Monday, January 23, 2012

කාලය පැය දෙකකින් ඉදිරියට ගෙනයන ක්‍රමය!

මේ දවස්වල බ්ලොග් අවකාශයේ කතාවෙන්නේ බරසාර මාතෘකා.

ලිංගිකත්වය ගතටද සිතටද......., පෞද්ගලික විශ්ව විද්‍යාල හොදද නරකද....., ලිංගික කුහකත්වය......, ජොනී අංකල්ගෙ කූඩ කේස්එක ඉවරවුනා විතරයි තර්ටීන් ප්ලස්-මයිනස් අරව මේව..... ඒ විතරද ඔපීසියෙ වැඩ. අවුරුද්දට අලුතෙන් ෆයිල් හදන්න තියනව. ඒ අස්සෙ අපේ එවුන් දකුණු අප්‍රිකාවෙ ක්‍රිකට් ගහනව. මේව්ව කියවල මගේ ඔළුව අවුල්වෙලා. පිස්සු හැදෙයිද දන්නෙ නෑ. ඊට කලිං පෝස්ටුවක් දාන්නත් ඕන. දවස් දෙකතුනකින් මේ පැත්තෙ ආවෙත් නෑ.

හරි අද කියන්නෙ හොස්ටල් එකේ ඉන්න කාලෙ "කාලය පැය දෙකකින් ඉස්සරහට ගත්ත" හැටි.

සිද්ධිය මේකයි. අපේ රූම් එකේ යාළුවෙක් හිටිය. බුරා. මෙයා ඒකාලෙ සතියට දවසක් මොකද්දෝ ක්ලාස් එකකට යනව. මතක විදියට චාටඩ් වලට. කිරුලපන අයිඒඑස් එකට තමයි ගියේ. මාතර එලියකන්ද හොස්ටල් එකේ ඉදල උදේ පාන්දරම එලාම්එකට නැගිටල ලැහැස්ති වෙලා කොලඹ යන බස් එකක තමයි යන්නෙ. මේ කියන දවසෙත් බුරා සුපුරුදු විදියට ෆෝන්එකේ එලාම්එක තියල නිදාගත්ත උදේට කොළඹ යන්න හිතාගෙන. ඒත් රාත්‍රී කාලෙ සිද්ධවුනා වෙනදට සිද්ධ නොවෙන දෙයක්. ඒ තමයි එකපාරටම වෙලාව පැය දෙකකින් ඉස්සරහට ගමන්කිරීම. ඒක කලෙත් අපේ කස්ටියම තමයි. ඉස්සෙල්ලම බුරා ලග තිබුන ෆෝන්එක අරගෙන ඒකෙ වෙලාව පැය දෙකක් ඉස්සරහට දැම්ම. උගේ අත්ඔරලෝසුවට උනෙත් ඒටිකමයි. රූම්එකේ පේන්න තිබුන ඔරලෝසු වලත් ඒ විදියටම වෙලාව වෙනස්කලා. අපේ මිත්‍රය මේ කිසිදෙයක් දන්නෙ නැතුව පැය දෙකකට කලින් වැදුන එලාම්එකට අවදිවෙලා ඉක්මනට ලකලැහැස්ති වෙලා කොළඹ යන්න පිටත් වුනා. හොස්ටල් එකේ ඉදල එලියකන්ද හංදියට පයින් ඇවිල්ල එතන ඉදල ඒසී බස්එකක මාතරට ගියා. දිගටම ඒසී බස්එකේ යන්න සල්ලි නැතිනිසා මාතර ඉදල නෝමල් එකක කොළඹ ගිහිල්ල ක්ලාස් එකට ගියා. එතකොටත් වෙලාව උදේ හයයි. ඊට පස්සෙ සිද්ධවෙච්ච දේ බුරාගෙ වචනයෙන් කිව්වොත් මෙහෙමයි,

මචං මම ක්ලාස්එකට ගියා. නිකං අමුතුයි වගේ. ඉරපායලත් නෑ. චුට්ටක් වාඩිවෙලා හිටිය ඒත් කවුරුවත්ම නෑ. මම ඒ ගමන සිකුරිටි අයියගෙන් ඇහුව අද ක්ලාස් තියනවද කියල. එයා කිව්ව තියනවද කියල. මම තව චුට්ටක් හිටිය. ආයිත් ඇහුව ඇයි දන්නෙ නෑ තාම කවුරුවත් නැත්තෙ කියල. මෙන්න මූ කියනව මල්ලි, තාම වෙලාව හයයි කාලනේ, අට විතර වෙනවනේ කට්ටිය එනකොට..... ඒ වෙලාවෙ තමයි මට වැඩේ තේරුනේ..... අම්මප උඹල එකෙක් මට ඒවෙලාවෙ අහුඋනානනං @$%^& ...........

