑමයි.

    රට ගිය අය නොගියා නම්, සැපපුම වැඩිවී ලෝකල් පඩි අඩුවෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. කකා හරි! ඒක මට මතක් උනේ නෑ. ඒ ගැන හිතුවෙත් නෑ. වෙන්න පුළුවන් දෙයක්.

      Delete
    2. ලංකාවෙ කම්කරු රැකියා වලට පඩි වැඩියි කියල කියන එකේ ඇත්තක් තියෙනවා කියල මට හිතෙන්නේ නෑ නේ... පඩි නෙවෙයි... සල්ලි හෙවීමේ අවස්ථා තියෙනව කිව්ව නං හරි.. කම්පැණිවලින් කම්කරුවන්ට ( ටෙක්නිකල්/ මැකැනිකල්/ ඉලෙක්ට්‍රිකල් වගේ අංශවල කම්කරු රැකියා ගැන මං මේ කිව්වෙ) දෙන්නෙ 25000- 30000ක් අතර පඩි තමයි බොහෝ විට...

      Delete
    3. හිරු,

      මෙතන වචන සහ භාෂා ප්‍රශ්නයක්.

      මං කම්කරු කියා කීවේ වැඩකාර ගෑණු කියන යෙදුම අවුල් වගේ කියා රාජ් කියා තිබූ නිසයි. මා අදහස් කෙරුවේ මෙතන කතා බහ වෙන ශ්‍රඟික පිරිස මිස කොම්පැනි සේවකයින් නොවේ.

      අනික මා කියා ඇත්තේ ඔබ සිතු පරිදි "පඩි වැඩියි" කියා නොවේ, "පඩි වැඩිවී ඇත්තේ" කියායි. එයින් අදහස් කෙරුවේ එදාට සාපේක්‍ෂව අද පඩි වැඩි වී ඇති බවයි. එනිසායි රාජ් ට මේ ප්‍රශ්නය ඇති වුනේම.

      Delete
    4. රාජ්,

      මේ වරදට ඉකොනොමෙට්‍රික්ස්වල සුවිශේෂී පදයක් භාවිතා වෙනවා. දැන් මගේ මතකයට එන්නේ නෑ.

      Delete
    5. හරි.. ඔය වැඩකාර ගෑණුන්ගෙ තත්වෙටනේ කකා දැං කම්පැණිවල තේ හදන, අතුපතු ගාන වැඩ කරන කම්කරුවො සපයන කම්පැණිත් වැටෙන්නෙ.. ක්ලීනින් සර්විස් කියන්නෙ... එයාලට ගෙවන්නෙත් මාසෙකට 8000-12000ත් අතර ගානක් තමයි... සුපවයිසර් කෙනෙක්ට උනත් 20000ක් ලැබෙන්නෙ එහෙමත් තැනක තමයි....

      ඔතන තව කේස් එකක් තියෙනව රාජ්... ඉස්සර තිබ්බ ට්‍රෙන්ඩ් එකක් තමයි සල්ලිකාරයො, නම්බුකාරයො ගෙවල් වල වැඩකාරයො තියාගන්න එක... ඒ අය ගෙවල් වල නැවතිලා ඉඳලා උයලා, ගෙවල් වල වැඩපල කරලා, ළමයි බලාගෙන, කඩේ පිලේ ගිහින්, වත්තෙ පිටියෙ වැඩ වලට සම්බන්ධ වෙලා, ඒ අතරෙම පවුල් පන්සල් වෙලා ළමයිනුත් හදාගෙන, ළමයිනුත් ඒ ගෙවල් වල වැඩපල කරලා.. ඔන්න ඔහොම සීන් එකක්...

      දැං ඇත්තටම ඕනෙ වෙලා තියෙන්නෙ ගෙවල් වල නැවතිලා වැඩ කරන අය නෙවෙයි... කරන්න තියෙන සීමිත වැඩ ප්‍රමාණයක් කරල දීලා යන පැය කීපයක අවස්ථාවක්... සමහරුන්ට ඕනෙ උයා පිහා ගන්න.. සමහරුන්ට උයලා, අතුගාලා, රෙදි හෝදලා යන්න... දැං ඉන්න ළමයි බලන අය ළමයගේ වැඩ ඇරෙන්න වෙන කිසි දෙයක් කරන්නෙ නෑ... සමහරු ළමයගේ රෙදි ටිකවත් හෝදන්නේ නෑ... සමහර වෙලාවට ගෙදර අයට වැඩකරන කෙනාගේ ගෙම්බර් බලන්න වෙනව.. හැබැයි ඉතිං පිටරට ගියාම ඔය මොකුත් නෑ... කැමති උනත් අකමැති උනත් කරන්න කියන හැම එකම කරන්න වෙනව.. ( මං මේ කිව්වෙ අපේ මිනිස්සුන්ගෙ හැටියක් ගැන... අර මොකද්ද තියෙන්නෙ වල ඉහගෙන කන්න යනවා වගේ කතාවක්.. අන්න ඒ තත්වෙ...)

      තව කේස් එකක් තියෙනව.... ඔතනදි වැඩිපුර බලපාන්නෙ විශ්වාසවන්තභාවය කියන එක... දැන් කාලේ හැටියට ආවට ගියාට නාදුනන කෙනෙක්ට ගෙයක් ඇතුලට ගන්න බැරි තත්වයක්නෙ තියෙන්නෙ...

      Delete
  8. ඕක ලස්සනට කරන්න පුළුවන් රාජ් රැකියා ප්‍රවර්දන අමාත්‍යෂයෙන්ම කල හකි දෙයක්.
    ඔය මැදපෙරදිග යන සමහරු ලංකාවෙ නද කරන්න ආස නැහැ.
    වැඩකාරි වචන හරි මදි වගේද මන්ද...

    ReplyDelete
    Replies
    1. රැකියා ප්‍රවර්ධනේ ගැන කතා කරන්න ගත්තොත් ලේ කෝප වෙනව.
      මුලින් කිව්ව ගෘහ සේවාකා වෙනුවට දැන් කියන්නෙ ගෘහ පාලිකා. නම මොක උනත් වැඩ නං එකයි.

      Delete
  9. අපේ සයිට් එකේ හිටියා බැකෝ ඔපරේටර් කෙනෙක්, මිනිහා මෙහෙ ඉද්දී වෙදේම රට යන්න ඕන කියන එකමයි. එතකොටත් මිනිහා විසි අටදාහක්, තිස් දාහක් විතර ගත්තා, දවසින් වැඩි හරිය ඉතින් නිකම් තමයි.
    අන්තිමට කටාර් ගියා, ළඟදී ආවා. උදේ පහේ ඉඳන් රා එකොළහ වෙනකන් එක දිගට වැඩලු. පඩිය හතලිස් පන්දාහයි. ඉතින් මම කිව්වා "උඹ මෙහෙ නිකන් ඉඳලා හැමදාම අටට ඇවිත් හයට ගෙදර ගිහින් තිස්දාහක් ගත්තා නේ නිකන් ඉඳලා , දැන් පැය දාසයක් දාහතක් එක දිගට වැඩ කරලා තව පහළොස්දාහක් වැඩිපුර ගන්නවා.දැන් සනීපද කියලා.
    මූ කියපි නෑ මහත්තයා ගානක් හොයාගෙන ඇවිත් ආපහු මෙහෙට ජොයින්ට් වෙලා ශේප් එකේ ඉන්න පුළුවන් නේ කියලා.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙදි බැකෝ ඔපරේටර් කෙනෙකුට (පිටරට වගේ මහන්සි උනොත්) රුපියල් හැත්ත පන් දාහකට වැඩිය හොයන්න පුළුවන්.

      Delete
  10. රාජ් ට හොඳ අදහස් තිබෙන බව පේනව.ඇත්තටම හුඟක් දෙනෙකුට තිබෙන තිබෙන හොඳ අදහස් ක්‍රියාත්මක වෙන්නෙ නෑ.මේ අදහස නම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න අමාරු වෙයි.හැබැයි ක්‍රියාත්මක වුනොත් හුඟක් ගෙවල් වල තිබෙන ළමයි බලා ගැනීමේ ප්‍රශ්න වගෙ ඒව විසදෙයි.මේ රැකියාවට වෘත්තිමය තත්වයක් දීල අර්ථ සාධක ක්‍රමයක් හෝ පෙන්ශන් ක්‍රමයක් හැදුවනම් හොඳයි.
    මේ වගෙ රැකියා ප්‍රවර්ධනය කිරීමේ ක්‍රම තිබෙනව .එකක් තමයි පෞද්ගලික කොම්පැනියක් මගින් කට්ටිය බඳව්ගෙන උසස්වීම් පටිපාටියක් දෙන එක.පුහුණුවීම් අවස්ථ වගෙ දේවල් දෙන එක.මේවට සමහර රටවල උපාධිත් දෙනව කියල මම අහල තිබෙනව

    ReplyDelete
    Replies
    1. මට මුනගැහුන පිටරටක කපල් එකක්. මිනිහ දොස්තර ගෑනි මොනිටිසෝරි ගුරුවරියක්. ලංකාවෙ වෘත්තීමය තත්වයක් තියෙන්නෙ රැකියා කාන්ඩ ටිකයි තියෙන්නෙ. අනිත් සියල්ල දෙකේ කොලේට වැටෙන දේවල්. ප්‍රාෙයා්ගික තලයේදි අමාරුයි තමයි. හැබැයි මේව වෙනස් වෙනකල් අපි ඔලුව උස්සනව බොරු.

      Delete
  11. ලංකාවේ මිනිස්සුන්ට සරම්ප හැදුනත් නිකං සරම්ප වලට වඩා ජර්මන් සරම්ප හොදයි කියනවනේ.......

    මොනා උනත් මේ දූපතෙන් පොඩ්ඩක් එලියට ගිහිල්ල එන එක නං හොදයි...හැබැයි මේ ගෘහපාලිකා වැඩේ නම් එච්චර හරියන්නේ නෑ තමයි.....මිනිහා පිට ගිහිල්ල පවුල් කැඩෙනවා වැඩියි....

    ReplyDelete
    Replies
    1. මාත් කියන්නෙ ගෘහ පාලිකා වැඩේ හොඳ නෑ. විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදය බින්දුවට වැටුන මැදපෙරදිග

      Delete
  12. ඔතන වෙලා තියෙන්නේ පිටරට යද්දි ඒක ” හවුස්මේඩ් ජොබ් එකක් ” වීම සහ ලංකාවෙදි ඒක ” ගෙදර වැඩකාරයා ” වීම කියන ප්‍රශ්‌ෙන සහ පිටරට ගිහින් කක්කුස්සි හෝදන කෙනත් ලංකාවෙදි ඒකට සක්කිලි හොයන්න යන එක තමයි... මහන්තත්තෙ..

    දොස්තරට ලෝයර්ට කොන්ද නවලා කතාකරන්න ඕනෙ කියන තැන ඉන්න මේ රටේ ඔය දේ හරියන්නෙ නැති එකම හේතුව ඕකයි... නැත්තං රාජ් කියන්නේ මේ වෙනකොට ලංකාව ඇතුලෙ තියෙන හොඳම රැකියා මාකට් එකක් ගැන තමයි...

    ReplyDelete
    Replies
    1. හිරු එක්ක එකඟයි.රැකියා සමබන්ධ මේ උස් මිටි කම් තිබෙනකම් මොකුත් කරන්න බෑ.ඔක්කොටම ඉස්සර මේ හීනමානෙ කියන එක නැති කරගන්න ඕන.මහන්තත්තකම විදියට මතුවෙන්නෙ හීනමානෙ තමයි.

      Delete
    2. උඹට අත්දැකීම් ඇති. ලංකාවෙ තත්වය ඕක තමයි.

      Delete
  13. හුඟක් දෙනෙක් මැදපෙරදිග යන්නේ ඔය කිවුවා වගේ පොඩී හීනයක් හිතේ තියාගෙන.. ඒත් අවසානයට වෙන්නේ බලාපොරොත්තු නොවෙන දෙයක්..

    ReplyDelete
  14. උඹ තරහවෙන්න එපා, ලංකාවෙ ගෑනු මැදපෙරදිග ඇවිත් කරන දේවල් දැක්කම ගෑනු ජාතියම තිත්ත වෙනව බං,ලංකාවෙ පවුල් අනාතයි මුන් මෙහෙ විසිපන්දාහට තිස්දහට වැඩ කරනවා.
    දැන් ලංකාවෙන් එන්න ඉස්සෙල්ලම ගෑනුන්ට සල්ලි දෙනවා ඒජන්සියෙන් ලක්ෂයක් විතර ඒකත් අරං රට ආපුදා ඉඳන් මොනව හරි සෙල්ලමක් දාල ආපහු යන්නයි බලන්නෙ,වෙන ඒජන්සියකින් තවත් ලක්ෂයක් විතර ගන්න.ඒක රස්සාවක් හැටියට කරන්න බලන්නෙ එතකොට වැඩ කරන්න ඕනෙත් නෑ සල්ලිත් ඇති හැටියට හම්බවෙනවනේ.