හැබැයි සීන්එක හොස්ටල්එක පුරා පැතිරෙන්න පටන් ගත්තම මූ කිව්වෙ මේවගේ කතාවක්,

උඹල එහෙම කරපුඑක හොදයි බං....... නැත්තං මම වෙනදට යන බස්එක එදා කැඩිල තිබුන ...... වෙලාවට උඹල එහෙම දෙයක් කලේ....

ගිහිං එන්නං.

54 comments:

  1. ඔරුව පෙරලුනාම ඒ පැත්ත වැඩිය හොඳයි කිව්වලු.

    ReplyDelete
    Replies
    1. හ්ම්. බුරා එහෙම තමයි කිව්වෙ.

      Delete
  2. හොද මාතෘකාවක්. මම කියන්නම් දෙයක්. හොද ගමනා ගමන සේවයක් තිබෙනවා නම් මම නම් හිතන්නේ රාජකාරී වෙලාව ටිකක් කලින් ගත්තට කමක් නැහැ. ලමයි පාසැල් වලට ගෙනිහින් දාල ඉක්මනට රාජකාරියට ගිහින් ටිකක් කලින් ගෙදර එන්න ක්‍රමයක් හදනව නම් බොහොම අගෙයි. අනික වරු දෙකක් විදියට දිනකට පැය 18 කාර්යාල බැන්කු ඇතුලු සියළුම පොදු ආයතන විවෘතව තබා ගන්නව නම් ඉතාම වටිනවා. මම කැමතියි මේ ගැන සංවාදයක් ඇති වෙනවට. මොකද අපි තාම දුප්පත් වගේම බොහෝම ආකල්පමය අතිනුත් පහල ඉන්න රටක් නිසා. මෙහෙමවත් මේවා කතා කරනව නම් හොදයි. බලපෑමක් නම් නැහැ. ඒත් ටික දෙනෙක් හරි දැනුවත් වෙනවනෙ. ඒත් මදෑ.

    ReplyDelete
    Replies
    1. නෑ ඒගැන කතාකිරීමේ අදහසින් නෙවේ පෝස්ටුව දැම්මෙ. වෙදනගෙ අදහස ගැන කියනවනං, ලංකාව තාමත් යන්නෙ එක ක්‍රමේකට. උදේ නැගිටල වැඩට ගියා, හවස පහ-හය වෙනකොට ගෙදර. රෑට කෑව, නිදාගත්ත. හැබැයි සමහර රටවල තත්වය වෙනස්. ඒවයේ රෑ කාලයෙනුත් ප්‍රයෝජන ගන්නව. සමහර විට රෑටත් ඉරපායන නිසාද දන්නෙ නෑ. ඔබ කියන විදියට පැය 18ක් මේ ආයතන විවෘතව තිව්වොත් පිරිවැය ඉහල යන්න පුළුවන්කම තියනව. මේව ක්‍රමයෙන් සකස්වෙන්න ඕන දේවල්.

      Delete
  3. මමනම් හැමදාමත් කැමති පාන්දරින්ම නැගිටින්න . මට ගොඩාක් කාලය ඉතිරි වෙනව
    …මේ පුරුද්ද නිසා මගේ වැඩ කරගන්න . සමහරු පුරුදු වෙලා ඉන්නේ අවසාන මොජොත වෙනකම් නිදාගෙන ඉඳල දඩි බිඩි වැඩ වලට . පුරුදු වෙලාවට පැයකටවත් කලින් නැගිටිනවනම් කොච්චර හොඳද .

    ReplyDelete
    Replies
    1. අනේ ගිම් මට නෙමේ නේද කිව්වේ ඉහි ..ඉහි ..

      Delete
    2. ඔයාට පේනව ඇතිනෙ උදේට මම නැගිටින වෙලාව . උත්සාහ කරල බලන්නකෝ ටිකක් කලින් නැගිටලා කොච්චර කාලයක් අපිට ඉතුරු වෙනවද
      …කියලා .

      Delete
    3. උදෑසන නැගිටීම හොද පුරුද්දකි! බොලේ මගේ කතාව යන්නෙ වෙන පැත්තකට නේද? මට ඔහොමමයි වෙන්නෙ. :D

      Delete
    4. හප්පේ ඒ නැගිටින්නෙ උදෙම මූනුපොතට යන්න හික් හික් ඔන්න දැන් මම ඉවරයි

      Delete
    5. පැය දෙකක් කලින් නැගිට්ටම ඒක තේරුනේ නැති එක පුදුමයි නේද යාලුවට.
      …මටනම් බොරු කරන්න බෑ එහෙම . තේරෙනෙවා .