    ReplyDelete
  15. උබල ඔක්කොමල කියන කතා හරි... ඒව ක්‍රියාත්මක කරන්නෙ නැති එකයි ප්‍රශ්නෙ...

    මම මේ කියන දේ උබල ඇහුවොත් පුදුම වේවි...

    උබල දන්නවනේ "ස්වීප් ටිකට්"... ඕව විකුණන කෙනෙක්ගෙ මාසික වැටුප කීයද කියල උබල හිතන්නෙ....

    මම කිවුවොත් රුපියල් 50,000.00 ක් කියල උබල විශ්වාස කරනවද?? මේක මෙතනට අදාල නැතුව ඇති... "මගේ මාසික වැටුප මීට වඩ සෑහෙන අඩු මුදලකි..."


    නමුත් මම කියන්නෙ මේ රටේ කොහේවත් ආරන්චි වෙලා නෑ "කුසගින්නෙ" මැරුණ කෙනෙක් පිළිබදව... ඕන කෙනෙක්ට රැකියාවක් කරල ජීවත් වෙන්න පුලුවන්...හැබැයි ගොඩාක් අමාරුවෙන්...

    ඇයි එහෙම ඉන්නෙ නැතුව රටම යන්නෙ.... අනික මෙච්චර රූපවාහිනී වල, රේඩියෝ වල... පත්තර වල කියල ඇහෙන දේවල් වලින්වත් තේරුම් ගන්න බැරි මිනිස්සුද අපේ රටේ ඉන්නෙ....

    අනික අපේ රටේ ඉන්නෙ "රට යන කාන්තාවන්ගේ පවුල් වල සිටිනා පිරිමි සහ සැමියන්" පො&*යො ද??

    ඇයි උන් ගෑණි රට යවන්නෙ....

    අනේ මන්ද බන්... මේව විසදන්න ලොකු පුටු ඉදිරිපත් වෙන්නෙ නැත්තෙ උන්ට ඒජන්සිකාරයොන්ගෙන් එන "කොමිස්" මුදල නැති වෙන නිසා...

    ReplyDelete
    Replies
    1. නෙලන්නට ගිහින් පල වැල ගෙනෙන්නම් ඉතින් බරටම අනේ දරුවනේ නාඩන් කිවූ අම්මලා.....
      සත් සමුදුරෙන් එහා බැසගෙන සිත් දොසින් නොවේ මැරි මැරි තප්පරක්ති උතිකුන් ලග වැටී උල උලා....

      Delete
    2. "තප්පරක්ති උතිකුන්" කියන්නෙ මොක්කුද හැබෑට?

      Delete
    3. "කප්පරක් කිලිටි උන් ලඟ වැටී උල උලා"

      Delete
  16. ඕවා තේරෙන්නේ ඒ මිනිස්සු එක්ක කතා බහ කරපු කෙනෙකුට විතරයි. උඹ කිව්වා වගේ අහල පහල වැඩක් හොයාගන්න බැර් ගම් ඕන තරම් තියෙනවා. කම්කරු රැකියාවක් කරන්න තියෙන ලැජ්ජාව හා පවුල් පසුබිම. හිඟන් වැටුප්, කෑම බීම නොලැබීම, සක්කිලියන්ට මෙන් සැලකීම. නිදාගැනීමට තැනක් නොලැබීම. තප්පරයකටවත් එලියට බහින්න හෝ නිවාඩු දිනයකවත් එලියට යාමට නොලැබීම. නිවාඩු නොලැබීම. පඩියත් බොහෝ විට ලබා නොදීම. වගේ තවත් බොහෝ දේවල්..

    නමුත් සුළු පිරිසකට හැර, ඔය සියළුම දේ රට රැකියාවාදි ලැබෙනව. අනික පිට රටක වැඩ කරනවා කියන දේ. කරදරකාරි සැමියන්ගෙන් වෙන්ව සිටීම. එහේදි පුදුම නිදහසක් විඳිනවා. මනුෂ්‍යයෝ විදියට ජීවත් වෙනවා. පිලිවලකට ජීවත් වෙනවා..

    අනික මේක තමයි ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය. මේවා නවත්තන්න නම්. ඒ පිරිසට ඒ වැටුප, ඒ අයිතිවාසිකම් යටතේ මෙහේ ලබා ගැනීමේ ඉඩ ප්‍රස්ථාව තියෙන්න ඕන.

    නැතුව අඩු ශ්‍රමයට වැඩ කාරයෝ හොයනකන් ඒ මිනිස්සු පිටරට යනවා..

    ReplyDelete
  17. ඕකේ තව පැති තියෙනවා රාජ්.. හිතහං ඔන්න ගමේ ගෑණු කෙනෙක් ඒ ගමේම තව ගෙදරක වැඩට යනවා... වැඩට යන කෙනාට වගේම..වැඩ කරන තැන ගෙදර අයිති කෙනාටත් සම වයසේ ළමයි ඉන්නවා... දෙන්නම ලියනවා පහේ විභාගෙට... වැඩකාරිගේ ළමයා පාස් වෙනවා... අයිතිකාරයගේ ළමයා ෆේල්... මේක ඇත්තටම උන දෙයක් මං දැනුවත්ව.. එදායින් පස්සේ වැඩකාරිට අර ගෙදර වැඩට එන්න එපා කියනවා... ඒත් පිට රටක ගිය කෙනෙකුගේ ළමයි මොන විභාග පාස් කලත් එහේ උන් ඒවා ගැන අහිතක් හිතයිද...?

    දැන් හිතමුකෝ අර ළමයා කවදා හරි ඉගෙනගෙන ලොකු තැනකට එනවා.. ඒත් අර වැඩගත්ත ගෙදර උන්දලා අර ළමයව හැමදාම හදුන්වන්නේ අපේ වැඩකාරීගේ ළමයා කියලා... නිකං නෙවෙයි ප්‍රසිද්ධියේම... මේකත් අර කතාවෙම කෑල්ලක්.. තනිකරම වෛර බැදන්... රස්සාව නැති කලා විතරක් නෙවෙයි අර ගෑණු කෙනාට වෙන තැනක වැඩ කරන්න වෙන්නේ නැති විදියට හොර වංචා ගැන කියලා ආරංචි යැව්වා... අන්තිමට ඒ ගෑණි රට ගියා.. ආන්න දැන් ඉන්නවා ළමයත් හොඳ තැනකට යවලා දෙයියනේ කියලා තමන්ගේ පාඩුවේ... ඒත් ලංකාවේ වැඩ කරන්න ගියානං ළමයටත් අපවාද.. ගෑණිටත් සදා දුක.. අතනදී විදින දුකක් රට ඉද්දි වින්දා..ආවා.. ඒවා ඉවරයි...

    අනිත් දේ තමා අපේ මිනිස්සුන්ගෙත් තියෙන කුම්මැහිකම... මං එක පාරක් ඔහොම උඹ වගේම ජෝඩුවකට කෙනෙක් හොයා දුන්නා... මුලින් 15000ක් දෙන්න පොරොන්දුව.. අර මනුස්සයත් කම්මැලි නැතිව වැඩ කරන ගෑණි... හැබැයි මාසයක් යද්දි අන්න මටවත් නොකියා 12000ට පඩි අඩු කරලා... මං පස්සේ දැනගෙන හේතුව ඇහුවම කිව්වේ.. “එයාට ඉතිං කාටවත් සල්ලි යවන්න කියලා තියෙන එකක්යෑ.. 12ක් වැඩිත් එක්කනේ“ කියලා... මං එහෙමම කිව්වා අර අම්මට බඩු ටිකත් අරං යන්න ගෙදර මෙහෙ වැඩ කරන්න ඕන නැහැ කියලා.. පස්සේ මං හිටිය ෆැක්ටරියේ කෑම ඕඩරයක් අල්ලලා දුන්නා... ගෑණි ඒක යසට කරගෙන ගියා... අර ජෝඩුව දැන් මාත් එක්ක කතා නැහැ.. කතා කලත් මං නෙවෙයි උන් එක්ක කතා කරන්නේ... යකෝ අර මනුස්සයට සලකන්න අය හිටියා නැතෑ ගන්න වැඩේට පොරොන්දු උන ගාන දුන්නම හෙන ගහනවද..?

    තව කියන්නනං කතා ගොඩයි.. ඒත් වැඩක් නැහැ... හොඳම දේ තමා අනුන්ට අත පාන්න යන්නේ නැතිව පොලක අල බතල හරි විකුනන්න පටන් ගන්න එක...

    ReplyDelete
    Replies
    1. අනිත් දේ තමා ඔය දේ සාර්ථක වෙන්නනං රජයේ සම්මත අවම වැටුපක් නියම කරලා.. එයට අමතරව සේවය ලබා ගන්නා ආකාරය වර්ගිකරණයකට ලක් කරලා එයට අදාල ගෙවීම් ක්‍රමයක් සකස් කිරීම... එහෙම විධිමත් විදියකට කලොත් අනිත් ප්‍රශ්න නැතත් අඩුම ගානේ දෙපාර්ශවයටම හොඳ ගනුදෙනුවක් වෙයි...

      Delete
  18. ගොඩක් අය රට යන්නෙ එහෙ තත්වය හරියටම දන්නේ නැතිව. හැමකෙනාගෙම බලාපොරොත්තුව කීයක් හරි වැඩිපුර හොයාගෙන ගේ කෑල්ලක් හදාගෙන දරැවන් සමග හොදින් ජීවත් වීම. නමුත් රට ගියාට පසු ඔවුන් මුහුණදෙන පසුබිම අනුව තත්වය වෙනස් වෙන්න පුලුවන්.
    පිටරටකදී ගෘහසෙවිකාවක් ලෙස වැඩකලත් තම රටේදී එලෙස වැඩකිරීම සමහර අයට ලැඡ්ඡාවට කාරණයක්. එයට හේතුව අන් අය දකින ආකාරය සහ දක්වන ප්‍රතිචාර. අපේ සමාජයේ එවැනි අයව හෙලා දැකීමත් අවතක්සේරැ කිරීමත් මූලිකව සිදුවන දෙයක්.

    ReplyDelete
  19. මාරයාගේ කතාවට මාත් එකගයි ඒක තමයි අපේ රටේ මිනිස්සුන්ගේ ඇත්ත තත්වය....

    ReplyDelete
  20. තිස්දාහෙ පඩියට රට යන එක විකාරයක් තමා. ඒත් එහෙ ඉදන් සල්ලි ඉතුරු කරන්න පුලුවන් කියල මතයක් ඔවුන්ට තියෙනවා. රාජ්ගේ චින්තනයෙන් හිතුවම ගොඩාක් දුරට ලංකාවෙම ඉදන් වැඩ කරල ජීවිතේ හරි බේර ගන්න පුලුවන් කියල මටත් හිතුන.

    ජය !!

    ReplyDelete
  21. රට ඉන්න, වැඩකාරියන්ගෙ ප්‍රස්නෙන් රට සහ ලංකාව යන දෙතැනදිම තැලුන කෙනෙක් විදියට මේක මම දකින්නෙ මෙහෙමයි.

    ලංකාවෙ ගෑනු මුලිම්ම රට ගිය අසූවෙ මුල ඔවුන්ට දුන්න පඩියයි අද දෙන පඩියයි අතර සීයට පනහකවත් වෙනසක් නෑ. ඒ මේ රටවල තියෙන අඩු උද්ධමනය නිසා. ඒත් එදා රට සල්ලි වලින් කරපු තරන් නැතත් රට ඉන්න අයගෙ ලන්කාවෙ ගොඩක් පවුල්වල අයට හොඳ මුදලක් තමන්ගෙ විදෙසි ගෘහසේවිකා ඥාතියගෙන් ලැබෙනව.

    අපි සාමාන්‍යයෙන් අහන ගුටිකාපු , ඇන ගහපු ඒව මෙහෙ ඉන්න ගෘහ සේවිකාවන්ගෙ අනුපාතය අනුව ගත්තම බොහොම සුළුයි. අති බහුතරය විශේෂ කරදරයකින් තොරව ගාන හම්බුකරන් එවල හොඳින් ඉන්නව.

    කොටිම්ම රට ඉන්න ගෘහසේවිකාවකට තියෙන, ලන්කාවෙ කෙනෙක්ට නැති වරප්‍රසාද මේ.

    තමන්ට නිළ ඇඳුමක් හෝ අවම වශයෙන් රට ඉන්න කාලය තුල ගෙදරට අඳින්න ඇඳුම් සහ සමහරවිට යට ඇඳුම් එහෙමත් සේව්‍යයා විසින් සපයා දීම.

    සබන් කෑල්ලෙ සිට සෙරෙප්පු දෙක දක්වා සියල්ල නොමිලේ ලැබීම.

    ඉතාම කලාතුරකින් හැර සැමවිටම නින්දට වෙනම කාමරක් සහ සමහරුන්ට වෙන්කල නානකාමරයක් පවා ලැබීම.

    උත්සව සමයන්හි සේව්‍යය්න්ගෙන් ලැබෙන තෑගි, අමතර මුදල්.

    නොමිලේ වෛද්‍ය ප්‍රථිකාර.

    යාමට ඒමට නොමිලේ ගුවන් ගමන්බලපත්.