      …ආ ජෝනට ගුටියක් ඕන වෙලා වගේ

      Delete
    6. මොන! අපේ එවුන්ට එච්චර දෙයක් තේරෙන්නෙ නෑ. ජෝන් ධනාත්මකව හිතනව වගේ. :P

      Delete
  4. මම නම් ඔය වැඩේ මගේ ඔරලෝසුවලට දැනුත් කරලා තියෙන්නේ .විනාඩි 15 ක් වැඩි හැම එකේම..එතකොට මට හරි වෙලාවට වැඩට ඉන්න පුළුවන්.නැත්නම් ඉතින් මගේ කාර්යක්ෂම කමේ හැටියට පැයක් වත් පරක්කු වෙලා තමා යන්නේ . හැබැයි දැන් නම් ඕකත් වැඩ නෑ.ඇයි දැන් දන්නවනේ වෙලාව වැඩියෙන් තියල තියෙන්නේ කියලා. එක නිසා තව පැය කාලක් ඇදෙ ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. ඔය ක්‍රමේ හොදයි අපේ කතානායකයට වගේ නොදන්වා කරනවනං. මාත් අත්හදා බැලුව ඒත් ඔරලෝසුව වෙනස්කරපු කාලයත් එක්ක ගනං හදලයි ඊට පස්සෙ වැඩ කරන්නෙ.

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. ඔය පුංචි කුමාරිහාමි කරන වැඩේ මමත් කරනවා.. දැනටත් මම එලාම් එක තියන්නෙ නැඟිටින්න ඕන වෙලාවට පැය භාගයකට විතර කලින්..එලාම් එල වැදුන ගමන් ඇඳෙන් නැඟිටින්න කොහෙත්ම බෑ.... ටික වෙලාවක් ඇස් ආයෙමත් වහගෙන ඉඳල නැඟිටින්න පුළුවන්නෙ....

    හැබැයි ඉතින් ඔහොම දවස්වලට ආයෙමත් නින්ද යන වෙලාවලුත් නැතුවාම නෙමේ...අතේ බඳින ඔරලෝසුවෙත් විනාඩි 5 ක් විතර වැඩියෙන් තියාගෙන ඉන්නෙ...ඒත් ඉතින් හිත දන්නවා වි.5 ක් වැඩී කියලා....

    බුරා පව්...

    ReplyDelete
    Replies
    1. අහල නැද්ද අර නියමයක් තියෙන්නෙ "එලාම්එක වැදුනුපසු නිදාගන්නා විනාඩි 5 පැය භාගයක් වේ" කියල. මම නං එලාම්එක වදිනකොට නැගිටින්නෙ කරන්ට් වැදුන වගේ.

      Delete
  7. කොහොමද එදා ඌට සිරා බඩුවක් හෙම සෙට් උනානම්

    ReplyDelete
    Replies
    1. එහෙම වෙනඑකක් නෑ බං. ඌට ඒකාලෙ ලැබීමක් තිබුනෙම නෑ. දැන්නං හොදයි.

      Delete
  8. අපිත් එක්සෑම් දවස්වල එලාම් වෙනස් කරලා එකෙක් ව රෑ 12 ට නැගිට්ටෙව්වා. තව පොඩ්ඩෙන් ඌ පාඩම් කරන්න කියලා කැම්පස් එක ඇතුළට යනවා! වැඩේ අහු වුනාට පස්සෙ හොස්ටල් එකේ හැමෝම වගේ ඇහැරුනා ඌ බැන්න සද්දෙට!

    ReplyDelete
    Replies
    1. එලාම් සීන් දාපු අය තව ඉන්නෙ:)

      Delete
  9. සැටලයිට් නෝනත් කාලෙකට ඉස්සරලා මුළු රටටම වෙලාව එහාට මෙහාට කරන වැඩේ කළානේ!

    ReplyDelete
    Replies
    1. ඔව්. එයා තමයි ආරම්භකය. ඒ වැඩෙත් වැඩක් නෑ.

      Delete
  10. පෙරළුන පිට හොදයි කියන්න වගේ උත්තරයක් තමයි බුරා අන්තිමේ දීලා තියෙන්නේ.. හොද වෙලාවට අර උදේ පාන්දර බස් තිබුනේ.. නැත්නම් වෙනදා එන බස් එක නැත්තේ මොකෝ කියලා මිනිහා බලයි..