    පිටත්වීමට පෙර ලක්ෂයකට ආසන්න මුදලක් අත්තිකාරම් ලෙස ලැබීම.

    ඉතින් ඔන්න ඔය කරුනු නිසා මෙහෙ ඉන්න ගෘහ සේවිකාවො ගානක් අතේ තියා ගන්නෙ ටෙලිෆෝන් කරන්න විතරයි. අනෙක් සේරම එක්කො පවුලට නැතිනම් බැන්කුවට. එතකොට ඉතිරිය ලන්කාවෙ රසසවක් කරද්දිට වඩා වැඩියි. හේතුව අර මම උඩ කියපු කිසි දේයක් ලන්කාවෙ ගෙවල් වලදි නොලැබීම.

    දැන් කවුරුහරි කියයි ඔය සේරම ලැබෙන්නෙ එහෙමත් කෙනෙකුට විතරයි කියල. ඒත් ඒක වැරදියි. බහුතරයක් ඔය වගේ පහසුකම් ලබනව. සමහරු, විශෙෂයෙන් යුරෝපීයන්ගෙ හරි ධනවත් හිත හොඳ දේශීයන්ගෙ හරි ගෙවල් වල වැඩ කරන අයට සිකුරාද නිවාඩු දවසට බේබි සිටින් වලට පඩියට අමතරව පැය ගානට වෙනම ගෙවනව.

    ඒත් ඉතින් ලංකාවෙ හැමෝටම එක වගේ හොඳ සමාගම්වල රැකියා ලැබෙන්නෙ නෑනෙ. කොටින්ම සණස බැන්කුවෙ මැනේජර්ට එන්ඩීබී එකේ මැනේජරයට සමව ගෙවන්නෙ නෑනෙ. ඒක හැකියාව වගේම වෙලාව.

    එතකොට ඔය ඉහත කියපු විදියට අමතරව මෙහෙට ඇවිත් ගේකින් පැනල වෙන රටක එකෙක් එක්ක ජීවත්වෙන ගමන් ඔය රාජ් කිව්ව විදියට පාර්ට් ටයිම් කරල ගෙවල් දෙක තුනක, කාර් එකක් නැතිනම් අඩු ගානෙ බයිසිකල් එකක් වත් අරන්, මාසෙක ලක්ෂයකට කිට්ටු ගානක් හොයන හවුස්මේඩ්ලත් මෙහෙ ඉන්නව. ඒ පරණ දක්ෂ අය. ඒත් ඒ අයගෙන් බොහෝ දෙනෙක් නීති විරීධීව ඉන්න නිසා ලන්කාවට යන්නෙ නෑ හෝ මෙහෙ ඉන්න සැමිය දාල යන්න කැමති නෑ. මොකද අර ලන්කාවෙ ඉන්න බේබද්දො වගේ නෙමෙයි මේ විජතික හොර මිනිස්සු මේ ගෑනුන්ට කන්න දීල බලාගන්නව මිසක් උන්ගෙන් කන්නෙ නෑ.

    එතකොට ඇයි අරාබි ගෑනුන්ට ගහන්නෙ.

    හරි සරළයි. කරුනු දෙකයි. එක, අපේ සමහර ගෑණු කරන දේට ගහලත් මදි නිසා. බොහෝවිට වතුවල, ගම්වල අපිරිසිදු ජීවිත වලට පුරුදු වෙලා මෙහෙ එන ගෑණු භාජනයක් හේදුවම ඒකෙ කෑම පිට පැත්තෙ. බිම මොප් කරාම මඩ දූවිලි තැන් තැන්වල. ළමයින්ට කන්න තීන පළතුරු රසකැවිලි හොරෙන් කනව. පොඩි උන් චූ කරල ඔහේ ඉන්නව ඇඳුම් වෙලාවට මාරු කරන්නෙ නෑ. ඔය වගේ තමන්ගෙ නොසැලකිල්ල නිසා කරන වැරදි සේව්‍යයො කෝප කරනව.

    අනෙක් ගහන හේතුව තමයි තමන්ගෙ අරාබි හාම්පුතා හෝ දුව ගොන් අරාබි වාහෙ කෙනෙක් නම් හරි ලෝභ කුණෙක් නම් හරි ඉතින් කරන්න බැරි තරම් වැඩ අර මේඩ් උන්දැට දීල අතපහු උනාම ගහනව, බනිනව.

    හැම දේකම දෙපැත්තක් තීනව. ඇත්තටම විය යුත්තෙ රට එන ගෑනු නතරකිරීමට වඩා අර පිලිපීනෙ වගේ තද නීති, වඩා හොඳ ගිවිසුම් සහ කාර්යක්ෂම නිළධාරී නියෝජිතයො මේ රටවල යොදවල ඔය ගුටිකන සුළුතරයගෙ ප්‍රස්න විසඬ්ගන යාන්ත්‍රනයක් හදල දෙන එක.

    එහෙම නැතුව හැපෙන නිසා මෝටර් සයිකල් තහනම් කරනව වගේ රට යන ගෑනු නවත්තන එක නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. ඉන්දික, මේ වගේ ප්‍රශ්නයක් අර දෙමලාට දෙමල වීම නිසා තියන ප්‍රශ්නය මොකක්ද කියා සිංහලයන් විසින් අහල, එයාලම උත්තර දෙනවා වගේ වැඩක්. මේ "රට යන ගෑනු" කියා කතා කරන මිනිසුන් ඇත්තටම අකමැත්තෙන් දුක් විඳිමින් ජිවත් වෙනවාද, නැත්නම් ඔවුන්ගේ කැමැත්තෙන් එහෙ ගිහින් ඉන්නවාද කියා ඔවුන්ගෙන් අහන්නේ නැතිව අපම තීරණය කරනවා, මේක ඔවුන් අකමැත්තෙන්, මෝඩ කමට කරන දේවල් කියා. මා හිතන්නේ ඔබ ඉහතින් ලියා තියෙන්නේ, ඔය පත්තර වල කියවපු දේවල් නොවේ, ප්‍රක්තක්ෂයෙන් දන්නා කරුණු. ඒ වගේම තමන්ගේ සේවා කාලය අවසන් වීමෙන් පසුව, නැවත වරක් අලුත් සේවා කාලයකට යන පිරිස් ඉනනවා. ඔවුන් එහෙම යන්නේ කාගේ හරි බල කිරීමක් නිසාද? නැත්නම් තියන ගොන් කම නිසාද?
      ඔය මාරයා කියල තියෙන්නේ ලංකාවේ ගෙවල් වල වැඩ කාරියන් කියා කියන පිරිස් වලට සලකන ආකාරය. ඒ විතරක් නොවේ, රාජ් කියන විදිහට ගෙවල් කිහිපයක වැඩ කරන්න හදා ගන්න එක ප්‍රායෝගිකව අපහසු නොවේ ඉම්පොසිබල් කියා කියන්න පුළුවන්. එවැනි දෙයක් කරන්න පුළුවන් "ඒකීය පුද්ගලයන්ට" නොවේ. සමාගමකට නම් එහෙම සේවා සපයන්න පුළුවන්. එවිට ඔය කියන පඩිය වැඩ කරන කෙනාට යන විට තවත් අඩුවෙනවා. එවැනි සමාගම් දැනුත් තියනවා.