    ReplyDelete
    Replies
    1. මාතරට ගියේ ඒසී එකක. පව්!

      Delete
  11. හොඳ වෙලාවට පැය දෙකක් ඉස්සරහට දැම්මේ පස්සට දාන්නේ නැතුව. නැත්තං පවු අසරණ මනුස්සයා

    ReplyDelete
    Replies
    1. මේකනේ, පස්සට දැම්මනං අහුවෙනව එළිවෙනකොට. ඒකයි ඉස්සරහට දැම්මෙ.

      Delete
  12. මම නම් විනාඩි 5ක් වැඩියෙන් ඔරලෝසුව හදාගෙන තියෙන්නේ.. වෙලාවට වැඩ කරන එක හොඳ දෙයක්. වෙද මහත්තයා බලාපොරොත්තු වෙන දේවල වෙනවනම් කොච්චර හොඳද. ඒත් අපේ රටේ උන් අපේ රටට ආදරේ නෑ. හරිම ආත්මාර්තකාමියි. ඉස්සෙල්ලා නායකයෝ පෙන්වන්න එපැයි කැපවීම. එයාලා කොරන්නේ ගොන් ජනතාව තවත් ගොනාට අන්දලා මෝඩ ජෝක් දදා උන් පිනවන එක..

    ReplyDelete
    Replies
    1. මට නං ඔය වෙලාව කරකවන වැඩේ පේන්න බෑ. හැබැයි මගේ වැඩ තිතට තියනව බොහෝවිට. 8.30ට පටන්ගන්න ඔපීසියට මම 8.15 වෙනකොට එනව.

      Delete
  13. මාත් පැය බාගයක් කලින් එලාම් එක තියන් ඉන්නෙ,,එලාම් එක වැදෙන කොට ඕෆ් කරල ආයෙ ටිකක් ඉන්නව කියල හිතන් ඇස්දෙක පියා ගන්නවා ..සමහර දාට නින්ද ගිහින්...අනේ එදාට නම්..........කියල වැඩක් නෑ.......:(

    ReplyDelete
    Replies
    1. මම නං එලාම්එකටම නැගිටිනව. මේ දවස්වල සීතල නිසා තමයි ටිකක් අවුල්.

      Delete
  14. පව් බොල ඉ‍ගෙන ගන්න අහිංසක කොල්ලෝ... ඔන්න මේව අහද්දි මට හිතෙනවා ප්‍රයිවට් කැම්පස් හොදා කියලා.... හිකිස් !

    ReplyDelete
  15. හප්පේ උදේ නැගිටින සීන් එක තමා එපාම කරපු දේ...එලාම් එක පොලවේ ගහන්න හිතෙනවා..මොනා කරන්නද අදත් දුවගෙන එනකොට විනාඩි 10 පරක්කු වෙලා....

    ReplyDelete
    Replies
    1. මෙහේ වගේ නෙවේ වෙන්නැති ඔයරටේ. නේද?

      Delete
  16. අපේ කොල්ලෙක්ටත් කලා ඔයවගේ දෙයක් උදේ 4 ට විතර නැගිටලා තේ බීල වැඩටත් යන්න ලෑස්තිවෙලා සාක්කුවේ තිබුන ඔරලෝකුවෙන් වැඩේ මට්ටු.

    ReplyDelete
    Replies
    1. අපිනං පේන හැමතැනකම තිබුන ඔරලෝසු වෙනස් කලා.

      Delete
  17. උගේ ඔය තරම්ම ඇස් පෙනීම හොඳ නැද්ද බං, පැය දෙකක් කියන්නෙ සුලු පටු කාලයක්ද .........

    ReplyDelete
    Replies
    1. නෑබං. ඌ වෙනදත් වන්නෙ රෑටනේ(මාතර-කොලඹ දුර). ඉතින් පැය දෙකේ වෙනස තේරුනේ නෑ.

      Delete
  18. මට නම් තාම එලාම් තියල නැගිටින්න බෑ.. එලාම් එක කන ගාව තිබ්බත් අම්ම නැගිට්ටනකල් මම නිදී...:)

    ReplyDelete
    Replies
    1. එහෙම අයට ඉතිං ටයිම් බෝම්බයක් තමයි ලග තියාගන්න වෙන්නෙ.:)

      Delete
  19. හැක හැක හැක පව් අනේ :ඩි

    ReplyDelete
  20. මට නං උදේ නැගිටිනවා කිව්වම මරණවා වගේ. රෑට නං දෙක වෙනකං ඉන්න පුළුවන් අවුලක් නැතුව!