      ඇත්තටම "මේ රට යන ගෑනුන්ගේ" සැබෑ ප්‍රශ්න මොනවාද? ඔවුන්ගේ සේවා තත්වය උසස් කරන්නේ කොහොමද? ඔවුනට වෘත්තීය හා භාෂා කුසලතා ලබා දෙන්නේ කොහොමද කියන ප්‍රශ්න වලට තමා ඇත්තටම විසදුම් දිය යුත්තේ.
      අනික් වෘත්තික යන්ට තියන දරුවන් බලාගැනීමේ ප්‍රශ්නය වෙනම එකක්. වික්ටර් අයිවන් කියනවා වගේ, ගැහැණු උදවිය දරුවන් ලැබුන පසු, රස්සාවෙන් අස් වෙලා, ඒ දරුවන් බලාගෙන ගෙදරට වෙලා ඉන්න කියන එකට වඩා හොඳ විසඳුමක් මේකට තියෙන්න ඕනේ. ගෘහස්ත දිවා සුරැකුම් මධ්‍යස්ථාන සුලබ කිරීමේ ක්‍රමයක් අවශ්‍යයි. එවැනි දිවා සුරැකුම් මධ්‍යස්ථාන පවත්වාගෙන යන්න කැමති පිරිස් වලට විධිමත් පුහුණුවක් සැපයීමත් ඒකීය පුද්ගලයෙකුටම කර ගන්න බැහැ. එයටත් ඉහලින් පවතින ආයතනයක පිහිට අවශ්‍යයි.
      කෑම උයා ගැනීම, ගෙදර අතුපතු ගෑම, රෙදි හා වලන් සෝදා ගැනීම නම්, ඔය සාමාන්‍ය රැකියා කරන අප වාගේ ඒකීය පුද්ගලයන්ට කර ගන්න පුළුවන් දේවල් කියා මා හිතනවා.

      Delete

  22. itnishantha

    ඉන්දිකත් එක්ක එකගයි. අනිත් දේවල් පැත්තක තියලා මුල්‍යමය පැත්තෙන් බැලුවත් රට යන එක ඇත්තටම ලාබ දායකයි. මොකද විදේශයකදී හම්බ කරන අන්තිම සතේ දක්වා ඉතිරි කරන්න හෝ ප්‍රයෝජනවත් වැඩකට යොදන්න අවස්තාව තියනවා. ඉන්දික කීවා වගේ පඩියට අමතරව අනිත් සෑම දෙයක්ම ලැබෙනවා. ලංකාවේ ඉන්නකොට වගේ වෙඩින්, මළගෙවල්, පින්කම්ගෙවල් වගේ දේවල් වලට යන වියදමුත් අඩු වෙනවා. තව ඉතින් ඔය සමහර අක්කලා රට යනකොට සල්ලි අච්චු ගහන මැෂින් එකත් අරන් යන නිසා මේ රටවල ඉන්න බංගලි, ඉන්දියන් වගේ ජාතිකයින් අතේ තියන සල්ලිත් ලංකාවට එවන්න කටයුතු කරනවා.

    හැබැයි ඉදිරියට මේ තත්වය ගොඩක් අඩු වෙයි කියලා මට හිතෙන්නේ. ගෘහ සේවිකාවන්ට නෙවේ සාමාන්‍ය මට්ටමේ පුහුණු ශ්‍රමිකයින් යන එකත් බොහෝ දුරට අඩු කරයි කියලයි මට හිතෙන්නේ. මොකද රට ගිහින් හොයන සල්ලි මදි ලංකාවේ ඉන්න අයට ජීවත් වෙන්නත්. මේ රට වල බඩු මිල ඉහල යාම වගේ ප්‍රශ්න නැති නිසා දැනට වසර ගණනාවක ඉඳන් ගෙවන්නේ එකම පඩියක්. නමුත් අපේ රටේ ඇති අදික උද්දමනය නිසා දැන් දැන් බොහෝ දෙනෙක් හිතන්නේ රට යන එකේ කිසිම වාසියක් නැ කියලා. මේ යන විදිහට ගියොත් රාජ්ලට ඉක්මනින්ම සේවකයින් හොයා ගන්න පුළුවන් වෙයි ලංකාවෙන්ම. ඒ වගේම රටේ ආර්ථිකයට විශාල පහරකුත් වෙයි. මම උනත් හිතන ඉන්නේ මගේ සේවා ගිව්සුම අවසන් උන වහාම ලංකාවට යන්න. නැවත එන්නේ තවත් $200 ක් වත් පඩිය වැඩි කොරොත් විතරයි. හැබැයි අපේ කොන්දේසි වලට ආයතන එකඟ වෙන්නේ අපි සුවිශේෂ කෙනෙක් නම් විතරයි. අපි වෙනුවට අපේ පඩියෙන් භාගෙකට වැඩ කරන්න ඉන්දියානු බංගලි පකිස්තාන් ජාතිකයන් ඕන තරම්.


    itnishantha

    ReplyDelete
  23. රාජ්, මමත් මේ වගේ කතාවක් කියන්ට ගිහින් කුමාරිහාමිලා ඔක්කොම රයිගමගෙන් කතාවකුත් අහගත්තානේ. :D

    ReplyDelete
  24. මේ ඔක්කොම කතාවල් ඇත්ත.නමුත් ලංකාවේ වැඩට එන අයගේ පඩි වෙලා තියෙන්නෙත් රට යන අය නිසා.මමත් කෙනෙක් හොයනවා.ඉල්ලනවා 18,000. එච්චර අයි අහපුවම රට ගියා වගේ දෙගුණයක් ගන්නවලු.ඉතින් ඔය දෙපැත්තම වැඩ කරන අයට එහෙම වෙන්න පැහැදිලි ප්‍රශ්න තියනවා.මට මෙහෙ අහන්න ලැබුන කතා නිසා . . . දරුවා මිනිහ දාල ඇවිත් ඉන්න දුක් කතා කියන්නේ ලංකාවේ ගෙදරකින් නියමිත් ගානට වඩා අනුකම්පා කරලා ඉල්ලා ගන්න විතරයි.අපේ ගෙදරින් එලියට බැහැල මෙන්න වෙන මිනිහෙක් එක්ක යනවා.ඔව්ව ගැන පොදු හෙතුවල් කතා කරන එක වැඩක්ක්ම නැහැ.එක එකා එක එක හේතු නිසා තොර ගන්න වැඩ....

    ReplyDelete
  25. අන්න අරෙහේ එක්කෙනෙක් දොඩන් කඩන්න රට යන කොල්ලෝ ගැන ලියල. රාජ් මෙතැන රට යන කෙල්ලො ගැන ලියලා... මේ හැම දේකින්ම අවබෝධයක් ගත්තත් මේ ක්‍රමය වෙනස්කරන චින්තනයක් ඇති පරපුරක් හැදෙන්නේ කවදද කියලනම් හිතාගන්න අමාරුයි.

    ReplyDelete
  26. බොහොම කාලීනයි රාජ් අයියේ.

    ReplyDelete
  27. 1) දශකයකට වඩා කාලයක් මැද පෙරදිග හිටපු කෙනෙක් හැටියට මම මේක දකින්නේ මෙහෙමයි. ලංකාවේදී ඔය කෙනාට ලැබෙන පඩිය කීයකටවත් ගෙයක් හදාගන්න, බඩුවක් මුට්ටුවක් ගන්න ඉතිරිකර ගන්න බැහැ. ගොඩාක් රට ඉන්න අය ගෙදරටත් එවලා ,තව කීයක් හරි එකකට හරි දාගන්නවා. ලංකාවේදී තියෙන බාහිර කටයුතු ,අරවා මේවා ආපුවහම එහෙම ඉතිරියක් නැහැ. ඉන්දික කියනවා වගේ බොහෝමයක් අයට බොහෝමයක් දේවල් ගෙදරින්ම ලැබෙනවා. මේ ඉතිරිය තමයි ඇයගේ ලොකුම ටාගට් එක.

    2) අපේ සමාජය පුරුදු වෙලා තියෙන හැටියට මේ රැකියාව හංවඩු ගහලා තියෙන්නේ මෙහෙකාරකමක් හැටියට . ඒක හදන්න තව පරම්පරා දෙකක් වත් යයි. නිවැරදි සමාජ ආකල්ප හැදෙන්න වෙයි. රාජ්‍ය සේවකයා ගස් බැඳපු රටේ ගෙදර" මෙහෙකාරයා" ගැන කවර කතාද? ඒ රාජ්‍ය සේවකයා නැවතුනේ සවුදියේ බේකරියක......ආකල්පමය හේතු නිසාත් ලංකාවේ වැඩ කරනවාට වඩා ඉංදියාවට ගිහිල්ලා හරි එම රස්සාවම කරන්න තමයි ගොඩාක් අය කැමති.

    ඔබ විශ්වාස කරන්න මැද පෙරදිග ජීවත්වන ශ්‍රීලාංකික පවුලකට එම පඩියටම සේවය කරන්න අකැමති ශ්‍රී ලාංකික අය ඉන්නවා. මෙය මම ජාතින් හැටියටත් දැක තියෙනවා. ඕමාන් වලදී සිංහල පවුලකට වැඩ කරන්න අකැමති සිංහල අය ඉන්නවා. මේකම දෙමළ අයටත් ඒ විදිහටම තියෙනවා.

    ඒ ආකල්ප නිසාත් අපේ අය ලංකාවේ නොසිට රට යනවා.

    3) මේ තුලින් මතුවී ඇති සමාජමය ප්‍රශ්න ගැන නම් වෙනමම කතා කලයුතුයි. හැලපේ කියන පරිදිම සමහරක් ගෘහ සේවිකාවන් නිසා විශාල අපවාදයන්ට රට ගොදුරු වෙලා තියෙනවා.

    4)බොහොමයක් (සියළුම නෙමේ) ඔවුන්ගේ පවුල්වල ඇතිවී තිබෙන ප්‍රශ්න ඉතාම අමිහිරියි. ඔවුන් මැද පෙරදිගදී ගතකරන ජීවිතය කටුකයි අනිකුත් රැකියාවන්ට සාපෙක්ෂව. මෙයත් ලැබෙන තැන අනුව වෙනස්. සමහරක් අයගේ පෞද්ගලික ගති පැවතුම් නම් අන්තිමයි. ඒවාටත් යම් කිසි හේතු තියෙනවා. මගේ අදහස දිග වැඩිවෙනවා.

    ලංකාවේ ගෙදර කරදරකාර මිනිහාගෙන් බේරෙන්න කියලා රටයන උදවිය නම් සීයට දශම බිංදුවයි එකයි වෙන්න ඇති. ඒ හේතුවට රට යනවානම් මැද පෙරදිග ලංකාවේ ගැහැණු අයගෙන් පිරී ඉතිරී යයි.

    සොරි රාජ් අදහස ඉලාස්ටික් උනා.. තව ලියන්න බොහෝයි.

    ReplyDelete
    Replies
    1. ////තව කීයක් හරි එකකට හරි දාගන්නවා......./////
      NRFC එකකට හරි දාගන්නවා,

      Delete
    2. >>ඔබ විශ්වාස කරන්න මැද පෙරදිග ජීවත්වන ශ්‍රීලාංකික පවුලකට එම පඩියටම සේවය කරන්න අකැමති ශ්‍රී ලාංකික අය ඉන්නවා. මෙය මම ජාතින් හැටියටත් දැක තියෙනවා. ඕමාන් වලදී සිංහල පවුලකට වැඩ කරන්න අකැමති සිංහල අය ඉන්නවා. මේකම දෙමළ අයටත් ඒ විදිහටම තියෙනවා.<<

      අරූ කිව්ව දේ වලින් මේ කරුණ මගේ හිත ඇද ගත්තා. මේ තියෙන්නේ සමාජ ආකල්පය නේද?

      මෙන්න බලන්න ඕක සම්පූරණයෙන්ම කණපිටට වැඩ කරන හැටි අපි සම්බන්ධව. අපි ලංකාවෙදි ගුරුවරු හැටියට ලබපු කොන්දේසි විරහිත සමාජ තත්වය සහ ගෞරවය මෙහෙදි ඇත්තෙම නෑ. අපිට විතරක් නෙවෙයි, දොස්තරලා ඉංජිනේරුවෝ ඔක්කොටම එහෙමයි. කිසි කෙනෙක් දොස්තරට සර් කියන්නේ නෑ ඉන්දියානුවෙක් පාකිස්තාන් කාරයෙක් හැරුනාම. ඇත්තෙන්ම ඉන්දියානු පාකිස්තාන් දොස්තරලා රෝගීන්ට සර්, මැඩම් කියලා කතා කරනවා. දොස්තරලා අගේට පුෂ් බයිසිකල් වල නැගලා වැඩට යනවා. කම්කරුවා මෝටර් සයිකලේ එද්දි.