    ReplyDelete
    Replies
    1. මටත් නයිටක් ගහන්න නං පුළුවන්. නැගිටින වෙලාව තීරණය වෙන්නෙ අවශ්‍යතාවය අනුව.

      Delete
  21. හිකි හිකි...අපිත් ඔය වගේ වැඩ කරනවා....හැබැයි ඉතින් ඔයිට වඩා දරුණු විදිහට අහගන්නවා ආපහු..

    ReplyDelete
    Replies
    1. ඒ වෙලාවෙ අරූට අහු උනානං එකෙක් දෙන්නෙක් මැරෙන්න වෙනව.

      Delete
  22. අයියෝ පව්... අරූට අතිනුත් සෑහෙන ගාණක් වියදම් වෙලානෙ.... ඒ වෙලාවෙ උන්ද හිතින් ඔයාලට නියමෙට පිං අනුමෝදන් කරන්න ඇති... හික්ස්....

    අපේ ගෙදර නම් අපි පොඩි කාලෙ ඉඳලම චූටි නංගි හැර අනිත් ඔක්කොම අවදි වෙන්නෙ පාන්දර පහමාරට... උදේ හතහමාඅර අට වෙනකොට ගෙවල් දොරවල් අස්කරලා කාල බීලත් ඉවරයි... ඒ නිසා අපේ දවස දිගයි.... හැබැයි අපි ටිකක් කලින් නිදාගන්න යනවා.... ඒ දවස්වල මං යාළුවොන්ගෙ ගෙවල්වලට උදේක හෙම හදිසියකට ගියොත් උන් එතකොටත් නිදි.... එලාම් එක තිබ්බොත් නම් ඒ සද්දෙට කොහොම හරි නැගිටිනවාමයි....

    ReplyDelete
    Replies
    1. නෑ වියදමක් නෑ. කොහොමත් කොලඹ යනඑකනෙ. ටිකක් කලින් ගියා විතරයි.

      Delete
  23. උබට කියන්ඩ දවසක් මම යාලුවො කට්ටියක් එක්ක නුවර එලියේ ගියා..ඒ දවස්වල පට්ට විදිහට සීතලයි..එහේ රෑ දිග වැඩී වගේ..ඔන්න අපි ජොලියක් එහේම දාල නිදාගත්තා..අම්මට හුඩු මට මහ රෑ ඇහැරුනා වෙලාව බැලුවම මට පෙනුනේ වෙලාව 5 වගේ ..මමත් පොඩ්ඩක් එලියට ඇවිත් හතර වටේ බලන කොට පට්ට කලුවරයි..ආපහු ඇවිත් වෙලාව බලන කොට පාන්දර 2 බං..මොනාද කියන්නේ හොඳට පෙරොගෙන නිදාගත්තා...
    උබට කියන්ඩ මටත් මේ දවස්වල එච්චරම බ්ලොග් ලොකේ පැත්තට එන්ඩ වෙන්නැ..එක අතකට මේ ගහ මරාගැනිලි ඉවරයක් වෙන කං ඔන්න ඔහේ පැත්තකට වෙලා ඉන්න එක හොඳා වගේ

    ReplyDelete
    Replies
    1. මාත් හිතං ඉන්නෙ ටික දවසක් සද්ද නැතුව ඉන්න.

      Delete
  24. නියම ආතල් එක....... හැබැයි පව් වැඩේ රාජ් අයියෙ....බුවා සුලු පටු කට්ටක්ද කෑවෙ...

    ReplyDelete
    Replies
    1. ඌට ගානක් නෑ. බස්වල යනසීන් හොදට පුරුදු එකෙක් ඌ.

      Delete
  25. අපිත් වතාවක් අපේ ඉස්කෝලේ යාළුවෙක්ව එහෙම කරලා පාරට යැව්වා...
    අපි හිටියේ බණ ගෙදරක නයිටක්‌ ගහන ගමන්
    මු පාරට වෙලා ඉන්නවා ඉන්නවා බස්එක එන පාටක් නැහැ
    ඒ පාරේ තියෙන්නේ එක බස් එකයි, සමහර දවස් වලට ඒක එන්නේ නැහැ :)
    අන්තිමට අපි වෙලාව වෙනස් කලා කිව්වට ඌ පිළිගත්තෙම නැහැ
    ඌ හිතුවේ අපි ඌ යන්න හිතන හිටපු ගමන නතර කරවලා ඌවත් අපි එක්ක නතර කර ගන්න හදනවා කියලා

    ReplyDelete