      Delete
    3. අරූ @හ්ම්ම්

      Delete
  28. පෝස්ට් එකයි කමෙන්ට් ටිකයි කියවලා යමක් ඉගෙනගත්තා. අමුතුවෙන් කියන්න දෙයක් නෑ.

    ReplyDelete
  29. This comment has been removed by the author.

    ReplyDelete
  30. මාස ගානක් තිස්සේ ගෙදර දොරේ සහායට උන්දෑ කෙනෙක් හොයනවා... කළු නික හොයනවා වගේ... අරාබි වහල් කමේ අපි නොදන්න හොඳ පැත්තකුත් ඇති!

    ReplyDelete
  31. උඹ තෝරගෙන තියන මාතෘකාව, පැල් බැඳගෙන කතා කරන්න පුළුවන් එකක්. කොමෙන්ට්ස් වලින්ම පේනවනේ මේකෙ කොච්චර හිතන්න පැති තියනවද කියලා. මේ ගෘහ සේවිකා කියන රැකියා මාකට් එක අති විශාල එකක්, ඒ නිසා අර වගේ විකල්ප ක්‍රම මගින් ඒකට කරන්න පුළුවන් බලපෑම අඩුයි කියලා මම හිතන්නේ...

    ලංකාවේ පොදුවේ වෙනම ප්‍රශ්නයක් තියනවා, කම්කරු රැකියා සඳහා ලැබෙන පඩි අඩුයි. ඒ වගේම පහත් රැකියා කියන මානසිකත්වය තියනවා... මගේ වැඩි කැමත්ත තියෙන්නේ පුහුණු ශ්‍රමිකයන් බිහි කරන වැඩපිළිවෙලවල් ලංකාවේ ක්‍රියාත්මක වෙනවා දකින්න.

    ඒක නෙමෙයි අපි ඔය ඇණ කතාව කියන්නේ කියන්නන් වාලේ ද? මොකද අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ එක්ස්පර්ට් කෙනෙක්, ඒක ඒ කාන්තාව තමන් විසින් සිදුකරගත් දෙයක් කියලා පත්තර වල ලිපි ලියලා තිබ්බා...

    ReplyDelete
  32. සටහනයි කමෙන්ට්සුයි කියවලා හිතන්න ගොඩක් එකතු උනා.

    හැබැයි මාතෘකාව දැක්ක ගමන් හිතුනේ අනුන්ගේ ගෑනු තියා ගන්න ගිහින් මේ මනුස්සයා ගෙදර ගෑනි ගෙන් කන්නයි යන්නේ කියලා :)

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම මූ කියලා තියෙන්නේ කිරිමෙල් කතාවක් නේද JP?

      Delete
    2. කට බොරු කිව්වත්...

      Delete
  33. මං මේක දැක්කෙ කෝරලේ මහත්තයගෙ පොස්ට් එකෙන්.මං ඔන්න ඒකට දාපු අදහස එහෙම්මම ගෙනත් මේකෙ අතඇරියා......මට හිතෙන විදිය තමයි මේ...((((කතාව නම් හරියටම හරි කෝරලේ මහත්තයො......මේකට තව දෙයක් එකතු වෙන්න ඕන.ඒ තමයි ඒජන්සි කාරයොන්ගේ සල්ලි වලින් ජීවත් වෙන වට්ටි අම්මලා ලංකාව ඇතුලෙ ඉන්නවා.උන්ට තියෙන්නෙ ලංකාවෙ ඉන්න අහිංසක ගෑණු උදවියට අරාබිකාරයො ගැන සුරංගනා ලෝක මවන එක,කොටින්ම කියනවනම් උන්ට පඩිය ලැබෙන්නෙ අහිංසක ගෑණුන්ගේ මොලේ හෝදනවට.තමන්ගේ පවුල අමතක කරලා අහසේ මාළිගා හදවන්න උන් හරිම දස්සයි.අපේ අයට මේක මොලේට වැටුනම සේරම අමතකයි,උන්ට මතක් වෙන්නේ,මැවිලා පේන්නෙ මවලා පෙන්නන ඩිරාම් කොල ටික විතරයි.ඉතිං අපේ අය එහේ ගිහින් තමන්ගේ හීන ලෝකෙ තිබුන ඒවා නෙමෙයි කියලා පෙනෙන කොට කල් ගිහින් වැඩී.එතකොට තමන් ගෙවල් දොරවල් උකස් කරලා ආපු හැටි මතක් වෙනවා,තමන්ගෙ දරු පවුල් මතක් වෙනවා,ඉතිං එතකොට වැටුණු වලෙන් ගොඩ එන්න අකමැත්තෙන් උනත් අරාබි වාහෙලත් එක්ක නිදි වදින්න වෙනවා.මේවට ලොකු පුටුවල ඉන්න උන් සලකන්නෙ හොයලා බලන්නෙ නැත්තෙ උන්ට ඒජන්සිකාරයොන්ගෙන් ලොකු ලොකු කුට්ටි හම්බෙන නිසා.සෑහෙන්න වැදගත් ලිපියක් හොදේ...........))))

    ReplyDelete
  34. ඔය අහුඅස්සෙ ඉන්දියාවෙ මිනිස්සු ඇවිත් ලංකාවෙ කුඹුරු කොටනවා. කොළඹ ඩොක්යාඩ් එකේ ගොඩක් ඉන්දියානුවො වැඩකරනවා. මේක ගෑනු අයට විතරක් සීමා උන දෙයක් නෙවෙයි රාජ්. පිට රටක ගිහිං වැඩකාරකම කලත් ආපහු ලංකාවට ආවාම නෝනා වගේ ඉන්න පුළුවන් ගෙදරක වඩකරන කෙනා පහත් කරල සලකන අපේ සමාජ බැල්මත් එක හේතුවක් නේද

    ReplyDelete
  35. වෙනසක් මඟ ඇරිලා
    අරාබියේ වැඩකාරකම - ඩීසන්
    ලජකාවේ වැඩකාරකම - ඩීසන් නෑ

    ReplyDelete
  36. සියල්ලන්ටම,
    සංවාදයට එක්වූ සියළු දෙනාට බොහොම ස්තුතියි. මට අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මම කියපු කාරණාවල ප්‍රායෝගික පැත්ත කමෙන්ට් වලින් හිතාගන්න පුළුවන්.

    ReplyDelete